Chapter 17: Chapter 17

දෑගිලි ✔( complete )✨Words: 34960

මගෙ යටිතොල මහපට ඇගිල්ලෙන් පිරිමදින ගමන් එයා කියපූ දේ හින්දා මට උන් හිටි තැනුත් අමතක වුනා..

මොකක් මොන විකාරයක්ද..එයාගෙ boyfriend වෙන්න..එකියන්නෙ ඊයේ රෑ දුන්න හාදුවත්..

"මොනාද අයියේ මේ කියන්නෙ.."

එයාගෙ හිතේ මන් ගැන අදහසක් ඇති කියලා හිතුවත් මෙච්චර ඉක්මන්ට මේ දේවල් සිද්ද වෙයි කියලා නම් බලාපොරොත්තු වුනේ නැහැ.ඇරත් එහෙම කියපු ගමන් boyfriend වෙන්න පුලුවන් ද..මගේ හිතේ එයා ගැන කිසිම හැගීමක් නැති කොට එහෙම දේකට කැමතිවෙන එක විහිලුවක් වගේ නැද්ද..

"ඔයා විහිලුවක් නේද කරෙ.."

"මේක විහිලුවක් වගේ පේනවද ම්ම්.."

"ඕඔ..න්නෑ අනෙ මන්දා..එත් මේ.."

"ශ්ශ්ශ්ශ්..කාට විහිලු කරත් කවදාවත් ඔයාව විහිලුවකට ගන්නෙ නැහැ මම..ඔයා මට ආදරෙයිද කියලා මන් අහන්නැ මොකද ඒක මෙතනට ගැලපෙන්නෙ නැති දෙයක්නේ..මට කියන්න තියෙන්නෙ මන් ආදරෙයි කියලා විතරයි.."

" මන් ආදරෙ කරන දෙයක් මගෙ ලග පරිස්සමට තියාගන්නයි මට ඕන..ඒක නිසා මාත් එක්කම ඉන්න..තේරුනාද.."

"ඒත් අයියේ දැනටමත් මට කෙ-.."

"මුකුත් කියන්න එපා..මට වැඩක් නැහැ..ඔය හිතේ මන් ගැන හැගීමක් නැතත් මට බැරි කමක්  නැහැ හැගීමක් ඇති කරවන්න.. වැඩිකල් නොගිහින් ඔය හිතේ මන් ගැන විතරක් හැගීම් පුරවනවා කියලා මන් ඔයාට පොරොන්දු වෙන්නම්..එක පාරක් හා කියන්න.."

මාත් එක්ක විහිලුවක් කරනවද ඇහුවම එයා කිව්වෙ මට ආදරෙයි කියලා..එත් මට දැනටමත් වෙන කෙනෙක් ඉන්නවා කියලා කියන්නත් කලියෙන් මගෙන් මුකුත් නාහාම මගේ හිතේ එයා ගැන හැගීමක් ඇති කරවන්න අවස්තාවක් ඉල්ලුවා..මේ හැමදේම වෙනවා ඉක්මන් වැඩි නැද්ද..එකපාරට බෝම්බයක් කඩන්පාත් වුනා වගේ..

"මොකද කියන්නෙ..ම්ම්.."

" එහෙම හරි නෑනෙ අයියේ.."

"මොකද්ද හරි නැත්තේ ම්ම්..හරි නැති දේවල් අපි හදාගමු..එක වචනයක් දෙන්න මට..කො බිම බලන්න එපා මගෙ ඇස් දිහා බලාගෙන කියන්න..දවසක ඔයාට මාව නැතුවම බැරිවෙයි කියලා මන්  දිවුරනවා..

ඉතිම් හාද බෑද..."

"........"

"යෝහ් මනමේ තෝ ඉනිමන් බදිනවද යකෝ..කසාද බැදලා ලමයි හදන්නත් මෙච්චර වෙලා යන්නැහ් යොහ් උම්බ මොකද්ද අඩා කරනව්-...ටසිරි... ද්වී අයියාත් ඉන්නවානේ..හේ හේ අයියේ මන් මේ මූ පරක්කු හින්දා බලන්න ආවෙ..ඔයාලා ලොකු වැඩක් වගේ..කමන්නැ දිගටම කරන් යන්න..මන් ආවෙ නෑ කියලා හිතලා ඒ සීන් එක කපාහරින්නකෝ හරිද...කොරන් යන්ට කොරන් යන්ට.."

"ඔයි ඔහොම ඉදපම් මාත් එනවා.."

මුකුත් කියාගන්න බැරුව තටම තටම ඉද්දි දෙයියෝ බැලුවා වගේ තමාලයා කඩන් පාත් වුන නිසා හිමීට ඌ එක්ක යන්න පුලුවන්..කොහෙද මේ වැලිගොව්වා මාවත් දාලා යන්නනෙ කල්පනාව..හරි වුත්තක් වුනානෙ මේක..ඉදින් තිරිසනො මාවත් අරන් පලයම්..දුවලා ගිහින් උගේ අතින් අල්ලන් ඇදන් ඇවිල්ලා ඉනිමගේ ඉස්සරහා උට දීහා පිටිපස්සෙන් මන් අල්ලන් යන්න හදද්දි එයා ඇවිල්ලා මගෙ අතින් අල්ලලා නතර කරගත්තා....

"මනමේකල..මන් තාම කතා කරලා ඉවර නැහැ.."

"අඅයියේ.....මෙ..."

"ම්ම්ම් කමක් නැහැ දැන් යන්න.."

එයා තාම කතා කරලා ඉවර නැහැ කියලා යන මාව නවත්තගෙන මගෙන් හරි උත්තරයක් ලැබෙන්නෙ නැහැ කියලා දැනුන නිසාද මන්දා මාව අතෑරලා යන්න කියපු එයා ලොවි මල්ලත් මට ඇහිදලා දීලා යන්න ගියා..

මන් මොකද්ද කරන්න ඕනි කියලා මට තේරෙන්නෙ නැහැ..පාඩුවෙ යසස් අයියට ආදරෙ කරන් ඉද්දි හෙනහුරෙක් පාත් වුනා..එ වුනාට ඒකා හැන්ඩ්සම් හෙනහුරෙක්..ඊයේ රෑ කිස් කරේ එයා කියලා දැනගත්ත වෙලේ ඉදන් එයා ගැන හිතුවා තමයි ඒත් ඒක කැමැත්තක් නෙමෙයිනේ..මගේ හිතේ ඉඩ තියෙන්නෙ එක්කෙනෙක්ටයි..එ යසස් අයියා විතරයි..ඔයාට හුලං ද්වී අයියේ..එත්..එයාට බෑ කියාගන්නත් ලෝභයි වගේනේ..මේක හරි නැහැ..මේක හොද දෙයක් නෙමෙයි..ආහ්හ්හ් මට තේරෙන්නැහෑ..

"හරියට අල්ලගනිම්කො වුත්තො ඔය පැත්තෙන් පාත්වෙනකොට මට මෙහෙන් උස්සන් යන්න අමාරුයි..කොහෙද යකො බලන් යන්නෙ තව ටිකෙන් දෙන්නම ඇදන් වැටෙනවා..කො බිමින් තියහන් ඕක..හරි සිහියට වරෙම්..ආ දැන් මට කියපම් මන් එන්න කලියෙන් මොකද  වුනේ කියලා..හැබැයි පුතෝ මට කෙපරබාන් එන්නෙපා හරිද.."

"කතාකරපියකො අඩො රත්තරනේ..මොකෝ මෙ සුදුමැලි වෙලා චුක්කියගේ මූනු පොඩ්ඩ..උබට වතුර ඕනෙද..ආ ඉදින් එහෙනම් මන් එනකම්.. කොහෙටවත් නොයා ඉදින් හොදද..මන් ඉක්මන්ට එනවා හානේ..."

මේ ප්‍රශ්නෙට මොකක් කරන්නද කියල හිතාගන්න බැරුව අවුලෙන් ඉද්දි අතේ තියෙන ඉනිමගත් ලිස්සලා යනවා දැනුනෙ නැහෑ..පාර බලන් නැතුව ගිහින් ලොකු මුලක පැටලිලා ඇදන් වැටෙන්නත් ගිහින් ඔන්න මෙන්න බේරුනේ..මට බනින්න කට ඇරපු තමාලයත් මන් අවුලකින් ඉන්නෙ කියලා තේරිලාද කොහෙද කලබල වෙලා මාව පැත්තකින් වාඩි කරවලා දුවලා ගිහින්  කොහෙන්ද මන්දා වතුර එකක් උස්සන් අවා...

"කො ආ මේක හිමිට බීපන්..දාඩියත් දාලානෙ.. මේ පැත්ත හැරියන් මූන ටිකක්  ලෙන්සුවෙන් පිහිදන්න..මේ මන් ක්‍රීම් බනිස් ගෙඩ්ඩකුත් උස්සන් ආවා..උබ කාලානේද ආවෙ එත් කමන්නෑ ආ මේක කාපම්කො.."

තමාල් ඉස්සර ඉදන්ම උගේ ප්‍රශ්න වලට වඩා මගෙ ප්‍රශ්න වලදි කලබල වුනත් ඒක පෙන්නන්නැතුව මාව බලාගත්තා..එත් මන් දන්නවා උ ඇතුලෙන් කලබල වෙලා ඉන්නෙ කියන්න..වෙලාවකට මූ මාව පොඩි එකෙක්ව බලනවා වගේ බලාගන්නේ..මේ වගේ වෙලාවක බනිස් උස්සන් එන යාලුවෙක් දැකලා නැත්තම් තමාල්ව බලාගන්න..

"දැන් හරිද උබට..අම්මො දැන් තමා මට ලේ ටිකක් ඉනුවෙ..මන් මෙ කිව්වෙ දැන් හරි නෙ ඉතිම්..කො කියහම්කො අගේ නොකර කලින් මොකද වුනේ කියලා..ඌ උබට අතවරයක්වත් කරාද ඔච්චරට උබ බයවෙන්න තරම්.."

තමාලයා ආයෙත් කලින් වෙච්චි දේ අහද්දි ඒ තොල් මාව අල්ලන් සිපගත්ත  විදිහ මතක් වෙලා ඇගහිරිවැටිලා ගියා..ඒ සිපගැනීම් අමතක වෙයි කියලා නම් මන් හිතන්නෙ නැහැ..

මන් යසස් අයියට ආදරෙ කරා වගෙ එයත් දුර ඉදන් මට ආදරෙ කරා වෙන්න බැරිද..එත් එ මනුස්සයා මාව කන්නවගේ ඉස්සර ඉදන්ම ඉදියෙත්..එහෙම ඉදලා මෙහෙම වෙද්දි හිතාගන්න අමාරුයිනේ..

දැන් මේක මුට කියන්නෙ කොහොමද..

"කල්පනා කර කර ඉන්නැතුව කියපම්..මිනිහා මැරිච්ච ගෑනිවගේ උබත් දැන් නිකම්..කො ඉතිම් කියනවද නැත්තම් මන් යන්නද ආ..මල වුත්ත මන් යනවා.."

"එ තමාල් යන්න එපා ඉන්න මන් කියන්නම්..මේ මෙකයි මේ.."

"ඕ ඕ කියපම්කො ඉතිම්.."

" මෙකයි මේ මන් මට මේ අයියො බන් අර කලවැද්දා මට ආදරෙයි කිව්වා මදිවට උගේ  කොල්ලා වෙන්න කියලත් කිව්වනේ ඔයී..."

"හැ මෙච්චර ඉක්මන්ට හිතුවෙ නැ හැබැයි ආ නැ මොකද්ද කලවැද්දා කිව්වෙ අපේ ද්වී අයියන්ඩියා නේද..එ සිරාවට පොර එහෙමත් කිව්වද..යකො තියන්ඩ වටින්නැනේ..ඉතිම් ඉතිම් උබ මොකද කිව්වෙ.."

"මන් මුකුත් කිව්වෙ නැ..මේ එත් ඒක නෙමෙ බන් ලොකුම ප්‍රශ්නේ මේ.."

"හැ උබට ද්වී අයියා ආදරෙට වඩා ලොකු දේවල් තියෙනවාද..උටත් පිස්සුනෙ බොට කැමති වුනේ ආ නැ මෙ කියපම්කො දැන් ලොකුම දේ උබේ.."

"මෙකයි බන් ඊයෙ අපි බිව්වනේ..බීලා උබට බඩු සෙට් වෙලා ජොනී අයිය උබව උස්සගෙන යන්න ගියානෙ බන් මෙ-.."

"අපෝ මතක් කරන්නෙපා චාටර් බන් හිතුවෙ නැ එහෙම වෙයි කියලා..වෙරි වැඩිකමට මන් ඒකව ඇදේ දාන් ඉබලා බන් අයියෝ උදේ මතක් වෙද්දි වහ කන්න හිතුනා..මගෙ දත් පාරක් උගේ බෙල්ලෙ දිලිසි දිලිසි තිබ්බා..සැක්.."

"හැ මොකක් තො යකො...උබ අප්පගෙ මිනිහෙක්නේ බන්..ඒ අහිංසකයාව දූශනේ කරාද තෝ..හිතුවෙ නැ හොදේ.."

"ඒ එච්චර දෙයක් කරන්න ගිහින් නැ..උගෙ මේ තොල චුට්ටක් පැලිලා එච්චරයි..ම්හුක් යො දැන් උබ කියන්න ගියේ ඕක නෙමෙයිනේ ඒක කියපම්.."

"ආ ඔව්මයී තෝනෙ මැද්දෙන් පැන්නෙ..ආයෙ ඇඩ් දාන්න බැ හොදෙ.."

"හරි කියපම්කො ඉතිම්.."

"නැ මෙ මෙකයි උබ ගියානෙ බන් ඉතිම් මේ  ඊටපස්සෙ මටත් කරන්න දෙයක් නැති නිසා මේ මාත් ගියා ගෙ ඇතුලට..ඉතිම් මෙ යනකොට බන් පඩිපෙල නැගන් යනකොට හොදෙ..මෙ පඩිපෙල නගිද්දි බන් මෙ පලවෙනි පඩිපෙල් සෙට් එක නැග්ගා හොදද..පඩිපෙලේදි මේ-.."

" හරි හරි ඔයි පඩිපෙලෙදි තමයි දැන් කියාම්කො උබ එතන කොටහලු වුනාද ආ ඔච්චර ඇබරෙන්නෙ.."

"ඔය ඉතිම් ආයෙ ඇඩ් දැම්මනෙ වුත්ත..අනෙ උබට කියන්න බැ මන් යනවා.."

"හරි හරි ඔයි අප්පෝ චුක්කියා..කො වාඩිවෙයන් හා මන් කටවැහුවා හොදේ ඔන්න හාද.."

"හරි හරි ..මෙ මන් පඩිපෙල නැග්ගනෙ බන් අර එතන හැරෙන කැල්ල තින්නෙ එතනිම් නගිද්දිම බන් කවුද එකෙක් මාව ඇදලා අරන් බිත්තියට හේත්තු කරලා කිස්  කරානෙ ඔයී..."

"මල හත්ති හුත්තයි අඩො....අඩො අඩෝ උබ උදේ නැගිට්ටෙ අපේ අකියා එක්ක නේද..දැන් කියන්නෙපා ඌ උබව කිස් කරා කියලානම් එහෙම උනොත් අරුගේ මන් කිව්වෙ මගේ පපුව පැලෙයි ආආආර්ග්ග්ග්ග්ග්.."

"නැ නැ බන් අයියෝ ඌ නෙමෙ ඌ  එතනට අවෙ කොහොමද කියන්නවත් මන් දන්නැ බන්..ඇයි දැන් මන් ඌව කිස් කරාම උබේ පපුව පැලෙන්නෙ අඅ...මොකො උබත් මට ලව්ද.."

"ආයෙ අහලා ඉතිම් උබනේ මගෙ පස්ට් ලව් එක..හෙ හේ එක නිකම් කිව්වේ..දැන් එතකොට කවුද කියාම්කො ඒ ඉදියේ.."

" මට උදේ නැගිට්ටමයි මතක් වුනේ ඔක්කොම..එයා මාව එහෙනම්ම උස්සන් ඇවිත් ඇදෙ තියද්දි ලාවට මූන දැක්කා..මෙ ඒ බන් එ ඉදියේ උබෙ අර ද්වී අයියානෙ ඔයි.."

"හෑ ..අඩෝ අනෙ අම්මෝ..අමුක ඩුමක අමල් දුමල්..යොහ් ද්වී අයියා කිස් කරාද යොහ්හ් අම්මෙහ් පපුව දරන්ඩ බෑ සප්තයෝ..උබ හින්දා මන් වෙලාවක මැරෙනවා බන් අම්මේ ..ආ හරි හරි ඉතිම් රවන්න එපා හෙ හේ මන් බය වුනා උබ හාද්දක්වත් ගන්නැතුව මැරෙයි කියලා ඒකයි..බලන්න නයනී නේ ද්වී අයියා මාර බඩ්ඩක්නේ උබව එහෙම කිස් කරන්න පුලුවන් ද මන් අහන්නෙ නෙහ්හ්..හේ හේ.."

මූත් මාර පප්පෙක්  තමයි ..මන් මෙච්චර සීරියස් දෙයක් කියද්දි මේකා මෙ උඩ පැන පැන නටන්න ගත්තේ..ඒ මදිවට ඊයේ රෑ අර අහිංසකයවත් කාලා..මුටම ඌව කරගහගන්න  වෙයිද දන්නෙත් නැහෑ..උබ තමා මාර බඩ්ඩ..පින්න පැටියා..

"හරි ඉතිම් අහපම්කො..දැන් මන් මේ මගුල ගන්න එද්දි මේක ලොවි ගහේ හෙත්තු කරලා තියෙනවා දැකලා එකෙන් නැගලා ලොවි කඩද්දි ලිස්සලා වැටෙන්න ගියා..එයා තමයි මාව අල්ලලා බැස්සෙව්වෙ..මේ බන් ඊට පස්සෙ මේ එයා මෙ ගහට හෙත්තු කරන් ආයෙත් මේ..මගෙ කටට ලොවි ගෙඩියකුත් තියලා මෙ අයියො බන් ලැජ්ජයි නේ..මේක හරි වුත්තක් උනා බන්.."

"....

හෑ...

මොකාක් ආයෙත්...

අමො අමෝ

සප්තයා..මගෙ හාටුව අඩො මාව හොප්පිටල් ගීම් දාන්න අයියෝ..මන් මැරෙන්න වගේ..ආහ් ද්වී අයියා ඔයා මාරයිනේ අප්පා..ලොවි ගෙඩියකුත් තියම් ම්ම්ම්ම්ම්ම්ම් සැක් මට කලින් එන්න බැරි වුනානෙ ඒනම් bl එකක් ලයිව් බලනොනේ බන්..අඩො ලොවි කිස් එකක් ම්ම්ම්ම්ම් කටට කෙලත් ඉනුව බන්..අඩො මෙ සතුටට බේරෙ වැවේ පීනලා වතුර බීලා නාලා එන්න හිතෙනො බන්..අම්මො...."

" අනෙ උබ තිරිසනා මන් මෙතන පිච්චි පිච්චි ඉන්නවා..මේ යකා සතුටු වෙනවනේ..එ මදිවට අර යකා කොයිවෙලෙ මාව අල්ලගනීද දන්නෑ ආයෙ..අයියෝ මට බැ බන්.."

"ආ ආ නාඩා ඉදින් සුදාම්මියා..කො අයියා හොද එකා බන් මොනා උනත්..උ උබට ආදරෙ ඇති..වෙන උන් වගේ නරක එකෙක් නෙමෙයි කියලා උබට වඩා මන් දන්නවානෙ..බය නොවි ඉදින්..එක නෙමෙ මෙ උබට මොනාද එයගැන හිතෙන්නෙ.."

"මගෙ හිතේ එයා ගැන කිසි අදහසක් නෑ බන්..මෙ ඇත්තටම කිව්වොත් දැනටමත් මගෙ හිතේ කෙනෙක් ඉන්නවා..එකෙනාව පස්සෙ කියන්නම් උබට මන්..එක නිසා මට කෝමත් ද්වි අයියා ඕන නැහැ.."

මෙච්චර වෙලා උඩ පැන පැන ඉදපු තමාලයා මගේ හිතේ වෙන කෙනෙක් ඉන්නව කියලා කියද්දිම මූන කලුකරන් අහක බලාගෙන ලොකු කල්පනාවකට වැටුනා..

"ඒ මොනාද උබ කල්පනා කරන්නෙ..ඔයි මේ බලපම්කො අඩො සූකිරි.."

"මාව අල්ලන්න එපා සප්ත..මෙච්චර කල් උබ එක්ක මගෙ හැමදේයක්ම හංගන්නැතුව  බෙදාගත්තෙ උබ මගේ එකා හින්දා..එත් ..එත් උබ ඔච්චර වැදගත් දෙයක් මගෙන් හැන්ගුවා..වැඩක් නෑ මෙතනින්  එහාට ඕක ගැනවත් ද්වීනාශ් අයියා ගැනවත් කතාවක් ඕන නැහැ..කෝ නැගිලටලා අල්ලපම් මේක..කියව කියව කාලෙකන්න වෙලාවක් නැ අනිද්දා මීට් එක.."

ඒක උබෙන් හන්ගන්න ඕන වුනේ නැ බන්..එත් මට ඒක උබට කියන්න හිතුනෙත් නැහැ..මට ඔක්කොම ඉවසන්න පුලුවන් ඒත් උබ ඔහොම මාව ගනන් නොගෙන ඉද්දි මට මාර අවුල්..කාලෙ කන්න වෙලාවක් නෑ කියලා ඉක්මන්ට ඉනිමගත් අරන් ග්‍රවුන්ඩ් එකට ගිහින් හවුස් එක හදන්න රිටි ඉන්දපු තමාලයා එකපාරක්වත් මන් දිහා හැරිලා බැලුවෙ නැහැ..ද්විනාශ් අයියත් වැඩවලට හිරවෙලා..ටිකක් හවස් වෙද්දි තමාලයා එයා එක්ක කතා කරලා මොනවදෝ මන්දා කියලා බෑග් එකත් අරන් යන්න ගියා..

ඒනම් උබ මාව දාලා ගියා..උබට නොකිව්ව එක වැරදී තමයි..එත් ඔහොම දාලා යන්න තරම් ඒක ලොකු දෙයක් වුනේ නැහැනෙ බන්..

තමාලයා ගියාට පස්සෙ හිතේ අවුල හින්ද මුකුත් කරගන්න බැරිවෙද්දි බෑග් එකත් අරන් පහයි කාලෙ බස් එකෙ ගෙදර යනවා කියලා එතන උන්ට කියලා යන්න ආවා..

බස් එකේ මේ වෙලාවට සෙනග අඩුවෙද්දි  අන්තිම සීට් එකට ගිහින් ජනේලෙට ඔලුව හෙත්තු කරලා ඇස් වහන් නිදාගත්තා..බස් එක යන්න තව වෙලා තියෙනවා..බඩත්ගිනී..උබට මාව දාලා යන්නැතුව ඉන්න තිබ්බා බන්..මට හරි පාලුයි උබ නැතුව..උබ කිව්වත් වගේම මගෙ හැමදේකදිම උබ ඉදියනෙ බන්..

මෙච්චර වෙලා දරාගෙන ඉදපු කදුලු වලට ඇස් අගින් ඔහේ ගලන් යන්න ඉඩදීලා මන් ඇස් වහගෙනම ඉදියා..

ඇස් අගින් වැටුන කදුල කම්මුල දිගේ බේරිලා යනවා දැනෙද්දි කවුරු හරි එ කදුල පිහිදැම්මා..මන් ඇස් අරිද්දි එතන ඉදියෙ එයා..

මේ වුන දේවල් වලට ඔයත් එක හේතුවක්..මට පාඩුවෙ ඉන්න දුන්නනම් මේ මුකුත් වෙන්නෙ නැහැනෙ..මැද්දෙන් පැන්නෙ ඔයයි..එයා එක්ක ඇතිවුන තරහට එ අත ගසලා දාලා ජනෙල් කවුලුවෙන් එලිය බලාගත්තා..

"ඔය අඩන්නෙ තමාල් තරහා වුන එකටනම්..බොරුවට කදුලු හලන්න ඕන නෑ..එයා මට ඔයාව බලාගන්න කියලයි යන්න ගියේ..ආ තව තරහක් නෑ කියන්නත් කිව්වා..එයාට දුකයි කියන්නත් කිව්වා..අමතක නොකර ඔයාට ක්‍රීම් බනිස් ගෙඩියකුත් අරන් දෙන්නත් කිව්වා..ආ මේක කන්න.."

" දෙන්නා අතර වුනේ මොකද්ද කියල මට කිව්වෙ නැහැ..ඒත් මොකක් හරි වෙලා කියලා මට තේරෙනවා..ආ ඉතිම් මේක අරන් කන්න මන් කඩලා දෙන්නද එහෙනම්.."

තමාල් යන්න කලිම් එයාට කිව්වලු මාව බලාගන්න කියලා..එත් මෙ කලවැද්දා බොරු ගොතලා මගෙ හිත හදන්න මේවා කියනවද කියලා කවුද දන්නෙත්..එ වුනාට ඉතිම් ක්‍රීම් බනිසක් දෙන්න කිව්වානම් ඉතිම් ඒ තමාල්ම වෙන්නොනේ..ම්හුක් මගෙ පින්න පැටියා..බොරුවට මාව ඇඩෙව්වනේ..

ක්‍රීම් බනිස් ගෙඩිය මට දික් කරලත් මන් ඒක අරගන්නැතුව බලාගෙන ඉද්දි කඩලම දෙන්නද කියලා අහලා පැකට් එකෙන් බනිස් ගෙඩිය අරන් මැද තියෙන ක්‍රීම් ටික එක බාගෙකට ගාලා ක්‍රීම් නැති පැත්ත එයා තියාගෙන ක්‍රීම් තියෙන එක මට කන්න දික් කරා..

"ආ මෙහෙම කරන්න කියලනම් තමාල් මල්ලි කිව්වෙ නෑ..ඔයා දවසක් මෙහෙම ක්‍රීම් බනිස්  කනවා දැක්කා..දෙකම කන්නැනෙ ඔයා එකයිනේ කන්නෙ..අනිත් එක මන් තියාගන්නම්...ආ ඕක කාලා මේ කිරි පැකට් එකත් බොන්න හොද ලමයා වගේ.."

ක්‍රීම් බනිස් එකත් එක්ක කිරි පැකට් එකකුත් දීලා මන් කනකම් බලාගෙන ඉදපු එයා හිමීට ක්‍රීම් නැති බාගෙ කන්න ගත්තා..මෙ ඉන්නෙ ඉස්සර මට රවපු මනුස්සයාමද..නැත්තම් ඒ රුපෙන් ඉන්න වෙන එකෙක්ද..එක්කො ද්වීනාශ්ට ට්වුන් කෙනෙක් ඉදලා හොද කෙනා මට කැමති වුනා වත්ද..මේ ඉන්නෙ හොද කෙනා ද දන්නෙත් නැහැ..අර නපුරා කොහොමත් මට කැමතිවෙන්න විදියක් නෑනෙ..එක්කො මේ හොද එකා..

ටික ටික සෙනග එක්කෙනා දෙන්නා බස් එකට ගොඩවෙද්දි එයාගෙයි මගෙයි මැද්දට තඩි ඇන්ටි කෙනෙක් වාඩි වෙන්න හදද්දිම එයා මගේ දිහා බැලුවේ ලගට එන්නද කියලා අහන්න වගෙ..එයා අහපු එක තේරුන හින්දා ඉක්මන්ට ඔලුව වනපු මම එයාට ලගට එන්න කිව්වා..එයා ලගට එද්දිම අර තඩි ඇන්ටි එයාගෙ එහාපැත්තෙන් වාඩි වුනේ එයාවයි මාවයි සිට් එකේ හිර කරලා..

"ඔයාට අමාරුයි නෙද..මන් හිටන් යන්නම්.."

"නැ අනෙ එපා..මෙ ලොකුවට අවුලක් නැ යන්න පුලුවන්.."

එයාගෙ ඇගට ඇලිලා වගේ මන් ඉද්දි මට අමාරුද කියලා අහලා නැගිටින්න හදද්දි එයා මෙතනිම් යවාගන්න ලොභ හිතුන හින්දා හිරවුනත් එයාව තියාගත්තා..මෙ විදියට මගේ සිතුවිලි වෙනස් වෙන්නෙ ඇයිද කියන්න මට තේරෙන්නෙ නැහැ..මේක හරි වුත්තක් වුනානේ සැක්..

ජනෙලෙ අයිනෙටම හේත්තුවෙලා මම ඉද්දි එයා ඉදියේ ටිකක් ඉස්සරහට නැවිලා..එහෙම යන්න අමාරුයි කියලා දන්න හින්දා මාත් ටිකක් ඉස්සරහට වෙලා එයාට හේත්තුවෙන්න පුලුවන් විදියට ඉඩ හැදුවා..මන් ඉස්සරහට වෙනවා දැකපු එයා හිමිට සීට් එකෙන් හේත්තු වෙලා මගෙ කරවටින් අත දාලා මාව ලගට අරන් තවත් හේත්තු කරන් මගේ බෑග් එකත් එයාගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා..

ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්.....

මගේ හදවත ගැහෙන සද්දෙ එයාට ඇහෙයිද කියන බයෙන් එයාට තුරුල් වෙලා ඉද්දි බස් එක ස්ටාර්ට් කරපු නිසා බය නැති වුනා..ඇති යාන්තම්..නැත්තම් මෙයාට මොනාහිතෙයිද දන්නෙ නැහැනෙ..මුලු ඇගේම කරන්ට් එකක් දුවනවා වගේ දැනෙද්දි ජනේලෙන් එන හුලගෙනුත් මට රස්නෙ දැනුනා..එකපාරට   බස් එක බ්‍රේක් ගහද්දි ඉස්සරහට විසිවුන මාව එය අල්ලන් ඉන්න නිසා ආපිට ඇදිලා ඇවිත් එ පපුව ලග නතර වුනා..එයා ලග සුවදයි...

මොකක්...

එයාගාවින් එන්නෙත්.....

එතකොට ඒ එයාද..

ඒ හැමතැනකදිම මන් ගාව ඉදියෙ ඔයාද අයියේ..

එයාගේ මූන දිහා මන් බලාන ඉද්දි එයා ඇස් වලින් මොකද කියලා ඇහුවා..මුකුත් කියාගන්න බැරිතැන එයාගෙ පපුවෙන් ඈත් වෙලා ජනේලෙන් එලිය බලාගෙන ගියා..මට කලින් එයා බහින හෝල්ට් එක එන නිසා මගෙ ඔලුව අතගාලා නැගිටපු එයා හෙටත් එනවා කියලා කියාගෙන ඉස්සරහට ගිහින් බස් එකෙන් බැහැලා ජනේලේ ගාවට ඇවිල්ලා හිටගත්තා..

"හෙට ඉදන් මාත් උදේට යන්නෙ බස්එකේ.. පරිස්සමෙන් යන්න.."

__________

හෙලොව්.....

මන් ආවා👉👈

මටත් ක්‍රීම් බනිස් අරන් දෙන කොල්ලෙක් ඕනෙ.....🤧💝

වොට් කරම්න කමෙන්ට් දාන්න...

ආතරෙයී...

එන්නම්💝

_Gojo_