Chapter 1: Chapter 1

දෑගිලි ✔( complete )✨Words: 26737

.

.

.

.

.

"අහගන්න ළමයි..ඔයාලා එදිනෙදා දෙන වැඩ එදිනෙදාම කරලා තියාගන්න..අන්තිම කාලෙ වෙද්දි ඔක්කොම ගොඩගහන් පාඩම් කරන්න තියාගන්න එපා..තාම දොලැහෙනෙ අරකයි මේකයි බැ ඔයාලා දැන්ම ඉදන්ම එක්සෑම් එකට සූදානම් වෙන්නොනෙ..දැන් මන් දුන්න පේපර්ස් ටික බෙදාගන්න..පලවෙනි එක අපි සාකච්ඡා කරමු"

පලවෙනි කාලච්ඡේදෙ පටන්ගෙන හුස්මක් ගන්නත් නැ අලුතෙන් ආව සිංහල මිස් දේශනේ පටන් ගත්තා..

අද දෙවනි වාරෙ පටන් ගත්ත මුල් දවස..පලවෙනි වාරෙ ලකුනු අද දීලා දෙමාපිය රැස් වීමකුත් තියෙනවා කිව්වා.. අනෙ ඉතිම් අද පලවෙනි දවසනෙ කියලා ටිකක් ආතල් එකෙ ඉන්නවා කියල සතුටෙන් ඉදියත් එ සතුටට කනකොකා හැඩුවා වගෙ සින්හල මිස් පන්තියට ආවෙ..

" බෙල් කරා විතරයිනෙ ඔයි තාම...අනෙ මන්දා බන් මෙ ගැනි මග රැකන් ඉදලා ආවද කියලා..කලිම් මිස් හොදයි බන් පස්සෙන් එලෝ එලො වැඩ දුන්නත් මෙයාගෙ දේශනෙ තමා අහන්නම බැරි ඔයි...උදේ පාන්දරම මගෙ බඩත් කුරු කුරු ගානො"

මන් බැලුවා මගෙ එහා පැත්තෙ සද්ද වහල මොකද කියලා..නැ නැ වැඩිවෙලා ඉන්න හම්බුන්නැ කැඩිච්ච රේඩියෝව පටන් ගත්තා..මූ තමා මගෙ ඇටයා කාලෙ ඉදම් බෙස්ටා..

නමින් නම් තමාල් මන්දාර අනුවින්ද ..මලක්ම තමා ඉතිම් මල උනාට වැඩක් නැ කට නම් වෑල්ඩින්ග් කඩයක්..

උසස්පෙල කරන්න බණ්ඩාරනායක එකට ආවට මගෙ කලිම් පාසල ක්‍රිස්තුරාජෙ ..ඒ ස්කොලෙත් හොද වුනාට මන් මේකට වැඩිහරියක්ම ආවෙ මෙ තමාලයා හින්දමයි..මොනා වුනත් අපි දෙන්නාට අපි දෙන්නා නැතුව බැ වගෙ තමා ඉස්සර ඉදම්ම ..ඉස්සර ඉතිම් පොඩි කොස්සකට තිබ්බෙ ස්කොල දෙකක් වුන එක..දැන් එ කොස්සත් නැ එකම ස්කොලෙ දෙන්නම එකම සබ්ජෙක්ට් තෝරගත්තා..හරි විශේෂ යාලුකමක් වගෙ නෙද..ඇත්තටම එකම ජාතියෙ පිස්සො දෙන්නෙක් හින්දම තමයි ඒ...

"එක්ස්කියුස් මී මල්කාන්ති මිස්..12 පන්තියේ පන්තිකවේ තින නිසා දෙමව්පියන්ට මේ පන්තිය දෙන්න වෙනවා..මිස් අපිට දැන් පන්තිය දෙන්න පුලුවන් නෙද"

"ආ..හරි ඉනෝක මිස්..ළමයි එහෙනම් පෙපරෙ ලග තියාගන්න..ඊලග දවසේ සාකච්ඡා කරමු"

අනෙ අම්මො දෙයියො බලන්න වගෙ අපෙ පන්තිභාර මිස් වැඩියා..අද ඉතිම් පන්තිකවේ..අපෙ අම්මටත් මන් යහමින් සෙමින් කියලා කොමහරි එන්න කියන පනිවිඩේ දුන්නා..ලකුනු අවුලකුත් නැ දහදෙනා අතර ඉන්න නිසා ශේප් ..තමාරයට නම් ඉතිම් මල් හතයි පොර කොහොමෙන් හරි දෙවනියා වෙලානෙ..මගුල් ගෙදර කපුවා වගෙ අද ඉන්නෙ ඉතිම්..

"බුදාම්මො වාතේ ගියා බන්..අප්පෝ එයා එක්ක එපා වෙනො..සීදේවි වගෙ ඉනොකා මිස් කියල ආව නිසා හොදයි..එ සප්ත අනෙ යමන්කො බන් එලියට පස්ස ඇලිලා වගෙ පුටුවෙම ඉන්නෙ"

"ඉදපම් යමන් යමන්..සල්ලි ගනිම් එන ගමන් කැන්ටිම පැත්තෙම් එමු "

"මෙ බලාගෙන යමන් නයිට්වරු ටිකට අහුවුනොත් ප්‍රශ්න කෝටියයි..අලි ඔලුවෙන් ඕකුන් ඉන්නෙ මට පේන්න බැ..බලාම් අපෙ හෙඩාටවත් නැති රුදාවක්නෙ අනිත් උන්ට තින්නෙ"

ඔය කියවන්නෙ අපෙ ස්කොලෙ ප්‍රිෆෙක්ස්ලගෙ වරුනාව තමා..හැමඑකාම ඔහොමනෙ අලි ඔලුවනෙ..එ අස්සෙම් හැමදාම වගෙ හෙඩ් ප්‍රිෆෙක්ට් අයියගෙ ගුණවයන්න නම් අමතක කරෙ නැහැ..

එ නම මතක් කරද්දි තමයි ඉතිම් මගෙ මූනෙත් අමුතු හිනාවක් ඇදෙන්නෙ..

ඔක්කොමත් හරි.

.

.

.

.

මන් තාම මං ගැන ජීව දත්ත පත්‍රිකාවක් ඔයාලට දුන්නෙ නැහැ නෙද..

නමින් මං 'සප්ත අභිරු කේශව මනමේකල'

මනමේකල කෑල්ල තමා අප්පා මට වෙලාවකට පේන්නත් බැරි.. නම දැනගත්තනෙ ඉතිරි විස්තර ඉදිරියට...

.

.

.

"මට කොත්තුත් ඕනෙ...

මට රයිසුත් ඕනෙහ්..

සම්බෝල ටිකක් උඩින් දාලා

චීස් ටිකක් මැදින් දාලා...

ටක ටක ගාලා දෙන්න ඇන්ටි දැන්"

"අනේ උබෙ ඔය කඩිත්තුව වහගනිම් ටිකක්..මොනාද කන්නෙ කියපම් දැන්..ආ ඉදා මෙකත් දාලා කන්න පුලුවන් දෙයක් ගනිම් හොදද"

"හරි එහෙනම් පරාට කමු හාද..හානෙ එහෙනම් ඕන් ගත්තා මන්.....

ඇන්ටේහ්...අනේ ඇන්ටේහ් මෙ චුට්ටක් මෙපැත්තට එන්න අප්පා..මොනාද තින්නෙ මොනා තිබ්බත් කමන්නැ පරාටා පහයි චිකන් හොදි එකයි මෙහාට එවන්න හොන්ද..හොදේ ..හා නේද"

අනෙ මන්දා මුගේ මේ වාග් විලාසය තමා මට අල්ලන්නෙම නැත්තෙ..අමුතු භාශාවක් වෙලාවට මූ කටෙන් එලියට දාන්නෙ..ම්ම්ම් පාරටා එක්ක චිකන් හොදි..කියද්දිත් කටට කෙල උලනවා ..උනු උනුවෙ කද්දි තමා පට්ට..දුම් දාන පරාට ප්ලේට් එක තමාලයා අරන් එද්දි කොහෙදො මන්දා තිබ්බ බඩගින්නක් එකපාරට ආවා..මන් නම් හිතන්නෙ බඩට නෙමෙ හිතටයි බඩගිනී..

"ඕන් ගෙනාවා සප්තයො..හිමීට කාපන් හොදෙ ...හයියෙන් කැවත් කමන්නැ මටත් තියපම්..උබ හරි පෙරෙතයි බන්"

"කෑනොගා මෙන්න මෙහෙට දිහින් ඕක මේවා දැක දැක භාවනා කරන්නද උබ කියන්නෙ මට දැන්..කාපන්"..

" ආ.. මල්ලිලා මොකො මෙ අවේලාවෙ කැන්ටින් අස්සෙ කරන්නෙ ආ..පටන් ගත්ත දවසෙම කන්න ආවද..කො ක්ලාස් වල මිස්ලා නැද්ද.."

හරිනෙ ඔය කරේ ඉතිම් ..කන්න ගත්තා විතරයි නයිට්වරුන්ගෙ මහා නයිටා ආව..නැ නැ හෙඩ්පිපෙට් අයියා නෙමෙ එ කෑගැහුවෙ..ඌ තමා හෙඩ් කියලා හිතන් ඉන්න එකෙක් තමයි ඒ දෙන්න හිතයි වෙලාවකට..

" අප්පට අඩෝ ආන් ද්වීනාෂයා නේද ඕකානම් විනාශයක් ..හික්කෙයියා බන් ඔය සෙක්කියා එක්ක බෑ ඔයී මෙක කරන්න..එ බලපම්කො හෙඩ්පිපෙට් අයියත් ලග ඉන්නොද කියලා ලැජ්ජාවෙන් එකයි ආ"

"ඒ අන්න හෙඩත් එනො බන් කාපුව දැන් බඩට යන්නෙත් නැ වගෙ ඕයි"

නයිට්වරුන්ගෙ ලොක්කා දැක්කට වඩා ලොකු අපහසුවක් මට දැන් දැනෙන්න ගත්තා..අනෙ මන්දා හෙඩ්ප්‍රිෆෙක්ට් අයියා එහෙමත් නැත්තම් මයෙ යසස් අයියා..හරි මගෙ කියන්න බැ තමා එ වුනාට මට නම් මගේ වගේ..එයාව දකිද්දි අමුතු හැගිමක් එනවා..නිකම් උදෙට කාලා ආවෙ නැති වුනාම පපුව හරියෙ යටින් දැනෙන දැවිල්ලත් වගෙ ටිකක්..එ වුනාට අද කාලා ආවෙ ගෑස් වෙන්න නම් බැහ්.. එයාගෙ නිවුනු ගතියට මන් හරි කැමතී..අනෙ එ හිනාව හිත ඇදිල යනවා..එ සුදු මූනෙ හිනාව උදේම දැක්කා කියන්නෙ දවසම සුබයි වගේ..ඒත් දැන් නම් කිසි සුබක් දැනෙන්නෑ ..

" මෙ කටට දෙකට කාල පැනගනිමූ සප්තයෝ හොදෙ..අනෙ අම්මා ලැජ්ජ වෙන්න නම් බැ ..නම තියන් ඉන්නෙ මන්"

කෑවා නෙමෙ පරාටා ටික ගිලල චිකන් හොද්ද බිව්වා වගෙ..එ අස්සෙම් අර විනාසෙත් ලගටම එනවා දැක්කා..මට නම් වෙලාවකට ඕකව පේන්න බැ..වෙලාවකට නෙමෙ කෝමත් පේන්න බැ..මන් දන්නැ ඇයි කියන්න එයාගෙ පුදුම අහංකාර කමක් තියෙන්න එ ලස්සනට අහංකාර බව ගැලපුනත් මට අනුව නම් ඒකා මහා හෝතම්බුවෙක්..

" මල්ලි මොකද මෙ උදෙන්ම කෑම මේසෙ ඔපන් කරන්න ඇවිත්...අවේලාවෙ එන්න බෑයි කියල දන්නවනේද..කමන්නැ දැන් කෑවනෙ ඉක්මන්ට යන්න පන්තිකාමර වලට.."

අනේ ඉතිම් බලන්න..කටහඩ ඇහුනත් නිවෙනවා..බැන්නත් සනීපයි වගේ..නෑ නෑ එ බැන්නා නෙමෙ..එයා හොදින් කිව්වා..ඔයා යන්න කියනවනම් මන් යන්නම් සුද්දො...අනේ ඒකට යසස් අයියගෙ එහා පැත්තෙ ඉදම් අරකා අපිට දාගෙන රවනවා නේද...අනේ ඔය රැවිල්ලට ඇස් දෙක බිමට වැටියන්.. පතෝල හිවලෙක් වගෙ බලන් ඉන්න කැත..එව්ව් ඔය වගෙ අය ගැන හිතලා මගෙ කාලෙ වැය කරගන්න හොදම නැහැ..

තමාලයා මාවත් ඇදම් යසස් අයියට යන්නම් කියාගෙන ගියා.. මට යසස් අයියා එක්ක කතා කරද්දි දිව කොටයි වගෙ දැනෙන්න ගන්නවා..ඉතිම් මන් පුරුදු පරිදි හිනාව විතරක් දිලා ආවා...

පන්තියට එද්දි රැස්වීම පටන් අරන්..

ප්‍රින්සිපල් සරුත් ඇවිල්ලා අමතලා එක,දෙක ,තුන රිපොටුත් බෙදලා ගියා..අපෙ අම්මත් පන්තිභාර මිස් එක්ක කතා කරලා යන්න ගියා..ස්කොලෙ ඉවර වෙලා මෙතුන් සරණෙන් ජයම වේවා කියාගෙනම පන්තියෙන් එලියට ගියා.එ ගියාට වැඩක් නෑ පොලිමට අහුවෙනවනෙ අප්පා..මෙහෙම ගියොත් බස් එකෙ සිට් එකක්වත් නැති වෙනො.. කලිම් වාඩිගත්තෙ නැත්තම් හිරවෙවී තමා යන්න වෙන්නෙ..බස් එකෙන් බහිද්දි අංශබාගෙ හැදුන එකා වගෙයි ඉන්න වෙන්නෙ..

"අඩො බලපම් බන් මෙ වුට්ටලා අපිවමනෙ බන් යවන්නැතුව ඉන්නෙ..හරිනම් උඩම අයව නෙද මුලින් යවන්නොනෙ..එපාවෙනො ඔයි දැන් සැරියට දුවන්න එපැයි සැක්.."

විනාඩි පහක් විතර අපි පඩිපෙල් වල කට්ට කන්නොනෙ තට්ටු තුනෙ බිල්ඩිමේ උඩම තට්ටුව හම්බුනාම ලැබෙන වාසි තමා මෙව්වා..ජනෙලෙන් පැනලා යන්න හිතයි වෙලාවකට..කොහොමෙන් හරි හිමීට පල්ලෙහාට බැස්සා..අප්පෝ මෙන්න බැස්ස ගමන් ඉන්න බුම්ම ගෙන..බුම්මැට්ටෙක් මේකා මහා..ඉන්න හැටි අත් දෙකත් බැදගෙන යන යන එකාට රවනො..මේකාව දැක්කම මතක් වෙන්නෙ අර ඉස්සර හිරු එකේ ගිය සිත්තරාවි කාටුන් එකේ ඉන්න කුමාරියගේ අශ්වයා මැක්ස්ව..අර ඌත් දනුකයට පිඹ පිඹ ඔරවන්නෙ ..ආන් එ බැල්මමයි මුටත් පිහිටල තියෙන්නෙ..මන් හිතන්නෙ මැක්ස්ගෙ දුර නෑයෙක් වෙන්නොනෙ..බුම්මැටිස්ගෙ රැස් බල බල ඉස්සරහට එද්දි අනේ ඉන්නවා මගෙ සිහින කුමාරයා..යන හැමොත් එක්කම හිනාවෙනවනෙ අප්පා..එ වුනාට හැමොටම හිනාවෙන්න හොද නැහැ මන් නම් කියන්නෙ මට විතරක් දුන්නම ඇති..ඔන්න ලගටම ආවා.. එ හිනාව අනෙ මන්දා පපුවෙ යට කැක්කුම ආයෙ එනවා...

"බායි...."

අනෙව්ව් එයා මට නෙද බායි කිව්වෙ ..ඔව් මට තමයි ..වොහ් දෙවියනෙ.....

"එනම් අයියෙ අපි ගියා..බස් එකෙ නෙද අද"

"ඔව් මල්ලි අපිත් එනවා ඔයාලා යන්න"

එයත් එනවලු බස් එකට ..ඔව් ඉතිම් කොහොමත් එයාට ටියුශන් නොතිබ්බ දාට බස් එකෙ තමා යන්නෙ ..එයාල නම් කොහොමත් හිටන් යන්නෙ ..මට නම් බැ අප්පා කකුල් කඩිත්තුව වගෙ ගෙදර ගියාම හිටන් ඉදල..එයාටනම් ගානක් නැ වගෙ..ගේට්ටුව පහු වුනා විතරයි..තමාලයගෙ අත අල්ල ගත්තා ...දීව්වා දිවිල්ලක් ආයෙ හුසෙන්ට් බෝල්ගේ ආච්චි වැහුනා වගෙ .. එ අස්සෙම් වාහනත් එනවා..මෙ වෙලාවට හරියට ට්‍රැෆික් මෙ හරියේ..මෙහෙම දුවන එකෙත් තින්නෙ වෙනම ආතල් එකක්..හති දදා දුවන්නෙ මේ සීට් එකක් වෙනුවෙන්නෙ..එකත් පිටිපස්සෙ එක..හිනාත් යනවා මෙ දුවන දිවිල්ලට ලමයි අස්සෙම් එහෙට මෙහෙට දුව දුව යන්නෙ..හැබැයි කොයිම වෙලාවකවත් තමාලයගෙයි මගෙයි අත්නම් ගැලවුන්නැ...

අපි යද්දි පොඩි වුන් දෙන්නෙක් වාඩිවෙල බෑගුත් තියාගෙන අනෙ මල්ලි ඔයාලා ඩාන්ස් දාන්න අපි වාඩිගන්නෙ මෙතන ඈ....පොඩි සද්දයයි දාන්නොනෙ කොල්ලො මිසින්ග්...

"හහ්...හාහ්හ්.. අම්මො ඔයි වතුර එක දීපම්..දිව නැ වගෙ යකො..හ්හ්...මට නම් හුස්ම ගන්නත් බැ වගෙ"

"ඒක ආතල් නේ බන් තමාලයො..අඩො වටෙ මිනිස්සු හිනාවෙනෝත් ඇති බන්..අර හැමදාම ඉන්න නේවි අයියා අදත් ඉදියා හොදෙ...මන් දැක්කා බලාගෙන ඉන්නො අපි දුවනකොට.."

වාඩි වුනාම තමා ගිනි ගන්න මෝඩ් එක ඔන් වෙන්නේ...දුවනකොට හුලග ඇගට වැදෙද්දි හීතලක් ආවා වගෙ නෙමෙ එක තැන නැවතුනාම ගිනිගන්නවා වගේ මුළු ඇගම..

බස් එක යන්න තව වෙලා තින නිසා යසස් අයියලා එන්නෙ හරී හිමිට..එ වුනාට එයාල හිටන්නෙ යන්නෙ අපි වගෙ සීට් වලට මරාගැනිලි නැ ..වෙලාවකට අපි පොඩි උන්ට වඩා අන්තයි..

මට දැන් පෙනී යනවා අර ගිනිපුග්කාරයා රවාගෙන මෙ පැත්තට ඇදී එන ආකාරයා..ඕන් දැන් බසයට ලගා වුනා..හරි ඔන්න නැග්ගා..හරි නැග්ගයි කියමුකො .එත් ඇයි මෙ මට දාගෙන රවන්නේ මෙයා..

"පිස්සො වගෙ දුවන්නෙ මැරෙන්නද අයිසේ..බස් එක උස්සන් යන්නැනෙ කවුරුත් ආයෙ දුවල අහුවෙයන්කො බලන්න.. කඩනවා උබෙ අඩු..මෙ බැග් එක

ගනිම්"

මොකද්ද එ සිද්ද වුනෙ..මොලේට ලොඩ් වෙන්න ටික වෙලාවක් ගියා..එයා..ඒයා එ මට බැන්නා නෙද..අනික හෙන සද්දෙම්..මට දැන් වටෙ බලන්නත් මොකද්ද වගෙ..මගෙ ඇස් වලට කදුලුත් ආවා..එයා ඇයි මට බනින්නෙ..උට ඇති අමාරුව මොකද්ද මන් දිව්වත් නැතත්..කෙන්ති අප්පා කේන්ති වැඩිකමට මට ඇඩෙන්න වගෙ..එ අස්සෙම් මට තව දුකයිත් එක්ක යසස් අයියත් බලන් ඉදියා අනෙ එයා මුකුත් කිව්වෙ නැනෙ ..එ මදිවට මේකා බෑග් එකත් මට දුන්නා නේද ..මට තමුසෙව පේන්න බැ... මට පුලුවන් උනෙ ඒකාට හිතෙන් බනින්න විතරයි..අනෙ මන්දා එ කටෙ සද්දෙටද නැත්තම් මොකටද කියන්න මන්දන්නැ එත් එයාට බැනගන්න බැරි වුනා..කට ලොප් වෙලා වගෙ දැන්.. බස් එකෙ ටික දුරක් යද්දි මන් ඔලුව උස්සලා බැලුවා..එයා ඉන්නවා මට රවාගෙන..අනෙ මන්දා මෙ මනුස්සයට මොන යකෙක් වැහුනද කියන්න..වැහෙන්න දෙයක් නැ මූ යකෙක්...මන් හිතින් උට හිතෙන් බැන බැන ඉද්දි කවුරු හරි සිට් එක ගාවට එනවා දැනුනා මන් ඉදියෙ තමාල්ට එහා පැත්තෙ ඌ ඉදියෙ ජනේලෙ ගාව..ලගට ආව කෙනා කවුද කියල බලන්න ඔලුව ඉස්සුවම මන් දැක්කෙ මන් දකින්න ආසම හිනාව..එ යසස් අයියා..

"අරූ දැක්කා ඔයාල දුවගෙන එනවා..අනික තව ටිකෙන් අර වෑන් එකෙත් වැදෙනවනෙ ඔන්න මෙන්න තිබ්බෙ..පරිස්සමෙන් පාරෙ යන්න ඔනී..දැන් අරූ කිව්ව එවට හිත නරක් කරගන්න යන්නෙපා..හරිනම් දෙන්නටම තමා බනින්න ඔනී දෙන්නම වැරදී තමාල් ආයෙ අහුවෙන්න එපා දෙන්නම"

යස්ස අයියා මගෙ ඔලුවෙන් අත තියලා එ ටික කියලා ආයෙ ඉදපු තැනට ගියා..අනෙ දැන් නම් අර තිබ්බ අවුල් සේරම හිදිලා ගියා වගෙ..මෙහෙම කතා කරනොනම් හැමදාම වුනත් බැනුම් අහන්නම්කො සුද්දො..එත් අර පිස්සගෙන් බැනුම් අහන්න නම් ආස නැ..පිස්සෙක් මහා..මන් ආයෙ එයා දිහා බලද්දි එයා ඉන්නවා මට රවාගෙන ...තාම රවනො ...ඒ...ඒ ඇස් අනෙ මන්දා එ ඇස් දැක්කම මට නමක් කියන්න බැරි හැගිමක් දැනෙනො ..බයක්ද අකමැත්තක්ද කියන්න තෙරෙන්නෙ නැහැ..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________

හෙලොව්ව්ව්ව්ව්.....

ආ ලමයිනෙ...

මේ මගෙ පලවෙනි කතාව ඉතිම්...හේ හේ 👉👈

කතාව ඔයාලට සැටිස්ද කියම්න දන්නැ ඉතිම්..එත් කියෝලා බලන්න ඉතිම් හානේ❤️

ලියන පලවෙනි එක නිසා වැරදි ඇතොත් සමාවෙන්නොනේ..

කියවල බලලා සසී නිසාදිට වගෙ මටත් තරු ලකුනක් ලබා දීලා යන්න ඕනි හරිද...

කමෙන්ට් එකක් දැම්මට කමකුත් නැහැ ඉතිම් 👉👈

යන්නාම්...

ආයෙ ඊලග එකෙන් එන්නම් ඉතිම් ❤️...

__Gojo__

First Chapter
ContentsNext
Previous
ContentsNext