Back
/ 41
Chapter 8

අටවෙනි කොටස

No more | Ongoing

සමහර වෙලාවට අපි කලබල උනාම පිටවෙන වචන සිද්ධ වෙන දේවල් ඒවා වෙලා ඉවර උනාම අපිට පසුතැවීමක් වගේම කලකිරීමකුත් ඉතුරු කරන වෙලාවල් ගොඩක් තියෙනවා.... මොකද මිනිස්සු කලබල උනාම තීරණ ගන්නෙ ඇත්තටම එයාලට ඕනි දේටම නෙවෙයි .....

°

°

°

°

°

°

°

මේ කොහෙද .…...

"ආහ් මගෙ ඔලුව "

මොකක්ද උනේ... මම කල්පනා කලේ සිද්ධ උන දේවල් ගැන කොහොමද මං මේ ආහ් මේ මාමලගෙ ගෙදරනෙ... එතකොට ඇයි මගේ ඔලුව මෙච්චර රිදෙන්නෙ...අනේ ... මං හිටියෙ කාමරේ ඇදක් උඩ ...ඒත් මං හිටපු කාමරේ නෙවෙයි මේක...  එකපාරටම ඔලුව ඉස්සුව නිසා ඔලුව කැක්කුමක් ඇල්ලුවද කොහෙද...මං එක අතකින් ඔලුව තදට අල්ලගෙන හෙමීට වටපිට බැලුව බෙල්ල කරකලා....

"ම්...මේක "

"සුදු අයියේ ..... ඔයා නැගිට්ටද"

"ආහ්... ම්...  චූටි ...මේ මම කොහොමද  ම් "

"ඒක ගැන වැඩිපුර හිතන්නෙපා ඊයෙ රෑ ඔයා එලියෙ ඉදලනෙ ඉතිං සීතල අල්ලල නිසා රෑ උන අරන් ...අපේ අය් .. හේ .. ...මං සූප් එකක් ගෙනාවා ඒක බීලා බෙහෙත් බොමු හාද... "

"ම්ම් ඒත් මං කොහොමද මෙතනට ආවෙ මං හිටියෙ එලි...."

අනේහ්...

.................................................................

ඒත් මොන සුවදද... කොහොමද .....කාගෙද ....

මං දන්නෙ නෑ...

මං හිටියෙ නින්දත් නොනින්දත් අතරෙ වගේ... එක පාරටම මට දැනුනා මගේ කකුල් යටින් අතක් යනවා.... දෙයියනේ මොකක්ද වෙන්න යන්නෙ කියල හිතා ගන්න බැරිවෙද්දි හිත සංකල්ප රූප මැව්වා.... අනේ මාව බේරගන්න ප්ලීස් ආපහු නම් බෑ ... එ...ඒ අත් මගේ කොන්දෙනුත් ගියා... එයා හ...දන්නෙ මාව උස්සන් යන්න කියල දැනුන මොහොතෙම මංඇස් ඇරියා .... නැත්තන් මං ඇහැරුනා අඩ නින්දෙන්...

නින්ද පෑල දොරින් පැනල යද්දි මං ඒ මිනිහව පුලුවන් තරම් හයියෙන් තල්ලු කරලා දාල ඉදන් හිටපු බංකුවෙන් නැගිට්ටෙ මෙතනින් පැනල දුවන්න..ඒත් ඒ තල්ලුව බලාපොරොත්තු නොවුන නිසාදෝ ඒ කෙනා පිටිපස්සට විසික් වෙලා වගේ යද්දි මං ඒ මූන දැක්කෙ... ගේ ඉස්සරහට වෙන්න දාලා තියෙන ලයිට් එකක එලියට මං ඒ මූණ දැක්කා.. ඒ ඇස් ලොකු වෙලා හරියට වැරැද්දකට අහු වෙලා වගේ.....

ඒ විනුද්

වෙන්න ගියදේ දැන් එතන උන දේ.. ඇයි එයා මෙතෙන්ට ආවෙ... මාව උ..ස්සන්න හැදුවෙ කියල  හිතාගන්න බැරිවෙද්දි මගේ  වේලිලා ගියපු ඇස් කදුලු උල්පත් පුරවගද්දි  මං ඒ මූන ඒ ඇස් දිහාම බලන් හිටියා .... එ..ත..කො..ට එයාටත් ඕ..නි...නෑ නෑ එහෙම ...න්..නෙවෙයි ...

'ඇයි සුදු බබා ඔයා අඩන්නෙ... මං ඔයාට කරදර කරයි කියලද... ආ අයියා රිද්දන්නෑනෙ ඔයාට  '

'කෝ මේ බලන්නකෝ ... මේ කැන්ඩල්ස් ලස්සනයි නේ...තව ගොඩාක් දේවල් තියෙනවා... බලන්නකෝ..මේව පෙනුමටත්  වඩා ලස්සනයි ම්ම්න් wanna try babe mmmh....'

'ඒ උබ කොහොමද බන් තනියෙම භුක්ති විදින්නෙ... අපිත් ආසයි කේක් වලට නැද්ද බන් '

'ආහ්'

"අනේ එපා.....! ආහ් මගේ ඔලුව"

මං ඔලුව අත් දෙකෙන්ම බදාගෙන බිමින් පහත් වෙලා ඔලුව දණිස් දෙක අස්සෙ ගහගනිද්දිම ඒ අත් කකුල් හරි බයෙන් වගේ වචනත් පටල පටල මං ලගට කිට්ටුවුනේ  හරියට තුවාල වෙලා නිසා කන්න පනින සුරතෙලෙක් සනසන්න හදන අයිතිකාරයෙක් වගේ...

ඔව් කොහොමත් කාටවත් මාව ඊට වඩා වටින කෙනෙක් උනේ නැති කොට මං දැනන් ඉදියෙ නෑ මාව අනිත් අය දකින වෙන විදිහක්... සුරතලෙක්ට තරම්වත් ආදරයක් ලැබුනෙ නැති වෙද්දි හරිම වචන උනේ සෙල්ලම් බඩුවක් කියන එක .. ඒත් ඒ වචනෙට මං වයිර කලේ නැතුව ඇති...මට දැනුන ඒ හැගීම ආත්මානුකම්පාවක් වෙන්නැති... එතකොට දැන් මොකක්ද .....

"අහ්...මාවි !...ඇයි මැනික මේ... මේ බලන්න.... ! "

"අනේ ම..ට කරදර කරන්නෙපා.... මට තවත් බැහැ...ප්ලී.."

"මාව්...... අ..අයුල් මේ බලන්නකෝ මගේ දිහා.. ඔයා හොදටම සීතල වෙලා .. හරි මුලින්ම හොද හුස්මක් ගන්න..... බලන්න මේ වටපිට ඔයා ඉන්නෙ අපේ ගෙදර ගෙදර  මං ඉන්නවනෙ තාත්තලත් ඉන්නව ඔයාට මුකුත් ම වෙන්නෙ නෑ හරිද...ඔයාට රිද්දන්න තියා බලෙන් ඔයාව අල්ලන්නවත් කවුරුවත්ම නැහැ ම්ම්..බය වෙන්නෙපා මං ඔයාව අල්ලන්නෙවත් නෑ... ඔහොම ඉන්නකෝ විනාඩියක්...."

මගේ මූන අත්දෙකෙන්ම අල්ලල උඩට කරලත් මොකක් හරි මතක් උනා වගේ කරන්ට් වදින වේගෙන් මගෙන් අත් එහාට අරන් මං දිහා බලන් හරි හෙමින් ඒත් ලොකු බයකින් වගේ එයා කතා කලා.... ඇස් වලින් ම වටේ පෙන්නලා එයාගෙ පෝන් එකෙන් ටෝච් එකත් ගහල මගේ ලගින්ම තියල මට ඔහොමම ඉන්න කියල ගේ ඇතුලට ගියා ... ගියා නෙවෙයි දිව්වා....

මං ඒ දිහා බලන් ඉදියා... මේ වෙන දේවල් මොනාද කියන්නවත් මට තේරුනේ නෑ.. මට දැනුනෙ ඇගට පන නැති ගතියක්.. වාඩි වෙලා ඉදපු තැනින් නැගිට්ටින්නවත් පන නැති ගතියක්...

කිව්ව වගේම විනාඩියක් යන්නත් කලින් එයා ආපහු ආව... ලොකු ශීට් එකකුත් එක්ක... සමහර විට මං බලන් ඉන්නැති...

"කෝ එන්නකෝ ඔයාට සීතලයි"

විනුද් එයා ගෙනාපු ලොකු ශීට් එක් මට පෙරවලා මගේ මූන විතරක් පේන්නම  මගේ වටේ හොදට ඔතලා මාව ලගට අරගන්න හදද්දිම මං කෑගැහුවා .... අර ජරා ස්පර්ශ මතක් වෙද්දි මාව ගැහෙන්න ගත්තෙ මං ගැන ම දැනුන අප්පිරියාවට වෙද්දි ආයෙ එහෙම නොවෙන්න කියල එයාව තල්ලු කරලම දාලා කෑගැහුවා.

" අල්ලනෙපා මාව.... ත්...තමුසෙත් උ...න් ව..ගේ ..ම තමයි ම්...මං හිතුවට එහෙම නෙවෙයි කියලා.. ඇ...ඇයි ල්..ලගට එන්නෙ..ලැජ්ජ නැද්ද තමුසෙට ආහ් මං තමුසෙගෙ අයි..යා වගේ න්ම්ම්ප්ප්ප්"

" ශ්... මෙතන කෑ ගහන්නෙපා..ම්ම් අම්මලා ආවොත් එයාල්... ආහ් "

මං කෑ ගහද්දි විසික්වෙලා නතර උන තැන ඉදන්ම මගේ ඇස් දිහාම බලන් ඉදපු විනුද් ලොකු හුස්මක් උඩට අරගත්තෙ හරියට එයාවම සන්සුන් කරගන්න වගේ ... පස්සෙ අඩි දෙකෙන් මං ලගට ආපු එයා  ටිකකට කලින් මාව අල්ලන්නෙවත් නෑ කියපු කෙනා එක අතක් මගේ කටට තියල කට වැහලා මගේ මූන ලටම පාත් වෙලා අම්මල එයි කියද්දි මගේ පපුව ආයෙත් ගැහෙන්න ගත්තා වෙද්දි ඒ ඇස් වල බොරුවක් නෑ කියල දැක දැකත් මං ඒ අත හයියෙන් ම හපලා දාල ගේ ඇතුලට දුවන්න ගියත්...මට දැනුනෙ මගේ වටේම කලුවර වෙනවා වගේ හැම තැනම කරකෙනෙවා වගේ වෙද්දි මං තද කරලා ඇස් පියා ගත්තෙ දැන් වැටෙයි කියල උනත් මාව හරි රස්නෙන් ගැහෙන උණුසුමකට  හිර උනා දැනුනා....

එතකොට දැන් ඉන්නෙ......

"ආහ්.... මොකක් හරි....චූටි ඉස්කෝලෙ ගියේ නැද්ද ...."

" මට අද සෙමින එකක්නෙ තිබුනෙ වේලාසන ඉවර උනා දැන් දෙකහමාරට ක්ලාස් "

"ඈ...එතකොට වෙලාව කියද දැන්"

"අද ඔයා ඉස්කෝලෙ යන්න බැරිබුන එක නම් හිතන්නෙ අප්පච්චි ම කිව්ව ඒකට කමක් නෑ කියල ..."

" ......" මොනව කියන්නද ඉතිං මං ඇද විට්ටමට හාන්සි වෙලා චූටි ලගින් තියපු සුප් බෝල් එක අතට අරන් ඒ දිහා බලන් හිටියා...මට මෙහෙම ඉන්න ඕනි නෑ .. මොනව උනත් මාමටත් තරහ යන්නැති දෙවෙනි දවසෙම නිවාඩුනෙ... ශිට්.… එතකොට කෝ විනුද්...

"කෝ චූටි අයියා... ඉස්කෝලෙ ගියාද"

"අද නොයා ඉන්න බැරිම තැන ගියේ ස්පෝ'ට්ස් ප්‍රැක්ටිස් වගේකට...."

"මොන ....එයා මෙහේ ආපු ගමන්මනෙ"

"ඔව් ඒත් අයියා කලින් ඉදන්ම ක්‍රීඩා පැත්තෙන් මාර විදිහට ඉස්සරහ හිටියා ..... ඉතින් අප්පච්චි හිතන්නෙ දැන් එයා මෙහේ ආපු නිසා ඒව අතාරී කියල ... දැන් ඔය අලුත් කෝච් කෙනෙක් ඉන්නවනෙ ඉස්කෝලෙ ආ එදා ඔයා එක්ක කතා කරපු ....ක..ලු උස සර්

ආන් ඒ සර් මාරම සැරයි නීති මාර තදයි මට පේන්න බෑ... කිව්වොත් කිව්ව ඉතින් අයියට යන්නම උනා"

ස්පෝ'ට්ස් වලට කැමතියි කිව්වට චූටිගෙ කතාවත් එක්ක මට තේරුනේ බලෙන් ඇදන් ගිහින් වගේ කියල ...

මේ කෙල්ල අර සර්ට බනිද්දි හොර කමට වගේ මගේ දිහාත් බැලුවෙ නිකන් වැරද්දක්දෝ හිතිලද කොහෙද වෙද්"දි මං සැහැල්ලුවෙන් හිනා උනා...

"ම්ම්"

"......."

ටික වෙලාවක් යනකන් මං හෙමීට් සුප් එක බිව්වෙ වතුර ටිකකුත් බීලා... තාම වොශ් දාලත් නෑනෙ .... මං ගොඩාක් වෙලා නිදගෙන හවස් වෙන්නත් ලගයි...

"මේ චූටි අයියේ"

"ම්ම්ම්"

"ඔයාට ඕනි දෙයක් මට කියන්න හරිද... දේවල් හිතේ හිර කරන් ඉන්නවට වඩා තව කෙනෙක්ට කියල නිදහස් කරගත්තම සැහැල්ලුවක් දැනෙනවලු"

"ම්ම්ම් .... මං හොදින් චූටි.. ඊයෙ රෑ සීතල නිසා උන ගන්නැත්තෙ... ඔයා ඒවා හිතන්නෙ නැතුව ගිහින් ලෑස්ති වෙන්නකෝ නැත්තන් පරක්කු වෙයිනෙ ම්ම්"

"හරී... හැබැයි ත...ව දෙ...යක් ... "

" ඒ මොකක්ද චූටි"

යන්නත්ගිහින් ආපහු හැරිලා හොරෙන් බල බල අහද්දි හිනා යන්න ආවත් මං සීරියස් උනා...

"ම...ට මට වැඩිපුර ඕනි "

"ඈ"

"චිත්‍ර ...මට වැඩිපුර උගන්නන්න ඕනි... ඔයා මගේනෙ.. අනික මං චිත්‍ර තමයි ආසම .. මං දිගටම ඉගෙන ගන්නෙත් චිත්‍රනෙ "

"හහ්... අනේ  දැන් මං බෑ කිව්වද ම්ම්ම්"

" අහ්...මගේ හොද අයියා"

"හරි හරි දැන් යන්න පරක්...."

කට ඇද කර කර වචනෙන් වචන එයාට වැඩිපුර චිත්‍ර උගන්නන්න කියද්දි මං දැන් බෑ කිව්වද අහද්දි දුවගෙන ආපු කෙල්ල මාව බදාගත්තත් බදාගත්තටත් වඩා ඉක්මනට කෙලින් උනාද කොහෙද...

"චූටි...!  තමුසෙට ක්ලාස් නේද ..යනව ගිහින් ලෑස්ති වෙනවා මගුලක් නොකර..."

----------------------------------------------------------------------------------------------------------------------

-----------------------------------------------------------

🌼🖤

Share This Chapter