Back
/ 41
Chapter 7

හත්වෙනි කොටස

No more | Ongoing

අද හරි විශේෂ දවසක්.... මට දැනුනෙ හරියට මං හැමදේම මුල ඉදන් පටන් ගන්නව වගේ හැගීමක් ....

ඒලෙවල් ඕලෙවල් ලමයින්ට චිත්‍ර වලට අමතරව ජැපනීස් උගන්නන්නත් මට අවස්තාව හම්බුනා වෙද්දි කොහොමත් බිසී වෙන්න පුදුම තරම් කැමති මං ඒ අවස්තාව හදවතින්ම භාරගත්තා...

කැම්පස් එකේ පලවෙනි ඩේ එකත් එක්ක ගත්තම ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හැගීමක් මට දැනුනා...

මෙහේ හරි ලස්සනයි ගොඩක් ම පාරවල් එහෙම කදු වගේ තියෙන්නෙ ...

දවල්ට ගිනි රස්නෙ උනාට උදේටයි රෑටයි සීතලයි ... හවස තමයි ලස්සනම සීතල හුලග එක්ක යන්තම් මීදුම....  ගෙදර ඉස්සරහ තියෙන ලොකු අඹ ගහ යට තිබුන ලී බංකුවේ ඉදන් අහස දිහා බැලුවා...

හැන්දෑව කියද්දි මට දැනෙන්නෙම බය එක්ක කියාගන්න නොතේරෙන සැහැල්ලු ගතියක්... හරියට හැමදේම ඉවරයි වගේ... මට හැමදාම ඕනි උනෙත්  මේ වෙන හැමදේම ඉවරයක් වෙන්න ... මගේ ජීවිතෙත් එක්කම... ඇත්තටම හරි මහන්සි ... ඉස්සරහට තව මොනව වෙයිද කියල කවුද දන්නෙ .. ශිට් හිතද්දිත් ඔලුව රිදෙනවා .....අද දවස හොද විදිහට ගෙවුනත් මගේ ජීවිතේ හිනාව සතුට වගේ දේවල් වලට ආයුශ කියන දේ ඇත්තෙම නෑ...

ඊයෙ දවසම පුප්ප පුප්ප ඉදල එකපාරටම මච්චෙක්ක ඤං ගාල කවදාවත් නැතුව මේ ක්න්දක් හති දාගෙන පයින් ආපු මාව විහිලුවටත් අරගෙන පස්සෙත් ආපු විනුද්කාරයයි ඌත් එක්කම මට අනම් මනම් කියල මං ලගට දුවන් ඇවිත් බෑග් එක අරන් යන්නම්කියපු විනුදියි එක්ක රණ්ඩු වෙවී උනත් එනකන්ම වචනයක් වත් කතා නොකරපු මම හූ මිටි තියතිය අඩිය ඉක්මන් කලේ පලවෙනි දවසෙම අතාරින්න  බැරිකමට... ඒ ආපු පාර දෙපැත්තම කොල පාට කොච්චර ලස්සන උනත් මට දැනුන මහන්සිය එක්ක ඉස්කෝලෙ හම්බෙනක්න් අඩිය තියන විදිහ හිතුව මිසක් වෙන ලස්සනක නාමයක්වත් මතක් උනේ නෑ

ඉස්කෝලෙ ගේට් එක ලගදි ආපු විනුද් ,විනුදි දෙපැත්තකට යන්න ගියා වෙද්දි විනුදි නම් මට යනව කියල ගියත් විනුද්කාරය මාව ගනන් නොගෙනම සුදු කලිසමේ සාක්කු වලට අත් දෙකත් දාගෙන තනි කරට බෑග් එකත් එල්ලගෙන දැක්කෙ නෑ දන්නෙ නෑ වගේ මට ඉස්සර වෙද්දි මං ඌ දිහාත් මොකෙද්ද වගේ බලන් ඉදල ආපහු හැරුණෙ ඔෆිස් එකට යන්න උනත් තියෙන තැන  අහගන්න බැරි උන එක මතක් උනේ එවෙලෙ

බෑග් එකයි ෆයිල් එකකයි අත් දෙකෙන් අරන් මම බෙල්ල කරකව කව බලද්දි ගේට් එක ලග  ප්‍රිෆෙක්ට් කොල්ලෙක් ප්‍රයිමරියෙ පොඩි අයගෙ බෑග් චෙක් කරනව  දැකපු නිසා මං ඌ ලගට ගිහින් ඇහුවෙ ඔෆිස් එක තියෙන තැන.

"ඒ සසිදුව මෙතන පොඩ්ඩක් බලපන්.

යමු සර් මං එක්ක යන්නම්.... "

"තැන්ක් යූ පුතේ"

පුතේ කිව්වට මුං හයේ හතරෙ පොරවල් වගේ... සමහරු දරුපවුල්කාරයොත් වගේ නෑ ඉතින් වැඩිපුරමත් එහෙමනෙ කොහොමත් ......

මිනිස්සු අතරට යන්න මං මුල ඉදන්ම කැමති කෙනෙක් නොවුනත් ඉස්කෝලෙ ලමයි ව දැක්කම මට ත් ඒ අතරට යන්න පුදුම විදිහෙ ආසාවක් ඇති උනා... එයාල මාව කොයි විදිහට භාරගනීවිද කියන හැගීම වගේම කටින් වචනයක් පිට වෙන්න කලින් එයාල ඒක අහන් ඉදියිද කාගෙ හරි හිත රිදෙයිද කියන බය මට හොදටෝම දැනුනත් මට මාවත් කන්ට්‍රෝල් නැති වෙලාවල් ගොඩාක් එක්ක අදත් මට ඒ බයම දැනුනා...

"තමුසෙ නිකන් ගෑනියෙක් වගේනෙ හලෝ"

"තාත්තා ලොක්කෙක් කියල අපි තමුසෙට බයවෙයි කියල හිතුවද "

"ඒයි බබා උබ හරි ලස්සනයිනෙ බන්"

"පොඩ්ඩක් ඔහොම හිටපන් සුදු බබා"

"ප්ලීස් මට ඉන්න දෙන්න.. ම් මං මුකුත් කලේ නෑනෙ  .... තාත්...අහ්.."

සමහර දේවල් තියෙයි කොච්චර උත්සාහ කලත් අතීතෙ කියන භයානක  හිරගේ ඇතුලෙ මකල දාන්න බැරි...... මගේ අතීතෙ වර්තමානෙ දෙකම ඒ වගේ ... එතකොට අනාගතේ.. ඒක කොහොම වෙයිද කියන බය හැම තත්පරේකම මට දැනුනා

ඉතින් ඒ බයත් එක්කම මං අද ඉදන් මේ ඉස්කෝලෙ සර් කෙනෙක් කියන හැගීමත් ගුලි කරන් ගිහින් ඒ ලමය එක්ක කතා කරද්දි දැනුන ලෙංගතු හැගීමත් එක්ක කලින් තිබුන අපහසුව යන්තමින් අඩුවෙලා ගියා ..

"සර් අලුතින්නෙ... මොනවද උගන්නන්නෙ ..."

" ම්ම්.... චිත්‍ර  "

"ආහ් වෝහ්..ඇත්තටම ද... මාත් චිත්‍රනෙ... ආට් සෙක්ශන් එකේ චිත්‍ර කරන්න ඉන්නෙත් මුලු ඉස්කෝලෙටම ඉන්නත් එක මිස් කෙනෙක් විතරයි ... සර් ආපු එක  නම් ලොකු දෙයක්...."

"අහ් ... එතකොට

A/l චිත්‍ර කරන අය ගොඩක් ඉන්නවද... "

" අපෝ චිත්‍ර වලටද කොහෙද අඩුම සර්... දහතුනේ නම්  හයක් වගේ ඉන්නවා දොලහෙ නම් ඉන්නෙ මාත් එක්ක තව එක්කෙනෙක් විතරයි ... ඌ දැන් ඉස්කෝලෙ එන්නෙත් හාවා හද දකිනව වගේ "

"ම්ම්ම්.... ඉතින් ඇයි ම්... අහ් මේක නේද ඔෆිස් එක තැන්ක් යූ පුතේ.."

"ඔව් සර්..අනේ  ඒක මොකක්ද "

"මේ දරුවෝ... හදිස්සි නෑ නම් මං එනකන් පොඩ්ඩක්  ඉන්න පුලුවන් ද"

ඒ දරුවත් එක්ක කතාකර කරම ඉස්කෝලෙ වටේ සිරිත් නරඹ නරඹ ඔෆිස් එක ලගටම ඇවිත් තියෙද්දි ඒ දරුවට මං එනකන් ඉන්න කියල මං ප්‍රින්සිපල් රූම් එක ඇතුලට ගියා...

මේක ගමක තියෙන ඉස්කෝලයක් උනත් දුශ්කර පාසලක්වත් පොඩි ඉස්කෝලයක්වත් නෙවෙයි...

මාම කියපු විදිහට මේකෙ ආට් බයෝ මැත්ස් කොමස් සෙක්ශන් ඔක්කොම වගේ තියෙනවලු... ඔව් ඉතිං තට්ටු දෙකේ තුනේ බිල්ඩින්ග්ස් පවා තියෙන්නෙ මේ... ගේට් එකෙන් ඇතුලට ආවහම පහල ම තියෙන්නෙ ප්‍රයිමරිය...

ඊට පස්සෙ කෙලින්ම ගියහම ඕලෙවල් ක්ලාස් ටික වෙන්නැති විනුදි ගියේ ඒ පැත්තටනෙ... ඊට එහායින් වෙන්නැති ඒලෙවල් සෙක්ශන් ඇත්තෙ... අනේ මන්දා ඉස්කෝලෙ තියෙන විදිහ දැක්කම ඔලුව කැරකෙනව... බැරිවෙලාවත් අතරමං උනොත් ආයෙ යනව බොරු.... වංකගිරියක් වගේ බිල්ඩින්ග්ස් හදල තියෙන්නෙ...

ප්‍රින්සිපල් සර් එක්කත් කතා කරලා ටයිම් ටේබල් එකත් ඉල්ලගෙන මං එලියට ආවෙ අර ලමය කොහෙද බලන්න... මූ කොහෙද ගියේ මං ඉන්න කිව්වම හා කියලත් කිව්වනෙ.....

බෙල්ලත් දික් කර කර අඩි දෙක තුනක් ඉස්සරහට ගිහින් බැලුවත් ඌ හිටියෙ නෑ ශිට් මට මූණවල් හරියට මතක හිටින්නෑනෙ..

පොඩි කාලෙ උන ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඉදන්ම ලගම මනුස්සයෙක්ගෙ පවා මූණ මතක නොහිටින තරම් වෙද්දි කොහොමත් මට ලගම කියල හිටියෙ දෙතුන් දෙනයිනෙ... මෙලීගෙයි තාත්තාගෙයි ඇරුණම මූනට හම්බුනත් මිනිස්සුන්ගෙ මූණෙන් අදුරගන්න එක මට අමරු උනා.. මේකෙ ලොකුම අවුල තිබුනෙ කැම්පස් එකේදි ඇයි ඉතිං ඊයෙ අදුර ගත්තු මනුස්සය අද මතක නෑනෙ ඉතින් මුල ඉදන්ම මට යාලුවො හිටියෙ නෑ ගොඩක් වෙලාවට අනිත් අය අදින පලදින විදිහ ඇවිදින කතා කරන විදිහ එක්ක තමයි මං අනිත් අයව ටිකක් හරි අදුරගන්නෙ...

ඉස්කෝලෙ කාලෙ නම් ම්හ්..ම් ඒ කාලෙ නම් මතක් කරන්නවත් මං කැමති නෑ ...

ඕනවට වඩා මූණක් හරි මොකක් හරි  මතක් කරන්න ගියොත් ඔලුව පුපුරන්න වගේ එන නිසා මං ඒක අතෑරල දාල ඔලුවත් දෙපැත්තට ගසලා  පිටිපස්සට අඩි දෙකක් විතර ගියේ ආපහු හැරෙන්න හිතාගෙන...

"ආහ්.."

තව ටිකෙන් වැටෙනවා... පිටිපස්සට යනකොටම කොන්ද ගලක වැදුනා වගේ දැනෙද්දි මං එකපාරටම ඉස්සරහට  පැන්න පාරට ... අර හින්දි ෆිල්ම් එකක් වගේ වැටෙයි කියල හිතුවට වැටුනෙ නෑ....ඉනවටෙන් ගිය අතක් මාව ඇදල ගත්තා..  මගේ මූන තිබුනෙ තඩි ගලක වැදුන පාරට පොඩි වෙලා ගිහින්... පොඩ්ඩක් ඉන්න ගලක් නෙවෙයි.....

සුවදයි... ඒ සුවද මට හොදට පුරුදුයි වගේ... ඒ හිටිපු කෙනාගෙ අතක් මගේ ඉණ වටේ තද වෙලා තිබුනා වෙද්දි මං හෙමින් ඔලුව ඉස්සුවා.... අප්පට සිරි විනුද්කාරයා....

මූ නිකන් දසමහ යෝධයා වගේනෙ.. මොනව නැතත් පපුව හොද කොල්ලෙක්....

අනිත් අතින් තනි කරට බෑග් එකත් අල්ලගෙන... ක්ලාස් එකට නොගිහින් මෙතන මොනා කරනවද...

මෙච්චර වෙලා ඉන්න විදිහ මතක් උනත් එක්ක මං ඒ පිම්මට ම ඈතට පැන්නෙ මගේ අත්දෙක ඒ පපුවට තියල තල්ලු කරල ...

"ආහ්... දෙයියනේ පස්ස.."   අනේ මගෙ පස්ස නෑ නෑ කොන්ද

"ක්හ්ම්.. පුතා තාම ස්ටාෆ් රූම් එකට ගියේ නැද්ද... ආහ් මේ අපේ එකත් ඉස්කෝලෙ ඇවිත්  තියෙන්නෙ මොකද පුතේ කොන්ද අ "

" අහ්...ම්..මෙ මාම්...නෑ සර් මං වැටෙන්න ගියානෙ මේ ස්ටාෆ් රූම් එක තියෙන තැන..."

පැත්තකට පනිනවත් එක්කම විනුද් තල්ලුවෙලා ගිහින් එතන බිත්තියට තද වෙද්දි මගේ පස්ස බිම වැදෙද්දි මට කෑ ගැහුනා... අත් දෙකෙන්ම පස්සත් අත ගාගෙන මං නැගිටිනවත් එක්කම මාමා නෑ නෑ ප්‍රින්සිපල් සර්ත් උගුර පාදල කතා කලා වෙද්දි එකපාරටම වෙද්දි උන දෙයින් ගැස්සිලා ගිහින් හිටපු මට වචනත් පැටලුනා  වෙද්දි මං හෙමිහිට ඔලුව හැරෙව්වෙ විනුද් කාරයා දිහාට... ශිට් අපරාදෙ බැලුවෙ හිතුනෙ මූ මොකද නිකන් කට කොනෙන් හිනා වෙන්නෙ...  මූ මගේ දිහායින් ඇස් ගත්තෙ ඇහුන කටහඩකට...ගහන්න හිතයි මූන පොඩි වෙන්න...

"එක්ස්කියුස්මී සර්.... අහ් මෙන්න අයියේ..වෙලාවට මං ලග වැඩිපුර තිබුනෙ නැත්තන් පහලටම යන්න ඕනිනෙ...."

ඒ මොකක්ද.. මොකක්  හරි පොඩි බොක්ස් එකක්... මොකක් උනත් ඒ ආපු කොල්ලා හරි ලෙංගතු විදිහට හිනාවෙලා ඒක ගෙනත් දුන්නෙ විනුද්ට වෙද්දි ... විනුද්ගෙ මූණ බලන් ඉද්දි අවුල්

ගියා...

" යමු සර් මං පරක්කුයි ද..... අහ් ගුඩ් මෝනින් සර් ... "

ඊට පස්සෙ මගේ ලගටම ආපු ඒ ළමයා මට යමු කියද්දි මූන අමතක නිසා මං කොහෙද අහන්න ගියත් ප්‍රිෆෙක්ට් බැජ් එකයි අතේ තිබුන සිල්වර් වොච් එකයි නිසා මේ උදේ මං එක්ක ආපු පිරිමි ලමයා කියල මට තේරුනා .... පරක්කුයි ද අහන ගමන් ප්‍රින්සිපල් සර් ව දැන් දැක්ක වගේ සර්ටත් විශ් කරලා මාත් එක්ක ඔෆිස් එක පහු කරන් උඩ පැත්තට ඇවිදගෙන ගියේ මං සර්ටත් යන්නම් කියද්දි... මූ මොකද තාම බලන් ඉන්නෙ ... අනේ මට මොකෝ ...

"සර්..."

"ඔව් දරුවෝ"

"සර් ... ඇත්තටම සර්ගෙ වයස කීයද? "

"අහ් .... මුලින් අහන්න ඕන නම නෙවෙයි ද....ම්ම්"

"දැන් ඉතින් ඇසෙම්බ්ලි එකේදි කොහොමත් නම කියනවනෙ ඒත් වයස කියන්නෑ ඒකයි ම්ම්.. ඇත්තටම සර් නික්... අහ්"

"අහ් මං දැක්කෙ නෑ..."

මේක ගමක් නිසාද මන්දා.... මිනිස්සු හරි ඉක්මනට අදුරන අය වෙන්න ගන්නවා... හොදට අදුරන අය වගේ ලෙංගතු වෙලා කතා කරද්දි හිතට දැනෙන අපහසු ව නැති වෙලා යනවා... මං කොහොමත් වචන දෙකතුනකට වඩා කාත් එක්කවත් දොඩමළු වෙන කෙනෙක් නෙවෙයි ... මෙලී එක්ක නම් කියවනවා ටිකක්... එතනත් මෙලී තමයි පටන් ගන්නෙ මං උත්තර දෙනවා අහන්න ඕනිම දෙයක් නම් විතරයි මං අහන්නෙ .... මොකද මං වැදගත් ලමයෙක්නෙ ඔය හිස් වචන නෑනෙ හහ්...

කොහොම හරි මීට විනාඩි ගාණකට කලින් හම්බුන පොඩි කොල්ලත් හරි ලස්සනට හිනාවෙලා කතා කරද්දි මගේ හිත සැහැල්ලු උනා කිව්වොත් හරි ... ඒ නිසා වෙන්නැති මගේ මූනෙ හිනාවක් යාන්තමට වගේ ඇදෙනවා දැනෙන්නැත්තෙ.... එයා ඇහුවෙ මගේ වයස... හරියට හොරගල් අහුලනවා වගේ ඒක අහපු විදිහ .... සමහර විට කිව්වත් වගේ මං කොහොමත් අනිත් ගුරුවරු එක්ක ගත්තම වයසින් අඩු ඇති.... සාමාන්‍යයෙන් ගත්තම අවුරුදු 25ක්  26ක්

යනවනෙ පත්වීමක් ගන්න ....

කොහෙද ඉතිං කොල්ලා වයසක මනුස්සය වගේ දරුවෝ ගෑවට ගැම්මෙන් වයස කියන්න යද්දි පැන්නනෙ මොකෙක්ද.... අහ් විනුද්කාරය .... මූ කුලප්පු වෙච්ච හරකා වගේ හැප්පීගෙන ගියේ මෙච්චර ලොකුවට ඉදලත් දැක්කෙ නෑ කිව්වනෙ... අඩුම හැරිලවත් බලන්නැතුව මං ජැක්කෙ ඤෑ ගාපු හැටි

තව ටිකෙන් මේ පොඩි එකා බිම...

"බලාගෙන යන්න දර්...."

"මම සහේල්"

"අහ් ... සහේල් "

කොහොම හරි හිතුවට වඩා හොද ප්‍ර්තිචාර ලමයිගෙන් ලැබුනා වෙද්දි මට දැනුනෙ ලොකූම ලොකු සැහැල්ලුවක් ... මෙලී හිටියනම්... මේ හැමදේම ඒකිට කියන්න තිබුනා නම් හිතුනා... ඒත් තව මාස තුනක්ද කොහෙද යනකන් කිසිම දෙයක් දැනගන්නවත් බැහැනෙ... මොනා නැතත් කෙල්ල එච්චර කැමැත්තෙන් නෙවෙයි ද කොහෙද ඔය ගියපු ට්‍රේනින් එකට ගියේ...

කොහොම හරි  12 art සෙක්ශන් එකට තුන් වෙනි තට්ටුවකටම බඩගාන්න වෙද්දි දහතුන වසරට ඒ බිල්ඩින් එකේම දෙවෙනි තට්ටුව කෙලවරටම බඩගාන්න උනා..

ලිෆ්ට් නැත්තෙ ඇයි දෙයියනේ ... අවුරුද්දක් කෙසේ වෙතත් මෙහෙම මාසයක් ගියොත් කොන්දක් කඩෙන් ගන්න තමයි වෙන්නෙ ....

ඒ බිල්ඩින්ග් එකට පිටිපස්සෙන් වගේ තමයි කොමස් බයෝ සෙක්ශන් තිබුනෙ එතකොට ටිකක් පැත්තට වගේ වෙන්න තමයි මැත්ස් එක තිබුනෙ....

හිතුවටත් වඩා හොදට ආර්ට් එකේ ස්ටාෆ් ටීචර්ස්ලා වගේම ක්ලාස් එකේ ලමයිනුත්  මාත් එක්ක හිතවත් උනාවෙද්දි එයාලට තිබුන ලොකුම ප්‍රශ්නයක් උනේ මගේ වයස වෙද්දි මාත් ඉතින් යන්තම් නොකර බැරි කමට වගේ හිනාවෙලා අහන දේකට උඩින් පල්ලෙන් උත්තර දුන්නා .... කොහෙන් ගියත් මැක්ක වගේ මට ඕනි උනේ තනියෙම ඉන්න උනත්... ඒත් අදින් පස්සෙ එහෙම ඉන්න බැරි වෙයි.... ඔව් මං කැම්පස් එකේදි කොහොමත් හිටියෙ මගේ ම පාඩුවෙ තනියෙම... මෙලී ස්ටුඩන්ට් හිටපු දවස් ටිකේ නම් ඒකි එක්ක ම තමයි හැබැයි   ....

අද විනුදි ට ආෆ්ටර් ස්කූල් ක්ලාස් කිව්ව නිසා මං තනියෙම එන්න ආවෙ අද දවසෙම විනුද් දකින් හැම සැරේකම මාව දන්නෙ නෑ දැක්කෙ නෑ ගානට මගාරිද්දි... මොනා වෙනවද මන්දා හිටපු ගමන් ... ඒකට විනුදි දකින් සැරේට අත හරි වැනුවෙ මටත් මං සර් කෙනෙක් කියන එක අමතක වෙලා අත ඉබේ වැනෙද්දි...

දවස ඉවර වෙලා රෑටත් කෑම කාලා ආපහු මං ටිකක් එළියට ගියේ සීතල හුළං ටිකක් වැදෙන්නත් එක්ක...

මේහේ ආවට පස්සෙ මං ආසාවෙන් ම යන තැන් දෙකක් හම්බුන... එකක් මේ අඹ ගහ යට.... අනික තමයි මේ ගෙදර ඉස්සර ම තියෙන ඉරිගු කුරක්කන් වවල තියෙන ලොකු ඉඩම කෙලවරේ ටිකක් එහාට වෙන්න තියෙන ගං ඉවුරෙ තියෙන කුඹුක් ගහ යට..... එතනට ගියාම හිත මාරම නිදහස්... විනුදි තමයි එතෙන්ට එක්ක ගියේ....  හෙට හවසට ආපහු යන්න ඕනි.... උදේ ඉස්කෝලෙනෙ......

"රෑ පානේ තරුවක් දිස්වෙන්නේ

නුඹ කෝ කියා ඇසුවා එදා

මා ගාවින් තනියයි වැලපෙන්නේ

කදුලින් සදා මල් දම් ගොතා

හිරි වැටුණු සදසේයා

නිදි වරපු රැය මා හා

තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහි බිදු වැටෙනවානම්

සුළගක් සැලෙනවානම්

මොහොතක් තනිවී විදිමි ආදරේ

ලං වී ඉන්නෙ මා නම්

රහසක් කියනවානම්

මොහොතක් තනිවී සොයමි ආදරේ....."

ඒ කටහඩ...හරි හෙමින් තත් ගැටෙන ගිටාර් වාදනයකුත් එක්ක ගැඹුරුකමක් එක්ක අමුතු හැගීම් ගොඩකුත් ගොඩගහගෙනදෝ ස්ලෝ එකේ වගේ ඇහෙද්දි  ඒක කාගෙද කියල අදුරගන්න අමාරු නොවෙද්දි ලොකූ හුස්මකින් පපුව  හිර කරගත්තු  මං ඒකත් අහගෙනම ඇස් පියාගෙන අඹ ගහට පිට දීලා හාන්සි උනා ...

ඒ කළු ගැඹුරු ඇස් එක්ක කට කොණේ හිනාව එක්ක රවාගෙන ඉන්න කඩවසම් මූණ ඇස් ඇතුලෙ මැවිලා පේද්දි අමුතු උණුහුමක් මාව වට කරගත්තු බවක් දැනෙද්දි මං තව ටිකක් හරි බරි ගැහුනා....

පොඩ්ඩක් ඉන්න ඒත් කොහොමද අම්මගෙ මූණවත් මතක නැතුව මෙලීගෙ, තාත්තගෙ  මූණවත් ඇස් අස්සෙ මවාගන්න බැරි වෙද්දි දවස් ගාණකට කලින් හම්බුණු කිසිම හුරුවක් නැති නපුරු මූණක් ඒ තරම් මතක් වෙන්න ගන්නෙ.... ඇස් වහගෙනත් පේන දැනෙන තරමටම ....

ඔව් ඒ සුවදත් මට දැනෙනවා....

ඒත් මොන සුවදද... කොහොමද .....කාගෙද ....

මං දන්නෙ නෑ...

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මෙලීනා රිශ්වි ෆ'නෑන්ඩෝ

අවුරුදු 21

විනුදි අකේත්‍යා සිංහවංශ

අවුරුදු 16

අඩුපාඩු ඇති ගොඩක්

මං ආසයි ඔයාල ඒවා කියනවනම්...

🖤🌼

Share This Chapter