Back
/ 41
Chapter 6

හයවෙනි කොටස

No more | Ongoing

කවදාවත් නැතුව උගුර වේලිලා යන ගතියක් එක්ක මං ඇස් ඇරියෙ අමාරුවෙන් වෙද්දි තත්පර ගානක් ගියාට පස්සෙ මං හිටපු විදිහ අමුත්තක් දැනුන නිසා මං ඕනවටත් වඩා කලබල ගතියක් මට දැනෙන්න ගත්තා ....මං ඉන්නෙ කොහෙද කියල මතක් වෙනවත් එක්කම ආපහු වතාවක් මගේ හිත වේගෙන් ගැහෙන්න ගත්තෙ මං නිදහස් උනා කියල හිතාගෙන හිටපු හැගීම කුඩු වෙලා යන්න හදන වගක් මට දැනෙද්දි ...

මං හිටියෙ ශක්තිමත් අත් දෙකකට මැදි වෙලා  රස්නෙ පපුවකට තුරුල් වෙලා වෙද්දි... කලින් හැමදාමකම ඒ ජරා සිදුවීම් වලින් පස්සෙ මොකද්දෝ දුර්වලකමක් නිසා අසිහියෙන් උනත් මගේ කාමරේ ඇදක් උඩින් ඇහැරුනු  කිසිම වතාවකදි මට මෙහෙම පහසක් නොලැබුනු වග මතක් උනනිසාත් මගේ ඇගට කියාගන්න නොතේරෙන තරම් පහසුවක් හැර කිසිම වේදනාවක් නොදැනුනු නිසාත්.... මේ....  මේ ඉන්න කෙනා පිරිමියෙක් වග තේරුන නිසාත් කල්පනාවෙන් පිට පනින්න හදපු සිහිය එකතු කරගෙන හදවතේ ගැහෙන වේගෙට අභියෝග කරන ගමන් හෙමීට ඒ ඇගට උඩින් අත දික් කරපු මං ටේබල් ලෑම්ප් එක ඔන් කලේ මේ ඉන්න මිනිහා මොකා උනත් කලබල කරලා ඌව ඇහැරවගන්න ඕනි නැති නිසා..

අහ්...න්..නෑ නෑ ...

මං...ම්.... මේ එයා කියල කොහොමටවත් බලාපොරොත්තු උනේ නැහැ...ඒත් ඔව්  ..ඒ හි..ටියෙ

විනුද්...

මගේ උගුරෙ මොකද්දෝ ලොකු වේදනාවක් එක්ක දෙයක් හිරඋනා වගේ දැනෙද්දි ... කවදාවත් නොදැනුනු විදිහෙ හැගීම් ගොන්නක් ඉපදෙන්නත් කලින්ම මගේ හිත ඇතුලෙ ම මැරිලා විනාස වෙලා යන්න ගියා වෙද්දි ටේබල් ලෑම්පෙකෙන් ආපු ලා කහ පාට එලියෙන් පේන ඒ මූන දිහා මං බලන් හිටියා...

හරියට ම මං ඉන්නෙ කොහෙද වෙන්නෙ මොකක්ද කියන්න ඔලුවට ප්‍රොසෙස් වෙන්න ටික වෙලාවක් යන්නැති...

එයා හරි කඩවසම් ...ලා කහ එලිය එක්ක ඒ මූන දිලිසෙනවා ඒ පියවිලා ගියපු ඇස් වලින් කලින් පෙනුන නපුරු කමට වඩා අහිංසක කමක් ලියවිලා තියෙද්දි ඒ අහිංසක කමට යටින් පහත් හැගීමක් ඇති කියල හිතන්නවත් විරුද්ධ වෙන හැගීම් ගොඩක් මගේ හිතත් එක්ක එවෙලෙ කේවල් කලා වෙද්දි ....

මාව විනාස කරන්න තලල දාන්න ආසාවකට නෙවෙයිනම් එයා මේ විදිහට මාගේ තුරුලෙ ඉන්න හේතුවක් නෑ කියල හිතෙද්දි....තවත් මං මේ මොකක්ද කරන්නෙ කියල මට හිතාගන්න බැරි උනා..

මං දන්නෑ මට මේ මනුස්සයව දැක්ක ම දනුන ඒ හැගීම මොකක්ද කියන්න ...සමහර විට කවදාවත් නොලැබුන විදිහෙ යාලු කමක් ...නැත්තන් සහෝදරකමක් ....ඇත්තටම මං ඒක මොකක්ද කියන්න දැනන් නොහිටියත් ඒක මෙලී ගැන දැනුන හැගීම් එක්ක බලද්දි අහසයි පොලවයි වගේදෝ හිතුනා....

දවසක් ඇතුලත හට ගත්තු ඒ අමුතු හැගීම් ... තව දුරටත් මගේ හිතේ එහෙම හැගීමක් තියේවිද... හැම එකාම එක වගේ කියන්න මතක් කරන ගමන් අද මේ ඇදේ තාමත් මාව පපුවට තුරුල් කරන් ඉන්න මනුස්සය සාක්ශි දරද්දිත් මට ඒ උනුහුමෙන් යන්න බැරි වගක් දැනුනා....

කලින් වතාවල වගේ කිසිම පිලිකුලක් බයක් ඒ උනුහුමෙන් මට නොදැනුනත් මට මං ගැනම අනුකම්පාවක් පිලිකුලක් එක්ක මහා මූසල හැගීමක් දැනෙන්න ගත්තා වෙද්දි මට නොදැනිම මගෙන් ඉකියක් පිටවුනා

දෙයියනේ මාත් පිරිමියෙක් ...සම්පූර්ණයෙන්ම පිරිමියෙක් පිරිමියෙක් ලග තියෙන්නෙ ඕනි මොනාද ඒ හැම එකම මං ලගත් තියෙනවා..ඒතකොට ඇයි මෙහෙම වෙන්නෙ .... මිනිස්සු කොහොමද බලෙන් තව කෙන්ක්ගෙ ජීවිතේ විනාස කරල දාල තෘප්තියක් ලබා ගන්නෙ..ඒකත් විනාඩි ගානකට....විශේශයෙන්ම කොල්ලෙක්ගෙන් කොහොමද ....

ජීවිතේ හැමදේම නැති වෙලා විනාස වෙලාම යද්දිත් මං හිතාගත්ත මට මං ඉන්නවනෙ කියල ඒ...ඒත් මට මාව පරිස්සම් කරගන්නත් බැරි ව ගිහින් තියෙද්දි ... මං හිතුවා ආපහු එහෙම වෙන එකක් නෑ කියල ඒත් ඒකෙ ඉවරයක් නැද්ද....

විකාර ගැන හිත හිත මගේ සිහිය හුගාක් දුර හිහින් තිබුනා වෙද්දි ආයෙමත්  උගුර හිරකරගෙන හිරකරගත්තු ඉකියක් බලෙන්ම එලියට පනිනවත් එක්ක තාමත් මං බලාගෙන හිටපු ඒ ඇස් එකපාරටම ඇරුනා වෙද්දි ....ඒ වෙනකොටත් බොදවෙලා තිබුනත් ඒ ඇස් දිහාම බලන් තොල් තද කරන් හිටපු මගේ මූන පුරා ඒ ඇස් ලොකු කලබලේකුත් එක්ක දුවද්දි.... ගැහෙන පපුවත් අත්දෙකෙන්ම බදාගෙන මං දඩිබිඩි ගාල ඇදෙන් බිමට පැන්නා....

එයාත් ඒකෙන් නොසෑහෙන්න කලබල වෙලා තිබුන බව පේන්න තිබුනා වෙද්දි හරියට හංගන් හිටපු දෙයක් එලිවෙලා ඒකට නිදහසට කරුනු හොයන්න වගේ ඇදෙන් මාත් එක්කම වගේ නැගිටපු එයා ඔලුව දෙපැත්තට කරන ගමන් මට සන්සුන් වෙන්න කියලද කොහෙද ඉගි කලා...

"සුද්.....ම්හුම්..මා...වි ප්ලීස් කලබල වෙන්නෙපා හරිද ..."

"ත් ත..මුසෙ කොහොමද එහෙම කරන්න හිතුවෙවත්...ම් මගේ තියෙන වැරැද්ද මොකක්ද විනුද්...මං තමුසෙගෙ අයිය වගේ නෙවෙයිද .... අනිත් හැම එකාම වගේ ත්...තමුසෙත් මාව ජරාව්...."

මං සද්දෙන් කියවගෙන ගියේ ආපු කේන්තියටත් වඩා හිතට දැනුන ඒ වේදනාව නිසාද කියල හිතුනා...ඒත් මං කියවගෙන ගියපු එක ඉවරවෙන්නත් කලින් එයා කතා කලා

" උබ ඔය මොනවද කියවන්නෙ අයුල්... උබ හැමදාම පුංචිම දෙයක් උනත්  හරියට තේරුම් ගන්න පරක්කු උනා...  කොහොමද උබ එහෙම දෙයක් ගැන්...ම්හ්ම්...රෑ කරන්ට් එක ගිය නිසා මට තිබුන අමාරුවට ආවෙ පොඩ්ඩක් බලල යන්න...තමුසෙ හීනෙන් දගලපු නිසා ඒ අමාරුව වැඩි වෙලා තමයි ලගට ආවෙ ..සොරි තමුසෙ නිදාගත්තම යන්න හිටියත් මට එහෙමම නින්ද ගියා"

මං ගල් ගිල්ල වගේ බලන් හිටියේ විනුද් කියවන් යන දිහා...ඒ වචන වල තිබුනෙ ආවේගය ක් හැබැයි ඒකෙ  කලකිරීමක් වේදනාවක් ප්‍රතික්ෂේපවීමක් වගේ බර ගතියකුත් තිබුනා....වෙද්දි ... හැමදාම මං දේවල් පරක්කු වෙලා තේරුම් ගන්නව කිව්වෙ එක මට තේරුම් ගන්න බැරි උනා.. ම්..මගෙ වචන .... ඉතිං මං කොහොමද දන්නෙ....

"......."

"වචන හරි දරුනුයි මාවි.... ඒවා පාවිච්චි කරද්දි පරිස්සම්වෙන්න මං වෙනුවෙන් නැතත් උබ ආදරේ කරන අය වෙනුවෙන් හරි"

එක දිගටම කියවන් ගිහින් යන්න හැරිලා දොරලගටම ගියාට පස්සෙත් ආපහු හැරිලා එයා කියපු දේ එක්ක මට දැනුනෙ මගේ පපුව හිර උනා වගේ...

මෙච්චර දවස් ලේසියකට එලියට නාපු කදුලු උල්පතක් වගේ කම්මුල් දිගේ හරි රස්නෙන් ගලන් යද්දි... මාව ගල් වෙලා වගේ දැනෙද්දි කරන්න ඕනි මොකක්ද කියන්න ඕනි මොකක්ද කියලවත් මට හිතාගන්න බැරි උනා එයා කාමරෙන් යනකන්ම.... මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ ..... පිස්සු හැදීගෙනවත් එනවද ... ශිට් මේ කදුලුත් ඉවරයක් නෑ... මං ඇස් දෙක තද කරල පිහද ගත්තා...

දවසකට ඔයා මට එච්චර ලං උනාද විනුද්... මේ පුංචි දේකට ඇඩෙන්න තරම්...... සමහර ව්ට මං එයාව මගේම මල්ලි    කෙනෙක් විදිහට නැත්තන් අයියෙක් වගේ හිතන්නවත් අරන්ද.... ඒක වෙන්න බෑ එයා බාලයිනෙ... ඒත් ඒකව දකිද්දි මාව ලොක් වෙන්නෙ හරියට වැඩිමල් ගරුකලයුතු මනුස්සයෙක් දැක්ක ගානට...

වි...නුද්....

අන්තිමේ අමාරුවෙන් වචන ගැටගහගත්තත් ඒවා කටින් පිටවුනාද කියල මටම සැකහිතෙද්දි මං දොර ලගට අඩිය තියල ගියත් මට එහා පැත්තෙ තිබුන කාමරේ දොර සද්දෙට වැහුනා වෙද්දි දැන් ඕකට ගිහින් තට්ටු කරල කතා කලොත් නැන්දල උනත් කලබල වෙන නිස මං කාමරේට ඇවිත් ඔරලෝසුව දිහා බැලුවා ... පාන්දර 3.20  .....

මං මොකක්ද ඒ කලේ... එයා කිව්වෙ හීනේ ගැන ඔව් උදේට මට මුකුත් ම මතක නැති උනත් හැමදාම රෑට මං ඔය හීනයක් දකිනවා ඒක නිසා රෑපුරාම අඩල උදේට නැගිටිද්දි ඇස් ඉදිමිලා තද රතු වෙනවා....ඒත් මෙහෙට ආවට පස්සෙ ඒ වගේ ඇස් රතුවෙලා නොතිබුන නිසත් මට අමාරුවක් නොතිබුණු  නිසත් මං හිතුවෙ මං ආපහු ඒ හිනෙ දකින්නෙ නැතුව ඇති කියල... ඒත් අනේ මං ද....

ඊට පස්සෙ එලිවෙනකල්ම මට නින්ද ගියේ නැහැ... උදේම ඇහැරිලා මං වොශ් නොදා හිටියෙ විනුද් එයි කියල හිතන් උනත් එයා ආවෙ න්.....නෑ නෑ එයා ආවා....

"වි...විනුද්.. අනේ ස්.."

" මූන සෝදගන්න මං එනකන්"

එයා ආවත් ඊයෙ වගේ මගේ දිහා බැලුවෙ නැතිවෙද්දි මං ඒ මූන දිහාම බලාගෙන හිටියත් ඒ මූනෙ කිසිම හැගීමක් නෑ කියල තේරෙද්දි මං එයාට සොරි කියන්න හැදුවත් එයා මැද්දෙන් පැනලා එනකන් මූන හෝදගන්න කියල එලියට ගියා ...

" ව්....විනු..ද්"

"......."

"අහන්නකෝ....ම්..මට ඇත්තටම සමාවෙන්න වි..නුද්...මං එවෙලෙ ගොඩක් කලබල උනා ම්..මං ...හිතු..ව්...වෙ"

මට වචන එකතු කරගන්න බැරි උනා... කොහොමද කියන්නෙ මට කලින් වගේ දෙයක් ආපහු වෙන්න ඕනි උනේ නෑ කියලා... ඒ උන දේවල් එක්ක මම මානසිකව වගේම ශාරීරිකවත් ගොඩක් ඩවුන් වෙලා කියන්න... ඔව් මගේ ස්නායු වල අවුලක් තියෙය් කියන්නත්...  මං දවසින් දවස ගොඩක් දුර්වල වෙනවා කියන්නත් .... මං දැනගත්තෙ ගොඩ කාලෙකට කලින්....ඒත් මං ඒක් මෙලීටවත් කිව්වෙ නැහැ... ඒවා තිබුන රිපෝර්ට්ස් පවා මම පුච්ච්ල දැම්මෙ.... මොකද මට ඕනි උනේ නැහැ  කවදාවත් ම සනීප වෙන්න....

"....."

" විනුද් ... මල්..."

"ඔයා සොරි කියන්න ඕනි නැහැ අයුල්...මගේයි වැරැද්ද....අනිත් එක ඊයෙ හවස වොශ් දැම්මෙ කොහොමද මං එද්දිත් වොශ් දාල නෙ හිටියෙ"

"ම්...මාමා උදව් කලා අනික මට දැන් හො..දයි "

කාමරෙන් ගියපු විනුද් ආපහු ආවෙ උනුවතුර පුරවපු කේතලේකුත් අරන් වෙද්දි...මුකුත් ම නොකියා අඩුම මගේ දිහා බලන්නෙවත් නැතුව මට වොශ් දාන්න උදව් කරද්දි මං ආපහු සමාවඉල්ලුවත් එයා මගේ වචන මායිම් නොකර වොශ්දම්මලා ඊයෙවගේ තුවාලත් ආයෙ බැන්ඩේජ් අයින් කරල ආපහු හොස්පිට්ල් යන්න බැරි නිසාම මං අරන් ආපු බෙහෙත් එයාම දාල අලුතින් බැන්ඩේජ් කරලා එලියට ගියා..ඒවෙලාව පුරාම සමව ගන්න ට්‍රයි කලත් එයා ගනන් නොගද්දි ඇහුනෙ නෑ වගේ මාව මගාරිද්දි ...මාත් සද්ද නොකර ඔහේ බලන්හිටියා.

ඇයි දෙයියනේ ඒක මට රිදෙන්නෙ ...

"ක්හ්ම්...ම්ම්...සොරි මාව්...ම්  අයුල්  කරදර කරනවට.... මගේ කාමරේ රෑට ඉන්න අමාරුයු ඒකෙ ෆෑන් එක වැඩ නැති නිසා රස්නෙ වැඩියි ඉතින් මං මේ කාමරේ ඇද ලග බිමින් නිදාගන්නවා කමක් නැහැනෙ නේද"

"ආහ් ...ම්..මේ...බ්"

"තැන්ක් යූ"

තරහවෙලා ගෙවුනු දවසකට පස්සෙ උදාවුන රෑ  මෙට්ටෙකුයි කොට්ටෙකුයි උස්සන් එකපාරටම  මගේ කාමරේට ආපු විනුද්   දොර ලග ඉදන්ම එක අතකින් අල්ලගෙන ඉදපු පෝන් එක දිහා බලාගෙනම කියද්දි ....මට ඒක ගැන දැනුනෙ සතුටක්ද බයක්ද කලබලයක්ද කියල කියල කියාගන්න නොතේරුණත් .... මං යකෙක් දැකපු ගානට ඇද උඩ වාඩිවෙලාම උත්තරයකට වචන ගැට ගහද්දි මැදින් පැනලා එකපාරටම තැන්ක් යූ කියල මෙට්ටෙ බිමින් දාගෙන කොට්ටෙට ඔලුව තියාගෙන ආපහු පෝන් එක අරන් ඔබන්න ගත්තා ...

මාත් ඩිම්වෙලා වගේ  ටිකක්වෙලා ඒ දිහා බලන් ඉදලා නිදාගන්න ගියත් මට ලොකු අපහසුවක් දැනුනා... එකක් ඒ මනුස්සයගෙම ගෙදර ඉදන් ඒකා බිම ඉද්දි මං ඇද උඩ ඉන්න එක   අනිත් එක කලින් මගෙන් කියවුනු දේවල් එක්ක තාමත් ඒ මනුස්සය මගේ මූනවත් නොබලන එක.....

මං මෙහෙට ඇවිත් සතියක් ගෙවිල ගියා.... මේ ගෙවුන සතියටම විනුද් නිදාගන්න ආවෙ මගේ කාමරේට වෙද්දි ... දවස් දෙක තුනක් හැමදාම  උදේට වොශ් දාන්න කොල්ල මට උදව් කලත් තවදුරටත් මට ඒ වැඩ තනියෙම කරගන්න පුලුවන් කියල මං කියද්දිත් ඌ ඒකත් වැරදියට තේරුම් ගත්තදෝ හිතුනෙ ....ඊට පස්සෙ රෑට නිදාගද්දි හම්බෙන එකයි කෑම මේසෙදි හම්බෙන එකයි හැර කොල්ල මගේ මූනවත් නොබලද්දි....

කොහොමත් මූ ඕන්නම් එක දවසක් වගේනෙ මාත් එක්ක හොදින් හිටියෙ.... කියල මං මගේ හිත හදාගත්තා ...

මිනිස්සු එක්ක බැදීම් කොහොමත් හරි සංකීර්ණයි .... අවුරුදු ගනන් තිබින බැදීම් පවා නැති වෙලා යනකොට මාව වදපු අම්ම තාත්තා පවා මාව අතෑරල තිබුන කොට දවසකින් දෙකකින් ඇති උන බැදීමක් කියන්නවත් බැරි හැගීමක් මං හරි තදින්ම පාලනය කර ගෙන තිබුනා වෙද්දි කෙනෙක්ට ඒක විහිලුවක් උනත් මට ඒක දරාගන්නත් අමාරු හැගීමක් උනා

මූණ දිහා නොබැලුවත් තවදුරටත් නාන්න උදව් නොකලත් හැමදාම උදේට ගෙනත් දෙන උණුවතුර එක, ඇගේ තිබුන කැලල් කොහොමද ඇති උනේකියලවත් නොඅහා මමම තුවාල කරන් කියල එයා තනියෙමම හේතු දක්වමින් මාව නාවපු දෙවෙනි දවසෙ උදේ ගෙනත් දීපු බෙහෙත් එක ..ඒක ඇගේ ගාන්න උදව් කරපු විදිහ මල්ලි කෙනෙක් උනත් අයිය කෙනෙක් වෙනුවෙන් කරන්න පුලුවන් හරි පුංචි දේවල් උනත් මං ඒවා වැරදියට තේරුම් ගන්න නිසාදෝ මගේ හිත කිව්වෙ වෙනම කතාවක්....

ඉතින් හෙට තමයි දවස.... මගේ පලවෙනි පත්වීම .... ඒකත් ගමේ ඉස්කෝලෙට.... පහුගිය දවස් ටිකේ මාමාත් එක්ක ඒවට වෙන්න ඕනි දේවල් ඔක්කොම මං ලෑස්ති කරගත්තෙ මෙලීගෙත් උදව් ඇතිව....මේ පත්වීමත් එක්ක වැඩිපුරම සතුටු උන අනිත් කෙනා වුනා විනුදි.... කෙල්ල මේ දවස් ටිකට මට මහ ගොඩක් ලෙංගතු වෙද්දි ඕන එකටයි එපා එකටයි හම එකකටම මොකක් හෝ හේතුවක් හදන් සුදු අයියේ කියාගත්තු ගමන්ම වෙද්දි දවසක්...

"ආහ්.... ඒයි අයියේ... තමුසෙ මොකද මෙතන කරන්නෙ"

"හහ් ....ඒක මමයි අහන්න ඕන මේ මහ රෑ තමුසෙ මොකක්ද මෙතන කරන්නෙ..."

"මං ආවෙ සුදු අයියගෙන්  පාඩම් වගයක් අහගන්න...  එතකොට තමුසෙ ඇයි කියනව...."

"  මං ආවෙ මට ඕන නිසා .... අනික තමුසෙ ඕක දවල් අහගන්න තිබුනනෙ නට නට හිටියෙ.... දැන් යනවා මෙත්..."

" ඒකට කමක් නැහැ චූටි අපි වැඩ කරමු මං කියාදෙන්නම් "

රෑ 9 ට විතර විනුදි කාමරේට කඩාපාත් උනේ පොත් වගේකුත් උස්සගෙන වෙද්දි බිම මෙට්ටෙ උඩ දිගාවෙලා පෝන් එක ඔබ ඔබ ඉදපු විනුද් ව දැකපු කෙල්ල එයා මෙතන ඇයි අහද්දි  ඒක මගෑරපු   විනුද් කෙල්ලට කෑගහල මෙතනින් යන්න කියද්දි මං මැද්දෙන් පැනලා කෙල්ල එක්ක පාඩම් වැඩ කරන්න ගත්තා.... අනික ගෙදර හැමෝම වගේ මාත් විනුදි ට චූටි කියන්න පුරුදු උනේ මියූ, මගේම නොවුනත් මගේ නංගිව මතක් කරන්....

ඒත් එයා තවදුරටත් මාව අතෑරල තිබුනා... දැන් ඒවා ගැන හිතුවොත් ඉවරයක් නෑඅ ම්හ්ම්...

අන්තිමට මං චූටිට වැඩ කියාදෙද්දියි මතක් උනේ මේ ගංකබරයා වගේ ගානක්වත් නැතුව පෝන් එක කන එකා මේ පාර A/l කරනව නේද කියලා.... මීට දවස් හතරකට පහකට කලින් මං මෙහේ ඇවිත් තුන්වෙනි දවසෙද කොහෙද  උදේම මාමත් එක්ක කොලඹ ගිහින් අස්වීම අරන් ඇවිත් මෙහේ ඉස්කෝලෙට භාර දුන්නත් මූ තාම ඉස්කෝලෙ ගියෙත් භාර දීපු දවසෙ විතරක් වෙද්දි පාඩම් කරන බවක්වත් මං දැකලා තිබුනෙ නෑ....

පස්සෙ මං හෙමීට විනුදිට ඇස් වලින් විනුද්ව පෙන්නද්දි....කෙල්ල කට තදකරන් හිනා උනා ..

"ඔයා දන්නවද සුදු අයියේ අපෙ අයියට  පාඩම් වැඩ වලට වෙලාවක් නෑ මොකද දන්නවද එයා හරී.... බිසී එච්චරටම කෙල්ලො වැහි වැහැලා ඔයාටත් ඕනි නම් එක්කෙනෙක් ව ඉල්ල්...."

"චූටි... තමුසෙ ආව නම් තමුසෙගෙ පාඩුවෙ වැඩක් කරගෙන යනවා මගෙන් කුණුහරුප අහගන්නැතුව...."

"ආ කියනව බලන්න.... අම්ම්ම්ම්ප්බ්.."

" කට වගන්නව චූටි අනික අපිට නෑනෙ ඔය අනිත් අයට වගේ උදව්කරන්න කට්ටිය එතින් වැඩ නොකරන එක ගැන අහන්න දෙයක් නෑ..."

කෙල්ල හයියෙන් කියවන් යද්දි තරහෙන් කෑගහපු විනුද් ....විනුදි අම්මට කෑගහද්දිම බිමින් නැගිටලා එකපාරටම ඇදට පැනපු විනුද් ගමන් එක අතකින් කට වහගෙන කියවගෙන ගියේ මගේ දිහාත් ඇස් කොණින් බලාගෙන....

ඉතිං ඔය විදිහට ගෙවුනු දවස් වලට පස්සෙ මං උදෙන්ම නැගිටලා මූණ සෝදන්න ගියත් මං එතකොටයි දැක්කෙ විනුද්තුත් නැගිටලා කියන්න...

වොශෲමෙකේ පුරුදු විදිහටම උණුවතුර එක තිබුනා වෙද්දි .... අමුතු විදිහෙ හැගීමක් හිතේපුරවන් වොශ් දාලා අලු පාට ඔෆිස් ට්‍රව්සර් එකකට ලා නිල් පාට අත් දිග ටීශර්ට් එකක් යට කරලා ඇදගෙන කෑමත් කාලා නැන්දා දීපු කෑම එකත් අරන් එලියට බැස්සෙ මේ විනුද් පේන්නවත් නැති වෙද්දි... විනුදි නම් මං එක්කම යන්න එලියට ආවා වෙද්දි මාමා නම් වේලාසනම ගිහින් තිබුනා....

ඒත් මට හරි අවුල් වගේ මේ විනුද් දැක්කෙවත් නැහැනෙ... කන්නවත් ආවෙ නැහැනෙ... මං ඉස්තෝප්පුවට ඇවිල්ලත් කැරකි කැරකි හිටියෙ විනුද් කොහෙන් හරි මතුවෙයිද බලන්න ඒත් නෑ එයාගෙ කානරෙත් ලොක් කරල තිබුනෙ... ඉතින් මං නැන්දටත් වැදලා විනුදි එක්ක ගෙයින් එලියට බැස්සා....

"ඔහොම ඉන්න මාත් එක්ක යමු"

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

අඩුපාඩු තියෙය් නම් අනිවාරෙන්ම කියන්න හාද..❤️‍🩹🙈

🖤🌼

Share This Chapter