Back
/ 41
Chapter 5

පස්වෙනි කොටස

No more | Ongoing

"ඔ...යා මා...ව දාල යන්නද.. හදන්....නෙ"

" නෑ දෙයියනේ දැන් කවුද කිව්වෙ දාලා යනව කියල "

" එහෙනම් මේ යන්නෙ "

"ඒ ඉතින් අම්මයි තාත්තයි නිසානෙ ඒත් ඉතින් මං මගේ මල්ලියාව බලන්න එනවනෙ ආපහු"

" ම...මං දන්නවා ඔයා බො..රු කියන්..."

" නෑ පැටියෝ මං ඇයි බොරු කියන්නෙ ම්ම් ඔයාට මාව විශ්වාස නැද්ද එතෝට "

"නෑ ඔ..යා ආ..යෙ එන්..නෙ නෑ ඔ.. ඔයා මට ආදරෙත් න් ...නෑ කිව්වනෙ "

"ආපහු විකාර කියවන්න ගත්තද ඒ ගමන ... දැන් මං කිව්..."

"එන්න සුදූ පරක්කු වෙලා අන්න හරේ තාත්තා මට කෑගහනව දැන් රෑත් වෙනවනෙ අක්කේ "

"කොල්ලට දුක ඇති ආයෙ කවද එන්නද.."

"අහ්"

"විනූ.... ඔහොම ඉන්නකෝ විනූ මග්..."

"කෝ මෙහේ එන්න ලමයෝ"

---------------------------------------------------------------------

---------------------------------------------------------------------

ඒ කෝල් එක මෙලීගෙන් වෙද්දි මෙච්චර වෙලා phone screen එකේ තිබුන විනුද්ගෙ ඇස් වලින් මං දැක්කෙ අමුතුම පෙනුමක් නිකන් අකමැත්තක් වගේ එකක් වෙද්දි ඒත් එක්කම ඒ ඇස් ආවෙ මගේ දිහාට වෙද්දි ඇස් එකට හම්බෙනවත් එක්කම මං පෝන් එක දිහා බලාගත්තා .....

මං ඒක ආන්ස්වර් කරනවද නැද්ද කියල හිතාගන්න බැරි උනා ....ඇත්තටම ඒක පලවෙනි වතාව එහෙම හිතපු මොකද මෙලී කියන්නෙ මං වෙනුවෙන් ඇගෙන් කෑල්ලක් ඉල්ලුවත් කොහෙන්ද ඕනි අහන කෙනෙක්.... ගිය ආත්මෙ සහෝදරයො කියල හිතෙන තරමටම කෙල්ල මං ගැන හොයල බැලුවා....

කෝල් එක රින්ග් වෙලාම කට් වෙනකන් මං බලන් හිටියෙ පෝන් එක දිහා වෙද්දි මං හෙමින් විනුද් දිහා ඇස් උස්සල බලද්දියි දැක්කෙ එයා තාමත් ඉන්නෙ මගේ දිහා බලාගෙන කියලා.....

එයාගෙ අතේ frist aid box එකක් ද කොහෙද තිබුනෙ... ආපහු කෝල් එක එද්දි මං එය දිහාත් බලල ටිකක් ඉන්න කියලා පෝන් එකත් අරන් කාමරේ කොනකට යන්න ගියත් එකපාරටම විනුද් මගේ අතින් අල්ලගනෙ ඇදල ඇදෙන් වාඩිකරවලා එයාත් එතනම මගේ කකුල් ලග බිමින් වාඩි උනේ මට හිතන්නවත් වෙලාවක් නොදී...

එයා ඇයි එහෙම කරන්නෙ.... හරියට මට මාවම පාලනයක් නෑ වගේ ...කලින් මාව නාවපු විදිහ එපා කියද්දිත් මාව හෙමිහිට පිහිදපු විදිහ ..ඊයෙ රව රව ඉදලා. අදුරන්නෙවත් නැතුව හරි ඉක්මනට ලෙංගතු වෙලා හොදටම දන්න අදුනන විදිහට බැන බැන කතා කරපු විදිහ .....ඒක හරි අමුතුයි...

මං දන්නෑ ඇයි කියන්න ...ඉතින් මේලිත් උබව නාවල කවල පොවල තියෙයිනෙ ... ඔව් ඒත් ඒකයි මේකයි ගොඩක් වෙනස් .... හරියට මං මේලි ලගදි මට දැනුන ඒ සහෝදර බැදීම අම්මෙක්ගෙන් වගේ ලැබුන ආදරේ එක්ක ඒ බනින ඒවට එකට එක කියාගෙන මගේ තැන හදාගන්න කට කියවන් හරි ගියත් මේ දසමහයෝධය වගේ ඉන්න පොඩි ඇටයෙක් ලගදි මට වචන තියා සිතුවිලිවත් එන්නෑ කියන එකම කොච්චර අමුතු ද...පොඩි කාලෙ කෙසේ වෙතත් මේ අද ඊයෙ දැකපු මනුස්සයෙක් වෙච්චි මට මූ මොකටද මෙහෙම සලකන්නෙ ...

"හෙලෝ.... කෝ යකෝ මූ.... හෙලෝ ආයූයූයූඌඌඌඌ "

"ආහ්... ඔ ..ව් ඇයි ...කියන්න "

ඒ අස්සෙ කෝල් එක ආන්සර් වෙලා මෙලී යටි ගිරියෙන් කෑගහද්දියි මං ඒ සිහියට ආවෙ.... ඒත් විනුද් මගේ කකුල හෙමින් අල්ලගෙන තුවාලෙ බැන්ඩේජ් එක ගලවන එක ලග මගේ ඇස් විතරක් නෙවෙයි හිතත් නැවතුනා වෙද්දි මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තෙ නිකන් එලියට පනින්න වගේ ඇයි දෙයියනේ මේ .... මට හිතුනා ඒක විනුද්ට ඇහෙයිද කියලත් නොදැනුවත්වම මං පපුව හයියෙන් අල්ලගත්තා...

අනේහ් ...බැන්ඩේජ් ගලවපු තුවාලෙ දිහා ටික වෙලාවක් බලන් හිටපු එයා ඔලුව උස්සල මගේ ඇස් දිහාම බැලුවා .. ඇහුනවත් ද ...

ඒ ඇස්...ඒවයෙ තිබුන දේවල් මට කියවන්න අමාරුයි නිකන් හරියට වේ ..දනාව..ක් ආහ්.... අනේ...ඒ ඇස් බොදවෙලා එ..එයාගෙ ඇස් වල කදුලු පිරිලානේද ඒත් ඇයි...සමහර විට එයත් මං වගේ ලේ වලට බය නිසාද.... මට දුකයිනෙ අනේ...ඒ මං නිසානෙ ....මං ඔලුවෙන් එපා කියල කකුල එහාට කරගන්න හැදුවත් එයා ආපහු කකුල අරන් තුවාලෙ සේලයින් වලින් සෝදන්න ගත්තා... දැවිල්ලයි දෙයියනේ ..ඒත් මං කෑ ගැහුවෙ නෑ ....මට බයයි....ඔව් මට බයයි තුවාලෙ නිසා නෙවෙයි මං කෑ ගැහුවොත්...... එයා මෙතනින් යයි කියල ....මොකද මේ පලවෙනි පිරිමි කෙනා මං ගැන හොයල බලපු ඒකත් මෙච්චර පරිස්සමකින්..... එහෙම නැත්තන් මං කැමති ගෑනු ලමයින්ට න්...නෑ නෑ එහෙම නෙවෙයි .... පල්වෙනි හේතුව තමයි හේතුව ...

"අහ් ස්ස්"

දැවිල්ලයි යකූ කදුලුත් ආවද කොහෙද නෑ නෑ මං කොල්ලෙක්නෙ ....

"තමුසෙ කෝල් එකේ ඉන්නවද බූරුවෝ ... නැත්තන් වෙන සිහියකද....ඕයි.... අහ් අහ් ගාන්නෙ මොකද බාගෙට රෙදි ඇදපු කෙල්ලෙක් වත් ඉන්නවද ලග..ඒයි බූරුවෝඕඕ....ම්... "

ආපහු ව්‍රෝන්ග් සයිඩ් ගිහින් ...මේ මනුස්සයගෙ කට නම්...හම්බෙන කොල්ලට අබ සරණයි... ඉන්නව බාගෙට රෙදි ඇදපු කෙල්ලෙක් නෙවෙයි .... මේකි කියන ඒව මේ කොල්ලටත් ඇහෙනවද දන්නෑ මං වොල්‍යුම් අඩුම කලා

"ඔ...ඔහ්..ඉ...ඉන්නව යකූ ඇයි දෙයියනේ කෑ ගහන්නෙ.."

"කෑ ගහන්නෙ... අනේ මේ මගෙන් අහගන්නෙපා මුකුත් "

"මේ සිග්නල් අවුලක්... ඒ...ඒකයි

ඇහුන්නැත්තෙ දැන් ඇහෙනවා..."

මං ඒක කියද්දි මං ලාවට දැක්කා කකුල දිහා බලන් ඉන්න විනුද්ගෙ කට කොනේ අර වොශෲම් එකේදි වගේ හිනාවක් ඇදෙනවා....

විනාඩි දහයක් විතර වල් පල් කියව කියව ඉදල ගානක්ම නෑ වගේ අන්තිමට මේකි කියපු දේත් එක්ක මාව කන්ෆියුස් උනා...

"ඇහ්....කවද්ද"

" ලබන සතියෙ වගේ "

" එ..එතකොට ..."

"එතකොට කියන්නෙ ඉතින් මං ආපහු මාස දෙකකින් වගේ එනවා"

"ම්ම්"

"අනේ සුද්දෝ"

"නෑ නෑ කමක් නෑ... මේ මං තියන්නම්..."

"යකෝ මූ පේන තෙක් මානෙකවත් නෑ ඉතින් මං මෙහේ හිටොයත් රටින් පිට හිටියත් එකයිනෙ වෙනසකට තියෙන්නෙ කෝල් එකක්වත් ගන්න බැරි එකනේ..."

" ගිහින් ඇවිත් ම කියන්න තිබුනෙ ...මං තියනවා"

මෙලී කැනඩා යනවලු මොකක්ද ට්‍රේනින් එකක්ලු...ඒත් ඇයි කෝල්ස් බැරි... මහ පුදුම එකක්නෙ ඒක...එතකොට මට කවුරුත් ම නෑනේ .... කමක් නෑ මෙලීට උනත් හැමතිස්සෙම මාත් එක්ක ඉන්න ඒකි බැදිලා නැනෙ ....අම්මත් පොඩි කාලෙදිම එපා කියපු එකේ තාත්ත කියන එකා මාව විනාසම කරල.. නෑ නෑ තාත්තා එහෙම කලේ නෑ...ඒ මගේ තා..ත්තා ඒත් කොහොම උනත් මෙලී මං වෙනුවෙන් කරපුව වැඩිත් එක්ක ....ඒත් මට දුකයිනෙ

හැමදේම තාවකාලිකයි... මටත් නොදැනීම ලොකූ හුස්මක් පිටවුනා කෝල් එකත් කට් කරල බලද්දියි දැක්කෙ විනුද් තාමත් එතන.... මට මතකත් නෑ අතේ තුවාලෙත් බැන්ඩේජ් කරල ඉවරයි ....එයාට ඇහෙන්නැති මෙලී කියපුවා... මං ඇස් තද කරල පිහිද ගත්තා ...ඇස් දැවිල්ලයි වගේ.... ඒත් ම්හුම් කදුලු නැහැ ආයෙත් කදුලු එන එකකුත් නැති වෙයි...

පෙරේදා රැයින් පස්සෙ නෙවෙයි ඊට කලින් ඉදන්ම කදුලු මගේ ඇස් වලින් ආවෙ කලාතුරකින් ....රිදෙන්නැතුව නෙවෙයි රිද්ලා රිදිලම තවත් රිදෙන්න තැනක් නැතුව ඇති අවාසනාව කර පින්නාගෙන ආවම ඕම තමයි ඉතිං.... බලද්දි හෙන විතරයි ගහලා නැත්තෙ...

එදා අම්මා මාව දාලා යන දවසෙ මං හිටියෙ හොස්පිට්ල් එකේ ඉස්කෝලෙදි වලියක් ගිහින්..... එයා යන්නම් කියන්නවත් නාව එක මාව මාස දෙකහාරකටත් වඩා පණ පිටින් පුච්චද්දිත් මං දරාගත්තා.... ඔව් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක මොකක්ද කියල ..ඒත් හැමදාම තාත්තගෙ රණ්ඩු එක්ක ඒවා මැදට ඇදිල ගිහින් මාව නොමැරී මැරෙන එක වගේම හැමදාම ඉස්කෝලෙදි මාව හේතුවක් නැතුවම බුලි වෙන එකත් එක්ක මං හිටියෙ වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිලා .... චිත්‍ර අදින එකට කොච්චර ආස උනත් මගේ චිත්‍ර වල මොකක්දෝ හේතුවකට කදුලු පිරිලා තිබුනා වෙද්දි .. මං වෙනුවෙන් ඉදියි කියල හිතපු එකම මනුස්සයත් ගනන් ගන්නෙවත් නැතුව මාව දාල ගියාම අවුරුදු දහයක්වත් නැති පොඩි කොල්ලෙක් ඒවා කොහොම දරාගන්නද කියල හිතන්නවත් කාටවත් ඕනි උනේ නැතිවෙන්නැති... මගේ නිකන් ම කදුලු පිරුනු චිත්‍ර අලු පාටින් විතරක් පාට වෙන්න ගත්තා....

එදායින් පස්සෙ තාත්තා මං දැකපු ජරාම මනුස්සය වෙද්දි කාමරෙන් ඉස්කෝලෙට ඉස්කෝලෙන් කාමරේට එන එක මගේ ජීවිතේ උනා .... මට ඕනි උනේ නැහැ අවුරුදු 13ක් ඒ ජරා ඉස්කෝලෙ යන්න ...ඒකයු මං ඉක්මනට ම degree එකත් කම්ලීට් කරන්න වැඩ කලේ....ඒත්...මං හිතුවා තවත් නැහැ කියල...මං ලොකු කොල්ලෙක් අවුරුදු 18 ඉවර උන ගමන්ම මෙහෙන් වෙන රටකට යනව කියල ඒත්....මට මා..වවත් පරිස්සම් කරගන්න බැරි උනා...

හැමදාම උනේ දේවල් මගෙන් ඈත් උන එක... ඒත් මං අදටත් හුස්ම ගන්නව හැමදේම වෙන්නෙ හොදට කියල හිතල නෙවෙයි හැමදේම වෙන්නෙ හේතුවකටනෙ කියලා.....

දන්නෑ කොහොමද කොයිවෙලාවෙද කියල ඒත් මං හිටියෙ හරි ශක්තිමත් අත් දෙකකට මැදි වෙලා ... මගේ ඉවරයක් නැති සිතුවිලි එක්කම සිහියත් කොහේදෝ ගිහින් තියෙද්දි මං හිටියෙ පැතලි බඩකට ඔලුව හාන්සි කරගෙන ...ඒ එක අතක් මගේ උරහිසක තියෙද්දි අනිත් අත සනීපෙට කොන්ඩෙ අස්සෙ යන්නෙ හරියට සැනසීමක් වෙනුවෙන් වගේ ඒත් කාටද... ඒ පපුව ඕනවටත් වඩා හයියෙන් ගැහෙන සද්දෙ ඇහෙද්දි....ඒ සැනසීම ඒ උනුහුමේ අයිතිකාරයටත් ඕනි ඇති කියල මට තේරුනා.....ඒත් ඇයි මං මෙහෙම ඉන්නෙ ...දැන ගෙනත් අයින් වෙන්න ඕනි කියල ඒත් මං කලේ මගේ හිත කරන්න කියපු දේ ද කියල හිතෙද්දි මං එතනින් එකපාරටම එහාට උනා....

" දේවල් සිද්ධවෙන එක අපිට නවත්තන්න බැරි වෙලාවල් එනවා... ඒ වෙලාවට ඒ දේවල් එක්ක බොරුවව්ට හැප්පෙන්න යන්නැතුව ටිකක් පැත්තකට වෙලා ඒ දේවල් වලට ඉඩ දීලා බලන්න... ඔයා හිතනවට වඩා දේවල් වෙලා තියෙන්න පුලුවන් "

"......"

මං ඇදෙන් නැගිටලා ටිකක් එහාට වෙලා උඩ බිම බලද්දි එයා ලගට ඇවිත් එහෙම කිව්වෙ මගේ කොන්ඩෙ අවුස්සල දාලා... ඒ කතාවට මං එකගයිද නැද්ද කියන්න මං දැනන් හිටියෙ නෑ..කොහොමත් හැමදාම වෙන්නෙ හිතන දේවල් වලට වඩා හාත්පසින් ම වෙනස් දේවල් කියන්න මං දැනන් හිටියා...

" ම්ම්...කෙල්ලොත් එක්ක හුරතල් වෙලා ඉවරයි නම් උදේට කන්න යමු... කෙල්ල දාල යනව කිව්වෙ නෑනෙ මොකාදවගේ සුසුම්ලන්න"

තරහක් මවාගෙන වගේ ඒ ටික කිව්වත් ඒ වචන වල ඇත්තටම තරහක් අකමැත්තක් තිබුනදෝ කියල මට හිතුනා...

උත්තරයක් විදිහට මං රවල අහක බලා ගත්තා..

"........"

"ම්.. ක්.කෝ නැන්දා"

" අම්ම හේන දිහාට යනව කිව්ව...එද්දි දවල් වෙයි කිව්ව...ඒක නෙවෙයි ..ඇත්තද මෙහේ ඉස්කෝලෙ උගන්නන්න හදනව කියන්නෙ..."

"ම්ම්...ආහ් ඔ..ඔව් ඔයා නම් මැත්ස්නෙ ..... මේ ඇත්තටම ඔයාටත් මාව මතකයිද"

මෙච්චර වෙලා රවන් ඉදල මූ හොදින් කතා කරන්න ගනිද්දි මට මහ අමුතු සතුටක් දැනුනා ... මං උගන්නනවද අහද්දි  නිකන් සැකෙන් වගේ මාව මතකයිද ඇහුව වෙද්දි  එයා නලල රැලි කරල මං දිහා බැලුවා.. එහෙම අදුරන්නෙවත් නැත්තන් මෙච්චර හොද ට මට සලකන එකක් නෑනෙ...අනික ඊයෙ හිටියෙත් රවාගෙන .....

"ම්ම් මිනිස්සු ඉක්මනට අමතක කරල දාන්නෙ තමන්ට වැඩක් නැති දේවල්ලු...."

අනේ රෙද්ද මොකක්ද ඒ කිව්වේ... හින්ටෙකක් නේද...... ඉතින් වැඩක් තියෙය් ද කියන්නවත් මට මතක තියෙන්න එපැයි... ඒක නෙවෙයි ද එයත් කිව්වෙ... එතකොට මං කිව්වෙ අනිත් පැත්තටද... හැබැයි ඒක ඇත්ත වෙන්නැති .... යද්දිවත් නොකිය ගියපු අම්මටත් මාව අමතක වෙලා ගිහින් තියෙන්නැත්තෙ..කෝල් එක නිසා මතක් වෙන්නැති....

...............................................................

"අනේ...හ් අ..ප්පච්...චි... ඔ ඔයා දන්නව නෙ ම..මං කියන්..න ඕනිනෑ..නෙ එ..එයා"

"හරි ලොකූ දැන් හැමදේම වෙලා ඉවරයිනෙ උබත් මැරුනෙ නැති ටික විතරනෙ බං... අනිත් එක දැන් කොල්ල පරිස්සම්නෙ"

"මට ඒක දරාගන්න අ..මාරුයි අප්පච්චි..

ම..ගෙ එකාව එහෙම ද..කින්න ඕනි උනේ නෑ අප්පච්චි .... ඌ කොහොම දරාගන්නැද්ද දෙයියනේ "

විනුදි ඉස්කෝලෙ ඇරිලා ආවම දවස්ම මං හිටියෙ කෙල්ලත් එක්ක.. ඉස්කෝලෙ උන දේවලුයු...මං ගැන විස්තරයි ...ගම ගැන දේවලුයු ඕපදූපයු කියව කියව ඉදලා රෑට බතුත් කාලා මං කාමරේට යන්න ගියත් ඉස්සරහ කොනේම කාමරේ බිත්තිය ලග ඇදල තිබුන චිත්‍රයක් දැකපු නිසා මං ඒක ලගට බලන්න එතැන්ට යද්දි මට ඇහුනෙ ඉකි ගහන සද්දයක්... ගොරෝසු කටහඩකට පොඩ්ඩක්වත් නොගැලෙපෙන ඒත් හරි අමාරුවෙන් ඉකිය පාලනේ කරන් කතා කරන්න හදන කටහඩක් ....... උදේ කෑම කාලා රවුමක් දාන්නද කොහෙද යනව කියල ගියපු මනුස්ස්සය ආවෙ කීයටද කියන්නවත් මං දැනන් හිටියෙ නැත්තෙ රෑට කන්නවත් මේසෙට නාපු නිසා...

මාමත් දවල් ඉස්කෝලෙ ගිහින් ආපු ගමන්ම හේනටද කොහෙද ගියපු ගමන ආවෙ හවස වෙද්දි.. ඒ කතාව ගැන මට දැනුනෙ කුතුහලයක් ද මොකක්ද මන්දා

මට ඒ කටහඩවල් අදුරගන්න පුලුවන් උනත් ඇයි ඒ කියන්නවත් ඒ කියන්නෙ කවුරු ගැනද කියන්නවත් මට තේරුනේ නැති නිසා අනුන්ගෙ කතා අහන එක හරි නැති දෙයක් නිසත් මං එන්න ආවා ....මොකද කලිනුත් ඇහෙන්න ඕන නැති දෙයක් ඇහුනෙත් මං හොරෙන් අහන්න ගිහින් වෙද්දි මට තවත් වතාවක් එහෙම වෙන්න ඕනි උනේ නැති උනත්.....

මගේ කකුල් මුරණ්ඩු උනා... මගේ පපුවත් ඇතුලෙන් රිදෙනවා වගේ.... දැනුනා... නිකන් මගේ පපුව ඇතුලෙ ඉන්න කෙනෙක් ඉකිගහනවා වගේ දැනුනා වෙද්දි ...මාව ගල් උනා වගේ උනා..

සමහර විට මගේ එකා කිව්වෙ යාලුවෙක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි නම් ඒ කෙනෙක්ට කරදරය්වත් වෙලා ඇති කියල හිත කියද්දි... මට මොකක්ද යකෝ ඒ දැනෙන අමුතු විකාර හැගීම... උබට පිස්සුද බල්ලෙක්වත් උබ වෙනුවෙන් ඔහොම දුක් වෙන එකක් නෑ බන් ..එදා හොස්පිට්ල් ඉද්දිත් ගානක් නැතුව අම්ම මාව දාලා ගිහින් තිබුන එකේ..රෙද්ද .....හැම මගුලටම ඕකනෙ මතක් වෙන්නෙ උබටත්... ඔය අඩෝවැඩියාව නවත්තගනින් රෙද්ද...

එක්කො මහ ලොකු අම්ම නැත්තන් තාඤ්ඤා රෙද්ද...

"හරි බන් ඔහොම ගෑනි මැරුන මිනිහා වගේ අඩල හරියනවද.... කොල්ලෙක් නේද මගේ නම්බුවත් කනවා .... වෙලාවට අම්මව ශේප් කරගත්තෙ බලපන් මගේ ඇක්ටින් නලුවො පරදයිනෙ"

"ම්ම්ම්..අම්ම නම් කවදාවත් තේරුම් ගන්න එකක් නෑ.. කොහොම හරි .. මට ඒ තිරිසන්නු මරල දාන්.."

"මහත්තයා ... මහත්... ක්...අහ් පුතේ මාමව දැක්කෙ නැද්ද"

"න්..නෑ නැන්දේ

"කොහේ ගිහින්...."

"ම්...මං නිදාගන්න යන්නම් ....ගුඩ් නයිට් නැන්දේ..."

"හරි ගුඩ් නයිට් පුතේ"

කිව්ව දිව්ව වගේ මං කාමරේට දුවගෙන ඇවිත් දොර වහගත්තා... නිකන් කතා අහගන්න ඕනි නෑනෙ අනුන්ගෙ ඒවා අහන් ඉන්න ගිහින් ....

විනාඩියක් දෙකක් නෑ විනාඩි 20ක් විතර යන්නැති... මට ඇහුනා කාමරේ දොර හෙමින් ඇරෙනවා.... කලුවරයි ...කලින් වගේම ....ඒත් අද කැන්ඩල් එකක්වත් එලියක් නෑ.... ටේබල් ලෑම්ප් එක අනේ ඇයි ඒක ඔන් වෙන්නැත්තේ ....එදා උන දේවල් ආයෙත්.... ඔව් ඒකෙ ඉවරයක් නැහැ.... දැන් ආපහු..... අනෙහ්..... හැමදාම වගේ අදත් කවදාවත් මං වෙනුවෙන් නොහිටපු දෙවියෙක් මතක් කරන් මං උදව් ඉල්ලුවා.... කලින් වගේම මගේ සිහිය මාව දාල යනවනම් ආයෙ ඒක එන්නෙපා කියල මං ඉල්ලුවා අනේ මට මහන්සි දැන් මේක තවත් එපාආආ...

"එ එ..පා අනේ ප්ලීස් ...ම්..මට ප්..පාඩුවෙ ඉන්න දෙන්න්...මෙ... හෙම ක්...කරන්න එපා....ම්.. මට බ..ය..යි"

ඒත්

එකපාරටම ඒ මොකක්ද ඒක හරි හුරුයි වගේ ... ශක්තිමත් අත් දෙකක්... බයක් වේදනාවක් පිලිකුලක් වෙනුවට මට දැනුනෙ පරිස්සමක්වෙද්දි එයා මුමුනනව මට ඇහුනා...හරියට අඩන පොඩි දරුවෙක්ව නිදිකරවන්න හදනව වගේ....

"ඇයි මැණික මේ...ශ්...කවුරුත් මෙතන නෑ මැණික ..... කරන්ට් එක ගිහින්නෙ...ඔයා නිදාගන්න...ම්ම් මං ඉන්නවනෙ ම..ගෙ මැනික ලග...දැන් නිදාගන්න පැටියෝ...."

ඔව් මට එයාව හොදටම දැනුනා කලිනුත් මෙයා ආවද... මොකක්ද මේ වෙන්නෙ... ඒක හරි හුරුයි .....

ඒ ත් ක්..කවුද ... මට මතක නැහැනෙ

කොණ්ඩෙ අස්සෙන් සනීපෙට අරන් යන අතක් එක්ක මගේ ඇස් සනීපෙට පියවෙනවා දැනුනා වෙද්දි දැනුන උනුහුමයි පරිස්සමයි එක්ක මං ඒ උනුහුම් පපුව අස්සට තව තුරුල් උනා.....

" ම්...මාව දාල යන්නෙපා ප්ලී...ස්"

<

3🤍

---------------------------------------------------

---------------------------------------------------

-----------------

🌼🖤

Share This Chapter