Back
/ 41
Chapter 4

හතරවෙනි කොටස

No more | Ongoing

සුපුරුදු විදිහට හැමදාම වදින එලාර්ම් එකේ සද්දෙට මං ඇස් ඇරියා....

අමුතුයි වෙනදට වඩා ...

ඒත් ඒ වෙනදට දැනෙන මූසල හැගීම දැනුනෙ නෑ... මං ටිකක් වෙලා එහෙමම ඇදේ ඇද විට්ටමට හාන්සි වෙලා මේ වෙනකන් උන දේවල් කල්පනා කලා ...

තා..ත්තා මට තාමත් ඒ ඇහුන දේවල් විශ්වාස කරන්නද කියල හිතා ගන්න බැහැ .... මං දන්නව තාත්තගෙ චරිතෙ හොද එකක් නෙවෙයි කියන්න වගේම එයා මං ගැන ආදරෙන් හොයල බැලුවෙවත් කිසිම තැනකදි මං වෙනුවෙන් හිටියෙවත් නෑ කියන්න.. හැම වෙලාවෙම වෙන පුංචි ම අත්වැරද්දකටත් එයා කේන්ති ගත්තු තරම ටම මගේ ඇගේ තද රතු පාට මා'ක්ස්  තිබ්බ කියන්නත්... ඒත් එයා මට අඩුපාඩුවක් තිබ්බෙ නෑ අන්න ඒකටයි මට උගන්නපු එකටයි අම්ම කියන කෙනා මාව ඇතෑරියත් මාව අනාතයෙක් නොකර අතෑරපු නැති එකයි නිසා මොනදේ කලත් මට ඒ මනුස්සය ට වයිරකරන්න බැරි වේවි ... එතකොට සමාවක්ද... නැහැ ....හිස් හැගීමක්....ඒක හරියට අලුපාට ලොකු හිස් තැනක් පිරුනු හැගීමක්  හරියට මගේ මුලු ජීවිතේ ම වගේ....

ඒත් ආපහු මං ජීවිතේ පටන් ගන්න ඕනි...

අලු පාටයි රතු පාටයි ජීවිතේම කරගන්න තීරණේ කරපු මං අදින හැම චිත්‍රයක්මත් පාට උනේ අලු පාටිනුයි රතු පාටිනුයි වෙද්දි කවදාවත්ම  වෙන පාටකට ඉඩක් නොතිබුනු මගේ ලෝකෙ ඇතුලෙ තවදුරටත් මගේ ජීවිතේ ඇතුලෙ ඉඩක් නැතත්  මගේ පාට පෙට්ටිය ඇතුලෙ මගේ චිත්‍ර ඇතුලේ මං අනිත් හැම පාටකටමත් ඉඩ දෙන්න තීරණේ කලා......  ගුරුවරයෙක් විදිහට

ඔව් මං ලබන සතියෙ ඉදන් ම මේ ගමේ ඉස්කෝලෙ චිත්‍ර ගුරුවරයෙක් විදිහට වැඩ භාර ගන්නවා... ඒකට කාට පිං දෙන්නද කියල මට හිතාගන්න බෑ.... හේතුවක් ඇතුව හරි නැතුව හරි වාසියකට හරි නැතුව හරි මේ එකපාරටම මගේ මාම කියල ඇවිත් මට නවතින්න ඉඩත් දීලා මාව එයාලගෙම පවුලෙ කෙනෙක් කරගන්න හිතපු මාමට ද.... නැත්තන් මෙච්චර දවසක් උන්නද මලාද නොබලපු ඒත් එක්පාරට මගේ හීනෙට උදව් කරන්න හිතපු අම්මටද . ....නැත්තන් කලින් නොවදිනා වැදුම් වැදලා campus එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඉඩ හදාගන්න වෙලත් මේ එකපාරටම මෙහෙම ආපු එක දැනගෙනත් මුකුත් ම නොකියපු තාත්තා කියන මනුස්සයටද කියල ....

එතකොට ඇක්සිඩන්ට් එක..

"ආ මෙතන භාගයක් තියෙය් "

"හහ් හරි ඇමැතිතුමා"

"ඇත්ත ම කතාව බං... මට තමුසෙගෙ කොල්ල තරම් වෙන  හොද එකෙක්වත් සෙට් වෙලා නෑ ..."

"ආහ් කොච්චර දෙයක් ද ඉතින් ඒක ඇමැතිතුමා "

"එහෙනම් ඩීල් එක ඕකේනෙ?"

"ආහ්...ම්ම් මො...."

දෙයියනේ මොකක්ද ඒ මට  එදා ඇහුනේ...

'නෑ නෑ අනේ එහෙම නෙවෙයි' හිත කිව්වෙ ම ඒක

'ඒ ඇහුන දේවල් ඇත්ත නම් වෙන්නෙපා දෙවියනේ' මං බොරුවට ප්‍රාර්ථනා කලේ ඒ වෙනකන් මං මැරෙන්න බැරුව මගේම රතු පාට ලේ ගොඩක විදවද්දි  මං වෙනුවෙන් නොහිටපු දෙවියෙක්වත් මතක් කරල .....

'එ... එත ...කො ට තා...ත්...තා නෑ ඒත් මට ඇහුනානේ'

මගේම හිත මාත් එක්කම තර්ක කරද්දියි මං ඔහේ ගෙදරින් එලියට බැහැල පාර දිගේ ඇවිද ගෙන ගියේ

එතකොටයි කවදාවත් ම ඩයල් නොකරපු ඒත් නංගි එවල තිබුන අම්මගෙ කියන නම්බර් එක මං ඩයල් කලේ ....

ඇයි ඒ කවදාවත් නැතුව මං එහෙම කලේ කියන්න මං දන්නෑ ඒත් මට ඕනි උනා එයාට කියන්න' අනේ ඒ මගේ අම්මනෙ දෙයියනේ ... එ...එයා මා....ව අතාරි...න්නෙ කෝමද... ' ඒත් නෑ එයත්   හිටියෙ නෑ... එතකොට මෙලී ... ඒකිගෙ පෝන් එකත් ඕෆ් ....

මට කරන්න ඕනි මොකක්ද කියලවත් සිහිය ක් තිබුනෙ නෑ... කලින් බිදිලා ගිහින් තිබුන නිසා මේ වචන ටිකත් එක්ක මං කුඩු වෙලාම යන්නැති ... ඉතින් දරාගන්න අමාරු වෙන්නැති... එතකොටයි මං දැක්කෙ මගේ පැත්තට ආපු සුදු පාට ලොකු එලියක්... පස්සෙ ඇස් අරිද්දි මං හිටියෙ හොස්පිට්ල් එකේ මමියක් වගේ අත් කකුල් එක්ක ඔලුවත් ඔතාගෙන ....

ටොක් ටොක් ටොක්...

කල්පනා ලෝකෙක හිටපු මං මේ ලෝකෙට ආවෙ කාමරේ දොරට තට්ටු කරපු සද්දෙට...

මගේ ඇස් වල දැවිල්ලක් ආපු නිසා මං ඇස් දෙක පිහදාගෙන ඇදෙන් නැගිටලා කණ්ණාඩිය ලගට ගියා

අම්මෝ මේ තුවාල රිදෙනව අප්ප රෙද්ද  කරුම ගෙවන්න ඉපදුනාම ඔහොම තමයි ....හරියට ඇවිදගන්නත් බෑ වගේ

ආහ්...ම..ගේ ඇස් ඒ .....වා රතු වෙලා නෑනෙ .. එතකොට මං අඩල නැද්ද.. හැමදාම රෑ එලිවෙනකල්ම හීනෙන් මං අඩන නිසා උදේට රතු වෙන ඇස් අද රතු වෙලා නෑ කියල දකිද්දි මට හිතාගන්න බැරි උනා කොච්චර කොහොම උනත් මට හීනයක් දැක්ක කියන්න විතරයු මතක මොකක්ද හීනෙ කියන්න  මතක තියෙන්නෙ නැති කොට ....සමහර විට  මේ අලුත් ජීවිතේ පටන් ගන්න එකත් එක්ක ආපහු ඒ ජරා වේදනාව මට දැනෙන එකක් නෑ කියන හැගීම නිසා මං ඒ ජරා හීන ආපහු දකින එකක් නැති වෙ.....

"සුදු අයියේ....  තාම නිදිද හලෝ... මේක අරිනවකෝ ලොක් කරලනෙ ම්හුම්"

" ආහ් ඉන්න .."

මොන මගුලක්ද අප්පා මේක ලොක් කරාම අඩබෙර ගැහුවත් ඇහෙන්නෙ නෑ....

"අනේ සොරි ඉතින් මං ඇහැරිලා හිටියෙ මේ තුවාල නිසා එකපාරට නැගිටගන්න බැරි උනා "

ඒ විනුදි... ඉස්කෝකොලෙ යන්න ලෑස්ති වෙලා...

"ම්ම්ම්..අනේ ඔයා වොශ් දාද්දි මං උදව් කරන්න්ම්ද .. මේ ..... මං... කමක් නැද්ද... එහෙම....."

තුවාල රිදෙනව කිව්ව නිසාද කොහෙද කෙල්ලගෙ හිනා මූන දුකින් පිරුනා... පස්සෙ ගොත ගගහ මාව වොශ් දාවන එක ගැන කියද්දි මට හිනත් ගියා ඒකි කෙල්ලෙක්නෙ... ඒත් එක්කම ආපු කටහඩක් කෙල්ලගෙ කතාව  මැද්දෙන් පැන්නනනෙ..

"ඇයි තමුසෙ කෙල්ලෙක් කියල අමතක උනාද ... හරියට අදුරන්නෙවත් නැතිඑකෙක්ට අයියා කිය කිය නාවන්නත් අහන්නෙ  ලැජ්ජාවක් නැද්ද කණ පලා ගන්නැතුව ලෑස්ති උනානම් ඉස්කෝලෙ යනවා"

ඒ අර ඊයෙ දැකපු වෙලේ ඉදන් මට රවාගෙන හිටපු විනුද්කාරයා ...අම්මෝ මුගෙ සැර.. පව් අනේ කෙල්ල ගැස්සුනත් එක්ක මගේ දිහත් බලලා හිමීටයන්නම් කියල  එතනින් ගියා මූ හිතන් ඉන්නෙ මං මොකෙක් කියලද... මූට දෙකක් අනින්න මං හිතාගත්තෙ ඊයෙදිමයි....මට මුකුත් කියන්නවත් බැරි උනා...

"එතකොට තමුසෙ... හරි ආස ඇති නේද කෙල්ලෙක්ට කියල නාව ගන්න "

ශික් මූ යෝධයා වගේ මූනටම එබී ගෙන කෑගහන හැටි .. මං පොඩි නෑ මූ බොඩිබිල්ඩරයා වගේ හැබැයි ගානට ඇග...කඩවස්... මොන මගුලක්ද ඒ ගමන මං හිතන්නෙ ...මූ කතා කරපු හැටි... මට තරහත් එක්ක..ඒත් මං තරහ ගන්නෙ කොහොමද මේක එයාලගෙ ගෙදරනෙ...ප්

"මුලින්ම හරියට කතා කරන්න පුරුදු වෙනවා මොන දේ උනත්....අනික මං තමුන්ටවඩා වැඩිමල්... අනිත් එක තමයි

විනුදි ඇහුවෙ උදව් කරන්න හිතාගෙන ....අනික මං තමුසෙ හිතනව වගේ එකෙක් නෙවෙයි ඒ නිසා දේවල් කතා කරද්දි හොයල බලල දැනගෙන කතාකරනව ...අනිත් එක තමුසෙ ල් අය්..."

"කට වහගෙන එනව ...මං කතා කරන්නෙ මට ඕන විදිහට "

මේ යකා මට කතා කරන්නත් නොදී මාවත් එහාට කරගෙන මගේ කාමරේ ඇතුලට ගියා

" ඒයි කොහෙද ය්..."

"ඇයි දැන් තමුසෙ ඊයෙත් නාලා නෑනෙ එනව අදවත්  තනියෙම බැහැනෙ නේ"

"නාන්න...මේ උදේ පාන්දර"

ලෙක්චර්ස් දවසට උදෙට ඇග හෝදන්නෙත් බොහොම අමාරුවෙන් නාන්නෙ කොහොමද අනික මෙහේ හරි සීතලත් එක්ක....

ඉතින් කිව්වා නෙවෙයි කියවුනා

මගේ දිහා උබ මොකෙද්ද වගේ බලාගෙන ඉදලා මූ වොශ් රූම් එකට රිංග ගත්තා ටැප් එක අරින සද්දෙ ඇහුනා මාත් එතෙන්ට ගියේ මට තනියෙම පුලුවන් කියන්න ....

"මේ මට තනියෙම පුලුවන් දැන් තුවාල එච්චර අව්..."

"මං එනකන් දත් ටික මැදගන්නව"

කිව්ව එලියට ගියා ... එකෙක් කතා කරනකන් ඉදපන්කො කොහෙද ඉතින් ....

මාත් ඌ ගියපු දොර දිහා බලාගෙන ඉදලා දත් මැදගන්න ගියා ඒත්...එතකොටයි මතක් උනේ...

මගේ ඇග....අනේ...

ඒකෙ තාත්තගෙ බෙ..ල්..ට් පාර..වල්... අර ජරා මා'ක්ස් තද රතු දම් වෙලා නිල් වෙලා ගියපු මා'ක්ස් මදි නොකියන්න ඇති...

ඒවා දැක්කොත් මූ හැමෝටම කියාවි එතකොට මං මොකක්ද කරන්නෙ ... ම්හුම්... මං ගැන නරක විදිහට හිතාවි...

අ..

"කෝ ඕක ගලවනවා"

"ආහ් .."

වෙන සිහියක හිටපු නිසා ඇහුන කටහඩින් මං ගැස්සුනා ඒ කටහඩ හරි ගොරෝසුයි තාත්තගෙ තරහ ගියපු කටහඩ වගේ

"ඇයි තමුසෙ කෙල්ලෙක් වගේ ඇබරෙන්නෙ... තමුසෙට තියෙන ඒවම තමයි මටත් තියෙන්නෙ විකාර නොකර ගලවනව ඕක..."

මට බෑ දෙයියනේ එ...හෙ..ම උනොත්...

"මේ ...ම්ම්...මං ම්.."

" මොකක්ද කියන්න හදන්නෙ...

කෝ ඕක ගලවනවා බලනවා තමුසෙගෙ ඇග දිහා හීනෙන් ඇග හූරගන්නවද නැත්තන් චණ්ඩිකම් කරන්න යනවද හැමතැනම තුවාල..."

මො...කක් ඇයි එහෙම කිව්වෙ...බලන ඕනි එකෙක්ට පේන්න දත් පාරවල් පවා තියෙය් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට විශේෂයෙන් ම මේ වයසෙ කොල්ලෙක්ට තේරුම් ගන්න අමාරු වෙන්න බෑ ඒ මා'ක්ස්  මොනාද කියන්න....

ඔව් එයා බලෙන්ම මගේ ටීශර්ට් එක ගලවන ගමන් කියද්දි මං ඒකට ඉඩ දුන්න ... හීනෙන් හූරනවද අහන්නෙ හීනෙන්වත් පුලුවනෑ පිට හපාගන්න.. චණ්ඩිකම් කරන්න යන එකනම් ටිකක් හරි සැටිස්

මං එයාගෙ දිහා බලාගෙන හිටියෙ පුදුමෙන් වගේ...

"ම්ම්ම් දැන් සීතල නෑ"

ආහ් උණුවතුර ... එයා උණුවතුර ගෙනල්ල....  මෙහේ හොට් වෝටර් ශවර් නෑ ඉතින් වතුර උණුකරලායි ගන්න ඕනි....  රවාගෙන නපුරු පාටට හිටියට හිත හොද කොල්ලෙක් වගේ...

මං තෑන්ක්ස් කරන්න ඕනි උනත් මට වචන හම්බුනේ නෑ..

එයා මගේ ටීශර්ට් එක ගැලෙව්වත් කලිසම ගැලෙව්වෙ නෑ ඒ වෙනුවට එතන දොර ලග තිබුන ටවල් එකදුන්නා...

"ම්ම් ඕක ඇදගෙන කලිසමත් ගලවලා මෙතනින් ඉදගන්න "

මං ඉතින් කියපු විදිහට කලා මුකුත් ම නොකියා... මට නිකන් තේරුනා එයා මෙතන ඉන්නෙ අපහසුවෙන් කියලා... මටත් අපහසුවක් දැනුනා  .... ඒත් ඉතිං මෙයත් විනුදි වගේනෙ... අනික මේලිත් මාව නාවලා ඇති... එයා කෙල්ලෙක් වෙලත්... ඉතිං විනුද් කියන්නෙ කොල්ලෙක්නෙ.. මොකටද මං ලැජ්ජ වෙන්නෙ අනික දැන් මූමනෙ කිව්වෙ ඔයාට චියෙඤ ඤේවා ඤමයි මඤත් ඤියෙඤ්ඤෙ කියලා.... ඒත් මූ මං දිහා කෙලින් බලන්නෙවත් නෑ.. ඇල් වතුර පුරවපු බේසමට උණුවතුර දාල නිසා සීතල දැනුනෙ නෑ..  එයා හෙමීට අතයි කකුලයි තෙමෙන්නෙ නැති වෙන්න ඇගට වතුර දැම්මා ඒකත් නිකන් අහක බලාගෙන වගෙ මං ඒ මූන ඒ ඇස් දිහාම බලන් හිටියා...

එයා ලස්සනයි නෙවෙයි එයා කඩවසම් අවුරුදු 18 ක් කිව්වට ඊට වඩා පෙනුමයි අත්වල නහර පෑදිලා තිබුනා ටීශර්ට් එකට අත් වල මශල්ස් ලාවට වගේ පෙනුනා ඒ ඇස් තද කළු පාටයි ඇහැ කොනේ බර්ත් මාර්ක් එකක් තිබුනා... ඒත් ඒ හිතේ මොන වගේ දෙයක් අතිද කියල මූනෙන් කියවන්න බැරි කමක් තිබුනා හරියට හිතාමතාම හෑගිම් හංගගෙන වගේ.... මං චණ්ඩිකම් කලාද ඇහුවට මූ නම් දැක්ක ගමන් මැරයෙක් කියල පේනවා

ඒත් ඇයි මං එච්චර එයාගෙ පෙනුම ගැන හිතුවෙ

"කෝ ඔය කටවහගන්නවා

ම්ම්ම් ඔය හංගන් ඉන්න තැන් වල ගාගන්නවා"

"ම්ම් මො...කක්ද"

" ඇයි සිහි නෑනෙ මං අනිත් හැමතැනම සබන් ගාල තියෙන්නෙ..කෝ එහෙනම්  එතනත් මංම ගාන්නම් "

" නෑ එපාහ්..."

හරි සිහියට ආවත් හරි මේකා කියපු දේත් එක්ක මං ගැස්සුනා කට වහගන්න කිව්වෙ මං කට වහන් තමයි හිටියෙ.. සබනුත් ගානකන් දැනුන්නෑ කියන්නෙ මං ඉදල තියෙන්නෙ වෙන ලෝකෙකනෙ..

මං බයවෙල වගේ හයියෙන් එපා කියද්දි මේකා මගේ දිහා කෙලින් බලාගෙන කට කොණින් හිනා වුනා නිකම් නෝන්ඩියට වගේ ....

නාල ඉවර උනාම මං වෙන ටවල් එකකුත් ඇදගෙන කාමරේට ආවෙ විනුද් මගේ අතින් අල්ලගෙන අනිත් අත ඉන වටේ දාලා... වාඩි වෙලානෙ නෑවෙ ඉතින් කකුල හිරි වැටිලා වගෙව්.. එයා එනකන් ඇදුම් ඇදගන්න කියලා ඌ කාමරෙන් එලියට ගියා....

පස්සෙ මං ශෝර්ටකට ටී ශර්ට් එකක් දාගත්තා....

විනුද්... දැන් මට තව යාලුවෙක් හම්බුනා වගේද...අනේ එහෙම වෙනව්නම් මරුනෙ....

ඒත් ඒක හරි අමුතුයි වගේ මෙලී එක්ක ඉද්දි දැනුන දේවල් එක්ක බලද්දි මේ ඊයෙ අදුරගත්තු පොඩි කොල්ලෙක් ලගදි මට මාවම කන්ට්‍රෝල් නැති ගතියක් වගේ දැනුනනෙ ... සමහර විට ඒ කොල්ලෙක් නිසාද... අනික මූ කතා කරන්නෙත් ගහගන්න වගේ...

ඉස්කෝලෙ කාලෙදිවත්  මට යාලුවෙක් හිටියෙ නැ මෙලී ඇරෙන්න ඒකි ගියෙත් ගර්ල්ස්කූල් නෙ ... ඉස්කෝලෙදි වගේම ගෙදරදිත් මං හිටියෙ තනියෙම පැත්තකට වෙලා .... පවුලක් ආදරයක් මට කවදාවත් හම්බෙලා නැහැ...මට පාලු දැනෙන්නෙ නැතුව නෙවෙයි ඒත් ඉතිං මොනව කරන්නද... ඒත් මෙලී  එයාට පුලුවන් හැම වෙලාවකම මගේ ලගින්ම හිටියා වෙද්දි කෙල්ලෙක් ;යාලුවෙක් උනත් කොල්ලෙක් වෙනුවෙන් නොකරන දේවලුත් ඒකි  මං එපා කියද්දිත් මට බැන බැන කලා...

ටික වෙලාදකින් කාමරෙන් එලියට ගියපු විනුද් කාමරේට ආවෙත් පෝන් එක රින්ග් උනෙත් එකම වෙලාඅවට...

පෝන් එක  තිබුනෙ දොර ලග ම තිබුන මේසෙ උඩ ....

මං හෙමින් ගිහින් පෝන් එක අරගද්දි විනුද්ගෙ ඇස් තිබුනෙත් පෝන් එකට කියල මං දැක්ක මෙච්චර වෙලා හොද ට තිබුනු ඇස් අමුතුවට වගේ රවාගෙන මං දිහාත් අතේ තිබුන පෝන් එක දිහාත් බලද්දියි මං screen එක දැක්කෙ... ඒ  මෙලී.....

--------------------------------------------------------

--------------------------------------

--------------------------------------------------------

--------------------------------------

විනුද් අකේශ්වර සිංහවංශ

අයුල් විමංස සේනානායක

🤍<3

කතාව කියවන හැමෝටම ගොඩාක් ස්තූතියි .....

🌼🖤

Share This Chapter