Chapter 3 of 41

තුන්වන කොටස

No more | Ongoing1,183 words~6 min read

කාමරේ උලුවස්ස ලග එක අතකින් දොර රෙද්දත් කොනට කරල අල්ලගෙන මගේ දිහා තරහෙන්ද දුකින්ද කලකිරීමෙන්ද කියල කියාගන්න නොතේරෙන අමුතුම විදිහෙ බැල්මකින් බලාගෙන හිටියෙ පිරිමි කෙනෙක්....

උලුවස්සටත් වඩා උස නිසාද කොහෙද නැමිල වගේ හිටියෙ

පලවෙනි වතාවට පලවෙනි බැල්මෙන්ම මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුරුදු උන මගේ හිත ඒ මූන ලග ගොලු වෙලා තිබුනා....

තත්පර ගානක් යන්නැති මං ගල්වෙලා වගේ බලන් ඉද්දිම මගේ ඇස් දිහාම බලන් හිටපු එයා මගේ බැන්ඩේජ් කරපු අතයි කකුලයි දිහා බැලුවෙ බය වෙලා වගේ..... පස්සෙ මගේ අතේ තිබුන පෝන් එක දිහාවට ඇස් අරන් ගිහින් ආයෙත් මගේ ඇස් දිහා බලලා පිටිපස්සත් උරහිසට උඩින් හැරිල බලල දොර රෙද්දත් අතෑරලා යන්න ගියා ඒත් එක්කම මාත් දොර ලගට යද්දිම ...

"අහ් "

"ආ ඇයි සුදු අයියෙ යකෙක් දැකල වගේ අර අපේ අයියත් කඩා බිදගෙන දිව්වනෙ"

"ඒ ඔ...යාගෙ අයිය ද?"

"ඈ... ඇයි ඔයාට මත්.... මේ ඔව් ඔව් අයිය තමයි මේ ඔය දැන් තමයි ආවෙ කොලඹ ඉදන් "

"ආහ් කොලඹ ඉදන් .."

"ඔව් මේ එයාට එහේ දැන් ඉන්න බෑලුනෙ ... "

"එහෙම ද"

එකපාරටම කාමරේට ආවෙ විනුදි .. එතකොට අර කලින් හිටියෙ එයාගෙ අයියලු...අනේ මං ද මට වඩා බාලයි කිව්වට මූ දසමහ යෝධයෙක් වගේ... තද කලු පාට ඇස් බැමි දෙක නැත්තන් අහිංසක පාටක්වත් තියෙන්න තිබුනා..

හැබැයි එයා විනුදිට වඩා නම් හුගක් වෙනස් වගේ ම්හ්ම් මට මොකද ....

විස්තර නම් දැනගන්න තිබුනා කටර් එක වගේනෙ මේ කෙල්ල... ඒත් මොකටද ඉතිං ...

පස්සෙ විනුදි ඇවිත් මගේ කාමරේ ඇදෙන් වාඩි උනා මාත් පුටුවක් ඇදන් වාඩි වෙලා ඇදුම් ටික කබඩ් එකට දාන්න බෑග් එක ඇද්ද ... හරි මහන්සි තුවාලත් රිදෙනවා අතයි කකුලකුයි මමියක් වගේ ඔතලා ... අතපය හෝදද්දි චුට්ටක් තෙමුනා.. මෙලී හිටියනම් කුණු බැනුම් අහන්න තිබුනා....

"සුදු අයියෙ අතයි කකුලයි ගොඩක් අමාරුයුද හලෝ"

විනුදි දුකින් වගේ අහද්දි මං ඔලුව උස්සල කෙල්ල දිහා බැලුවා ඒකි බලන් ඉන්නෙ මගේ බැන්ඩේජ් කරපු කකුල දිහා...

"නෑ එච්චර අමාරු නැහැ හොල්ලද්දි විතරයි "

"ඉතින් හොල්ලන්නැතුව ඉන්නවකෝ "

කෙල්ල කියද්දි මං කට තදකරගත්තා...

සැක් කැත හිත..

මොනව නැතත් මේ කෙල්ල මාව හොදට දන්නව වගේ නැත්තන් දැකල පැයක්වත් නැතුව මෙහෙම සුදු අයියේ කියාගෙන කතා කරාවියැ.. සමහර විට පොඩි කාලෙ එකට ඉන්නැති මට මතක නැහැනෙ ....

"පුතේ එන්න බත් කන්න ....තව ඔය හොරෙන් කඩාපාත් උන එවුනුයු උන්ට අනුබල දීපු එවුනුයිත් ආවට කමක් නෑ..."

"......."

"ඉදපන්කො හේනට ගියපු මනුස්සය එන....... ආ ඔය ආවෙ"

නැන්දා කාමරේට එබිල මුල ටික හෙමින් කියල අන්තිම ටික කාමරේට එහා පැත්ත බලාගෙන කියල විනුදිටත් රවල එලියට ගියේ මාම කතාකරනව ඇහිලාද කොහෙද ...

මං විනුදි දිහා බලද්දි ඒකි ඉන්නව හොර බැල්මක් දාගෙන ...

ඒ මොකක්ද උනේ

එතකොට අර විනුද් කියන එකා හොරෙන් ද ඇවිල්ල තියෙන්නෙ ...... ඒකත් තනියෙම කොලඹ ඉදන්.... බයික් එකක සද්දෙකුත් ඇහුනනෙ කලින්....මූ බයික් එකකද ඇවිත් තීන්නෙ.....

"මේ සු...දු...අයියේ අ..අ..පි යමු නේ කන්න "

"ම්ම්"

මං කෙල්ල දිහා පුදුමෙන් වගේ බලන් හිටපු නිසාද කොහෙද කෙල්ල අහිංසක විදිහට දත් විරිත්තල කන්න යමු කියද්දි නවපු රෙදි ටික එහෙම්ම ඇදේ තියලා මං කෙල්ල පස්සෙන්ම කෑම මේසෙට ගියා...

මේක නිකන් බංගලාවක් වගේ ...ගෙදර පුරාම තිබුනෙ පරණ තාලෙ බඩු මුට්ටු... සාලෙ උනත් හෙන ලොකුයි...

කෑම මේසෙ 20 කට විතර කන්න පුලුවන් තරමෙ දේවල් තිබුනා....

මං ගිහින් පුටුවක් ඇදන් වාඩි වෙන කොටම මාමයි විනුදියිත් ඇවිල්ල ඉදගත්තා ..මාම හිටියෙ කෙලවරේම තනි පුටුවෙ අනිත් පැත්තෙ පුටු දෙකක් ඇතෑරල මං වාඩි උනා මේක මාර අමුතුම විදිහෙ අත්දැකීමක් ....මෙච්චර දවසක් කාමරේ තනියෙම කාපු මං සමහර දවසට මෙලී හිටියා උනත් මේ වගේ පවුලක් කියන එක ඇතුලෙ ඉදගෙන ගන්න අත්දැකීම ගැන මට අමුතුම හැගීමක් දැනුනා

"කෝ සුනේත්‍රා දැන් ලොකූ"

"ඔය ලමය හරිම මුරණ්ඩුයි මහත්තයා මට නම් එපාම වෙලා මුන් ටික්ක් නිදහස දීපු ගමන් එනව ඔලුවට අත හෝද ...."

"අම්ම මං පොඩි බබෙක් නෙවෙයිනෙ මට එහේ තවත් ඉන්න බෑ ඉතින් මං ආවා"

මාමා අහද්දි නැන්දා අඩන්න වගේ කියවගෙන යනවත් එක්කම පිටිපස්සෙන් ඇහුන ගැඹුරුම විදිහෙ.... ගොරෝසු කටහඩට මං හැරිලා බැලුවා නෙවෙයි ඉබේම හැරුනා

"මොකක්ද දැන් ලොකූ කියන්නෙ "

මාම නම් හරිම නිවුන මනුස්සයෙක් වගේ .... අර වෙලාවෙ මෙලීගෙ එපාර්ට්මන්ට් එකේ දැකපු වෙලාවෙදිම මට හිතුනා එයා අහිංසකයි වගේ කියල......

ඒ යකා ඇවිත් වාඩි උනේ හරියට ම මගේ ඉස්සරහින් ... ඌ අර තද කලු පාට ඇස් වලින් මගේ දිහා බලනවා දැකපු නිසා මං පිගාන දිහා බලාගත්තා .....

ටිකක් මැදිවියේ පෙනුමක් තියෙන ගෑනු කෙනෙක් හැමෝටම කෑම බෙදාගෙන ගියා......මං හිතන්නෙ රේනු ආන්ටි

"මං ඒලෙවල් මෙහේ ඉදන් කරනවා"

" ආ පිස්සුද ලොකූ ඇයි දෙ"

"ටිකක් ඉන්න සුනේත්‍රා කෑ ගහන්නැතුව... දැන් ලොකූ කියන්න ඇයි කියල "

"එහේ ඉන්න බෑ "

"මෙච්චර ද්වසක් හොද වෙලා එකපාරටම හොද නැතිඋනේ කොහොමද ...හරි එහෙම උනාම කියමුකො ....ඊයෙ කෝල් කරද්දිත් අවුලක් නෑ කියපු මනුස්සය මේ අද එකපාරටම මෙහෙට කඩා පාත්වෙන්න තරම් උනේ මොකක්ද කියලයි මං අහන්නෙ"

"මං එහේදි පොඩි අව්ලක් දා ගත්තා ඉතින් මං ආයෙ යන්න් නෑ ....දැන් අප්පච්චිට තියෙන අව්ල මාව ඔයාගෙ ඉස්කෝලෙට අර ගන්න එකනම් කෙලින් කියන්න මං ඒලෙවල් ප්‍රයිවට් කරන්නම්"

"තමුන් කොහොමද ලොකූ ඔය අප්පච්චිට කතා කරන්නෙ.... නොසණ්ඩාල වැඩ කරල මට හිතුනා නිවාඩුවකටවත් ගෙදර එන්න මැලි කරද්දි මොකක් හරිහෙණයක් ක්....."

"සුනේත්‍රා ...."

" ........"

"හරි දැන් කාල ඉන්න කට්ටියම ....ලොකූ තමුන්ට ඕනි නම් මෙහේ ඉන්න එකේ මට කිසිම අවුලක් නෑ ...හැබැයි ඔහොම එහෙට මෙහෙට පැන පැන ඉදල තමුන් ඒලෙවල් අනා ගත්තොත් එදාට තමුන්ට පුලුවන් මං කවුද කියල දැනගන්න තේරුනාද..."

" ..තේ.....රුණා.."

අම්මෝ මාමා ඒක නම් ටිකක් සැරෙන් කිව්වෙ

මේ විනුද්කාරය නම් හෙන අමුතු විදිහෙ මනුස්සයෙක් තේර්නා කියපු හැටි විතරක් .... මං මගේ පාඩුවෙ පිගාන දිහාම බලාගෙන කෑවෙ ඔලුව උස්සල ඕපදූප හොයන එක හරි නැති නිසා කණ විතරක් උස්සල තියලා අනුන්ගෙ දේවල් මට වැඩක් නෑනෙ පාඩුවේ වැඩ ටික කරන් ඉන්න ඕනි.....

"ම්ම් ....එතකොට පුතේ ඔය දරුව මෙහේ පුතාගෙ ගෙදරවගේම ඉන්න ඕනි ...ම්ම් අනිත් වැඩ ටික හෙමීට කරගමු තාම තුවාල සනීපත් නෑනෙ "

"ඒකනේ අපි පිට අය නෙවෙයිනෙ "

ඊලගට මාමා මගේ දිහා හැරිලා කියද්දි මං ඔලුව උස්සල හිනා උනා......

කෑම ටික කාල මං අර යකා දිහා බලද්දි ඌත් ඉන්නව රවාගෙන වගේ මගේ දිහා බලාගෙන...

දැන් හිනා වෙලා අනිත් අය එක්ක කතා කරල ඇයි දන්නෑ මට රවන්නෙ ...මං එහෙමම බිම බලාගෙන කාමරේට ගියේ නිදාගන්න කියලා හරි මහන්සියී....

මගේ ජීවිතේ ආයෙත් කලින් වගේ වෙන එකක් නැති වෙයි කියල හිතෙද්දි මං හිතේ සැහැල්ලුවෙන් ඇස් පියාගත්තා ....

ආයෙත් මුලට යන්න බැරි වෙයි ... ඒත් වැටෙන හුස්මට සාධාරණයක් කරන්න පුලුවන් වෙයිනෙ

ඒත් අර නපුරු ඇස් මට මැවිලා පේන්න ගත්තා .... විකාර..

🌙🌙🌙🌙

"ආ....හ් එපානෙ අනේ මෙ මෙහෙ ම කරන්න එපා ප්ලීස් ම මට රිදෙනව අනේ .... ආ.... උදව් ක රන්.... න් ක වුරු ...හරි....ප්ලී...ස් "

ආයෙත් අර තිරිසන්නු... අනේ මාව කාටවත් ඇහෙන්නෙ නැද්ද ඇයි දෙයියනේ ඔයාල මාව අහන්නෙ නැත්තෙ....මට රිදෙනවනෙ .. ගොඩක් රිදෙනවා මේකෙ ඉවරයක් ඇත්තෙත් නෑ මාව බේරගන්න බැරි නම් මාව මරල දාන්න පිංසිද්ධ වෙයි.... මගේ හුස්ම හිරවෙන්න වගේ එද්දි එකපාරටම

මට දැනුනා කවදාවත් නොදැණුන විදිහෙ දෙයක්

මගේ වටේ ශක්තිමත් අත්දෙකක් එතිලා මාව හරි කල්බලෙන් සන්සුන් කරනවා.. මට දැනුනා හරි පරිස්සමක් කවදාවත් නැතුව රලු අත් දෙකක් අතරෙ...ඒ අත් අතරෙ මං තව ටිකක් ඒවට තුරුල් උනා එයා මාව දාලයයු කියල මට බය හිතුනා.. අනේ මෙතන හුගක් කලුවර වෙලා මට එයාව පේන්නෑනෙ ....

"අනේ ම... ට උදව් ක... රන්න්.... ප්ලී...ස් අනේ යන්නෙපා මේ ජරා මි...නිස්සු මාව ම..ර න්...."

"ශ්... ශ්.... ඔයා හොදින් මෙතන කවුරුවත් ඔයාට කරදර කරන්න නෑ නිදාගන්න මැනික මං ඉන්නවනෙ ඔයා ලග .... ඔයාට රිද්දන්න එකෙක්වත් නෑ හරිද ...ශ් .... දැන් නිදාගන්න ම්ම්ම් මං ඔයාගෙ ලගම ඉන්නව..."

මට දැනුනා මාව තද කරල පපුවටම තුරුල් කරගෙන එයා එයාගෙ සීතල තොල් මගේ නලලෙන් තියෙනව ඇයි එයාකලින් නාවෙ... ඇයි මෙච්චර පරක්කු උනේ.....

ඒත් දැන් හරි ආවනෙ .... එතකොට කෝ අර තිරිසන්නු එයාල බය වෙලා ගිහින්ද.....

මට දැනුනෙ පරිස්සමයි සැහැල්ලුවයි එක්ක මං තව ටිකක් ඒ ආගන්තුක උණුහුමට තුරුල් උනා ....

<3

-----------------------------------------------------------

--------------------------------------

-------------------------------------------------------------------------------------------------

🖤🌼

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!