Back
/ 41
Chapter 2

දෙවෙනි කොටස

No more | Ongoing

"රේණූ කෝ මේ පුතාගෙ බෑග් දෙක කාමරෙන් ගිහින් තියන්න...එන්න පුතේ ඇතුලට ගිහින් වොශ් එකක් එහෙම දාගන්නකෝ "

"අහ් කොල්ලට තනියෙම බෑනෙ යමු මාත් එන්නම්"

"අනෙ නෑ එහෙ ම ඕනි නෑ මාමේ මට පුලුවන්.. මේ කකුලයි අතයි චුට්ටක් ඩැමේජ් වෙලා විතරයිනෙ"

කොලඹින් හුගාක් දුර ඇවිත්.... හරියට හැංගිලා තියෙන වෙනමම ලෝකයක් වගේ මේක....කොන්ක්‍රීට් දාපු පාරවල් වෙනුවෙට පස් පාරවල්... උස ගොඩනැගිලි වෙනුවට බාගෙට වැඩ ඉවර කරපු ගඩොල් වලින් හදපු ගෙවල් එක්ක මේ ගෙදර වගේ වලව්වක පෙනුම තියෙන ගෙවල්තුත් දෙක තුනක් තිබුනා .... පාරෙන් වම් පැත්තට වෙන්න යායට පැතිරිලා ගියපු වෙල් යායක් එක්ක තව මොනාදෝ වගා කරපු හේන් වගයක් ..... අහල දැකලා තිබුනට ඇස් ඉස්සරහ දැක්කෙ එවෙලෙ වෙද්දි ඒ දැනුන අමුතු හුරුව මොකක්දෝ මතකයක් ඇවිස්සුවා....ම්හුම්.... ඕනිවට වඩා මනෝ ගහන ඒවගෙ ප්‍රතිඵල තමයි ....

ආහ්...එකපාරටම මොකක්ද මේ උනේ...

ඊයෙ රෑ මං හොස්පිට්ල් එකෙන් මෙලී එක්ක ගියේ එයාගෙ එපාර්ට්මන්ට් එකට ... මං යද්දි එහේ ටිකක් මැදිවයස පහුකරමින් වගේ ඉන්න වලව් කියන්න පුලුවන් පෙනුමක් තියෙන මනුස්සයෙක් හිටියා ...

"මේ...."

මං සාලෙට යද්දිම ඒ මනුස්සයගෙ මූනෙ මැව්නෙ හරි ලෙංගතු හිනාවක්... ඒකත් එක්කම ඒ මනුස්සය මගේ දිහා හොද ට බැලුවා ඒකෙ කිසිම නරක හැගීමක් තිබුනෙ නෑ නිකන් තමන්ගෙ පවුලෙ කෙනෙක්ව අවුරුදු ගානකට පස්සෙ දැක්ක වගේ අනේ මං ද ...කොහොමත් මං ලගක ඉදන් මිනිස්සු ගැන ඕනවටත් වඩා සැකෙන් බලනවද කොහෙද .. මං මේ කියාගෙන හැරුනෙ තාමත් මගේ අතින් අල්ලගෙන ඉන්න මෙලී දිහාවට..

ඔව් මෙලී කලින් කිව්ව වගේම ඒ මගේ අම්මගෙ එකම සහෝදරයලු...

වැඩි විස්තර කිව්වොත් එයා ඒ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ලු ඉතින් මටත් එහේම පත්වීමක් ලේසියෙන් ම ගන්නත් පුලුවන් ලු ... ඒ පවුලෙ ඉන්නේ මාමයි නැන්දයි එයාලගෙ දුවයි පුතයිලු

ඒ දෙන්නම මට වඩා බාලයිලු කෙල්ල ඕලෙවල් ලු කොල්ල මේ පාර A/l ලු

තව මොනවද.....

මේ මිනිස්සුන්ගෙ ගිය ආත්මෙ ගැන විතරයි මං හිතන්නෙ මෙලී දන්නෙ නැත්තෙ ... අනිත් හැම දෙයක් ගැනම හොයාගෙන, ඔය වගේ, විස්තරයක් තමයි මට කිව්වෙ....

ඒ මාමාත් හොද කෙනෙක් වගේ ... කොහොම හරි මේ අපායෙන් යන්න පුලුවන් නම් එච්චරයි ඒත් අම්මා ඇයි එකපාරටම මෙහෙම දෙයක් කරන්න හිතුවෙ...

මෙච්චර දවසක් මං උන්නද මලාද නොබලපු මනුස්සයා එකපාරටම මාව මෙහෙන් යවන්න හදන්නෙ ඇයි දන්නෑ.. මෙලී කිව්ව විදිහට තාත්තා මාව හොයලත් නෑ.. මං දවසක් ම හොස්පිට්ල් එකේ සිහි නැතුව ඉදලත් ....

හහ් සමහරවිට ඌ වැඩ ඇති... ඒත් මං මෙහෙන් යනව කියල දැනගත්තොත් ඒ මිනිහා මාව මරන්න හදයි ...

මං කරපු ඩිග්‍රි එකටත් මුල ඉදන්ම ඒ මනුස්සය තදින්ම විරුද්ධ උනා මොකද එයාට ඕනි උනේ මාවත් ලෝයර් කෙනෙක් කරලා ඌ වගේ ලොක්කන්ගෙ කකුල් ලෙවකවන්න... මාත් ඒකට වැඩිය විරුද්ධ නොවී හිටියෙ මට ඉක්මනට ඩිග්‍රි එක ගන්න ඕනි නිසා

ඉතින් මට පුලුවන් උනා සල්ලි වලට පිංසිද්ධ වෙන්න අඩු වයසින්ම ඩිග්‍රි එක සාර්ථක විදිහට සම්පූර්ණ කරගන්න private කරනව කියන්නෙ; අනික මුල ඉදන්ම ඔක්කොම එක්සෑම් මං කලේ ප්‍රයිවට් .. වියදම් භාගෙකට වඩා දරපු එකේ ගවුරවය නිසයි අම්මටත් එපා කියල ගියපු මට ඉන්න තැනක් හරි දීපු එකේ ගවුරවය තමයි තාත්තා කියන වචනෙවට කිසිම අයිතියක් නැති ඒ මනුස්සයට මං තාමත් තාත්තා කියන්නෙ ... මොකද මං ඇවිත් තියෙන්නෙත් අත්වැරදීමකින්ලුනෙ...

ඉතින් ඒවට පිංසිද්ධවෙන්න මං අවුරුදු 21 න්ම art පොෆෙසර් කෙනෙක් උනා වගේම තව දුරටත් හුස්ම වැටෙන නිසා විතරක් ජීවත් වෙන කලු පාට ලෝකෙක අයිතිකාරයෙක් උනා ..

ඉස්සරහට මොන දේ උනත් මං පුලුවන් විදිහට ඒවට මූන දෙන්න හිතාගත්ත .....

කොහොම හරි ඉතින් මං පහුවදා උදේම මේ ආවෙ ඒ මාම එක්කම එයාලගෙ ගමේ ... වෙන දේවල් ගැනවත් වෙන්න තියෙන දේවල් ගැනවත් උන දේවල් ගැනවත් ඕනවට වඩා නොහිතා ඉන්න මං තීරණේ කලා.. කොහොමත් මැරිලා යනවට වඩා හොදයි හුස්ම වැටෙන නිසා හරි ලමයෙක්ට දෙයක් කියාදෙන්න පුලුවන් නෙ ඔව් මං මෙහේ ඉස්කෝලෙ ට පත්වීමක් ගන්න ඒ මාමා එක්ක කතා උනා ...දැන්මම නෙවෙයි මේ කකුල හොද උනාම .... මට තියෙන ප්‍රශ්නෙ අම්ම මේ උන දේවල් දන්නවද කියල.... එතකොට මේ මාමල... එයාල ඇයි එකපාරටම කැමති උනේ මේ වගේ කවදාවත් දැකලවත් නැති කෙනෙක් ව භාරගන්න ..කොහොම හරි... මගේ කටින් වචන දහයක් එලියට නාවට හිත නම් සීඝ්‍රගාමී දුම්රියක් වගේ ...

මේ ගෙදර තනි තට්ටුවේ උනාට ලොකු ගෙයක් ...එහේ අපේ ගෙදර තරම් නම් ලොකු නැහැ ඒත් ඒ අපායට වඩා නම් මට දහස් ගුනයක් හොදයි කියල හිතෙනවා...

මාම එක්ක මාත් ගෙදරට ආවම නැන්දත් මාව බලන් ඉදලා කියල පැහැදිලි කරන ගමන් ම ලෑස්ති කලා කිව්ව කාමරේට ගිහින් මං අතපයමූන හෝදගත්තා තනියෙම නාගන්න අමාරුයි ... එහෙම කියල මේ මිනිස්සුන්ට කරදර කරන්නත් බෑ අනික ..............

මං නිරුවත් ව හිටගත්තෙ කණ්ණාඩිය ඉස්සරහින් ... දම්පාට වෙලා ගියපු කැලල් දකිද්දි ආයෙමත් මට අර මූසල හැගීම් එන්න ගත්තා ඒත් තවදුරටත් කදුලු තිබුනෙ නැහැ මං ටවල් එකත් ඇදන් කාමරේට ආවා... වෙලාවට කාමරේටම අල්ලල වොශෲම් එකක් තිබ්බෙ ... ශවර් එකයි ටැප් එකයි ටොයිලට් එකයි උනත් ඒක ලගදි හදපු එකක් කියන්න නම් තේරුනා... මොකද මේ ගෙදර බැලු බැල්මට හරි පරණ තාලෙ එකක් නිසා ගොඩක් කාලෙකට කලින් හදපු එකක්... ඒත් වොශෲම් එක ලගකදි හදපු එකක්...

" සුදු අයියේ...

"ආහ්"

"අනේ ඔයා ලොකු වෙලා ඒත් තාමත් හුරතල්නෙ "

"......"

"... ඔයාට ගොඩාක් අමාරුයිද මේ තුවාල නිසා...

දැන් අර යකත් එනව ඇති පිබගෙන.... ඔයා දන්නෑනෙ මං නිකමට කිව්... ආහ් අන්න ආවද කොහෙද..."

කාමරේ තිබුන ඉස්සර කාලෙ පෙනුම තීන දුඹුරු පාට කණ්ණාඩි මේසෙ ඉස්සර ඉදන් මගේ අතේ වැලමිට ලග තුවාලෙ වටේ බැන්ඩේජ් එකත් එක්ක තෙමුන තැන් පිහද පිහද ඉද්දි එකපාරටම කාමරේ දොරත් ඇරගෙන කඩා බිදගෙන දුවගෙන ආවෙ පුංචි කෙල්ලෙක් පොඩි කිව්වට මට වඩා චුට්ටයි මිටි වෙලාවට ටී ශර්ට් එකක් ඇදගත්තේ ආපු ගමන් බදාගත්තනෙ තව ටිකෙන් හුස්මත් හිරවෙනවා.... ම්ම්ම් විනුදි වෙන්නැති...ඒත් ඔහොමත් බදාගන්නවද කොල්ලෙක් ව...

තුවාල අමාරුයි ද අහන ගමන් අත දිහා දුකින් බලාගෙන හිටපු කෙල්ල ඒකට මට උත්තරයක් දෙන්නවත් නොදී තව කවුදෝ ගැන කියවගෙන ගියා

අම්මෝ මේ කෙල්ලගෙ කට ...නිකන් හොදට අදුරන කෙනෙක් වගේ කියවගෙන ගියේ ඒත් මට මතක නෑනෙ සමහර විට පොඩි කාලෙ එන්නැති අනික ඔහොමත් එනවද කොල්ලෙක්ගෙ කාමරේකට... මට මතක් උනේ මෙලී ඒකිත් මේ වගේ..

මොනවද මන්දා ඒ කියෙව්වෙ කවුද දැන් යකා එතකොට කවුද ආවෙ ඒ ..ඒ කෙල්ල කියාගෙන ගියපු කතාවත් නවත්තලා මටත් ඉක්මනට එන්න කියාගෙනම එලියට දිව්වෙ අන්න ආවා කියල .....

මාත් ඉතින් කලිසමකුත් ඇදගෙන සාලෙ දිහාට යන්න හැරුනත් පෝන් එක රින්ග් උනා .... සේව් නැති නම්බර් එකක්

මං ඒක අන්ස්වර් කරලා සද්ද නැතුව කණේ තියාගත්තා

"හෙලෝ සුද්දෝ"

"මෙලී"

"ආහ් වෙලාවට අදුරගත්තනෙ නැත්තන් තමයි මං බලාගන්නෙ"

ඒ මෙලී.....මට හිනාවක් ගියා ඒක කියපු විදිහට...

"මට බැරි වෙන්නෙ කෝමද සුදුනෝනව අදුරගන්න"

"ඒකනේ "

"ඒත් ඇයි මේ වෙන නම්බර් එකක් "

"වෙන නම්බර් එකක් නෙවෙයි බූරුවෝ තමුසෙගෙ සිම් එක අලුත් එකක්.. අනේ මංද බං උබ.... බලාගෙන කවුරු හරි උබේ රෙදි ටිකත් මාරු කරල තියේවි "

"මො...."

"ආ ආ මේ කියවන්න එපා මං මාරු කලේ කතාව එතනින් ඉවරයි දැන් කියනවකො ඔහේ හොදයි ද...? "

"ඔව් ඉතින් කවද්ද මගෙන් දෙයක් අහල කලේ .... හොදයි ඉතින් දැන් ආව විතරනේ "

"හ්ම් හ්ම් කෝම හරි අල්ලන් ඉදපන් පොඩි කාලයක් හරි... ඊට පස්සෙ වෙන රටකටවත් යන්න පුලුවන්නෙ ..."

දැන්මම උනත් වෙන රටකට යන්න පුලුවන් නම් මං කැමතියි ....

ඒත් තාත්තා මගේ පාස්පෝට් කැන්සල් කරල තිබුනෙ මීට ගොඩ කාලෙකට කලින්....ඒත් හරිනම් මට දැන් අයිතියක් තියෙන්න ඕනි ඒත් කොහෙද ....සල්ලි වලට ඔක්කොම යටයිනෙ..

"මේ එතකොට තාත්...."

"අන්කල් දන්නවා උබ ඉන්නෙ කොහෙද කියලා හවස ආන්ටි ඇවිත් ගියා මොනව හරි උබ ගැන කතා කලා මං හිතන්නෙ මගෙනුත් ඇහුවා මං කියන්න ඕනි ටික කිව්ව ... හරි දැන් ඒක නොහිතා ඉදපන්කො ... මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනොත් අපි ඒක ඒ වෙලාවට බලමු "

"ඔබතුමී කියන දෙයක් තමයි ඒත් ඉතින් මේ වෙන දෙවල් වලට හරියට තේරු......."

" අනේ මේ සැරයක් කිව්වම අහපන් යකෝ දැන් ප්‍රශ්නයක් නෑනෙ... "

"හරි හරි ඕයි මං තියන්නම් ඒනම් හෙට උදේට ගන්නම් "

"ආ දැන් උබට හරි හදිස්සියි නේද හාකො හාකෝ ආපු ගමන් කෙල්ලෙක්ටවත් හිත ගියාද අපිව හලන්න හදන්නෙ "

"මොන කෙල්ලොද මට කෙල්ලෙක්ට කියල ඉන්නෙ මල යකින්නක් වගේ තමුසෙනෙ ඒ ඇති වැඩිත් එක්ක"

" අනේ හරි විහිලුව"

මේකි එක්ක කියවන්න ගියාම බ්‍රේක් නෑ ප්‍රශ්නත් අමතකයි

මොනව උනත් මෙලී කිව්වත් වගේ පුලුවන් විදිහට ඕනි දේකට මූන දෙනවා

තාත්තාත් දන්නව නම් අවුලක් නෑනෙ එයා මේකට කැමති උන එකත් මට පුදුමයි...

ඒත් මට තාමත් විශ්වාස කරන්න බැහැ එයා මට එහෙම කලා කියන එක

දෙයියනේ මොන ජරා වැඩේ කලත් ඒ මගේ තාත්තා එයා කොහොමද එයාගෙම ලමයට එහෙම කරන්නෙ... මං ලොකු හුස්මක් පහලට දාලා කෝල් එකත් කට් කරලා අනිත් පැත්ත හැරුනෙ එලියට යන්න

ඒත් එක්කම එකපාරටම මං දැක්ක දේත් එක්ක මං ගැස්සුනා ....

🤍<3

------------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------------

🖤🌼

Share This Chapter