Back
/ 41
Chapter 1

පටන්ගැන්ම

No more | Ongoing

හුස්ම.... හුස්ම වැටුන පලියටම මිනිස්සු ජීවත් වෙන්නෙ නැහැ කියන්න ඒ වැටෙන හුස්ම වෙනුවෙන් එකම හේතුවක්වත් හොයාගන්න බැරි වෙද්දි මේ ජීවිතේ කොච්චර මහන්සි ද කියන්න මං තේරුම් ගත්තා .... තනි කලු පාට ලෝකයක් ඇතුලෙ මතක තියෙන කාලෙ ඉදන්ම මං ජීවත් උනේ හිතෙන් මැරි මැරි වෙද්දි මගේ හුස්ම විතරක් මාව ජීවත් කරවල තිබුනා ... දරාගන්න පුලුවන් උපරිමයි කියන තැනක් වෙනකන්ම මං දරාගත්තා.. ඒත්, අනේ මට දැන් තවත් බැහැ හරි මහන්සි කියල හිත කෑ ගහද්දිත් ඉවසන් හිටපු මම ඒ සීමාව තවදුරටත් නොරැකී බිදිලා යද්දි මං තීරණයක් නැතුවම ගෙදරින් එලියට බැස්සා ... එකපාරටම මං දැක්ක ලොකු කහපාට එලියක් මගේ පැත්තට ලං වෙනවා වෙද්දි ඒත් එක්කම මං ඇස් දෙක තද කරලා පියාගත්තා ...

ටීක් ටීක් ටීක්

මං ඇස් ඇරියෙ අමාරුවෙන් හරියට කවුරු හරි පොල්ලකින් ගහල වගේ ...මං ඉන්නෙ කොහෙද ආහ් මං... මේක හොස්පිට්ල් රූම් එකක් මං  හොස්පිට්ල් එකක්  ඇතුලෙ.... මං වටපිට බැලුවෙ හරි සිහියට එන්න මො ... මොකක්ද උනේ මං කොහොමද මෙතනට ආවෙ මේකෙ ඇදන් ගොඩක් තිබුනත් මං විතරයි එතන හිටියේ

අතේ කැනියුලා එකකුත් තියෙය්...

"අනේ මගේ මැණික උබට සිහිය ආවද දෙය්යනේ"

"..........."

එකපාරට කාමරේ දොර ඇරගෙන ආවෙ කෙල්ලෙක් මං ඒකි දිහා බලද්දි ඒ රතු වෙලා තිබුන ඇස් කදුලු පිරුන වගේ දිලිසෙනවත් එක්කම ඒකි කෑ ගහගෙන දුවගෙන ආවෙ මගේ ලගට නෙවෙයු ඇගට... අම්මෝ හුස්ම ...සිහිය ආවද ඇහුවට මෙහෙම තද කලොත් නම් ආපු ටික ආයෙ යයි... ටිකකින් ඩොක්ටර් කෙනෙකුත් ඇවිත් අර කෙල්ලට මොනාදෝ කියල රිපෝර්ට්ස් වගේකුත් දීලා මාවත් බලල හිනාවෙලා මගේ ඔලුවත් අතගාල යන්න ගියා..

ඒත් මං කල්පනා කලේ ඒ කවුද කියල ...

දෙයියනේ මට අමතක උනාද... ඒ කොහොමද ඒ මගේ එක ම යාලුවා... මගේ සතුටෙදි නැතත් මගේ හැම දුකකදිම කෙල්ලෙක් විදිහට නොකරන්න ඕනිදේවලුත් මං වෙනුවෙන් කරපු මගේ මෙලී...

වෙලාවකට ඒකි මට අම්මෙක් උනා වෙද්දි තව වෙලාවකට ඒකි මට මගේ හොද ම බෙහෙතත් උනා....

" ඇයි බන් මේ වගේ මෝඩ වැඩ කරන්නෙ උබට මොලයක් නැද්ද බූරුවෝ

දැන් බලන් හිටපන් කටත් ඇරන් මෝඩ මී හරකා දැන් බලපන් උබ හිටපු විදිහ මාව මැරුවෙ නැති එක විතරයි උබට උබව එපා උනාට ඕනි අය ඉන්නවා අඩුම උන් ගැනවත් හිතපන් කාලකණ්ණි වැඩ නොකර ..."

අම්මෝ කටර් එක වගේ

" ම්..මෙලී"

මගේ ඇස් වල කදුලු පිරුනෙ හිතට අමුතුම හැගීමක් දැනෙද්දි මේ ලෝකෙ මං ගැන හිතන එක්කෙනෙක් හරි ඉන්නව කියල දැනෙද්දි ... ඔව් ඒ මේලි හැමෝම මාව ප්‍රතික්ෂේප කරද්දි මාව තේරුම් ගත්තු එකම කෙනා...

"හරි දැන් බොරු වට අඩන්නැතුව ලෑස්ති වෙයන් "

"කොහෙ යන්නද" මං ඇහුවෙ ඒකි තඩි බෑග් දෙකක් බෙඩ් එකට එහා පැත්තෙ තිබුන සුදු කබඩ් එකෙන් අරන් මට ලෑස්ති වෙන්න කියද්දි... ඕව කොහොමද මේ හොස්පිට්ල් කබඩ් එකක් අස්සට ආවෙ..

"මුලින්ම කවුන්සිලර් ලගට ගිහින් පස්සෙ උබ මෙහෙන් යනවා .... මං ආන්ටි එක්කත් කතා කලා එයා තමයි කිව්වෙ ඒව පස්සෙ කතා කරමු යමු අර මනුස්සයත් ඇවිත් ඉන්නෙ '

"මොන මනුස්සයද ....?කවුද ආන්ටි කිව්වෙ...? කොහේ යන්නද..?"

මං ඇහුවෙ මට හිතාගන්න බැරි නිසා මොනවද වෙන්නෙ මේ ...

"මට හරියටම ඒ ගමේ නම මතක නැහැ උබලගෙ අම්ම තමයි ආන්ටි ... දැන් මෙතන යන්න බැහ් බැහ් ගෑවොත් මං උබව මරනව මෙතනම එතකොට ආපු මනුස්සය උබගෙ අම්මගෙ අය්යලු... එහේ තමයි උබ නවතින්නෙ ම්ම්ම් ඩිග්‍රියත් තියෙන නිසා ගුරු පට්ටමක් ගන්නත් පුලුවන්නෙ ........."

මේකි යකෝ නිකන් මගේ අම්ම වගේනෙ නැහ් අම්මගෙන් වෙන්න ඕනි දේවල් කලෙත් මේ මනුස්සයම තමයි හරියට මගේම සහෝදරියක් වගෙ

දැන් මොකක්ද වෙන්නෙ ඇත්තටම මොන මාමෙක්ද අම්ම කොහොමද දන්නෙ ආහ් මං කෝල් කලා තමයි ඒත් ආන්ස්වර් කලේ නැහැනෙ...

මුලින්ම මං ගැන ටිකක් කියන්නම් මම අයුල් විමංස සේනානායක ..... මගේ පවුල ඉස්සර ඉදන්ම රණ්ඩු පිරිලා තිබුන එකක් මට පොඩිකාලෙ උන ඇක්සිඩන්ට් එකක් නිසා මං අවුරුද්දකට කිට්ටු කාලයක් හිටියෙ කෝම එකක ඇහැරෙද්දි මට ඒ වෙනකන් හැම මතකයක්ම නැති වෙලා ගිහින් වගේ ..... ඒ කාලෙදි වෙන්න ඕනි නැති දේවල් මහ හුගක් වෙලා තිබුනා... අම්ම තාත්ත මට මතක දවසෙ ඉදන්ම කලේ රණ්ඩු වෙන එක වෙද්දි ඒවා කෙලවර උනේ අම්ම හරි තාත්ත හරි ගෙදරින් එලියට බැහැලා ගියාට පස්සෙ ... ඕක දිගටම වෙද්දි පස්සෙ අම්ම තාත්තගෙන් ඩිවෝස් වෙලා මාසෙකින් වගේ වෙන කෙනෙක්ව කසාද බැන්දා එයාට දැන් ඒ කාසදෙන් දුවෙක් ඉන්නවා ....

සමහර විට එයාට කලින්ම එෆෙයා එකක් තියෙන්නැති... මතක් වෙද්දිත් පපුව රිදෙනවා .... අම්ම ඒ මගේ අම්ම ඉස්සර එයා ආදරෙයිනෙ මට එයා බොරුකලේ නෑ ඒත්... ඒත් එයාට මාව මගෑරුනා... නැත්තන් අමතක උනා... කොහොමත් මට එයාල එක්ක ඉන්න බෑනෙ.... ඒ වෙනම පවුලක්.. එයාල සතුටින් නෙ ඒ මදෑ... එතකොට මං කිව්වෙ අම්මට දුවෙක්ව හම්බුනා කියල ....

එයා මිනුලි..එයා මට මගේම නංගි කෙනෙක් උනා.. දුර ඉදගෙනත් හැමදවසකම බැරි උනත් එයාගෙන් කෝල් එකක් සතියට තුන්හතරවතාවක්ම එනවා ...නෑ ආවා දැන් එන්නෙ නෑ .... එයා හුරතල් ලෝකයක්..... එයාල දැන් ඉන්නෙ ඇමෙරිකා වල වෙද්දි හොයන් ගියත්..හ්ම්ම්....මොන අයිතියකටද... ඒත් මං මුකුත්ම කලේ නෑ කියන්න මගේ වැරැද්දක් නෑ කියන්න ...

එතකොට තාත්තා ....මට ඒ මනුස්සයව දකින එකත් පිලිකුල් වෙන තරමට මට එපා උනා .... ආයෙ කසාදයක් වත් බැදගත්තනම් කමක් නෑ

දවස ගානෙ එක එක ගෑනු ගෙදරට ගෙනත් .....ශිට්....

ඒත් මට මොකද කියල මං ඉවසුවා මගේ එකම හීනෙ උනේ artist කෙනෙක් වෙන එක ...මට පුලුවන් උනා අවුරුදු 21 න්ම මගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරගන්න පස්සෙ මං ලෙක්චර් කෙනෙක් උනා ඒත්

ඒ දවසින් පස්සෙ මගේ හීන මගේ සතුට මගේ හිනාව නැත්තටම නැති වෙලා ගියා.... මාව විනාශ වෙලා තියෙද්දි මං වෙනුවෙන් දෙවියෙක්වත් මේ ලෝකෙ හිටියෙ නෑ අඩුම මේ තාත්තා කියන එකාවත්... මං අඩ අඩා කියද්දිවත් ඒ මිනිහා වද උනේ උගේ නම්බුව මං නැති කලා කියලා විතරක් වෙද්දි මහ ලොකු සල්ලලිකාර නම්බුකාර මිනිහා කරපුවා හරී නම්බුකාරයි නිසා වෙන්නැති මගේ වැරද්දක් නැතුවත් මං නොමැරී මැරුනා.. තාත්තා එකපාරක් වත් මගේ පැත්තෙන් හිතල බැලුවෙ නැහැ ඒත් අඩුම ලේ නෑ කමක්වත් නැති  මෙලී ඒකි මටත් වඩා දුක් වෙවී මගේ ලගින් ම හිටියා ඒත් ඒ වෙනකොටත් මාව තුන්පාරක්ම නැත්තටම නැති වෙලා තිබුනා කැම්පස් එකේ ඉදන් හැම එකාම මං දිහා බැලුවෙ ජරාවක් දිහා බලනව වගේ වෙද්දි මට මේ හැමදේම එපා උනා .. ඒත් මං ඉවසුවා....

එදා රෑ මං හීනෙකින්වත් නොහිතන්න ඕනි දෙයක් වෙනකන්ම මං ඉවසුවා මාව නැති කරපු තිරිසන්නුට කොහොමද එ...එයා එහෙම ක්..ලේ මගේ ඔලුව කම්මලක් වගේ උනා... මං ඇඩුවා මට පුලුවන් එකම දේ උනේ ඒක කොල්ලෙක් තමයි ඒත් ඇඩුවා ඇයි උන්ට අඩන්න බැරි ... මං එවෙලෙ මොකක්දෝ හේතුවකට මුලින්ම නංගිට කෝල් කලා ඒත් බලාපොරොත්තු උනා වගේම එයා ආන්ස්වර් කලේ නැහැ පස්සෙ මතක් උනේ එදා ඒ සිද්ධියෙන් පස්සෙම එයා එක කෝල් එකක්වත් අරන් තිබ්බෙ නැහැ කියල .... මට ආයෙත් කලකිරුනා මං ගැනම... ආත්මානුකම්පාව එක්ක මට දැනුනෙ පිලිකුලක් වෙද්දි මං ගෙයින් රෑම එලියට බැස්සෙ මං හිතුව ඒක මගේ අවසාන දවස වෙයි කියලා ඒ නිසයි මං නමට හරි අම්ම උන මනුස්සයට කෝල් කලේ ඒත් උත්තරයක් නැහැ ...මං මෙලීට මැසේජ් එකක් විතරක් දැම්මා ...

කොහොම හරි මං අන්තිමට දැක්කෙ ලොකු එලියක් විතරයි මං හිතුවා ඉවරයි කියලා

නැහැ තාමත් මගේ හුස්ම වැටෙනවා ම්ම්ම්ම්ම්

ඉස්සරහට මොනව වෙයිද

මෙලී කිව්වෙ මොනව ගැනද අනික මං කොහේ යන්නද එතකොට තාත්තා...

.

.

.

.

.

.

.

.

🤍<3

------------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------------

මේක මගේ පලවෙනි කතාව ඉතින් අඩුපාඩු ගොඩක් ඇති..

🖤

First
Next

Share This Chapter