Back
/ 41
Chapter 38

තිස් හත්වෙනි කොටස

No more | Ongoing

"මට විනුද් ව හම්බවුණේ අපි ඒ ලෙවල් කරන කාලෙදි...උන දේවල් එක ගානෙ කියන්න මට ඕන නෑ ඒක සමහර විට එයාම ඕන නම් කියයි.... දවසක් හරිම මුරණ්ඩු පාට කොල්ලෙක් බයික් එකකින් ගෙදරටම ඇවිත් තාත්ත එක්ක කෙලින්ම කතා කරද්දි මාත් එතන හිටියා....

තාත්තගෙ මූනෙ නම් ලොකු සතුටක් මං එදා දැක්ක සමහර විට එයා දැනගෙන ඉන්නැති මෙහෙම වෙයි කියන්න.... අනික ඒ ආපු කොල්ල ඕලෙවල්වත් නොකරපු පොඩි එකෙක් කියල කොහොමවත් පෙනුනෙ නෑ මට මතකයි තාත්ත ඒ ආපු කොල්ල කතා කරන්නත් කලින් අදුරගත්තා කියන්න ....

ඒත් මං බය උ..ම්හ්ම් එහෙම කාවවත් විශ්වාස කරන්න බෑනෙ  ඉතිං ඒකයි බය හිතුනෙ  "

මෙලී කියද්දි මගෙ පපුව හිරවෙනව වගේ දැනුනා විනුද් එයාගෙ තාත්තගෙ කපාපු පලුව වගේ..... ඉතිං මගේ තාත්ත අදුරගන්නෙ නැතුව ඉදියිද.... පලවෙනිම ආදරේ ම අන්තිම වෙනකන්ම අංශුවක අයිතියක්වත් නැතුවම ආදරේ කරපු මනුස්සයාගෙ රූපෙ කොහොම අමතක වෙන්නද...... තාත්තගෙ ඩයරි ගොඩක් මං පහුගිය දවස්ටිකේම කියෙව්වා...

එයා එකතැනක මීට අවුරුදු ගානකට  කලින් ලියල තිබුනා මං ඉපදුනා කිව්වම නොදැනුන ලොකු හැගීමක් එයාට විනුද් උපදින්න ඉන්නව කියල මාමා කිව්වම දැනුනලු.....

මට දුකයි මැරෙන්න තරම් දුකයි ඒ මං ඉපදුන එකට තාත්ත දුක් උන නිසා නෙවෙයි අනේ එයාගෙ ආදරේ වෙනකෙනෙක්ගෙ නමින් අයිතිය ලියවෙන එකත් එයා ඉස්සරහ ම උන එක.... ඒ හැමදේම පපුව ගැලවෙන්න තරම් දැනුනත් හිනාවෙලා සුබ පතන්න උන එක.....

මං උනානම් මං කීයටවත් දරාගන්න එකක් නෑ... එදා විනුද් ව පොටෝස්වල දකිද්දි මං හිතුවෙම මං මැරුණනම් කියල... ඒත් කොහොමද කියල මගේ තාත්තට තුරුල් උනාට එදා හොටෙල් එකේදි විනුද් ව දකිද්දි නම් තවත් බෑ කියල ම හිතුනා....

ඒත් තාම මං හුස්ම ගන්නවා... දෛවය කරන ජරා සෙල්ලම් නිසා මගේ අහිංසක තාත්ත වෙනුවට කරුම ගෙවන්න මගේ හුස්ම වැටෙනවා....

"..........."

මෙලීගෙ ඇස්වල කදුලු පිරීගෙන එද්දි මං බය උනා කියන්න ගිහින් ආපහු එයා කියන්න ගිය එකට හේතු කිව්ව..

මං එයා දිහාට ඔලුව උස්සල බලද්දි කෙල්ල හිනා උනා...

" ම්..... විනුද් ට නිශාදිව මැරි කරන්න උනේ ඇයි කිව්වොත් එයාට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ"

ටිකක් වෙලා බලන් හිටපු කෙල්ල අතීතෙ නැතුව එකපාරටම කියද්දි මං කෙල්ල දිහාම බලන් හිටියා

ඒක මරු කතාව..

මට කට කොනට හිනාවක් ආවා.

"නිශාදි ප්‍රෙග්නට් වෙලා හිටියෙ... ඒ විනුද් නිසා නෙවෙයි බූරු පැටියෝ වෙන එකෙක් නිසා... ඒත් නිශාදිගෙ අම්මල දරුණු මිනිස්සුලු අනික වලව්කාර මාන්නෙ තියෙන මිනිස්සු...නිශාදිගෙ බෝයිට එයාල කීයටවත් කැමති වෙන්නෙ නෑලු......ඉතින් නිශාදි වැන්දෙ නැති එක විතරයි විනුද් ට එයාට උදව්කරන්න කියල....අනික අර මිනිහත් ආගිය අතක් නෑලු....විනුද් ඌව හොයල ඒත් හම්බෙලා නෑ...අනික එහෙම එකෙක් වැඩකුත් නෑනෙ ඉතින් අන්තිමට එදා කෙල්ල ඇක්සිඩන්ට් උනාට පස්සෙ හොස්පිට්ල් එකේදි  නැන්දල දැනගෙන කෙල්ල ප්‍රෙග්නට් කියල... ඊට පස්සෙ  කෙල්ලව මැරුවෙ නැති ටික විතරයි ලු......ඉතිං බැරිම තැන කියන්න වෙලා තියෙන්නෙ දරුව එයාගෙ; විනුද් ගෙ කියල ..."

අනෙහ් වෙස්සන්තර....

" කොල්ලත් ගුටි කාල තිබ්බා.... පස්සෙ දරුව හම්බුනාම මැරි කරන්නම කියල...ඒ අන්කල් එහෙම ත් මාරම සැරයි....."

" ම්හ්"

මට හිතාගන්න බෑ අඩන්න ද හිනාවෙන්න ද කියල ... එතකොට දැන් මගේ පස්සෙ මෙච්චර මැරීගෙන එන්නෙ නිදහසට කරුනු ඉදිරිපත් කරන්නද.... මං කිව්වනෙ මං තරහ නෑ කියල ඉතින් ඇයි තවත්... උගේ නිදහසට කරුණු අහන් ඉන්න මගේ හුස්ම ටිකවත් වැටෙයි ද දන්නෑ..

කියද්දිත් කෝල් එනව..... කෝල් අයිකන් එක ඩෙඩ් ෆ්ලවර් එකකින් සේව් වෙලා තියෙද්දි මට හිනාවක් ගියා.... සමච්චල් හිනාවක්... මං වෙනුවෙන් ම.....

" මොකද උබ නිකන්... දැන් අහන්නැද්ද මුකුත්ම ......හරි උබට අහන්න බෑනෙ මං කියන්නම්....පිං සිද්ධවෙයි දෙයක් හරියට දන්නෙ නැතුව ඒ කොල්ලට දුක් දෙන්නපා ආයු.... ඌ මාරම ආදරෙයි උබට.. ඒක පට්ටම සීරියස්...."

"........"

මෙලී මෙච්චර වෙලා අල්ල්න් හිටපු මගේ අත් අතෑරලා කොණ්ඩෙ අස්සෙන් අත් අරන් ගියා....

කෝල් එක කට් කරල මං මෙලී දිහත් බලල අත්දෙක පිටිපස්සට තියල කෙලින් උනා...

" ඊට පස්සෙ මාසෙකින් විතර  මං ගියපු ට්‍රේනින් එකට යන්න කොල්ල මං එක්ක කතා කලේ.....එදා තමයි මට ඌ ඔක්කොම කිව්වෙ.... ඌට බයයි කිව්ව උබ අවුල් යයි කියල ඒව දැනගත්තම ඒකලු මුලින් කතා නොකලෙ....කොල්ල ඉදල තියෙන්නෙ කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව....ඒ වෙද්දි ඔයා හිටපු සිටුදේශන් එක එක්ක මට තේරෙනවා විනුද් වැරද්‍යි කියන්න.... මොක්ද මං දැක්ක උබ කොච්චර නම් පෝන් එක දිහා බලාගෙන හිටියද කිය්න්න....."

"......."

ම්හ්... ඒ කියන්නෙ බදින්නම ඉදල තියෙන්නෙ.... අනෙහ් බලන්න ඉතින් මට කොච්චරක් ආදරේ කරලද කියල එයා බදිනව කිව්වම මං අවුල් යයි කියල මාව මගෑරල හොරෙන්ම බදින්න හදලා.... ම්හ්ම්... අනික මාසෙකින් කොළඹ ආවනම් මාස තුන හතරකට පස්සෙ ක්ලිනික් ගිහින් තිබුනෙ මං වෙන්නැති.....

"ඇයි දෙයියනේ ආයු  ඔහොම මේ දවස් ටිකටම වචනයක් කතා කලේ නෑ....මට බයයි දෙයියනේ...... ඔය ඇස් ඔය හිනාව මාව බයකරනව ආයුහ්...

ප්ලීස් තේරුම් ගන්න

ඌ පිස්සුවෙන් වගේ හැසිරුනේ කරන්න දෙයක් හිතාගන්න බැරුව ඌ කතාකරන වචනයක් ගානෙම තිබුනෙ උබ ගැන... මාවිගෙ හිත රිදෙයි උබ උබටම රිද්දගනියි..... උබ ඌව ආතෑරල දායි.....ඌට වෛර කරයි...... ඌ පිස්සෙක් වගේ හිටියෙ.... ඉතිං මං ඌව ට්‍රේනින් දැම්ම..... අවුරුදු දෙකේ ට්‍රේනින් එක ඌ මාස අටෙන් කම්ප්ලීට් කලා......

ඊට පස්සෙ ඌ එද්දි වෙඩින්ස්වලට හොටෙල්ස් පවා බුක් කරලා.... දරුව ලැබෙන්න ඔන්න මෙන්න තිබිලා තියෙන්නෙ ....... ඒ සිටුවේශන් එක හිතාගන්න ආයු.... මං රශියවලින් විනුද් ඇවිත් මාසෙකින් වගේ කලම්බු ආවා...සොරි ඉතින් ඔහොම බලන්නෙපා....

කොල්ල ඇඩුවා බං.... ඌ අඩනව මං දැක්කෙම 'මාවි' කියන සබ්ජෙක්ට් එක වෙනුවෙන් විතරයි .... ඒ ඇස්වල තිබ්බෙම පැරදුන පෙනුමක්..... පස්සෙ නිශාදි කරපු බලු වැඩ දැනගත්තම ඒකි ප්‍රෙග්නට් කියලවත් බලන්නැතුව මූ ඒකිව මරන්න හැදුව... උබට ඔය පොටෝස් ඔක්කොම එවල තිබ්බෙ ඒකි...නොකිව්වට මං ඔක්කොම දැනගෙන හිටියෙඇයි ඔහොම බලන්නෙ...උබට බෑ මාව රවට්ටන්න ඒත්...  මං එහෙම හිතුවට උබ ඒකත් කරල තිබුනා ... "

"....."

සමහර විට මං එහෙම නොකලනම් සමහර විට මාත් සනීප වෙන්න තිබුනා එතකොට තාත්තත්  මං ලග ඉන්න තිබුනා..

"පස්සෙ ඒකි පොරොන්දු වෙලා තිබුනා මැරේජ් එක දවසෙ ලමයත් එක්කම මෙහෙන් යන්න.....පොරොන්දු වෙලා නෙවෙයි මං හිතන්නෙ පොරොන්දු කරන්....නිව්සීලන්ඩ්වලටද කොහෙද... ඊට පස්සෙ ඒ ඔක්කොම රෙඩි කරල වෙඩින් එක දවස ෆුල් ප්ලෑන් කරල ඔක්කොම ත් කරල අන්තිමේ ප්ලෑන් එක නැවතුනේ වෙන්න පුලුවන් නරකම දේවල් වෙලා.....

විනුද් කොච්චර මැරෙන්න හැදුවත් උබ ඌට වෛර කරයි කියල උබව වැඩිපුරම දන්න මනුස්සය විදිහට අපි තුන්දෙනාම , තාත්ත මං විනුද් විතරක් නෙවෙයි චූටි  විනුද්ගෙ අම්ම තාත්තා පවා අපිට එකතු උනා....

ඒත් අපි ඔක්කොටම වඩා උබ රගපාලා තිබ්බනෙ.... අපේ  හුස්මත් අමතක  වෙන්න....කො..හොමද ආයු..හ් ඒක හැංගු....වෙ.. කැ..න්ස..ර් එකක්....කොහො..මද ආහ්......!?"

විශාල කරුනු දැක්වීමකට පස්සෙ නිකන් කරකල ඇතෑරියාවගේ වෙද්දි අන්තිමට  මෙලීගෙ කටහඩ බිදිලා ගියේ මං කෙල්ලව පපුවට තුරුල් කරගද්දි.... හැමදාම මමනෙ ඒ පපුවට තුරුල් උනේ.. අදත් එහෙම තමයි ඇදල ගත්තට ගිහින් තුරුල් උනේ මං....

"අ..ඩන්නෙ..පා... මෙ..ලී.."

" අනේ මැණිකහ්"

මෙලීට සද්දෙටම ඇඩුනෙ මං කතා කරපු නිසා..... මේ සතියටම ඒක මට පුංචි කාලයක් උනාට මෙලීට එහෙම නෑ..... මොකද කලිනුත් මං මෙහෙම ඉදල තියෙයි.....පැනික් උනාම... කතා කරන්න ඕන ම නෑ වගේ.....හැගීමක් එනවා....අනික මගේ වචන පිට උනෙත් බිදිලමයි...මං එහෙම ම ගොඩාක් වෙලා හිටියා.... ඔලුවට එකේකේවා ගොඩක් එන්න ගත්තා..

නිශාදි කියන්නෙ පුංචි කෙල්ලෙක්....එතකොට නොදන්න රටකට ගිහින් දරුවෙකුත් එක්ක.... අනික ඒ අම්මල කොච්චර දුක් වෙයිද.... මොනව නොහිතයිද විනුද්ට උනත් ශාප කරයි.....

" දැන් උබත් කල්පනා කරල ඔහොම හුස්ම හෙල හෙල සත්ව කරුණාව පහල කරන් වෙස්සන්තර රගපාන්න ගිහින් මගෙන් කුණු හරුප අහන්න විතරක් එපා... අර කොල්ල පව් ඌ මැරුනෙ නැති ටික විතරයි... මේ දවස් ටිකම බලපන් වෙන ඒවා ඕන්නෑ.....අනික තාත්තගෙ අවසන් කටයුතු වැඩ පවා ඔක්කොම සම්පූර්ණයෙන්ම කලේ ඌ...ඒ ඔක්කොටම පස්සෙ උබව සම්පූර්ණයෙන්ම බැලුවෙ ඔක්කොම කලෙත් ඌනෙ බං ඌට කොච්චර රිදෙනවා ඇත්ද....මට කියනව අනේ වචනයක් මූන බලල කතා කරන්න බැරිනම් එකපාරක් ඌට කතාකරන්න දෙන්න කියපන් කියන්නලු....මටලෝභ හිතුන බං ඒ ආදරේට.."

නිකන් පිස්සු වගේ මුන්ට තිබුනා කරන මගුලක් මටත් කියල කරන්න...... මට තරහයි....... මෙලී ආයෙත් කියවන් ගියේ මටත් බැන බැන මට ස්මයිල් ඉන් පේන් හිනාවක් ගියා...මෙලී දැක්කෙ නෑ.. ඒ හිනාව මෙලී වෙනුවෙන්ද විනුද් වෙනුවෙන්ද මං ද්න්නෑ ඒත් මුලින්ම ඔලුවට ආවෙ,

' එතකොට උබ වෙස්සන්තර උනේ නැද්ද මෙලී ' කියල අහන්න හිතුනා... ඒත් උබම දවසක කියනකන් මං කවදාවත් ඒ ගැන අහන එකක් නෑ... අනික උබ ඕක ගැන කතා කරන දවසක් එන්නත් එපා කියල මං ප්‍රාර්ථනා කරනවා.... කලින් නොදැන හිටියට දැන් උබ මගේ අක්ක... මගේම අක්ක, මගේ පේන් කිලර් එක....

ම්හ්ම්...... මං මෙලී දිහා බලල යන්තම් හිනාඋනා.... කදුලු මිදිලා වගේ කෙල්ලගෙඇස් දිලිසෙනවා ....

කොහොමද මං මේ දේවල් දරාගන්නෙ.... කොහොමද ඔයා මේ දේවල් දරාගන්නෙ... මෙලී

මෙතන වැරැද්ද තියෙන එකම කෙනා මං විතරයි අනිත් කාහෙව්ත් වැරැද්දක් නෑ....ඒත් එයාල එහෙම නොකලනම්

ඔය දේවල් ඔහොම නොවී  මගේ තාත්ත මං ලග ඉන්න තිබුන නේද හිතෙද්දි මට මේ හැමදේම මරාගෙන මැරෙන්න තරහයි...විනුද් එක්කත් මටතරහයි.... ඇස් රතු වීගෙන දැවිල්ල ගද්දි මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..... හරියට අඩන්න එපා කියන්න වගේ, මං ඉන්නව කියන්න වගේ... අනෙහ් ඔයාට එහෙම කරන්නෙ නැතුව ඉන්න තිබුනා.....සමහර විට වෙන කෙනෙක්ගෙ හාට් එකක් මට හම්බෙන්නත් තිබුනා... ඔයාට ඉවසන්න තිබුනා.... තාත්තෙහ්...

"ම්හ්ම් ..."

ඇයි එච්චර හදිස්සි උනේ.... ඒ තරම් මට ආදරේ කලාද තාත්තේ..... ඉකි ගැහිලම ඇඩෙද්දි ඉස්සර මං ඒ මනුස්සය ට වෛර කලානේද හිතෙද්දි  මට හිතුනෙම මෙහෙම ම මෙලීගෙ අස්සෙම ඉදන් මගේ හුස්ම හිරකරගන්න ඒත් එක්කම කණ්ණාඩියකින් මූන දිහා බලනිද්දි වගේම පපුව එළියට පනින්න තරම් සද්දෙන් ගැහෙන්න ගත්තා....

එතකොට විනුද්..... මං දන්නෑ.....  තවදුරටත් ඔයාට දෙන්න තවත් ආදරයක්වත් මං ලග ඉතුරුද කියන්න මං දන්නෑ විනුද්.....

මට ලොකූ හුස්මක් පිටවෙද්දි

මෙලීටත් දැනිලද කොහෙද කෙල්ල මාව තව ටිකක් තදටතුරුල් කරගත්තා.....

"මට මාසෙකට විතර කැනඩා යන්න ඕන... හිතට හරිගියොත් මං සිටිසන්ශිප් එහේ හදාගන්නව මෙහේ අයින් කරලා....."

🤍<3

____________________________________________________________________________

හේ නිදිමතේ මොනව ටයිප් කලාද දන්නෑ 🥲❤

Share This Chapter