Back
/ 41
Chapter 31

තිස්වෙනි කොටස

No more | Ongoing

කොහෙන්දෝ පෝන් එකක් රින්ග් වෙන සද්දෙට ඇස් ඇරපු මං අත දිග් කරල ඇද අත ග ගා බලල අතට අහුවුන පෝන් එක ආන්ස්වර් කරල කනේ තියාගත්තා......

" හෙලෝ පුතේ, අනේ ඉක්මනට එන්නකො මේ කෙල්ල වාහනේකට හැප්පිලා ඉස්පිරිතාලෙට අරන් ගියා ඒකි උබව හොයනව ඩොක්ටර් කියනව උබට කතා කරන්නලු..... හෙලෝ ලොකූ "

" න්...නැන්දෙ ඉන්න මං විනුද්ට... අහ් විනුද් මේ ගන්නකො.."

" හෙලෝ "

ඒ එක්කම ඇඩෙන්න වගේ නැන්ද කතා කරනව ඇහෙද්දි මගේ ඇගම හිරිවැටිලා ගියා... කෙල්ල කිව්වෙ මගේ චූටිද දෙයියනේ..... ඒක ඇහෙනවත් එක්කම කැනියුලාවත් අතින් ඇදල ගලවගෙන විනුද්ව හොයන් යන්න හදද්දිම එයා ඇතුලට ආව වෙද්දි මං පෝන් එක එයාට දුන්න...

මං බය වෙලා හිටපු නිසාම කලබලෙන් ම පෝන් එක ගත්තත් ඒ ඇස් ගියේ මගේ අත දිහාට....ඒ මගුලෙන් ලේ එනව අරක ඇදල දැම්ම පාරට....

මං අත ඇදුමෙම පිහිදගන්න හදද්දි යා මගේ අත අල්ල ගත්තත් ඒ පමාවටම අත ඇතෑරුනා....

" මොන මගුලක් ද .... මං කොහොමද දැන් එන්නෙ... මං කිව්වනෙ "

"......."

එහා පැත්තෙන් කියන එක නම් ඇහෙන්නෙ නෑ හැබැයි විනුද් තරහෙන් කියපු දේත් එක්ක මටත් තරහ ගියා.....

යකෝ හරි වැඩක්නෙ.. මගුල.. තොට මගුල පෙන්නන්න කලින්  ආපු විදිහටම පලයං යකෝ.. මගෙ චූටිව බලපන්..... මොන කරුමයක් ද දෙයියනේ මේ.. මාව පැත්තකින් තියන්නකෝ ඒක මතක ඇති දවසෙ ඉදන් තිබුන මගුලක්නෙ..... දොස්තරයට පිං සිද්ධ වෙන්න බර කරල නොකිව්ව එකම හොදයි...නැත්තන් මෙච්චර කාලයක් ඇගේ තිබුන ලෙඩක් තාමත් එක තැන තියෙන්නෑනෙ... ඒක පැත්තකින් තියමු..එතකොට  තාත්ත.... දැන් චූටි.... මහ එපා කරපු හැගීමක් දැනුනෙ.....

"දැන් චූටි කෝ එතකොට.... දැන් එන්න ඕනෙ නෑ.... ශිට් මගුල...මං කොහේ එන්නද...අහ් හරි හරි එත්...... හරි ඉන්නකො...ඔයාල යන්න මං එන්නම්..."

"ඔයාල ලෑස්ති වෙලා එයාපෝට් එකට යන්නකො තව පැය හතරකට වඩා තියෙය්නෙ මං ඉක්මනට එන්නම්.... ම්ම් මේක කන්න "

එහෙම ම කෝල් එක කට් කරල මගේ අතින් දුඹුරුපාට පේපර් බෑග් එකක් තියල එහෙම කියල තත්පරයක්වත් යන්න කලින් විනුද් එලියට දිව්වා......

එකපාරටම උන දේ ඔලුවට ප්‍රොසෙස් උනේ නැති වෙද්දි එහෙම ම ටිකක් බලන් ඉදල මං ඇද උඩින් වාඩි උනා.... අතත් රිදෙනවා එහෙන්....

අනේ චූටිව බලාගන්න ප්ලීස් එයාට මුකුත්ම වෙන්න එපා... ඔව් එයා හොදින්.... මාත් එක්ක තරහ වෙන්නෙපා චූටි ආවෙ නැතුවට...

.

.

.

.

අපි දැන් එයාපෝට් එකටත් ඇවිත් ගොඩක් වෙලා තව ටික වෙලාවයි තියෙන්නෙ..... ඒත් විනුද් ආවෙ නෑ කෝල් ගත්තත් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නෑ.... එයාව දාල යන්නත් බෑනෙ ඒත්..... ඒත් එක්කම අනවුස්මන්ට් එකත් ඇහෙනවා...

" එයා එන්නෙ නෑ වගේනෙ ආයු.... අපි ඇතුලට යමු අනවුස්මන්ට් එකත් කලානෙ...තාත්ත තනියෙමනෙ....."

"අනේ විනුද්... එන්නෙ නෑද එතකොට....චූටිට අවුලක් නැතුව ඇති නේද.... "

"චූටි ??...... එයාට මොනා වෙන්නද අර නෙසදිද නිසාදිද කවුද කියන කෙනාවනෙ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ "

"හහ්!?"

"......."

මෙලී මගේ උරහිසට අත්ක් තියාගෙන කතා කරද්දි අන්තිමට කිව්ව දේත් එක්ක මං ඩිම් වෙලා ගියා.......

එතකොට එයා එච්චර ඉක්මනට ගියේ ඒ නිසාද...... මගේ අතවත් ගනන් නොගෙන... විකාරද මටත් අතෙන් ලේ චුට්ටක් ආපු මගුල වගේද ‍යකූ අර කෙල්ලට අමාරුද දන්නෙත් නෑ.... නැන්ද කිව්වෙ වාහනේකට හැප්පුනා කියලනෙ...... හිත යටින් මං දෙවියන්ට තෑන්ක් කලේ ඒ චූටිනොවුන එකට උනත් නිශාදිටත් අමාරු නොවෙන්න කියල මං හිතුව....

ඒත් විනුද් අද එනවමයි කියලත් නෑවිත් ඉන්නෙ එයාව දාල එන්න බැරි නිසාද.... සමහර විට එයාට අමාරු නිසා වෙන්නැතිනෙ..... මගේ කොල්ලගෙ හිත කොච්චර නම් හොදයිද.... එයත් චූටි  වගේ කිව්වනෙ... එතකොට අර ෆොටෝ එක..... ඒත් එක්ක ඇස් දැවිල්ල ගන්නව  දැනෙද්දි මං තදටම ඇස් පොඩි කරගත්තා.....

ම්හ්ම්...... ලොකූ හුස්මක් පහල දාලා මෙලී එක්ක අපේ සීට් එකට ගියා.....

ඒත් අන්තිම තත්පරේ වෙනකන්ම මං පෝන් එක දිහාම බලන් හිටියා..... විනුද්ගෙ පෝන් එක ඕෆ්නෙ..... චූටිගෙ පෝන් එකනෙ විනුද් ලග තිබ්බෙ ඒකත් වැඩ නෑනෙ.... මුලින් රින්ග්ස් ගියත් දැන් එහෙමත් නෑ.....

මාමගෙ නම්බර් එකට ගන්න හිතුන්නෙත් නෑ මට..... නිකන් මොකටද කරදර කරන්නෙ..... අඩුම තාත්තට කොහොමද අහන්නවත් කතා කලේ නැති කොට.....මට දැනුනෙ නොරිස්සුමක් ඒ හැමෝම ගැනම

මිනිස්සු කොහොමත් අවස්තාවාදීනෙ ඕව හිතල වැඩක් නෑ..... මං දැන් හිතන්න ඕන තාත්ත ගැන එයාගෙ හර්ට් ඔපරේශන් එක ගැන..... ඒක හරියයි නේද....දෙවියනේ .......

කමක් නෑ දැන් කොහොමත් ෆෝන් අයින් කරන්න එපැයි.... මං airplane mode දාල ඒක පැත්තකින් තියල සීට් එකට ඔලුව තියන් හාන්සි උනා.....

ටිකක් වෙලා යද්දි ඇස් පියවීගෙන ආව වෙද්දි නෙක් පිලෝ එක දාගෙන හිටියත් මට දැනුන සීතල අතක් එක්ක මං පැත්තට ඇල වෙනව.....

" මගේ තාත්....තට හො..ද වෙයිනෙ... ම්"

" නැත්තන් තාත්තට විතරක් නෙවෙයි මගේ මැණිකටත් සනීප වෙනවා...."

මෙලී... මගේ අක්කා....

.

.

.

.

.

"බඩගිනී අප්පා"

" හහ් නැගිට්ටද කුම්භකරනයා....මූණ සෝදන් එනව කෑම ලෑස්තියි "

අපි මෙහේ ඇවිත් දැනට අවුරුද්දකුත් සම්පූර්ණ යි..... තාත්තගෙ ඔපරේශන් එක හොදටම සිද්ධවුනා..... මගේ තාත්තා දැන් මටත් වඩා තරුන කොල්ලෙක් වගේ.... එතකොට මෙලීට තාත්තගෙ ඔපරේශන් එකෙන් පස්සෙ යන්න උනා.... එයාගෙ තාත්තා එයාව ප්‍රැක්ටිස් ස්කූල් එකකට දාල.... ඒක මෙලීගෙත් පොඩි කාලෙ ඉදන්ම හීනෙ.....

ඒත් මාව දාල යන්න බෑමයි කිය කිය ඉදල පුලුවන් හැමදාම කෝල් බැරි උනොත් ලියුම් ලියන්නම ඕන කියන පොරොන්දුව පිට කොහොම හරි එයාව යැව්වා.......

හැම මනුස්සයෙක්ගෙම හැම හීනයක්ම හැබෑ වෙන්නෙ නෑනෙ ඒත් මගෙ මෙලී වාසනාවන්තයි එයාගෙ හීනෙ හැබෑවෙන්න..... ඉතින් කොහොමද එයා නවතින්නෙ..... Moscow State University for Security එකේ මගේ අක්ක ස්ටුඩන්ට් කෙනෙක් කිව්වම කාටද ආඩම්භර..... වෙන කාටද....මේ දරුවට තමයි ......

තාත්ත මෙහේ ඉදන්ම එයාගෙ බිස්නස් වැඩ කරන් ගියත් මට නම් ඒව සෙට් නෑ.....තාත්තට නම් මෙහේ හිතට අල්ලල වගේ...... එයා නිදහසේ ඉන්නව දකිද්දි මට දැනුනෙ පුදුම සහනයක්....

එදා ලංකාවෙන් ආපු දවසෙ මගේ ගෙදරට ගියාම මට පිස්සු හැදුන්නැති එක විතරයි ...

තාත්තගෙ රූම් එක ඒක තනිකරම අපායක් වගේ...... අරක්කු බෝතල් හැම තැනම වීදුරු කටු පවා සමහර ඒව බිදිලා ගිහින් සිගරට් කෑලි දාහකට වඩා තියෙන්නැති අලු දුම් වලින් ඒ කාමරේ පිරිලා.....

එයා විදවලා......මං හිනාවෙද්දි එයා කොච්චර නම් ඒ ගේ ඇතුලෙ විදවලාද හිතෙද්දි... ඇස් දැවිල්ල අරන් කදුලු පෝලිම් බැස්ස.....

හරියට කන්නවත් ඇතිද දන්නෑ දෙයියනේ ...... පපුවත් එක්ක හිර කරන් ඒ අපායෙන් ආවෙ අදින් පස්සෙ නම් එයාව හැමදාම සතුටින් තියනව කියල .......

ඉතින් හැමදාම වගේ සුපුරුදු විදිහට මං තාත්තව බලාගන්න එක කෙසේවෙතත් එයා නම් මාව බලාගන්නව.... උදේ පාන්දර නැගිටල එයා උයන සුවද දැනෙද්දි එලිවෙන පාන්දරට ඇස් පියවෙන මං ඇහෙරෙන්නෙම හය පහුවෙලා...

මෙහේ සීතල වැඩී..... සීතල ට මං එච්චර ම ආස නෑ අප්පා.... ඒත් හිම වලට ආසයි......

ඉතින් කාල බීලා වෝක් එකකුත් ගිහින් ඉස්සරහට මෙහේ ම දිගටම ඉන්නවද නැද්ද කියල කල්පනා කරන ගමන් මං රූම් එකට ගියා.....

කොහොමත් මං හිතන්නෑ ලංකාවට යන්න හේතුවක් දැන් මට ඇති කියලා.....තාත්තා මටත් සිටිසන් හදන්න  ඕන කිව්වා....

"පුතේ මං ඇතුලට එන්නද..?"

" විකාරද අප්පා අහල එන්නෙ හැමදාම දොර ලොක් නෑ කියන්නෙ මං ඇදුම් මාරු කරන්නෙත් නෑ කියලනෙ....."

ඇදලග බිමින් වාඩි වෙලා වින්ඩෝ ග්ලාස් එකෙන් අහස බලන් හිටපු මං දොරට අත තියන් එන්නද අහන තාත්තා ට උත්තර දුන්නෙ පොඩිම පොඩි නොරිස්සුමක් එක්ක... ඇ‍ත්තනෙ ඉතිං ......

දන්නෑ මගේ හදවතේ පැත්තක් පිරිලා ඉතිරිලා ගිහින්.... කවදාවත් ලැබෙන එකක් නෑ කියල හිතපු තාත්තගෙ ආදරේ මට හම්බෙලා... ලෝකෙ තියෙන හොදම විදිහට......

එතකොට අනිත් පැත්ත......

" අම්මෝ සොරි.... ආයෙ එන්නම්කො කඩා බිදගෙන.... කියපන් බලන්න එතකොට ඔහොම එනවද පෞද්ගලිකත්වය යැයි යැයි ගගා "

මං හිනා වුනා.....මේ ගෙවුන කාලෙම එයා ඔහොම යි මොකක්ද ප්‍රශ්නෙ කියල කෙලින්ම නොඇහුවට එයා දන්නව මං ඉන්නෙ හොදින් නෙවෙයි කියන්න ඒකමයි ඔය වගේ මොකාක්ම හරි කියල මාව හිනස්සවන්නෙ..... ම්ම්ම් මාත් එහෙම ම තමයි .... මං අවුලින් නෙවෙයි කියන්න කොච්චර නම් ට්‍රයි කරනවද...

" උබ හිතන්නෙ ඔය හිනාව මං අදුරන්නෑ කියලද"

"............"

" මෙච්චර දවස් මං මේක ගැන අහන්න හිතුවෙ නෑ...... ඒත් දැන්..... ඔහොම ඉන්නෙපා බං... උබ ගලක් නෙවෙයි ...... මගේ කොල්ලට කවුරු නැතත් මං ඉන්නව කියල දන්නව නේද..... උබට ඕන හැම වෙලේකම මේ උරහිස තියෙයි කියල මතක තියාගන්න..... මෙච්චර දවස් අමතක කලත් දැන් ඉදන්වත් එහෙම කරන්න අඩුම මට සමාව ලැබුනා කියල හරි හිත හදාගන්න"

" තා...ත්..තෙ..."

" කතා කරන්න මැණික..... ඔය ඇස් පව් ඒවට අමාරුයි එලියට පනින්න හද ඒව හිර කරන් ඉදලම...."

" ම්...මට එ...යාව ඕනි...නෙ... මං මොකක්ද තාත්...තෙ..හ් කරන්....න ඕන... මට ....."

මං කොච්චර ට්‍රයි කලත් වැඩක් නැති තැන එයා ගන්නකන් බලන් ඉද්දි මෙහේ ආපු දවසෙම රෑ විනුද් කතා කලා

"  හෙලෝ විනුද්... "

" පරිස්සමට ගියානෙ.... මං පස්සෙ ගන්නම් ම්ම් තාම හොස්පිට්ල් එකේ "

එච්චර යි එදායින් පස්සෙ අද වෙනකන් ඒ නම්බර් එකෙන් කෝල් එකක් මැසේජ් එකක් මුකුත්ම ආවෙ නෑ.... මං කොච්චර බලන් හිටියත්.... මගේ පැත්තෙන් චැට් එක මැසේජ් ගොඩකින් පිරෙද්දි ඒ පැත්තෙන් මුකුත්ම ඇවිත් තිබුනෙ නෑ......

මුලින් මං යවන හැම එකම සීන් උනත් රිප්ලයි නොතිබුනාවෙද්දි පස්සෙ හරි දෙකවත් වැටෙන්නැතුව ගියා.....

ඒත් මාස තුනක ට විතර පස්සෙ ඉමෝ එකට පොටෝ ගොඩක් එක්ක මැසේජ් එකක් ඇවිත් තිබුනා.....

මගෙ කොල්ලා ත්...තාම ච්චූටියිනෙ.....මොන අපරාධ...යක්ද ඒ.... ඇයි ම්..මාමවත් මුකුත් කරල නැ...ත්තෙ....

ඒව දැක්කම මට මුලින්ම හිතුනෙ ඒක

කෙල්ලෙක් එක්ක ගහපු පොටෝස්.....පොසිටිව් වැටුන ප්‍රෙග්නන්සි එක්ක පොටෝ.... හොස්පිට්ල් එකක කෙල්ලෙක් එක්ක හිටන් ඒ කෙල්ලව් ඇගට බර කරන් මගේ කොල්ල ඉන්න පොටෝස් තව ගොඩක් ඒවා..... ඒ කෙල්ල වෙන කවුරුත් නෙවෙයි නිශාදි වෙද්දි...... මගේ පපුව පුපුරලාම යන්නැති...

බිදුන වීදුරු ආපහු බිදිල යද්දි ඒ සද්දෙටවත් වටිනාකමක් ලැබෙන්නෙ නෑ..... වීදුරු බිදෙනව වගේද මිනිස්සු බිදෙද්දි කිව්වට වීදුරුවක් බිදෙද්දි දෙන වටිනාකමෙන් දාහෙන් එකක්වත් අමාරුවෙන් පැලැස්තර ගහල පරිස්සම් කරගත්තු හදවතක් බිදිලා යද්දි ලැබෙන්නෙ නෑ......

මගෙ කොල්ලට විස්සක්වත් නෑ තාම කියල මතක් වෙද්දි ඒක ලොකු අසාධාරණයක්  කියල හිත කෑගැහුවත් ඒ අසාධාරනේ උනේ මට කියලයි ඒ කෑ ගැහිල්ල කියන්නෙ කියන දේ පිලගන්න මට ඕන උනේ නැ.......

සමහර විට මගේ කොල්ල සතුටින් ඇති.... ඒත් මගේ කොල්ලගෙ හීන අනේ ඒවා හැබෑ කර ගන්න ඕනමයි....

ඊට ටික දවසක ට පස්සෙ ඒලෙවල් රිසාල්ට්ස් එද්දි කොල්ලගෙ රිසාල්ට්ස් බැලුවෙ දන්න කියන හැම දෙවියෙක්ගෙන්ම මගේ කොල්ලව පාස් වෙලා තියෙන්න කියල හිත යදිද්දි....

සතුටට මට කෑ ගහල ඇඩෙද්දි බදාගෙන මගෙ කොල්ලට සුභ පතන්න ඕන වෙද්දි ඒ හැගීම් ඔක්කොම මං ලියල දැම්මෙ දවසක දෙන්න පුලුවන් උනොත් නිර්නාමිකව හරි ඒ විශ් එක එයාට දෙනව කියල මෝඩ බලාපොරොත්තු වත් තියාගෙන ......

මගේ කොල්ල හොදටම පාස් වෙලා කැම්පස් යන්න පුලුවන් තරම් හොද රිසාල්ට්ස් එකක් ඇවිත්......

එදා අර මැසේජ් ගොඩින් පස්සෙම මං තවත් එයාට මැසේජ් කලේ නෑ...... හැබැයි  බ්ලොක් කලෙත් නෑ ඩිලිට් කලෙත් නෑ......ඒ පෝන් එක එක්කම මං අයින් කලා.... ඒකෙ එයාගෙ පොටෝස් පිරිලා.... දැන් තියෙන එකේ කියල වෙනසකුත් නෑ..... තාමත් වෝල් එකේ ඉන්නෙ මගේ කොල්ල......

එදා ඉදන් නින්ද කියන දේත් මාව රිජෙක්ට් කරලද කොහෙදෝ පාන්දර දෙක තුන වෙනකනුත් නින්ද කියනදේ මාව හොයාගෙන ආවෙ නෑ....

ඒත් මං වැටිලා කොහොමද.... තාත්ත වෙනුවෙන් මං ජීවත් වෙන්න හිනාවෙන්න ගත්තා......

වැඩි කාලයක් නෑ කියල මතක් කරන්නදෝ අත්වල බ්ලඩ් මාර්ක්ස් එන්න එන්නම වැඩි උනත් මෙලී විතරක් නෙවෙයි තාත්තත් හිතන්නෙ දැන් මං හොදින් කියලවෙද්දි ඒක නම් සහනයක් උනා.... අත් දිගටම තාරාව වගේ අදින්න හේතුව  තමයි ඒ....

ඒත් කොහොමද දෙයියනේ මං දරාගන්නෙ ... ඒක අමාරුයි.....පණ්ඩිත කමට කොච්චර කලත් ඔයාව මට අයිති නෑ කියල හිතට ඒත්තු ගැන්නුවත් ඒක මෙච්චර රිදෙනවා කියල මං හීනෙකින්වත් හිතුවෙ නෑ.....

ගෙවුන අවුරුද්දටම මුකුත්ම නොවුනා වගේ හිටියා තමයි ඒත්  ඊයෙ රෑ එවල තිබුන අද උදේ දැකපු , අර ඉමෝ එකෙන්ම ඒවල තිබුනේ වෙඩින් කාඩ් එකක් ......

ඒක මුලින්ම දකිද්දි මට නිකන් විකාරයි වගේ දැනුනෙ ඒ දෙන්නම තාම පොඩි දරුවොනෙ කියල හිතෙද්දි......ඊටත් වඩා නිශාදිගෙ තැන ඉන්න  පුංචි ම බලාපොරොත්තු වක් මගේ හිතේ තිබුන නිසාදෝ පුපුරල යන්නවත් හදවතක් නැතිතැන ඒක දූවිල්ලක් වෙලාම යන්නැති....

ශිට් මගුල ඒක රිදෙනවාආආහ්.. එදා මීට මාස ගානකට උඩින් එදා අර පොටෝස් දැකපු දවසටත් වඩා ඒක රිදෙනවා ......

අනික දැන් අවුරුද්දක් ම ගිහින් කියන්නෙ දරුවාව එ..යාලගෙ ම්...මගේ කොල්ලගෙ දරුවව හම්බෙලත් ඇති නේද..... තව මාස දෙකකින්ලුනෙ වෙඩින් එක....

ඒ ඔක්කොම එක්ක දරාගෙන හිරකරගෙන හිටපු පීඩනේ තාත්තගෙ වචන එක්ක පුපුරලා යද්දි මට කෑ ගැහිලම ඇඩුනා.....

"ප..පු...ව... රිදෙනවා නෙ... තාත්තේ... ඔ..ඔයා ද..න්නෝද මං දැන..ගෙන හි..හිටිය...ම්..මගෙ කොල්ලව..ම්..මට හම්බෙ..න්නෑ කියල ... මං... මං දැනගෙන....හි...ටියා....ඒත් ... මං  හිතුවෙ..ම නෑ...මෙච්ච්..චර රිදෙන..වා කියලා....මැරෙ..න්න තරම්... රිදෙනවා නෙ...මං ප්..පව්නෑද..තාත්..තෙ....."

බිදුන මිනිස්සු ආපහු  බිදෙනව දැකල තියෙයිද....

ඒ බිදෙන සද්දෙ අහල තියෙය්ද.....

ඒක  වීදුරු බිදෙනව වගේ නම් නෙවෙයි විනුද්.....

එදා උබ ඉල්ලපු අයිතිය ඕනවටත් වඩා මට ඕන උනා වෙද්දි.... ඒ අයිතිය ඉල්ලුවටත් වඩා ඕන උන විදිහට මං දුන්නැද්ද විනුද්....

නෑනෙ ම්...මට බැරි උනානෙ අඩුම අල්ලන්නවත් මං උබට අයිතියක් දුන්නෑනෙ.... දැන් පසුතැවෙනව ඇරෙන්න දෙයක් මං දන්නෑ දෙයියනේ

ඒ නිසාද මෙහෙම කලේ..... ම්ම්ම්ම්හ්

මං තාමත් හුස්ම ගන්නව විනුද්....

ඒත් හිතනවටත් වඩා ඒක හරි අමාරුයි දැන් ....

මොකද ඒ .....මං එච්චර ටම ලං උනාද විනුද්... උබ එච්චරටම මාව රිද්දුවද ... ඒක මෙච්චර දැනෙන්න තරම් මං උබට ලං වුනාද විනුද්.....

🤍<3

------------------------------------------------------------

------------------------------------------------------------

-----------------------------------------------------------ආයෙ චෙක් කලේ නෑ පරක්කු නිසා අඩුපාඩු තියෙය් නම් කියන්නෝ 🦋

මං නිකමට අහන්නෙ මේක සෑඩ් එන්ඩින් කලොත් ඔයාල මට බනිනවද ඈ .......

🌼🖤

Share This Chapter