Back
/ 41
Chapter 30

විසිනවවෙනි කොටස

No more | Ongoing

මං දන්නෑ ඇයි මං මෙහෙම කියන්න.... මට හිතෙන්නෙම මොනව කලත් මට සනීප වෙන්න බැරි වෙයි කියල.... ඩොක්ටර් කිව්ව විදිහට ඒක සම්පුර්ණයෙන් ඇග පුරාම පැතිරිලා නැතත්.... මට හිතුනෙම මේක හොද අවස්තාවක් කියල මේ කරුමක්කාර ජීවිතෙන් පැනල යන්න.....

ඒත් ඇත්තටම මට එච්චර ආත්මාර්තකාමී වෙන්න පුලුවන් ද මං දන්නෑ මං මොකක් කරන්නද කියල.... ඒක හරි අමාරු හැගීමක්.... මට මැරෙන එක ගැන පොඩිම බයක්වත් නෑ... ඒත් මං ආත්මාර්තකාමී වෙන්නෙ කොහොමද් මේ ලෝකෙ මං විතරක් ඉන්න මගේ තාත්ත, මෙච්චර කාලයක් එයාගෙ පැත්තෙන් මුකුත්ම හොයන්න පුංචි ම  උත්සාහයක්වත් නොගෙනම මං පිලිකුල් කරපු කෙනා, දැන් ඊයෙ ඉදන්ම මගේ ජීවිතේ වැඩිපුරම ලොකුම ඉඩක් අයිති වග තේරුන මේ අහිංසක මනුස්සය ව තනිකරල දාල මං යන්න ගියොත් කියන එක ගැන හිතද්දි පපුවත් රිදෙනවා....

එච්චරයි ද....තාත්තව විතරයි ද....

එතකොට වෙන කවුරුත්ම නැද්ද......

ඒත් එක්කම රූම් එකේ දොර ඇරෙන සද්දෙ ඇහෙද්දි තාත්ත ලග ඇදෙන් ඔලුව තියන් හිටපු මං එකපාරටම ඔලුව ඉස්සුවා.....

දෙයියනේ මේ මොකද .......

කොන්ඩෙත් අවුල් කරන් එයා හොදටම තෙමිලත් එක්ක් ශර්ට් එකත් ඇගටම ඇලිලා.... ඔව් දොර ඇරපු ගමන් ඒකට අත තියාගෙන ඇස් දෙකත් රතු කරන් බෙල්ලෙයි වැලමිට ලගට එනකන් නවපු ශර්ට් එකෙන් පේන අතෙයි නහරත් උලුප්ප ගෙන මං දිහාම බලන් හිටියෙ විනුද්......

එයා වේගෙන් හුස්ම ගන්නවා.....

තත්පර එකක් දෙකක්.... අතකින් මූන තද කරල පිහගෙන එයා අඩියට දෙකට මං ලගට ආවෙ මං ඉදන් ඉදපු තැනින් නැගිටිද්දි.....

"ත්...තමුසෙට මො...... එනව යන්න එලියට..."

මගේ ලගටම ඇවිත් ශර්ට් එකේ කොර් එකෙන් තදකරල අල්ලගෙන දත්මිටි කන ගමන් ටිකක් සද්දෙන් එයා කතා කලේ යකා නැගල උනත් ඒ එක්කම ඇද දිහා බලල කියන් ගියපු එක නවත්තද්දි මගේ ශර්ට් එකෙන්ම ඇදල ඉස්සරහට තල්ලු කරල අතින් ඇදන්ම රූම් එකෙන් එලියට ගියා..

එයා යද්දි මාත් පරඩැල වගේම ඇදිලා ගියේ ඊයෙ ඉදන්ම මුකුත්ම කෑවෙත් නැති නිසා පනක් කියල නාමයක් නොතිබ්බ නිසා......

අනේ මං ද ඒ ගමන තව මොන මගුලක් ද කියල මෙයා කොහොමද  මෙහේ ආවෙ..... අනික මේ නාල වගේ තෙමිලත් එක්ක.... ඇස් දෙක නිකන් බීපු මනුස්සයෙක් ගෙ වගේ.... දකිද්දි බයත් එක්ක.... මට වඩා බාලයි තමයි ඒ උනාට මෙහෙම ඉද්දි නිකන් මට හෙන පොඩි සීන් එකක් දැනෙනව..... අනේ රෙද්ද ඇග පතින් එහෙම මොකුත් මනින්න  හොයන්න පුලුවන් ඇ...... ඕන්නෝක තමයි මෙච්චර විකාර අස්සෙ මගේ මෝඩ ලාමක හිතට ආපු මාර සිතුවිල්ල...... අනික ඒක හොයන්නෙ මොකටද මේ අපි දෙන්නගෙ..... මං මොකෝ මෙයාව බදින්න කියල ඇයි....... අනේ මගුල ඒක හිතෙද්දි පපුව නිකන් පැලෙන්න වගේ හැගීමක් දැනෙද්දි මං අතින් පපුවෙ වම් පැත්ත තද කලා......

කොහොමද එ...යා එයා වෙන කෙනෙක් ගෙ වෙනව බලන්නෙ..... දෙයියනේ.....

කවදාවත් දෙවියො කියල කෙනෙක් මං වෙනුවෙන් ඉදල නෑ තමයි ඒත් ප්ලීස් මේ වතාවෙවත් මං වෙනුවෙන් ඉන්න....මේ එකම පාර..... අනේ ප්ලීස් මට ඒ දේ වෙනව නම් බලන්න දෙන්න එපා දෙයියනේ ........ සමහර විට මේ ලෙඩේ නිසා හරි මට ඊට කලින් මේ කරුමක්කාර ජීවිතෙන් අයින් වෙන්න ලැබෙන්න.....

ඊට පස්සෙ ඊලග ආත්මෙක මං පිරිසිදු කෙනෙක් වෙලා ඉපදුනාම ඔයා වෙනුවෙන් ම පරිස්සම් වෙලා හිටියම මට පුලුවන්නෙ කිසිම ඩව්ට් එකක් නැතුව ඔයාට අයිතිය කියන්න.......

එකපාරටම මගෙ කොල්ලව මට නැති වෙයිද කියන හැගීම එක්ක එයා ගැන පොඩිම අයිතියක්වත් නැති වග දැනෙද්දි පපුව ඇතුලෙන් දැනෙන වේදනාව එක්ක ඔලුවත් කැරකෙනව වගේ දැනෙද්දි වටේම කලුවර වෙනවත් දැනුනා...

ඒත් එක්ක මෙච්චර වෙලා මාවත් ඇදන් ආපු ඒ අත මගෙන් ගැලවෙලා ගියා.....

" දැන් මට කියනව අයුල් !..... තමුසෙට මොලයක් කියල එකක් යන්තම් වත් නැද්ද..... මේ වගේ බූරු වැඩ කරන්නෙ.... තමුසෙ දන්නෑ මට පිස්සු හැදුනා තමුසෙ ව හොයාගන්න බැරිවෙද්දි පෝන් එකේ රින්ග්ස් යද්දිත් ආන්ස්වර් නොවෙද්දි මං දන්නෑ මං මෙහෙම කෙලින් මෙත....න  ඉන්නෙ කො...හො..මද කිය..ල වත්.......අරවෙ..ලාවෙ ත්....තමුසෙගෙ කටහඩ ඇහෙද්දි තමයි මගේ හුස්ම හරියට වැටු...... මාවි....!!"

වටේම කලුවර වෙලා යද්දිත් තද කරල ඇස් ඇරපු මං දැක්කෙ එයාගෙ නලලෙන් බේරෙන රතු පා.....ලේ! මගේ කොල්ලට තුවාල වෙලා.... එයා කියවද්දි ඒ මුකුත්ම මට හරියට තේරුනේ නැති වෙද්දි ඔලුවෙන් ආපු රිදිල්ල වැඩි වෙලා දැනෙනවත් එක්කම මගේ ඇස් පියවෙලාම ගියත් බිම වැටෙනව වෙනුවට මාව පැත්තකට ඇදිල වගේ යද්දි.......

ආර්ග්...ඔලුව නිකන් පොලු පාරක් කල වගේ

" මේ ලමයා හරිම මුරණ්ඩුයි..... පේශන්ට් කෙනෙක් උනත් මට බලෙන්ම එයාගෙ ජීවිතේ ට මැදිහත් වෙන්න පුලුවන් කමක් නැති උනත් මං ගොඩක් ට්‍රයි කලා ඒකට..... පුලුවන් තරම් ඉක්මනට මේ දරුවට  ට්‍රීට්කරන්න ගන්න..... මොකද තාමත්  අවස්තාවක් තියෙනවා...... මේ මාක්ස් එන්න එන්න වැඩි වෙද්දිත් සද්ද නොකර ඉන්න තරම්....... හරියට කෑම බීම නොගන්න තරම් මේ දරුව ඉන්නෙ ස්ට්‍රෙස් ගොඩක් ඇතුලෙ හිරවෙලා..... එයාව බලාගන්න......මට කරන්න පුලුවන් මෙච්චර යි....."

" අද රෑ ෆ්ලයිට් එක.....මං කොහොමත්  එයාල එක්ක යනවා....මගෙ කොල්ලව මං කොහොම හරි සනීප කරගන්නවා....."

යන්තම් ඇස් ඇරල බලද්දි බොද වෙලා පෙනුන වෙද්දි ආයෙත් ඇස් තදකරල ඇරියා ලගින්ම ඇහුන කටහඩවල් නිසා.....

ආයිශ් මොකටද අප්පා ඕක කියන්න එපා කියලත් මහා ලොකු දෙයක් වගේ ඔහොම කිව්වෙ.. මේ ඩොක්ටර්ත්..... දැන් ඉතින් බැනුම් අහපන්කො..... ඔක්කොටම හපන් ඊලගට මෙලී කිව්ව එක....

දැන් නිකන් මෙලී කියන්න මොකක්ද වගේ ඒත් මෙච්චර දවසක් උපන්දිනත් මාරු කරන් දාගෙන මංනෙ අයිය වගේ හිටියෙ ඒත් මේකි මට ආසාවට අයියේ කිව්වද.... කියල ඇති වැරදිලා නම්.....ඒ නිසා කලින් විදිහටම මාත් මෙලීම කියනවා.....අක්කේ කියන්න මොකක්ද වගේ....

නිදහසේ මැරෙන්නවත් නැති හැටි.... හැබැයි කොහොම හරි ඔය මගුල් නටල නටල ඉවර උන දවසක එක්කො මං යයි නැත්තන් ඉදියි හැබැයි මං ආයෙ මේ ලංකාව පැත්ත පලාතෙ එන්නෑහ්.....

ආයෙ අර පපුවව්හිරවෙන ෆීලින්ග් එක......විනුද්.....

"ආයු.... "

මං හිතින් කියපු එක ඇත්තටම කියවෙලා ද කොහෙද ටිකක් එහයින් හිටපු මෙලී ආයු කියාගෙන මං ලගට එද්දි මං කෙලින් වෙලා වාඩි උනා

අතේ කැනියුලාවක්.... ඒක දකිද්දි චූ බරත් වගේ.....

" ම්...මෙලී තාත්තා..... "

"එයාට කිව්ව ඔයා ටිකක් රෙස්ට් කරනව කියල  තව ටිකකින් ෆ්ලයිට් එක තියෙන නිසා .....  තව ටිකකින් අපි පිටත් වෙමු ම්ම්ම් හරිද ඔයා එතකන් රෙස්ට් කරන්න......මං ඕන දේවල් ලෑස්ති කලා ඔක්කොම දැන් මේක කාලා ඉන්න..... තමුසෙගෙ තියෙන්නෙ මහ පුදුම මුරණ්ඩුකමක්...පණ්ඩිත කනට මාවත් බලෙන්ම යවලා..... කෑවද ඇහුවම ඔව් කියපු එක මාත් පිලිගත්තනෙ හරක වගේ දැන් කාපං මූන දිහා බලන් ඉන්නැතුව....."

මෙලී රවන ගමන් ගහන්න බැරි කමටදෝ බැන බැනම කෑම එකකුත් පොඩි ටේබල් එකක තියල මට දිගෑරල දෙද්දි ඒ අස්සෙන් මං දැක්කෙ හිටගෙන මං දිහාම බලන් ඉන්න කෙනාව......

ඒ වෙලාවෙ ම මෙලී තාත්තට කෑම දෙන්න ඕන කියල යන්න යද්දි මගේ බැල්ම මගෑරල වගේ හැරිල ගිහින් එතන තිබුන සෝෆා එකකින් විනුද් ඉදගන්න යද්දි මං කතා කලා......

" ම්ම් මේ....ක කවන්න බෑද?"

කියන පරක්කුවට ඇවිත් එතනම තිබුන වොශ් රූම් එකෙන් අත හෝදන් ආපු විනුද් ඇදේ කොනකින් වාඩි උනා....

වෙනද ගොඩාක් කියවන ඒ කට වැහිලා ගිහින්..... මට ඇඩෙන්න වගේ දැනෙද්දි අනල කවපු බත්කට කොච්චර රසට දැනුනත් උගුර හිර කරනව දැනුනා වෙද්දි ඒක ගිලගන්න බැරිවෙද්දි ඇස්වලින් කදුලුත් පැන්න..... ඒ එක්කම එයා බත් අන අන හිටපු අත  මගේ කට ලගට ගෙනාවෙ අනිත් අතින් මගේ පපුව අතගාන ගමන් හරියට කටේ තියන ටික දාන්න කියන්න වගේ ඒත් එහෙම කො....

"ඕක දාන්න "

එයා කියද්දි මං අතට ඒ ටික දැම්මෙ ඒක මටම අප්පිරිය වෙද්දි...... එයාට කිසි ගානක් නෑ වගේ ඒක ඩස්බින් එකට දාලා... මට වතුර බෝතලේ ඇරල පොවලා අත ආයෙ සෝදන් කවන්න ලෑස්ති වෙද්දි මං පැනල එයාව බදාගත්තා .......

" ම්...මට සමා..වෙන්න ස්..සොරි..... ප්ලීස් ම්...මෙහෙම කර..න්නෙපානෙ...ක්....කිව්වෙ නැතුවට තර..හෙනෙ ඉන්නෙ.... අහ...න්නකො.....තාත්..ත විතරයි නෙ විනුද් ... මට.. එයාට අමාරුයි කියද්..දි මට මාව..ත් අමතක උනා අනික. මං...මං ඇත්තටම කැමති උනේ නෑ මාව සනීප වෙනවට....මට මාව අප්පි...රියයි විනුද්..... මෙහෙම ජී...වත් වෙන එක අමා..රුයි...... ඉතිං මං මැරුනොත් ආයෙ ඉප...දුනාම මං පිරිසිදු වෙයිනෙ ...... එතකොට ම්...මට පුලුවන් ඔයාගෙ..... මේ මට එත..."

"ම්ම්ම්"

"........"

" උබ හරි මෝඩයි මැණික..... උබ කොහොමද බං හිතුවෙවත් මාව දාල යන්න..... නිකමටවත් මතක් උනේ නැද්ද මාව.... පොඩ්ඩක්වත් හිතුන්නැද්ද මං ජීවත් වෙන්නෙ කොහොමද කියන එක..... උබ කවදාවත් මං ගැන ගනන් ගත්තෙ නෑ...මං දන්නවා ගානක් තිබ්බත් උබ කවදාවත් මාව විශ්වාස කලේ නෑ.... දැනුත් නෑ..... මං කොහොමද දෙයියනේ උබට විශ්වාස කරවන්න ඕන කියන්නවත් මං දන්නෑ බං.... උබ අද ඔහොම ම ගියා නම් මං .... මං කොහොමද උබව හොයාගන්නෙ මාවි.... ආයෙ ඒවි කියල හිතාගෙන  මැරි මැරි ඉන්නවත් පුලුවන් වෙයිද බං මට..... කොහො..මද එ...හෙම හිතු....වෙ..වත්.."

" වි..නුද්......"

මං තුරුල් කරගත්තත් ඒ අත් මුලින්ම මගේ වටේ එතුනෙ නැති වෙද්දි..... මං ඔහේ කියවගෙන ගියා... වචන ගොතගැහෙද්දිත් මං  කියවන් යද්දි කියවුන දේට ලැජ්ජාවක් වගේ එකකුත් ලෝඩ් වෙද්දි ඒක වෙනස් කරන්න හැදුවත් ඒ අත් එකපාරටම මාව තද කරල බදාගත්තා .......

එත් එක්කම ලොකූ හුස්මක් පහල දාලා එයා කියවන් යද්දි මට මං ගැනම තරහක් ඇති උනා....

ඔයා එච්චර ටම ආදරෙයි ද විනුද්...

" ඇයි වි...නුද්.... ඔයා මට ආදරේ කරන්නෙ.... මට ඒක දරාගන්න බෑනෙ... දවසක ඔයාට පසුතැවෙන්න උනොත්.... මට පිස්සු හැදෙයි විනුද්.... ඔයා දන්නවනෙ මං....මං පිරිසිදු නෑ කියන්න මං ජරාව්...."

මාව ගල් උනා.... එක පාරටම එයා මගේ තොල් ලොක් කලා..... ඒ එයාගෙ තොල් වලින්...... ඒක අමුතුයි අනේහ් එයා මාව කිස් කලා.....ඒක පෙක් එකක් වගේ....හරි තදට ඒ තොල් මගේ තොල්වලට තියල තද කරපු එයා  මගේ නලලෙනුත් තොල් තද කලා....

" හැමදාම තමුසෙගෙ මනස්ගාත විකාර මගුලවල් නිසා තමුසෙත් රිද්දන් වටේ උන්වත් රිද්දනවා.... දැන් ඇති ම්ම්... හොදට ම ඇති අපි යමු ම්ම්ම්..... ගිහින්  තාත්තත් එක්ක අපි සනීප වෙලා එමු...... ම්ම්.....  දැන් මේක කමුකො......වතුර බිබී හෙමිහිට කමු....ම්ම්ම් කො...."

තව මොනව කියන්නද..... කතා කරල ඉවරයි කියන්න වගේ මගෙන් ඈත් උන එයා බත් අනල කවන්න ගත්තා.... පිට අල්ලෙන් කටත් පිහ පිහ එයා මට කවද්දි අහන්න දේවල් හැටක් විතර ඔලුවට ආවා.... එයා ආවෙ කොහොමද මං මෙහේ කියල දැනගත්තෙ කොහොමද මෙලී කිව්වද එයා කාලද ඉන්නෙ තෙමිල හිටියෙ කොහොමද  තෙමිලා කිව්වම මතක් උනේ මේ ඇද්න් ඉන්නෙ ඇදන් ආපු ශර්ට් එක වෙනුවට වෙන ටීශර්ට් එකක්..... දැනුයි මං එයා දිහා හරියට බැලුවෙ කලින් රතුවෙලා තිබුන ඇස් තාමත් ලාවට රත ගැහිලා... නලල.... නිකන් ම ප්ලාස්ටර් එකක් ගහලා

"විනුද් නලල  "

" ඔලුව බිත්තියක වැදුනා....ඒක ලොකු අවුල්ක් නෑ "

" අනේ බෙහෙත් ටිකක් දාමු... මට ඇති ඔය ටික කන්නකෝ... කාල ඕකට බෙහෙත් දාමු ගෙඩිත් ගැහෙයි...."

" අනේ මේ තමුසෙගෙ බොරුව... මෙතන දාල යන්න හදල.... අඩුම කෝල් එකක්වත් මැසේජ් එකක්වත් දැම්මද.... මාව යන්තම් හරි විශ්වාස කලා නම් නිකමට හරි කියනවනෙ..... තමුසෙ මට ටිකක් හරි ආදරෙයි නම් තමුසෙ මං ලගට, මගේ අත් අස්සට එනවනෙ.... හහ්...... නිකන් මගේ ලේ කෝප නොකර මේක කන්න කට අරිනව... ගෙඩි ගැහෙයිලු...හරි දුක ඇති..."

"ඉතිං ත්...තමුසෙ මට කියන්..නෙවත් නැතුව අර ගෑනිත් එක්කන් පාන්දරම ගිහින් තිබ්බෙ..මොන මගුලෙ ගියාද දන්නවද... මං හිටියෙ ඒ තරහත් එක්කනෙ... කවු...රුත්...ම මට...නෑ කිය..ල හිත..මං.. අඩුම එක..මැසේජ් එක..ක්වත් තිබ්..බෙ නැහ් මං.."

ශිට් ඇඩෙනවනෙ රෙද්ද...කියන්න ඕන එකවත් කියවෙන්නෑ හරියට... මං විතරක් යැ වැරදි... එයත් මාව දාල අරකි එක්ක ගිහින් තිබුනෙ.... අඩුම කෝල් එකක් මැසේජ් එකක්වත් තිබ්බෙ නෑ... ඒ උනාට මට ම බනින විදිහ....

"අනේ මැනික.. ඉතින් යකෝ තමුසෙ මාවත් දාල අර බූරුවට චිත්‍ර අන්දවන්න දුවන්න හදපු එකට තරහට තමයි මං උදෙන්ම ගියේ.... එතකොට නෙශාදි ගියේ මං එක්ක නෙවෙයි අනික පෝන් එකේ බැට්‍රි බැහැල ඕෆ් වෙලා තිබුනේ මං ලග තිබ්බෙ චූටිගෙ පෝන් එක.... මට ඒක චාර්ජ් කරගන්නවත් සිහියක් තිබ්බෙ නෑ මැනිකෙ.... ඒකට කතා කලාද අනේ මං ඒක ගැන හිතුවෙ නෑ.. ඒව මතක් වෙන්න තරම් සිහියක් තිබ්බෙ නෑ බං එවෙලෙ .... මං ගෙදරත් ගියා.... එහෙත් නැති වෙද්දි ඒ ගිහින් කොලඹ එන්න එද්දි යි උබෙන් කෝල් එක්ක ආවෙ ..... උබ කතා  කරද්දි... උබ දන්නෑ බං එවෙලෙ යි මට හරියට හුස්මක් වැටුනෙ.... ඒත් ආයෙත් කෝල් එකෙන් ඇහුන දේ එක්ක මට හෙනයක් ගැහුව වගේ.... උබව මරන්න කේන්තියෙන් ආවෙ මං...... "

එක දිගට කියවන් ගියපු විනුද් අන්තිමේ හරි බරට හුස්මක් පිටකලා.....

"මොකේද "

" මොකක්ද "

" ආවෙ"

" මාමගෙ බයික් එකේ "

මට නිකන් හෙනයක් ගැහුව වගේ දැනුනෙ.... බයික් එකේ මාමලගෙ දිහා ඉදන් ගෙදරත් ගිහින් ඒ ගමන් ආයෙ කොළඹ ආව කිව්වම.... පැය කීයක්ද... එක දිගටම එන්නැතිද... එතකොට තෙමුනෙ වැස්සටද......එතකොට අර කෝල් එක අරන් පැයක් යන්නත් කලින් එයා ඇවිත් තිබුනෙ එච්චර ඉක්මනට පියාඹලාද... වැස්ස මැද්දෙ බයික් එකේ එන කොල්ලව මැවිල පෙද්දි සත්තයි මට මාවම එපා උනා...

හිර කරගත්තු ඉකියක් කටින් පිටවෙද්දි කියවල ඉවරවෙලා මටත් කවල ඉවර වෙලා අන්තිමේ බත් කටක් කටට ලං කර ගත්තු කෝල්ල ඒක ආයෙ පහලට දාල ඇසුත් ලොක් කරන් මං දිහා බලද්දි එක අතකින් කට තද කරගත්තු මං ඒ බත් කට තිබුන අත එයාගෙ කට ලගට ලං කරා......

"ඕක කන්..නකෝ"

මං වතුර බෝතලෙන් වතුර ටිකක් බීල එහෙම ම ඇද විට්ටමෙන් ඔලුව තියාගෙන සිවිලිම දිහා බලාගත්තෙ කොල්ල බත් කනව ඇස් කොනට පේද්දි.......

එයා එන්න කලින් මං ගියානම්.... මගෙ කොල්ල......

"මේ...විනුද් "

"ම්ම්"

කාල ඉවර වෙලා වෙලාවත් තුනට කිට්ටු වෙලා තියෙද්දි මාත් කලින් ෆේන්ට් වෙලා පැය ගානක් නිදාගෙන නිසාම නිදිමත නොවෙද්දි සෝෆා එකට යන්න හදපු විනුද්වත් ඇදගෙන ඇදෙන්ම හාන්සිකරව ගත්තා......කියන්නත් වගේ මගෙත් තනිකරම බොරුව තමයි ..... වෙන උන්ට කසාදත් බන්දවල පැත්තට වෙලා ඒකපාර්ශ්වික ප්‍රේමයේ ලස්සන කියන්න කතාව.... ඒ උනාට ඒක හිතෙද්දිත් පපුව පැලෙන්න හදනවා...

මූ මෙහෙම  කරද්දි කොහොමද යකෝ මං හිත හදාගනෙ පැත්තකට වෙන්නෙ... ඔච්චර ආදරේ කරන්නෙපා විනුද් ඒක බර වැඩියි මට....

විනුද්ත්තු පුදුමෙන් වගේ ඕනෙකක් කරගන්න කියල මං දිහා ම බලන් ඉද්දි ආදරේ නෑ මටේපා ගගා ඒ පපුව අස්සෙම ගුලි වෙන්න දගලන මට කැස්සක් වත් හැදෙන්නෙපා.....

ඉතින් හරි බරි ගැහිලා මං ලෑස්ති උනේ බැනුම් අහන්න....

මගේ ඉන වටෙන් අතක් දාල අනිත් අතින් කොන්ඩෙ අස්සෙන් ඇගිලි අරන් යන ගමන් එයා කල්පනාවකද කොහෙද   ....... සිරාවටම මුගේ පොඩි වයස විතරයි ද කොහොමද ...... ඊව් හිත කියන්නෙත් මහ පුදුම එක තුන් හිතකවත් නැති ඒවත් මතක් උනානෙ..... නෑ ඉතින් සෘජුව ම නොදැක්කට මං මුගේ යට ඇදුම් පවා හේදුවනෙ .....

" මං තාත්තා එක්ක ගිහින් එනකන් ඔයා අර කෝස් එක ක...."

"කුණුහරුප අහගන්නැතුව ටිකක් වෙලා නිදාගන්නවා.....ඔහොමම...මං ඇහැරවන්නම් ඉදපන්කො සනීප වෙනකන්.... තමුසෙ"

----------------------------------------------------------

------------------------------

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

අඩුපාඩු තියෙය් නම් කියන්නෝ

🤍

Share This Chapter