Back
/ 41
Chapter 32

තිස් එක්වෙනි කොටස

No more | Ongoing

මං ඇස් අරිද්දි හිටියෙ තාත්තගෙ පපුව අස්සෙ...... හරි සුවදයි... ඒ උණුහුමට මං තව ගුලි උනා......

මං දන්නව තාත්තගෙ පපුව අස්සෙ ගුලි වෙන්න තරම් පොඩි එකෙක්වත් ඒ උණුහුම හොයන්න මං කෙල්ලෙක්වත් නෙවෙයි කියලා...

ඒත් මට මතක දවසෙ ඉදන්ම මං බලාපොරොත්තු උනත් ලැබුනෙ නැති මේ උනුහුමට මං පුදුම තරම් හීන මැව්ව... දැන් ඒ උණුහුම ඕන උනාටත් වඩා හොද ම විදියටලැබිල තියෙද්දි ඒ පපුව අස්සෙ ගුලි වෙන එක වැරදිද....

මං හිතන්නෙ එදා ඒ බලාපොරොත්තු ගොඩගහපු පුංචි එකා තාම මගේ ඇතුලෙ පණගහනවා...

මිනිස්සු රිදෙනකොට බලාපොරොත්තු අතාරිනවා කිව්වට තව මිනිස්සු කොච්චරක් රිදුනත් ඒ බලාපොරොත්තු ජීවත් කරනවා..... රිදි රිදිම ඒවා පරිස්සම් කරගන්නව....

මේ පපුවෙ උණුහුම තරම්ම මං ඔය පපුවෙ උණුහුමත් බලාපොරොත්තු වෙන්නැති.... සමහර විට ඊටත් වඩා.... මොකද  ඒ වෙද්දි මේ උනුහුම ගැන තිබුන බලාපොරොත්තු ඇතෑරෙන ගමනුයි තිබුනෙ.....දැන් හොදට ම ශුවර් වෙලත් ඒ උණුහුම ලැබෙන්නෙම නෑ කියල , මං තාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.......

කොහොමත් හැමෝටම හැමදේම ලැබෙන්නෑනෙ.... දෙවියො උනත් එක දෙයක් දෙද්දි තව දෙයක් උදුරගන්නව ඇති..... ඉතින් ඔයාව මගෙන් උදුරගෙන තාත්තව මට දුන්න එක ගැන තෑන්ක්ස් කරන්නවත් පුලුවන් ද ....

මගේ කල්පනාව බිදුනෙ පෝන් එක රින්ග් වෙද්දි.....

දෙයියනේ මෙලී........

"හෙලෝ"

"........"

"මෙලී ඇහෙන්නැද්ද මනුස්සයෝ "

" ඔයා හොදින් ද ආයු.... ඇයි ඇඩුවෙ මොකක්ද උනේ "

" අහ්..... විකාරද මං මොකටද අඩන්නෙ"

" ම්ම් මං අද එනවා"

" අනේ ඇත්තටම ...... කීයට විතරද... ගෙදර යන්නෙ නැද්ද"

" තනියෙම යන්න බෑනෙ....."

" මේ... මං... "

"මං මං නෙවෙයි මං තුන විතර වෙද්දි එනෝ....."

"හ්..හා පරිස්සමට එන්න  මං එයාපෝට් එකට එන්නම්... "

මෙලීගෙ මාස හයේ නිවාඩුව ඇවිත්.... මට අමතක උනා පෙරේදා ආපු ලියුමෙ තිබුනත් මට ඒක අමතක වෙලා ගියා වෙද්දි....අද එන එක ගැන සතුටු වෙන්නවත් පුලුවන් මානසික මට්ටමක් නොතිබුනත් ඒ ඔක්කොම දැන් හිතේ යටටම තල්ලු කරල මං තාත්තගෙ උණුහුමෙන් ඈත් වෙලා නැගිට්ටෙ කුස්සියට යන්න... අද උයන්නෙපැයි හොදට.... ඔය හොල්මන එන්නෙම ඒකටනෙ.....

මෙලීට මං අද වෙනකන් මේ අවුරුද්දටම විනුද් ගැනවත් අර පොටෝස් ගැනවත් මුකුත්ම කියල නෑ.... පුදුමෙකට එයා මගෙන් ඇහුවෙත් නෑ..... අද මං කතාකරද්දි කටහඩ බර වෙලා නිසාදෝ එයා ඇඩුවෙ ඇයි අහද්දි මට වරදාකාරී හැගීමක් දැනුනා....

හරියට මං මගේ ජිවිතේම කොටසක් වගේ ඉන්න මනුස්සයගෙන් දේවල් හැංගුව නේද කියල ......

ඔය  වගේ විකාර දාහක් හිතන ගමන් මං උදේට කෑම ලෑස්ති කරද්දි තාත්තත් ඇහැරලා ආවා...

"අම්මෝ සුවද...අද උයනවනෙ මගේ කොල්ලා"

"අද අයුල්'ස් ස්පෙශල්... මෙලී එනවනෙ "

" අහ් කිව්වෙවත් නෑ ඉන්නකො මං කතා කරන්නෑ ආවට "

හොදම දේ තමයි මෙලීගෙයි තාත්තගෙයි සම්බන්ධෙ ගොඩාක් වැඩි උන එක..... හරියට තාත්තයි දුවයි වගේ...ඊටත් වඩා යාලුවො දෙන්නෙක් වගේ.... මෙලී මට වගේම තාත්තටත් ලියනවා ... කෝල් කලොත් පැය දෙකක් විතර තාත්ත එක්ක කියවනවා ම්.. මොනව කියවනවද මන්දන්නෑ මං එක්කනම් උපරිම විනාඩි විස්සයි..... නැත්තන් දහයයි......ඒ දෙන්න මටත් වඩා එකතුයි හහ්..... ඒව කොහෙද .... එහෙම වෙන්න දෙන්න බෑ....

යකෝ හම්බුනා විතරයි.....තාත්තගෙ ආදරේ බෙදාගන්න පුලුවන් ඇයි..... උම්බටවත් බෑ...... අක්ක උනා කියල කොහෙත්ම බෑහ්

අම්ම ගැන කිව්වොත් මේ අවුරුද්දෙ දෙපාරක් විතර කතා කරල තාත්තගෙයි මගෙයි සැප දුක බැලුවා......

මෙච්චර කාලයක් උන්නද මලාද බැලුවෙ නෑ..... අනේ දැනුත් ඕන්නෑ.....

සමහර විට එයාගෙ පැත්තෙන් එයත් හරි ඇති ඒත් දැන් මට එයාගෙ පැත්තෙන් නිකමටවත් හිතන්න ඕන නෑ.....

එතකොට නංගි......එයා නම් ආසාවට ගත්තෙ නෑ.... ම්හ්ම්..... ඒත් මං එක පාරක්වත් බලාපොරොත්තු උනා...

කමක් නෑ....

දැන් එයාල වෙන පවුලක්...

මං, තාත්ත වෙන ම පවුලක්...

තාත්ත ඇවිත් කිචන් එකෙයි සාලෙයි තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට වතුර ස්ප්‍රේ කරන්න පටන් ගත්තා... මෙයත් පොඩි එකෙක් වගේ.....අඩුම එයා ඉන්නෙ සතුටින්....

ඉතින් ඒ මදැයි හෙන ගැහුවත් හිනාවෙන්න.....

"බොරුවට හිනාවෙන එක එච්චර ලේසිද පුතේ..... "

" අහ්....."

" දන්නවද මිනිහෙක්ගෙ අව්‍යාජම දේ ඇස්.... උබේ ඇස්වලින් සතුටක සේයාවක්වත් මේ අවුරුද්දටම මං අද වෙනකන් දැකලා නෑ..... උබම මවාගත්තොත් ඇරෙන්න "

" බොරු කියන්නෙපා ඔයාව හම්බුන එක එතකොට ඔයත් එක්ක ඉන්න මේ ජීවිතේ  තමයි මගේ ජීවිතේ මං සතුටින්ම හිටපු අවුරුද්ද....."

" ම්ම්ම්....උබ දන්නවද කියන්න මං දන්නෑ ඒත් මං කියන්නම්"

යන්තම් හිනාවෙලා ස්ප්‍රේ එකත් තියල මගේ ලගට ආපු තාත්තා කෑම මේසෙන් වාඩි වෙද්දි මං එයාගෙ තේ එකයි කේක් කෑලි ටිකයි මේසෙන් තියල වාඩි වුනේ එයා ලොකු කතාවක් පටන් ගන්න හදනව කියල තේරෙද්දි...

" එදා උබ ඇක්සිඩන්ට් උන දවසෙ මං කියන්නෙ උබ චූටිම දවස්වල.... එදා තමයි මං විනුද් පුතාව එහෙන් ආවත් හරි මුලින්ම දැක්කෙ..... අනූශ් එක්ක ඇවිත්  මීක් සද්දයක් නැතුව ම ඌ කදුලු බේරෙන ඇස් අත් දෙකෙන්ම පිහ දදා අයි සීයූ එකේ ඉදපු උබ දිහා අනූශ්ගෙ අතේ ඉදන්ම බලන් හිටියා මට හොදට මතකයි..... එහේ ඉද්දි ඌ උබේ පස්සෙන්මයි.... සුදූ ගාගත්තු ගමන්මයි... උබෙන් ආදරෙයිද අහ අහ උබේ අස්සෙමයි.... මං උබව කොලඹ එක්ක එද්දි ඌ ඇඩුව පුදුම විදිහට....උබව එක්ක යන්නෙපා කියල

එතකොට එදා අනූශ් ආවත් ඌ මං එක්ක වචනයක්වත් කතා කලේ නැති වෙද්දි අර පොඩි කොල්ල තමයි මගේ ඇස් පිහදදා එයා හොදින් මුකුත් වෙන්නෑ ගගා මගේ හිත හැදුවෙ.... මගේ ඇස්වල නැති කදුලුත් පිහදාපු උගේ ඇස්වලින් කදුලු එක දිගට ගැලුවත් මහ එකෙක් වගේ පැටලි පැටලි  ඌ කතා කලේ.... එදා නිකමට මං උගෙන් අනූශ්ව දැක්කා..... "

තාත්තගෙ ඇස් ලස්සන ට හිනාවෙනවා....එච්චර ලොකු කාලෙක දෙයක් මෙහෙම මතක තියෙන්නෙ කොහොමද කියන්න මං දන්නෑ ඒත් එයා ඒ කියන දේවල් එක්ක පපුව බර වෙනව වගේ දැනුනා....ඔව් ඇස් තමයි අව්‍යාජ ම...... එයා මාමට තාමත් ආදරෙයි......ඒ ඇස් එච්චර දිලිසෙනවා ඒ නම කියද්දිත්....

"ඊටපස්සෙ ආයෙම ඒ ලමයව දැක්කෙ උබ ඒලෙවල් කාලෙදි.... ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙම ඔයාට මේ වෙන දේ මේ අමතක වෙන්න තරම් ඩැමේජ් වෙලා තිබුනා.... ඒත් ඉස්කෝලෙ වැඩවලදි ඒක ලොකුවට බලපෑවෙ නෑ....එදා....අර තිරිසන්නු උබ..ව ශිට්....."

" ඒක දැන් ඉවරයි නෙ ඒක අමතක කරල දාන්නකෝ......ඔයා කතාව කියන්න.....ම්ම්"

තාත්තගෙ ඇස් තරහෙන් පිරිලා අත් මිටමෙලවෙද්දි මං කතා කලා...

"එදා උබ හොස්පිට්ල් ඉදන් එක්කගෙන ඒ දරුවා මෙහේ ආවා.... ඒ ඇවිත් මට කතා කරන්න හැදුවත් මං මගෑරියා... මට කාටවත් මූන දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ එවෙලෙ.... මං මගේ දරුවව විනාස වෙන්න ඇරිය් කියන හැගීම මාව පනපිටින් පිච්චුවා.....  පස්සෙ මෙලී දරුව එක්ක ඒ දරුවත් ගිහින් තිබුනා.... එදායින් පස්සෙ ඔයා ඩොක්ටර් හම්බෙන්න යන හැම වෙලාවකම ඒ දරුවා හිටියා ඒත් එයා උබේ ඉස්සරහට ආව්‍ර් නෑ... උබ උනත් ඒ දරුවගේ අතේ ඉදගෙනත් මෙලීගෙ නම කියල කෑ ගහද්දි ඉතින්...."

"......"

මං ඇස් හීනි කරල තාත්ත දිහා බැලුවා

"හරීතින්.... ඕන ගොනෙක්ට තේරෙනව ඌ උබට ආදරෙයි කියන්න.... උබ ගොන් නාම්බෙක් උනාට "

"තාත්තෙ"

ඕන් බලාපල්ලකෝ.... අර තිබුන හැගීම් ඔක්කොම නැති උනා  වගේ මූඩ් චේන්ග් උනේ.....

" හරි අහපන්කො....  පස්සෙ  ඔයා හැමදාම රෑට හීනෙන් බය වෙලා කෑ ගහල අඩද්දි මං විනුද් දෙන්නම හිටියෙ උබ ලග.... ඒ දරුව තත්පරේකට ඇහැපියෙව්වෙ නෑ බං..... ඔයා මෙලී එක්ක ඩොක්ටර් ලගට යන හැමදාම මං නැතත් ඒ දරුවා හැමදාම ඩොක්ට ලගට ගිහින් කතා කලා....

ඔයා ඉන්නෙ ඩිස්ප්‍රෙශන් වෙලාටත් වඩා පැනික් ඇටෑක් එකක කියල කියද්දි උබව රේප් වෙලා තියෙන්නෙ දෙතුන් දෙනෙක් එකතු වෙලා කියද්දි ඌව නවත්තන්න අර මෙලීයි මමයි හෙන ගේමක් දුන්නෙ...... උන් එක්ක ගහ මරාගෙන උනත් අපිට දිනන්න පුලුවන් වෙයිද කියල හිතෙද්දි උබටත් වඩා පුංචි එකෙක් උන ඌ මිනීමරුවෙක් වෙන්න දෙන්න මට කොහොමත් බෑ....

අන්තිමට ඒක සම්පුර්ණයෙන් ම මං බලාගන්නව කියන පොරොන්දු ව පිට හිටියත් උබ කැම්පස් යද්දි ආයෙම ආ....යෙම ම...මට බැ....රි ....උ...නා බං.. ම්..මට ස්.."

"ශ්....දැන් මං කිව්වනෙ ඒක ඉවරයි කියල "

මං නැගිටල ගිහින් තාත්තව බදාගත්තා....එයාගෙ ඇස්වලින් කදුලු බේරෙද්දි කටහඩ බිදිලා ගියා..ආයෙම සමාවෙන්න කියන්න හදද්දි මං එයාව නැවැත්තුවෙ මේ අවුරුද්දෙ මොන කතාව පටන්ගත්තත් ඔය වචනෙ මෙයා කියනවමයි...

එතකොට විනුද් ගැන කියපුව එක්ක මටත් මාව පාලනය නැති වෙද්දි කදුලු පල්ලම් බැස්සෙ එච්චර එයා මට ආදරේ කරලත් මං එයාව නැති කරගත්තදෝ හිතෙද්දි....

තවත් ඒ උනුහුම ඒ ආදරේ හීනෙකින්වත් ලැබෙන්නෙ නෑ නේද කියල මතක් වෙද්දි.... මට මාවම එපා උනා කී වෙනි වතාවටදෝ ආයෙම ත්..... උගුරෙ මොකක් හරි හිරවෙලා වගේ කෙලවත් ගිලගන්න අමාරුයි වගේ දැනුනා...

ඒ හැගීම ඔක්කොටම වඩා දරාගන්න අමාරුයි..... බුරුල් උන නහයත් උඩට ඇදගත්තු මං තාත්තව බදාගෙන එහෙමම හිටියා...

"එදා නම් මං කීයටත් හිතුවෙ නෑ ඌව නවත්තගන්න පුලුවන් වෙයි කියල ඒත් දාහක් පොරොන්දු පිට අර මෙලී දරුවයි මායි ඌව නවත්තගත්තෙ....

ඒත් එදා අර තිරිසනා මෙහේ ආපු දවසෙ උබ ඇක්සිඩන්ට් උන දවසෙ මගේ හුස්ම ටිකත් නැවතුනා බං...... එදා උබට මොනව හරි උනානම් හිතෙද්දි..... ඒ හැගීමටත්  මං බයයි....

හ්ම්ම්ම්ම්ම්

එදා ලවන්‍යා උබව එහේ එවන්න බල කලත් උබව මට නැති වෙයි කියන ආත්මාර්තකාමී හැගීම මුල ඉදන්ම මං ලග තිබුන වෙද්දි මෙලීගෙයි මගෙයි අර දරුවගෙයි බලකිරීම නිසාම ලවන්‍යා අනූශ්ට කතා කලා.....

උබව තියන්න පුලුවන් පරිස්සම් ම තැන ඔය කොල්ලගෙ පපුව කියල මං අදටත් විශ්වාස කරනවා ආයු....

මොකද අර එක දවසකවත් ඌ මෙහේ හිටියෙ නෑ......

ස්කූල් තියාගෙනත් කැම්පස් එක අස්සෙ තනි රැකපු උගේ ඇස් මානෙන් මිදුන දවස් දෙකක් ඒ..... ඒ අතින් මං හුගක් පිටිපස්සෙන් හිටියෙ.....සල්ලි බලය කියන දෙක මට ඕන උනේ උබ වෙනුවෙන්ම තමයි ඒත් ඒ නිසාමයි මං උබව මගෑරගත්තෙත්....."

"......"

"හැමෝටම එයාලගෙ පැත්තෙන් කතාවක් තියෙයි පුතේ..... ඒ කොල්ල උබට ආදරේ කරපු හැටි පරිස්සම් කරපු හැටි මං ඇස් දෙකෙන්ම දැක්ක....ඒ දරුව අවස්තාවක් ඉල්ලුවොත් මං වෙනුවෙන් හරි ඒ දරුවට කතා කරන්න අවස්තාවක් දෙන්න.... මොකද මං දන්නව උබ හරි කලබලයි කියන්න.....

උබ ගන්න තීරන මඩේ හිටවපු ඉන්නක් වගේ කිසිම විස්වාසය ක් නෑ....ඒ උනත් ඒ තීරණ නිසා කවදාවත් ආපහු හරවන්න බැරි තරම් පසුතැවිම් එකතු වෙන්න පුලුවන් ......"

" මෙච්චර කාලයක් !?..... එයාට එච්චර ලොකු හේතුවක්... අහ් ඔව් ඉතින් හේතුවක් තිබුනා නේන්නම් කොහොමත් එයා කියන්න ඕන්නෑ.....මං දන්නවනෙ හේතුව..... අනික එයා මට හේතු කියන්නෙ මොකටද.... අනිත් එක තමයි අනේ අම්මේ මට නම් තවත් බෑ... දැන් නම් හොදට ම ඇති.... නිදහසේ මැරෙන්න ඕන "

" උබට කියන කට හොදයි විම් දාල  ගලක උලාගන්නවා "

"ඇයි විම්!?"

ඇත්තනෙ ඉතින් මෙයා මේ මහා දේශනයක් දුන්නත් මං දන්නවනෙ ඉතින් එයාගෙ හේතුව... අර පොටෝ වල තිබුන හිනාව ඒ හැමදේම කිව්වනෙ....

මගේ කො..... නෑහ් විනුද් එයා දැන් මගේ නෙවෙයි එයා තාත්තෙක්...හස්බන්ඩ් කෙනෙක් .... වෙඩින් එකකුත් එනවනෙ..... එයා අර පොටෝස්වල ලස්සනට හිනාවෙනවා මං දැක්ක..... ඇස් චූටි කරන් හිනා..වෙ..ලා නි...ශාදි දිහා බල..න් හිට..පු විදි...හ

අහ්ම්

"අනේ මැණික "

හිනාවෙලා තාත්ත එක්ක එකට එක කියවන් ගියත් අර පොටෝ වල මගේ කොල්ලගෙ හිනාව මතක් වෙලා මට ඉකිගැහුනා.... මවාගෙන හිනාවෙන්නෙ කොහොමද... ඒ හිනාව.....

" එයා සතුටින් ඇති නේද.....ම්..මං කොල්ලෙක්නෙ.... මං ලග හිටියත් එයා සතුටින් ඉන්න එකක් නෑනෙ....කොහොමත්..එයා මැරි කරන්න එපැයිනෙ....

ඒත්....එයා අර විදි..හට හි...හිනා වෙද්දි.... මට ලෝ..භයිනෙ.. අනේ එයා මං එක්කත් ඒ ව.ගේ හිනා වෙ..ලා තියෙයිනෙ.. මාව තු..රුල් කරන්.... එයත් මාව මෙහෙ...ම බදාගෙන ති...යෙයි තාත්තෙ... එයා ල්..ලග හරි රස්..නෙයි... මට ආ...දරෙයි කි..යලත් කි..ව්වනෙ..... කි..ස් කලත් එක්ක... ඒත් මං බනියි කි..යලද කොහෙද චූටි එක...ක් විතරයි දු..න්නෙ.. දැන් එයා...තාත්..තෙකුත් වෙ..ලානෙ.... "

දුක හිතිල ඉන්න වෙලාවක කදුලු හිරකරගෙන ඉන්න හදද්දි කවුරු හරි අපිව සනසන්න ආවොත් හයියෙන්ම ඇඩෙනවානෙ.. මට ඉකි ගැහෙද්දි  මං කකුලෙ මහපට ඇගිල්ලෙන් ටයිල් එක හාරන ගමන් ශර්ට් එක මිරිකගෙන තොල් තදට හපාගෙන හිටියෙ දැන් ඇඩෙන නිසා... ඒත් කොහෙද තාත්තා මාව බදාගත්තනෙ.... එයා මට වඩා උසයිත් එක්ක.... මට රෑ වගේම හයියෙන්ම ඇඩුනා...

අඩුම එහෙම අඩද්දි හිතට පොඩි සහනයක් දැනෙනවා....

කොහොමත් කම්බුල් තියෙන්නෙ පෙගෙනකන් ම අඩන්න...

ඉතින් ඒකට ගැහෙන පපුවක උණුහුමත් හම්බුනාම....

කම්බුල් පෙගිල දියවෙලා යනකන්ම දන්නෑ.....

ඒත් කවද වෙනකන් මෙහෙම අඩන්න කියල ද.....

මාත් කොල්ලෙක්...

මගේ තාත්තට හයියක් වෙන්න ඕන කාලෙ එයාව හයියක් කරන් හරියනවද.....

ඒත් ආදරය කියන හැගීම ලග හිත් හරිම මුරණ්ඩුයි ......

අයිතියක් නෑ කියල දැන දැනත් මගේ මුරණ්ඩු හිත තාමත් මෝඩ බලාපොරොත්තු ගොඩ ගහනවා....

.

.

.

.

.

අන්තිම වතාවට හරි

ඔය රස්නෙ පපුව අස්සෙ ගුලි වෙන්න පුංචිම අයිතියක් ඉල්ලගන්න බැරි වෙයිද විනුද්.......එකම පාරකට...

🤍

----------------------------------------------------------

------------------

----------------------------------------------------------

------------------

රියැලිටිය ඇතුලෙ සමහර තැන් ෆැන්ටසියක් කියල හිතෙන තරමටම විකාරයක් වගේ පෙනුනත්,

ෆැන්ටසියක් විතරක්ම වෙනවනම් කියල හිතෙන තරමටම රියැලිටිය  සමහර ජීවිත ඇතුලෙ හරි අසාධාරණයි.... 💔

Share This Chapter