Chapter 26 of 41

විසිපස්වෙනි කොටස

No more | Ongoing1,474 words~8 min read

පහුවදා උදේම නැගිටලා මගේ ලගින්ම හුස්ම වැටෙන ඒ පපුවට දැනෙන නොදැනෙන ගානට තොල් තද කරල ඒ මූන පියවිලා තියෙන ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටියා.. මගෙ කොල්ල... හැමදාටම නොවුනත් ටික කාලෙකට හරි මට අයිතියක් තියෙය් නෙ... එලිය කොච්චර සීතල උනත් ඒ පපුව අස්සෙ හරි රස්නෙයි...

තව අස්සට ගුලි වෙන්න හිතෙන තරම් නැගිටින්න ලෝභයි...

ඒත් මං නැගිටල ඇදුම් ටිකත් නවල කාමරේ තිබුන කබඩ් එකෙන් දාලා කාමරේ අස් කරලා..මූනත් සෝදන් ඇදුමකුත් මාරු කරන් වෙව්ල වෙව්ල කුස්සිය ට ගියේ ගෙදර පුරුද්දට විනුද් ට තේ එකක් හදන්න...

දවසක් උදේ මං කිරි තේ එකක් හදල දුන්නට පස්සෙ එයාට ඒක හැමදාම ඕන උනා..එයාට විතරක් නෙවෙයි චූටිටත් නැන්දට ලේසි වෙන්නත් එක්ක මං ගෙදර හැමෝටම උදේට තේ හදන්න පුරුදු උනා...

ඉතින් මං කුස්සියට ගියත් කුස්සියේ මෙහේ නැන්දයි අපේ නැන්දයි , අනේ මං දන්නෑ මෙයාලට වෙන කොහොම කියන්නද කියල ඕන්නම් ලොකු නැන්දයි පොඩි නැන්දයි කිව්වහැකි.. ඕන එකක්

කෝම හරි ඒ දෙන්නයි තව ටිකක් වයස, චීත්තයක් වගේ එකක් ඇදගත්තු කෙනෙකුයි බරටම වැඩ...

මං ලිපේ තිබුන හට්ටියක් හැදිගගා ඉදපු නැන්ද ලගට කිට්ටු වෙද්දියි දැක්කෙ තේ හදන නිශාදිව...

"ආහ් පුතේ... ඇහැරුනාද..මෙහේ හරි සීතලයි නෙ දරුවෝ කෝ යමුකො ඕක විතරක් ඇදල බෑ ඔයාට අමාරුයි නෙ.."

"මේ දරුවත් අපේ දරුවන්ගෙ වයසෙමද නංගි "

"අනේ නෑ ඊට වැඩිමල් "

" හරි පිං පාටයි මං හිතුවෙ ඊටත් පොඩි ඇති කියල "

එහෙම කියපු මෙහේ නැන්ද මගේ ඔලුව අතගාල හිනා උනා.. මාත් හිනා උනා ඉතින් මොනා කියන්නද... ඒ උනාට පොඩි පොඩි ගානවට නම් මං කැමති නෑ.. කෙල්ලෙක් නම් කැමති වෙයි ඒත් මං කැමති නෑ එහෙම ..... කොහොම හරි දරු පැටිය පිං පාටයිලු...

" ම්..මේ නැන්දේ තේ"

"අහ් අද මෙහේනෙ...සුදූ හදනව...ඕන්"

" පුරුදු වෙන්නත් එපැයිනෙ"

"අම්මේ අපි එලියට යන්නම්ද ... මායි සුදු අයියයි... "

" පිස්සුද චූටි මේ පේන්නැද්ද ඒ දරුව දැනටමත් වෙල්ලනව... මට කියල මුකුත් අහගන්නැතුව ඉන්නව"

ඒත් ඉතිං බැනුම් කෝටියක් අහන් චූටි එක්ක එලියට යන්න අවසර ගත්තා...

මං යන්න හැදුවෙ කාමරේට විනුද් ව ඇහැරවන්න අපි එක්ක යමු කියන්න .. ඒත් එතකොට ම නිශාදි තේත් අරන් කාමරේට ගියා වෙද්දි නැන්දගෙ කාමරේ ඉදන්ම ලෑස්ති වෙලා මං චූටි එක්ක එලියට ආවා

චුට්ටක් සීතල නම් වැඩී... ඒත් දැන් ඒක ලොකුවට දැනෙන්නෙ නෑ.. මොකද මං නිකන් මොකාද වගේ.. නැන්ද මට තඩි ජර්සි යක් අන්දල තව තඩි බූල් කාෆ් එකක් බෙල්ල වටේ ඔතලා අයිස් කැප් එකකුත් ඔලුවට දැම්ම... ඇස් දෙකයි නහයයි යාන්තම් උඩු තොල් දෙකයි විතරයි එලියෙ.. ග්ලවුස් දෙකකුත් දාලා.. බූට් දෙකකුත් දාන් ... වැටුනොත් ගල්රෝල පෙරලුව වගේ තියෙය්

වැඩේ කියන්නේ මේ කාෆ් එකයි ග්ලවුස් දෙකයි අයිස් කැප් එකයි රෝස පාටයි .... ආශ්... මං නිකන් පියරු බබෙක් වගේ ඇති... මේ චූටිවත් නෑ එච්චර පිම්බිලා.. ඒකිට හුරුයලුනෙ සීතල ....

ඉතින් පාත්තය වගේ මාත් මේ චූටි එක්ක මෙහේ මාමලෙගෙ තේ වත්ත පැත්තට යන ගමන්.. විනුද් ලග දිහා තිබුන ගම වගේ ගතියට වඩා හුගක් වෙනස් පෙනුමක් මෙහේ තියෙන්නෙ... කදු එක්ක වටේම තේ වතු... රබර් එහෙම ත් තියෙයි... පයිනස් ගස් එහෙම ත් එද්දි දැක්කනෙ...

"මෙහේ හරි ලස්සනයිනෙ චූටි...."

" ඔව්...මේ ඔයාට සීතල අමාරුයි ද සුදු අයියේ... අම්මගෙන් කනක් ඇහෙන්න නැති වෙයි ඔයා අසනීප උනොත්... එපා කියද්දිම මං එක්ක ආව කියල මට තමයි අහගන්න වෙන්නෙ...අනේ ඔයා හරි හුරතල් පාටයි අප්පා..."

"අනේ නෑ චූටි මට එච්චර අමාරු නෑ..ආව්ව්...."

"අනේ මේන් රතු වෙනව... එදා අර දවසක් ගෙදර දුවන් ආපු දවසෙත් ඔයා තදම තද රතු වෙලා තිබුනා... දැනුත් එච්චර ම නැතත් රතුයි.. කියුට් බෝලයක් අනේව්ව්ව්ව් මට තමුසෙ ව හපන්න හිතෙනව බෝලේ.. "

"ඊව්ව්"

කීපාරක් ද මන්ද මේකි මට හුරතල් ගගා කම්මුල් දෙපැත්තෙන් මිරිකනවා ... ඒ මදිවට මේ කියනේවට ලැජ්ජාවක් ලෝඩ් වෙද්දි මේකි නවත්තන්නෙත් නෑනෙ...

"අනේ රවන්නෙපා බෝලේ...රවද්දිත් කියුට් හැබැයි .... මේ එන්නකො අපි පොටෝ ටිකක් ගන්න .. අර බූරු පුතා තාම නිදි ඇති නැත්තන් කෙලගෙන ඇවිල්ලනෙ... හැබැයි ඔයාව ඔහොම දැක්කොත් නම් මෙතනම පෙරල්... ක්හ්ම්.. මේ මාවත් මෙතනම පෙරලන් දුවයි නේද මේ පරිසර සුන්දරත්වය දරා ගන්න බැරුව "

" අනේ මේ චූටි..."

" ආ ඇයි ඇයි ඔයා "

මේකිගෙ කට අම්මපා... මං බලන් හිටිය්ව් ඇහි බැමකුත් උස්සන් ඒ උල් කර කර කියවන කට දිහා.. දැන් කාලෙ හැදෙන පොඩි උන් නම්... ඒ උනාට ඉන්නෙ කොහොමද දෙකට ගනින්න බෑ වගේ...

"ආ මේ ඔයා හිතින් මට බැන බැන පස්සෙ රවන්නකො කෝ දැන් හිනාවෙන්නකො බෝලෙ ..."

ඒ සැරේ බෝලෙයක් ගානව...

ඊට පස්සෙ පොටෝ හැටහුටහමාරකුයි මෙලීට කෝල් එකකුයි අරන් අපි ටිකක් කියව කියව ඉදල කන්දෙ ටිකක් උඩට වෙන්න තිබුන මාමලගෙයි කියපු පුංචි කාමරයක් ඉස්සරහට වෙන්න තිබුන බංකුවකින් අපි ඉද ගත්තා... මෙතනට ලස්සන ට පහල තේ වතු පේනවා.... හරියට කොල පාට පඩිපෙලක් වගේ... ගෑනු අය පස් හය දෙනෙකුත් ඒ මැද්දෙන් යන්තම් පේනවා.. දලු නෙලනවද කොහෙද ...

"ඇයි චූටි මේකක් මෙතන තියෙන්නෙ "

මං ඇහුවෙ ගේ කාමරේ පෙන්නලා

"මෙහේ වැඩ කරන අයගෙ බඩු එහෙම ඕකෙ තියෙයි තව ඇදක් මේසයක් එහෙම ... ඇතුලෙ සීතල නෑ මේ එලිය වගේ"

"ම්ම් "

" ඈ චූටි... අර නිශාදි විනුද්ගෙ වයසෙමද"

"ආහ් ඒකද මූන එල්ලිලා තිවුනෙ..."

"මොකක්ද "

" ඉරිසියා හිතුනද...මගේ සුදු අයිය බෝලෙට "

"අනේ මේ මට මොකට ඉරිසියා හිතෙන්නද"

"ඒකනෙ මොකටද නේද... "

" ......"

"නිශාදි ගියෙත් අයිය ගියපු ඉස්කෝලෙට අල්ලපු වැටේ ගල්ස් එකටලු.. අනේ ඉතින් අපි නම් ගමේ... ආන් එනව කියනකොටම.... අර වහන්තරාව නැතුව මූටත් තනියෙම එන්න බෑනෙ... ආශ් ඇස් වහ වදිද දන්නෙත් නෑ.. කෝ මෙහෙ හැරෙන්න...."

"මොකක්ද ඔ.."

"දැන් හරි.. ඔහොම ඉන්න දගලන්නැතුව හරිද... "

කන්දෙ පාර දිගේ එන විනුද්වයි ඒ අස්සෙම කියව කියව හිනා වෙවී එන නිශාදිවයි පෙන්නපු චූටි ඇස් වහ වදිද දන්නෑ කියල මගේ බෙල්ල වටේ තිබුන ස්කාෆ් එක නහයත් එක්කම වැහෙන්න උඩට ඇද්ද.. මං ඒක හදන්න ගියත් මේකි මට රව රවඒක තව උස්සනව ....

මාත් ඒක ඔන්නොහෙ තියෙන්න දුන්න ... හිතේ හැටියට රවන්නවත් බැරියැ.. පේන්නෙත් නෑනෙ වැහිලනෙ... ඇස් දෙක විතරයි එලියෙ ...

මේ පොඩි දුර අර දෙන්න තාම එනවා.. නැතුව ඉතින් ගොඩ කාලෙකින් කිව්වනෙ හම්බුනේ... මුකුලු කර කරා කතා කරන්න දේවල්ද නැත්තෙ... මං අත්දෙකත් පපුව මැදින් බැදගෙන අහක බලාගත්තා...

"අයියේ"

"අයියේ "

" විනූ! .......අයියේ !!"

" ඇහ් ඇ...ඇයි මොකද කෑ ගහන්නෙ "

"ක්හ්ම්... මොකද ඔයා ඔහොම බලන් ඉන්නෙ මගේ බෝලෙ දිහා... මිරිස් පුච්චන්නත් වෙයි නේද..."

"ච්චඃ ...... ඇයි ඇතුලටවත් නොයා මෙතන ඉන්නෙ සීතලයි නෙ"

".........."

"අහ් අපි දැන් ආවෙ මෙතනට "

අපි ලගටම ඇවිත් මං දිහා බලන් ඇසුත් ලොකු කරන් යකෙක් දැකල වගේ විනුද් බලන් ඉද්දි චූටි අච්චර කතා කරලත් ඇහුන්නැති වෙද්දි අර නිශාදි විඤූ ගෑව විතරයි ඇහ් ගෑවා.....

ඊට පස්සෙ චූටි කියපු එකට චූටිටත් රවල මං දිහා බලන් ඇතුලට නොයා ඉන්නෙ ඇයි අහන විදිහ ඇස් කොනින් දැක්කත් ඇහුන්නෑ වගේ මං පෝන් එක අරන් ගහපු පොටෝ ආයෙත් බැලුවා.. අරකිත් නිකන් අමුතු විදිහට මං දිහා බලනව දැක්කත් මං පෝන් එකෙන් ඇස් ඉස්සුවෙ නෑ...

" අනේ අපි ඇතුලට යමු විනූ... කොලඹ රස්නෙට හුරු වෙලා මෙහේ දැන් මට සීතලයි "

"යමු ඇතුලට නැත්තන් ගෙදර යමු මාවි ඔයාට සීතලයි "

අනේහ් මට ඇති සීතලක් නෑහ්..ඔය සීතලයි ගාන උන්ව අරන් පලයන්කො ඇතුලට අපි මොකටද.. අද අනාගත වයිෆ් හදපු කිරි බොන්නත් ඇතිනෙ..

මට මොනව වෙලාද මේ... ආර්ග්....මගුල

" ම්ම්.. ඇයි කියන්නෙවත් නැතුව ආවෙ.. මං හැමතැනම හෙව්ව ඔයාට සීතලයි නෙ... ගෙදර යනවද ...චූටි .."

ඒ ගමන එහෙම කියන් මං ලගින්ම ඇවිත් වාඩි උනා... ඒත් එක්ක චුටි ඉගිමරනව මං ඇස් අගට දැක්ක .... නිශාදි පෝන් එකේ සිහියෙ...

".............."

"අහ් මේ නිශාදි අක්කේ අපි අරපැත්තට ගිහින් පොටෝ ටිකක් ගහමුකෝ.. එන්නකො ඒ පැත්ත ලස්සනයි "

" ඔව් එන්නකො විනූ... අපිට පොටෝ ගහන්නත් කාලෙකින් බැරි උනානෙ..."

"මං එන්නම් ඔයා යන්නකො සුදූ"

ලෝභ නැතුව සුජූ ගාන හැටි...

"දැන් මොකෝ මේ බෙයා කෙනෙක් වගේ ඉදගෙන රවන් ඉන්නෙ "

"අහ් මං වලහෙක් "

" ඔව් ඉතිං මගේ වලස් පැටියනෙ..."

"......"

"සිරාවටම තමුසෙ මට වඩා වැඩිමල්ද ඕයි නිකමට වත් එහෙම හිතන්න බෑ"

"අනේ මේ කිව්ව කියල හිතාගන්නව"

" අහ්... දැන් ඇයි මට රවන්නෙ කියන්නකො "

"අනෙහ් වැඩේමනෙ රවන්න "

"මොනවද කුටු කුටු ගාන්නෙ...... මේ තමුසෙ ඔහොම ඉද්දි හෙන හුරතල් පාටයි ඕයි... මට තමුසෙව පොඩි කරලා පොඩි කරල ගිලින්න ඕනෙමයි වගේ හැගීමක් එනවා"

"ආව්ව්... එහාට පලය..න් "

මුගේ ආච්චි ට... මිරිකන්නෙ දමාගෙන...

"එක හැටියක ඉන්න බැරි නලියනවද "

" හහ් මුකුත් කරන්න තියා හිතුවෙවත් නැතුව ඔහොම කියනවනම් මං කර....."

" ආහ්.. අම්මා!!"

"අයියේ අනේ අක්ක වැටුනනෙ"

මහ කුපාඩි හිනාවක් දාන් මගෙ මූනටම එබිල විනුද් කියාගෙන ගියපු එක නැවතුනේ මර ලතෝනියකින්... කෑ ගහපු හැටියට විනුද්තුයි මායි ඒ පැත්තට දුවන් ගියේ ඉබේම වගේ...

"ක..කුල මගේ .... අනේහ් ඒක පෙරලු..නාද කොහෙද "

" කෝ නැගිටින්නකො ඇවිදින්න පුලුවන් ද"

"බෑ...හ් රි...දෙනව.. කැඩිලද කොහෙද "

තියපු ලතෝනියෙ තරම් අවුලක් නැති උනත් මේකි ඉකි ගගහ අඩන විදිහට බයත් හිතෙනවා...

"මේ කකුල පොඩ්ඩක් උලුක් වෙලා වගේ ඇත්තෙ "

විනුද් නැමිල සපත්තු ගලවල ඒ කකුල එහෙට මෙහෙට හරව හරව බලනව..

"ම..ට ගෙදර යන්...න ඕන "

කෙල්ල පයින් යන්න බෑ කියද්දි විනුද් ඒකිව අත් දෙකට වඩා ගත්තෙ මගේ දිහාත් ඇස් බෝල කරන් බලන ගමන්... එයා නිශාදි වත් වඩන් ඉස්සර වෙද්දි ඒ එක්කම චූටිත් මං දිහා බලන් ඉදල දුවන් ඇවිත් මගේ අතකින් අල්ලගත්තෙ හරියට මට දුක හිතෙයි කියල වගේ...

මං හිතන්නෙ කාටත් වඩා හොදට චූටිට අනිත් අයව තේරුම් ගන්න පුලුවන් .... විනුද් හරි වාසනාවන්තයි ඒ වගේ නංගි කෙනෙක් ලබන්න.. අනේ මගේ නංගි ත් මේ වගේ උනා නම් .... ම්ම්.

මං ඒ ඔලුව අතගාල හිනා උනේ මං දුකින් නෙවෙයි කියල කෙල්ලට කියන්න උනත් කෙල්ලගෙ මූනෙන් නම් එයා එහෙම හිතුව කියල පෙනුනෙ නෑ ..

"අපි පොටෝ ගොඩාක් ගත්තනෙ .... අනික අපි ආයෙ එමුකො... තව ගොඩක් දවසක් ඉන්නවත් එක්කනෙ"

කෙල්ල කියද්දි මං යන්තන් හිනා වෙලා ඔලුව වැනුවා...

----------------------------------------------------------------------

----------------------------------------------------------------------

🖤🌼

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!