Back
/ 41
Chapter 21

විසිවෙනි කොටස

No more | Ongoing

"හෙට අම්මටයි මටයි  ටික දවසකට නැන්දලගෙ දිහා යන්න වෙනවා එහේ දානයකුත් තියෙය්  චූටිටත් යන්න පුලුවන් ඔය පන්ති ගියාට තාම රිසාල්ට්ස් ආවෙත් නෑනෙ ...පුතාටත් යන්න පුලුවන්නෙ.... "

"දැන් ඔය කියන්න හදන්නෙ මාව එක්කන් යන්න බැ කියල නෙ...හැබැයි මං එනවා"

"දැන් කවුද කිව්වෙ තමුන්ව දාල යන කතාවක් ....ඇයි ප්‍රැක්ටිස් වගයක් ගැන කිව්වෙ විභාගෙත් ඉවර එකේ නිකන් ප්‍රැක්ටිස් නොකර ඔය ක්‍රිකට් ෆුට්බෝල් හරි දෙකෙන් එකකට හරි කල්බ් වලට සම්බන්ධ වෙන්න... හැබැයි පුතේ රිසාල්ට්ස් ආවම උබ ඔය මොන මගුල තිබුනත් කැම්පස් යන්න ඕනි... ප්‍රයිවට් හරි "

"හපෝ මෙන්න වැන්ද දෙයියනේ කියල ඒ මගුල ඉවර කරගත්තා විතරයි රිසාල්ට්ස් නම් මතක් කරන්න එපා.. අනික මෙහේ මොන් ක්ලබ්ද මට දැන් ම කොලබ යන්න කියන්නත් එපා... මං මේ ඉස්කෝලෙ ප්‍රැක්ටිස් වෙන ටික මට ඇති අනික ප්‍රයිවට් දානවනම් මං කොහොමත් ෆුට්බෝල් ප්ලේ කරනවා"

" උබට කොහොමත් කියල වැඩක් නෑ... ඇබලයා කොහොමත් සීනි බෝතලේ දාල යන්නෑනෙ....හරි දැන් හෙට යනවද "

"ඔය තේරුනේ..ඕක අහන්න දෙයක් නෙවෙයි නෙ අප්පච්චි... සීනි බෝතලේ එක්ක යනවනම් ඇඹලයත්  එ න වා"

"කැහ්...ක්හම්"

"අහ් හිරගන්නැතුව ක්න්නවත් දන්නෑනෙ කෝ මේක බොන්න "

" ...."

"හරිනේද"

"ම්ම්"

අපි හිටියෙ රෑට කන ගමන් එදා මෙලී ඇවිත් ගියාට පස්සෙ මාස ගනන් ගෙවිලා ගිහින් තියෙද්දි උන විශේශ දේවල් විදිහට මුලින්ම චූටි ඕලෙවල් ඉවර කරල ඒලෙවල් කරන්න ගත්තා... එතකොට විනුද් අද තමයි එක්සෑම් ඉවර කලේ...

ඉතින් එදා මෙලී යන්න කලින් දවසෙ මං මුලු දවසෙම කලේ මෙලී එක්ක ගම වටේම ඇවිදපු එක... චූටි එක්ක කලින් ගිහින් පුරුදු උන හැමතැනකම මං මෙලීව එක්කන් ගිහින් හවස් වේගෙන යද්දි මෙලී එක්ක මගේ ආසම තැන උන කුඹුක් ගස් හෙවනෙ පිට්ටනියේ වාඩි වුනා... එවෙලෙ හිතට දැනුන හැගීම් වචන කරන්න මං දැනන් හිටියෙ නෑ...

ලොකු හුස්මවල් පහලට දදා වැවට උඩින් පේන තැඹිලි පාටයි දම් පාටයි මික්ස් උන අහස දිහා බලන්ම ලොකු හුස්මක් පහල දාල විනාඩි ගානකට පස්සෙ මුලින්ම කතා කලේ මෙලී... පලවෙනි වතාවටදෝ මෙලී මගේ ඇස් මගෑරල කියල මට තේරෙද්දි... මොකක්දෝ දෙයක් ඉවරයි කියල දැනෙන;මං අකමැතිම හැගීමක් හිතට දැනෙන්න ගත්තා.... ඒ ඇයි කියන්නවත් මට එවෙලෙ තේරුනේ නෑ...

"එයා දන්නවනම් "

"ඇහ් "

"මං අහන්නෙ විනුද් දන්නවනම් "

"මොකක්ද "

"මං දෙයක් කිව්වොත් පොරොන්දු වෙනවද ප්‍රශ්න අහන්නැතුව අහන් ඉන්නව කියල "

"අහ්"

"......"

"ආ හ...හරි ප්‍රොමිස්"

"ඔයා ඇහුවනෙ මං විනුද් ව කලින් ඉදන්ම දන්නව ද කියල ... ඔව් මං දැනන් හිටියා... මීට ගොඩ කාලෙකට කලින් ඉදන් ...ඒක කොච්චරක්ද අහන්නෙපා....

ඔයා කිව්ව වගේම , එදා ඌ පොඩි එකෙක් නොවෙන්න මේ දේවල් ගොඩක් වෙනස් වෙන්න තිබුනා...

ගොඩක් වෙලාවට අහම්බයන් සිද්ධ උනත් ඒක හැමවෙලේම අපිට වාසි විදිහට වෙන්නෙ නෑ ආයු.. අපි ඒක අපිට වාසි විදිහට වෙනස් කරගන්න ඕනි..

මං දැනන් හිටියා ඔයා පරිස්සම් එකම තැන මෙතන කියලා... ඒ වගේම මං දැනන් හිටියා දවසක...කවදමහරි දවසක ඔයා විනුද් ට ආදරේ කරාවි කියන්නත්... ඒකයි උබලගෙ අම්මට නොවදිනා වැදුම් වැදලා මං උබව මෙහේ ම එව්වෙ ... නැත්තන් ආන්ටි හැදුවෙ උබවත් එහෙට ගන්න... උබව පරිස්සම් කියල මං විශ්වාස කරන එකම එකා විනුද් විතරයි ආයු...

ඌ මුල ඉදන්ම හැමදේම දැනන් හිටියා ආයු ... කොහොමද කියල මගෙන් අහන්න එපා.. ඒත් ඌ මං තරමටම සමහර විට ඊටත් වඩා ඔයා ගැන දන්නවා.. දන්නවද එදා මමයි මේ අන්කලුයි නොහිටින්න එක්කො ඌ ජේලර් එකේ නැත්තන් සෙමෙටරි එකෙ... මං දන්නෑ කොච්චරක්ද කියන්න ඒත් උගේ කදුලු වලින් ඒ ඇස් වලින් මං දැක්කෙ ආදරයක් විතරයි ආයු....  ඒකත් මාවි කියන කෙනාට විතරක් ම... ඌ ගැන මේ තරම්  දන්නැත්ත්න් මේක ජීවිතේට කියන්නෑ ආයූ....එක අවස්තාවක් දීලා බලන්න...

මං හිතුවා වගේම උබ ආදරේ කරන්න අරන් තියෙද්දි ඒක මැරිලා යනකන් කොහොමද මං බලන් ඉන්නෙ ආයු... උබට කොහොම උනත් මගේ ජීවිතේ වටිනම කෙනා උනේ උබ... මං කියනවට නෙවෙයි ඒත් එ.."

"මං දන්නෑ මොනවද මං කියන්න ඕන කියල අහන්න දේවල් නැතුව නෙවෙයි ඒත් මට බෑ මෙලී... මං ඔයා හිතනවටත් වඩා වීක් ඇති... රිදෙනවට මං බයයි මෙලී... අනික මිනිස්සුන්ගෙ ඇතුලාන්තය අපිට කියවන්න බෑනෙ.. ඔයා කිව්ව වගේ එයා දන්නවනම් සමහර විට එයාටත් හිතුනද දන්නෑනෙ මා..."

"මොනවද බං උබ දන්නෙ.....  උබ කිසිම දෙයක් දන්නැති නිසා ඔහොම කතා කරන එක ගැන පුදුම වෙන්නැත් බෑ... මිනිස්සුන්ට එච්චර කැපවීම්ක් කරන්න පුලුවන් ද හිතෙද්දිත් මට පුදුමයු... උබ අඩද්දි උබ ලග ඉන්නව කියල උබ දැක්කෙ මාව විතරක් උනාට නෑ එතන මටත් වඩා දෙයක් කරන ගමන් විනුද්තුත් හිටියා... තෙරපිස්ට් ගාවට යන දොර ලගට වෙලා ඌ හැමදාම උබ එනකන් බලන් හිටියා... උබ සිහි නැතුව ඉද්දි විතරක් නෙවෙයි උබට ලාඅවට හෙම්බිරිස්සාවක් කියද්දිත් දුවගෙන ඇවිත් උබේ හැමදේම කලේ ඌ ආයු... හැබැයි අවාසනාවට උබ දැක්කෙ මාව විතරයි ...එතකොටයි මං ජීවිතේ පලවෙනි වතාවට තේරුම් ගත්තෙ පිටින් හයියයි කියල පෙන්නන කොල්ලෙක් මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා.. උබ කියනව වගේ අඩන්නෙ ගෑනු වගේ උන් විතරක් නම් විනුද් කියන්නෙත් එහෙම එකෙක් වෙන්න ඕන... උබ උබව පහලට දැම්මට පිටින් මහ ලොකු ගලක් වගේ ඉන්න මිනිස්සු ආදරේ කියන හැගීම ඇතුලෙ පොඩි එකෙක්ටත් වඩා බොලදයි ආයු...මං  ඒක ඇස් දෙකටම  දැක්ක ...ඔව් ඒ උබ පොඩි කිව්ව එකා ආයු... කොහොමද ඒක ආකර්ශනයක් විතරක් වෙන්නෙ කියපන්... තරහ ගියාම යකෙක් වගේ වෙන නිසා ඌව නතර කරන්න මුලින් කොච්චර බොරු මවන්න උනත් ඌ දැනගනිද්දිත් අන්කලුයි මමයි නොකල දෙයක් නෑ බන් ඌව නවත්තගන්න... ඌ අන්කල්ටයි මටයි මරාගෙන මැරෙන්න බැරි කමට  කෑ ගහපු විදිහ....මං හිතුවෙම .... ම්හ්... උබ පොඩි කොල්ලෙක් කිව්ව එකාම උබෙන් ආපහු දෙයක් බලාපොරොත්තුවත් නොවී ඒ කරපු හැදෙයක්ම මං ඇස් දෙකෙන් දැක්ක ආයු... "

මෙලී කියවගෙන ගියේ ම අහස දිහා බලන්... එයාගෙ හුස්ම පිටවුනේ හරි බරට වෙද්දි මට අහේතුක බයක් දැනෙන්න අරන් තිබුනා...

මෙලී කියපු ගොඩක් දේවල් ඇත්තටම මට ඇහුනද කියන්න මං දැනන් හිටියෙ නෑ... මොකක්ද ජේලර් කතාව... විනුද් මාව පොඩි කාලෙ දැනන් හිටියා කියන එක නම් දන්නව උනත් ඊට පස්සෙ කොලඹ ඉදන් එයා මාව දැනන් හිටියා කියලවත් මං ගැන දන්නවා කියලවත් මං දැනන් හිටියෙ නෑ...කොච්චර මොනව කිව්වත් විනුද් කියන්නෙත් වයසින් බාල උනත් අවුරුදු ගානක් කොලබ හැදුන මටත් වඩා සමාජෙ ගැන අත්දැකීම් තියෙන පිරිමියෙක් වෙද්දි... පිරිමියෙක් වෙලත් මට තව පිරිමියෙක් ව විශ්වාස කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. නෑ නෙවෙයි සමහර විට මං බය ඇති... මොකද මට එහෙම කරන්න බැරි නම් මං මෙච්චර විනුද්ව බලාපොරොත්තු නොවෙන්න තිබුනා...

ඒත් දැන්... මගේ පපුව රිදෙන්න අරන් තිබුනා වෙද්දි  එච්චර ලගින් හිටියනම් කොහොමද විනුද්ව මට මගෑරුනේ කියලවත් මට හිතාගන්න බැරි උනා... හරියට අග මුල පටලපු නැත්තන් අම්බයන් පුරවපු කතන්දරයක් වගේ...

... මෙලී අච්චර දෙයක් කියලත් අහන්න දේවල් දාහක් තිබුනත් අහන්න එපා කියද්දි අහන්න බැරි කමට ඇත්තටම කියන්නෙ මොකක්ද වත් ශුවර් නැතුව හිතට ආපු එක කියවන්  ගියපු එක ගැනත් මටම මං ගැන තරහ හිතුනා.. මට හිතුනෙ මං මහ කරුමක්කාරයෙක් කියලා.. මං නිසා කී දෙනෙක් දුක් විදලද..... අදටත්...මට සමාවෙන්න විනුද් ඒත්

"රෑ වෙන්න කලින් එන්න "

"හහ් "

ඒත් එක්කම මෙච්චර වෙලා වාඩි උන විදිහට ම ඉදන් කතා කරපු වචනෙකටවත් මං දිහා නොබල අහස දිහා ම බලන් හිටපු මෙලී විනාඩි විස්සක විතර වෙලාවකින් පස්සෙ අන්තිමට තව ලොකු හුස්මක් අරන් යන්තම් හිනාවෙලා එත්නින් යන්න නැගිට්ට වෙද්දි මෙච්ච්‍ර වෙලා වැවේ වතුර රැලි වැව් ඉව්‍රෙ වදින දිහා බලන් හිටපු මම  එයාගෙ පිටිපස්සෙන් හිටගෙන හිටපු කෙනා දිහාත් බලලා රෑ වෙන්න කලින් එන්න කියන් ආයෙ පිටි පස්සවත් නොබල යන්න ගියපු මෙලී දිහයි පිලිමයක් වගේ හිටන් ඉන්න කෙනා විහයි බලල ආපහු වැව දිහා බැලුවා....

ඔව් ඒ හිටියෙ විනුද්...කීයට ආවදවත් දන්නෑ හැබැයි දැන් එන්නැත්තෙ සමහර විට... දැන් හයත් පහුවෙලා වගේ වටේ ලාවට කළුවරයි.. රැහැයියො කෑ ගහන සද්දෙත් ලාවට ඇහෙනවා ... මං පෝන් එක අතට ගත්තා... වෙලාව 5.55 යි....

මෙලී ගිහින් විනාඩියක් විතර හිටගෙනම හිටපු විනුද් දිහා කෙලින් නොබලපු මං එතන තව කෙනෙක් නෑ වගේ මගැරල යන්න බැරි කමට එහෙම ම වාඩි වෙලා හිටියා...

"කියන්න මුකුත් ම නැද්ද මාවි "

විනාඩියකට විතර පස්සෙ මගේ එහා පැත්තෙන් විනුද් වාඩි උනේ එහෙම කියාගෙන

"ඔයාට කියන්න දෙයක්  නැද්ද විනුද්"

" මං කියන්නෑ මාව තව කෙනෙක් කියන නිසාවත් මං කියන නිසාවත් විශ්වාස කරන්න කියල... පුලුවන් නම් එක අවස්තාව... "

" ආදරේ කියල දෙයක් ඇති කියල මං හිතන්නෑ විනුද්...තියෙනවනම් ඒක මොකක් හරි ආකර්ශනයක් විතරයි ඔය ආත්මීය බැදීම් වගේ විකාර , මැරෙනකන්ම ආදරේ ඔයාට විතරයි වගේ විකාර විශ්වාස කරන්න මට කියන්නෙපා විනුද්... මට කොහොමත් ඒක කරන්න බෑ... "

"ආත්මීය බැදීම් කොහොම උනත් මගේ ගැහෙන පපුව හැමවෙලාවෙම කියපු එකම දේ මං හැමදාම විස්වාස කරනවා මාවි...ඉතින්............ මං  ආදරෙයි  බං.. මං දන්නෙ එච්චරයි"

"ඒත් මට බෑ "

"ඇයි ඒ මං අහන්නෙ ආදරේ කරන්න බැරි එක නෙවෙයි තමන්ට බොරු කරන්නෙ ඇයි... හරි ඒක පැත්තකින් තියන්න....ඇයි මට අවස්තාවක් දෙන්න බැරි.... මුල ඉදන්ම් යන්න"

"............ "

"ආ..දරේ නොකිව්වට කමක් නැහැ මාව විශ්වාස කරල එක...ම එක අවස්තාවක් විත...රයි මං ඉල්ලන්නෙ මට පුලුවන් එතකන්  අපි දෙන්නටම ඇතිවෙන්න ආදරේ කරන්න "

"කිව්වම තේරුම් ගන්න ඔයා තාම පොඩි කරන්න දේවල් දාහක් තියාගෙන මගුල් නටන්න ලෑස්ති වෙන්නෙපා විනුද් "

"....."

මුලින්ම හරිම සන්සුන් විදිහට කතා කලත් පහුවෙද්දි වචන පවා උස් වෙන්න ගත්ත වෙද්දි මං  මට ආදරේ කරන්න බෑ කියද්දිත් එයා ආදරෙයි කියද්දි මං කියන්න දෙයක් නැති කමටදෝ වචන අහුලද්දි මෙච්චර වෙලා පොඩි හරි ආවේගයක් එක්ක පිටවුන විනුද් ගෙ වචන අන්තිමට බිදිල යද්දි කලුවරේ උනත් ඒ ඇස් වල කදුලු පිරිලා වග තේරෙද්දි තවත් මුකුත් නොකියා මගේ දිහාටම වැටිල තිබුන ඒ ඇස් මගෑරල අහස දිහා බැලුවා....

මාත් ආදරෙයිද විනුද් ඇයි මගේ පපුව මෙච්චර ගැහෙන්නෙ... උබ මාව දන්නවද .... මෙලී කිව්ව දේවල් ඇත්තද විනුද්... ඇයි එහෙනම් මගේ ඇස් වලින් හැංගුනේ... ආදරේ නම් ඇයි එහෙම කලේ...මට රිදෙද්දි ඇයි ආවෙ නැත්තෙ ... ආදරෙයි නම් මට අච්චර රිදෙද්දි මං ලගට එන්න තිබුනනෙ....

ආදරේ කියල රෙද්දක් නෑ අයුල් උබට පිස්සු .... මුන් හැමෝම උබව රවට්ටනවා

".......''

" ගෙදර යමු පිනිබානවා"

-----------------------------------------------------------

ඉතින් එදායින් පස්සෙ මාසයක් විතර යද්දි මට තේරුනේ විනුද් කලින්ට වඩා මගෙන් දුරස් වෙලා කියන්න.... මෙලීත්... කලින් වගේ ඉවරයක් නැති කෝල්ස් මැසේජ් මෙලීගෙන් තිබ්බෙ නෑ...... නැත්තෙමත් නෑ ඒත් මට ලොකු වෙනසක් තේරුනා...

එදා යන දවසෙත් කෙල්ල මගේ දිහා හරියට බැලුවෙවත් නෑ.... නිකන් ම යන්ව කියල ගියා මිසක්... ඒත් මගට  ගිහින් ආපහුහැරිල් දුවන් ආපු කෙල්ල මාව තුරුල් කරගත්ට්ගෙ නිකන් හරියට දාලම යන්න වගේ... මට මුකුත්ම කියන්න උනේ නෑ අඩුම ආපිට බදාගන්නවත් එකපාරටම කෙල්ල දුවල ටැක්සි එකට නැගලා ගියා... මොකක්ද උනේ කියල හිතාගන්නවත් බැරි වෙද්දි ඒ ගැන අහන්න ගියත් මෙලීගෙ දක්ශකම කොච්චරක් ද කියන්න ඒකිගෙ අකමැත්තෙන් බැරි වෙලාවත් දෙයක් පනින්නැති වෙද්දි මගේ ප්‍රශ්න හරි ලස්සනට ඒකි මගෑරියා....

මේ දේවල් වලින් නොපෙන්නුවට ඕනවටත් වඩා මං රිද්දගත්තා...

වෙනද වගේ හැමතිස්සෙම එල්ලි එල්ලි කියවන්න එන විනුද් උවමනාම දේකට ඇරුනම කතා කලේ නැති වෙද්දි.. ඉස්කෝලෙදි හැම දාම ඉන්ටර්වල් එකට

මාත් එක්ක කෑම කන්න උඩට එන කොල්ල ප්‍රැක්ටිස් ගගා ඒක මගාරිද්දි... ඒත් නොවරදවා ම බිස්කට් එකක් ස්නැක් එකක් ඉන්ටවල් එක වෙලාවෙදි ටේබල් එක උඩ තිබුනා වෙද්දි මට දැනුනෙ පපුව හිරකරනව වගේ...

දවසක් නැන්දා කෑම ඔතද්දි කුස්සිය ට ගියපු නිසා නැන්දා අහද්දි හැමදාම එකම කෑම එකක් අරන් යන්නෙ දෙන්නටම ඇතිද කියල ;විනුද් උදේට කාල යන්නෙත් නැට්ජි වග මතක් වෙද්දි... මොන මගුලකටද මූ මුගෙන්ම පලිගන්නෙ කියල හිතෙද්දි මට පුදුම තරහක් දැනුනා.....

එදා ඉදන් මං කෑම එක දැම්මෙ එයාගෙ බැග් එකට වෙද්දි වේලසන ගිහින් ස්ටාෆ් රූම් එකේ ඉදල මූ කෑම එක තියල මාරු වෙන්න හදද්දි අල්ල ගත්තා.... එදායින් පස්සෙ මූ කන්න හරි ආවනෙ....

එහෙම කරද්දි දරාගන්න අමාරුයි මං මූට ආදරෙයි දෙයියනේ කොච්චර ද නොදන්නව උනත්... ඒත් එදා ඉදන් කලින්ටත් වඩා විනුද් මගෙන් ඈත් වෙලා තියෙද්දි....ඒත් නිදාගන්න නම් මතක ඇතුව කාමරේට ආව...උනත් දවසක් චිත්‍ර වගයක් අදින්න සහෙල් ආව වෙද්දි එදා මූ නිදාගන්න ආවෙත් මහ රෑ දොලහ පහු වෙලා.... මොනව කරන්නද ඉතින් මං මනෙ පණ්ඩිතකම් කියවන්න ගියේ....

හැබැයි ස්පෝ'ට්ස් මීට් දවසෙ ඒ දේ වෙනස් වුනා... එදා ඉදන් මූ හිටියෙ ම මනමාලය වගේ මගේ පස්සෙ කැරකි කැරකි... ඇගිල්ලකින් හරි අනින්නැතුව මූට ඉන්න ම බැරි වෙද්දි මට සිද්ධ උනා මොනව නැත්තත් සීමාව මතක තියාගන්න ... කොහොමත් මං නම් ගනන් ගන්න ගියේ නෑ.... වෙන මුකුත් නෙවෙයි ලැජ්ජ නිසා තමයි .... අනේහ්.... මූ ලගට එද්දිත් බඩේ සමන්ල්ලු කටින් පනින සීන් එකක් තියෙන්නෙ... ඉතින් කොහොමද මං මූව කරට අරන් හැසිරුනොත්... හහ් ඒකයි මගෑරියෙ .... නැතුව මගේ ලොකුකමකට  එහෙම නෙවෙයි ..... ඊටත් වඩා ඒ මගේ මාමගෙ පුතා....මං උගන්නන ඉස්කෝලෙ ලමයෙක් ඉතිං මගේ හැගීම් පවා කොච්චර නම් වැරදි ඇත්ද හිතෙද්දි මට මාවම එපා වෙනව වගේ... ඉතින් කොකටත් මං සීමාවක් ඇස් මානෙම මායිම් කරගත්තා වෙද්දි අකමැත්ත පෙන්නන්ම හේතුව තාම පොඩි එක කරගෙන විනුද් ටත් සිද්ද උනා වචන දෙක තුනකින් නවතින්න.....

හිතෙන දේවල් ඔක්කොම ලියන්න ගියොත් මට පුලුවන් හැගීම් ගැන ම කියල නවල් එකක් ම ගහන්න....

ඉතින් කෙටියෙන් ම ගත්තොත්

ඊටපස්සෙ චූටි ඕලෙවල් කලා.... කෙල්ල හිටියෙ මාරම බයකින්... ඕලෙවල් ඉවර උනාට පස්සෙ තමයි කෙල්ල හරියට හුස්මක් ගත්තෙ... වැඩ නම් ලොකුවට කලේ නෑ..ඒත් හිටියෙ මාර විදිහට බය වෙලා... ඊට පස්සෙ කෙල්ලටත් මං වගේ චිත්‍ර කරන්න ඕන කියල ආර්ට් තෝරගත්තෙ නැන්දගෙ දැඩි විරෝධය මැද්දෙ

මට  මතකයි මාත් එක්සෑම් වලට කොච්චර බයයිද කියන්න ... මෙලී නොවෙන්න මං ජීවත් වෙන එකකුත් නෑ... මෙහෙට ආවට පස්සෙ නැවැත්තුවත් මං එහේදි ඩිස්ප්‍රෙශන් වලට බෙහෙත් ගත්තා..... ජීවිතේ අතාරින්න හයියය්ක් නැති උනත් මං තුන් හතර වතාවකට වඩා ට්‍රයි කරල නම් තිබුනා...... ඒත් දවසට පස්සෙ මං ඒක නැවැත්තුවා...

දැන් ඒව වැඩක් නෑ ඒත් කල්පනා කරන්න ගත්තම ඉවරයක් නෑ.......

ඉතින්  සහෙල් ඊට කලින් බැජ් එකේ ලමය්ගෙ ඒම වැඩයි අනිත් ක්ලාස් වල වැඩයි එක්ක මාත් බිසී උනා... වෙද්දි කලින් මගෑරපුවට හරියන්න විනුද් මොකක් හරි හේතුවක් හදන් දෙතුන් වතාවක්ම මැත්ස් එකේ ඉදන් ආර්ට් එකට තට්ටු තුනක් බඩගාද්දි.... ඕනවටත් වඩා මගේ වටේ කැරකෙද්දි ඒක හයිලයිට් දෝ කියලත් හිතුනා.... මාම මොනව හිතයිද..... කන්න දීපු අත හපා කන එකෙක් වෙන්න ඕන උනෙ නෑ මට....

ඉතින් අන්තිම මාස ටිකේ හරි නැන්දගෙයි මාමගෙයි කටේ බලේටයි මට දීපු පොරොන්දුවකයි නිසා ම කොල්ල වැඩ කලා....ඉතින් අද ඒක ඉවර කලා... මං ඒලෙවල් කලේ කරන්න දෙයක් නැතිකම ට .... මූට නම් ගානක් වත් නෑ වගේ ආතල් එකේම ගිහින් නිකන් පෙරපාසල් ගිහින් ආව වගේ, වගේ වගක් නැතුව දවස් ටිකේම ආවෙ ගියේ... මූ ලියපුව ගැන නම් මට සාධාරණ බයක් තිබුනෙ... මාම නම් කිව්වෙ කොල්ල ගැන බය වෙන්නෙපා කියල කොහොමත් කොල්ලටම හරියන තාත්තා කියල නම් මට ලාවට වගේ තේරුනා.............

වැඩිපුරම හොදම දේ තමයි මං නැන්ද එක්ක උයන්න ඉගෙන ගත්තා... මේවා අනාගත ආයෝජන... ඇද ලගින් ටැප් එකක් හයි කරගන්න බලාපොරොත්තු ව නිසා එතකන් උයාගෙන කන්න පුලුවන් වෙන්න එපැයි නෙ..

අද මට  ආෆ්ටර් ස්කූල් ක්ලාස් තිබ්බ නිසා මං එද්දි  හයටම ලං වෙලා තිබුනා... දැන් ඉතින් මේ රෑට කන ගමන් ඉද්දි මාම මුලින්ම කතා කලා......

ඔය යනව කිව්ව දිහා මං යන එක හරිදෝ හිතුනත් මුකුත් කියන්න කලින්ම විනුද් ඇස් වලින් කිව්වෙ කටවහන් ඉදපන් කියලදෝ තේරෙද්දි මං නම් මුකුත් ම කියන්න ගියේ නෑ.... ඌම කතා කලා...... අන්තිමට මාමගෙ සීනි බෝතලේ කතාව එක්ක නැන්දලත් ඉන්නව කුයල ගානක් නැතුව හෙන  වලත්ත බැල්මක් මගේ පැත්තට දාගෙන විනුද් කියද්දි මට කකා හිටපු එකත් ඉස්මොල්ලෙ ගියා.....

මුගෙ වයසට නෙවෙයි වැඩ......

---------------------------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------------------------

මං ආයෙ කියවන්න ගියේ නෑ.. අඩුපාඩු තිබුනොත් කියන්න  ❤️‍🩹

🌼🖤

Share This Chapter