Back
/ 41
Chapter 20

දහනවවෙනි කොටස

No more | Ongoing

"ව්...වි..නුද්"

"දැන්ම ඉවරයක් කරන්නෙ නැද්ද එතකොට "

"ම්...මො...මොකක් ගැනද්.."

"ම්ම් දැන් ඇතිනෙ ආයු මේක විසදන් ඉ.."

"මොනව විසදන්නද පිස්සු හැදිලද... මෙලී.... අනික තමුසෙට කවුරුත් කියල දීල නැද්ද අනුන්ගෙ කතා අහන් ඉන්නෙපා කියලා... එතකොට ඉස්කෝලෙ යන්නැද්ද තමුසෙ මෙතන ඉදන් මොන මගුලක්ද කරන්නෙ... ලැ..."

"ආයු...!"

"අහ් ඇයි මෙලී .... දැන් ඔයා මට කෑගහන්නෙ මේ ඊයෙ හම්බුන මනුස්සයෙක් කියන දේවල් අහල ඔයා මට ඒ මනුස්සය ගැන මෙහෙම කියන්න තරම් තමුසෙට ඌව විශ්වාස උනේ කොහොමද ආහ් ඒකත් මේ පොඩි එකෙක්.... හහ් මට කවුරු නැතත් තමුසෙ ඉදියි කියල මං හිතුවා... මෙහෙම ද ඉන්නෙ එතකොට ආ...මුකුත් කියන්නෙපා තවත්... මගේ ජීවිතේ...ගැ..න හ්..හොද...ට..ම දැ..න ගෙන..ත් මෙ..හෙම්..කියන්න තරම් ඔ...යාටත් මාව වැඩැක්...නෑ..ද මෙ..ලී.. අහ් මේ මො..කද..!!"

"මං හැමදාම හිටියෙත් ඉන්නෙත් ඔයාගෙ පැත්තෙ ආයු... ඒත් ඔයාට ගොඩක් දේවල් මගාරුනා බබා "

"මොකක්ද කරන්නෙ ...එහාට යනව අතාරිනවා මාව මෙ...ලී තමුසම්ම්මප්බ්"

ඔව් ඒ හිටියෙ විනුද්...

උලුවස්ස ලග හිටන් කරේ එල්ලන් හිටපු බෑග් එක උරෙන් අත දිගේ වැටිලා කකුල් ලග බිම ගෑවී නොගෑවී තියෙද්දි ඒ ඇස් කෙලින්ම තිබුනෙ මගේ දිහාවට....

ඉස්කෝලෙ යන්න පරක්කුයි කියල දුවපු එකා මෙතන මොකක්ද කරන්නෙ ... අ...අනික ඇහුනවත්ද....ආර්ග්...

ඒ ටෙන්ශන් එක වැඩි වෙන්න නොදී මං ඒ ඇස් වලින් ඇස් අයින් කරන් කතා කරන්න හැදුවත් එයා මගේ ඇස් දිහා හරි කෙලින් බලාගෙනම දැන්ම ඉවරයක් කරන්නෙ නැද්ද ඇහුවෙ අමුතුම ටෝන් එකකින් ... වෙද්දි ඔව් මට තේරුනා මෙතන කියවුනු දේවල් වලින් භාගයක් හරි නැත්තන් ඔක්කොම හරි මූට ඇහිලා කියන්න ... දැන් එතකොට ඉස්කෝලෙ යන්නැද්ද මූ ආර්ග්

ශික් මගෙත් කට පරිස්සමක් නෑනෙ...

කොච්චර කොහොම මොනව උනත් මං කවදාවත් ඔයාට ආදරෙයි කියන එකක් නම් නෑ විනුද්...

මෙලී කතා කලාම තමයි මට හරි සිහිය ඇවිත් කටට පන ආවෙ....

ඉතින් හැමදාම වගේ මට ඕන උනේ ඇග බේරන් පැත්තකට වෙන්න වෙද්දි මං ඔහේ මොනාදෝ නොදන්න දේවල් වගයක් කියවන් ගියා.... ඇත්තම කතාව මේ වගේ වෙලාවට කියවන දේවල් මොනවද කියලවත් මං දන්නෑ....වගේම ඒව මෙතනට ගැලපෙනවද කියලවත් මට තේරුම් නෑ..

මං හැමදාම හිතුවෙ මොන දේ උනත් මෙලී මාව තේරුම් ගනීවි කියල...ඒත් නෑ ඒකි කතා කලෙත් විනුද් ගෙ පැත්තට වෙද්දි මට දැනුනෙ මං හැමදාම වගේ තනිවෙලා කියල....

කලින් දන්නෙත් නෑ කියල කවදාවත් වෙන කොල්ලෙක්ට තියා කෙල්ලෙක්ටවත් මට කිට්ටු වෙන්න නොදී වෙන එකෙක් එක්ක විනාඩි පහක් වැඩිපුර හිනාවෙලා කතා කලොත් හරි වෙන එකෙක් මාව හග් කලොත් හරි ඌව මරන් කන්න හද්න කෙනාම මේ ඊයෙ හම්බ්ලා කතා කරපු වචන දහයක් නිසා එකෙක්ව විශ්වාස කරන්න කියද්දි ඒකත් ආදරේ වගේ හැගීමක් ගැන වෙද්දි මං කොහොමද විශ්වාස කරන්නෙ... විනුද් මෙලීව බ්ලැක්මේල් කලාවත්ද ...විකාරනෙ.

වෙලාවකට මට හිතෙනව මං බොලදයි ද කියලත්... මං මොකක්ද මේ කරන විකාරෙ ආර්ග් කොච්චර කට කියවන් ගියත්....මේ ටහිකෙන කදුලු ගලන්න ගත්තනෙ රෙද්ද...ඇසුත් දනවා පිහින්නත් බෑ ලැජ්ජයිනෙ අප්ප.... මොන මගුලක් වෙලාද මන්දා කලින් තාත්තාගෙන් ලේ පනින්න ගුටි කාලත් මං මෙහෙම බොලද විදිහට හැසිරුනේ නැතුව ඇති ඇඩුවෙ නැත්තෙ නෑ ඒත් ඉකිගැහුන්නෑ....හත්ත....

ඒත් එක්කම....

තද උනා නෑ හිර උනා... මාව...

හරි තදට බඩ වටේ ගියපු අත් දෙකකට... උරහිසින් ඔලුවත් තියාගෙන මෙලී දිහාට හැරිලා හිටපු මාව ඒ හයිය අත් අයිති ඇගටම තද කරගනිද්දි මෙලීට කියවන් ගියපු වචන නවත්තපු මං ඉකියත් හිරවෙද්දි එතනින් එහාට වෙන්න කෑ ගහන්න ගියත් මෙලී මොක්දෝ කියපු දෙයක් නිසා ඒක තේරුම් ගන්න ඒ හිටපු විදිහට ම ඉදන් එයා දිහා බලන් හිටියත් මෙලී ඒ කියපු ගමන්ම ද මගේ ඇසුත් මගෑරන් කාමරෙන් එලියට ගියේ දොරත් වහගෙන වෙද්දි ඒ කියපු දේ හිතන්නවත් වෙලාවක් නොතියා මං හිටපු විදිහ ඔලුව ආවත් එක්ක මෙතන මුකුත් නොඋන වගේ මාව ත්දට බදන් ඉදන් බෙල්ල අස්සෙ මූන ගහන් ඉන්න කෙනාගෙ අත් ගලවන්න හදන ගමන් එහාට වෙන්න දැගලුවා ....

ඒත් කොහෙද මූ මගේ කට වැහුවනෙ... එක අතකින්...

" දන්නවද මිනිස්සු වැඩිපුර කලබල වෙලා මෙහෙම ඕනවටත් වඩා කෑගහන්න ගන්නෙ ඇයිකියලා"

"ම්ම්ප් ගන්ම්ම්"

අතෑරපන් යකෝ මුගේ අතේ තද යකෝ මුගේ වයසටද වැඩ මං අත්දෙකෙන්ම මගේ කට වහන් ඉන්න අත අයින් කරන්න හැදුවා.. කොහෙද මූ අනිත් අතින් මගේ අත් දෙකම අල්ලන් පහලට දාල අත් දෙකත් එක්කම බඩ වටේ අත දා ගාත්ත.කොහේ දගලන්නද මූ වයසින් විතරයි මට වඩා පොඩි.... මූසලයා...

"මං පොඩි නිසාද"

"ආ..."

"මං ඔයාට වඩා බාල නිසාද "

ටිකක් වෙලා මගේ බෙල්ල අස්සෙ ඔලුව ගහන් එකම විදිහට බර හුස්මවල් අතෑරපු කොල්ල මගෙ කටෙන් අත අරන් මගේ ඉන වටේ දාගෙන අහද්දි දුවන්න ඕනි උනත් කකුල් බෑ කියපු නිසාදෝ මං දගලන එක නැවැත්තුවා

"මොකක් මං න්.."

"මං ඔයාට වඩා වැඩිමල් උනානම් මේ හිතේ තියන දේවල් වලට ඉඩ දෙනවද මාවි... එහෙම උනා නම් මෙහෙම මගෙන් හැංගෙන්නෙ නැද්ද බං"

"ම්..මොනවද ව්...විනුද් මේ වි...කාර කියවන්...නෙ...දැ...දැන් ඉස්කෝලෙ යන්නෙ නැද්ද ප්..පරක්කුයි කිව්වනෙ "

"මං ඇහුවෙ ඒක නෙවෙයි "

"වි..කාරද විනුද් අහ්.. ඒයි...ම්...මොක"

"ඇයි මෙහෙම කරන්නෙ මැනික ... මං පව් කියල හිතෙන්නැද්ද "

"......"

"ම්ම් "

"ව්...විනුද් "

" මුරණ්ඩු උනාට කමක් නෑ ඕනවට වඩා එපා ...ම්ම්..මං තමුසෙට වඩා බාලයි තමයි හැබැයි වයසින් විතරයි තේරුනාද...මගෙ මැනිකට තේරුනා හෝ නැතා මතක තියාගන්න.... "

ආර්ග්... මූට මොනව වෙලාද දෙයියනේ මගෙ කකුල් දෙකත් පන නැති උනා... ඔයාගෙන් අහන්නැතුව අතක් වත් තියන්නෑ කිව්ව එකා බදාගෙන ඉදන් කණ ලග මුමුනන ගමන් බෙල්ලෙන් තොල් තද කලා වෙද්දි මට දැනුනෙ මුලු ඇගේම හිරියක් දුවනව වගේ.... අනේහ්... ඒ මදිවට මූ මහ අමුතුම විදිහට තොල් කන් වල වද්දන ගමන් කියද්දි මට හිටගෙන ඉන්නත් බෑ වගේ ... බඩේ සමනල්ලු පලගැටියො කණාමැදිරියො ඔක්කොම එලියට පනින්න හදනව වගේ... මේවට නඩු දාන්න පුලුවන් වෙන්න ඕන හරිනම්....

කොච්චර ඈත් වෙන්න හැදුවත් මට හැමදාම ඕන උන උනුහුම මාව කන්ට්‍රෝල් කරන්න ගද්දි විරුද්ධ වෙලා පැනල දුවන්න ඕන උනත් මං මාවම පාවල දෙන ගමන් හිටියා....ඔලුව පිටිපස්සට බර උනා වෙද්දි...ම තව මොනවත් කියන්න වචනවත් මං ලග නැති වෙද්දි

"සුදු පුතේ... ඇහැරිලාද ඉන්නෙ... මොකෝ මේ තාම දොරත් ලොක් කරන්"

"අහ් න්...නැන්දේ...මේ මං "

"ලොකූ තාම ගියේ නැද්ද ලමයෝ වෙනද කඩාගෙන බිදගෙන  යන්නෙ වෙනද කන්නවත් වෙලාවක් නෑ ගාන්..අනික දැන් ටිකකට කලින් එලියට යනවත් දැක්කනෙ "

"අද ප්‍රැක්ටිස් විතරයි නෙ ටිකක් පරක්කු උනාට කමක් නෑ "

"හරි එහෙනම් අදවත් හරියට කාල යනව උදේට යමු පුතේ අර ලමයත් බලන් ඇති අද නිවාඩුත් දැම්මෙ ඇවිදින්න යන්න කියලනෙ..."

"අහ්..ඔ..ඔව් නැන්දේ"

"ම්ම්..මං කියන්නමයි හිටියෙ ලොකූ ඒලෙවල් වලටත් තව වැඩි දවසක් නැහැනෙ ලමයෝ ඔය ප්‍රැක්ටිස් මගුලවක් නවත්තල පොතක් පතක් බලාගත්තනම් නරකද අර දරුවත් මැත්ස්ලුනෙ කලා කිව්ව අමාරු පාඩමක් එහෙම ගිහින් අහගනින් මේ දවස් දෙකේවත් ඔහොම න..."

"බඩගිනී අම්මා...යමු කො කන්න "

'හැමදේම විහිලුවක් ද ලොකූ ඔයාට "

"මං වැඩ කරනව අනේ අහන්න බොරු නම් මේ සුදු පුතාගෙන් "

"ආ ඔ..ඔව් ක්..නෑ!! මූ පොතක් අල්ලන්නෙවත් නෑ නැන්දේ... චූටි නම් මාත් එක්ක වැඩ කරනවා"

"ඉන්නවකො අප්පච්චි එනකන් හැමදාම බේරගන්න බොරු කියන නිසානෙ මෙ.."

"හරි හරි ඔයා ආවහම කියන්නකෝ දැන් යමුකෝ... මෙහෙ එනවා කන්න යන්න"

එකපරට නැන්දා ඇවිත් දොරට ගගහ කතා කලා වෙද්දි මෙච්චර වෙලා පන නැතුව විනුද් ගෙ ඇගටම බරවෙලා තිබුන මගේ කකුල් දෙක්ත් කෙලින් උනා වෙද්දි මු ඒත් මාව අතෑරියේ නෑනෙ... මං බලෙන්ම මූවත් එහාට කරන් දොර ඇරියා උනත් කියන්න දෙයක් නැට්ජි කමට ගොතගහද්දි මගේ පිටිපස්සෙ ඉදන් විනුද් උගුර පාදපු නිසා නැන්දා විනුද් ට කෑහහන්න ගත්තා..

ඇත්තටම මූට බැනල මදි හමගහන්න ඕනි... ගෙදරින් යන්නෙ ඉස්කෝලෙ ට ඇරුනම ඔය ග්‍රව්න්ඩ් එකට හරි යාලුවෙක්ගෙ ගෙදරට හරි උනත් මූ කවදාවත් ඔය යන තැන්ක් ගැන හරියට නැන්දට කියල යනව මං දැකලනෑ...

අනිතෙක පාඩම් කරනවලු... රෙද්ද තමයි ....මුගෙ පාඩම් කිරිල්ල.... මං හරි නැන්ද හරි කෑගැහුවම කනක් ඇහෙන්න නැ ගගා ගිහින් පොතක් අරන් ආවත් උපරිම විනාඩු දහයයි මූ පොත උඩම දපනෙ දාල නිදි... මාම නම් මුකුත්ම කියන්නෑ....

ආහ්.. මූට බනින්න ගියාමත් ඔක්කොම අමතක උනා.. අන්තිමට මුකුත්ම උනේ නැති ගානට මූ මගේ අතිනුත් අල්ලන් නැන්දගෙ පස්සෙන් ගිහින් කෑම මේසෙන් වාඩි උනා... චූටිත් ක්ලාස් ගිහින් තියෙද්දි රේනු ආන්ටිත් මේ දවස් ටිකේම එයාගෙ ගමේ ගිහින් තියෙද්දි නැන්දා තනියෙම කෑම බෙදන නිසා මාත් ගිහින් කෑම මේසෙන් තියන්න උදව් කලා...

ඒක මට තාමත් හෙනම අමුතුයි... කන්නෙ එක්කෙනාද කෑම මෙසෙ ඇරේන්ජ් කරල තමයි කන්නෙ ඒකත් කෑම වර්ග තුන හතරක්ම එක්ක.. කෙසෙල් අනෝද වගේ දෙයක් නම් නැතිවෙන්නෙම නෑ....

ඉතිම් කෑම මේසෙට ඇරේන්ජ් කරල මං වාඩි වෙන්න එද්දි මෙලී එයාගෙ ලහින් පුටුවකුත් පිටිපස්සට ඇද්ද වෙද්දි මොකක්දෝ හේතුවකට මගේ ඇස් ගියේ විනුද් දිහාට .. ඒ ඇසුත් බලන් හිටියෙ මං දිහාමයි හරියට කොතනින් වාඩි වෙයිද් බලන්න වගේ.... මූ ඇස් වලින් එහාපැත්තෙ තියෙන පුටුවත් ලාවට පෙන්නද්දි ඒක දැක්කෙ නැ වගේ මං ගිහින් මෙලීට එහා පැත්ට්ගෙන් වාඩි උනා....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"මාවි..!"

" ....."

" මාවි .... ආ නිදිද... බොරුවනෙ ඉතින්..."

" මට පාඩුවෙ ඉන්න දෙන්න ......"

"ඇ... මොනව වෙලාද මෙ... අහ් දැන් මේ කඩේ එක්කන් ගියේ නැති නිසාද ... ඉතින් මැනික වහිනවනෙ අනික මෙහේ සීතලත් වැඩියි "

"හ්ම්ම්"

"දෙයියනේ කට නම් කොහොමද මං තමුසෙට වඩා වැඩිමල් යැයි යැයි ගාගත්තු ගමන්මයි... ඇත්තටම මේ බබාගෙ වයස කීයද... කෝ ඉතින් බලන්..."

"සැරයක් කිව්ව විනුද් මෙතනින් යනව .... මට ඉන්න දීලා"

" මොකක්ද වෙලා තියෙන්නෙ කවුරු හරි මුකුත් කිව්වද... ඉන්න... චූටි..!!"

" කට වහගන්නවා..අර මිනිස්සු මොනව හිතයිද...අනික මට කවුරු මොනව කිව්වම ඔයාට මොකද !!!....අනික මට මෙහේ ඉන්න බෑනෙ අර දරුවට ප්‍රැක්ටිකල් වගයක් කරන්නත් තියෙය් .. හෙට මං චූටි එක්ක යනව එයාටත් ක්ලා..."

"මොන මගුලක් වෙලාද මාවි ! .. හිටි හැටියෙ වෙස් පෙරලෙනවද .. මං දැන් කලිනුත් ඇහුවා මොකක්ද උනේ කියල.. පිස්සු හැදිලා වගේ එකපාරටම... "

"ඔව් ඔව් මට පිස්සු... සොරි.. මං අවුලෙන් හිටියෙ දැන් හරිනෙ මට නිදිමතයි "

"මාවි !"

------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------

ඒ සිද්ධිය මොකක් වෙන්නැතිද 😪🥲😌

🖤🌼

Share This Chapter