Back
/ 41
Chapter 19

දහඅටවෙනි කොටස

No more | Ongoing

"මොකක්ද මෙච්චර වෙලා කරන්නෙ බලන්න වෙලාව අරුන් ප්‍රැක්ටිස් ඉවරක...."

"අහ් මේ ම්.. මට අමතක උනානෙ කියන්න අද මං නිවාඩුවක් දැම්ම හෙට මෙලී යනවනෙ ඉ...."

"ම්ම්... මං යනවා "

ඊයෙ රෑ තරහත් නිසා හිතත් රිද්දන්  එයාගෙ කාමරේ ට නිදාගන්න ගියපු විනුද් නිසා මං තව හිත රිද්දන් තිබුනා වෙද්දි දැකපු හීනෙත් එක්ක මං තියපු බෙරිහන් දීල්ල නිසා බයවෙලාදෝ මාව තුරුල් කරන් කරපු විකාර ගොඩකටත් පස්සෙ විනුද් ආපහු මගේ කාමරේටම නිදාගන්න ආවත් මං කොච්චර කියලත් ඇදට එන්න කියල නෑහුනා වගේ බිමට මෙට්ටෙත් දාන් සුපුරුදු විදිහටම නිදාගත්ත උනට්ග් පාන්දරක් වෙනකන්ම මට වගේම විනුද්ගෙවත් නින්ද ඇවිත් නොතිබුන බව එහෙට මෙහෙට හැරෙන සද්දෙත් එක්ක තේරුනා උනත් පොඩි හරි සැනසිමක් බලාපොරොත්තුවෙන් ලොකු හුස්මක් පහල දාල මං ඇස් පියාගත්තා...

උදේ එලාර්ම් එක වැදුනෙ නැති වෙද්දි මං ඇහැරිලා තිබ්බෙ හතටත් ලං වෙලා වෙද්දි මං ටක් ගාල තාමත් නිදාගෙන උන්න විනුද්ව ඇහැරුවා.... එයාටත් නින්ද ගිහින් තිබුනා පාන්දර නින්ද යන්නැත්තෙ සමහර විට ...

ඈලි මැලි කඩ කඩ හිටපු කොල්ලට වෙලාව කියනවත් එක්කම කලබලෙන් වගේ කාමරේට දිව්වෙ උදේ ප්‍රැක්ටිස් එකටත් පරක්කුයි කියල මතක් වෙලා වෙන්නැති..

මාත් ඉතින් කොල්ලගෙ බෙඩ් ශීට් එහෙමත් නවල කොට්ටත් එක්ක ඇදේ මගේ ඒවත් එක්කම තියල මගේ ඇදත්  ගසල පිලිවෙලට හදල වොශ් එකක් දාගෙන කාමරේට ඇවිත් ඇදුමක් තෝරන ටිකට කාමරේට කඩාගෙන බිදගෙන ආවෙ මෙලී...

කොච්චර කිව්වත් රෙද්දක් අදිද්දි එන්නෙපා කාමරේකට එද්දි තට්ටු කරල වරෙන් කියල මේකිගෙ තියෙන කොලු කමටද මං දන්නෑ ඔහේ එනවා... හැබැයි වැරදිලාවත් මගේ දිහා කෙලින් නම් බලන්නෙ නෑ හැබැයි ...ඉතින් ඇවිල්ල ඇදෙන් වාඩි වෙලා මෙතන මං නෑ වගේ පෝන් එක ඔබද්දි ඒත් එක්කම ඉස්කෝලෙ යන්න පරක්කුයු කියාගෙන කාමරේට ආවෙ විනුද් වෙද්දි ඊයෙතරහ මරහ අමතක වෙලාදෝ මාත් එක්කම ඉස්කෝලෙ යන්නත් ඉදල වෙද්දි අද යන්නෙ නැති වග කලින් නොකිව්ව එකට මට දුක හිතුනා වෙද්දි.... ඊටත් වඩා කෑ ගහන් ආපු කොල්ල කියවන් ආපු එක නතර කලේ ඇදේ ඉදපු මෙලී දිහාත් ටවල් එක විතරක් ඉනට ඇදන් ඉනට අත්දෙකත් ගහන් මෙලීට බනින්න ඒකිගෙ දිහාට හැරුනු මගේ උඩ ඉදන් පහලටත් බ්ලන ගමන් වෙද්දි අද නොයන වග කියල හේතු කියන්න ගියත් කියන්න ගියපු එක සම්පූර්ණ කරනකන්වත් නොඉද මගේ මූන දිහාවත් නොබලා ඇහෙන නෑහෙන ගානට මං යනව කියල යන්න ගියා වෙද්දි ඒ දිහා බලාගෙන හුස්මක් පහල දාපු මං ආපු මෙලී දිහාට හැරුනා...

මේකි යකෝ කකුල් දෙකත් ඇද උඩ... විනුද් ආවද ගානක් වත් නෑ ඒත් ඔලුව උස්සල බලනවවත් මං දැක්කෙ නෑ ...

"à¶­..."

"තමුසෙගෙත් හරි බොරුවනෙ ඕයි"

"ම්..මොන බො..බොරු වද ආ"

"අනේ මේ ආයු මාව අන්දන්න හදන්නෙපා හරිද...මං සිරාවටම අහන්නෙ ඇත්තම කියපන් හැබැයි බොරු කිව්වොත් අම්මප යවනව දත් ඇන්ද බඩට "

"මොන ඇත්තද මනුස්සයෝ "

"දැන් තමුසෙ කියන්නෙ තමුසෙ අරූට කැමති නෑ කියල ද"

"....."

"ඇයි ආයු එහෙනම් මේ...ඇයි මෙහෙම බොරුවට රිද්දගන්නෙ "

"ඔයා ඇයි නොදන්නව වගේ කතා කරන්නෙ ආ.... ඇයි කවුරුවත් මගේ පැත්තෙන් හිතන්නෙ නැත්තේ... අඩුම මං හිතුව ඔයාවත් මාව තේරුම් ගනීවි කියලා... මේ අද ඊයෙ හම්බුන කෙනෙක් ගැන හැගීමක් ඇති උන පලියට ඒකෙන් ආදරෙයි කියල කියන්න බෑනෙ... අනික ඒකත් කොල්ලෙක් ගැන.... මං දන්නෑ මගේ හිතේ තියෙන හැගීම මොකක්දවත්.... සමහර විට මට කොහො....මත් ක්...කෙල්ලෙ...ක්ට ආදරේ කරන්න පුලුවන් කමක් නැතුවැතිනෙ... ම් ..මං ගේ නේද මෙලී.. එතකොට අනිත් උන්ට මං කියන්නෙ අනිත් පිරිමි අයට මං වගේ අයව විහිලුවක් විත්..රයිනෙ මෙලී..."

"මගෙ මැනික "

කතාව අතරෙම මං ටී ශර්ට් එකකුට් ඇදගෙන ඇදෙන් ඉදගත්ත වෙද්දි මෙලී අහපුවට උත්තර ආවෙ ලොකු හුස්මක් එක්ක ඉකියකුත් හිරකරගෙන වගේ වෙද්දි... මට දැනුනෙ මං ආඋඑත් තනිවුන හැගීමක්....අමාරුවෙන් උනත් ඇස් වල පිරෙන කදුලු වැටෙන්න නොදී එකදිගට කියවන් ගියපු මාව එකපාර ට ඇදල අරන්  මෙලී බදා ගත්තේ ඒ ඇස් වලත් කදුලු පිරුනු වග හංගන්නදෝ හිතෙද්දි මං ආපහු කතා කලා... ඒත් මොකක් දෝ හේතුවකට මං මෙලීව කවදාවත් නැතුව ආපට බදාගත්තෙ නම් නෑ ඔහේ හිටියාමිසක් ....මේ මගුලවල් රිදෙනවා දෙයියනේ ....

" ඉතින් කොහොමද මෙලී මං කොල්ලෙක් ව ම විශ්වාස කරන්නෙ ...දව...සක එයා කි...කිව්වොත් මාව දැ...න් ඇති කි...යලා...  එ එදාට මං තවත් ඉදියි කියල ඔයා හිතනවද මෙලී...මොකද මං එයාට දැනටමත් ආදරේ කරන්න පටන් අරන් මෙලී"

"ආයු... "

"....ඉතින් ඔයා කියන්නෙ මගේ පලවෙනි ම ෆීලින්ග් එක විනාස වෙලා යන්න දෙන්න කියල ද ඒක ඇස් ඉස්සරහ මැරෙනව බලන්න කියල්ද  ..."

"....."

ඔව් මට ඕනි නෑ මගේ පලවෙනි ම වගේම අන්තිම හැගීම ගැන පසුතැවෙන්න ....  ඒ හැගීම් මාත් එක්කම මැරිලා ගියොත් ඒව හර් ලස්සනට මාව ජීවත් කරවයි.... ඒත් ඒව ඇස් ඉස්සරහ මැරිලා ගියොත් නෑ මට බෑ විනුද් ඔයාව මගේ ජීවිතේ නරක මතකයක් කරගන්න ..... මොකද මං ආදරේ කරන්න ගත්තු එකම කෙනා ඔයා....

"මට ඕනි මේ හැගීම් හරි පරිස්සමට අරන් තියාගන්න දවසක මං ඇස් පියාගන්නකන්ම... මොකද මට විශ්වාසයි කවුරු කොහොම මොන විදිහට කිව්වත් දවසක වටිනම දේවල් කියල ලං කරගන්න හැමදෙයක්ම ඕනම කෙනෙක්ට දවසක එපාම වෙලා යනවා දකිද්දිත් අප්ප්පිරිය වෙන තරමටම... විනුද් කියල ඒකෙ වෙනසක් නැහැනෙ ...

හැමදේකම වටිනාකමක් තියෙන්නෙ ඒ දේ ලබාගන්නකන් විතරයි  ...ඊට පස්සෙ ඒ දේ උන්නද මලාදවත් ගානක් නැතුව යනවා...

ඉතින් මට බෑ මගේ ඒ හැගීම් වල වටිනාකම නැතුව යනව දකින්න.. ඒවට වයිර කරන්න..මට බෑ..ඒවා මෙහෙම ම තියෙද්දි පරිස්සම් ...ඒ ඇති මට හිනාවෙලා ඉන්න..."

"එහෙම වෙන්නෙ නැත්තන් ..එකපාරක් ... අහන්න ආයු  මං දන්නෑ ඔයාට කොහොමද මං මේක කියන්නෙ කියල ඒත් මං කියනවට විනුද් ට එක අවස්තාවක් දීලා බලන්න... ඔයා දන්නෑ එයා ඔයාට කොච්චර ආ..."

"එයා තාම පොඩි ලමයෙක් මෙලී... ඒ හැගීම් මොකක් හරි ආකර්ශනයක් විතරක් වෙන්නැති සමහර විට කැමත්තක්..... මාත් පරිනත නෑ තමයි මේ සමාජෙ ගැන ලොකු දැනුමක් නැතුවත් ඇති... ඒත් මං කියන්නෙත් කොල්ලෙක් වෙලත් මගෙ ජීවිතේ ඇතුලෙ කෙල්ලෙක් තියා හතුරෙක්වත් විදින්න හොද නැති දේවල් වලට මූන් දිපු කෙනෙක් කියන්න ඔයා දන්නවනෙ.. පිරිමියෙක් වෙලත් පිරිමි නිසාම මැරි මැරි ඉපදුන එකෙක්....ඉතින් මට මගේ එකම හරි අන්තිම හරි හැගීම නිසාවත් තව කෙනෙක්ව විශේශයෙන්ම  පිරිමියෙක් ව විශ්වාස කරන්න කියන්න එපා...විනුද් උනත් වෙනස් වෙන්න බෑනෙ එයත් මනුස්සයෙක් හැමෝම ම අවස්තාවාදී තමන්ට ඕන දේ ලැබුනම එයාල අතුරුදහන් වෙනවා.. අනිත් එක අම්ම තාත්තටවත් එපා කොට වෙනකාටවත් මාව ඕන වෙන්න විහක් නෑ මෙලී.."

"ඉවර ද...."

"අහ්"

"ඔව්..මිනිස්සු ආත්මාර්තකාමී  ආයු... මං හිතුවා අඩුම ඔයාවත් ටිකක් හරි එහෙම නොවේවි කියලා ඒත් ඔයා ඕනවටත් වඩා සෙල්ෆිශ් උනේ කොහොමද ආයු "

මැලවුන ඇස් දෙකකින් මගෙන් ඇස් අරන් දොර දිහා  බලන් මෙලී කියද්දි මං ඇස්බැමි අකුලල එකපාරටම හිතුන්දේකට පිටිපස්සට හැරුනා වෙද්දි .....

______________________________________________________

______________________________________________________

_____________________________________________________

චුට්ටයිනෙ....

මේ මං කැරක්ටර්ස්ලට ගැලපෙන පොටෝස් අප්ලෝඩ් කලා... හතරෙවෙනි කොටසෙයි හත්වෙනි කොටසෙයි බලන්න... 🙈❤️

🌼🖤

Share This Chapter