Back
/ 41
Chapter 18

දාහත්වෙනි කොටස

No more | Ongoing

දැන් වරුවකට වැඩීද කොහෙද නෑ ඉතින් වෙලාව බැලුවම නම් පැය භාගයක්  වගේ තමයි ගෙවිලා තියෙන්නෙ ඒත් පැය භාගයක්  කියන්නෙ ලොකු වෙලාවක් නෙ ... මෙච්චර වෙලා මොනව කරනවද අප්ප...

ඔව් ඔව් ඔව් මෙලී මහ අම්මණ්ඩි වගේ විනුද් එක්ක කචාකරන්න ඕනි කියල ඒකත් චනිඤෙම කියද්දි රෑට කෑමත් කාල ඉවර උන මං ගස්සගෙන කාමරේට ආව උනත් දැන් මට ඕනි උනේ එච්චර වෙලා කතාකරන්න තරම් තියෙන්නෙ මොනාද කියල දනගන්න...

ශිට් එලියෙනෙ ඉන්නෙ හැංගිලා අහන් ඉන්නවත් බෑ පේනවනෙ....

අනේ ඕන රෙද්දක් කියලා  මං රෙද්දකුත් ඔලුවෙ ඉදන් පොරවගෙන ඇදේ දිගාවුනා..ඒත් නින්ද කොහේ එන්නද

මෙලී විනුද් ව කලින් දන්නෑ කිව්වනෙ.... බොරුවක් වත්ද... ඒත් ඇයි..

සමහර විට මෙලී.. නෑ නෑ........... ඒත් බැරිවෙලාවත් මෙලී.... විනුද්ට කැ...

එකපාරටම කාමරේ දොර ඇරුනා වෙද්දි මහා විකාර සිතුවිලි ගොඩක් එක්ක විකාරයක් වෙන්න ගිය මං මේ ලෝකෙට කඩා පාත් උනේ ආවෙ කවුද කියල හිතද්දි....

ලයිට් එකත් ඔන් උනා... මං ඉතින් ඇක්ට් එකකට උනත් සාධාරණයක් කරන්න හිතන් ටිකක් පැත්තට හැරෙන්න වගේ දගලල කටත් චම් චම් ගාලා කොට්ටයක් බදාගත්තා ...

ලයිට් එක ඕෆ් උනා...විනාඩි ගානකට පස්සෙ දොරත් වැහුන... මොකක්දෝ පොඩි ස්ද්ද දෙක තුනක් ඇහුනත් ඒ මොකක්ද හිතාගන්න බැරි වෙද්දි දොර වැහිලත් විනාඩි ගානක් මං එහෙමම ඉදල ඇස් ඇරල බැලුවා ..

ඒ ඇවිත් ගියේ විනුද් කියන්න කාමරේ හමාගෙන ගියපු හුලග එක්ක ආපු සුවද සක්ශි කියද්දි කොච්චර රණ්ඩු උනත් එදා උණ හැදුන දවසෙ ඇරුනම පහු වෙලා හරි ඇවිත් හැමදාම විනුද් නිදාගත්තෙ මේ කාමරේ වෙද්දි කොච්චර කිව්වත් මාරුවෙන් මාරුවට හරි ඇදේ නිදාගන්න කියල ඒක ට ඔලුව වනල බෑ කියල යන්තමින් හිනා වුනා ඇරෙන්න වචනයක් නොවෙද්දි.... කොච්චර උනත් එයා කාමරේ ඉන්න එකම ඇති කියල හිත පිරෙද්දි.... මුලින් උනත් මගේ හිතේ බයක් මිස ඒකට අකමැත්තක් නොතිබුනාදෝ මතක් වෙද්දි.... මට ඕනි උනේ නෑ දවසක් වත් තනියෙම ඉන්න... දැන් මං ඒ බැදීමට කොච්චර හුරුවෙලාද කියල මටම පුදුමයි.... වෙනද කරන දේවල් තත්පරේක හරි වෙනසක් උනොත් හිත රිද්දගන්න තරමටම මං එයාව බලාපොරොත්තු වෙන්න පටන් අරන් තිබුනා....

ඒකමයි ඊයෙත් මහ රෑ හොල්මන වගේ මොනව උනත් කමක් නෑ කියල හිත කියන දේ අහන් මං ඒ කාමරේට ගිහින් තුරුල් වෙලා තිබුනෙ.... අනේ මට හැමදාම පුලුවන් නම් එහෙම ඉන්න... ඒත් මං දන්නව මට ඒක බෑ කියන්න ....

හරි කොල්ලො උන එක අවුලක් නෑ දැන් ලෝකෙ ඕන තරම් එහෙම කතා තියෙන්නෙ කියමු, විනුද්ගෙ ආදරේ ගැන මෙහෙට ආපු දවසෙ ඉදන් ඇස් ඉස්සරහම ඔප්පු වෙද්දි ඉතින් මාත් පපුව පුරවලම ආදරේ වෙද්දි ඇයි මාගාරින්නෙ.... හිතේ කොනක් කෑ ගැහුවෙ එහෙම ගිහින් තුරුල් වෙන්නලු ඒ පපුවට... ඔව් තාමත් කියනව... මෙච්චර දවසක් බැරි උනාට දැන් වචන වලිනුත් ඔප්පු වෙලා තියෙද්දි ඇයි මගාරින්නෙ ලොකුකමක් නිසාද අහනවා.... ඒත් ඒ හිතේම තව පැත්තක් මං එහෙම කලොත් කොච්චර අසාධාරණ ද අහනව.... සමහර විට විනුද් උනත් කැමති වෙන එකක් නෑ... මොකක් හරි හේතුවකට එයා මට කැමති ඇති ඒත් කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් virginity එක කියන්නෙ ආදරේදි ගොඩක් වටින දෙයක්... කවුරු කොහොම කිව්වත් ඕක වැඩක් නෑ කියල.... හිතේ තැනක තියෙනව දවසක කොතනදි හරි ලොකු තරහක් එක්ක පිට පනින්න බලාගෙන...

ඉතින් හිතාමතාම මට උනත් තව රිද්දගන්න බෑ කියල හිතෙද්දි මගේ ජීවිතේ ඇතුලෙ පපුව පිරුන හැගීමක් ඇති උන පලවෙනි කෙනා ඒකත් පිරිමි කෙනෙක්ම වෙද්දි... හීනයක් නොවුනත් විනාස වෙලා ගියපු ජීවිතේ ඇතුලෙ තුරුල් වෙන්න පපුවක් එක්ක ආදරේ පිරුන හැගීමක් මාත් බලාපොරොත්තු නොවුන නෙවෙයි ..

ඒත් උන දේවල් එක්ක කොහොමද මං කෙනෙක්ව විශ්වාස කරන්නෙ... ඒකත් පිරිමියෙක්වම කොහොමද .....එතකොට විනුද් ...මට විනුද් ව විශ්වාසද... මං දන්නෑ... ඒත් මට පාලුයි... මං මට හම්බුන එකම සැනසීමත් නැති කරගත්තද...

වෙනදා මේ වෙද්දි බිමට එලෙන මෙට්ටෙ අද තාම පැත්තක තියෙද්දි ඇදේ පැත්තක තිබුන ඒ කොට්ට දෙකෙන් එකකුයි බෙඩ් ශීට් එකයි නැති වෙලා තිබුනා...

ඉතුරු උන කොට්ටෙ අරන් ගිහින් නැත්තෙ මං බදන් ඉදල තිබුනෙ ඒක නිසා වෙන්නැති.. ඒක සුවදයි.... ඊයෙ එතකොට එදා ඔෆිස් එක ලගදි ඊට පස්සෙ එදා රෑ  ඔව් ඊට පස්සෙත් මට දැනුන ඒ සුවද මං පපුවට ගුලි කරගත්තා...

මං හිතුවට තවත් අඩන්නෑ කියල ඒ සුවද පිරුන කොට්ටෙ තෙමිලා යන ගමන් තිබුනා... කොච්චර හැදුවත් ඉකිය නවත්තගන්න බැරිවෙද්දි මට දැනුනෙ පුදුම අසරණ කමක්....

වෙනද රිදෙද්දි මෙලීව හොයන් ගියත් අද මට ඕන උනේ නෑ අද විතරක් නෙවෙයි ...ඒත් එයා දැන් තව දුරයි...

මං එහෙමම ඇස් වහන් හිටියා....

"සුදු බබා, පාලුවෙන් නෙ හිටියෙ මං නැතුව... ම්ම් මේ බලන්න මං තව යාලුවොත් එක්කන් ආවා දැන් පාලු නෑනෙ..."

"අ... අනේ ප්..ප්ලීස් මෙ...ම් මෙහෙම කරන්..න.... එ..පා ම...ට...රිදෙන... වා  "

"ආ ඒක කොච්චර ෆනීද බලන්න බබා මේ.. ඒහ් වේද...නාව ක්...කියන්නෙත්.... ස...ස්ස්ස්ස් සතුට..ක් තමයි "

"මාවි .... ශ්.... ශ් මේ බලන්න දෙයියනේ  කෝ ඇහැරෙන්න... මගෙ මැනික ඒක හීනයක්.විතරයි ... අනේ ඇස් අරින්න මා..වි "

"එ...පා ආහ්.... අ.ම්..ම්මේ...අ.අ..නේ රිදෙ..න...වා ම්හ්...එපා....."

"මා..වි....  ස්...සොරි සමාවෙන්න ..ම්...මං  හිතුවෙ නෑ ...ම..ට අමතක උනා ... අ...නේ ඇස් අරින්න මැනික...කෝ මේ බලන්න මං මගේ මැනික ලග ඉන්නවනෙ ඇස් ඇරල බලන්න මැනික"

"විනුද් වතුර ටිකකින් මූන සේදුව නම් සමහර විට "

කලු පාටයි වටේම ඒත් මං ඉදපු තැන එලියයි ... මං හිටියෙ ඇදක් උඩ එතන ලේ  ඔව් සුදු පාට බෙඩ් සීට් එක පුරාම ලේ.... කාගෙද .... මං ද්න්නෑ ඒත් මං ....අර්ග්...

ඒක හීනයක් ඔව් මං දන්නව මං හීනයක් දැක්ක කියන්න ... මට මතකයි මං මොකක්ද දැක්කෙ කියන්න...එතකොට මං දැන් ඉන්නෙ ඇහැරිලා වෙද්දි මාව පිටට පනින්න තරම් ගැහෙන නිරුවත් පපුවකට තදට බදාගෙන .... වෙව්ලන කටහඩින් සමාව ඉල්ලන  ගමන් මගේ කොන්ඩෙ පුරා තොල් තිය තිය මාව ඇහැරවන්න වචන එකතු කරන කෙනා නිසා හීනෙ කොච්චර නරක එකක් උනත් මං ඒකට ස්තූති කලා... ෆෑන් එක දාල තියේද්දිත් මට වඩා දාඩිය නාල ඉන්න මං හීනෙ නිසා කියමුකො එතකොට මේ කෙනා...

ඒ අත් අතර මං කොච්චර නම් පරිස්සම් ද දැනෙද්දි මං තව ටිකක් වකුටු වෙලා ඒ පපුවට ගුලි උනා...

එයා හිටියෙ ඇදේ එක කකුලක් දිගෑරගෙන අනිත් කකුල නවන් මාව අත් දෙකට උස්සල වගේ අරන් බදාගෙන වෙද්දි මං ඒ පපුව අස්සෙ ඉදන්ම හෙමීට ඔලුව උස්සල ඒ මූන දිහා බැලුවා... ඒත්...

"මොකද පුතේ උනේ....කෝ මේ වතුර එක බොන්න දෙන්නකෝ... නරක හීනයක් දැක්කද..."

"......"

"අහ් එයාට දැන් හොදයි ආන්ටි.. ඉස්සරත් ඔහොම nightmare දැකලා හීනෙන් බය උනා... හැබැයි ඔහොම නැලවුනේ නම් නෑ...වචනෙන් දෙකෙන්. වතුරත් ඉහල තමයි ඇහැරවගත්තෙ.. ඒකට බලන්නෙපැයි ක් හ්ම්... "

"ඒකනෙ සුනේත්‍රා අපි යමු නිදාගන්න හදිස්සියක් උනොත් කියන්න ලොකූ"

"නෑ නෑ දැන් හදිස්සි වෙන එකක් නෑ මොකද උබ රවන්නෙ...අහ් අපි යමු  අන්කල්  ආන්ටි"

"අනේ ඒත් මහත්තයා මේ දරුව කෑ ගහපු හැටියට මං බය උනා කෝකටත් වතුර කලයක් මැතිරුවොත් නරකද "

"ඔව් ඒක හොදයි දැන් යමුකො "

"අපි යන්නම් දැන් ඉතින් ස්වීට් ඩ්‍රීම් තමයි... අහ් ඇයි ආ බොරුව නොදා ඉන්නවා .. "

අනේහ්........

රෙද්ද... මෙයාල මොකද.... අප්ප මෙතන ... කොහෙද සිහියක් ඉතින් මේ මනුස්සය මේ කලින් කිව්ව ටික කිව්වෙත් මේ මිනිස්සු ඉද්දිද... දැන් නම් ආයෙත් වැලලෙන්න හිතෙනවනෙ ඒ මවිවට ලයිට් ඔන් කියල දැක්කෙත් දැන්.. ශිට් ගැරඩි එතිලා වගේ.... මං ඒක මතක් උන ගමන්ම එහාට උනත් මූ ඉබිමස් කාලද කොහෙද හොල්ලන්නවත් බෑ...  ඉතින් මං අර අහිංසක ව හිනා උනා...අර යෝධ් අත් එහා මෙහා කරන් ... අම්මලත් ඉන්නව මූට ගානක් වත් නෑනෙ....හරි ඉතින් හැමදේම හිත කියනවනෙ... නැන්දලට අපි හොද යාලුවො දෙන්නෙක් සහෝදරයො දෙන්නෙක් එච්චරයි නෙ....

ඒ මදිවට මේ මෙලී ගෙ කටට මොකක් හරි ඔබන්න තිබ්බ නම් හිතෙද්දි නැන්දල මාමල කතා කරද්දිත් මගෙන් ඈත් නොවුන විනුද් කලේ වතුර වීදුරුව පොවල ඔලුව අතගාපු එක වෙද්දි මං මෙලීට රැව්ව... ඒත් කොහෙද ...

නැන්දත් බයවෙලා වගේ ....හනේව් මං එච්චර කෑගහලද අප්පා...

මාමගෙ මූනයි මෙලීගෙ මූනයි නම් අනේඑ මන්දා... හිතෙන හැටිද මන්ද කලින් බයවෙලා වගේ ඉදල එකපාරටම දැන් බය් වෙන්න දෙයක් ඇත්ට්ගෙම නැතුව නිකන් කුපාඩි සිදුවිමක් වෙන්න ගිහින් වගේ හෙන කුපාඩි හිනාවක් තිබ්බෙ......

ආර්ග්.... ඕන එකක් අන්තිමට නැන්ද මගේ ඔලුවත් අතගාල මාමත් එක්ක යද්දි මෙලී යන්න දොරලගටත් ගිහින් ස්වීට් ඩ්‍රීම් කියද්දි මං කොට්ටෙකින් ගහ්ල රැව්ව වෙද්දි බොරුව දාන්නෙපාලු කියන්න දෙයක් නැති කමට මං කටවහගෙන ඉද්දි ඒකි ගියා දොරත් වහන්ම... වෙලාවකට මට මෙලී ගැන හිතද්දිත් බයයි.. මේකිට හිත් කියවන්න පුලුවන් ද දන්නෙය්හ් නෑනෙ....දැන් ඉතින් ඉතුරු මූයි මායි... අනේ මන්දා මූ තාම මගේ අතින් අල්ලන්...

බොරු ඕන්නෑනෙ කොච්චර උනත් මට මාරම අවුල් වගේ දැනුනා.... විනුද් තාම වචනයක් කතා කලේ නෑ.. නැන්දල කියන දේවල් වලට මං යන්තන් හිනා වෙලා ඔලුව වැනුව

විතරක් උනත්.. විනුද් ගෙ මූන මැලවිලාම ගිහින් ... ඇද උඩ එකට පැටලිලා තියෙන අත් දිහා බලන් ලොකු හුස්මක් ගන්න ගමන් විනුද් මගේ ඇස් දිහා බැලුවා...

"ස්..සොරි මාවි ... ම්...මං හිතුවෙ ඔයා ගොඩදවසකින් මෙහෙම  බය උනේ නැති හින්දා ආයෙත් පේන එකක් නැති වෙයි කියල ... මම ... මට ශිට් .... ම.."

" විකාරද...ඒක ගැන  හිතන්නෙපා... දැන් නිදාගන්න හෙට ස්කුල් යන්නත් ඕනි..මං නිසා කරදර වෙන්නෙපා අනි..."

"මගුලක් කියවන්නැතුව නිදාගන්නව තමුසෙගෙ ඔය ලොකුකමයි කටයි නිසා තමයි  හැම එකම ....මගුල..."

"කොහෙද යන්නෙ"

"ශීට් එක අරන් එන්න"

"එපා මේක ඇතිනෙ "

" මටෝන්නෑ"

----------------------------------------------------------

-----------------------------

----------------------------------------------------------

-----------------------------

ආදරේදි යකඩ කියල හිතන් ඉන්න මිනිස්සු පවා හරි බොලදයි ලු

🌼🖤

Share This Chapter