Back
/ 41
Chapter 17

දාසයවෙනි කොටස

No more | Ongoing

"ඒයි මේක අරිනවකෝ .... මාවි හරි අරින්න ඕන නෑ මොනා හරි කියනව...ඔහොමත් දුවනවද කඩාගෙන බිදගෙන... මාවී!! ......

හහ් බෑනෙ හරි කීයට හරි එන්නෙපැයි නෙ එලියට .....හිතා මතා පරක්කු වෙනව නම් මතක තියාගන්නව මේක කඩන්න එච්චර අමාරු නෑ කියල..."

අනේ නටපන් උබ.. මට දැන් ලැජ්ජාවෙ වැලලෙන්න හිතිලා තියෙද්දි මූ දොරට ග ග හ වලලාන්න හදනව....

ආර්ග් මට තරහයි අප්ප වෙන කාත් එක්කවත් නෙවෙයි මාත් එක්කම පපුව ගැහෙනවා එකසිය ගානට... මං ඇදන් හිටපු එක පිටින්ම ශවර් එක ඇරල එතන යට බිමින් ඉදගෙන දනහිසේ ඔලුව් ගහන් අත් දෙකෙන් කකුල් දෙක බදාගත්තා... කාලය ආපස්සට හරවන්න තිබුන නම් .... අච්චර දේවල් වෙලත් මට මෙහෙම මේ වගේ පොඩි දෙයක් වෙනුවෙන් හිතුන එක ගැන දැනුනෙ මොකක්ද කියන්නවත් මට හිතාගන්න බෑ...

ඔලුව කම්මල වගේ... මං ඇයි එච්චර මෝඩ උනේ.... එවෙලෙ ඇයි ඒක බරපතලයි කියල නොහිතුනේ

ටික වෙලාවක් යනකනුත් මං උගේ පපුවටම ගුලි වෙලා හිටපු හැටි මතක් වෙද්දි .... ආආහ්...

ඔව් .... ව්‍රෝන්ග් ට'න් ගිහින් හිටපු මොලේට මොකක්ද කලේ කියල ප්‍රොසෙස් වෙන ගමන් තියෙද්දි එච්චර වෙලා පණක් නැතුව තිබුන කකුල් දෙකට සොනික් වැහිලා වගේ මාව ගුලි කරන් එවෙලෙත් ශොක් වෙලාද කොහෙදෝ ඇසුත් ලොකු කරන් මං දිහා බලන් හිටපු විනුද්වත්පුලුවන් උපරිම හයියෙන් තල්ලු කරල දාල ග්‍රව්න්ඩ් එක මැද්දෙන් කෙලින්ම ස්ටාෆ් රූම් දුවල බෑග් එක ගත්ත මං ලීව් ටයිම් මාර්ක් කරන්නෙත් නැතුව කෙලින් ම දුවන් ආවෙ ගෙදර මගේ කාමරේට බෑග් එක ඇදට විසික් කරලා මං ඇවිත් වොශෲම් එකේ දොර ලොක් කරගත්තා....

උන දේ එක පාර ප්‍රොසෙස් නොවුන නිසාදෝ විනාඩි ගානකට පස්සෙ මං පස්සෙ එලවන් එන්න ආවත් විනුද් ට කෝච් සර්ට පින්සිද්ධ වෙන්න නවතින්න උන බව ඇස් කොණට දැක්ක වෙද්දි මං ඒ ගැම්මෙන්ම දුවන් ආවත් පැය කාලක් යන්නත් කලින් මූ ආව වෙද්දි ඔය දැන් බෙරිහන් දෙන්නෙ ගෙදර තව මිනිස්සු ඉන්දැද්දි නේද කියල මතක් වෙද්දි.....ඊටත් වඩා දෙයියනේ මාත් හොල්මනක් දැකල වගේ කෙලන් ආවෙ චූටි මේලි සාලෙ ඉද්දි නේද කියල මතක් උනාම... වෙලාවට නැන්දා දැක්කෙ නැත්තෙ....

අනේහ්!!

කොහොමහරි විනුද්කාරයට බම්බු ගහගන්න කියල මං පැයක් විතර උපන් ඇදුමෙන්ම නෑවා නාල කණ්ණාඩිය ඉස්සරහින් හිටගෙන මගේ දිහාම බලන් හිටියා....

ඇගේ තිබුන ගොඩක් කැලැල් තුවාල පාරවල් මැකිල ගිහින් තිබුන උනත් කලවවල උඩට වෙන්න තිබුන පිච්චුන මා'ක්  දෙකක් ඉන හරියෙ තිබුන ටිකක් යටට කැපුන කැපුම් මා'ක් එකක් එක්ක තව ටිකක් සීරියස් විදිහට සිද්ධ උන තුවාල වගයක් තාමත් හරි තදට හිටල තිබුනා හරියට සිද්ධ උන දේවල් අමතක නොවෙන්න වගේ....

ඉස්සර ගෙදරදි වගේ මෙහේ ආවත් හරි රෑට හීනෙන් බය නොවුන නිසාදෝ උදේ බලද්දි කදුලු පෙගිලා රතු වෙලා ඇස් යට කලු ගැහෙන එක දැන් නැහැ...

මං හිතුව හැමදේම හරි යයි කියල ...

තාත්ත අම්ම මං උන්නද මලාද කියලවත් ගානක් නැතිකොට අඩුම මං  මැරිලද බලන්නවත් නිකමට වත් නොහිතුනාදෝ හිතෙද්දි... කොච්චර කිව්වත් එපා කමක් නෑ කියල මං එයාලව තාමත් බලාපොරොත්තු වෙන ගමන් හිටියා.....

එතකොට දැන් මට ඕන උනේ මෙතනින් පැනල යන්න...

මට දැන් ඕන එකම දේ අම්ම ලගට දුවගෙන ගිගින් ඒ පපුවට තුරුල් වෙන්න... ඔයාගෙ පුතා ආදරේ කියන හැගීමටත් කොච්චර බය වෙලාද කියන්න ... ඒත් ඔයාට අහන්න ඕන වෙයිද... ම්ම්ම්

කෙනෙක්ට හිතෙයි මං කොල්ලෙක්නෙ මොකක්ද මේ වෙලා තියෙන්නෙ කොන්දක් නැද්ද කියල ... අනික එච්චර පොඩි දෙයක් ... නෑ ඒක කොහෙත්ම පොඩි දෙයක් නෙවෙයි ... මොකද ඒත් කොල්ලෙක් .....

මං දන්නෑ මං බොලදයි ද කියන්න.. ඒත් මටබයයි පැනල ගිහින් හැංගෙන්න තරම් මං බයයි...

එකකට එකක් කිසිම ගැලපීමක් නැති සිතුවිලි ගොඩකට පස්සෙ පැයකටත් වඩා මං හිටියෙ වොශෲම් එකේ වෙද්දි මං දොරට කන තියාගෙන අහන් හිටියෙ තාමත් විනුද් ඉන්නවද බලන්න උනත් සද්දයක් නැති තැන හිතට කොහොම හරි  ධෛර්යය අරන් ටවල් එකත් ඉනට ඇදන් මං එලියට ආවා...

මං එහෙම ම ගියේ අල්මාරිය ලගට වෙද්දි එකපාරටම මං වටේ ගියපු අත් දෙකක් හරි තදට මාව බදා ගත්තා...

ඒත් එයා තාමත් වචන රකිනවා... ටවල් එක විතරක් ඇදන් හිටපු මං වටේට ලොකු ශීට් එකකුත් එතිලා තිබුනා...ඒ අත් එතිලා තිබ්බෙ ශීට් එක මැදිකරන්...

"ඇයි මෙහෙම කරන්නෙ මාවි ... ඇයි තමන්වම හංගගන්නෙ ... ඇයි නොදන්නව වගේ හැසිරෙන්නෙ ... රිදෙන්නැද්ද බං ...ම්ම්ම්...මෙතන රිදෙන්නෙ නැද්ද මැනික"

"කෝ වාඩිවෙන්න අතට බෙහෙත් දාන්න ඕන .... මට අමතක උනා "

උරහිසේ ඔලුව ගහගෙන ශීට් එක උඩින්ම පපුවෙ වම් පැත්තට අත තියලා හරි හෙමින් අමුතුම වොයිස් එකකින් කන ලග කියවන් ගිය විනුද්ගෙ වචන වලට මැදින් පනින්නවත් එතනින් අයින් වෙලා මාව අල්ලන්න එපා කියල පැනල දුවන්නවත් මට බැරි කමක් දැනුනා.....වෙද්දි මටම අමතක කරල විකාරයක් නටපු එකට මටම බැන ගන්න ගමන් එයාගෙ අතට බෙහෙත් දාන්න මං කබඩ් එක උඩ තිබුන ෆස්ට් ඒඩ් බොක්ස් එක දිහාට අත දික් කලා  බෙල්ලට හරි රස්නෙට වදින හුස්ම මාව එක තැන හිර කරල වගේ හිත කෑගැහුවෙම හැමදාම මෙහෙම ඉන්න දෙන්න කියල ...

"අහපු දේට මොකක් හරි කියපන් දෙයියනේ හැමතිස්සෙම පැනල යන්න හදන්නැතුව...මෙහෙම ගියොත් මං පිස්සෙක් වෙයි "

මං එහෙම ම නැමිලා ටීශර්ට් එකකුත් අරන් දාගෙන ෆස්ට් ඒඩ් බොක්ස් එකත් අරන් අනිත් පැත්ත හැරෙද්දි විනුද් ආයෙ කතා කලා.. අහපු දේට මොකක් හරි කියන්නලු.... ඒත් මොනව කියන්නද...

ඔව්...මේක මෙහෙම වෙන්න දෙන්න බෑ...

මං ලොකූ හුස්මක් අරන් පහලට දාලා එයාගෙ මූන දිහාටම හැරිලා  කතා කරන්න ගත්තා ..

"මේක මෙහෙම වෙන්න දෙන්න මට බෑ විනුද් ... මාත් කොල්ලෙක් ඔයා වගේම.... ඔයා  මේ විදිහට මාව බදාගත්තෙ ඇත්තටම මං පිසිකල් ටච් එක කම්ෆටබල් නෑ කිව්ව නිසා විතරමද නැත්තන් ඒකට හේතුවක් දැන ගෙනද කියන්න මං දන්නෙ නෑ  ... මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ එවෙලෙ මං කරපු දේ එතකොට මේ දැන් උන දේ මේ හැමදේම නොවුනා වගේ අමතක කරලා දාන්න ....පිං සිද්ධ වෙයි මට ඕන නෑ මේක මෙහෙම වෙන්න.. මට ඕන කලින් වගේ හොද යාලුවො සහෝදරයො වගේ ඉන්න..."

"කවද වෙනකන්ද...ම්ම්... කවදවෙනකන්ද පැනල යන්න හදන්නෙ එතකොට කලින් ...කලින් වගේ කියන්නෙ මොකක්ද ....උබට මාව ඒ විදිහට දැනුනද ... යාලුවො වගේ සහෝදරයො වගේ අහ්..."

"ප්ලීස් දැන් ඇති..."

"මොනවද ඇති කියන්නෙ ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ ...මං පොඩි නිසාද...තමුසෙට වඩා බාල නිසාද ආ ඒක නිසාද ... ත.."

"ඔව් තමුන් මට වඩා පොඩියි ... ඒක මතක තියාගන්නවා!!!... අද හවස උන දේ වගේ දෙයක් කවදාවත් නොවෙන්න ඒක මතක තියාගන්නවා ...ඇත්තටම සොරි ඒකට... මාව කන්ට්‍රෝල් නැති උනා..එකපාරටම ....අනික මං කොල්ලෙක් තමුසෙ වගේම.... ගෑනියෙක් කියල හිතලද පොඩි දෙයක් අල්ලන් මැරෙන්න හැදුවෙ...අනික ගෑනියෙක් උනත් තමුසෙට ඒකට කිසිම අයිතියක් නෑ.... මං මොනව කලත් ඒකට ඇගිලි ගහන්න හිතන්නවත් එපා හරි .... හරි දැන් ඇති මේක මහ විකාරයි වගේ...කලින් ඇත්තටම ඒක අත්වැරදීමක්.. මට තමුන් කලිනුත් දැනුත් වෙනසක් නෑ හොද යාලුවෙක් විතරයි ...."

මුලින් හරි හෙමින් ගලන් ගිය කතාව විනුද් ගෙ උස්වෙච්ච හඩත් එක්ක හරි මං හරි අමාරුවෙන් හිරකරන් හිටපු තරහක් වගේ එලියට පැන්නත් කියවුනේ කියන්න ඕන උන දේමද කියලවත් මට විශ්වාසයක් තිබ්බෙ නෑ .. ඒත් මගේ වචන්ත් එක්ක මුලින් උරහිස දෙපැත්තෙන් අල්ලන් කියවපු අත් ලිහිල් උනා වෙද්දි මගේ වචන එක්ක එයාගෙන් කිසිම සද්දයක් නැති තැන  මං ඒ පහලට වැටුන අතකින් හෙමින් අල්ලන් ගිහින් ඇද ලගින් වාඩි උනා...ඒට්ග් දැන් කේන්තියෙන් නෙ ඉදියෙ ඉතිං බලාපොරොත්තු උනා ආපහු බැනුමක් හරි...ඒත් මං හිතනවට වඩා මගේ කටින් කියවුන දේවල් වලට එයා රිද්දන් කියල තේරෙද්දි මට දැනුනෙ පපුව මොකකින් හරි තදට හූරනව වගේ

මැලවෙලා ගියපු මූනක් බොදවෙලා ගියපු ඇස් දෙකක් එක්ක පහලට කඩන් වැටුනු අත් එක්ක විනුද් බලන් හිටියෙ මගේ ඇස් දිහාම වෙද්දි ඔව් මං දැනුවත්ව ම ඒ හිත රිද්දල තිබ්බ... ඒත් මං වාඩි වෙද්දි ඔහේම ඇවිත් මං ලගින් වාඩි උනා වෙද්දි ඉවරයක් නැතුව හැමදාම මං කලේ ඒ හිත කඩලා දාපු එක වෙද්දි ඇස් දැවිල්ල ගන්නෙ කදුලු පනින්න කියල තේරෙද්දි මං ඇස් තද කරල පියාගත්තා...

"ඇයි මෙහෙම කරන්නෙ...ද..න්නවද මං අද ක්...කො..ච්චර සතුටු උනාද කි..යන්...න... මං ...මං හිතුවෙ ... මෙහෙම ...කරන්නෙපා එපා දෙයියනේ..."

දෙයියනේ එයා අඩනවා ඒ පෙනුමට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නැති විදිහට ඒ ඇස් වලින් කදුලු බේරෙනවා එත් ඒ මූනෙ ඇස් වල තිබුනෙ ඇඩීමකටත් වඩා ලොකු වේදනාවක් කියල තේරුම් ගන්න මට අමාරු උනේ නෑ.. එත් මට වචන තිබ්බෙ නෑ එයාව සැනසීමක් දෙන්න පුලුවන් විදිහෙ..

ඒත් මං දැන් මොකක්ද කරන්න ඕන කියල හිත කියපු දේයි මොලේ කියපු දේයි එකෙනෙකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේවල් දෙකක් වෙද්දි...

ඕන එකක් කියල මං හදවතට ඇහුම්කන් දුන්න ..

කොන්ඩෙත් අත් දෙකෙන් ඇදන් ඇසුත් තද කරන් කදුලු නවත්තන්න හද්න කොල්ලව මං තදට බදාගත්තා.....

ඒක පපුව හයියෙන් ගැහෙනවා.... තාමත් එයා ඉන්නෙ ස්පෝ'ට්ස් කිට් එකෙන් වෙද්දි හොදට ම දාඩියත් දාල තිබුන...ලොකු එකෙක් වගේ හැසිරෙන්න හැදුවට මේ ඉන්නෙ පුංචි කොල්ලෙක් කියල මතක් වෙද්දි... මං කොහොමද ඕයි ආත්මාර්තකාමී වෙන්නෙ...

පස්සෙ එයාව එහාට කරල අතට බෙහෙත් දාල බැන්ඩේජ් කලා... මාව ගැහෙනව  ලේ දකිද්දි ඒකත් කොහොමද මගේ කොල්ලගෙම ලේ දකිද්දි... ඒත් මං හරි අමාරුවෙන් තොල්තද කරන් කකුලෙ ඇගිලි තද කරන් ලේ පිහල බෙහෙත් දැම්මෙ... විනුද් එපා කියද්දි...

"පුතේ ලොකූ කෝ මේ දෙන්න මොනාද කරන්නෙ දොරවලුත් වහන්... එනවවත් දැක්කෙ නෑ මං.. ඇවිත් කෑම කන්න මෙච්චර වෙලා කාලත් නැතුව මොනාද කරන්නෙ ලමයි "

ඒත් එක්කම නැන්ද දොරට ගගහ කතා කරනව ඇහෙද්දි මං  ගිහින් දොර ඇරියෙ විනුද් ව වොශෲම් එකටතල්ලු කරලා ශෝටකුත් ඇදන්...

නැත්තන් දැන් නැන්ද ඔය තුවාල දැක්කම කොල්ලට බැනුම් අහන්නව්වෙනවා... මොකක් කරන්න ගිහින් ද තුවාල කරගත්තෙ කිව්වෙත් නෑ...

"අහ් නැන්දේ විනුද් නම් වොශෲම් එකේ ...ම්.. මේ නැන්දා කොහෙද හිටියෙ මං දැක්කෙ නෑ එද්දි

"

"මං හිටියෙ වත්ත පහල අර දරුවට බලන්න යන්න ඕනි කිව්වනෙ ... මං ඒත් කියන්නමයි ගිටියෙ පුතේ.. කොලඹ ඉදන්මනෙ කෙල්ල ඇවිත් තියෙන්නෙත් නරකද හෙට නිවාඩුවක් දැම්මොත්... අනික දැන් උගන්නන්නවෙන්නෙත් නෑනෙ වැඩිය පවු පුතේ ඔය දරුව ගැනමයි කියවන්නෙ "

"ඔව්ව් නැන්දේ මාත් හිටියෙ හෙට නිවාඩුවක් දාන්න කියල තමයි "

"හරි එහෙනම් ඇවිත් කන්නකො අර දරුව තාම කාලත් නෑ"

එහෙම කියාගෙන නැන්ද ගියත් හරි මං කොන්ඩෙත් පිහන ගමන් සාලෙ දිහාට ගියේ මගේ බොටමකුයි ටීශර්ට් එකකුයි ඇදෙන් තියලා...

"අහ් සුදුමහත්තය කෙලින් ඉන්නවනෙ.. ඒත් මං හිතුවෙ දුවගෙන ගියපු වේගෙට සෑහෙන්න හදිස්ස්ප්ම්ම්ම්..ආ...මොකද බල්ලෝ "

"කට වහපන් යකෝ....මොනාද කියවන්නෙ පිස්සුද ඇත්තටම "

"ආ ආ ඔව් ඔව් මට තමයි පිස්සු අපිටත් ආරංචි වෙයිනෙ අර කතාවටත් කියන්නෙ හැංගි හැංගි මොකක්ද කලාට මොකක්ද කරන්න වෙන්නෙ එලිපිට කියලා"

"මොකක්ද තමයි ඒත් එලිපිට නෙවෙයි..රෙද්දක් කියවන්නැතුව කෑවෙ නැත්තෙ ඇයි කියනව තාම "

"ආ මොකද සද්දෙ මෙහෙ එනව කොන්ඩෙ පිහින්න "

"..හෙමීට අප්ප ඕක ගැලවිලා එයි.."

මං සාලෙට එද්දි සෙටිය ඉදන් හිටපු මෙලී ඇහැකුත් ගහන ගමන් මහ කිණ්ඩි හිනාවක් එක්ක කියපු කතාව ඉවරවෙන්න කලින් මං අතින් කට වැහුවා උනත් මේකිගෙ කට කොහේ නවත්තනද...

ඊට පස්සෙ හැමදාම වගේ මොකාක් හරි අගක් මුලක් නැතිවිකාරයක් කියල මාව පටලවල දැම්ම උනත් ඒ කියන්නෙ මොකක්ද කියල නොතේරුනාමත් නෙවෙයි මොකද මෙලී කියන්නෙ මං හැරෙන්න හදද්දි හැරෙන අංශක ගාන පවා දන්න මනුස්සයෙක් ..

කොහොමහරි මාත් ඉතිං ඒක කැපෙන්න දෙයක් කිව්වත් කකුල් දෙක ලග බිම පෙන්නන ගමන් මෙලී කතා කලේ තාම වේලිලා නැති කොන්ඩෙ පිහින්න වෙද්දු මං ගිහින් එතනින් වාඩි උනා.... යකෝ කොන්ඩෙ ගැල්වෙයි ඔහොම ගියොත් හැබැයි බොරු කියන්න ඕන නෑ අම්මෙක් ලගට ගියා වගේ සනීපයක් දැනුනා

"ගැලවෙන්න තමයි දෙන්න තියෙන්නෙ ප්‍රශ්නයක් තියෙය් නම් කතා කරල විසදගන්නව නිකන් බොරුවට කෑගහන්නැතුව....ආන්ටිල උනත් නිකන් ප්‍රශ්න දාගන්නෙ නැතුව...."

"……………"

"අහන්න ආයු උබ දන්නවා ද මට මේ ලෝකෙ ඉන්න වටිනම කෙනා උබ කියන්න ..මට ඔයාගෙ ජීවිතේ මැදිහත් වෙන්න බැරි දෙයක් නැතුවැති කියල යි මං හිතන් හිටියෙ...

ඒත් දැන් උබට මගෙන් හංගන්න දේවලුත් තියෙයිද මැනික... ඇයි ආයු මේ නින්දෙනුත්... උබ කිව්වනෙ නරක හීන ආයෙ ආවෙ නෑ කියල එතකොට ඇයි මේ කදුලු...  අහ් වි... විනුද් මට ටිකක් කතා කරන්න පුලුවන් ද "

ඔලුව පිහල ඉවර උනාම මං එහෙම ම සෝෆා එකෙන් දිගා වෙලා මෙලීගෙ උකුලෙන් ඔලුව තියාගත්තා... කොච්චර කාලෙකට පස්සෙද... හරි සනීපයක් දැනුනා... ඒකත් එක්කම මට නින්ද යන්නැති ඒත් මෙලීගෙ ලාවට මිමිනෙන වචන ගොඩක් එක්ක නලලට සීතලට තදවුන දේකුත් දැනුන වෙද්දි හෙමීට මුමුනපු මෙලීගෙ කටහඩ උස්වෙලා ඇහෙද්දි නින්දයි නොනින්දයි අතර හිරවෙලා හිටපු මගේ කොන්ඩෙ අස්සෙන් අරන් ගියපු අගිලි පහ්සට උනත් නතු වෙන්න බැරුවදෝ මං ඇහැරුනා...

--------------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------------------

ලමයි අයුල් කියන්නෙ ගොඩක් දේවල් අත්විදපු මනුස්සයෙක් නෙවෙයි ... එයා ජීවත් උනේ හරි පුංචි ලෝකෙක... එයාගෙ ජීවිතේ උන දේවල් එයාගෙ ෆැමිලි එක එක්ක කොල්ලෙක් උනත් සාමාන්‍ය ලමයෙක් ට තියෙන අත්දැකීම් මුකුත්ම වගේ එයාට හම්බෙලා නෑ..... පොඩිම දෙයක් ඇති එයාව ගොඩක් වීක් කරන්න....

ඔයාලට මෙලී ගැන මොකද හිතෙන්නෙ

🌼🖤

Share This Chapter