Back
/ 41
Chapter 16

පහළොස්වෙනි කොටස

No more | Ongoing

"ආ මේක දාගන්න වැඩි වෙලා ඉන්නෙපා අව්ව සැර අමාරුයිනෙ ම්ම් මේකත් බීල යන්න... "

මං ඔලුව උස්සල බලද්දි එකපාරට ඔලුවට වැටුන කැප් එකයි ඒ අස්සෙන් ස්ප්‍රයිට් එකක් දික් කරන් ඉන්න උදෙන් පස්සෙ දැන් දැකපු විනුද්වයි දැක්ක වෙද්දි මං ලා හිනාවකුත් එක්ක ඒක අරගත්තා...

දාඩිය නාල ස්කූල් ටීශර්ට් එක ඇගටම ඇලිලා...හිනා පොදක් නැති රවාගත්තු මූනකුත් එක්ක ලගටම ඇවිත් කියද්දි මං බැලුවෙ වටපිට.... නෑ ඉතින් එහෙම හරි නෑ වගේනෙ.... ඒත් මූ නිකන් නළුවා වගේ හරේ මෙහේ දුවද්දි ටීචලාගෙ පවා ඇස් තිබුනෙ මූ දිහාට වෙද්දි .... මං ඇස් කරකවල නිකන් හිටියා

ඒත් මං කැමති නෑ මූ පප්පා වගේ ඇවිත් උපදෙස් දෙනවට...

ඒකට මුකුත් කියන්න කලින්ම බීම බෝතලේ අතින් තියලා ඌ හැරිලා ගියා මං හිතන්නෙ මැච් එක පටන් ගන්නද කොහෙද හදන්නෙ... එතකොට ඇයි දන්නෑ අරූ දාඩිය නාල හිටියෙ දවසෙම දැක්කෙත් නෑ වෙනදා කී ගමනක් හොයන් එනවද අද උන්නද මලාද බලන්න ආවෙ නෑ.... වෙන වෙන ඒවත් මතක් වෙද්දි පපුවත් නිකන් රිදෙනවා රිදෙනවා වගේ ... නෑ ඉතින් කොල්ලොනෙ මොනාද වෙන්න බැරි.... ම්හ්ක්..

අනේ මං දන්නෑ අප්පා මේ මගුලවල් ගැන ...එතකොට ක්‍රිකට්... පිත්ත වනනවා දැකලා තිබුනට මං උවමනාවෙන් තියා නිකමටවත් ක්‍රිකට් මැච් බලල නෑ ... කොල්ලෙක් තමයි ඒට්ග් මොනා කරන්නද... මොනා උනත් දන්නවා වගේ ගැම්මෙන් ඉන්න ඕන ඕන්නඔහේ....ඉතින් තනියෙන් හිත හිතම මං ඒකත් අරන් පැවීලියන් එකේ ටීච'ස්ලා සර්ලා අස්සෙන් රිංගලා ගිහින් ටිකක් පස්සට වෙන්න හිට ගත්තා...

"අහ් සර් එන්න මෙතෙන්ට වාඩි වෙන්න"

ඒ වර්ශා මිස්... මේ මිස් හෙන හුරතල් පාටයි අප්පා...මාත් ඉතින් ගිහින් ලගින් වාඩි උනා....

"ආ මිස් බොනවද"

"අහ් තැන්ක්‍යූ සර් ඒත්....ම්.... මේ මේක කඩන්න බැහැනෙ"

"අනේ සොරි මට අමතක උනානෙ ම්ම් දැන් හරි"

"තැන්ක් යූ මට ඇති සර් බොන්න "

ටීචත් හිටියෙ ටිකක් පිටිපස්සට වෙන්න වාඩි වෙලා එතන එහාට වෙලා මටත් ඉඩ වුන්නම මාත් ගිහින් වාඩි වෙලා ටීචත් එක්කම ස්ප්‍රයිට් එක උගුරු දෙක තුනක් බීලා වෙන සර් කෙනෙක්ට පාස් කලා....

"සර් ඉන්නෙත් විනුද්ලගෙ දිහා නේද"

"අහ් "

"මං කිව්වෙ ප්‍රින්සිපල් සර්ලගෙ දිහානෙ"

"ආ ඔව්"

ඕපදූපයක් කිව්වොත් ඉතින් කෙල්ලොද ගෑනුද කොල්ලොද මිනිස්සු ද කියල නෑ හැබැයි මට කම්මැලි ...

මිනිස්සු එක්ක හිනාවෙන එකටත් මට මහ කම්මැලි ....

හිනා නොවුනම ලොකු කම කිව්වට.... කාලයක් තිබුනා ...නෑ ඉස්සරහටත් තියෙය් හිනාවෙන්නෙ කොහොමද ඒ මොකටද කියලවත් අමතක වෙලා ගියපු....

"සර් සර් නැගිටින්නකො සර්"

"අහ් ඇ.. ඇයියි ඇයි !!"

මං ඇහැරුනේ ගැස්සිලා මොකක්ද උනේ ක්....කවු.. අහ් වර්ශ මිස් තව සහෙල් දෙන්නම මළ යක්කු දෙන්න වගේ හිටියෙ මගේ මූණට එබිලා.... විලිලැජ්ජාව කියන්නෙ මං හිටියෙ ටීචගෙ උරහිස ට හේත්තු වෙලා අනෙහ් නින්දවත් ගිහින්ද.....

"දෙයියනේ සර් ඔහොමත් නිදාගන්නවද"

"ඇහ්"

"අනේ හොදට නින්ද ගිහින් නෙ හිටියෙ පරක්කු වෙලා නැත්තන් මං තව ටිකක් ඉන්නවා කොහෙද දැන් ඔය බස් එක ගියොත් මට පයින් තමයි යන්න වෙන්නෙ"

"අහ් මිස් යන්න ඕනි කිව්වනෙ දැන් පරක්කුත් නිසා මං සර් එක්ක එන්නම්"

වර්ශ මිස් කට උල් කරන් කියවද්දි මං නිකන් පිටසක්වලින් බැහැපු එකා වගේ උන දේ ප්‍රොසෙස් කරගන්න ඇගිලි දිහා බලන් ට්‍රයි කරද්දි සහෙල් මැද්දට පැනල කිව්ව එකත් එක්ක ටීච යන්නම් කියල ගියා වෙද්දි මාත් යන්තම් ඔලුව වනලා හෙමීට වටපිටාව බැලුවා.පොඩි ලමයි දෙතුන් දෙනෙක් ඇරුනම එච්චර කට්ටිය නෑ මෙතන අනිත් පැත්තට යන්නැති...

තාම ග්‍රව්න්ඩ් එකේ මැච් එකක් ප්ලේ කරනවා හැබැයි ...සහෙල් මගේ ලගින්ම එහා පැත්තෙන් වාඩි උනා.. මූ දැන්ද කොහෙද ඉවර වෙලා තියෙන්නෙ.. දාඩිය නාලා බෙල්ල දෙපැත්තෙන් බේරෙනවා...අව්වට යන්තම් රතුත් වෙලා..

"බලන්න ඉතින් කුඩයක් යටට වෙලා හොද නින්දකනෙ ඉදල තියෙන්නෙ වෙලාවට මාත් ආවෙ නැත්තන් අනිත් උන් හිතයි මේ ඉස්කෝලයක් ඇතුලෙ වෙන මොකක් හරි කියල "

"අහ් මං "

"ම්ම් අව්ව ඇලර්ජි වගේද"

"ටිකක් ... ගොඩක් අව්ව වෙලාවක් නම් මේ වගෙ ටසිරි යකෝ ඔහ් ස්..සො.. සොරි මං කියන්නගියේ..රතු වෙනව කියල ...ඒක නෙවෙයි මහන්සි ද....දාඩිය නාලා"

"....."

"මොකද ලමයෝ "

"ඉතින් ඇයි අප්පා මෙහෙම රතුවට ඉද්දි අනින්න හිතෙනවා"

"ඇහ් "

"න්..නෑ මං කිව්වෙ අව්ව අමාරුයි නම් ඇයු මෙතන ඉන්නෙ අනික දැන් ස්කූල් ටයිම් ඉවරයි පැයක් විතර නිදිනෙ"

"අහ්ම්.. මං යන්නම් එහෙනම් ඒත් මේ වින්..."

"ඒ සහෙල් උබට කෝච් සර් ඉක්මනට එන්න කිව්ව"

වර්ශා මිස් ගියාට පස්සෙ හැමදාම වගේ ලස්සන ඩිම්පල් හිනාව එක්ක සහෙල් කියවන් ගියා වෙද්දි පැයක් විතරම නින්ද ගිහින් ඉදලා මදිවට මේ රෙද්දෙ අව්වට රතුම රතුවෙච්ච හමත් එක්ක මූ කියන ඒවට මට ලැජ්ජත් හිතුනා ඇයි ඉතින් මු මේ ෆිට් එකට වගේ කතා කලාට මං ඉතින් සර්නෙ...

ඇත්තටම කුඩේකුත් තිබිල්ද බීච් ගිහින් ඉන්න කපලුත් මැවෙනව සැක්

ඊට පස්සෙ මූ ඇන්නෙ නැතෑ මගේ කම්මුලකට

මුගෙ ආච්චිට රයිස් ගරන්ඩ අනින්න හිතෙනවන් කියද්දි ආපහු කතාව මාරු කරත් ඇස් පොඩි කරල ඈනුමකුත් යවපු මං වටපිට බැලුවෙ දැන් ප්ලේ කරන්නෙ මොක්කුද බලන්නයි මහ ලොකුවට පේන්න ඉද්දි විතරක් වද වෙනව වගේ පෙන්නන එකා කොහෙ මකබෑවිලාද බලන්නයි....

ඒක අහනවත් නොදී කොහෙන්දෝ දාඩිය නාගෙන ආපු එකෙක් සහෙල්ට කෝච් සර් එන්න කිව්ව කියද්දි සහෙල් මූනත් බෙරි කරන් ගියේ අකමැත්තෙනුත් වගේ.. ඔව් ඉතින් කොල්ලට මහන්සිත් ඇති.....

මං පෝන් එක අතට ගන්නවත් එක්කම මං දැක්කෙ හරි කලබලෙන් ඇවිදන් ආපු සුදු පාට ශූස්දෙකක්

මං ඒ දිගේම උඩට ඔලුව අරන් ගියා මඩ ද කොහෙද ගෑවුන බොටමෙ කකුල්..

නහර පෑදුන අත් පපුවට බැදගෙන මොකද යකෝ .....මූණ නිකන් කොරහක් වගේ හදාගෙන නිකන් ආවෙ උබව මරණව වගේ සීන් එකේ වෙද්දි මගේ ඇස් ඒ ඇස් එක්ක යාව්ව්න්න කලින් ගියේ පපුවට බැදන් හිටපු දකුනු අත දිහාවට....තරහ වැඩි කමට බෙල්ලෙත් නහර පෑදිලා තියෙද්දි ඒ මූන බලන් ඉන්න බයත් හිතුනා... එකපාරටම මගේ වැලමිට ලගින් තද කරලා අල්ලගත්තු විනුද් මාවත් ඇදන් ගියේ පෑවීලියන් එකට එහා පැත්තෙ තිබුන පොඩි චේන්ජින් රූම් එකක් වගේ එකකට...

"මොකක්ද අරූ එක්ක කලේ..!!!!!"

"ව්..විනුද් මොකද මේ කරන්නෙ..අ..අතට මොකක්ද උනේ ..."

"මොකක්ද දැන් මං කිව්වෙ!!"

"මොකක්ද වෙලා තියෙන්නෙ ඇයි බෙරිහන් දෙන්...."

"බෙරිහන් දෙන්නෙ... තමුසෙට මොකක්ද මං කලින් කිව්වෙ මෙතනින් යන්න කියලා ඒත් නොගිහින් මොන හුත්**කටද ඕයි ගෑනු එක්ක හුරතල් වෙවී ඉදලා හා කමක් නෑ කියමුකො උබට ඔච්චර හැමින්-..... ශිට්...අර්ග්"

මං පුදුම උනා ඇත්තටම මං හිටියෙ මේ විනුද් ද කියලවත් ශුවර් නැතුව...

මොනව වෙලාද ...කොහොමද.... ඒ කියපු දේවල් හරියට මට දැනුනෙ කණේපාරක් ගහපු ගානට ඒකත් ගහන්න ඕන උනත් බැරි කමටදෝ පිස්සෙක් වගේ කොණ්ඩෙත් අත් දෙකෙන් ඇදගෙන බිත්තියටත් අත් මිට මොලවන් ගහගෙන ගියා ... එයාමයි දවසක් කිව්වෙ වචන හරි හයියයි වගේම තියුනුයු කිය්ලා ....

මොනවද ඒ කියෙව්වෙ ....මං හිටියෙ කියපු දේවල් ඇහුන දේවල්මද කියල හිතාගන්න බැරුව...

කොච්චර තරහ ගිහින් මාත් එක්ක එලෙන්න ආවත් එයා කවදාවත් මේ වගේ කුණුහරුප පලල නෑ....

ඒකත් කිසිම වෙලාවක මාව මෙහෙම ජරාවක් ගානට දාලා කතා කරල තිබ්බෙ නෑ. මට ආවෙ තරහකටත් වඩා දුකක්... ආත්මානුකම්පාවක්... ඒ තරම් පුංචි දේකට මෙච්චර නටන්න තරම්... එදා වගේමයි හැමෝම දැක්කෙ මාව ජරාවක් විදිහට විතරක් වෙද්දි මං පිරිමියෙක් වෙනුවෙන් විශ්වාසෙ කියල පැල කරන්න ගියපු එකම ගහ පස් අතරට යන්නත් කලින්ම කුණුවෙලා ගියා වගේ දැනුනා... අඩුම මං එයාට වඩා වැඩිමල් කියන එකටවත් පොඩි රෙස්පෙක්ට් එකක් එයාගෙ වචන වල ගෑවිලාවත් තිබුන්නෑ...

"විනුද් තමුසෙට විතරක් නෙවෙයි මටත් කෑ ගහන්න පුලුවන් තමුසෙට මොකද මං කා එක්ක ඇමිනෙන්න බැරි නම් වෙන මොනව කලත්.... මැරෙන්න හද හද වැලලෙන්න තරම් දෙයක් උනේ නෑනෙ අනික උනත් උබට මොකද තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නෙ...අනිත් එක මේක ඉස්කෝලයක් කියන එක් මතක තියාග-....."

"දෙයක් කිව්වම කට ගහගෙන එන්නෙ නැතුව ඒක අහන්න පුරුදු වෙනවා...!!!!

මගේ ඉවසීම පැන්නොත් තමුසෙට කකුල් දෙකෙන් යන්න වෙන්නෙ නෑ වගේ ම මං මේක ඉස්කෝලෙ කියල බලන්නෙත් නෑ කියල මතක තියාගන්නවා"

මාත් කෑගැහුවා මට දැන් මෙතන තීන ඩෙස් එකක් මුගේ ඔලුවට අතාරින්න තරම් තරහයි .... තරහ වැඩි කමටදෝ මාව වෙව්ලනව වගෙත් දැනුනා වෙද්දි ඒ පිම්මටම මූත් අනිත් පැත්තට කෑ ගැහුවත් කලින්ට වඩා වචන වල සද්දෙ අඩු වෙලා සැරබාල වෙලා ගිහින් තිබුනා.... ක්ශනික ආවේගකට කටින් පැනපු වචන ටිකක් වෙන්නැති උනත් එයාගෙ වචන වලට මට රිදුනා...

ඒත් වචන කියන්නෙ එලියට දැම්මට පස්සෙ ආපහු ගන්න පුලුවන් ඒවා නෙවෙයි ... මට දැනුනෙ තද ඔලුවෙ කැක්කුමක් .... ඇයි දෙයියනේ මට ම මෙහෙම වෙන්නෙ... රිදෙනවා රෙද්ද...

විනාඩියක් වගේ යනකන් අපි දෙන්නම කතා කලේ නෑ ඒත් විනුද් හයියෙන් හුස්ම ගන්නව ඇහෙනවා එයා හිටියෙ බිත්තියට අතනවල ඒ උඩ ඔලුව ගහෙගෙන

මට නිකන් අමුතුවට දැනුන හැගීමකුත් එක්ක මං එහෙම ම බිමින් වාඩි උනා...

"මා...වි!!!!! ඇ..යි මැනික මේ ම්...මොකද්ද උනේ ඔයා ට අ..මාරුයිද අහ් අපි හොස්ප්..."

"මං... මුකුත් ක..ලේ න්..නෑ විනුද් ඔ..ඔයාටත් මාව වි..ස්"

" ශ්..ශ්... අනේ ස්..සොරි මාවි ...ම්..මං මට සමාවෙන්න දෙයියනේ නැගිටින්නකෝ අ අ..පි යමු ....

මට බයයි දෙයියනේ "

මං බිම වාඩි වෙනවත් එක්කම විනුද් කලබල උනා වෙද්දි.... මං ලගින්ම බිමින් පාත් වෙලා මාව පපුවට තුරුල් කරගෙන කලබලෙන් පැටලි පැටලි වචන අහුලපු කොල්ල සමාවෙන්න කියද්දිත් මට ඕනි උනේ නෑ ඒක අහන්න ... ඒ පපුව හයියෙන් ගැහෙනවා.... අත සම්පූර්ණයෙන් ම ලෙලි ගිහින් හරියට බෙහෙත් දාලත් නෑ නිකන් ප්ලාස්ටර් දෙක තුනක් ගහලා විත්රයි..අනේ දෙයියනේ ඒවයෙන් ලේත් එනවා... මූ කුලප්පු වෙච්ච හරක වගේ බිත්තියට ගැහුවනෙ.... කොල්ලට හොදටම දාඩියත් දාලා මටත් දැන් රස්නෙයි... ඒ පපුව හොදටම ගැහෙනවා.. බයකටද තරහකටද මහන්සියකටද නැත්තන් ඔක්කොටම ද කියන්න මං දන්නෑ... මීටර් 800 දිව්ව ගානට ඌ ගැහෙද්දි මං ඒ මූන දිහා බැලුවා... අනේ ඒ මූන හීරිලා ගිහින්... ඔ..ලුවෙ දාල තිබුන ෆෝහෙඩ් බෑන්ඩ් එක දෙයියනේ ඒ ඒතන යටින් බැන්ඩේජ් කරලද ඒ....

මට අහන්න ඕන උනත් කියවුනේ වෙන දෙයක් වෙද්දි කොල්ල තව තදට මාව පපුවට ගුලි කරන් බයයි කියද්දි මාව උස්සගන්න හදනවත් එක්ක මං ආපහු කතා කලා..

"මං හො...දින් විනුද් මාව බිමින් ත්..තියන්න ...පුලුවන් නම් වතු..."

"ම්ම් හෙමින් බොන්න"

කියන පරක්කුවට වතුර බෝතලයක් අරගෙන විනුද් ඒක හෙමීට පෙව්වා වෙද්දි මං දැක්ක ඒ ඇස් වල කදුලුපටලයක් තියෙනවා නෑ ඇස් වලින් කදුලුබේරෙනවා.. එයා අඩනවා... ඒ මුනම මැලවෙල ගිහින් කලින් තිබ්බ කේන්තිය ආගිය අතක් නෑ...

"ඇති... ව්..විනුද් කියන්නකො මොකක්ද උනේ කියල ඔ ඔයාට"

"ම්..ම..ට සමාවෙන්න මගෙ මැණික ඇත්තටම මං ...මං බය උනා මට බෑ මාවි ඔයාව නැති කරගන්න... මට බය හිතෙනවා හැම තත්පරේකම මං ඉන්නෙ බයෙන් ම...මට උබ ගැන කොහෙවත් ඉන්න එවුන්ට තරම්වත් අ...යිතිය..ක් න්...නැත්...ම්ම්ප්"

"මං ඇහුවෙ තුවාල ගැන!! ගෙදර යමු ඕකට බෙහෙත් දාන්නනෝන..."

මන්දන්නෑ නෑ මං දන්නෑ ඇත්තටම දන්නෑ මට වැහුනෙ කොහෙ ගියපු මළ පෙරේතයෙක්ද කියන්න..... විනුද්ගෙ ඇස් දෙක අලි සයිස් උනා....

තාමත් මූ ඉන්නවනෙ යකෙක් දැකපු ගානට මං දිහා බලාගෙන මං දැනුන විලිලැජ්ජාවටම අහක් බලාගෙන තුවාල ගැන ඇහුවත් ඇස් කොනට මට පේනව මූ ඉන්නෙ තාම ඩිම්වෙලා ගිහින් වගේ කියල

අනේහ්!!!!!

------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------

😪🥲

🖤🌼

Share This Chapter