Back
/ 41
Chapter 15

දාහතරවෙනි කොටස

No more | Ongoing

AYUL pov.

දැනුන හුස්ම හිරවෙන උණුහුමත් එක්ක මං ඇස් ඇරියා ටසිරි යකෝ මේ මේ කු...කු ක්කුවක් කොහෙන්ද ආවෙ.... ඒක තිබ්බෙ කටේ ගෑවී නොගෑවී වෙද්දි ඒකත් මං ඉන්නෙ පිරිමියෙක්ට තුරුල් වෙලා කියල මතක් වෙද්දි මගේ ඉහ මොලරත් වෙන්න ගත්තා... ආ...යෙත් න්...නෑහ්.... ප්ලීස් එහෙම නම් වෙන්නෙපා....

හාට් එක එකසිය ගානට ගැහෙන්න ගද්දි මං හෙමීට උඩට ඔලුව හැරෙව්වෙ ඒ කවුද කියල බලන්න... නිදි නම් දුවන්නවත් පුලුවන් වෙයිනෙ කියලා .... ඒත් පොඩ්ඩක් ඉන්න...

ආශ් මං නෙ හරක වගේ ඉල්ලන් කන්න ආවෙ...

මං හැදුවෙ නැගිටල දුවන්න උනත් හෙල්ලෙන්නවත් බැරි වෙන්න මාව ඒ අත් වලට තද උනා ..

"ව් ..විනුද්... ම් ම..මං බ්..ම් මේ"

"ඇයි මේ ම්ම්ම් ඇයි හැමවෙලේම මගෙන් පැනල දුවන්න හදන්නෙ මාවි.... හැබැයි දැන් නම්  කීයටවත් පනින්න දෙන්නෙ නෑ"

මං ඇසුත් ලොකු කරන් ගොපලු යකා වගේ ඒ පපුව අස්සෙ ම ඉදගෙන හරි සන්සුන්ව මගෙ දිහාටම හැරිල තිබුන මූන දිහා බලන් ඊයෙ රෑ ගැන කල්පනා කලා....

හිටි ගමන් මාත් ට්‍රැක පනිනවනෙ.... දෙයියනේ කවදාවත් නැතුව ඊයෙ රෑම මේක අස්සට ඇවිත් මුගේ අස්සෙ ගුලි වෙන්න මට ගුලියක්වත් කැවුනවත්ද...

මුගේ හුස්ම මගේ නලලට වැදෙනවා හරි රස්නෙට..

ඒත් මොකක්ද මන්දා ඒ ඒ ටහික්...කෙන්න අතෑරපන් යකෝ තොගේ එකා නැගිටලා.... ඒත් ඇයි මං මේ අමුතු ...ඇයි මට ඒක ගැන අප්පිරියාවක් හිතුන්නැත්තෙ.... ඒත් පපුව ගැහෙන එක නම් වැඩි උනා වෙද්දි ඒ කකුල් අස්සෙ තිබුන මගේ කකුල මං එහාට ලරගෙන ඒ අත් වලින් ගැලවෙන්න පෙරලුනත් කොහේ පෙරලෙන්ද ... මූ බූවල්ල වගේ අඩු ටික ඔක්කොම ඔතාගත්ත...

ඇයි යකෝ මේ එකපාරටම මූට මක් උනාද... ඊයෙ වෙනකන් මට ඇගිල්ලක් තියන්නර්හ්  මගෙන් ප'මිශන් ගත්ත වෙද්දි අදමූ ඉන්නෙ බීලද කියල ත් සැක හිතුනා.. බොරුවනෙ මුන් ඔක්කොම එකයි සුපිරි ඇක්ටර්ස්ලා... මගේ තියෙන ගොං කමට මූට අහුවෙන්න හදන එක වෙනම කතාවක්...

"ම්...මො ..මොකද මේ එකපාරටම  විනුද්....ම් මාව අතාරුන්නකො ම්..මට හුස්ම ගන්නත් බෑ මිනිහෝ!!"

"එකපාරටම නෙවෙයි කලින් ප'මිශන් එක තිබුනෙ නෑනෙ දැන් ඉතින් අතාරින්නෑ කීයටවත්..."

"පිස්සුද මොනවද කියවන්නෙ.... ඔයා මට රිද්දනව විනුද් ..... "

"අහ්... ස් ...සොරි මම ඇත්තටම ...මට සමාව්න්න.... ම්හ්.... මං දන්නව ඔයාට මාව විශ්වාස නැතුව ඇති... ඒකනෙ ඔච්චර  ඔයාවම හංග ගන්න හදන්නෙ..ඒත් ඒකෙන් ඔයාට විතරක් නෙවෙයි රිදෙන්නෙ මාවි...මට අමතක උනා නෙවෙයි ඒත් මං හිතුවා...ම්හ්ම් ..ඒත් එක අතකට ඒක හොදයි මාවි .. අද කාලෙ ඉන්න කාවවත් විශ්වාස කරන්න යන්නෙපා... හැමෝම දිහා සැකෙන් බලන්න මං දිහාඋනත් ඔයා සැකෙන් බලන එකට මං දැන් ඇත්තටම කැමති මාවි.... ඒක කොච්චර  රිදුනත් ; මට තේරෙනව ඒක හොදයි කියන්න ...."

අතෑරින්නෑ කීයටවත් කියන ගමන් එයාමගේ බෙල්ලට නහය තද කලා වෙද්දි මාව සීතල වෙලා ගියා....ඒත් එක්කම කොහෙන්දෝ ආපු හයියකින් එයාව එහාට තල්ලු කරපු මම ඔයා මට රිද්දනව කියද්දි මං දැක්ක මෙච්චර වෙලා හිනාවක් පිරිල තිබුන තල්ලු කරද්දි පුදුමෙන් පිරුන් ඇස් හරි අමුතු  වේදනාවකින් පිරිලා යනවා... කීයටවත් අතාරින්නෙ නෑ කිව්ව කෙනා මගෙන් එහාට ඇදේ කොනටම ගියා.

මට සමාවෙන්න විනුද්... මං දන්නෑ මං මොකක්ද කරන්න ඕනි කියලා... මට මිනිස්සු අන්කම්ෆටබල් කියල දන්නව උනත් ඒකට හේතුව දැනගත්තම ඔයා මේ වගේ මට ලං වෙන්න තියා හැරිලා බලන්නවත් හිතන එකක් නෑ... අනික අපි දෙන්නම කොල්ලො... ඔයාටත් ඕනි ෆන් එකක් විතරක් නම්... මොකද මේ ලංකාව මෙහේ එහෙම දේවල් තියෙය් තමයි ඒත් ඒකත් මහ ලොකු අවංක ආදරයක් කොල්ලො දෙන්නෙක් අතර තියෙය් කියල  මං කීයටවත් හිතන්නෑ... එහෙම තිබුනත් ලෝකෙටම හැංගිලා තමන්ට තම්න්වම හංගන් ඉන්න අය තමයි වැඩිපුරම ඉන්නෙ...

ඉතින් මං මගෑරියා.... ඔයාගෙ හිතේ හැගීම්ගැන මේ ගෙවුන දවස් ගානෙම ඔය ඇස් හරිම අහිංසක විදිහටකතා කරද්දි මං  කලේ ඒ හැම දවසකම ඒ ඇස්මගෑරපු එක....මොකද මට බයයි නොසෑහෙන්න බයයි .. ඒ ඇස් මොනා කියයිද  කියලා...

මොකද තවත් වතාවක් බිදිලායන්න තරම් මං හයිය නැහැ විනුද්...

ඔහේ මගේ ඇස් මගෑර මගෑර කියවන් ගියපු ඒ ඇස් වල තිබුනෙ ලොකු දුකක් ඒත් හිනාවක් හරියට ගොඩාක් දුක හිතුනම ඒකට කමක් නෑ කියල වෙන හිනාවක් වගේ එකක් වෙද්දි මං ඒ කියවන හැගීම් පිරුන ඒත් හිස්වෙන්න ඔන්න මෙන්න තියෙන මූන දිහාබලන් හිටියා... ඔයාට මං ගැන ඇත්තටම හැගීමක් තියෙය් ද විනුද්... ඒත් කොහොමද මං විශ්වාස කරන්නෙ.... ම්ම්...කොහොමද මං පිලිගන්නෙ මගේ පපුවත් කෑ ගහල ඔය පපුවම ඉල්ලනව කියල .....

ඒ ඇස් මොකක්දෝ ලොකු දුකක් කියන්න බැරුවහිර කරන් ඉන්නව කියල මගේ හිත කෑ ගගහ සාස්තර කියද්දි මං කලේ මගේ හිතට දාපු අගුලු තව තද කරපු එක....

"හ්ම්ම්.... සමහර දේවල් තියෙනවා ඒවා වෙනස් නොකර අනිත් අය දැන නොගෙන තියෙන තරමටම හොදයි කියල හිතෙන..... හරියට තහනම් කරන්නබැරි උනත් දඩුවම එල්ලුම්ගහ කියල දැනගෙන අපි ඒ වැරද්දකරනව වගේ... මට පසුතැවෙන්න ඕන නැහැ...

ම්ම් දැන් විකාර නොකර ගිහින් ලෑස්ති වෙන්න  බෙහෙත් ගන්න යන්න හොදයි නම් විතරක් ඉස්කෝලෙ යන්න....ගියත් උණ හැදුන නිසා අවුවට නම් යන්න එපා ඕනිනම් මං සර් එක්ක කතාකරන්නම් අද ප්‍රැක්ටිස් යන්නෙ නැතුව ඉන්න පුලුවන් නම් ..... මාත් ය්-"

"මං ගැන වද වෙන්නත් පුලුවන් ද මාවි ....ඇයි පුලුවන් නම් කිව්වෙ ඇයි බැරි ඒක කරන්නම කියන්න  ම්ම්ම්

ඒ තරමටවත්  අයිතියක් කියන්න බැරිද මාවි

ඇයි ඒ පිසිකල් ටච් එක අච්චර අන්කම්ෆටබල් වෙලත්.... ඇයි මගේ පපුවට ගුලි උනේ මාවි .. මුලින් ලගට එද්දිත් මගෑරල පැනල දුවල පස්සෙ යාලුවො වෙමු කිව්ව ම ලගට ආවෙ යාලුවො නිසාම විතරයි ද.... රිදෙනවා බං කොච්චර හිතුවත් ඇස් මානෙ හරි තියාගන්නවා ඒ ඇති කියල ඒක රිදෙනවා දෙයියනේ ... උබ මෙහෙම පපුව අස්සෙ ඉද්දිවත් ... ආර්ග් ඇයි බං එහෙම ... ඇයි දෙයියනේ මාව මගාරින්නෙ..... මොන මගුලටද තමන්වම හංගගන්නෙ.."

"විකාර ද විනුද් මොනවදමේ කිය්වන්නෙ... අනික දැන් පරක්කුයි ගිහීන් ලෑස්ති වෙන්න අමාරුයි වගේ නම් බෙහෙත් ටිකක් ගන්න "

ගොඩක් වෙලාවක් යනකන් මුකුත්ම කතාවක් නැතුව ලොකු හුසමවල් පහල වැටෙද්දි සිවිලිම දිහා බලන් අත නවලා වැලමිට ට ඔලුව තියන් විනුද් ඉන්නෙ ලොකු කල්පනාවක කියල තේරෙද්දි මං කතා කලා.....

දෙයියනේ විනුද්ගේ ඇස් දිලිසෙනවා ඒවා බොදවෙලා එයා කියවගෙන ගියේ ඒ බොදවෙච්ච ඇස් තද කරන් කොණ්ඩෙ අත් දෙකෙන්ම ඇදගෙන වෙද්දි එයාට එහා පැත්තෙන් එකම බෙඩ් ශීට එක අස්සෙ හිටපු මම නැගිටල ඇදෙන් වාඩි උනේ ඔරලෝසු ව වෙලාව හයයි කාල පෙන්නලා පරක්කුයි කියල කියපු නිසා ලෑස්ති වෙන්න යන්න උනත්

"අයියේ කෝ සුදු අයියා ඔයාල දෙන්නම මේකෙද...අනේ මාත් කොල්ලෙක් උනානම් ... හරි අසාධාරණයි මේක...ඔයා තාම නිදිද අප්ප අරිනවකො මේ මගුල...අද ස්කූල් යන්නැද්ද හතටත් ලගයි කෝ අප්පා ... මේක අරිනවකෝ "

ඒත් එක්කම චූටි ඇවිත් දොරට තඩි බ බා කෑ ගහන්න ගත්ත වෙද්දි වෙනදට වඩා මගේ හිත හරි කලබලයි හරියට වැරැද්දක් කරල අහු වෙන්න යනව වගේ.... මං එහෙම විනුද් දිහා බලල ඔලුව දෙපැත්තට වැනුවා... ඒත් ඇයි....

"චුට්ටක් ඉන්නව ඔහොම..."

"ඇයි තමුසෙල රෙදි නැතුවද නිදාගත්තෙ ලැජ්ජ නැද්ද අයියේ "

"අනේ මේචූටි ඒක තමයි ටිකක් ඉදපන් කිව්වෙ බෙරිහන් නොදී තමුසෙ ලෑස්ති වෙනව ගිහින් !!!!"

"යනව තමයි කෝ සුදු අයියා එයා නෑනේ එය ඉන්නවනෙ ඔයාගෙ ලග "

"ඔව් ඔව් ඒක නිදි යනවකො කිව්වම වද නොදී "

"........"

"මේකෙන් එහා පැත්තෙ වොශෲම් එකට යන්න  මං ඔයාගෙ කාමරේ එකට යන්නම් "

"අයුල් සර් යන්නැද්ද ග්‍රවුන්ඩ් එකට..."

"

අහ් මිස් .. තාම  එහෙම මුකුත් ඉවෙන්ට් පටන්ගත්තෙ නෑනෙ..."

"තාම මීට් එකේ ස්පෝ'ට්ස් නැතුවට ට්‍රේනින් හරි ඒලෙවල් සෙට් එක ප්ලේ කරනව කියන්නෙ ඉතින් මැච් එකක් බැලුව වගේ තමයි "

"ක්‍රිකට් ද "

"නැත්තන් ඇයි සර් කැමති නැද්ද"

මෙලීගෙ කෑගැහිල්ල මැද්දෙ මරණ තර්ජන මැද්දෙ මං මේ අද ඉස්කෝලෙ ආවෙ හෙට නිවාඩු දාලා ඒකිව ගම වටේ එක්ක් යන පොරොන්දුව දහ සැරේකට වඩා දිවෘම් දීලා...

මට වඩා කලින් විනුද් යයි කියල හිතුවත් ඊයෙ රෑ උන හැදුනා කිව්වම නැන්ද එපා කියද්දි මටත් කේලම කිව්වටදෝ රව රව පැනඩෝල් විතරක් අරන් මටත් වඩා පරක්කු වෙවී ලෑස්ති උනා වෙද්දි ... මට අඩි දහයක් විතර පිටිපස්සෙන් මං එලියට බැස්සට පස්සෙ පිටිපස්සෙන් ම ආව උනත් වෙනද හැමදාම එල්ලි එල්ලි කියවන කෙනා නැතුව පාලුයි වගේම මට මං ගැනම් දුක කේන්තිය පිරුන මොකක්දෝ හැගීමක් ඇති උනා.... අද විනුදිත් නෑනෙ

හරියට මං ඕන දේ දැනගෙනත් ඒ දේ නොවෙන්න වැඩ කරනව වගේ... ඒත් මට ඇත්තටම මොනම හේතුවක් නිසාවත් විනුද් ට ලං වෙන්න තියා හිතන්නවත් බෑ... ඒත් කොල්ලෙක් .... ප්ලීස්  මට ඒක හැමතිස්සෙම මතක් කරන්න ට්‍රැක් නම් අවුට් යන්නෙපා...

ඉතින් ඉස්කෝලෙට ආවත් කතාවක් මුකුත් නෑ දෙපැත්තට බෙදිලා අපි ගියා

..........වෙලාව දවල් දොලහට කිට්ටුයු....මං හිටියෙ පහල ස්ටාෆ් රූම් එකේ උඩහ ඉන්න බෑ මොකෙක්වත් නැතුව හොල්මන් ෆිල්ම් වල සීන් මතක් වෙනවා....

මං ඉතින් පොඩි අයගෙ පොත් වගයක් බල බල හිටියෙ ටීචස්ලා දෙතුන් දෙනෙක් විතරයි ඒ හිටියෙත් ... එක්කෙනෙක් නම් නිදිද ත් කොහෙද  ...

ටික වෙලාවකින් ඇතුලට ආවෙ වර්ශා මිස් ඒ කිව්වෙ geo උගන්නන මිස් ... එකම සෙක්ශන් එකේ නිසා මිස් මාර ඉක්මනට ෆිට් උනා වෙද්දි පුදුමයක් උනත් හැමෝම ආස ඒත් කොල්ලෙක් වෙලත් මං ආස තියා ඕකෙ යූස් කරන වචන ටිකවත් දන්නෙ නැති ක්‍රිකට් මැච් එකක් බලන්න යන්නැද්ද අහද්දි මගේ අකමැත්ත මූනෙන්ම පෙනිලදෝ මං අකමැතුද ඇහුවා ....  පුදුම වෙන්න දෙයක් නෙවෙයි කොල්ලෙක් වෙලත් සාමන්‍යෙන් මගේ වයසෙ කොල්ලො නෙවෙයි කෙල්ලොත් කැමති කරන කියන ගොඩක් දේවල් වලින් මං කලේ ඈත් උන එක ... හරියට මට ඒ කිසිම දෙයක් ගැන ආසාවක නාමයක්වත්නෑ වගේ... මට ඕන උනේම තනියෙම කරන දෙයක් කරන් පාඩුවේ හැංගිලා වගේ ඉන්න.... ඒත් මට ඕනි උනේ නෑ ඒක කාටවත් දැනෙන්න අරින්න...

"ඇයි මං අකමැති වෙන්නෙ මං මේ ටික ලොකර් එකට දාල එන්නම්... "

මේසෙ උඩ තිබුන පොත් ටිකත් ලොකර් එකට දාල මං වර්ශා මිස් එක්කම ග්‍රව්න්ඩ් එකට ගියා.... දැන් වෙලාව 12ට කිට්ටුයි නිසා පුදුම විදිහට රස්නෙ වෙද්දි පැවිලීයන් එකේ හෙවන නිසා  එච්චර අමාරු නැතත් අව්ව හුරු නැති නිසාම මට ඒක ඕනවටත් වඩා දැනුනදෝ හිතුනෙ තොප්පි දාගෙන සාරි පොට ඔලුව වටේ බැදහෙන ඉන්න ටීචලටත් ගානක්නැතිව චියර් කරනව දකිද්දි...

කෝ විනුද්...පේන්නෙ නෑ හරියට මුන් ඔක්කොම එකවගේ අව්වත් සැරයි.... කොහොම කිව්වය්හ් මූ අද ප්‍රැක්ටිස් නම් නොකර ඉන්නෙ නෑ කියන්න මං දන්නවා මං ඉතින් ඇස් කර කව බෙල්ලත් උස්සන් අතක් නලලට තියන් ඇස් හීනි කරන් කොරවක්කා වගේ වටේ කරකුනා.... ඒත් ම්හ්ක් මූ නෑනෙ... මගේ ඇස් පේන්නෙ නෑ අප්ප ඔක්කොම එක වගේ...

ඒත් එතකොට යි දැක්කෙ ......විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑකියන්නෙ මේ රෙද්දෙ අව්වනිසාමාව රතු පාට වෙන එක... මගුල... මං ඒනිසාම ශර්ට් එකේ වලමිටට නවල තිබුන අත් දෙක  ඉක්මනට දිගෑර ගත්තා... කවුරුත් දැක්කොත් හරි නෑනෙ

"ආ මේක දාගන්න වැඩි වෙලා ඉන්නෙපා අව්ව සැර අමාරුයිනෙ ම්ම් මේකත් බීල යන්න... "

°

°

°

°

°

°

"මොකක්ද දැන් මං කිව්වෙ!!"

"මොකක්ද වෙලා තියෙන්නෙ මේ  ඉස්කෝලෙ ...තමුසෙට මාව බ"

"දෙයක් කිව්වම කට ගහගෙන එන්නෙ නැතුව ඒක අහන්න පුරුදු වෙනවා...!!!!

මගේ ඉවසීම පැන්නොත් තමුසෙට කකුල් දෙකෙන් යන්න වෙන්නෙ නෑ වගේ ම මං මේක ඉස්කෝලෙ කියල බලන්නෙත් නෑ කියල මතක තියාගන්නවා"

------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------

🖤🌼

මේක කම්මැලි වගේද

Share This Chapter