Back
/ 41
Chapter 22

විසි එක්වෙනි කොටස

No more | Ongoing

"ක්හ්ම්... කැහ්...ක්හ්ම්"

"......."

"කැහ්ම්..."

"......"

රෑ කෑමත් කාල මේ නිදාගන්න කියල ආවෙ හෙට උදේ පාන්දර ම විනුද්ලගෙ නැන්දලගෙ දිහා  යන්න තියෙන නිසා...  මෙහේ ඉදන් එහෙට ගොඩක් දුර නිසා වගඅ එහෙට ඉක්මනට කලුවර වැටෙන නිසා උදේ පාන්දරම යනව කිව්ව නිසා ටිකක් වේලාසනින් නිදාගන්න ආවා... උනත් මං ඇදෙන් දිගාවෙලා විනාඩි  විස්සක ට විතර පස්සෙ අඩවන් කරල තිබුන කාමරේ දොරත් හෙමීට ඇරල ඒක ලොක් කරන සද්දෙ ත් ඇහෙද්දි ආවෙ කවුද කියල කාටත් කලින් ඉස්සර උන පර්ෆියුම් එකක් කියල තියෙද්දි ....ලයිට් එක වෙනුවට ටේබල් ලෑම්ප් එක ව

ඔන් වෙනවත් ඇහුනා වෙද්දි මං දිගාවෙලා ඇස් පියන් නිදි වගේම හිටියා....

ආපු කෙනා ඇද උඩින් වාඩි වෙනව මෙට්ටෙ තද වෙනවත් එක්ක දැනුන වෙද්දි මං ඇස් පියාගෙනම හිටියා....උනත් මුගේ තියෙන බලු ඉව නිසාදෝ හෙමින් හෙමින් නැවති නැවති උගුර පාදනව .... හහ් මං ඒත් නිදි වගේම හිටියා....

"මොකක්ද අනේ"

"....."

"දැන් පොරොන්දු කඩනවද එතකොට "

"......"

ගොරෝසුමත් නැති ඒත් ගැබුරු කටහඩක් හුරතල් වෙලා තියෙද්දි කතා කරන විදිහට ලෝභ හිතුනත් එයා අහන දේ හොදට ම තේරුනත් මෙතන ඊට වඩා දෙයක් තියෙයි කියල තේරෙද්දි.. මේ පැටලෙන්න හදන්නෙ බොරුවක නේද කියල හිතුනා....

ඇත්ත සමහර විට එයා ආදරේ කලා හෝ නැතා එයා මං වෙනුවෙන් මං නොදැනුවත්ව වගේ ම මෙහේ ආවට පස්සෙ මං දැනුවත්වම කොච්චර නම් දේවල් කරල තියෙය්ද... ඒත් මං... මං මොනවද එයා වෙනුවෙන් කලේ....

හැමතිස්සෙම ඒ කොල්ලගෙ හිත රිද්දුව ඇරෙන්න අකමැති කියල දැන දැනත් සහෙල් ගැන උනත්...මං එයා කියන දේවල් අහන්න නොගිය විදිහ ඒ තියෙද්දිත් වෙන ලමයෙක් එක්ක ඉන්න හැමවෙලේම ඉස්කෝලෙ දි උනත් ගෙදරදි උනත් මං ලගට එන්න බොරු හේතු ගොඩක් තිබුනා... විශේශයෙන්ම සහෙල් ලගදි...

ඒත් ඇත්තටම මට කරන්න දෙයක් තිබුනද කියල මට විශ්වාසයකුත් නෑ.... ඒ දෙන්න අතර මොනව තිබුනත් කොහොමද මගෙන් ඉගෙන ගන්න ලමයෙක් ව ඈත් කරන්නෙ....

එතකොට මාමල නැන්දල.. මං කලිනුත් කිව්ව වගේ මට බෑ කන්න දීපු අත හපාකන ජාතියෙ මනුස්සයෙක් වෙන්න... පොඩි ඒකා ඒක තේරුම් ගනීද..ඒත් ඔක්කොම පැත්තකින් තියල බැලුවම මං ඒ පොඩි එකාට ආදරෙයි දෙයියනේ.....ඒත් අවාසනාවකට  හිතල බැලුවොත් ඒ ආදරේ මහ බොරුවක් වගේ .....

"විභාගෙ ඉවරයිනෙ මාවි "

"....."

"හරි ලොකු දෙයක් එපා හග් එකක්වත් දෙන්නකෝ "

"....."

"ආ දැන් බැරිද "

ඇයි දෙයියනේ මේ කොල්ලා මෙහෙම .... මේ හැමදේටම මුල මාමා.. ඔව් මාමා..

එදා ස්පෝ'ට්ස් මීට් දවසෙ අහම්බෙන් හරිද උවමනාවෙන් නෙවෙයි අහම්බෙන් ගෙදර ස්ටෝරූම් එකට මං ගියේ චිත්‍ර අදින්න කැන්වස් බෝඩ් විදිහට ගන්න පුලුවන් බෝඩ් වගයක් ඇති කියල නැන්ද කියපු නිසා වෙද්දි ඒකෙ කොනක; කොනක කිව්වට අස්සක වගේ තිබිලා හම්බුනු ශොපින් උරේකුත් කටට තියලා තදට වහපු බෝතලයක් නිසා මට මතක් උනේ හවස කවුදෝ වයසක මනුස්සයෙක් මාමට හොරෙන් වගේ දීලා ගියපු පාර්සලේ.....

මං ඒක නහයට තියල බැලුවා..ඒ  මොනවද කියල කලින් දැකල බීලා නැති උනත් අහල තිබුන දේවල් එක්ක ඒ රා කියලා දැනගන්න අමාරු වුනේ නෑ... ඒව අමුතුයි ලොකු ගදකුත් නෑ නිකන් අමුතු අනේ මන්දා ඒක මොනවගේද කියන්න ඒත් මට හිතුනෙම බීලා බලන්න නිකන් බොන්නත් බෑනෙ මාමට අහුවුනොත්..

මං ඉතින් ඒක ඒ තිබුන තැනම තියල කාමරේට  ගිහින් මගේ වතුර බෝතලෙයි වීදුරුවයි අරන් ඇවිත් වතුර ටික වීදුරුව ට දලා අරකෙන් ටිකක්.. ටිකක් කියන්නෙ ටිකක් ඉතින්.. අරන් බෝතලේට දාගෙන අර වීදුරුවෙ තිබුන වතුර ටික ඒකට දාල වහල තිබුන තැනම තියලා අනිත් පැත්තෙ බිත්තියට හාන්සි කරල තිබුන බෝඩ් කෑලි දෙකකුත් උස්සන් කාමරේට දිව්වා...

මුලින්ම හරක වගේ ඒක බොන්න බෑනෙ බත් කන්න යද්දි මාමලට මාට්ටු උනොත්වත්...ඒත් මගේ මොලේ තරම කියන්නෙ ඉතින්  මට ඒක එවෙලෙ මතක් උනේ නෑනෙ.. තියෙන මළ පෙරේතකමට බිව්ව ඉතින්... ඒකෙ  බෝතල් බාගයක්වත් තිබ්බෙ නෑ ඉතින් ඒත් අනේ මංද මට හෙනාතල් එකක් දැනුනා...

නිකන් කෑගහල හිනාවෙන්න වගේ .... ඒත් මං කොහොමද හිනාවෙන්නෙ.. මං සතුටින් නෙවෙයි නෙ... මං දුකින්නෙ... මට කවුරුත් නෑ... කවුරුත් ආදරේ නෑ..

මෙලීටත් ම්...මාව එපා වෙලානෙ..... අර මෝඩ මූ සලයටත් මාව එපා වෙලා... ගනන් ගන්නෙත් නෑනෙ දැන්...එපා වෙලා... බොරුනෙ .... මිනිස්සු  කියන්නෙ මහ.... ඕකුන්ව විශ්වාස කරන්න හොදම නෑ.... කිව්වෙ කොහොමද ආදරේලු.. එච්චරයි ලු කෝ එහෙනම් .... බොරුවනෙ මුන්ගෙ.. ප්‍රෝඪාව්..හික්* තනිකර.. ආදරේ ... හහ් ඒම ඒවා නෑ...

"මාව්..මාවි !! මේ මොකද !"

" ත්..තමුසෙ.. හහ්...ඇය්...හ්ක්* ඇයි ආ...වෙ "

"මොක.... අහ්..තමුසෙ මොන ජරාවක් ද බිව්වෙ අනික කොහෙන්ද මේ  මේවා වතුර බෝතලේට ආවෙ...කෝ දෙනව ඕක... ශිට් බලනව ඉන්න හැටි කෝ නැගිට්..."

"ශ්...ශ්.. කෑ ග්..ගහන්...නෙප්..පා....මං මං ත්...තමුසෙගෙ ස...ද්දෙට බ්..බය නෑ..."

" කෝ නැගිටිනවා මාවි මේ අප්පච්චිත් අනේ මන්ද... දැන් කෙලින් ඉන්නවත් බෑනෙ...ක්...කෝ මෙහේ එන්න ඇග සෝදලත් නෑනෙ තාම...."

" ම..ට  බෑ...ඇග සෝ..දන්..න බෑ  මට අ..ර ම්..මෝඩ මූ..සලයව ඕ...න... මට ඌව ගෙ...නත් ඕ..න... ඌ "

"අහ්...කවුද මූසලය... කෝ ඔහොම වාඩි වෙන්නකො "

" ඌ... ම..හ බ්....බොරුකාර...යෙක්... කි..ව්වෙ..නම් කොහොමද ආද..රෙයිලු... රෙ..ද්ද තමයි ඌට...ම්..මාව මතක..වත් නෑ .... ම්..මාව මගා...රිනව.... ම...ට කවුරුත් න්..න්.."

"මගාරිනවද ඉතිං "

" ම්...මගාර්..හික්*.. රිනවා"

"ආදරෙත් නෑලුද දැන්..."

"  ම..හ බ්...බො..රුව ඕක...ගෙ"

"ඉතිං දුක  හිතෙනවද මගේ මැනිකට"

"දුකය්..නෙ ඉතින් "

මං හිටියෙ ඇදේ ඉදගෙන මේ දුක අහන අයිය්ගෙ ඇගට හාන්සි වෙලා...මෙච්චර වෙලා හිටියෙ බිමද කොහෙද... මූ තමයි උස්සන් ඇවිත් තිව්වෙ මයෙ හිතේ.... මගේ වතුර බෝතලෙත් එතන...මූ  දුකයිදත් අහනව  දුකයි නේන්නම්...මගේ පොඩි පගයව මට ඕනිනෙ.... නහයත් හිර වෙලා වගේ නිසා මං අතට අහුවුන එකේ නහය හීරුවා...

"හහ් මටම බැන බැන එතනත් බොරුවනෙ ඉතිං ...මේ.. ඇයි ඉතින් එච්චර දුක   "

"...."

"ඇයි ඉතිං දුක  කිව්වෙනෑනෙ"

" ආ..දරෙ..යි නෙ... ඒ මූස..ලයට..

" අහ් ඇයි එහෙනම් මගාරින්නෙ ඉතිං  කියන්නෙ නැතුව "

"මගා...රින්...නෑනෙ මං ...මං බයයිනෙ... ඒ... මෝ.ඩයට..තේරෙන්..නෙ නෑනෙ ඉතින් ම..ට..ඕනිනෙ..."

" ඇත්තටම ඔයාට හොදටම වෙරි පැටියෝ නැත්තන් ඔහොම හීනෙකින්වත් අහන්න වෙන්නෑනෙ මට... තියෙන ලොකුකම නිසා... එකාතකට මෙහෙම හරි බීපු එකත් ලොකු දෙයක් කියල හිතෙනවා.. අනික රානෙ... මගෙ  බේබද්දා   "

" එයා ම්..මට හික්...දැන්...ආ...දරේ නැද්ද හ ලෝ... ම...ගාරින්නෙ"

" ම්ම්ම්....තමුසෙගෙ ලොකු කම නැත්තන් ඒක ඇහෙන්න තිබුනා.. ඔච්චර හුරතල් වෙන්නෙපා බං... මං පව් කියලවත් හිතෙන්නැද්ද... දැන් කිව්වට වැඩක් නෑනෙ .... ඒත් ආදරෙයි කියනවටත් වඩා මං හරි ලෝභයි මාවි මේ පණ්ඩිතයට..."

"මොන්...නාද කියන්න්..නෙ ඇහෙන්න්...නෑ"

"  මුකුත් නෑ කෝ දැන් යමු ඇග සෝදගන්න... ඔහොම කන්න යන්නත් බෑනෙ අම්ම පරල වෙයි ඊලගට...  වැටෙයු ඉන්න මං ඔයාව එක්ක යනකන්..... මෙච්චර බොනවද බලනව මෙලෝ සිහියක් නෑනෙ ඉතිං "

"හික්"

"ඕ....නිනෙ "

" මොනවද "

"හික්... ඕනි...නෙ "

"මොනවද ඉතින් "

"අර ම...ගේ මෝඩ පොඩි එ...කාව ඕනිනෙ"

" ඔයාගෙද ඉතින් කෝ දගලන්නනැතුව ඉන්න සබන් ගානකන්... "

"ම්හ්ම්...රිදෙනවා "

"හරි ඉන්නකො ටිකක්...හෙට මේවා මතක් උනාම ඔයා මාව මරයිද කියලත් සාධාරණ බයක් තියෙය්  මාවි... ඒ නිසා දගලන්න එපා වැඩිය.. හැබැයි පහුවදා ට අවුලක් නැත්තන් ඔන්න ම...ට"

" අල්ල්..ලන්නෙප්...පා මාව "

"හරි හරි අල්ලන්නෑ මොනා උනත් ඔය ලොකු කම මං බස්සනව දවසක ...."

ඊට පස්සෙ බතුත් කවල දෙහිත් පොවලා ඉතින් එදා ඔය නටපු නාඩගම අකුරක් නෑරම පහුවදා මතක් වෙද්දි වැලලෙන්න විදිහක් නැතුව මං උදේ විනුද් ඇහැරෙනකන් නැගිටින්නෙත් නැතුව හිටියා උනත් කොහෙද මූ නැගිට්ට ගමන් ඇවිත් බදා ගත්තෙ නැතා බූවල්ල වගේ...  කොහොම හරි ඒව මේව වෙලා ඕවා ඕව' යන්න කලින් කටට ආපුව කියල නවත්තගත්තා..... මං නම් මූන දිහා කෙලින් බලන්න ගියෙත් නෑ සතියක් විතර... ඒත් මූ එක්ක ඕව කොහෙද නැට්ට වගේනෙ... මාමත් මාව දැක්ක තැන නක්කලේට වගේ හිනාවෙන්න ගත්තත් මුකුත් කිව්වෙ නෑ... වැලෙන්න බැරි කමට මූන දුන්න ඉතින් .....

ඉතින් එදා ඔය නිදහසට කියපුවයින් කියවුන එකක් තමයි ඒලෙවල් ඉවර කරහම බලමු කියපු එක.... ඒකත් බලමු විතරයි ... මූ වෙන එකක් හිතන් දැගලුවට

ලොකු දෙයක් එපාලු... මොකක්ද දන්නෑ ලොකු දේ... හග් එකක් නම් දෙන්න බැරියැ... ඒත් ඕව් කරන්න ගිහින්වෙන ඒවත් කරන්න වෙයිදෝ හිතෙද්දි  මං එහෙම ම හිටියා... එක්කො මූට පිස්සු නැත්තන් බලු ඉව... මං මෙච්චර මේ නිදි වගේ ඉන්නව වෙද්දි අත් දෙකත් මගේ දෙපැත්තට බර කරන් ඔහේ තනියෙම කියවනවා...

"හරි එහෙනම් නිදිනෙ එහෙනම් ඇහැරෙන්න බෑනෙ මං ඉඹිනවා ඔන්න "

"....."

"ම්ම්  ඔයාගෙත් හෙන බොරුවනෙ ඉතින් ඔච්චර ලොකු කම ඕන නෑනෙ කැමතියි කිව්වනම් මේ අහිංසකයත් සතුටින්නෙ... හොරට ඉන්නව ඉඹිනකනුත් ... හා නිදාගනින්කො අපිටත් දවසක හද පායයිනෙ... හොර නින්ද...එක්කො මාවි මං ආපහු රා බෝතලයක් ගෙනත් දෙන්නද "

අනේ උබ නටහන් පොඩි පගයා

අනේව්... ඒ උනාට කිව්ව වගේම කලානෙ ඉතින් මාව දියවෙනව වගෙ අප්පා....

" ඇයි මැනික මේ... මාවි !"

" ම්හ්ම්"

" කෝ... ඇයි දෙයියනේ මේ..."

ශිට් මං බොලද වෙන්න අරන් ආපහු..කදුලු බේරෙන්න ගත්තනෙ කොච්චර තද කරන් ඇස් වහන් හිටියත් දැවිල්ල නිසා ඇස් ඇරල ආපහු වැහුවත් වැඩක් නෑ කදුලු බේරුනා...

"ම්...මට මට සමාවෙන්න විනුද් "

" විකාරද් මාවි කෝ විකාර කියවන්නැතුව නිදාගන්නවා මං බයත් උනා"

"ඇ..ඇයි මෙච්චර ම්"

"ශ් ශ්..කටවහගෙන නිදාගන්න හෙට උදේම ඇහැරෙන්නත් ඕනි..."

මෙච්චර වෙලා මං හිටියෙ විනුද්ට පිටිපස්ස හරවන් වෙද්දි එයා ඉදල තිබුනෙ මූනටම එබිලා නිසා කවුලු බේරෙනවත් එක්කම මෙච්චර වෙලා හුරතල් වෙවී කියවපු කෙනාගෙ කටහඩ කලබල වෙන්න ගත්ත වෙද්දි මං ඇස් ඇරිය.... එයා මාව එයාගෙ පැත්තට හරවන් ඒ පපුවට මාව තද කරල බදා ගත්තා... එක අතකින් මාව බදා ගෙන අනිත් අත මගේ ඔලුව යටින් තියල කොන්ඩෙ අස්සෙන් ඇගිලි අරන් යද්දි වෙන වෙලාවක වගේ නම් අයින් වෙන්න හැදුවත් එදා වගේම මට මේ උනුහුම දාලා යන්න බැරි උනා...

මෙහෙම කරද්දි මට මං ගැනම කලකිරෙනව විනුද් ... මං කරන්න ඔනි දේවත් මට හිතාගන්න බෑ...ඒත් මට..කියන්න ඕන උනේ සමාවෙන්න කියලා.. මං මෙච්චර රිද්දනවට .... ඒත් එයා කියන්නත් කලින් කියන්න යන දේ තේරුම් අරන්දෝ කලබල වෙලා තිබුන ගතිය ලොකු හුස්මක් එක්ක නැති කරන් නිදාගන්න කියද්දි...  නිදාගන්නවටත් වඩා කියන්න දේවල් තිබුනත් ඒ පපුවෙ උනුහුම නිසාම මගේ ඇස් පියවීගෙන ආවා..

ඇයි විනුද් මෙහෙම කරන්නෙ... මෙච්චර ලං වෙලා දවසක යන්න හිතුනොත්...මං කොහොමද යන්න දෙන්නෙ... මට කෑ ගහල කියන්න හිතුනා ... මෙහෙම කරන්නෙපා... මෙච්චර ලං වෙන්න එපා කියල .. මොකද මං බයම හැගීම මට දැනෙන්න අරන්.. ආදරේ කියන හැගීමටත් වඩා.... ලෝභයි කියන හැගීමට මං බයයි.... මෙතනින් පැනල දුවන්න ඕන උනත් බැරි තරමටම මං ලෝභ වෙලාද හිතෙද්දි... ඉස්සරහට මොනව වෙයිද හිතෙද්දි... මොනව උනත් කමක් නෑ කියල මේ පපුව ම ලියාගන්නත් නොහිතුනා නෙවෙයි ....

-----------------------------------------------------------

---------------------

-----------------------------------------------------------

---------------------

විකාරයි වගේද...🥴

එකතැන කැරකෙනවද මන්දා 🥲

🌼🖤

Share This Chapter