Back
/ 41
Chapter 12

දොළොස්වෙනි කොටස

No more | Ongoing

මං එතනින් එන්න හැදුවෙ ඇත්තටම හරියටම ඇයි කියල හේතුවක් නොදන්න කේන්තියකුත් එක්ක ... ඒත් මාව නැවතුනා වෙද්දි මට දැනුන මගේ අත තද වෙලා තියෙන ඒ අත වෙව්ලනව කියන්න..... ඒත් එක්කම එයා මේ මොකක්ද කියන්නෙ කියල මට තේරුම් ගන්න බැරි වෙද්දි ඒ කටහඩේ පවා තිබුනෙ මොකක්දෝ බයක් වග තේරෙද්දි මං ඒ දිහාවට හැරුනා

"මොනාද ලමයෝ මේ කියවන්නෙ .... ම්.... මං....මං කොහේ යන්නද... ඔ ඔයා මොකක් හරි අවුලකින් නම් ඉන්නෙ ඇයි දෙයියනේ කට ඇරල් කියන්..."

"මං ඔයාව ටිකකට තුරුල් කරගන්නද මාවි"

"ආහ්"

නෑ මං බලන් හිටියෙ නෑ... එයා කියපු පරක්කුවට මං ගිහින් එයාව තුරුල් කරගත්තා අනේ මන්දා තුරුල් කරගත්තා උනාට තුරුල් උනා වගේ.. නෑ නෑ මං කොට නෑ... මූ හෙනකදය වගේනෙ...

ඒත් එක්කම ඒ අත් දෙකත් මාව හරිතදට බදාගත්තෙ හරියට මං පැන ල යයි වගේ තදට වෙද්දි වචන න්ැතුවම හරි සැහැල්ලු හුස්මවල් පහත වැටෙනව කන ලගින් දැනුන....දන්නවද ඒක ජීවිතේ පලවෙනි පාර මම ම ගිහින් පිරිමි කෙනෙක්ට තුරුල් උන එක...  මං තාත්තටවත් මතක ඇති කාලෙක තුරුල් වෙලා නෑ තුරුල් වෙන්න තියා අඩුම සුහදව වචන දහයක් කතා කරලවත් නෑ....හරි උනුහුමයි.... ඒ පපුව හරි සද්දෙට ගැහෙනවා ...... ඒත් එක්කම මගේ පපුවත් මහ හයියෙන් ගැහෙනව හරියට එලියය පනින්න වගේඑ.....

කොච්චර හංගන් ඉන්න හැදුවත් මේ ගෙවුන මාස දෙකහමාර ඇතුලෙ මගේ හිත හැමදාම මගෙන් අහපු දෙයක් තිබුනා වෙද්දි දැනුත් හිත කෑ ගහල ඒ දේම මගෙන් අහන ගමන් උන්න...

ඒත් මං බයයි ..... මට ඕනි නෑ ඒකට උත්තරයක් ... මොකද ඒ හම්බෙන උත්තරේකට පුලුවන් යන්තන් හිත පිරුන ඒ මොකක්දෝ නොදන්න හැගීම මාවත් එක්කම දූවිල්ලක් කරල දාන්න...ඒක බිදෙනව වගේ නොවෙද්දි මට මොනව උනත් ඒ පීදෙන හැගිම අන්තිම වෙනකන් මං ලග පරිස්සම් කරගන්න මට ඕනි කියල මගේ හිතම බැගෑපත් වෙන ගමන් හිටියා....

යන්තන් ගහපු පොදත් එක්කම විනාඩි ගානක් තුරුල් කරන් හිටපු උණුහුමෙන් මිදුන මං චූටිව මතක් උන පමාවට විනුද්වත් ඇදන් ගෙදර දිව්වා වෙද්දි රෑට බතුත් කාලම යන්න ඉන්න කියපු  නැන්දගෙ  ආරාධනෙත් එක්ක නැවතිලා හිටපු සහෙල් එක්ක හයහමාර විතර වෙනකන්ම චිත්‍ර ඇදල රෑට කන්න මේසෙන් වාඩි වෙනකන්ම ත් විනුද් හිටියේ මගේ කාමරේටම වෙලා ගනන් වගයක් හද හද වෙද්දි මගේ හිත ආයෙත් අර ප්‍රශ්නෙම අහන ගමන් උන්නා.....

"මේ පින්සල අල්ලන්න බය වෙන්නෙපා දරුවෝ... තනි පාරින්ම ඒක ඇදල දාන්න ම්ම් කෝ මෙන්න මෙහ්...."

"මා..ම්...ක්හ්ම් .....අයි-යේ මේ "

සහෙල් පින්සලට හරි බයෙන් වගේ කලර් කරද්දි මං ඒ අතත් එක්කම පින්සල අල්ලන් එයාට කලර් කරන්න කියා දෙන්න හැදුව වෙද්දි මගේ ඇද උඩට වෙලා ගනන් හද හද ඉදපු එකා එකපාරටම  කතා කරපු විදිහට මං නෙවෙයි සහෙලුත් පුදුම උනාද  කොහෙද.... වෙද්දි මං රවාගෙන ම හැරුනෙ එකපාර මූ ලගම කෑ ගහද්දි සහෙල් ගැස්සිලා තව ටිකෙන් චිත්‍රෙත් අවුල් යනව එහෙම උනා නම් තමයි මං බලාගන්නෙ...

"මොකද විනුද් කෑ ගහන්නෙ...!; මං මෙතනනෙ ඉන්නෙ......! "

මූට හිටිගමන් මොන මගුලක් වෙනවද මං ද්න්නෑ.... දැන් ටිකකට කලින් ගෑනි පැනල ගිහින් වගේ මැරෙන්න හැදුවා...

"එන්නකො පොඩ්ඩක් මට මේ ගාන හදන්න තේරෙන්නෙ නෑ "

රෙද්ද.....තොට දෝදුද මට ගනන් බෑ යකෝ .... ආර්ට් කරපු මගෙන් ඒලෙවල් ගනන් අහන්නෙ ...

එකතු කිරීමත් වරදිනවා....

මං තව ටිකක් මූට රැව්ව උනත් මූත් යකෝ ඇස් හීනි කරන් මට රවනවනෙ...

"එහෙනම් ක්ලාස් එකේ සර් කෙනෙක්ගෙන් කතා කරල අහන්න විනුද් මං ඕව දන්නෙ නෑ "

මං සහෙල් ලග ඉදන්ම ඌට රවාගෙනම කියල ආපහු සහෙල් ලගට නැමුන විතරයි ......

"හරි ඉතින් අර තමුසෙගෙ හේ-ම්හුම් ම්..මෙලී අක්ක කළා කිව්වෙ මැත්ස්නෙ ඇවිත්  එයාට කතා කරල අහල දෙනවකෝ...."

"ඔය තියෙන්නෙ පෝන් එක කතා කරල අහගන්න සේව් ක...."

"අයියේ අම්මා කන්න කතා කලා "

"අහ්  එහෙනම් දැන් කන්න යමු.... ඔයාට ගෑස්ටික් එහෙමත් තියෙය්නෙ මා... ම් අයි-යේ... යමු ඉක්මනට "

"ඒත් "

"අම්.... තව ටිකයිනෙ සර් ඒක මට ගෙදර ගිහින්ම් ඉවර කරගන්නත් පුලුවන්නෙ.... දැන් කන්න යමු මටත්  බඩගිනි වගේ... හේ"

"ම්ම්ම් එහෙනම් යමු"

ඉතින් කාල බීලා සහෙල්තුත් ගෙදර ගියා වෙද්දි  මේ විනුද් අර ලමය යනකන්ම හිටියෙ රවාගෙන වෙද්දි නිකමට වචනයක් කතා කලේ නෑ...අද හවස වැටුන පොදෙත් නැවතිලා තිබුනා උනත් එකපා‍රට ආයෙත් ටිකක් වැඩිවෙගෙන ආවා වෙද්දි සීතලක් දැනුනත් මං ගියේ ඇග සෝදගන්න කියලා....

ආහ් කෝ වතුර... රෙද්ද  සබන් ඇස් වලටත් ගිහින් ටවල් එක හොයාගන්නත් බෑ ආර්ග්හ්....

"විනුද්... ඔයා ඉන්නවද"

බැරිම තැන මං වොශ් රූම් එකේ දොර පොඩ්ඩක් ඇරල කතා කලත් ම්හුම්...මූ කොහේ ගිහින්ද....බහිරවය වගේ පස්සෙන්ම ඉන්න එකා ඕන වෙලාවට නැහැනෙ...

ඇස් දැවිල්ලයි ඇර ගන්නත් බෑ මොන මගුලක්වත් පේන්නෙත් නෑ උපන් ඇදුමෙන් එලියට යන්න කියලද... රෙද්දෙ ටවල් එක කොහේ දාලාද දන්නෙත් නෑ.....

මං අආයෙත් වතාවක් ටිකක් හයියෙන් කතා කලා ඒත් ම්හුම් ඕන මගුලක් කියල  මං ඉතින් හෙමීට දොර ඇරන් ඇද ලගට බිත්තිය අල්ලගෙන අඩිය තිබ්බ විතරයි  වාසනාවෙ තරම කියන්නෙ හරිම වෙලාවෙදි දොර ඇරුනා.....  කවුරු හරි ආවා කියල තේරෙද්දි මට උඩ යට මාරු උනා

"ම්..මා..වි.මේ මො...කද .....ඔ ඔයා මා..."

අනේ පැංචෝ

"ම්ම්....ම......ගේ ඇ...ඇස් දනවා ව වතුර ඉවර වෙලා ගිහින් මෝටරේ දානවා..! "

ඇවිත් තිබුනෙ විනුද් වෙද්දු මූ මොකාද වගේ ගොතගහගහ මොකද්දෝ කියනව ඇහෙද්දි සබන් පිටින් උනත් ඇදේ වාඩි උන මං බෙඩ්ශීට් එකෙන්  ඇග වහගෙන ලැජ්ජාව පැත්තකින් තියාලා කතා කලා වෙද්දි ඒ පරක්කුවට ඌ දුවගෙන ගියපු සද්දෙ ඇහෙද්දි රෙද්ද පැත්තක දාපු මං වොශෲම් එකට දුවගෙන ගියත් .....

"ආහ් ........!!"

හිතුවෙ වැටුන කියලද ... ඔව් වැටුන තමයි...ඉන්දියන් ඩ්‍රාම එකක්වත් උනානම් අල්ලගන්න මොකෙක් හරි එනකන් පාවෙවී වත් ඉන්න තිබ්බ

ඒත් කොහෙද... විහිලු නෙවෙයි රිදුනා යකෝ...

ඇයි අප්පඅ මටම වෙන්නෙ අනේ හ් කොන්ද එහෙන් ඇසුත් දැවිල්ලයි කොල්ලෙක් තමයි ඒත් ඇඩෙන්න වගේ මොකද වැදුනෙ මගේ පස්ස වෙද්දි... උකුලත් ඇදුනද කොහෙද.... ඒක රිදෙනවා දෙයියනේ  පුදුම කරුමයක් තමයි....

" මාවි ! කෝ...ම්...මේ .... ඉන්න අහ් මේ දැන් හරි කෝ යමුකො.. "

"අහ් බිමින් ති....යන්න මට පු.....ලුවන්"

"දගලන්නෙ නැතුව ඉන්නකෝ"

ඒත් ඒ තත්පරේට ම කොරවක්ක වගේ හිටපු මං ලගට කෑගහගෙන ආපු කෙනත් හරි කලබලෙන් මාව නැගිට්ටවන්න අල්ලලත් ආපහු අතෑරියා වෙද්දි ඒත් එක්කම  ශීට් එකක් ඇග වටේ  එතුනා වෙද්දි කකුල් දෙකයටිනුයි කොන්දෙනුය් ගියපු  අත් දෙකක් මාව අත් දෙකට ගත්ත්වෙද්ද දැනුන ලැජ්ජාවටම මං කෑ ගැහුවත් ඒ ගැන කිසිම ගානක් නැතුව මාවා වොශෲම් එකෙන් තියලාතින් වතුරත් අරන් මගේ මූනත් හෙමීට හේදුවා.....

"බලන්න ඇස් රතුත් වෙලා ... අනිත් දවසෙ නාන්න කලින් මෝටරේ දාගෙන යනවා... දැන් වොශ් එක දාගෙන එන්නකෝ.... මං එලියට යනව"

"ම්හ්ම්...අහ්"

"ඇ ....ඇයි මැනික මෙතන රි...දෙනවද ආ.....

මං උදව් කරන්නද..."

"එපා... මට පුලුවන් "

"හරි ඉක්මනට ඔය සබන් ටික හෝදන් එන්නකෝ ම්ම්ම්"

"හ්ම්ම්"

ඇත්ත ඇස් රතු වෙලාතාමත් යන්තන් දැවිල්ල ගතියක් දනෙද්දි මං කෙලින් උනේ විනුද්ගෙන් ඈත් වෙන්න උනත් රෙද්ද කොන්ද පහල ඉන හරියෙන් ආපු කැක්කුමක් එක්ක මට යන්තමින් කෙදිරිගෑවෙද්දි යන්න හරුන විනුද් ඒ පමාවටම අපහු කලබලෙන්ම හැරුන වෙද්දි  මෙතන රිදෙනවද කියල තාමත් ඇග වටේ එතිල තිබුන රෙද්ද උඩින්ම මගේ කොන්ද අත ගග මෙතන රිදෙනවද අහල උද්ව් කරන්නද ඇහුවත් මං එයාගෙ අත් වලින් එහාට ගිහින් මට පුලුවන් කියද්දි මං දිහාබලාගෙන හුස්මක් අතෑරපු එයා එලියට ගියා....

ඉතින් මාත් ඉක්මනට වොශ් එක දාගෙන දොරේ කොක්කෙ තිබ්බ ටවල් එකත් ඇදගෙන එලියට ආවා... ඒ මගුල කලින් තිබ්බෙ නෑනෙ...

"කෝ එන්නකො ඔහොම ම මේක ගාන්න "

මං කාමරේට එද්දි ඇදේ ඉදගෙන පොන් එක දිහා බලාගෙන හිටියෙ විනුද් වෙද්දි මං ඌව දැක්කෙ නැති ගානට කබඩ් එක ලගට ගියත් එයා කතාකලා.... මොකක්ද බාම් එකක්ද කොහෙද ගාන්න කියල...

"...ම් අහ් දැන් ඒ ක අවුලක් නෑ විනුද් ඕන්න්.."

"මං අම්මට කියන්නද ගාන්න කියල... ඔහොම ඉන්නකො එහෙනම් "

"ම්ම් ඕනි නෑ... ගාන්නකො එහෙනම් "

මං ඕනි නෑ කියද්දි එහෙනම් අම්මට කියන්නද අහද්දි මං  මොකක්දෝ හේතුවකට ඇදේ එයාට එහා පැත්තෙන වාඩි උනා... ඒත් පොඩ්ඩක් ඉන්න දැන් කොහෙද ගාන්නෙ .... මං ඒක අහන්න විනුද් දිහාට හැරුනත්...

"කෝ ...මං දිව්රනවා බලන්නෙ නෑ කියල  හරිද ... බය වෙන්නෙ නැතුව පුලුවන් නම් හාන්සි වෙන්නකෝ ම්ම්"

මගේ බැල්ම දැක්ක විතරයි ඒක තේරුම්ගත්තා වගේ එයා කියද්දි මං මුකුත් නොකියා හාන්සි උනා වෙද්දි ටික වෙලාවකින් දැනුන ස්පර්ශයත් එක්ක නිකන් හරියට කරන්ට් එකක් වැදුන වගේ වෙද්දි මං කාගෙන හිටියෙ නැගිටලා දුවන්න බැරි කමට.... ඒත් විශ්වාස කරනවද පිරිමියෙක් වෙලත් පිරිමියෙක්ගෙ හුස්මක් වැදෙන මානෙකවත් ඉන්න බය මට  කොන්ද පහල ඉන හරිය හරි සනීපෙට අතගානව දැනෙන ඒ අත් වලින් කිසිම අපහසුවක් ගෙනාවෙ නෑ කියන්න...

ටික වෙලාවකින් හැරිල බලද්දි එයාගෙ ඇස් ඒ වෙනකොටත් තිබුනෙ මගේ මූනෙ වෙද්දි එයා කිව්ව වගේම වචන රැකල තිබුනා...

දන්නෙ නෑ තේරෙන්නෙ නෑ වගේ හිටියට විනුද් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කරන දේවල් මාව හරියට නොසන්සුන් කරල තිබුන වෙද්දි මං මතක් කලේ එයා මාව නාවපු දවස්..

ඔව් එයා නිකමට වත් මගේ ඇග දිහා මට අපහසුවක් වෙන විදිහට බැලුවෙ නෑ ... එයාගෙ හදවත මහ හයියෙන් ගැහුනෙ කොච්චර කලබලේකින්ද කියන්න මටත් තේරුනා වෙද්දි ඒත් එයා හැසිරුනේ එහෙම කිසිම ගානක් නෑ වගේ....

ඉතින් අද වෙනකන්ම හැමදාම රෑට මගේ කාමරේ නිදාගන්න ආපු එකට උනත් කලින් දක්වපු බොරු උනත් එයාට තිබුන හේතුව මං තාමත් පිලිගත්තා වෙද්දි ඒ ආවත් තැන් මාරු කරන් දවසකට ඇදේ ඉන්න මං බිම නිදාගන්න ඇහුවත් කිසිම වෙලාවක ඒකට කන් නොදුන්නා වෙද්දි හැමදාම එයා නිදාගත්තෙ බිම දාපු මෙට්ටෙ උඩ උනත් නින්ද යන්නැති සමහර රැයවල් මැද්දෙ හරි සනීපෙට දැනෙන උනුහුමක් එක්ක කොන්ඩෙ අස්සෙන් ගෙනියන ඇගිලි එක්ක නලලට තදවෙන තොල් ගැන මගේ හිත කොච්චර කෑ ගගහ ඇහුවත් රබර් බෝලයක් වතුරට දාලා ගිල්ලන්න මං අසාර්ථක උත්සහයක යෙදෙන ගමන් හිටියා ......

කලිනුත් කිව්ව වගේ මට දැනුන බය මගේ අතීතෙ තිබුන කලුවර මගේ හැගීම් වලට වැට බදින ගමන් හිටියා....

"ම්ම්ම් දැන් ඇදුමක් දාගෙන නිදාගන්න මට වැඩ වගයක් තියෙය් ඉවර කරන්න.....

ගුඩ් නයිට් "

"ම්ම් ගුඩ් නයිට්.... ම...මේ විනුද් තැන්ක් යූ "

----------------------------------------------------------

-----------------------------

----------------------------------------------------------

-----------------------------

🌼🖤

Share This Chapter