Back
/ 41
Chapter 11

එකොළොස්වෙනි කොටස

No more | Ongoing

"සර්..."

"අහ් මං ඒත් බැලුවා ඇයි පරක්කු කියලා "

බැලුව නෙවෙයි මට අමතක උනා හනේ....

සමස්ත ලංකා එකට චිත්‍රෙ අදින්න සහෙල් මෙහේ එනව කිව්වෙ අද උනත් මට ඒක අමතකම වෙලා ගියා .... ඒත් ඉතින් අමතක උනා කියන්න යැ.... අපි හිටපු තැනට ටිකක් දුරින් නැවතුන කොල්ල බලන් ඉද්දි මං බංකුවෙන් නැගිට්ටා....

"....." මං නැගිට්ටම කොල්ල හිනා වෙලා ලගටම ආවා...

" ම්ම් ඇතුලට යනවද... නැත්තන් එලියෙ ඉදන් අදිනවද...."

මං  අහද්දි කොල්ල විනුද් දිහත් යන්‍තමින් බලල ආපහු මං දිහා බලල ඇතුලට යමු කිව්වා...

"අහ්... මේ අඹ අච්චාරු තියෙනවා කනවද "

විනුද් අතේ තිබුන අච්චාරු එක දිහා කොල්ල බලනව වගේ දැකපු නිසා මං එහෙම අහගෙන හැරුනෙ තාමත් බංකුවෙ ඉදන් අත් දෙක පපුවට බැදගෙන සහෙල් දිහා යකෙක් වගේ බලන් හිටපු විනුද් දිහාවට..කලිනුත් කිව්ව වගේ මූට සහෙල් එක්ක මොකාක් හරි අවුලක් තියෙයිද කොහෙද දැක්ක තැන රවනවා.... ඒ ලමය ගැන වචනයක් හරි කිව්වොත් නිකන් මං දිහා බලන්නෙත් කුණුහරුපයක් කිව්ව ගානට..... අද උනත් මට කියන්න බැරි උනා එයා මෙහෙ එන වගක් ... පස්සෙ ශේප් කරගන්න බැරියැ ඕනි නම්... හහ් මාත් තරහ වෙලානෙ හිටියෙ ... ම්හ්... ඒකට මේක කැපෙන්න ඕන එහෙනම් ....

" අපේ ගෙදරත් අඹ පිරිලා මේ කාලෙට... කාලම එපා වෙලා..ම්ම් මේක සර් ට අපේ අම්ම හැදුවෙ...දවසක් සර් ආසයි කිව්වත්නෙ "

"අහ් බිත්තර ආප්ප .....අනේ තැන්ක් යූ දරුවෝ ඒත් කරදර උනේ ඇයි.... "

"මොන කරදරද... අම්මම තමයි කිව්වෙ  නිකන් යන්නැතුව අරන් යන්න කියල මං ඉතින් නිකන් ආප්ප නැතුව බිත්තර දාල හදවගත්තා "

"  ඇත්තටම කන්න බැරි උනා ගොඩ දවසකින් තැන්ක් යූ ම්ම්ම්....යමුකො ඇතුලට "

ආප්පයක් කෑවෙ නෑ මතක ඇති කාලෙකින්... ඒකත් ගෙදර හදපු බිත්තර දාපු ආප්ප...දවසක් සහෙල් කියද්දි ආප්ප කාපු කතාවක් මං ඉතිං නිකමට වගේ කියන්නැති මටත් ආසයි කියල... මං ඉතිං මගේ ලස්සනම හිනාවකුත් එක්ක ඒකත් අරගෙන ඇතුලට ගියේ යන්තමින් විනුද් දිහා බලාගෙන .....ඒත් අපරාදෙ බැලුවෙ හිතුනා ....මොකද යකෝ ඔහොම බලන් ඉන්නෙ .. මේකා මුගෙ කෑල්ලටවත් ටෝක් කරලවත්ද .... මාවත් මරන් කන්න වගේ බලන් ඉන්නෙ .... හරි ඉතින් උබලගෙ ගෙදර තමයි.....ඒත් ඉතින් මාත් ඉන්නෙ මෙහෙනෙ වෙන කොහෙට එන්න කියන්නද එන්නද ඇහුවම එපා කියන්න ඇයි...

මං ඉතින් මගේ කාමරේ පොත් මේසෙ ටිකක් අස් කරලා සහෙල්ගෙ බඩු ටික තියාගන්න ඉඩ හදලා දීලා මගේ කැන්වස් බෝඩ් එකත් දුන්න එයාගෙ එක ගේන්න අමතක උනා කිව්ව නිසා....

"දැන් මොකක්ද අදින්නෙ හිතුවද....."

"මේ ටික බලල අදහසක් ගන්න තමයි හිතුවෙ ඉතින් සර්තුත් බලල කියන්නකො"

"ම්ම් මේ ටික හොදයි හැබැයි මං කැමතියි ඔයාගෙ ම...එකක් මං කියන්නෙ ටිකක් වෙනස් අයිඩියා එකකුත් ගත්තොත්.....ම්ම්ම් ඉන්නකෝ..."

කොල්ල පෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරපු පොටෝස් වගයක් පෙන්නද්දි මාත් මගේලග තිබුන බොඩිස්කෙට්ච් වගයක් පෙන්නුවා

"මේ තියෙන්නෙ මං ඇදපුවයි කැම්පස් එකේ ලමයි ඇදපු ස්කෙට්ච් වගේකුයි... මෙතනින් ගැලපෙන postures තෝරල  බලාගෙන අදින්න  පුලුවන් ඒව බලන්න කෝ"

"සර්ට පුලුවන් ද මට ඒ ටික වට්සැප් කරන්න"

"අහ් හරි නම්බර් එක කියන්නකෝ"

"076******3......"

"ම්ම්ම් හරි "

පැයක් විතර චිත්‍ර ඇන්දා වෙද්දි වෙනද මගේ පසෙන්ම ඉන්න විනුද්තු‍යි චූටියි මීක් නැතිවෙද්දි මට පුදුම ත් හිතුනා....එච්චර සපොර්ටිව්ද.... බොරුවට නෙ රවල තියෙන්නෙ..

"මං ගිහින් බොන්න මොනා හරි හදන් එන්නම් "

"මාත් එන්නද සර් "

"ඕනි නෑ දරුවෝ  ඔයාට මහන්සි නම් ටිකක් එලියට ගිහින් ඇවිදල එන්න"

"ලොකු සර්ලා ගෙදර නැද්ද "

"නෑනෙ පන්සලට යනව කියල ගියා "

මාමයි  නැන්දයු පන්සලට ගියේ දානයක්ද මොකක්ද තියෙය් කියල ඒක ගැන කතා කරන්න වෙද්දි ගෙදර හිටියෙ සහෙලුත් එක්ක අපි හතර දෙනා විතරයි...

"අහ්ම්.....ක්හ්ම්.. මොනාද කරන්නෙ"

"ම්..  අහ් සු.....දු අයි....යේ ....හේ මං මේ  මටත් ඕන මේ අදින්න ච්...චිත්‍ර මං මේ ඉතින් ආවෙ එ ඒකයි මාත් එන්නද අහන්.."

"අහ් ඉතින් එන්නෙපැයි මෙතනින්ද එන්න හැදුවෙ"

සහෙල්ට තේ එකක් හදන්නම් කියාගෙන එලියට බැස්සත් දැන් පැයකට කිට්ටු වෙන්නම ජනේලෙ ලග හොරගල් අහුලන හොරගෙඩියෙක්ව අහුවුනා වෙද්දි මං සද්ද නොකර ම පස්සෙන් ගිහින් කතා කලා විතරයි ගැස්සුන කෙල්ල වචනත් පටලවගද්දි පනින්න ගියපු හිනාව තද කරන් මං ආපහුකතා කලා...

"නැහ් ...මෙ.... මෙතනින් පිස්සුද මං මේ අපේ අ...අයියව බැලුවෙ "

"ඇයි ඉතින් ඔතන ඉද්න් බැලුවෙ අනික විනුද් කොහෙද ගියේ..."

"අනේ සුදු අයියේ මේ.. ඇත්තටම  අපේ අයියට මොන යකෙක් වැහුනද කියන්න මං දන්නෙත් නෑ ඔයා අර අයියත් එක්ක ගෙට ගියපු ගමන්ම අඹ අච්චාරු එකත් පොලවෙ ගහල පැත්තක හිටපු මටත් කෑ ගහල ගියා නෙවෙයි පියෑබුවා "

"අහ් ඒ ම්....."

"සර් මේ පූස් පැටියා ඔයාලගෙද"

"අහ් ඔව් මේ චූටි...මං ඉක්මනට එනකම් මේ අයියත් එක්ක එලියෙ ඉදන් කතා කර කර ඉන්නකෝ...."

මං ඉක්මනට කියද්දි විනුදි ඔලුව උඩ පහල කලා ....එලියෙ ඉදන් කතා කරන්න කිව්වෙ මට මාවම මතක් උන නිසා වෙද්දි මං ඉක්මනට දුවල ගියේ ආපහු ඉක්මනට ම එන්න හිතාගෙන මොකද මට නම් එකෙක්වත් ශුවර් නෑ

මං ආවෙ මං වගේම විනුද්තුත් නිතරම එන්න පුරුදු උන වැව් කණ්ඩියෙ තියෙන කුඹුක් ගහ ලගට....

එතන මුලින් ම පෙන්නුවෙ චූටි උනත් මට පුදුම හිතුනෙ ඊට පස්සෙ ම එතනට ගියේ විනුද් මිස චූටි නොවෙද්දි.....

මං උනත් වෙලාවක් තියෙන හැමවෙලාවකම එතනට ගියේ එතනදි දැනුන නිදහස නිසාමයි....

එතකොට මතක් උන සමහර දේවල් මට ඇත්තටම මං ගැනත් පුදුමයක් ඇති කලා

පිසිකල් ටච් එක විශේශයෙන්ම පිරිමියෙක්ගෙ බැල්මක් උනත් මාව මාර විදිහට නොසන්සුන් කරද්දි මෙහේ ආපු පහුවදාම මං විනුද්ට මාව නාවන්න දීලා තිබුනා වෙද්දි ඒකත් මං ඊට කලින් නොදැකපු කෙනෙක්ට උන එක ගැන මං ඇත්තටම පුදුම උනා .... මෙලී ට හැර මං කාටවත් හුරු වෙලා තිබුඑත් නැතුව එහෙම වෙන්නෙ කොහොමද කියලවත් මට එදා හිතුන්නෑ...

කලින් වචනයක් කතා නොකර කාමරේ අස්සෙ කලු පාට ඇස්සෙ හැංගිලා වගේ ජීවත් උන මං දැන් ඉර එලියට ආස වෙලා කියල තේරෙද්දි.. කැම්පස් එකේ ලමයි එක්ක මූනට මූන නොබල හරියට වචනයක් කියාගන්න බැරි උන මම ඉස්කෝලෙ  ලමයි එක්ක හරි හරියට කියවන්න අරන් තියෙද්දි......

පිරිමියෙක් වෙලත් පිරිමින්ට ම වයිර කරපු මං මෙච්චර වදවෙන්නෙත් පිරිමියෙක් ගැන නේද කියල හිතෙද්දි  මට තේරුන එකම දේ  මනුස්සයෙක්ගෙ හිතක් සනීප කරන්න පුලුවන්  බෙහෙත් පෙති වලටම නෙවෙයි කියලා.....

"විනුද්....."

හිතුවා වගේම එයා එතන හිටියා .... හැමදාම වගේ මෙතනදි එයා සාමාන්‍යයෙන් ඉන්නව වගේ කටකාර පණ්ඩිත ඇට්ටරයෙක් වගේ නෙවෙයු හරියට මහා ලොකු මිනිහෙක් වගේ ... ඈත වැවේ වතුර වලටත් උඩින් දුරක ඇස් තියාගෙන බිම වාඩි වෙලා දනිස් උඩින් අත් තියාගෙන කල්පනා කරනව වෙද්දි වෙනසට අද ඒ ඇස් දිලිසෙනව මං දැක්ක ඒත් වෙනදට ඒ දිලිසෙන ඇස් මගේ හිත සන්සුන් කලත් අද ඒ දිලිසෙන ඇස් මාව නොසෑහෙන්න කලබල කරල තිබුනා....

ඒ ඇස් වල කදුලු ද ඒ....

ලගටම ගිහිල්ලත් එයා මාව දැක්කෙ නැති වෙද්දි මං යන්තමින් ඇහෙන්න එයාට කතා කලා ...

අනේ ඇයි දෙයියනේ මේ

මගේ දිහා ඇස් උස්සල බලපු එයා යන්තමින් හිනා වුනත් ඒ හිනාව ශිට්....එක තනිකරම මොකක්දෝ ලොකු දුකක් පිරුන වගක් තේර්ද්දි මං ඒ ලගින් ම දණගහගෙන ඒ උඅරහිස් තදකරල අල්ලගත්තා...

"ඇයි දෙයියනේමේ දැන් හොදට හිටියනෙ  විනුද් මොකද උනේ කියන්නකෝ"

"......"

එයාගෙ මේ මැලවුන මූන මං මුලින්ම  දැක්කෙ එදා මගේ තුවාල වල බෙහෙත්  මාරු කරද්දි වෙද්දි අදත් ඒ ඇස්  එදා වගේ  ම මැලවිලා ගිහින් වෙද්දි ඒත් එදා ඒ තත්පරෙන් හිනාවෙලා කතා කලත් අද මේ එකපාරටම මොකක්ද උනේ කියල මට හිතාගන්න බැරි උනා

"විනුද් මට කියන්න බැරි දෙයක්ද හරි මට කියන්නකෝ සහෙල් නිසාද එයත් එක්ක මොකක් හරි....ම්...මේ ඔයාගෙ ...ග් ග'ල්ෆ්‍රෙන්ඩ් සම්බන්ධ මොකක් හරිද.... "

"ඇයි මං අච්චර එපා කියද්දිත් අරූ එක්ක හැම්....ම්හ් යනව මෙතනින්.. "

"මොකක්ද කියන්නෙ...! දෙයියනේ ඒ මගෙන් ඉගෙන ගන්න ලමයෙක් ඔයාට එයත් එක්ක ප්‍රශ්නයක් තිබුනා කියල මං කොහොමද උගන්නන්නෙ නැතුව ඉන්නෙ .... හරි ප්‍රශ්නෙ එයා මෙහේ ආපු එකනම් සොරි මට කියන්න අමතක උනා දැන් ගෙදර යන්කො මං ඒ ලමයගෙ දිහා යන්නන් එත්....."

"මාවි තමුසෙ මට කියල මුකුත් අහගන්නැතුව ගිහින් උගන්නන රෙද්දක් උගන්න ගන්නව....!

"

" මොන මගුලක්ද බං වෙලා තියෙන්නෙ අර අඹ එකත් විසි කරල්....."

"ඇයි ..... හහ් උබට හරි ආදරෙන් මත්ක් කරලා ආප්පයක් හදල ගෙනත් දුන්නෙ ....හරි ලස්සනට දත් තිස්දෙකම දාල හිනාවෙලා බදාගත්තත්නෙ.... මං ගෙනාපුව මොකටද  ඒවා කාපං ගිහින්..... ඇයි කාල ඉවරද"

"........"

"ආස දෙයක් තිබ්බනම් එක එකාට කියනැත්තුව මට කිව්වනම් ගෙනත් නොදී ඉන්නවද අහ්.... තමුසෙට හදිසියේ  දොල දුකක් ආවද ඌට කියලම ගෙන්න ගන්න ..."

යකෝ මූ කතා කරන විදිහ මං මූට වඩා වැඩිමල් කියන එකවත් ගනන් ගන්නවද ....

ගෙනත් දෙන්න මූ රස්සාවක් කරන එකක්ද.... අනේ මන්ද ඉතින්

හැබැයි මට මේ ගෙවුන දවස් ටිකේ ඇල්ලුවෙ නැති දෙයක් තිබුනා... මූ කොලඹනෙ හිටියා කිව්වෙ එහේදි මැර වැඩ වත් කලාද කියල සාධාරණ සැකයක් ඇතිවෙන විදිහෙ කෝල්ස් කීපයක්ම මට යන්තන් ඇහුනා ඒත් මූ ඒ හොර වැඩක් කියල දන්න නිසාම මාර සෙවිල්ලෙන් කෝල් ගන්න නිස්සද කොහෙද මං දකිද්දිම කට් කරනවා... කවුදහරි අහුවෙයිනෙ... අනික මං  ඇයි එච්චර ඒ ගැන හොයන්නෙ.. මට මොකද මූ මැර වැඩ බැරි නම් හොර වැඩ කලත්... අර්හ්..ඒත් බෑනෙ එහෙම කරන්නෙ කොහොමද මේ ඉන්නෙ ම... නැහ් ඒක ඕන්නෑ

ඒ අස්සෙ මූ අරූ එක්ක තියෙන තරහ මගේ පිටින් යවනවා...  මූ නිකන් ආරූඪ වෙලා තියෙන්නෙ මුගේ ගෑනි වෙන එකෙක් එක්ක පැනල ගිහින් වගේනෙ......

"අනේ මේ විනුද් තමුසෙ මුලින්ම කතා කරන්න ඉගෙනගන්නවා අනිත් එක තමුසෙගෙයි ඒ ලමයගෙයි අතරෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල මං දන්නෑ මොකක් උනත් ඕවට මාව ගාව ගන්න එපා "

මූට නටාගන්න කියල කේන්තියටම මං යන්න නැගිට්ට වෙද්දි. ඒත්.....

"මාවි "

"......"

" ඇයි බං ඔහොම කියන්න්නෙ.... ඇයි කියන්න බැරි මොනව උනත් මං ඉන්නව බයවෙන්න එපා කියලා.... ඇයි ඒක කියන්න එච්චර අමාරු ....මට බයයි බං...."

---------------------------------------------------------------------------

-----------------------------------------------------------

----------------

🖤🌼

Share This Chapter