Back
/ 41
Chapter 10

දහවෙනි කොටස

No more | Ongoing

මාස දෙකහමාරකට පසු........

කාලෙ ගෙවෙන්නෙ පැය තත්පර ගාණට ..... මගේ ජීවිතේ ප්‍රශ්න පත්තරයක් වගේ... විසදුම් තියෙය් ද කොහොමද ඒවා හොයාගන්නෙ තියා මේ ප්‍රශ්න කොහොමද ඇති වෙලා තියෙන්නෙ කියන්නව්ත් මට හිතාගන්න බෑ.... මං දැං මේ හරියට අදුරන්නෙවත් නැති ඒත් මේ පුංචි කාලෙට මගේ ජීවිතේ ඇතුලෙ පවුල කියල තැනක් හදාගත්තු ජීවිතේ ට ඇවිත් මාස දෙකහමාරක් විතර....

ඉස්කෝලෙ ඇතුලෙත් සර්ලා ටීච'ස් ලා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි උනා වගේම තමයි 12 13 ක්ලාස් වලත් පහල ක්ලාසස් වල ලමයිතුත් මට ගෙනාවෙ මාරම සැහැල්ලු හැගීමක්....

ඒ කාලෙ ඇතුලෙ සිද්ධ උන දේවල් වලින් විශේශම දේ තමයි මට වඩා වයසින් බාල උනත් යාලුවෙක්ට එහා සහෝදරයෙක් තාත්තෙක් විදිහට මං කෙනෙක්ව දකින්න පුරුදු උනා..... සහෝදරයෙක් ගෙ ආදරේ තාත්තෙක්ගෙ ආදරේ මොනවගෙද කියන්න මං දන්නෙ නෑ තමයි ඒත් විනුද් ගෙන් හම්බුනේ ඒ ආදරේ කියල මං විශ්වාස කලා.... ඒත් මට තාමත් පිසිකල් ටච් එක කම්ෆටබල් නොවෙද්දි විනුද් මාව තේරුම් අරන් තිබුන විදිහ මට පුදුම හිතුනා.....

හැමදාම මාත් එක්ක ප්යින් ම ඉස්කෝලෙ එන ගම්ණ් ගමේ තියෙන දේවල් ගැන එයත් දන්න නොදන්න හැමදේම කියව කියව ගම වටේම මාව එක්කගෙන යන්නත් විනුද් පුරුදු වෙලා හිටියා... එයාටත් අමතක සමහර තැන් තිබුනා චූටි මතක් කරපු මොකද මෙයා අවුරුදු ගානක් කොලබනෙ ඉදල තියෙන්නෙ...

ඉස්කෝලෙදි පවා විනුද් පුලුවන් හැමවෙලේම හිටියෙ මාත් එක්ක.....

මං සර් කෙනෙක් කියන එක දහ සැරයක් විතර දවසට මතක් කරන්න වෙන තරමට ම ,විකාරයක් කියල හිතෙන තරමටම මූ මගේ පස්සෙම ඉන්න ගත්තා..... මුල් දවස් ටිකේ එහෙම නැතුව එකපාරටම එහෙම උනාම මට ඒක හරි අමුතුයි ... මං කොල්ලෙක් තමයි ඒත් මට කවදාවත් යාලුවො කියල කවුරුත් හිටියෙ නෑ ... හිටපු එකම කෙනා මෙලී කියන්නෙත් කොලු ගති තිබ්බට කෙල්ලෙක් .. එතකොට විනුද් මං ගැන කෙයා කරන විදිහ ගෙදරින් දෙන්නටම එක බත් එකක් විතරක් ගේන තරමටම අපි ඉස්කෝලෙදි ත් ලං උනා හොද ම යාලුවො විදොහටත් වඩා සහෝදරයො විදිහට ..... ඒත් ඒක ටිකක් හරි මදි ඕනවට වඩා ඕවර් යනව වගේ දැනෙන තැන් තිබුනා මොකද ඒක ඉස්කෝලයක්.... කතා හැදෙන්නෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ගෙ පුතා නිසා ඒ පැත්තට වාසියට ලං වෙලා කියලනෙ ඕවට.... පුංචි දේටත් ඕනවට වඩා හිත රිද්ද ගන්න එකේ මට ඕනි උනේ නෑ තව අවුලක් හදාගන්න.... ඉතිං සමහර වෙලාවට පීරියඩ් කට් කරගෙන නිකන් ඉන්න බැරුවට කෑම එකක් නොගෙන තට්ටු තුනක් බඩගාගෙන මේකා එද්දි මං එහෙම නොකර පන්තියට යන්න කෑගහද්දිත් මූ එහෙම එන එකට මං මටත් හොරෙන් ආසාවෙන් ඉදලද කියන්නෙ පුරුදු වෙලාවට එන්න පරක්කු වෙද්දි මට දුක හිතෙන තරමටම මං ඒ පොඩි එකාව බලාපොරොත්තු වෙන්න අරන්තිබුනා.....

මුල් දවස් ටිකේ කෑම එක කන්න පහල ස්ටාෆ් එකට ගියත් ඊට පස්සෙ මට උනේ විනුද් එක්ක ආර්ට් එකේ පරණ ස්ටාෆ් රූම් එකේ ඉදන් කන්න.... ඒකට අනිත් ගුරුවරු එන්නෙ නෑ... අර පහල ස්ටාෆ් රූම් දෙකක්ම තියාගෙන මේ තට්ටු දෙකක්ම බඩගාගෙන මෙහෙට එන්න තරම් අමාරුවක් තියෙන්නෙ කාටද.... හැබැයි මට එච්චර අමාරුවක් තිබුනා.....

අනිත් එක ක්‍රීඩා සර් .... සර් නම් හිටිගමන් උඩට ඇවිත් කතාවක් එහෙම දාන් ඉදල යනවා..... ඒ තමයි ගුරුවරුන්ගෙන් මට වැඩිපුරම ක්ලෝස් වෙච්ච මනුස්සය මට වඩා අවුරුදු හයක් වගේ වැඩිමල් ඉතින් අදහස් සමාන යි අනිත් වයඩින් වැඩි අයට වඩා ....

අනිත් කෙනා ආර්ට් එකේ 12 චිත්‍ර කරන එකම කොල්ල සහෙල් තව එකෙක් ඉන්නවලු ඌ එන්නෑ හැබැයි ...... සහෙල් ගැන කිව්වොත් ඉතින් කොල්ල මාරම දක්ශයි චිත්‍ර ස්පෝ'ට්ස් මියුසික් මේ හැම එකකටම කොල්ල මාරම දක්ශයි..... ඌට උගන්නද්දි මටත් මාරම ලේසියි ... මුන පුරාම හිනාවෙලා එල්ලි එල්ලි කියවද්දි උස්සන් ගිහින් හංගන්න හිතෙන වෙආවලුත් තියෙනව..... හැබැයි අර විනුද් කාරය ඒ ලමයගෙ නම කිව්වත් කුලප්පු වෙනවා... අනේ මට නම් ඒ දරුවගෙ කිසිම අවුලක් නෑ.... පවුල් පසුබිම උනත් ඒ ලමයගෙ මාරම හොදයි සල්ලි කාරයෙක් වෙලත් ඒ නිහතමානීකමම අගයන්න ඕනි .. කොහෙද ඉතින්.... ක්හ්ම්....ම්ම්ම්.....

ඉතින් තව එක එක සිද්ධි එක්ක වෙනද දවසට වචන දෙකතුනකට වඩා කතා කරන්න හේතුවක් නොතිබ්බ මට දැන් අහන් ඉන්න ගොඩාක් අය හම්බෙලා තිබුනා වෙද්දි මේ දැන් උනත් මට

මාරම සැහැල්ලුවක් කලින් කවමදාවත් දැනිල නැති විදිහෙ සැහැල්ලුවක් හුස්ම පවා වැටෙන්නෙ සැහැල්ලු ගතියක් එක්ක කියල දැනුනා....හැබැයි ඒ හැම වෙලාවකම තව මොකක් හරි දේක අඩුවක් හරි තදට දැනුනා.. ගන්න හුස්ම කොච්චර සැහැල්ලු උනත් ඒකෙත් කොනක බරක් එල්ලිලා තිබුනා.....

"ඒයි මාවී, මේ ටික හෝදනවකො..."

"මේ කොහෙන්ද විනුද්"

" කොහෙන්ද කින්ද මන්ද වැඩක් නෑනෙ ගිහින් භාජන දෙකක් අරන් එනව එකකට වතුරත් එක්ක .... චූටි තමුසෙත් යනවා ....පිහියකුත් ගේන්න... ආ තව ලුණු මිරිස්...."

"විනුද් තමුසෙ රස්තියාදු ගැහුව වගේ නෙවෙයි තව වැඩිදව-......"

"අනේ බන් ගිහින් ගෙනෙන්කො කිව්වම හැමතිස්සෙම ඔය රෙද්ද මතක් කරන්නැතුව..."

"....."

".."

"ම්ම්"

" මාවී "

"....."

"මාවී"

"මොකද !?"

"දැන් ඇයි මේ "

"තමුසෙ මහ ඕන්නැති වැඩක් කරන්නැති ජැන් ඤැයි මේ ගාන්නෙ.... මේ සුදු අයියේ ඔයා මේ මෝඩය කියන කතා ගනන්ගන්නෙපා අනේ ...ගනන් ගත්තත් කෑම එක්ක තරහ වෙන්නෙපා.... "

මං හිටියෙ මිදුල ඉස්සර තියෙන අඹගහ ලග තීන බංකුවේ වාඩි වෙලා මගේ ආදරණීය දූරකතන බබා එක්ක උඩ පහල යන ගමන් වෙද්දි මේ දවස් ටිකේම අරූගෙ ගෙදර මුගේ ගෙදර කිය කිය රස්තියාදුවෙ ගිය විනුද් අද නිවාඩු දවසෙත් වටේ ගිහින් ඤාවී ගාගෙන ආව වෙද්දි මොනව කලත් මට මොකද කියල ඉන්න හිතුවත් මට හරියට තරහයි මූ එක්ක.....

ආහ් එදා යාලුවෙක් වෙන්න අහපු දවසෙ ඉදන් විනුද් මට කතා කලේ මහ විකාර නමකින් වෙද්දි ඇයි එහෙම කියන්නෙ ඇහුවම මට ඕනි නිසාකියද්දිත්මට මූව මරන්න හිතෙන නිස ඒක අහන එක මං නැවැත්තුවා අනේ මට මොකද මාවි බැරි නම් ගාවී කිව්වත්......

දැන් උනත් පොතක් අල්ලන්නෙවත් නැතුව රෝන්දෙ ගහන එකට කෑ ගහන්න හිතුන් හැරුනත්, එයාගෙ අතේ තිබුන අඹ කවරෙ එක්ක මට කඩන් පනින්නත් අමතක වෙද්දි මං ඇහුවෙ කොහෙන්ද කියලා ....මොකද මං ඊයෙ චූටිටත් කිව්ව මේ අඹ ගහේ ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි කන්නත් ආසයි කියල ... කඩවල් වලින් ගෙනල්ල කාපුව ඇරෙන්න මං මෙහෙම ගහකින් කඩන් කාල තිබුනෙ නෑනෙ .....ඒත් ඉතින් වයසට වඩා තියෙන පණ්ඩිතකමට මූ කියවගෙන යද්දි සුපුරුදු විදිහට මං කෑ ගැහුවා.....

තව මාස කීයද මූට තියෙන්නෙ අනික මැත්ස් කරන්නෙ ගානක්වත් හදපංකෝ .... සියල්ල දත් වගේ ඉන්නව මෙලෝ මගුලක් කරන්නෙ නෑ.... ඉස්සර මෙලිත් මේ වගේ මං කට කැඩෙනකන් කියන්න ඕනි ඒ ගොං ගහටත් පොතක් අතට ගන්න..... අනිත් චූටි හැබැයි ඒකි කිව්වම අහනව එකපාර..... මාත් මේ පොර ටෝක් දුන්නට පාඩම් කරපු විදිහ ගත්තොත් රිසාල්ට්ස් එද්දි මටම පුදුමයි ඒ කොහොමද එච්චර කියලාත්.....

පස්සෙ මට මූ කෑගහපු තරහටත් එක්ක මං බංකුවේ කොනටම වෙලා වාඩි උනේ මූ අඹ කපන්න ගද්දි.. පස්සෙ මගෙම් සද්දයක් නැති නිසාදෝ මට කතා කරද්දිත් මං රවාගෙන හිටියා වෙද්දි ඇස් යටින් විනුද් ටත් ඉගි කර කර මගේ පැත්තට කතා කරන චූටිටත් මං රැව්ව වෙද්දි කෙල්ල ඇවිත් මං ලගින්ම වාඩි උනා.... පස්සෙ මං ආපු ටීං සද්දෙට පෝන් එක අතට ගත්තෙ මෙලීගෙන් ආපු මැසේජ් එක දැක්ක නිසා මෙලීට මැසේජ් එකක් දාන්න.... මං දැක්ක හැබැයි කවුරු හරි මං දිහයි පෝන් එක දිහයි කන්න වගේ බලන් ඉදලා හරි වේගෙන් අඹ කපනවා... කපාගනින්නකො අත....

මෙලී ගැන කිව්වොත් කෙල්ලගෙ ට්‍රේනින් එක ඉවරයි පෙරේදා ඇවිත් තියෙන්නෙ... ලබන සතියෙ හරි ඊලග සතියෙ හරි මෙහේ එන්නම් කිව්වත් මට දැනුනෙ මහ වරදකාරී හැගීමක් ... මොකද ඉතින් මං කොල්ලෙක් වෙලත් මං මොනාද ඒකි වෙනුවෙන් කරල තියෙන්නෙ හැමදාම ඒ කෙල්ලට තියෙන වැඩ වැඩි කලා මිසක්.....

-මාව අමතක ඇති කියල මං හිතුවෙ

- ඔව් ඔව් මැසේජ් එක ආවම

තමයි මතක් උනේ

-පාලුයි ඕයි

- ඉතිං ඉක්මනට එනවකෝ...

නැත්තන් මං එන්නද

-අනේ මේ ආයු තමුසෙ

මගෙන් කුණුහරුප

අහගන්නෙපා.. ඇයි ආයෙත්

තමුසෙට මොනව හරි ඕන වෙලාද

-හරි ඉතින් තමුසෙට කියල වැඩක් නෑනෙ කොහොමත්

ඇත්තටම මං දන්නෑ ඇයි එහෙම කරන්නෙ කියල ඒත් මෙලී කැමති ම නෑ මං කොලඹ යනවට ... තාත්තගෙන් අඩුම කෝල් එකක්වත් හම්බුනේ නෑ.....අම්මත් නෑ නංගි ත් .... එයාල කාටවත් මාව ඕනි නැතුවැති...... ශිට් දුකයිනෙ රෙද්ද

"මාවී"

"...ඒයි දෙනව ඕක ලැජ්ජ නැද්ද තමුසෙට අනුන්ගෙ මැසේජ් කියවන්න.."

"අනුන්ගෙ .. හහ්.... මෙච්චර දවසක් හරි අමාරුවෙන් නෙ හිටියෙ මල් කඩන්න නැතුව "

" මොනවද විනුද් තමුසෙ ඔය කියවන්නෙ.... දැන් රණ්ඩු වෙන්න ද ඕන "

"මට වෙන වැඩ නෑනෙ....ම්ම් ආහ් කනවා"

"........"

"ඒක රසයි සුදු අයියේ... කාලා බලන්නකෝ"

".........."

"දෙකට ගනින්න බෑ වගේ හිටියට තියෙන නපුරු කම ආ කෝ ඉතින් "

"මට එපා"

"එහෙම බෑනෙ මං ගෙනාව කෙනා කන්නෙ නැතුව කොහොමද "

මූඩ් ගහන් හිටියත් එකපාරටම අතේ තිබ්බ පෝන් එක උදුරගත්තු විනුද් මගේ ඔලුවට ඇගිල්ල තියාගෙන පෝන් එක අනිත් අති එහාට කරගෙන ඤාවී කියද්දි කොහේදෝ දුර යන්න ගියපු හිත මේ ලෝකෙට ගත්තු මං කෑ ගෑහුවා .... ඒත් කොහෙද මූ චැට් එක කියවනවා....

ඒ මදිවට මූ කියපු කතාව මල් කඩන්න හහ් මට වෙන වැඩ නෑනෙ.... මුගේ වැඩේම පොඩ්ඩ ඇත්තන් කෑ ගහන එක මේ දවස් ටිකේම එහෙම යි හරියට මූ ලොකු තාත්ත වෙන්න හදනව වගේ..... වයස අමතක වෙලා මගෙ හිතේ......

අයියේ කියල නිකමට කියන්නෑ පොඩි පගයා....

හැමදාම වගේ කෑ ගැහිල්ලෙ අවසානෙ මං කට වහන් රවාගෙන පපුවට අත් බැදගෙන පැත්තකට වෙද්දි ශේප් කරගන්නදෝ කපල අච්චාරු දාපු අඹ කෑල්ලක් අරන් මං දිහාට දික් කරගෙන ඇසුත් පුංචි කරන් තොල් දෙකත් පෙරලගෙන බලන් ඉද්දි ඒ දිහා ඇස් කොණින් බලපු මං එපා කිව්ව..... හහ් හිතන් ඇති හුරතල් කියල .....

"...."

"කෝ ඉතින් ආ කියන්නකෝ "

"සර්......"

"අහ් මං ඒත් බැලුවා ඇයි පරක්කු කියලා"

------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------

අඩුපාඩු තියෙය් නම් කියන්න

මේ කොටස හදිස්සියේ ලිව්වෙ මං ආපහු බලල පස්සෙ හදන්නම්

🖤🌼

Share This Chapter