Chapter 44 of 49

Chapter 44

" චෑම්ප්.."

හැමදේම සිද්ද වෙන්න ගතවුණේ තප්පර කිහිපයක්...හදවතට දැනුන කුතුහලේට මන් එ මනුස්සයාට හිතන්නවත් ඉඩක් නොතියා මුහුණ වහාගෙන ඉදපු මාස්ක් එක ඇදලා ගත්තා...

කොහොම අමතක කරන්නද එ ඇස්..

මගේම ඇස් වල කාබන් කොපියක් මන් ඉස්සරහා ඉද්දි මන්..මට කොහොමද එයාව අදුනගන්න බැරිවෙන්නෙ..

නැ එ මගෙ ඇස් නෙමෙ..මට තිබුණේම එයාගෙ ඇස්..ඔව් පෙනුමෙන් පවා මන් එයාගෙ තරුණකාලෙන් අඩක් වෙද්දි මට එ හැමදෙයක්ම උරුම කරේ එයා...

අවුරුදු දාසයකට පස්සෙ මගෙ ඉස්සරහා එ රූපේ මන් ආයෙම දැක්කා..ඒ රූපෙ දකින්න මන් පින් කරා..

ඔව් දෙවියනේ මේ මගෙ ඩැඩා..

සේපාල කියන්න වගෙ ගම්බාරදෙවියන්ටම ඔප්පුවෙන්ඩ මෙ..මෙ ඉන්නෙ මගෙ..මගෙ ඩැඩා...එ රුපේ...තාමත් එහෙමයි..එත් එයා ටිකක් වයසට ගිහින්..එදා තරම් නැතත් තාමත් එ ඇස් එයාගෙ තේජසින් දිලෙනවා....

එ ඇස් වල බැල්ම...ඒක තවමත් ඒ විදිහමයි...

මගෙ සර්වාංගෙම පණ නැතිවේගෙන මාව අඩියක් පස්සට ගිහින් පැටලිලා වැටෙන්න යද්දි එයාගෙ කටහඩ මගේ කන්වල දෝංකාර දීගෙන හදවත පතුළටම කිදාබැස්සා...

මාව වෙව්ලනවා..පුදුමෙටද සතුටටද කියන්න තෙරෙන්නැ..එත් මගෙ ඇග පණ නැතිවේගෙන එනවා වගෙ මට දැනෙනවා..

අවුරුදු දාසයකින් ඒ සුවද..මන් ආයෙත් පාරක් එයාගෙ සුවද විදින්න පිංකාර වුණා..දෙවියනෙ ස්තූතියි...

එයා...මාව අල්ලගන්නවත් එක්කම මගෙ ඇස් බොදවෙලා ගියා..සමහර විට මෙ මන් එදා ඉදන් දරන් ඉදපු වේදනාවන් වෙන්නැති..එ අහිමි වීමෙ තුවාල සුවවෙන්න ඉඩලැබුන නිසා වෙන්නැති...අදත් මගෙ වචන වලට කලින් මගෙ කදුළු ඉස්සර වුණා...

" මගෙ පුංචි වස්තුව..ඇයි පරිස්සම් වෙන්නැත්තෙ?..."

වෙව්ලන අත්වලින් ඒ උරහිස් හයියෙන් අල්ලගත්තේ මේක හිනයක් වුනොත් මෙදාපාර නම් එයාට යන්න දෙන්නැ කියලා හිතාගෙනමයි...මොකද ගනින්න බැරි තරම් මෙ වගේ හීන මගෙ නින්ද හොරකන් කරපු කාලෙකයි මන් ජීවත් වුනේ.. ඉතිම් මේකත් හීනයක් වුනොත්!!

නැ...නැ..මෙක හීනයක් වෙන්න බැහැ..හීනවලදි මෙ උණුහුම..මෙ සුවද මට දැනුන්නෑ..මෙක ඇත්තක්..ඔව් මෙක ඇත්තක්..අනෙ දෙවියනේ මේක ඇත්තක් නේද කියන්නකො...

මන් පුළුවන් උපරිමෙන් එ උරහිස් තදින් අල්ලගද්දි ඒයා මගෙ මූණ දෝතට අරගෙන කතා කරන ඇස් වල කදුළු පිහිනවා..

කොල්ලෙක් වුණත් මොකද මෙ වෙලාවෙ මන් ලැජ්ජාව පැත්තකට දාලා ඉකි ගගහා ඇඩුවා...යකො අවුරුදු දාසයක්ම මගෙ ඩැඩා..මගෙ අප්පච්චි නැතුව ජීවත් වුණාම මදිද..

" මගෙ කොල්ලා..හුස්ම අල්ලන් ඉන්නෙපා පුතේ..ඔයාට අමාරුයි.."

" සංසුන් වෙන්න මගෙ දරුවො..."

"අහ්...අහ්..ඩැ....අනෙහ්..."

මට තවත් දරාගන්න බැරිවුනා....එයාගෙ කටින් පුතේ කියද්දි..දෙවියනෙ මාව පිච්චෙනවා..එයා මට ආයෙ පුතෙ කියනකන් මන් කොච්චර කල් බලන් ඉදියාද...හීනවලදි ඇවිත් මට කතා නොකර යන එයා කතා කරනකන් මන් කොච්චර බලන් ඉදියද...

ඩැඩා කියලා කියන්න ඔන වුණත් එ වචනෙම මගෙ උගුරෙන් පිටටට නොඑද්දි එ පපුවට මන් තුරුලු වුණා..විස්සක් වෙන්න ආවත් තාමත් එයා මට වඩා උස වෙද්දි මාව ආපිට බදාගත්තු එයා මගෙ කකුල් බිමින් අගල් ගාණක් වෙන්න යන්න ඉස්සුවා..

විනාඩි ගාණක් එයාව තදින් තුරුල් කරන් ඉද්දි අඩලා අඩලාම හෙම්බත් වුණ මාව එයා තුරුලේ ඉද්දිම මගෙ නළලට හාදුවක් තිබ්බා..හාදුවත් එක්කම මගෙ නළල තෙමෙද්දි මෑත් වුණ මට දැකගන්න පුලුවන් වුණේ එයගෙ තෙත්වුණ ඇස් පිටාර ගලන විදිහ..

එයා මගෙ මූණ හරව හරව බලනවා..ආයෙම ඔලුවට පුංචි හාදුවක් තිබ්බා...මගෙ කම්මුල්වල කදුලු පිහලා මගෙ නළලට නළල තියාගත්තු එයාගෙන් සැනසිලිදායක හුස්මක් පියවුණා.....

" මගෙ පුංචි වීරයා...දැන් ලොක්කෙක්...ඩැඩාගෙ පණ ඩැඩාට කතා කරන්නැද්ද?.."

"මගෙ චෑම්ප්ට මට ඩැඩා කියන්න බැරිද..ඩැඩාට පනිෂ් කරනවද මේ..ම්ම්ම්ම්??..."

" පලවෙනි වතාවට කිව්වා වගේ ආයෙත් මට ඩැඩා කියලා කියන්නකො මගෙ පුතේ..ඔයාගෙ ඩැඩා අවුරුදූ ගාණකින් ඒ වචනේ අහලා නෑ..."

එ ඇස් වල කදුලු කැටයක් වැටෙන්න ඔන්න මෙන්න දිලිසෙනවා...මන්දා මගෙ උගුරෙන් එ වචනෙ පිටවෙන්නෙ නැත්තෙ ඇයි..මට කතාකරන්න බැ..මගෙ පපුව රිදෙනවා..වෙව්ලන තොල් ඩැඩා කියලා මිමිණුවත් හඩක් පිටවෙන්නෙ නෑති තැන එයා ඔලුව උස්සලා ඇස් පියාගද්දි අර පනින්න දගලපු කදුලු බිංදුව ලතාවකට පහල බැස්සා...

එත් එක්කම මන්...

"ඩ්..............නැ..අ..අ..අප්පච්චි...."

කිරිදරුවෙක් පලමුවතාවට අප්පච්චි කියනවා වගේ හැගීමක් මට දැනුනේ..මන්දන්නැ ඇයි කියන්න..එත්..එත් මට ඕන වුණේ එයාට එහෙම කතා කරන්න..සමහර විට එ හන්දා වෙන්නැති ඩැඩා කියන වචනේ මගෙන් පිට නොවුනෙත්...

මන් අප්පච්චි කියද්දිම වගෙ එ වැහුන ඇස් පුදුමයෙක් ඇරුනේ එ මූණ පුරාම හිනාවකින් එළිවෙද්දියි...

" රශි..ආයෙ කියන්න පුතේ..අප්පච්චි කියලා තව එකපාරක් කියන්න.."

"අප්පච්චි..මගෙ අප්පච්චි.."

" ඔව් මන් ඔයාගෙ අප්පච්චි තමයි පුතේ..මගෙ කොල්ලාට දැන් ඩැඩා කියන්න අමතක වෙලා..එකට කමක් නෑ..අප්පච්චි කැමති අලුත් විදිහට..සාදාරණයි පුතේ..ඔයාට ඩැඩා කියන්න විතරක් නෙමෙයි මාව අමතක වුණත් සාදාරණයි..සමාවෙන්න..පුලුවන් නම් මට සමාවදෙන්න..අප්පච්චිගේ ජිවිතේම මගෙ පුතානේ.."

මාව හම්බුනාට වඩා සතුටක් අප්පච්චි කියද්දි එ ඇස් වලින් මන් දැක්කා..මගෙ අප්පච්චිට මෙච්චර කියවන්න පුලුවන් ද...සමහර විට පොඩිකාලෙ මට මතක නැතුව ඇති..නැ එත් හැම පොඩි දෙයක්ම මට මතකයි...මගෙ අප්පච්චි එයා කොයිවෙලෙත් නිහඩ කෙනෙක්..තාත්ති නැති තැන විතරයි..

තාත්ති!!!!!!!!!!!!!!...අප්පච්චි ඉන්නවානම්..මගෙ තාත්ති..දෙවියනේ එයා...

" අප්පච්චි..එයා කො..කො මගෙ තාත්-.."

"චුටි බාප්පි.."

හදිස්සියෙම මතක් වුණ තාත්ති ගැන මන් එයාගෙන් අහන්න යද්දිම ඩැඩි ඇවිත් අප්පච්චිට කතා කලා..

දැනුයි මතක් වුණේ..ඩැඩි..මන් එයා එක්කනෙ ආවෙ..

ඩැඩි අප්පච්චි ගාවට ඇවිත් මගෙන් එයාව ඇදලා අරන් වගේ බදාගත්තාම අප්පච්චිත් හිනාවෙලා ඩැඩීව ආපිට බදාගත්තා...

" අවී..මගෙ පොඩි එකා....උඹ දැන් මටත් වඩා ලොක්කෙක්නෙ.."

"චුටි බාප්පි...ඔයා..මට ඔයාව හුගක් මතක් වුණා..."

" මටත් මතක් වුනා..මගෙ පොඩි එකාව..උඹ මගෙ විශ්වාසෙ රැක්කා අවී..මගෙ ජිවිතේම උඹට භාරදීලයි මන් ගියේ..පිං කොල්ලො..මගෙ දරුවාව බලාගත්තාට පින්...උඹ දුන්න පොරොන්දුව රැක්කාට පින්.."

එයගෙ ඇස් වලත් කදුලු..අඩන්න බැරි කමට දරන් ඉන්නවා මිසක් එයත් මන් වගේම හිත ඇතුලෙන් සතුටු වෙනවා...

මෙ දේවල් විශ්වාස කරගන්න බැරිකමටම මන් එහෙන්ම බිමින් වාඩිවුණා..

මේ වෙලාවෙ කොහොම හැසිරෙන්නද කියලා මට තෙරෙන්නෑ...

මට සතුටුයි..කැගහලා මැරෙන්න තරම් සතුටුයි..මන් දැනන් ඉදියා...මට දැනුනා එයාලා ඉන්නවා කියලා..එත්...එත්...අප්පච්චි විතරක්..කො එයා..ඇයි එයා ආවෙ නැත්තේ..මට අප්පච්චිගෙන් අහන්න ඕන...එයා කො කියලා..එත්..එත් මට බයයි...අප්පච්චි කිව්වොත්...තාත්ති නැ කියලා..නැ නැ එහෙම නැ...එයත් ඉන්නවා..අප්පච්චි වගෙම එයත් එයි..ඔව් එයි..ඒත් එයා ඉන්නවානම් අද අප්පච්චි විතරක් තනියෙන් එයිද...නැ නැ විකාර නොහිතා ඉදපන් තේජූ..එයත් ඉන්නවා...අප්පච්චි වගේම තාත්තිත් ඉන්නවා..මට බලන් ඉන්න පුලුවන් නෙ...මෙච්චර කල් බලන් ඉදියා..එයත් එයි..ඔව් තාත්ති එන්නම ඕනෙ..එයා තාම ජිවත් වෙනවා..මට ඒක දැනෙනවා...

මට තාත්ති ගැන අහන්න ඕනි..එත් දැන්ම නෙමෙයි...අප්පච්චිම මට කියයි..මට එයාව විශ්වාසයි...ඉක්මන්ට එන්නම් කියලා ගියාට..එයා එන්න ටිකක් පරක්කු වුණා මිසක් එයා පොරොන්දුව කැඩුවෙ නැනෙ..මට අප්පච්චිව විශ්වාසයි.......

ඩැඩි අප්පච්චිව බදාගෙන මොනවද කියනවා..මට එවා අහන්නත් සිහියක් නැ..මොකද මන් සම්පූර්නෙන්ම ඉන්නෙ අසිහියෙන්...

මගෙ ජිවිතේ තිබුණ ලොකු හිස්කඩක් එකපාර පිරෙන්න පටන් ගත්තාම මට ඒක දරාගන්න අමාරුයි...සර්ව සම්පූර්නෙන්ම එ හිඩස පිරුන්නැතත්...එයා ආවා කියන්නෙම මගේ ජිවිතේ අදුරෙන් මන් එළියට ආවා කියනෙකයි..

"බබා.."

"රශී..ඇයි පුතෙ බිම ඉන්නේ.."

එයාලා දෙන්නා ඇතිවෙනකම් සුවදුක විමසගෙන අවසානෙ මාව හොයද්දි බිම ඉන්න මාව දැකලා ඩැඩී කැගහුවා..අප්පච්චි අහනවා ඇයි බිම ඉන්නෙ කියලා..

මන් බිම වාඩිවුනේ තව වැටෙන්න තැනක් නැති හන්දා කියලා කියන්න ඕන වුණත් මන් ලාවට හිනාවුණා...

ඩැඩියි අප්පච්චියි දෙන්නාම මන් ගාවට ඇවිත් එකපාරට දෙන්නාගෙම අත් මගෙ දිහාවට දික් වෙද්දි එ දෙන්නා මූණට මූණ බලාගත්තාම එ අත් දිහා බලපු මන් අත් දෙකෙන් එ දෙන්නාව අල්ලගෙන නැගිට්ටෙ තුන්දෙනාටම හිනාවක් පනිද්දි...

අප්පච්චිව අල්ලන් ඉන්න අත මන් හරි අවදානෙන් තදින් අල්ලගෙන ඉදියේ එයා මාව දාලා යයි කියලා තවමත් මගෙ යටිහිතේ පුංචිම බයක සෙයාවක් රැදුන නිසයි...

ඩැඩි පාර පැනලා වාහනෙ අරන් එද්දි මන් අප්පච්චිව ඇදගෙන ගිහින් වාහනේ පිටිපස්සෙන් නැගලා එයාගෙ අත බදාගෙන ඉදගත්තාම එයා මගෙ දිහා බලන් ඉදලා හිනාවෙලා මගෙ කොන්ඩෙ ඇවිස්සුවා...ඩැඩි වාහනෙ ස්ටාර්ට් කරද්දි අප්පච්චි කාටද මන්දා කොල් කරලා එයාගෙ වාහනෙ අරන් අපේ පස්සෙන් එන්න කිව්වා..එතකොටයි පිටිපස්ස හැරිලා බලපු මන් දැක්කෙ වාහන පොලිමක් අපේ පස්සෙන් එනවා..

යකො ඩැඩිවත් මෙච්චර ගාර්ඩ් එකක් දාගෙන යන්නැනෙ..අද එද්දි ආවෙත් බයික් දෙකක ගාර්ඩ්ලා දෙන්නෙක් විතරයි...

එදෙවල් ගැන ඕනාවට වඩා හිතන්නැතුව මන් අප්පච්චිගෙ උරහිසට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා...අවුරුදු ගාණකට පස්සෙ අදවත් මට සැනසීමෙන් නින්ද යයි....දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දෙවියො මට ආපිට දුන්නානෙ....

අප්පච්චි ගාව සුවදයි............

.

.

.

.

.

.

.

අප්පච්චිගෙ අත පටලවගෙන මන් ගෙ ඇතුලට ආවත් මොකද වෙන්දා වගෙම අම්මාගෙ ගෝරනාඩුව අහන්න වුණා..

පපා ලැප් එකට ඔලුව ඔබාගෙන ඉද්දි අම්මා ලොකු බේසමකට බත් දාගෙන ඇවිත් පපාටයි එයාට එහාපැත්තෙ ඉදන් ෆොන් එක ඔබන සංතුෂයාටයි බත් කවනවා....

" කො හරියට ආ ගාපන්..බෝතල් මූඩිය වගේ කට හදාගෙන මෙතන..ඔබනවා දැනගනින් බත් කට උගුරටම..ආ හබී..කො ඉතිම්..ආ ගාපන්කො මිනිහෝ...ඔය ඇති ඔය ලබ්බ කෙටුවා..කො කො මේක කාපන්කො අඩෙ..මගෙ අතත් රිදෙනවා බොලව් දිග්කරගෙනම ඉදල..දැන් කන්නැද්ද මෙක..ආ උබ එහෙමයිනෙ..සන්තුසො කො ආගාපන් මේකත් උබට.."

" මන්..තාම..හපනවා..."

" එව්ව් එව්ව් දොන්තයා වගේ නැතුව ඉක්මන්ට ගිලපන් ඕක..තොත්ත බබ්බු දෙන්නාට මන් ආයෙ කවන්නැ දැනගනින්..ඇයි යකො උබලාට අත් නැද්ද ආ..පව් කියලා කවන්න හැදුවාමත් මුන් කන්නෑ..අදින් පස්සෙ මන් එකෙක්ට කවන්නෑ දැනගනින්...මන් යනවා යන්න.."

"ආ බබී කවන්න..."

" නැ නැ කවන්නැ..තමුසෙට නම් කොහොමත් කවන්නැ..කො ඉතිම් හරියට කටාරින්නකො අනෙ..කටවටේම ඉලෙනවා නැත්තම්..."

මාම් බැන බැන එ දෙන්නාට කවනවා..අදින් පස්සෙ කවන්නැ කියන එක තමා එයාගෙ උදාන වාක්‍ය..එ කට්ටිය දිහා බලන් ඉදපු මන් අප්පච්චි දිහා බැලුවා..එයා හිනාවෙනවා..එයා හරි ලස්සනයි..ඇස් වලින් හිනාවෙද්දි....

"තාමත් ඉස්සර වගේමයි.."

එයා කියනවා..අම්මි තාමත් ඉස්සර වගේමලු...

අම්මි අර දෙන්නාට කවලා ඉවර වෙලා කිචන් එකට ගිහින් එනකනුත් අපි දොරකොට ගාව හිටගෙන..එයා කිචන් එකේ ඉදන් ආනමාලු ඇවරියක් ඉස්සරහට උස්සගෙන එද්දි එයා මාව දැක්කා...

" ආ කොල්ලා ඇවිත්...කෑවද බන්...කෙහෙල් ගෙඩියක් ඕනෙද..මෙව්වා ගෙදර බඩු ආ...කැකැකැකැකැ...........ක්..ක්වුද...මේ....ආර්හ්හ්හ්හ්...භූතයෙක්ක්...අනෙ හබීඊඊඊඊ..තෙජුහ්..."

"අම්මා.."

"බබී.."

"මාමේ.."

" තමාල්.."

පපාටයි සන්තුෂ්ටයි කෙහෙල් ඇවරිය දීලා මට කෙහෙල් ගෙඩියක් දික් කරගෙන ආපු එයා මගෙ එහා පැත්තෙ ඉන්න එක්කෙනාව අදුන ගත්තා..මන් හිතන්නෙ එයාටත් විශ්වාස කරන්න බැරුවැති...අප්පච්චිව දැකලා ශොක් වුණ එයා කෑගහලා බිමට වැටෙන්න යද්දි අපි ඔක්කොම එයාව අල්ලගන්න පැන්නා...

පපා එකපාරට වෙච්චි දෙ හිතාගන්න බැරුව ඇස් ලොකු කරන් බිම වාඩිවෙලා ඉන්න අම්මිව හොලවද්දි අම්මි නම් ඇස්පිය නොගහා අප්පච්චි දිහා බලන් ඉන්නවා...තප්පරෙන් දෙකෙන් එයාගෙ ඇස් තෙත්වුනේ අපි බලාගෙන ඉද්දි....ඔන්න එතකොටයි පපාත් කලබල වෙලා අම්මි බලන් ඉදපු දිහාවට ඔලුව හැරෙව්වේ....

අප්පච්චිව දැකපු පපාව බිම ඉන්දවුණා...

අම්මි නම් තාම ශොක් වෙලා..

" ද්...වී..ද්වීනාශ්...මේ...මේ උඹමද අයියේ??..."

" තමාල්..."

" අනෙ අයියෙහ්....මෙච්චර කල් කොහෙද බන් ඉදියේ..."

අප්පච්චි තමාල් කියලා කියන්න විතරයි ඕනිවුනේ අප්පච්චිගෙ චුටි මල්ලි අඩාගෙන එයාගෙ ඇගට පැනලා බදාගත්තා.. අප්පච්චිත් අම්මිව ආපිට බදාගත්තේ පපා දිහාත් බලාගෙන වෙද්දි ඇස් රතු කරන් ඉන්නු පපා එ දෙන්නාවම තුරුල් කරගත්තා..

" මල්ලි..මගෙ පොඩි එකා..ඔයා ඉන්නවා...."

"මට සමාවෙන්න අයියේ.."

"නැ නෑ උඹට සමාවක් නැ..අනෙ හබි මේ බලන්නකො..එයා ඉන්නවා නෙද..ඇ ඒයි ඇත්තටම එයා ඉන්නවා නෙද..අනෙ හුවෑ..මගෙ පපුව දනවා ගැස්ටික්ද මන්දා..අනෙ දිවියො තො කොහෙද මෙච්චර කල් මකබැවිලා ඉදියෙ අනේ..අපෙ පොඩි එකා උබව ඉල්ලලා කොච්චර ඇඩුවද..මට ඇඩෙනොනෙ හබී..මාව ඇඩෙව්වාට මූට පනිශ් කරන්න අනේ..ආර්හ්හ්හ් දෙවියනේ මට සතුටුයිනේ...තෙජු තෙජු උබෙ ඩැඩා ඇවිත්නෙ..උබට දැන් ඩැඩියි ඩැඩායි දෙන්නාම ඉන්නවා..ටැපලෙයිද මන්දා..අනෙ කමන්නැ යොහ් දිවියො අනෙ අපිට දුන්න වේදනාවට අනෙ උබට නගින්නම හොද නැ බන්.. අනෙ මට තාම විශ්වාස කරන්න බෑනෙ බන්..මගෙ මිනිහෝ මේන් මෙකා ඇත්තටම ඉන්නොද කියපන්කො..යොහ් හොල්මනක් නෙමෙයි නේද..අනෙහ්හ් තෙජූහ්හ්හ්..අපෙ ඇමතියෝ මේන් උබේ මාමාන්ඩි ඇවිත්..බලන් ඉදපන් හම්බෙයි දැන් බොට පම්කක්..උබට කියන්න දිවියො මේ ඇමතියා අපේ තේජු කොල්ලාව්ව්හ්ම්ම්ම්ම්ක්ක්ම්ම්ම් අට්ම්ම්ක්ම්ම් අතැරාම්ම්ම්හ්ම්ම් මිනිහොම්ම්ම් කියන්නම්ම්ම් දීපන්කෝඔජ්හ්හ්..."

" දැන් ඇති බබී..මල්ලිට පොඩ්ඩක් රෙස්ට් කරන්න දෙන්න..ආවා විතරනෙ ගිනිතියන්න හොද නැ..තෙරුනාද මගෙ මෆින්ට?."

" ම්හුක්..ඔව් නෙද..දැන්ම ඔන්නැනෙ..අපි පස්සෙ කියමු නේද ඒයි.."

"ම්ම්ම් පස්සෙ කියමූ..."

තව ඩිංගෙන් ඔක්කොම හමාරයි..අප්පච්චිව දැකලා ඉමෝසනල් අල්ට්‍රා ප්‍රෝමැක්ස් වුණ අම්මි එ අස්සෙම ඩැඩීව දැකලා මට දැන් ඩැඩායි ඩැඩීයි දෙන්නාම ඉන්නවා කියද්දි මන් ඔලුවෙ අතගහාගත්තා..අම්මි මගෙ මිනිහා ගැන කේලම අප්පච්චිට කියන්න යද්දිම පපා අම්මිව අප්පච්චිගෙ තුරුලෙන් ඇදලා අරන් කටවැහුවා...

අම්මොහ් දැනුයි ලෙ ටිකක් ඉනුවේ....

අප්පච්චි නම් අම්මි කියපු කිසි දෙයක් තෙරුම් ගන්න බැරුව අපෙ දිහා බලන් ඉද්දි මන් එයාට දත් ඇන්ද පෙන්නලා හිනාවුණා..ඩැඩීගෙනම් කනකුත් රතුවෙලා..ලැජ්ජ ඇති මෑන්ට...

අපි හැමොම අප්පච්චිව දැකලා සතුට ඉවහා ගිහින් ඉද්දි සන්තුෂයා විතරක් පැත්තකට වෙලා සාක්කුවට අත් ඔබාගෙන මෙ දිහා බලන් ඉන්නවා..

මෙ යකා කොයිවෙලෙත් ඉන්නෙ අර්ද නිරුවතින්..ගිය ආත්මෙ සිගිරි කාසපගෙ බිත්තියේ ඉන්න විජ්ජුලතාද දන්නැ මූ...

මු ඉතිම් මොකට පුදුම වෙන්නද..මු ඒකාලෙ ඉදියේ සුද්දාගෙ රටෙනෙ..අප්පච්චිව දැකලා තිබුණත් අදුන ගන්න බැ උත් එතකොට පොඩීනෙ...

කට්ටිය හැමොම පුටුවලින් වාඩිවෙද්දි අප්පච්චි සංතුෂයා දිහා බලලා හිනාවෙද්දි උ අප්පච්චිට දුන්න හිනාව නම් එච්චර ඇල්ලුවෙ නෑ...

ඒත් එක්කම

"ද්විනාෂයා..."

" යසා...."

ටසිරි යසස් පපා..එයා කොයි මෙහෙ...මන් ඩැඩි දිහා බලද්දි එයා ඔලුව වැනුවා...ආහ්..අපෙ මිනිහා ගින්න පතුරවලා..තව ටිකකින් නාකිපරපුරත් මෙතනට කඩන් වැදෙයි..

යසස් පපා දුවන් ඇවිත් අප්පච්චිව බදාගද්දි අප්පච්චි ගාව ඉදපු අම්මිව පපා ඇදලා අරන් ඔඩොක්කුවෙ තියාගත්තේ මන් ඇස් කරකවලා අහක බලාගද්දි...අනෙ අම්මපා මෙහෙමත් ඉරිසියාවක්....

"යසා...උබට කොහොමද බන්..උබ තාමත් ඉස්සර වගේමයි.."

" මෙච්චර කල් මන් හොදින් නෙමෙයි ඉදියේ..මන් දැන් තමයි බන් හොදින් ඉන්නේ...කොහෙද බන් මෙච්චර කල් ඉදියේ..උබ වෙනස් වෙලාද මන්දා ටිකක්..ද්වීනාෂයො මට මැරෙන්න සතුටුයි බන්..උබ ආයෙ ආවා එහෙනම්...ඇති යාන්තම් අපෙ පොඩි එකා දැන්වත් හොද-..මන් කිව්වෙ උ දැන්වත් සැනසිමෙන් ඉදිවි..."

යසස් පපා මගෙ දිහා බලාගෙනම කියවන් යද්දි මගෙ ඇස් හීනි වුණා..ඊට හපන් අප්පච්චි..මගෙ යකා තාම දැකලා නැති නිසයි මෙයත් නටන්නෙ මෙතන..මැරෙන කතාවක් ඇදලා ගත්තු එයාව මන් ඇස් වලින් පුච්චන්න හදනවා දැකලාද කොහෙද එයා හිනාවෙවීම යසස් පපා එක්ක කතා කරත් අන්තිම ටික යසස් පපාගෙ කනට කරලා කියපු හන්දා වැඩිය පැහැදිලිව ඇහුනේ නෑ...

" මැරෙන්න කලින් උබව ආයෙ දකින්න ලැබුනාට සතුටුයි බන්..ආ නැ නැ වැරදි එකක් මන් කිව්වේ ඕකට රවන්නෙපා දරුවො ඉතිම්...වෙච්චි දෙවල් උබට පස්සෙ කියන්නම්..එවෙලෙට ලෑස්තිවෙලා ඉදින් කියන්න ගිහින් ගිලාගත්තු කාරණාව මගේ ඉස්සරහා දිගාරින්න.."

දැන් ඉතිම් එන හැම එකාම අප්පච්චිව බදාගන්න දිහා බලන් ඉන්නෙපැයි..යකො සතුටු වුණා කියලා බදාගන්නම ඕනිද මන් අහන්නෙ..මන් අප්පච්චි ගාවින් හෙළ වුනේම නෑ...අකිත් පපාත් ඇවිත් අප්පච්චිව බදාගත්තා...එ මදිවට අම්මිගෙ මස්සිනාලා පෝලිමට අපෙ ගෙදරට කඩන් වැටිලා අප්පච්චිව බදාගද්දි මාව පැත්තකට විසික් වුණා...

ඔන්න ඕකයි පස්නේ...

ආර්හ්හ්හ්හ් අප්පච්චිගෙන් ඈත් වෙලා ඉදපන්...

" ආ පැටියෝ......කොහොමද.."

එ අස්සෙ සංතුෂයා බබල්ගම් එකක් හප හප ඇවිත් මන් ගාවින් හේත්තුවුණා..යකො මුට කාටහරි හෙත්තුවක් නොදා ඉන්නම බෑනෙ..පගයා..පැටියා පෙන්නනො තොට මම..ආර්හ්හ්හ්...අනෙ මට මූව පේන්න බැ..

ඉදපන් තොට මන්..

උ මගෙ ඇගට හෙත්තුව දාන් ඉද්දි මන් අහකට වුනේ මුව බිමට ඇදගෙන වැටෙයි කියන බලාපොරොත්තුවෙන් වුනත් මන් එහාට වුණත් මූ එ විදිහටම ඇල වෙලා ඉදලා මන් දිහා බලලා කින්ඩියට හිනාවුනෙ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද මෙතන කියන්න වගේ ලුක් එකකින්..

අනෙ පලකො...

" කෑවද බන්.."

"කෑවා හු#තක් කෑවා.."

" බබල්ගම් එකක් දෙන්නද හප හප ඉන්න.."

"පාඩුවෙ ඉදින්කො..ඔක ගහගනින් පු#.."

" පව් උබ.."

ආර්හ්..සන්තුසා මට තෝව..තොව කනවා යකො..

" මොනාද යකො පව්..මෙ මෙ තො දැනගනින්..පේර ගහේ එල්ලන් කනවා තොගෙ ඇට වල්ල.."

"උබට එච්චර දෙයක් පුලුවන් ද.."

" පුලුවන් යකො පුලුවන් අනෙ මෙ මගෙ යකා අවුස්සන්නැතුව පලයන්කො මෙතනින් මලවදෙ.. තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද යකො.."

" ඇට දෙකක් තියෙනවද.."

"මොකද්ද.."

"මුකුත් නැ..උබ මෝඩයෙක් එච්චරයි.."

"තොට මම..කොහෙද දුවන්නෙ ඔහොම ඉදපන්..බල්ලොහ්හ්.."

කිරීජ්ජ වස්සා තොව කනවා යකො..සෝෆා එකෙ තිබ්බ කොට්ට වලින් උට දමලා ගහද්දි ඒකා කොහොමහරි බේරිලා එලියට දිව්වා...

මූ නම් මාව කන්න ආපු යකෙක්...

අප්පච්චිගෙ යාලුවො ඇරෙන්න පව්ලෙ කවුරුත් එයා ඉන්නවා කියලා දන්නෙ නෑ..යාලුවො වුණත් විශ්වාස වන්ත අය විතරයි..තවම ආර්ය සියා පප්පා ආවෙ නැ කියන්නෙ එයා දන්නෙත් නැතුව ඇති..

කොහොමත් හැමදාම හංගගෙන ඉන්න බැහැනේ..එයාලා ඉක්මන්ට දැනගනී..විශේෂයෙන් අර නාකිච්චි..

අපෙ පවුල කාපු හැතිරි...

" අනෙ මිනිහෝ..මෙ මොන විකාරයක්ද අනෙ යන්න දිපන්කො මට ටිකක්.."

" ගෝනිබිල්ලා වගෙ ඉන්නැතුව මාව අතෑරපන් එක්කො..නැත්තම් අතනට එක්කන් පලකො..යකො කාලෙකින් මයෙ අයියලා සැට් එක දැක්කෙ..යන්න දිපියකො හබී..යොහ්..ලැජ්ජ නැද්ද මිනිහෝ මෙ සෙනග මැද්දෙ ඉබින්නෙ..කම්මුලට වුණත් ඔන්නැහැනෙ..ම්හුක්..ඔවා දීලා බැ මාව නවත්තන්න යන්න දෙනවකෝහ්හ්හ්.. අනෙ ඇත්තමයි මන් කෑගහනවා හරිද.."

"හ්ම්..කෑගහලා බලපන්..."

" අනෙ මෙ ඔයා දන්නැ මගෙ මසියලා ගැන හරිද..මන් කැගැහුවොත් එයාලා ඔයාව..එයාලා ඔයාව..ඔයාව මෙ.."

"ම්න්..මාව මොකද්ද??..මතක නැද්ද උන් හැමෝම ඉස්සරහා මගෙ අයිතිය ඔප්පුකරපු විදිහ..අදත් ඔය එකෙක් හරි ඇවිත් ඔයාව බදාගත්තොත් එදාට වඩා දරුණු වෙන්න බැරි නැ..දඩුවම..කැමතිද මගෙ මැණික ඒකට.."

" නැ නැ ඔන්නැ..යොහ් ලැජ්ජ නැද්ද අනෙ...එදා නම් හරි නරකයි අප්පා ඔයා.."

" හ්ම්...එහෙනම් මන් ගාවට වෙලාම ඉන්න.."

" ඒවුණාට හබි ඔයා යස්-...නැ මන් කිව්වෙ අපෙ අකීගෙ මිනිහා එක්ක ඔය හැටි තරහා ගන්නෙපානෙ අනෙ..එයා වැරැද්දක් කරලා නැනෙ.."

" ඔයා කටපියාගන්නවද..නැත්තම් මන් කට වස්සන්නද.!!..මොකද්ද හොද බබී.."

"ම්හුක්..."

අනෙ දෙවියනේ මට විජලනය වගේ.. එහෙ හැරිලා මෙහෙ බලද්දි මෙ ඩබලගෙ කෝලම්.. පපා පැත්තක තියෙන සෝෆා එකක අම්මිවත් ඔඩොක්කුවෙ තියන් වාඩිවෙලා ඉන්නවා..අම්මි බැන බැන දගලලා යන්න හදද්දි වෙන්දාවගෙම අදත් පපා එයාව කට වහලා දැම්මා..

අම්මිගෙ කට වස්සන්නද කියලා අහන ගමන් පපා අම්මිගෙ මූණට පහත් වෙද්දිම මන් ඉස්සරහා බලාගත්තා..ඕවා පොඩි ලමයින්ට බලන්න ඔද නෑ..

එවුනාට ඉස්සරහා බැලුව ගමන් මගෙ පපුව පිච්චෙන්න ගන්නවා..යකො මෙ මස්සිනාලා පපාලා ටික මගෙ අප්පච්චිගෙ කරේත් නැගලා..ආර්හ්හ්හ්...සික් එක වගෙ දැන් නම්...

සේපාලයො..මට අපෙ ඩැඩියාගෙ සීනි පෙත්තක්වත් ගෙනෙම්...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ඇති යාන්තම් අර යක්කු ටික යන්න ගියා...ආර්ය සීයා ලංකාවෙන් පිට ගිහින්..ඒක තමා අද ආවෙ නැත්තේ..අපො ආවානම් ඉවරයි...

අද රෑ කෑම මේසේ හුගක් අය පිරිලා ඉදියා..අද තමා අක්කරයක් සයිස් මේසෙට හරියන්න පිරිසක් ඉදියේ..

හැමොම කාලා බීලා යන්න ගියා..අපෙ පපා යසස් පපාගෙ ඇගෙ ඕනකමින් වැදීගෙන ගිහින් තව ටිකෙ අකී පපා එක්ක වලියක් යනවා..අයියො..මට නම් තෙරෙන්නැ මෙ අලි බබ්බුන්ගේ වලි...

මන් වොෂ් එකක් දාගෙන පහලට එද්දි අප්පච්චි තාමත් උදේ ඇදුම පිටින් ඉදියේ..එයා ගාව තව කවුදො මන්දා කලු ඇදගත්ත මිනිහෙකුත් ඉදගෙන ඉදියා..අප්පච්චි ලැප් එකෙන් වැඩ කරන හන්දා මන් එළියට යන්න හැදුවෙ..

අද දුෂ් ගාව ඉන්නෙ සංතුෂා විතරයි..අප්පච්චි ආව හන්දා එයාව දාලා යන්න බැරි හන්දා සංතුෂයාව යවලා මන් නතර වුණා...

මන් පඩිපෙල බැහැගෙන අප්පච්චිව පහුකරන් ඉස්සරහට යද්දි එයා මට කතා කරා..ඒත් එක්කම අර මනුස්සයා එයාගෙ අතෙ තිබ්බ ලැප් එක උස්සන් එලියට ගියා..

"පුතා.."

"අප්පච්චි.."

"කම් හියර්.."

එයා අත් දෙපැත්තට දිග්කරගෙන මට ලගට එන්න කියද්දි මන් එයා ගාවට ගිහින් තුරුලු වුණා..

"ඇයි අප්පච්චි.."

"නතින්ග්..මට මගෙ කොල්ලාව ටිකක් හුරතල් කරන්න ඕන..තුරුල් කරගන්න ඕන..ඉස්සර මහතට තිබුන මේ චීක්ස් මිරිකන්න ඕන..මගේ කොල්ලා ලොකුවෙලා තියෙන ඉක්මන...මගේ චෑම්ප් හුගක් ස්ට්‍රෝන්ග්..අප්පච්චිටත් වඩා ස්ට්‍රෝන්ග්..මන් නැතුව මගෙ දරුවා තනියෙන් ලොකු වෙලා..මෙ වයසට ඔයා ඉන්න තැන දැක්කාම..මම ඔයාගැන හුගාක් ආඩම්බර වෙනවා චෑම්ප්..පොඩි කාලෙ වගේ ඔයා තාමත් හුරතල්..මගෙ දරුවා..සුවදයි ඔයා ලග..

"මන් ඔයාට හුගක් ආදරෙයි අප්පච්චි..මට ඔයාව හුගක් මිස් වුණා..".

"මාත් ආදරෙයි මගෙ චෑම්ප්ට..ඔයා මගෙ පණ දරුවො..මගෙ වස්තුව..ගෙවුන කාලෙ ආපිට ගන්න බෑ..ඔයාව දකින්නැතුව මන් හරි අමාරුවෙන් ඉදියේ...එත් දැන් ඔයාව දැක්කාට පස්සෙ මට මැරුණත් සැපයි කියලා හිතෙන්..ආව්හ්.."

ඔන්න ඕකයි පස්නෙ..

"ඩැඩා..ආයෙ ඔයා මැරෙන කතා කිව්වොත්...නැ කියන්න තියන්නෑ..ඊට කලින් මන් ඔයාගෙ කට...නැ මට බෑනේ..අම්මාට කියවලා ඔයාගෙ කට කඩනවා..."

අනෙ අම්මිහ්හ්..මෙ අප්පච්චි එක්ක බැ අනෙ..

"හාහ්..මගෙ චණ්ඩියා..සැර මේකාගේ..ඔයා හරි සුවදයිනේ මැණිකේ..මට ඉඹින්නම හිතෙනවා..මෙ කම්මුල්..මෙහෙම හව් හව් ගාලා හපන්න ඕනෙ."

"ආහ්..අප්පච්චි ..මන් දැන් පොඩි එකෙක් නෙමෙයි..ඌහ් හපන්නෙපා ඩැඩා.."

මට කිචි..එයාගෙ තුරුලේ මන් ආපහු අවුරුදු දාසයක අතීතෙට ඇදිලා ගියා..

"ඔයා හැමදාමත් මගෙ පොඩි එකා රශි...අවුරුදු කීයක් ගියත් මේ අප්පච්චිට ඔයා එදා ඉදපු පොඩි පැටියාමයි..කො අප්පච්චිව හයියෙන් හග් කරන්න..ඉස්සර වගේ..මගෙ කොල්ලා පොඩි කමට ඉස්සර මාව තදට හග් කරනවා..කො එවගේ අදත් හග් කරන්න...."

එයා මගෙ නහය හිමීට මිරිකලා එහෙම කියද්දි මන් එයාව හයියෙන් බදාගත්තා...මට මතකයි..පොඩිකමට ඉස්සර මන් එයාව හයියෙන් බදාගන්නවා..මෙ ඔඩොක්කුවට කකුල් තියලා මන් මේ පපුව හරි තදට බදාගත්තා...

ඒ කාලෙ ආයෙත් එනවානම්...

කමක් නැ..මට තාමත් එයාව බදාගන්න පුලුවන්..වෙනසකට තියෙන්නෙ එදා ඉදපු පොඩි කොල්ලාම අද ප්‍රමාණෙන් ලොකුවෙලා...ඒත් ඇතුලාන්තෙන් මන් තවමත් එදා ඉදපු රශීමයි..

.

.

.

.

.

_______________________

හායි ද්විත්ව පීපල්ස්..😘

මන් ආවා...👉👈

ඉතිම් ඉතිම්...මොකද හිතෙන්නෙ..

එයා ඇවිත්...මන්දාරම් කතාවෙ...

තෙජුට ආයෙත් එ නැතිවුන සෙනහස හම්බෙයිද ඉතිම්...

ඉක්මන්ට එන්නම් අදහස් කියන්න❤️

ආදරෙයි❤️

_Gojo_

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!