Chapter 36 of 49

Chapter 36

"ම්හ්ක්.."

"ඉන්න දෙන්න..කොහ්.."

" ඩැඩි..ම්හ්ක්..නිදාගන්න දෙන්න අනේ.."

"චහ්..එපා..."

"ඩැඩි..පැටියට දොයි මත..යි..නිදාගන්න දීපියව්ව්.."

"ආ නල්ල මලේ පැටියට දො මතද..වරෙම් මයෙ සංකද හරහට අරන් කුක්කු ටිකක් දෙන්න.."

චටාස්...

"ආව්හ්.."

කවුද..කවුද යකො ගැහුවේ.....

" නැගිටපන් සෙවල පෙරන්නා..එව්ව්..බලපන් කොට්ටෙන් එකයි කෙල..පුප රතු බැලුමා වගේ පස්සත් උඩ දහන්..මෙ ජංගි කොටෙ අස්සෙන් තට්ටම එලියේ..ඈයියා..ඈයියා..සැක්..පිට එකෙක් ඇතුලට ආවනම් කුට්ටන් දෙකත් දකිනවා..විලිසංගියක් නැතුව ප්‍රදර්ශනේට දාන් ඉන්න හැටි විතරක්..මෙන් උබෙ තට්ටම් බාගෙ ගෙඩි දෙකකුත් දාලා.. ඔව් ඉතිම් නොදා ඉදිද..තොගෙ වැඩේම අර දඩුමොනරෙ පුප තියන් එලවන එකනේ..,සීට් එකයි පුපයි අතර ආත්මීය බැදිමක් වගේ..දැන් වත් නැගිටපන් ඉතිම්.නැත්තම් මන් පුපේ ගෙඩිය මිරිකනවා පුතෝ.."

"මාම්!!!!!!!!!!!!...ම්හක්.."

ආහ් අද දවසම සුබයි..මෑනියන්ගේ ගෝරනාදෙන් පටන් ගත්ත දවසක් කියන්නෙ ආයෙ වාසනාව දොරෙ ගලනවා හිටු හිටු කියලා..ඊයෙ රෑ නිදාගත්තේ රාහු කාලේ අල්ලලාද මන්දා....

මුලු ඇගම රිදෙනවා යකොහ්...................

"මාම් තමා උබෙ මුනේන්ද්‍රයා නෙමෙ..ඒකා දැන් පැයක් තිස්සෙ හොදනවා..ඔහොම ගියොත් නම් පුතො හෙට අනිද්දා වෙද්දි ඕකා දියවෙනවා..හා හා නැගිටපන්.. මෙන් උබෙ එළහරකා කුක්කු එක මන් හදන් ආවා..නැගිටලා බොනවා ඉතින්..".

."අනේ.....හ්...මා...ම්ම්.."

"මොකද...මොකද..ම්න්.."

"කකුල් රිදෙනවද රත්තරනේ?.. .."

මාම් නැගිටින්න කෑගහද්දි මුනින් අතට නිදාගෙන ඉදපු මන් හරි අමාරුවෙන් හැරිලා ඇද උඩ වාඩිවෙලා ඉදපු එයා ගාවට ලිස්සලා ගියා..

මන් ලගට එනවත් එක්කම කොච්චරවාත් බොරුවට කෑගහන එයා මන් කියන්නත් කලියෙන් මගෙ කකුල් ඔඩොක්කුවට අරන් අතගාන ගමන් මගෙන් අහනවා කකුල් රිදෙනවද කියලා...

"ම්ම්...ඇග.ම..රිදෙනව....."

"අයිගො..මගෙ පුංචි විරයා හරි..යට මහන්සි වෙනවනේ..මාම්ගෙ පැටියා ලොකු වුන ඉක්මන..මට ආඩම්බරයි දෙයියො..මගෙ ගාව හැදුන පොඩි එකා අද මටත් වඩා ලොකු වෙලා..උම්ම්මාහ්..ඔබ දකිද්දි මට ලොකු සත්තියක්.."

"මාම්..පිස්සුද අනෙ..කකුල ඉබින්නෙ..මට පව් පිරෙයි.."

" අනෙ තොගෙ මලයිකාර..පොඩිකාලෙ කොච්චර මෙ කකුල් ඉඹලා ඇතිද..එතකොට නැති පව දැන් කොහෙන්ද..පානිය නොදා ඉදින්..උබ මට එදත් දරුවා...අදත් දරුවා.."

පුදුම වැඩ තමා මෙයත් කරන්නෙ..මෙ කැක්කුම් වේදනා අස්සෙ මාව නිකම් දියවේගෙන එනවා..වෙන මොකටවත් නෙමෙයි මාම් කියන ඒවට..එක්කො මාම් ඔයා හැමතිස්සෙම බනින්න..මෙහෙම අගය කරන්නෙපා..දරාගන්න අමාරුයි..මාම් මාව හුරතල් කරනවා වගෙ නෙමෙයි හුරතලේට කතා කරද්දි..අයියො මන් පොඩි එකෙක් වගේ..එ මදිවට කකුලක් ඉම්ඹත් එක්ක..බැනෙ කරන්න සෙද්ද..කැගැහුවාම මට ටොක්කකුත් ඇන්නා...

මන් මාම්ගෙ ඔඩොක්කුවෙන් කකුල් අහකට කරන් එතනින් නිදාගෙන මූණ එයාගෙ බඩේ ඔබාගත්තා.....

මාම් ගාව සුවදයි........

එයාගෙ ඇගිලි මගෙ කෙහෙරැලි අස්සෙ එහා මෙහා වෙද්දි දැනෙන සනිපයත් එක්ක...මන් ආයෙම ඇස් පියාගත්තා...

ඊයේ රැ ගෙදර ආවෙ බොරැල්ල කනත්තෙ හොල්මන් දැක්ක ගානට...ප්‍රශ්න කෝටියක් ඔලුව උඩ. වුනේ මොකද්ද ආවෙ කවුද කියලා හිතාගන්න බැරුව මට පිස්සු වගේ..

අපි රජ ඉබ්බො වගේ නින්ජා කිට් එකෙන් බැහැපු ඩෑල් ටික..යකො එකක් මදිවට තුනක්..

එතනින් දෙන්නෙක්ව මට බය නැතුව ගෙස් කරන්න පුලුවන්..එත් අනිත් කෙනා...?

නැ මාස්ටර් වෙන්න බැහැ..ආපු කෙනාගෙ පෙනුම ඊට හාත්පසින්ම වෙනස්..

එයාව අතාරිමුකො..

එ ටැටූ එක..එ අත..මන් හොදටම දන්න කෙනෙක්..

එ ඉදියෙ දුසේ අංකල් කියලා අදුරගන්න මට වැඩිවෙලාවක් ගියෙ නැහැ..

එ තුන් දෙනා එකතුවෙලා මාව කවර් කරන් විනාඩි පහක් යන්නත් කලින් විකිගෙ සෙටාර් එක බිමට ඇදලා දැම්මෙ මන් එක තැන ගල් ගැහිලා වගේ බලාගෙන ඉද්දි..

බුරුවා වගේ වෙන දෙවල් හිතාගන්න බරුව මෙලෝ සිහියක් නැතුව ඉදපු මට පිටිපස්සෙන් එකෙක් ඇවිත් ලි පුටුවකින් ගහපු පාර එහෙම දෙයක් බලාපොරොත්තු නොවුන මන් පරඩැලක් වගේ විසිවෙලා ගිහින් ඉස්සරහා තිබුන කන්ටේනර් එකෙ වැදෙන්න යද්දි අර තුන්දෙනාගෙන් කෙනෙක් මාව කවර් කරගෙන බදාගත්ත නිසා මන් වැදෙන්න ඉදපු කන්ටේනර් පෙට්ටියේ එ මනුස්සයාගෙ පිට වැදිලා අපි දෙන්නාව බිමට ඇදන් වැටුනා....

එ දුසෙ අංකල් නෙමෙයි....සුවදින් අදුන ගත්ත අනිත් කෙනත් නෙමෙයි...එ ඉදිය මනුස්සයාව මට තාමත් කවුද කියලා හොයාගන්න බැරිවුනා..

ඉදපු මනුස්සයාගෙ සයිස් එක හරියට ,

" තෙජු පැටියා..මොකද අතගගා ඉන්නෙ..බඩගිනි නැද්ද..මාම් දැක්කොත් කෑගහයි ඔන්න.."

" ආහ්..නැ පපා..කනවා කනවා..මන් මෙ කම්පැනි එකෙ ප්‍රොජෙක්ට් එකක් ගැන කල්පනා කරේ.."

" කනවෙලාවට වෙන දෙවල් ගැන හිතන්නැතුව කෑමට අවදානෙ දෙන්න පැට්ටො..නැත්තම් කන ටිකත් ඇගට අල්ලන්නෙ නැතුව යනවා..පැටියා ඕක කියනවා මාම්ගෙ කනට ඇහුනානම් ඔයයි මායි දෙන්නාම විනාසයි.."

මන් ඉදියේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න ගමන්.. උදෙ මාම්ගෙ ඔඩොක්කුවෙ පැය දෙකක්ම නිදාගෙන..මාම් නෙමෙයි මාව අයින් අහකට කරේ..පව්..කකුලුත් හිරිවැටෙන්නැති..මන් ගියෙ නැත්තෙ ඇයි කියලා ඇහුවම කිව්වා පැටියාගෙ නින්දට බාදාවෙයි කියලා බය නිසා එහෙන්ම ඉදියා කියලා..මාම් නම්....ආදර කෝච්චියක්...

ඊයෙ වෙච්චි දේවල් පේලියට මගේ මනසෙ ඇදෙන්න ගද්දි මගේ කල්පනාවට පපා බාදා කරත්...

මට හිතෙනවා එ ඉදිය මනුස්සයාගෙ සයිස් එක මතක් කරගහම එ ඉදියේ පපාද කියලත්..

නෑ තේජුවො..නො වේ..පපා...එහෙම..නැ නැ එ පපා නෙමෙයි...

එවුනාට එ උස..එ සයිස් එක..හැමදෙයක්ම ගානට ගැලපෙනවා...

ඒත්

ආර්හ්... ඕනාවට වඩා හිතන්නෙපා තේජුහ්හ්හ්...

" ගුඩ්මෝනින්ග් බබා..ගුඩ්මෝනින්ග් බාප්පා.."

"ගුඩ්මොනින්ග්.."

"මොර්නින්ග් ඩැඩි.."

ඔය එන්නෙ අනිකා...අම්මපා අර නින්ජාට කිට් එක වෙනස් කරන්න මොලෙ තිබ්බට ලගින් හමන සුවද වෙනස් කරගන්න අමතක වුනා..

මෝඩ මගුල..දැන් ඉන්නවා බබා උකුන් වගේ.. දුසෙ අංකල් දැක්කාට වඩා සප්‍රයිස් වුනේ ඩැඩිව දැකලා..

මන් එතනදිම අදුරගත්තා...

අනිත් නින්ජා මාව බෙරගෙන දෙන්නාම බිමට වැටුන පාර මට ගහපු එකාව බිම දාගෙන නෙලලා මන් ගාවට ඇවිත් මාව උස්සපු මනුස්සයා ගාවින් ආපු සුවද අදුරගන්න මට වැඩිවෙලා ගියෙ නැහැ..

පොඩි කාලෙ ඉදන් එකට නිදාගත්ත මනුස්සයාගෙ ස්පර්ශෙ අදුරගද්දි එ ඉදියේ එයාමයි කියලා තහාවුරු වුනා..

ඊයේ දැක්කෙ හීනයක්ද කියලත් හිතෙනවා...

ඇයි දෙවියනේ දෙකට ගනින්න බැ වගෙ ඉන්න මනුස්සයා එහෙම ඉද්දි..නැ නැ ඩැඩීට බැරි දෙයක් නැහැ..ඒක ඇත්ත..මන් දන්නවා එයාට අන්ඩර්වල්ඩ් එකෙ පවා කනෙක්ශන් තියෙන බව.. එත්..එයාම එයි කියලා...ආර්හ්...මට අදහා ගන්න බැ....

දුසෙ අංකල් විකීගැන මීටරෙන් ඉන්න නිසා එයා එතන ඉදපු එක ගැන පුදුමයක් නැ..මන් දන්නවා එයා මන් කරන හැමදෙයක් ගැනම දැනුවත් කියලා..එයා නෙමෙයි ප්‍රශ්නේ..ඩැඩිත් ප්‍රශ්නයක් නෙමෙයි එත් ප්‍රශ්නයක්...මට තියෙන ලොකුම ප්‍රශ්නේ එ ආපු තුන්වෙනියා කවුද කියනෙක..

පපා..?..නැ නැ..එ පපා වෙන්න බෑ..ඩැඩි එහෙම වුනත්..දෙවියනේ මගෙ අහිංසකයා..පපා කාටවත් කරදරයක් නොකර පාඩුවෙ ඉන්න මනුස්සයා..හැබැයි ලගම කෙනෙක්ගෙ දේකට යකෙක් වෙන්නත් පුලුවන්..ඒක වෙනම කතාවක්..ඒවුනාට අරම..අනික ඒ ෆයින්ටින්ග් ස්ටෙප්ස්..මොන්ස්ටර් කෙනෙක්ටත් වඩා ෆාස්ට් එයා.. අනික මන් දැක්කෙ නෑ එයා ගහපු කෙනෙක්ගෙන් ආපිට පාරක් වැදෙනවාවත්..එයා හැම එකාටම ගැහුවෙ එක ශොට් එකයි.. උ එකෙන් ඩවුන්..වාව්..එයාගෙ ස්ටයිල් එක ගින්දර..

එ කවුරු වුනත් එ කෙනාව මට ඉක්මනින්ම හොයාගන්න ඕනි..මන් නොදන්න මට උදව් කරපු එයාට එහෙම ලේසියෙන් හැංගිලා ඉන්න බැහැ...

දුෂ් අංකල් කියන්නෙම ප්‍රශ්න පත්තරයක්...

එ මදිවට දැන් ඩැඩි...මට තේරෙනවා මෙයා මෙහෙම ඉන්න ගමන් තව මොකාක් හරි ගේමක් යටින් ගහනවා කියලා..

ඊට හපන් නමත් ගමක් නොදන්න අනිත් එකා...

නැ නැ මොකා වුනත් එ පපා නෙමෙයි...

එ පපා වුනොත්...

මමායි මායි දෙන්නාම ඇන්දිලා තියෙන ඇන්දිල්ල එසෙ මෙසේ එකක් නෙමෙයි...

එවුනත්...උන් ඔක්කොටම ගහලා දුසෙ අංකල් එක්ක ඩැඩි මන් එයාලා ගාවට එන්න කලින් යන්න ගියත් එ කෙනා මටත් කලියෙන් මන් ගාවට ඇවිත් මගෙ ඔලුවත් අතගාලා වගේ යන්න ගියේ..

අඩුම එයා මගෙ ඔලුවට අත තිබ්බෙත් නැහැ..අතගෑවි නොගෑවී එයා ඔලුව අතගාලා යන්න ගියා..

එරික් ඇවිල්ලා මාව එක්කන් යනකම්ම මන් ඉදියේ වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුම බිම වාඩිවෙලා..

ආයිෂ් මට තෙරෙන්නෑ හු##....

"බබා..කො මට ගුඩ්..."

"ගුඩ් නැ..අද බෑඩ්.."

අනෙ මට මේකාට දෙකක් අනින්නොනෙ..මාව රැවැට්ටුවාට..හ්ම්ක්..ඩැඩි..මන් තරහයි...

"එ මොකද.."

" එම තමයි..හේතුවක් නැ.."

"මෙයා දැන් ආපු වෙලාවෙ ඉදන් ලොකු කල්පනාවක අවී..මන් ඇහුවාම කිව්වෙ කම්පැනියේ වැඩක් ගැන හිතුවා කියලා..ඔය කිව්වට මේකා කෙල්ලෙක් ගැන හිතුවද දන්නෑ අවී..පැටියාට මලහොල්මනක්වත් සෙට් වෙලාද මන්දා.."

"අනෙ පපා එහෙම නෑ හරිද..මන් මාම්ට කියනවා රෙද්ද..මමා...මමා!!!!..මෙ පපා මට කතා හදනවා..."

" ශ්ශ්..අමොහ්..කෑගහන්නෙපා පැටියෝ..විහිලුවක්නෙ කරේ..ඕක මාම්ට කියන්නොනෙද..මගෙ බොම්බෙ උදෙපාන්දර බ්ලාස්ට් වුනොත් ඔයාගෙ පපාට වෙන්නෙ වර්ල්ඩ් එකෙනුත් ලෙෆ්ට් වෙන්න.."

ආන් එ බය තියාගන්න..නැ නැ පපා ඔයාට බැ නින්ජා වෙන්න..මාම්ට නින්ජා කෙනෙක් වුනත් එ ආපු කෙනා ඔයා වෙන්න බැහැ..ඔක්කොටම කලින් ගිහින් බලන්නොනේ මාම්ගෙ ක්ලෝසෙට් එකේ නින්ජා කිට් එකක් තියෙනවද කියලා..

මෙ ඩබල ගාව නැති කිට් එකක් නැහෑ.. මෙ ලගදි දවසක් පපා මහා රෑ ස්පයිඩර් මෑන්ගේ කිට් එකක් ඇදගෙන මාම්ගෙ රූම් එකෙන් එලියට එනවා මන් දැක්කා..සමහර දාට පොලිස් කිට්..කැප්ටන් කිට්..එක දවසක් වැද්දෙක්ටත් ඇන්දා..මන් දන්නැ එ දෙන්නාගෙ මල ව්කාර ගැන...ඕව්වා හොයන්න ගියොත් මට වෙන්නෙ නූල් බැදන් එන්න...

"අවී..කො සේපාල..දවස් ගානකින් දැක්කෙ නැහැ.."

" සේපාල ගමේ ගියා..අද එයි..දවස් හතරක නිවාඩුවක් දුන්නා.."

සේපාලයා කාලෙකින් නිවාඩුවක් අරන්...

"ඔහ්..ඒක තමයි..කප්කේක් මෙ ටිකේ පාලුවෙන් වගෙ ඉදියේ..අද හෙටම එනවානම් හොදයි.."

පපා මොකො මෙ සැනසුම් සුසුම් හෙලන්නෙ...සෙපාල නැතුව මාම්ට වගෙ පපාටත් පාලුද...

" එ මොකද පපා.."

" ඔයාගෙ මාම් සේපාල නැති නිසා මෙ ටිකේම මගෙ ඔෆිස් එකේ..එයා එනවට මාත් කැමතියි..එත් එතනට ඇවිත් බොරුවට හිත රිද්දගෙන කදුලු හලනවා..මට කෙන්ති පැටියො..කප්කේකට කෙස් ගහක් තිබ්බත් ඇති කතාවක් හදාගෙන මට කෑගහන්න..කෑගහලා මට ගැහුවත් කමක් නෑ අඩන්නෙ නැත්තම්..අද කෑම මේසේ මෙච්චර සයිලන්ට් මොකද කියලා තෙරුන්නැද්ද..ඊයේ රෑ ඉදන් මමා මාත් එක්ක තරහා වෙලා ඔය ඉන්නෙ.."

සිරාවටම පපා කියද්දියි මටත් තෙරුනේ..මාම් කෑම බෙදලා ගියා ගියාමයි තාම කිචන් එකෙ..කොහොමත් ඉතිම් සතියට දවසක් පපා එක්ක තරහා නොවුනොත් මාම්ට නින්ද යන්නැලුනෙ..

සමහර දාට මාම් පපා එක්ක තරහා වෙනවා මෙ ටිකේම අපි රන්ඩු කරේ නැ කියලා...එයාමයි රන්ඩු කරලා පපාව කන්න හදන්නෙ..එහෙම ඉදලා රන්ඩු නොකරොත් ඒකටත් පලි පපා..රන්ඩු වෙන්නැත්තේ ආදරෙ අඩු නිසාලු..

පපාට වෙනම සම්මානයක් දෙන්නොනෙ මාම්ව ඉවසන් ඉන්නවට....

.

.

.

.

.

.

"දැන් ඇයි තමුසෙ මට ආයෙත් එන්න කිව්වේ..මන් තමුන්ට එදාම කිව්වනෙ ඕයි තමුසෙගෙ බොරු බේගල් අහලා වෙලාව නාස්ති කරගන්න ඔන්නෑ කියලා..සැරයක් කිව්වාම තේරෙන්නැද්ද අයිසෙ.."

"කාම් ඩවුන් රෝස මල.."

"තමුසෙට..."

මට මූව මරන්න ඕනි..කාලකන්නියා..තෝව පෙන්න බැ යකෝ..එදත් දුෂ් අංකල් ගැන සාක්ශි තියෙනවා කියලා බොරුවක් කිව්වා..පස්සෙ මම ගිහින් හොයාගත්ත එක වෙනම කතාවක්..එත් මු කිව්වෙ බොරුනේ..ඔෆිස් එකෙ තිබ්බා ලබ්බක්..ඒ ගමන අදත් මොකද්ද ලබ්බක් උස්සන් ඇවිත්..නිදහසෙ ඉන්න නැ එක එකා අතේ පනිවිඩ එවනවා..මූව බ්ලොක් කරලා තරහාට ෆොන් එකත් පොලේ ගැහුවා මන් රෙද්ද..පස්සෙ ඔෆිස් එකට ගාඩ්ලා එවනවා..අම්මපා මන් මූවා මරාගෙන කනවා..මූසල විකී..

මන් නොඑන පාර පගයා හැදුවෙ ඔෆිස් එකට එන්න..මන් ආවෙම මුට දෙකක් අනිනවා කියලා හිතාගෙන...ඒවගේම ආව ගමන් ඌගෙ නාස් දණ්ඩ පැලෙන්න දුන්නා අත මිටි කරලා මල් පාරක්..

එත් උට ගානක් නෑ..නහයට ඇබ දෙකක් ගහගෙන ඉන්නවා..හිපපොටෙමස් වගේ..

මුට කොච්චර කිව්වත් තෙරෙන්නෑ..මගෙ යකාම අවුස්සනවා..රොස මල නෙමෙ මන් උබෙ යකා මල..මලපැනපු පාර මන් ඒකාගෙ කොලර් එකෙන් අල්ලන් හොදවැයින් දෙකක් අමතන්න හදද්දි විකි ගෝලයෙක්ගෙ අතේ තිබුන ෆයිල්ස් ටිකක් අරන් මගෙ ඇගේ ගැහුවා..

"මොනවද මේ..."

"පොඩ්ඩක් රිලැක්ස් වෙලා මෙතනින් වාඩිගෙන මේ ටික අරන් බලන්නකො රොස මල.."

"මෙ ඔයි රොස මගුලක් කියන්නෙපා.. රෙද්ද.."

අම්මපා මෙදාපාර මේකා දෙසන ලබ්බ බොරුවක් වුනොත් මරන එක මරනවා..

මන් එහාට වෙලා ඉදපු ඌව හප්පගෙන ගිහින් ෆයිල් එකත් අරන් සොෆා එකෙන් වාඩිවුනා..

ෆයිල් දෙකකුයි ඇන්ලොප් එකකුයි..

කො බලන්න..

මේක..දැකලා පුරුදුයි...

මෙ..මේක...මෙ එක තමයි..එදා..මගෙ අතට ඇවිල්ලත් නැතිවුනේ..

ශෙයාර් හොල්ඩර්ස්  ෆයිල් එක..දුෂ්මන්ත්ගෙ නම යටින් ඒ සයින් එක..ඊට මෙහා පැත්තෙන් ඩැඩාගෙ....මගෙ ඩැඩාගෙ සයින් එක..

අනිත් ෆයිල් එක මොකද්ද...

මන් එතන තිබුන අනිත් ෆයිල් එකත් අරන් දිගෑරලා බැලුවා...

මේක වෙන්න බෑ...එහෙම කොහොමද..අපෙ හැම සේසතක්ම..මගෙ භාරකාරිත්වයත් එක්කම..දුසේගෙ නමට..එහෙම කොහොමද...ඩැඩාගෙ සයින් එක..මොන පිස්සුවක්ද මේ...

විකි මගේ වටේ ඇවිද ඇවිද හිනාවෙවි ඉන්නවා මට ඇස් අගින් පෙනෙද්දි මට තවත් කෙන්තියි...

ඇස් පනාපිට දකින ෆයිල්ස් වල තියෙන දෙවල් අදහාගන්න බැරුව ගිය මටෙ අත ගැහෙනවා මටම දැනෙනවා..

එත් එක්කම කලබලෙන් එතන තිබුන එන්ලොප් එකත් අරන් දිගෑරලා බැලුවාම.

ඩැඩා....දුසේ එක්ක..මෙ එ දෙන්නා...කවදා එකක්ද මේ..

"මේ..මොනවද.."

" මොකද මෙ රෝස මල බයවෙලා..බයවෙන්නෙපා මන් ඉන්නවනේ..දැන් ඔයාටම පේනවා නෙද..ඔයා උඩ දාන් ඉන්න රාහුල්ගෙ කෙරුවාව..ඔය තියෙන්නෙ රාහුල් ඔයාගෙ ඩැඩාව ඔයාව මරනවා කියන තර්ජනේ උඩ එයාගෙන් ගත්තු සයින්..මෙ ෆොටොස් වල තියෙන්නෙ ඔයාගෙ ඩැඩා සයින් කරනවා..ඔන්න මන් මෙදාපාර සාක්ෂිම අරන් ආවා..."

"මොකද්ද..මට හරියට කියනවා..මාව මරනවා කියලා..දුෂ් අංකල්...හරියට කියපන් මිනිහෝ.."

මෙච්චර වෙලා හිටගෙන ඉදපු විකි ලග තියෙන පුටුවෙන් වාඩිවෙලා ෆයිල්ස් තිබුන ටේබල් එකෙන් කකුල් දෙක තියාගෙන මගේ දිහා  බලන් කට කොනින් හිනාවෙවි එහෙම කියද්දි මන් නැගිටලා ගිහින් ආයෙමත් ඒකාගෙ කොලර් එකෙන් අල්ලලා උස්සද්දි උගේ ගාඩ්ස්ලා මාව වලක්වන්න හැදුවත් විකි උන්ට යන්න කියලා ඉගි කරා..

උ මන් අල්ලපු කොලර් එක උඩින් මගෙ අත් ඇල්ලුව පාර මන් ඌව පුටුවට තල්ලු කරලා උගෙ කෙලින් හිටගත්තා..

"රොස මල කලබල නොවි ටිකක් වාඩිගත්තා නම්..මන් කියන්නම්කො ඔක්කොම..රොසමලගෙ තාත්තා..එකියන්නෙ අපෙ ද්වීනාෂ් සප්තව බදින්න කලින් රට ගියා..ඔයා දන්නවත් ඇති එ දෙන්නා එ කාලෙ ප්‍රශ්න වලට ෆේස් කරපු විදිහත්..ඔයාට කවුරුත් එ ගැන නොකියා ඉන්න විදිහක් නෑ..කොහොම නමුත් ඔයාගෙ තාත්තා රට ඉද්දි කම්පැනිය බෙරගන්න සපොර්ට් එක ඉල්ලගෙන තියෙන්නෙ රාහුල් දුෂ්මන්ත්ගෙන්..ඉතිම් රාහුල් එක්ක එකතුවෙලා එයා ගිලිහුන කම්පැනීස් ටික ගොඩ ගත්තා..

එත් අපෙ මස්සිනාට වැරදුනා..රාහුල් කාටවත් කිසි දෙයක් නිකම් කරලා දෙන මනුස්සයෙක් නෙමෙයි..ඒක උගේ ලෙවලින්ම ආපු දෙයක්..මස්සිනා ලංකාවට ඇවිත් සප්තව බැදලා අවුරුද්දකින් වගෙ මන් හිතන්නෙ ඔයාවත් හම්බුනා..සප්තව බැන්දාම පවුල් දෙකේම උරුමය එකතු වෙලා ඔයාගෙ තාත්තට හම්බෙනවා.. ඔය කාලෙ වෙද්දි රාහුල්ට ඕන වුනා ආර්ය කන්ස්ට්‍රක්චර්ස්ලාගෙන් ශෙයාර්ස්..එයා බයි කරන්න ආවත් ඔයාගෙ සීයා පපා කැමතිවුනේ නැහැ...එ තරහට මනුස්සයාට ඔක්කොම ඕනි වුනා..ඔයා ඉපදුන ගමන් මස්සිනා ඔයාවයි සප්තවයි අරන් රට ගියා..එ මෙහෙදි ඔයාලට ජිවිත තර්ජන තිබුන නිසා..රාහුල් ඔයාලා යන හැම තැනකටම ඇවිත් පැන්නුවා..ඔයාවයි සප්තවයි අල්ලගෙන ද්විනාෂ්ට බ්ලැක් මේල් කරලා අන්තිමෙදි කොහොම හරි ශෙයාර්ස් අරගත්තා..එත් සම්පුර්ණෙන්ම ගන්න බැහැ..මොකද එ හැමදෙයක්ම කෙලින්ම අයිතිවෙන්නෙ පවුල් දෙකේ මුල් මුණුබුරා වෙච්චි ඔයාට..ඔයා ඇරෙන්න පවුල් දෙකම මුහු වෙච්චි මුණුබුරෙක් ආර්යට නැහැ..එක නිසා රාහුල් ඔයාගෙ අයිතිකාර පදනම ලියාගෙන ඒක පිටින් දේපල ඔක්කොම අයිති කරගත්තා..ඔය තියෙන්නෙ කොපීස් ටිකක්...ඔරිජිනල් ටික ඉස්සුවානම් අපිට මෙහෙම නිදහසේ ඉන්න වෙන්නෙ නැහැ..

මන් ගාව ඔයාට පෙන්වන්න තව සාක්ෂියක් තියෙනවා..ඔයාගෙ තාත්තාවයි සප්තවයි මරන්න ඕර්ඩර් එක ගත්තු මනුස්සයා අපිට හම්බුනා..සාමාන්‍ය ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් අතින් අන්තුර සිද්ද වුනත් එ මිනිහා වැඩ කරෙ අන්ඩර්වර්ල්ඩ් එකෙන් ආපු ඕර්ඩරේකට..ඒ ඔර්ඩර් එක  රාහුල්ගෙ අණට සිද්ද වුන එකක්..එයාගෙන්ම අහන්න..බොයිස්..එයාව ගේන්න.."

විකි දුසෙ අංකල් ඩැඩාට කරපුවා එකින් එක කියාගෙන ගිහින් අවසානෙ එදා එ දෙන්නා ගියපු වාහනෙ හප්පු ට්‍රක් ඩ්‍රයිවර්වත් ගෙනාව කියලා ඔනමනම් උගෙනුත් අහමුයි කියලා ගොලයො අතේ එ මනුස්සයාව එක්කන් ආවා...

මෙ එ මිනිහා තමයි..මට හම්බුන ෆොටො එකෙත් ඉදියෙ..එදා දුෂ්මන්ත්ගෙ පැලස් එකෙත් ඉදියේ..මේ ඌමයි...

මූ තමයි ඒ දෙන්නාව...

"ඔන්න රෝස මල ඔයාම අහන්න.."

" ඒක ඇත්තක්ද..රාහුල්ගෙ ඔර්ඩර් එකට..තමුන්ද එදා..එදා..එ දෙන්නව.."

විකිගේ ගොලයෝ උව ඇදගෙන ඇවිත් මගෙ ඉස්සරහට තල්ලු කරද්දි ඌව ඇදලා අරන් බිත්තියට හේත්තු කරපු මන් වචන ඇහිදගෙන ඉවසීමෙන් උගෙන් අහද්දි එදා ඉදියෙ නැතත් ඒ දෙන්නා මැරෙන විදිහ මනසේ ඇදෙන්න ගද්දි මාව ආයෙමත් ඇතුලෙන් වැටෙන්න ගත්තා..

"ඔ..ව්..මන් තමයි.."

"උබ..උබ එහෙනම් පිලිගන්නවා...මට කියපන් ඇයි යකො එයාලව මැරුවේ..උබ මට නැති කරේ මගෙ ලෝකේ..මන් තෝව තියන්නෑ...උබ මැරෙන්න ඕනෙ..ඒකත් මගේ අතින්..මන් තොව මරනවා..."

උගෙ උත්තරෙත් එක්ක මගෙ ඉවසිමේ සිමා බිදගෙන මන් උගෙ මූන පොඩි වෙනකන් ගහද්දි බිත්තියේ උගේ ලේ පාරවල් ලස්සනට රටා මැව්වා...

තිරිසනා..මන් තොව ගහාලම මරනවා...

මන් පිස්සෙක් වගේ ඌව බිමදාගෙන ගහද්දි කලිනුත් ගුටිකාලා ඉදපු උගෙ ඇගෙ තිබුන ඉතුරු ශක්තියත් නැතිවෙලා පරඩැලක් ගානට මගෙන් වැදෙන පාරවල් වලට කෙදිරි ගගා උන්නා..

" මැ රි ය න්..උබ මැරෙන්නම ඔනි..මන් තොව මරනවා.."

"රොස මල"

ඩෝං........................................

" මො.ක..මොකද්ද යකො එ කරේ...ඇයි උට වෙඩි තිබ්බෙ..."

මන් උට සාප තිය තිය පයින් ගහද්දි මෙච්චර වෙලා මෙ දිහා බලන් ඉදපු විකි මාව ඇදලා අරගන්නවත් එක්කම මගෙ පහුකරන් ගියපු උන්ඩයක් උගෙ පපුවට වැදුනා...

නැ..නෑ..උට දැන්ම මැරෙන්න බැහැ....

"ඇයි යකො වෙඩි තිබ්බේ.."

වෙඩි තිබ්බෙ විකිගේ ගොලයෙක් වෙද්දි මන් විකිවත් තල්ලු කරන් ඌ ගාදට ගිහින් උට නෙලද්දි මෙච්චර වෙලා හැංගිලා ඉදපු මගේ ගාඩ්ලත් විකිගේ ගාඩ්ලගෙ වටේට ඇවිත් ගන් එක දික් කරන් හිට ගත්තා...

"එයාට බනින්නෙපා රෝස මල..මගේ ගොලයා කරේ ඔයාට ඕන වුන දෙ ඉෂ්ට කරපු එක..මන් කැමති නැ ඔය රෝස අත්වල  ලේ ගැවෙනවට..ඉතිම් ඔයාට ඕන වුනෙත් ඌව මරන්නනේ..ඉතිම් මගෙ ගෝලයා ඌව මැරුවා.."

මන් විකිගේ ගෝලයාට ගහන එක නවත්තලා දාලා විකිගාවට ගිහින්

"පිස්සුද මිනිහෝ..මූව මැරුවාම මොකාද සාක්ෂි දෙන්නෙ.."

" දකින්න ඕන සාක්ෂි ටික ඔයා දැක්කානේ..ඉතිම් තව කාට පෙන්නන්නද..නිතියෙන් දඩුවම් කරන්න පුලුවන් මනුස්සයෙක් නෙමෙයි රාහුල් කියන්නෙ..මතකනේ..මන් ඉල්ලපු දේ..රාහුල්ගේ ඩෙත් බොඩි එක..ඔයා කිව්වා ඌව මරනවා කියලා..මන් මෙච්චර දෙයක් කරේ එ වෙනුවෙන්නේ..දැන් ඔයා ඇත්ත දන්නවා..මෙතනින් එහාට රාහුල්ව ඉවරයක් කරලා දාන එක ඔයාගෙ වගකීම..."

නිතියෙන් දඩුවම් කරන්න බැරි වුනත් නොවුනත් එ මිනිහාව මරපු එක වැරදි..මෙ පගයාට කියලා වැඩක් නැහ්..ඇරත් උ හරි..දකින්න ඕන සාක්ශි ටික මන් දැක්කානෙ..දැන් තියෙන්නෙ දුෂ්මන්ත්ගෙන් පලිගන්න විතරයි..මට ඕන වුනේ එ දේ කරේ එයා කියලා ඔප්පු කරගන්න විතරයි..මට ඕන වුන දෙ දැන් ලැබුනා..සාක්ෂි ඇතුවම..

මට දැන් සැනසීමෙන් දුෂ්මන්ත්ගෙන් පලිගන්න පුලුවන්....

රාහුල් දුෂ්මන්ත්...තමුන්ගේ විනාශය වැඩි ඈතක නෙමෙයි..

මන් තමුන්ව රවට්ටලා විනාශ කරනවා..හරියට තමුන් යාලුවෙක් වගේ ඉදන් මගෙ ඩැඩාව රැවැට්ටුවා වගේ......

_____________________

හායි.....

සමාවෙන්න ඊයෙ එනවා කිව්වට බැරිවුනා..මෙ ටිකේ assignment ගොඩකට හිර වෙලා..පුලුවන් විදිහට මෙ ටිකත් ගෙනාවේ...

24 වෙන්දයින් පස්සෙ මන් එක ලග අප්ඩේට් ගේන්නම් හාත😫🔥 ද්විත්ව අවසානයත් ගේන්න ඔන..

හෙ හෙ දැන්ම නෙමෙ..

තව පහාලවක්වත් යයි..

දැගිලි වගේම පනහෙන් ඉවර කරන්න මන් ට්‍රයි කරනවා...එත් තව තියෙනවා..බලමුකෝ...ඉක්මන්ට එන්නම්..

මෙ එක්සැම් නිසා අම්බානෙට මානසිකව වැටිලා ඉන්නෙ 😫හදන meme එකකින් තමා පොඩි හරි සැනසිමක් දැනෙන්නෙ..මන් ඒවා හදන්නෙ හරි ආසාවෙන්..

ඉක්මන්ට එන්නම්..මන් වෙනුවෙන් බලන් ඉන්න..මාත් එක්ක ඉන්න ඔයාලට හුගක් ස්තුතියි..මන් ආදරෙයි 🥺❤️ සමාවෙන්න බලන් ඉන්න වුනාට😫

එන්නම්

_Gojo_

Contents
Contents