Chapter 28 of 49

Chapter 28

(Its bonus time.......)

විකියාගේ මූන සමතලා කරලා මම බයික් එකෙ නැගලා හොස්පිටල් එකට ආවේ කොහොමද කියලාවත් මට මතක නැහැ..මන් හොස්පිටල් එකට එද්දි දුසේ අංකල්ගේ පර්සනල් බොඩිගාඩ් එක්ක එයාගෙ තව කට්ටිය තැන් තැන්වල මුලු ගැහිලා උන්නා..

ඌ කාර් එකට බෝම්බයක් තියලා..විකී..උබ කරේ තිරිසන් වැඩක්..දුසා අංකල් එක්ක තිබුන තරහට එයාගෙ අම්මා පලි නැහැ...ඒක ඇහුන වෙලේ ඉදන් මාව වෙව්ලනවා..එ ඉන්නෙ දුසා අංකල්ගේ විතරක් නෙමෙ මගෙත් අම්මානේ...

බයික් එකත් පෙරලගෙන මම ඇතුලට දුවන් යද්දි දුසා අංකල්ගෙ බොඩි ගාඩ් ඇවිත් මාව අල්ලලා නතර කරා..මගෙ පපුව ගැලවිලා වැටෙන්න වගේ රිදුම් දෙනවා...

එයා ඇත්තටම ගිහින්ද..දුසාවයි මාවයි දාලා යන්නම ගිහින්ද..එපා..අනේ එහෙම වෙන්න එපා..මේක බොරුවක්..එයාට එහෙම යන්න බෑ..එයා ගියොත් දුසා අංකල් තනිවෙනවා...නැ නෑ..ඔයාට යන්න බෑ...අරූ කිව්වා දුසා අංකල් උගෙ එකෙක්ට අත තියපු නිසා ඌ මෙහෙම කරා කියලා....අනේ එතකොට උගේ එකාට අත තිබ්බෙ මමනෙ..මම නිසාද...මගේ ඉවසීම නැතිකම නිසාද ඔයාට මෙහෙම වුනේ...

අනේ අම්මේ.............

"අංකල්..අම්මි..එයා..කො..කො එයා..අනේ එයා හොදින් නේද..අංකල් මට ඇතුලට යන්න දෙන්න.."

බොඩිගාඩ්ගේ ඇගේ එල්ලිගෙන මන් එහෙම අහද්දි එයා මන් කලබලවෙයි කියලා හිතුන නිසාද මන්දා මාව හයියෙන් අල්ලගෙන ඉන්නවා...නෑ එක්කො මට කෙලින් හිටගන්නවත් පණක් නැති නිසා එයා මාව අල්ලගෙන ඉන්නෙ...

නැ නැ..එහෙම වෙන්න බෑ..ඇයි බොඩිගාඩ් අංකල් මුකුත් කියන්නැත්තේ..එයා යන්න ගියෙ නෑ කියන්න...මෙ දවස් දෙකට එයා මාව අම්මෙක් වගේ බලාගත්තානෙ..අනෙ මම අම්මා කියලා කිව්වෙ එයාටනෙ...කවුරු හරි කියන්නකෝ එයා යන්න ගියේ නෑ කියලා..අනේ එයා ගියේ නෑනේද...

"අංකල් එයා හොදින් නේද...අනෙ කියපන්කෝ..."

" සමාවෙන්න පොඩි බොස්..මැඩම් අපිව දාලා ගියා..."

"සමාව ඉල්ලලා හරිද මිනිහෝ..නෑ උබට සමාවක් නෑ..එයා කොහොමද යන්නේ..එයාට යන්න බැ..උබලා කියන්නෙ බොරු..කෝ දුසේ අංකල්..කෝ එයා..මට එයාගෙන්ම අහලා දැනගන්න ඕනි..කො එයා..කොහෙද රාහුල් දුෂ්මන්ත..."

කො එයා..දුසේ අංකල් ඔයා මෙතන ඉන්නම ඕනි කොහෙද තමුන් මකබෑවුනෙ..දුසේ මේ තමුසෙගෙ අම්මා..උන් එයාව....ෆක්...ෆක්..මන් ඌව මරනවා..........

"මාස්ටර්ව හොයන්න බැහැ බේබී..මැඩම් නැතිවුනා කියලා නිව්ස් එක හම්බුන වෙලේ ඉදන් අපිට මාස්ටර්ව කන්ටැක්ට් කරගන්න බැරිවුනා..එයා අන්තිමට ඉදියේ ඔෆිස් එකේ..."

" එයා නෑ කියලා හරියනවද යකො..එයාව හොයපන්..ඉන්න තැනකින් ඇදන් වරෙම්..එයා මෙතන ඉන්නම ඕනි...අතෑරපන් මාව.."

දුසේ අංකල් හොයන්න නැහැලූ..ඔයා කොහෙද අංකල්..ඔයා කෝ...

"පොඩි බොස්..මන් මැඩම්ගේ බොඩි එක භාරදීලා එන්නම්..බොස් පොඩ්ඩක් මාස්ටර්ව බලනවද..අපේ එකෙක් කිව්වා මාස්ටර් ඔෆිස් එකෙ ඉන්නවා කියලා.."

"අම්මිව භාර දෙන්න කාටද..එයාව ගන්න ඕනි දුසේ අංකල් නෙමෙයිද.."

"සොරි බොස් අපි ඒක දන්නෙ නෑ..මන් පිලිගන්නෙ ඉහලින් දෙන ඔර්ඩර් එක..මන් හිතන්නෙ ඒ මැඩම්ගෙ මහත්තයා..මෙතනින් එහාට මාස්ටර්ටවත් ඇගිලි ගහන්න බැහැ..."

අම්මිගෙ මහත්තයා කියන්නෙ දුසාගෙ තාත්තා..ඒ ඇමතිතුමා නේද..මේක හරිනම් ටිවි එකේ යන්න ඕන නිව්ස් එකක්..එත් අපි ඇරෙන්න කවුරුත් මේක දන්නෙ නැත්තෙ ඇයි...

බොඩිගාඩ් ඇතුලට යද්දි මම දුසා අංකල්ව හොයාගෙන යන්න බයික් එක ගාවට ආවා...

දුෂ් අම්මි යන්නම ගිහින්..එයාට එහෙම වුනේ මගේ වැරැද්දෙන්ද..විකී.... තිරිසනා...උබේ අවසානෙ වැඩි ඈතක නෙමෙයි...දවසක මගෙ අත උඩ තමුන්ගේ අන්තිම හුස්ම ටික හෙලයි...

මට මේ තරම් දුකක් දැනෙනවානම් එයා මේක කොහොම දරාගනීද..මන් දැක්කා අම්මා වෙනුවෙන් එයාගෙ හිතේ තිබුන ආදරෙ..අම්මි ආපු දවස් ටිකේ එයා වෙන්දා නැති විදිහේ සතුටකින් ඉදියා..

යකෙක් වුනත් යකාගෙ අම්මා ගාවදි ඌ මෙල්ල වෙනවා..මන් දැක්කා කේන්තියෙන් ඉන්න එයා අම්මා ගාව හරි ඉක්මනින් නිවිලා යන හැටි...

මන් පුලුවන් උපරිම වේගෙන් බයික් එක පැදගෙන ආවා..හොස්පිටල් එකටවත් එයා  ආවෙ නැත්තෙ ඇයි..

එයා මේ ප්‍රශ්නෙට කොහොම හැසිරෙයිද මන්දා....

රිසෙප්ශන් එකේ ඉදපු කෙල්ල ගාවට දුවපු මම දුසා අංකල් එලියට ගියාද ගියලා අහද්දි එයාලා කිව්වෙ එයා තාම කැබින් එකේ ඇති කියලා..

ලිෆ්ට් එක පැත්තකින් තියලා මම පඩිපෙල් නැගගෙන උඩට දිව්වා...

මන් කැබින් එකට දුවන් ගියා..එත්..එයා පේන්න ඉදියේ නැහැ..කො එයා..කොහෙ ගිහින්ද..

කැබින් එකෙ තිබුන එයාගේ රුම් එකෙ බලලා වොශ්රූම් ඒකට ඔලුව දාලා බලද්දි මන් දැක්කා එයා ඉන්නවා..

එයා බාත් ටබ් එකෙ වාඩිවෙලා දණහිස් වලට ඔලුව ගහන් ඔහේ ඉන්නවා..ටැප් එකත් ඇරිලා..ටබ් එකට පිරිලා වතුර ඉහිරෙනවා..එයාගේ උරහිස් ගැස්සෙද්දි මට තෙරුම් ගියා එයා අඩනවා කියලා...

"දුෂ්..අංකල්..ඔහොම ඉන්නෙපා ඔයා අසනීප වෙයි.."

මන් හිමින් සිරුවෙ ටබ් එක ගාවට ඇවිදන් යද්දි මගේ සපත්තු වලට පවා වතුර ගියා..එයා ලගට ගියපු මම ඒ උරහිස් වලට අත තියලා එයාට කතා කරද්දි තප්පර ගානක් නොසෙල්වී ඉදපු එයා මගේ දිහා බැලුවා...

ඒ ඇස් රත ගැහිලා..ඇස් දෙකටම ලේ පිරිලා වගේ..ඒ ඇස් දැක්කාම මට තේරුම් ගියේ එයා හුඟ වෙලාවක ඉදන් අඩලා තියෙනවා කියල....

සීතලේ ඉන්න හන්දාද මන්දා එයාව ගැහෙනවා..එයාගෙ මුලු සර්වාංගෙම තෙතයි..කොන්ඩෙ පහලට වැටිලා  මූනට ඇලිලා ගිහින්..කන් දෙක ගිනිගන්නවා හා සමානව රත් වෙලා..එයාගෙ නහයත් රතුම රතුපාටයි..ඒ මූන සුදුමැලි වෙලා ගිහින්..අතේ ඇගිලි පවා වතුරට තැම්බිලා වගෙයි තිබුනේ...

"බ්..බේබි..."

"අංකල්.. ඔයාව හීතල වෙලා..එලියට එන්නකෝ.."

එයාගේ කටහඩ පවා බිදිලා ගිහින්..අනෙ මට මේ මනුස්සයා මෙහෙම ඉද්දි දරාගන්න අමාරුයි..අම්මෙක්ගේ වියෝව කිසිම දරුවෙක්ට දැනෙන්න හොද නැහැ...මට එයාගේ වේදනාව ඕනාවටත් වඩා හොදට තේරෙනවා...

මගේ දිහා බලාගෙන ඉන්නැද්දිම එ ඇස් වලින් එයාටම අවනත නොවී කදුලු පිටාර ගලනවා..එ කදුලු වලට සීමාවක් නැහෑ.. අම්මෙක් වෙනුවෙන් වැටෙන කදුලු නවත්තන එකනම් ලේසි පහසු වැඩක් නෙමෙයි....

මන් එයාව උස්සලා එලියට ගන්න හැදුවත් ඒ දරදඩු සිරුරේ හැටියට එයාව ඇදලා ගන්න මට පුලුවන් වුනේ නැහෑ..එයා කදුලු ඔහේ ගලන් යද්දි මගේ දිහා හරි අසරනවා බලාගෙන ගලක් වගේ වාඩිවෙලා ඉන්නවා..

"අංකල්..."

"එයා ගිහි.න්..යන්න.ම ගි.හින්.."

"බේබි බොයි..ඒ..මගෙ අම්මා..උන්..මට එයාව නැ.ති.කරා...."

"බේබි බොයි..ම.ගෙ එයා..යන්.න ගිහින්..බේබි අම්..මා..මන් කොහො.මද..මගෙ...බේබි..මට ඉදියේ එයා විතරයි..එය.ත් මා.ව දා..ලා ගියාම..මන් ඉන්නෙ කා..එක්ක..ද"

"මන්..මන්..ම.හා ප.ව්.කාර.යෙක්..එයා මාව දාලා ගි.යෙ මගෙ නර.ක වැඩ නිසා..එයා මට..කිව්වා..එයා කිව්වා..මේවායින් ඈත් වෙන්න කියලා..බේබි..බේබී මගේ අම්මාට ඕනි වුනේ මන් මේවායින්..ඈත්..වෙලා සර.ල ජිවිත..යක් ගත කරන..වා බල.න්.න.."

"අ.වුරුදු ගාන..කට පස්සෙ..එයා මන්.ගාවට ආවෙ..ඒ ආවාමත්..මට බැරිවුනා එ..යා එක්ක ඉන්න..බේබි..මෙ දවස් දෙක තුනේ මන් ගෙ.දර ගියේ හුගක් ස..තුටින්..මොක..ද වෙන්දට මන් යද්දි පා..ලුවට ගි.හින් තියෙන ගෙදර මේ ද.වස් ටිකේ මන් එද්දි මාව පි.ලිග..න්න අම්මා ඉන්.නවා කියලා මන් දන්න නි.සා..බෙබි එයා මන් එනකම් දොර ගා.වට වෙලා..බ..ල.න් ඉන්න..වා..ආව ගම.න්..මාව හ.ග්ග් කරලා නලලට හා.දුවක් තියනවා..බේබි..ඒ හාදුව හරිම උ.නුසුම්..ඒක ඇ.තුලේ..අම්.මි.ගෙ ආ..දරෙ එක.තු වෙලයි තියෙන්නෙ.."

"මගෙ..ජිවිතේ..සතුට හරි තාව..කාලිකයි කියලා මට..ආයෙමත්..ඔප්පු..වුනා.....

මිනිස්සු බලාගෙන ඉන්නෙ වසන්තේ උදාවෙනකම්..මාත් බලන් ඉදියා..මගෙ ජිවිතේට..හොද කාලයක් එනකම්..මේ ජිවිතේ සතුටක්..නෑ බේබී..තියෙන්නෙ දුක විතරමයි..කල.කිරුන..මේ ජිවිතේට සතුට අරන් ආපු එයාව..මගෙ..අ..ම්..මාව..උන්...උන්..එයාව..ගිනි තියලා...බේබී අම්මා යන්න ගියේ ඒ මූනවත් බලන්න බැරිවිදිහටයි..ඉඩෝරයෙන් වැහිලා තිබුන..මගේ ජිවිතේට සතුට අරන් ආපු..දේව..තාවිව..උන් උදුරගත්තා...."

"පොලීසියෙන්..එයාලා මට එන්න කිව්වා...මගෙ අම්.මාව අදු.ර..ග.න්..න..එයාල්ලා..මට..අම්මාව බලන්න..මන් ..කොහොමද...එයාව..එහ්..හෙම..බ..ලන්නෙ..දර..දඩු මි..නිහෙක්..වුනාට..මන් කො..හොමද ඒක..දරා..ගන්නෙ..බේබි..මාව පිච්චෙනවා..."

එයා කියන වචනයක් ගානේ මගේ හදවතේ ගහලා තිබුන තුවාල ප්ලාස්ටර් ගලවලා දාද්දි ඒ දුක මට වුනා වගේ දැනෙන්න ගත්තා..එයා අඩනවා..හිතේ තියෙන වේදනාව වචන වලට හරවලා මා එක්ක කියව කියව අඩනවා..ඒ වචන වල වේදනාව දරුනු වැඩිකමට මාවත් දියවෙනවා..අඩ අඩ වචන එලියට දාන්න බැරිතැන එයා හූල්ලනවා..පිරිමියෙක් මේ විදියට අඩනවා කියද්දිත් පුදුමයි..එයාව වෙව්ලනවා..එයාට නැතිවුනේ එයාගේ ජීවිතේම..

මට සමාවෙන්න අන්කල්..මේ ඔක්කොම මගේ වැරදි..එයා යන්න ගියෙ මගේ වැරැද්දකින්...ඔයා මොනවගේ කෙනෙක් වුනත් මගේ අතින් එක පුතෙක්ට එයාගෙ අම්මාව නැතිවුනා නේද කියලා මතක් වෙද්දි මැරෙන්න හිතෙනවා...

එයා අඩද්දි ඒ කදුලු වල සහයට මගෙ ඇසුත් අඩන්න පටන් අරන්...

"බේ..බි..අම්මාකෙනෙක්ගේ උනුසු.ම ලබ..න්න වයස් සීමාවක් නැහැ..අපි කොච්ච.ර ලොකු මිනි.හෙක් වුනත්..අම්මා ගාවදි අපෙ..ඇතුලාන්තේ ඉන්න පොඩි ලම..යා එලියට එනවා..අවුරුදු ගාන.කට පස්සෙ ගෙවුනු දවස් ටිකේ..මන් සැනසී..මෙන් නිදාගත්තා..අම්මා..ලග ඉද්දි..වෙන්දට පේන නරක හීන..ත් නැති..වෙලා ගියා.."

"බේබි..මන්.. ක්හැ..ක්.හැ....ක්හෑක්.."

"අංකල් ඔයා අසනීප වෙයි..එන්නකෝ..ඔහොම ඉදියා කියලා මුකුත් හරියන්නෑනේ.."

එ කටහඩ බිඳිලා ගිහින්..අඩලා වැඩිකමටද මන්දා එයාගෙන් වචන එලියට එන්නෙත් නැහෑ..එකපාරට ආපු කැස්සක් හින්දා එයාව පස්සට විසි වෙලා  ටබ් එකේ ගැට්ටෙ වැදෙන්න යද්දි මන් වෙර දාලා අල්ලගත්තා..මන් මොනවා කිව්වත් එයාට නෙමෙයි තේරෙන්නේ.. එයා නෙමෙයි ඒදේවල් වලට ඇහුන්කන් දෙන්නෙ..

ඔහොම අඩන්නෙපා දුෂ්..මේ කදුලු ඔයාට ගැලපෙන්නෙ නැහෑ..මන් මෙයාට දැන් මොකද්ද කරන්නෙ..මෙහෙම ඉන්න දෙන්නත් බැහෑ..ෆක්..මොනවා හරි හිතපන් තේජු..උබත් ඇඩුවාම හරිද දැන්...

එයා හුස්ම ගන්නෙත් අමාරුවෙන්..මෙහෙම ගිහින් මෙයා ෆෙන්ට් වෙන්නත් බැරි නැහැ..අයිස් කුට්ටිය වගේ ඇග..

ෆක්..ෆක්..තෙජූ උබ මොන විනාසයක්ද මේ කරේ.....

"මේ.වා..ක්හැ..මගෙම..වැර්.රදි බේබි.."

නැ අංකල් නෑ..මෙදාපාර මමයි වැරදි..මම කරපු දේට අහුවෙලා තීන්නෙ ඔයාව..ඌ ඔයාගෙන් පලිගත්තේ මම අරූට ගහපු නිසා..

ඒ මූන දැක්කාම මට වාවගන්න බෑ..මෙතන එයාගෙ වැරැද්දක් නැහැ..අර කාලකන්නි බල්ලා වැරදි මනුස්සයාව අල්ලගෙන අහිංසක ජිවිතයක් නැති කරලා දැම්මේ..ඔයායි ඌයි අතර මොන ප්‍රශ්නේ තිබුනාද කියලා මම දන්නෑ..සමහර විට ඌ කලින් දේක පලිය ගත්තා වෙන්නත් පුලුවන්...මගෙන් තුවාල වුන එකා විකිගේ යාලුවෙක්වත් නෙමෙයි..විකී අදුරන බිස්නස්මන් කෙනෙක්..ඌ ඒක පිටින් දාලා ඔයාගෙන් පලිගත්තා...ෆකර්..උබ මේ කරපු දේට සමාවක් ලැබෙන්නෑ...

ඌ කියන විදිහට ඔයා නිසායි මේ හැමදෙයක්ම වෙලා තියෙන්නෙ..

හරිනම් ඔයා මෙහෙම අඩද්දි මන් හිනාවෙන්න ඕනි..ඔයා එ දෙන්නාව මරපු එකට මෙහෙම වෙලා මදි..ඔයා කරපු දේ ආපිට ඔයාගෙ පැත්තට ආවා වෙන්නත් පුලුවන්...කාගෙ කීමට ඔයා ඒ දේ කරාද කියන්න මන් දන්නෑ..එත් සාක්ශි පිට ඔයා වැරදි කාරයා කියලා තහාවුරු වුනත් මගෙ ඇතුලාන්තේ ඉන්න අහිංසකයා තාම විශ්වාස කරන්නෙ ඔයා නිර්දොශි කියලා..මගෙ ඇතුලේ ඉන්න එකා මෝඩයෙක්..උගේ කීමට ජිවිතේ තීරන අර ගත්තානම් තේජු මැරුන තැන් වල දැන් ගසුත් පැලවෙලා..

එවුනාට..මෙ වෙලාවෙ..හිත අහන්න හදන්නෙම ඇතුලාන්තෙ ඉන්න මෝඩයාගෙ කීම..ඌ කියන්නෙම එයාව සනපන් කියලා..එයාට අහිමි වුනෙත් අම්මාවනේ.....එ වෙදනාව මට වඩා වෙන කවුද හොදටම දන්නෙ ඉතිම්...

"බේබි...මට.."

"ශ්..ශ්..ශ්..දැන් ඇති..තව ඇඩුවොත් ඔයා ෆේන්ට් වෙයි..ඔහොම බෑ..මන් දන්න දුෂ් අංකල් ස්ට්‍රෝන්ග්නෙ.."

ආයෙමත් ඉකි ගගහා මොනවදො කියන්න හදපු එයාව නවත්තපු මම ඒ ඇස් වල කදුලු පිහදාලා එයා ශක්තිමත් කියද්දි අඩන අස්සෙ එයා කට කොනින් හිනාවුනා..සමච්චල් හිනාවක් ඒක..

" රූස්ස ගසුත්..දවසක පොලවට කඩන් වැටෙනවා බේබි..කොච්චර ශක්තිමත් වුනත් වෙලාව ආවම යන්න වෙනවා.. මටත් දවසක් එනවා..එදාට මටත් වැටෙන්න වෙයි..එත්..ඒත් ඒ මෙහෙම  නෙමෙයි.."

ඔන්න ඉතිම් මගුලක් කියනවා..රුස්ස ගසුත් වැටෙනවා යැයි යැයි තමා..අම්මපා කනට දෙකක් ගහන්න හිතෙනවා දැන් නම්..එත් ඉතිම් දෙවාලෙ කඩන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ වෙන්න දෙන්න බෑනෙ..

එයා එහෙම කියලා මගෙ අතක් අල්ලන් මිටිකරලා එ අත්දෙකෙන් වහගෙන එ අතට ඔලුව තියාගෙන ඇස් පියන් තප්පර ගානක් නොසෙල්වී ඉදියා..

එයා ආයෙත් අඩනවා..ආයිෂ්..මෙ මනුස්සයට දැන් වෙනම ලෙඩක් හැදෙනවා..

එක පාරටම මගේ අත අතෑරපු එයා කදුලු පිහිදගත්ත..

චටාස්..

"අංකල්!!!!.."

චටාස්...

"පිස්සුද..ඒ...ඔයාටම ගහගත්තාම හරිද ආ.."

"මේවා මගෙම වැරදි..එයා වෙනුවට එතන ඉන්න තිබ්බෙ මමයි..මෙවා මගේ වැරදී..."

කදුලු පිහිදගත්ත එයා මටත් හිතන්න වෙලාවක් නොදී එයාගෙ කම්මුල් වලට ගහගද්දි ඒ අත් අල්ල ගත්තු මම එයාව නවත්තපු නිසා රතුවුන ඇස් වලින් එයා මන් දිහා බලලා එහෙම කිව්වා..

"ඇයි ඔයා ආවෙ.."

"ආහ්??.."

මන් එයාව නවත්තන් අල්ලගෙන ඉද්දි   ඇස් පිය නොගහා මා දිහා බලන් උන්නු එයා එහෙම අහද්දි කියන්නෙ මොකද්ද කියලා මට තෙරුම් ගන්න  බැරිවුනා..

"ඇයි ඔයා ආවෙ..ඇයි මාව තනියෙන් දාලා ඔයත් ගියෙ නැත්තේ..ඔයත් යන්න..එයා වගේ ඔයත් මාව දාලා යන්න..මට කවුරුත් ඔනි නැහැ..මන් අඩනවා කවුරුත් දකින්න ඕනෙත් නැහැ.."

එයා ඉන්නෙ මානසිකව වැටිලා..මෙ වෙලාවෙ දැනෙන ආවේගෙට එයා මෙ දෙවල් කියන්නෙ..එයාගේ අම්මා එයාව තනිකරලා ගියා කියන සිතුවිල්ල එයාගෙ හිතට තදින්ම කා වැදිලා...

ඔයාගේ ජිවිතේ ගැන මන් දන්නෑ දුෂ් අංකල්..එත්..ඔයාටත් මොකක් හරි කතාවක් ඇති..ඔයා කියන විදිහට අම්මි විතරයි ඔයාගෙ කියන්න ඉදලා තියෙන්නෙ...එයත් කාලෙකට පස්සෙ ඇවිත් ආව උනුසුම මැකෙන්නත් කලින් යන්න ගියා..ඒකෙ තෙරුම ඔයත් කාලෙක ඉදන් තනිවෙලා උන්නු කෙනෙක් කියලානෙ....

"බේබි බොයි..ඔයත්..යන්න..මට මෙහෙම ඉන්න ඔනි..ප්ලිස් යන්න.."

"අංකල්..මොනවද මේ කියවන්නෙ..කො එන්න මා එක්ක.."

" Leave me alone Thejaan.....මන් දැන් සැරයක් තමුන්ට කිව්වා..get out.."

එයාට පාඩුවෙ ඉන්න දීලා මට යන්නලූ..එත් එයා මට යන්න කියන්නෙ මගෙ අත තදකරලා අල්ලගෙන..එන්න එන්න ඒ අත තද වෙනවා..එයා මගෙ ඇස් මගෑරලා කියන්නෙ නම් මට යන්න කියලා..

"හ්ම්..ඔයා කියන්නෙ මට යන්න කියලානෙ..එහෙනම් දුෂ් මන් යන්නම්.."

මන් එහෙම කිව්වා විතරයි මෑන් ඒ ගමන් රත ගැහිලා ඉදිමුන ඇසුත් හරි අමාරුවෙන් ඇරන් මගේ දිහා අහිංසක විදිහට බැලුවා..මගෙ අත තවත් තද කරන් ඇසුත් අමාරුවෙන් ලොකු කරන්  එයා මා දිහා බලන් ඉන්නෙ නිකම් 'අනේ ඔයා ඇත්තටම යනවාද බේබි බෝයි' කියලා අහන්න වගේ..

මගෙ දුෂ් අංකල් ඇඩුවාට පස්සෙ හරි හුරතල්නේ..එයා පව්..

" මන් යන්නද.."

මන් එහෙම අහද්දි එයා හා කියන්න මුලින් ඔලුව වනලා පස්සෙ  එපා කියන්න ඔලුව ආයෙත් දෙපැත්තට වැනුවා..

එයාගෙත් කෝලන්..මන් කොහොමද ඉතින් දාලා යන්නෙ...

"එහෙනම් මාව එලවන්නෙ ඇයි??.."

"මො.කද..මන්..දැන්..ඉන්නෙ ඇවිලිලා..මේ ගින්නෙන්..දැවෙන..මාව..නිවන්න ලේසි.නැහ්..තව..අඩන්.නත් බැහැ..අනි.ක..මන් දන්.නවා ඔයාට බෑ..මාව..නි..වන්..න.."

" මන් නිව්වොත්.."

මන් එහෙම අහද්දි එයා හරි අසරන ව්දිහට හිනාවුනා..

"එපා..ඔයා මේ ගින්දරට එකතු වෙන්න එප්ම්ම්හ්..."

මන් දන්නෑ..මට ඔනි වුනේ මෙ මනුස්සයා දැවෙන ගින්න නිවාදාන්න..එයා නොකියා කියපු දේ මට තේරුනා..මට එයාව නිවන්න බෑ කියන එක එයා මට කිව්වෙම මගෙ තොල් දිහා හරි කලබලෙන් බලාගෙන වෙද්දි මට ඕනි වුනෙ එයාට ඔනි විදිහට එයාව නිවලා දාන්න..

එයා කියන්න ගිය වචන ටික හරියට සම්පූර්න කරගන්න ඉඩනොදි මන් ඒ වෙව්ලන තොල් වල මගෙ දෙතොල ගාවද්දි අපි වටේ තියෙන වතුර ශබ්ද පවා මට ඇහෙන්නැතුව ගියා..මන් කරේ එ තොල් වහලා දාන්න එ උඩින් මගෙ තොල් ගාවපු එක විතරයි..

එයා නොහිතපු දෙයක් මන් කරද්දි එකපාරටම එයා ගැස්සිලා යනවා මට දැනුනා..එත් මන් එහෙන්ම ඉදියා..එයාට ලංවෙලා ඉදපු හන්දා ඒ හදගැස්මත් මට ලාවට දැනුනා...

තප්පර එක දෙක ගෙවිලා යද්දි මන් එ තොල් උඩ නොසෙල්වි ඉදියත් මගෙ ඇස් වැහෙන පමාවට මගෙ අත් අල්ලන් උන්නු එයාගෙ අතක් මගෙ ඔලුව පිටිපස්සෙන් තද වෙනවත් එක්කම මට දැනුනා එයාගෙ තොල් මගෙ තොල් උඩ එහා මෙහා වෙනවා..

මන්....මේ කරන්නෙ...වැරැද්දක්...ද...අනෙ මන්දා..එයාට අම්මා අහිමි වෙන්න මාත් එක හේතුවක්..හෘදසාක්ශිය අවනතව බැලුවොත් මමයි වැරදි කාරයා..ඒ හන්දා මගෙ ඇතුලාන්තෙට ඔනි වුනේ එ මනුස්සයාව සනසන්න විතරයි..මගෙ හිතේ තිබුනෙ ඒ චේතනාව විතරයි...

ඉතින් මන් වැරදිද.............

එයාගෙ හිතේ තියන පීඩනයන් මගෙ තොල් අතරින් පිට කරන්න ඉඩදීලා මන් නොසෙල්වී ඉද්දි මන් බලාපොරොත්තුවුනේ ගිරයකට අහුවුනා වගේ මගේ තොල් තැලිලා පොඩිවෙලා යයි කියලා වුනත් එයා මගේ තොල් සිපගත්තේ සිපගන්නවද කියලාවත් හිතාගන්න බැරිවෙන්නයි..හරියට ඇග උඩ යන කිතියක් වගෙ සැහැල්ලුවෙන් එයාගෙ තොල් මගෙ තොල් අල්ලන් සිපගත්තේ..

ඒක හරියට පාවෙනවා වගේ හැගීමක්.....

.

.

.

.

.

.

.

.

.

විනාඩි ගානක හාදුවකට පස්සෙ එයා මගෙ දිහා නොබලා මාවත් දාලා බාත් ටබ් එකෙන් නැගිටලා එලියට ගියා..

ඇත්තටම අපි දෙන්නා ඉදියේ දෙන්නාගේ මූනවල් දිහා බලාගන්න බැරි තත්වෙක..

මේ වෙලාවෙ දැනෙන හැගීම් මොනවගේද කියන එකට අවදානය දෙන්න මගෙ හිතට උවමනාවක් නෑ..

ඒක අනවශ්‍ය දෙයක්...

මට ඕනි වුනේ එයාව සනසන්න විතරයි..මන් එහෙම කරෙ එයාගෙ අම්මා නැතිවෙන්න මාත් හේතුවක් වුන නිසා විතරයි...

ටේබල් එක ගාවට ගියපු එයා තෙත ඇදුම් පිටින්ම සිට් එකේ ඉදගෙන කාට හරි කෝල් එකක් ගත්තා...

"ඩේව්..ඊලාගට තියෙන ෆ්ලයිට් එක බලලා ටිකට් එකක් බුක් කරන්න..."

ෆ්ලයිට්..ටිකට්..එයා මේ කොහෙද යන්න හදන්නෙ...

"අංකල් ඔයා කොහෙද යන්නෙ.."

"තේජාන් මට යන්න වෙනවා..මම නැති අතරේ කම්පැනිය භාරවෙන්නෙ ඔයාට..මන් ඔයාව විශ්වාස කරනවා..මන් එනකම් මේ ටික සෙට්ල් කරගන්න බලන්න.."

එයා මෙ හදිස්සියෙ ලැප් එක දිගෑරගෙන මගේ දිහාවත් නොබලා කම්පැනිය මට බලාගන්න කියනවා..මෙ මනුස්සයා මේ අල්ලපනල්ලෙ කොහෙද මේ යන්න හදන්නෙ..

"හරි හරි..මන් බලාගන්නම්...ඔක්කොටම කලින් මට කියන්න ඔයා කොහෙද යන්නෙ.."

"මම පරක්කුයි..එයා අම්මිව අරන් ගියා..මෝඩයෙක් වගේ අඩලා මම දුර්වලයෙක් වුනා..මොහොතකට මට අමතක වුනා බේබි මම කවුද කියලා...මම ගිහින් ඉක්මනට එන්නම්..එතකම් වැඩ ටික බලාගෙන පරිස්සමෙන් ඉන්න.."

එයා කිව්වෙ අම්මිගේ මහත්තයාද...මට මේ මුකුත් තේරෙන්නෑ...මෙච්චර අඩපු මනුස්සයා ගොරකා ලෙලි වගේ ඇසුත් තියාගෙන තෙත බේරෙන ඇදුමුත් ඇදන් සාමාන්‍ය විදිහට හැසිරෙනවා...

එක්කො එයා එයාවම පාලනය කරගන්න හදනවා....

අනෙ මන්දා.. ලැප් එක මගෙ අතට දීපු එයා තෙත ඇදුම් පිටින්ම ගෙදර යන්න හදනවා..

" අංකල් ඔයාගෙ ඇදුම් තෙතයිනේ..ඔහොම යන්න බෑනෙ.."

"who cares baby..."

"එවුනාට.."

ආර්හ්..මෙ මිනිහට කියලා වැඩක් නෑ..එහෙනම් තෙත ඇදුමෙන්ම පලයන්කො...

කැබින් එකේ කී එක මගෙ අතට දීලා මගෙ ඔලුවත් අතගාගෙන එයා එලියට යන්න ගියා..

දොරේ හැන්ඩ්ල් එකට අත තියපු එයා නැවතිලා මගේ දිහාවට හැරිලා මට කතා කරා..

"Baby..before i leave ,Can i hug you.."

එයා ආයාචනාත්මක බැල්මක් එක්ක මගෙන් එහෙම අහද්දි මම බෑ කියන්නෙ කොහොමද...

මම ඔලුව හොලවලා අවසර දෙනවත් එක්කම විදිල්ල වගේ මගෙ ලගට ආපු එයා මාව තදින් වැලදගත්තා...

තප්පරයයි දෙකයි...එයාගෙ උනුසුම මගේ ඇගේ තවරලා දොරත් හයියෙන් ඇරගෙන එයා එලියට ගියා............

මෙතනින් එහාට හුගක් දේවල් වෙනස් වෙයි දුෂ්මන්ත්...........

______________________

හායි මේවාට තමා බෝනස් කියන්නෙ 😌😁

හෙ හෙ..මොකද හිතෙන්නෙ..

බනින්න ඔට්ටු නැ හරිතේ 😌

මම නෑ

තේජු තමා...

දුසා පෞඋ😫

එච්චරයි..

අදහස් දක්වන්න..

එන්නම්

ආදරෙයි❤️

_Gojo_

bonas දුන්න නිසාවත් කමෙන්ට් ටිකක් වැඩියෙන් දාන්නකෝ😫😫😫😫

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!