Chapter 6: 5🖤

The Horizon🖤 ( Completed ✅ )Words: 7550

යෙනුශ්ක හිටියේ කැබින් එකේ sea viwe එක පේන විදිහට හඳලා තිබ්බ ජනේලෙට හේත්තු වෙලා  නියපොත්තකුත් හපන් කල්පනාවක.

ඔහු දිහා බලන ඕනම කෙනෙක්ට පේනවා ඔහු ඉන්නේ තද කල්පනාවක වුනත් ඒ මූනේ හිනාවක් ඇදිලා තියෙන බව.

" යෙනූ??.. "

" ආ.. හා.. හා.. හා?.. "

" මොන ලෝකෙද මනුස්සයෝ ඉන්නේ මන් කීයේ ඉදන්ද නම කිය කිය කතා කරන්නේ. "

" දැක්කෙ නැහැ වරු.."

" ඔව් මට පේනවා උඹ දැන් පොත් ලියන එක පැත්තක තියලා පොත් පෙරලනවා කියලා. "

" මොනාද මේ කියන්නේ nonsense. "

" ඔව්.. ඔව්.. මන් කියන ඒවා විකාර මට කියපන් යෙනු උඹ පෙරේදා ක්ලබ් එකේ ඉදන් කොහෙද දිව්වේ කියලා එක පාර ෆොන් වැඩ නැහැ. ඒ මදිවට ඊයේ වැඩට ආවෙත් නැහැ. "

" ආ.. නැහැ.. මේ..  මේ.. argand වැඩක් තිබ්බා නේ. "

" හා.. හා.. අපි හාවො නේ.. ම්ම්.. ම්ම්.. "

"අද යමු එහෙනම් ක්ලබ් එකට. "

" යමන් කො එහෙනම්.. "

යෙනුශ්ක වරුන් එක්ක ක්ලබ් එකට ආවත් ආපු වෙලේ ඉදන් ඇන්ටනාව වගේ ඔලුව කරකව කරකව ඉන්නවා වරුන් බලන් හිටියේ එක ඇහි බැමක් උස්සන්..

" උඹ කාවද ඔය රේඩාර් එක වගේ කැරකි කැරකි හොයන්නේ. "

" just shut up men.. it not ur business "

හොයලා හොයලා අන්තිමේදි යෙනුශ්කට ඕන කෙනා හම්බුනා හිටපු ටේබල් එකෙන් නැඟිටලා වේටර් ලඟට ගියපු ඔහු.. වේටර් ගෙන් දෙයක් අහලා වරුන් දිහා බලල ඉක්මනින්ම එන්නම් කියලා ඔළුවෙන් පෙන්නන ගමන් ගියේ බීච් එක පැත්තට.

විවේක් කියපු විදිහට අද night party එකක් නිසා රිහාන් ට night duty වැටිලා මුහුද අයිනෙන් ගාඩ් ල ඉන්න තැනට ගියත් ඔහු පේන්න නොවෙද්දි ගාඩ් රූම් එක ලඟ කනුවට හේත්තු වෙලා යෙනුශ්ක මුහුද දිහා බලන් වුන්නා.

" මාව බලන්නද ආවේ මැනික. "

යෙනුශ්ක හේත්තු වෙලා හිටිය තැනින් ඔහුව ඇඳලා ගත්ත රිහාන් යෙනුශ්කව back hug කරගෙන ඔහුගේ කනට කෙදිරුවා.

" මට ඉතින් වෙන වැඩ නැහැනේ. "

"ම්ම්.. මාව හොයන් නෙවෙයි නේ ආවේ එහෙනම් මම යනවා enjoy. "

යෙනුශ්කව අතහැරපු රිහාන් යන්න හැරෙද්දිම අනිත් පැත්ත හැරුන යෙනුශ්ක ඔහුගේ කර වටා අත්දෙක දාලා ඒ පපුවට තුරුල් වුනේ  පොඩි එකෙක් වගේ.

" මන් දන්නෙ නැහැ කේශ් මන් ඔයාට ඇදෙනවා හරියට කාන්දමක් වගේ.. මගේ හිත හොල්ලන්න පුලුවන් කෙනෙක් මට මෙච්චර කාලෙකට හම්බෙලා නැහැ. මන් gay කෙනෙක් නෙවෙයි ඒත් මට කැමැත්තක් ඇති වුන එකම පිරිමියා ඔයා. "

" මම ඔයාට එදත් කිව්වා මට වැටෙන්න එපා.. ඒක ඔයාටයි හොද නැත්තේ මම කැමති කෙනෙක් ඉන්නවා. "

" බැහැ.. බැහැ.. බැහැ.. තමුසේ මගේ.. හොදට අහගන්නවා රිහාන් කේශව් සැමුවෙල්.. මම මන් ආස දේවල් බෙදාගන්නේ නැහැ.. "

" අපි බලමු. "

කට කොනෙන් හිනා වුන රිහාන් යෙනුශ්ක තදින් බෙල්ල අල්ලන් ඉන්න අත්දෙක අයින් කරලා යන්න හැරුනේ යෙනුශ්ක කේන්තියෙන් වැලි වලට පයින් ගහන් හැරිලා යනවා ඇස් කොනෙන් බලාගෙන.

' උඹ ඊරිසියා කරන්නේ උඹටමයි යෙනු.....පිස්සු හාවා කේන්ති ගියාම තක්කාලි ගෙඩියක් වගේ මූණ '

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" මට කියපන් රිහා අර උඹව හොයන් ආපු mr.යෙනුශ්ක මොකද නිකම් නැට්ට පැගිලා වගේ අර වරුන් කාරයවත් ඇදන් ගියේ.. පාඩුවේ හිටිය මටත් එරෙව්වා මන් කරපු මොන වැරැද්දකටද මන්දා. "

රෑ ඔෆ් වෙලා බෝඩිමට යන ගමන් විවෙක් රිහාන්ගෙන් ඇහුවේ හොදට හිනාවෙලා ගියපු මනුස්සයා එකපාර යකෙක් වැහිලා වගේ වරුන් වත් ඇඳන් තමන්ටත් ඔරවලා ගිය එකට රිහාන්  කොහේ හරි මුල්ලක ගැවිලා ඇති කියලා හිතුන නිසා.

" ඌ හදන්නේ මාව සල්ලි වලට ගන්න බැහැ කියලා දන්න නිසා මායම් දාලා මායම් වෙලා දාගන්න.. පොඩ්ඩක් රස්තියාදු කරන්න ඕන.. ප්‍රසිද්ද බිස්නස්මන්, හොටෙල් එකක වැඩ කරන සේෆ් ගාඩ් කෙනෙක්ගේ පස්සෙන් යයි කොහොමද නිව්ස් එක. "

" දෙන්නගෙම ජොබ් වලට කෙලෝගන්න වැඩක් පුතේ ඕක නම්. "

" උඹ බය නැතුව ඉදාන්. "

" ඒකම තමයි බය මටත්. "

හෙයි..

වැඩ ටිකක් වැඩියි ලමායි🥺. ඒකයි අප්ඩේට් දෙන්න බැරි. ඉක්මනට කතාව කම්ප්ලීට් කරන්නම්.

විටාෆේ 🩶🌼