Chapter 5: 4🖤

The Horizon🖤 ( Completed ✅ )Words: 11839

අද අහස හරිම පැහැදිලි වෙනදට රටා මවන වලාකුළු වත් අහසේ පේන්න තිබ්බේ නැහැ. ඇතින් ඈතට වෙන්න එකක් දෙකක් විතරක් තිබ්බ වලාකුළුත් දැන් කැලි කැලි වලට කැඬිලා විසිරිලා ගිහින්. ඉර එයාගේ රශ්මිය කෙලින්ම පොළවට එවන්න පටන් අරන් පොලොවේ ඉන්න හැම ජිවියෙක්ටම එයාගේ බලපුලුවන්කාර කම පෙන්න්න්න වගේ. මෙච්චර සැර අව්වක් තිබිලත් කෙනෙක්ට නම් ඒ ගැනවත් ගානක් නැහැ වගේ. මුහුද ඉස්සරහින් තියෙන බෙන්ච් එකේ ඉදගෙන ඔහු ඔහේ බලාගත්තු අත බලාන් සිටියා. අව්වට ඒ මූණට රතු පාටට හැරිලා ඒත් ඔහු නම් හිටියේ ඒ පිළිබදවත් වඟක් වත් නැතුව.

බොහො වෙලාවකට පසු ඔහු එතනින් නැඟිට්ටේ කට කොනෙහි හිනාවකුත් සමඟ.

' මට ඔයාව අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ ms.යෙනුශ්ක.. යෙනුශ්ක ඉදුවර මගේ ආදරනීය ඕතර් මන් ඔයාගේ අතීතේ.. වර්තමානේ ඒ වගේම ඔයාගේ අනාගතේ ගැනත් හොදට දන්නවා. මම තරම් තමුන් ගැන තමුන්වත් දන්නේ නැතුව ඇති හාහාහා.. අවසානයේදී එහෙනම්  අපි හමු වුනා.. මම ඔයාට අහු වුනා කියලද හිතුවෙ. හාහාහා.. මමයි ඕනකමින් ඔයාගෙ උඟුලට පැටලුනේ.. '

තමන්ටම මුමුණ ගනිමින් ගෙදර ආව රිහාන් වොශ් එකක් දාගෙන ලැස්ති උනේ dinner එක ලැස්ති කරන්න උනත් එක පාරම ගෙදර බෙල් එක ring වුනා.

" හායි gd evening.."

" You?.. "

බොරු මවාගත්ත කෝපෙකින් රිහාන් යෙනුශ්ක දිහා බලන් හිටියේ හිත ඇතුලෙන් සතුට බල්ටි ගහද්දි.

" අයින් වෙන්න මට ඇතුලට එන්න. "

රිහාන්ව තල්ලු කරන් ගේ ඇතුලට ආව යෙනුශ්ක කෙලින්ම ගියේ කුස්සියටයි. පැස්ටා හදන්න සුද්ද කරපු කැරට් අලයකූත් අරන් පැන්ට්‍රිය උඩ ඉදගත්ත යෙනුශ්ක දිහා රිහාන් බැලුවේ මේ කාගේ දරුවෙක්ද කියලා බලනවා වගේ.

මේකා තනිකර හාවෙක් ඉස්සරහ දත් දෙකේන් කැරට් අලය කඩන් කන යෙනුශ්ක ගාවට ගිය රිහාන් ඔහුගේ කොන්ඩේත් අවුස්සන් බාගෙට කපලා තිබ්බ එළවළු ටික කපන්න ගත්තා..

" ම්ම්.. සුවඳයි ඔයා හොදට උයන්න දන්නවා නෙ. "

" ඔව් ඉතින් මන් සැලකිය යුතු කාලයක් හිටියේ ගෙදරින් පිට. "

" අපි දෙන්නයි නේ ඉන්නේ ඇයි ප්ලේට් තුනක්. "

" අනිත් එක මගේ.. "

" මගේ පැටියෝහ්.. මන් ගෙදර ආවා. "

" පැටියෝහ්?.. "

" ආ.. මේ.. මේ.. "

රිහාන් කියන්න ගිය දේ සම්පුර්ණ කරන්න කලින් දොරත් ඇරන් කෑ ගහගෙන ආපු විවේක් රිහාන්ගේ නලලේ පැත්තකට කිස් එකක් දෙද්දි කිචන් එකේ ඉදන් මේ දෙන්නා දිහා බලන් හිටිය යෙනුශ්කගේ කට ඇරුනා වගේම අඩියට දෙකට එතනට ආපු ඔහු විවෙක් දිහා බැලුවේ මරන් කන්න වගේ බැල්මකින්. ඔහුගේ බැල්මට විවේක්ගේ වචන නිකම්ම හිර වුනා.

" ඔව් මිස්ටර්.. විවේක් කියන්නේ මගේ පාට්නර්.. ඔයා ඇහුවා නේද ප්ලේට් තුනක් ඇයි කියලා ඒක මගේ ෆියොන්සේට..  "

"හෙයි.. කොහොමද mr.යෙනුශ්ක මන් හිතුවේ නැහැ ඔයා මෙහේ ඇති කියලා .. "

" රිහාන් මෙහෙ එන්න පොඩ්ඩක්.. "

" ඇයි. "

" මගේ ජොබ් එක ගහලා යයි මිනිහො මොනාද අර කියපු අසමජ්ජාති කතාව. "

රිහාන්ව පැත්තකට ඇදන් ගිය විවේක් යෙනුශ්ක දිහා හොරැහින් බලන් ඇහුවේ රිහාන්ගේ මුහුනේ කපටි හිනාවක් ඇදෙද්දි.

" හරි.. හරි.. මන් ඒවා බලාගන්නම් උඹ ගිහින් වොශ් එකක් දාන් වරෙන්. "

" හරි බොක්ක. "

විවේක් රූම් එකට ගියාට පස්සේ රිහාන් හැරුනේ ඔරවගෙන අහක බලන් ඉන්න යෙනුශ්ක දිහා.

" යෙනු එන්න කන්න. "

" හාහ්?.. "

" කන්න එන්න ලමයො දැන් මැරෙන්න හැඳුවා නේ මම උයලා ඉවර වෙනකම් බඩඟිනි බඩඟිනි කියලා. "

" මට ඕන කැමක් නැහැ මම යනවා tack care. "

" කොහෙද ඔය යන්නේ ඉදඟනින් මෙතනින් මගේ මාරයා අවුස්ස ගන්නේ නැතුව. "

යන්න ගියපු යෙනුශ්කව ඇඳලා පුටුවෙන් වාඩි කරවගත්ත රිහාන් බෙදාගෙන ආව පැස්තා එක ඔහුගේ ඉස්සරහින් තිබ්බා. රිහාන් දිහා ඔරවලා බලපු යෙනුශ්ක පැස්තා එකටත් ඔරවගෙන කන දිහා රිහාන් බලාගෙන හිටියේ නම් හෙන ආඩම්බරෙන්. තමන් ආසම ආදරේ කරන ඕතර් අවුරුදු ගානක් හොයලත් හොයාගන්න බැරි වුන කෙනා අද එයාගේ ඉස්සරහ. ඉතින් කාටද ආඩම්බර නැත්තේ.

" රිහාන් හෙට මන් ඔෆ් උඹත් ඔෆ් නේ මම ඩ්‍රින්ක්ස් වඟයක් ගෙනාවා මොකද කියන්නේ සෙට් වෙමුද?.. mr.යෙනුශ්ක okay ද?.. "

" හරි මොකද කියන්නේ යෙනු අපිත් එක්ක සෙට් වෙනවද?.. නැත්තම් ඒක මඳි කමක් වගේද?.. "

" මන් ඉන්නම්.. "

රිහාන් දිහා කලින් විදිහටම ඔරවන් ඉන්න යෙනුශ්කගේ කම්මුලට තට්ටුවක් දාල රිහාන් නැඟිටලා ගියේ ඩ්‍රින්ක්ස් දාන්න ග්ලාස් සහ බයිට්ස් ටික අරන් එන්න.

" ඇත්ත කියනවා තමුසේ අරුගේ ෆියොන්සේද?.. "

" න්.. න්.. නැහැ.. යෙනුශ්ක මහත්තය ඌ මගේ බඩී.. හෙ.. හෙ.. ඒකා විහිලුවක් කරේ.. "

රිහාන් නැඟිටලා යනකම් බුම්මන් හිටිය යෙනුශ්ක විවේක්ගෙ කොලර් එකෙන් ඇඳලා අරන් රහසින් වගේ ඇහුවේ විවේක්ට ආයෙත් ගොත ගැහෙද්දි.

" ම්ම්.. ගුඩ්. "

බකාඩි බෝතලේ ටික ටික හිස් වුනා. මුල් වට දෙකේ රිහාන් බිව්වාත් තව දිඟට බොන්න නොගියෙ යෙනුශ්ක තුන්වෙනි ග්ලාස් එකත් හිස් කරනවා දැක්ක නිසයි. ටික ටික වැඩි වෙනකොට තවත් කෙලින් ඉන්න බැරි වුනත් තව බොන්න ඕන නිසාම රිහාන්ගේ උරහිසට හේත්තු වෙලා යෙනුශ්ක තව ශොට් එකක් ගත්තේ ඒක උස්සලා බීපු ගැම්මටම රිහාන්ගේ ඇඟට වැටෙද්දි. එහෙම්මම රිහාන්ගේ පපුව උඩ ඇස් පියාගත්ත යෙනුශ්කව උස්සන් රිහාන් කෙලින්ම ආවේ කාමරේට. යෙනුශ්කව ඇඳ උඩ හාන්සි කරවලා ඔහු ලඟින් ඇල වුන රිහාන් ඒ මූණට වැටිලා තියෙන කොන්ඩ කැලි ටික කන පිටිපස්සේ රැදෙව්වා.

' මගේ මුරණ්ඩු හාවා.. ඔයාව මෙහෙම මගේ ලඟ තියාගන්න මන් කොච්චර නම් ආස වුනාද කොහෙද ඉතින් ලොකුකමනෙ දැන් ඉන්නවා අහිංසක හාවෙක් වගේ නිදන්.. '

රිහාන් පහත් වෙලා යෙනුශ්කගේ නලලේ හාදුවක් තිබ්බා. එහෙට මෙහෙට වෙලා තිබ්බ ශර්ට් එකත් ගලවලා අයින් කරපු රිහාන් ඔහු ලඟින්ම ඇල වුනේ වෙරි මතේ හිටිය යෙනුශ්කත් රිහාන්ගේ උණුහුමේ ගුලිවෙද්දි.

සොරි ලමායි.. ඊයේම කතාව කම්ප්ලීට් කරනවා කියල ඉදියාට කම්ප්ලීට් කරගන්න බැරි වුන. පොඩි වැඩ වගයක් තිබ්බා. දැනුත් පොඩි වැඩ වගයක ඉදන් තමයි මේ අප්⁣ඩේට් එක දැම්මේ.. ඉක්මනටම කතාව කම්ප්ලීට් කරන්නම් ලමායි.. බායි..

විටාෆේ🩶🌼