Back
/ 8
Chapter 2

1🖤

The Horizon🖤 ( Completed ✅ )

ඒ හිරු තම රාජකාරිය නිමවා බැස යන හවසක් වුනා. මුලු අහස් ගැඹම  රතු රෝස මිශ්‍ර පාටකින් සැරසිලා. දැන් දැන් වවුලන් උන්ගේ පිහාටු ගසමින් පියාඹන්නේ විහඟ රෑනක් කැඳලි කරා වෙහෙසව ඇදෙනවාත් සමඟමයි.

මෙතෙක් වෙලා හිරු රශ්මියෙන් නැහැවි ප්‍රාණවත්ව තිබු ඒ කුඹුරු යායම දැන් පෙනෙන්නේ  අවමංගල්ලයකට සහභාගීවී ශෝකයෙන් හිස නමා සිටිනා පිරිසක් මෙන් ය. ඔවුන්ට වෙහෙසයි දවල් කාලයේ පුරාම කුරුලු කොබෙයියන් සමඟ සටන් කොට තම වැඩෙන කිරි දරුවන් පරෙස්සම් කල නිසා. ඉතිං බැස යන හිරුත් වැඩ භාර ගැනීමට පැමිණෙන චන්ද්‍රයාත් ඔවුන්ට සුවබර නින්දකට ඇරයුම් කරයි.

ගිනියම් වුන මධ්‍යහනයෙන් හෙම්බත් වෙලා පොලොව පවා දැන් දුම් දමමින් ඔවුන්ගේ වෙහෙසකර දවස සුසුම් පිට කරනවා. රෑ කුසුම් මල් පොකුරම් පිපීමට ආසන්නව බලා හිදිනවා. ඔවුන් සැරසෙන්නේ හිමින් පායා එන සඳ මනාලිය මැදියම් රැයෙයි තරු ගොන්නක් මැද අභිශේක කරන්නයි.

සියල්ල  වෙනදා වගේම සිදු උනත් අද නම් තවත් කෙනෙක් මේ සිදුවීම දිහා අවදානයෙන් බලා සිටි. හවස් යාමයේ පොතක් ද රැගෙන අටවා තිබු පැලේ හොදට අවට පෙනෙන අයුරින් හිදගත් ඔහු තම පොත කියවා අවසන් කරේ ටික වෙලාවකට කලිනි.

පෙනහළු පුරවන් ගැඹුරු හුස්මක් ගත් ඔහු තම අතෙහි තිබු පොතද රැගෙන හිද සිටි තැනින් නැඟිට අත පයේ හිරි හැරියේ දැන් පැය ගානක් තිස්සේ එකම ඉරියව්වෙන් හිදසිටි නිසා ඇතිවු වේදනාව මඟහරවා ගැනීමටයි. ඔහු එහෙමයි පොතක් යනු ඔහුට ආසම මත් පානයක් වැනිය. ඔහු එයට කොතරම් ඇබ්බැහි වීද යත් ඒ මත ගිලෙමින් ගෙවන පැය ගනන් ඔහු නොදත්තේය. හොද රසවත් පොතකට හැකියි ඔහුව දවස් සති මාසයක් උනත් බාහිර ඇසුරක් නැතුව තමා මතම වශියෙන්  තබාගන්න. ඔහු ඒ තරම් එයට වැටි ඇත.

කොටට කැපු අළු පාට හිසකෙස් දැන් උරහිස් ප්‍රමාණයට වැවි ඇත. එයින් කොටසක් අල්ලා බූල් බැන්ඩ් එකකින් ගැට ගැසු ඔහුගේ නිල් දුඹුරු මිශ්‍ර ඇස් හා දිග ඇහි පිහාටු සැම විටම එකට රැලි ගැහෙන නලල. හීනී දිඟ රෝස තොල් ඔහුට ගෙන ආවේ ආඩම්බර නපුරු පෙනුමකි. ස්වේත වර්නයෙන් දිදුලන සමක් ඔහුට ලැබුනේ නම් ඔහුගේ මවගේන් කීමට කිසිදු තර්කයක් අවශ්‍ය නැත. ඇයිද කීවොත් ඔහු ගේ රුව මවගෙන් හරි අඬක් වැනිය.

පියා ශ්‍රි ලාංකිකයෙකු වෙද්දි ඔහුගේ මව ඉතාලි ජාතික කාන්තාවකි. මව හා පියා දෙදෙනාම කතෝලික ආගම වැලදගත් නිසාමද කොහෙද රිහාන් සෑම ඉරු දිනකම් දේවස්ථානයට යන්න අමතක කරන්නේ නැත. ඔහු කොතරම් ගුප්ත කෙනෙකු උවද පල්ලිය ඇතුලෙදි ඔහු වෙනම අයෙකි. සෑම ඉරිදාවකම දේවස්ථානයේ පියානෝව ඔහු සතු වේ. රවුම් කන්නාඩියක් සහා තනි සුදු කමිසයක් හා කලිසමකින් සැරසෙන ඔහුගෙන් ඒ මොහොතේ නම් පෙනෙන්නේ ඉතාමත් නැන්පත් නිවුනු පුද්ගලයෙකි.

" ඔබට හැකි නම් අහසට නැඟී..

මුහුදු පහුකර..

ක්ශිතිජය කෙලවරටම  පැමිනෙන්න..

මම ඔබ එනතුරු ඒ මායිමේ සිට බලාසිටිමි.. "

තමා ආසම නවකතා රචකයා වෙතට ලියු පිටු ගනනාවක විචාරයක් සමඟ ඔහුව හමු වීමට කැමති වඟ දන්වමින් යැවු ඇරයුමට ඔහුගෙන් ලැබුනේ මෙවන් ප්‍රතිචාරයකි.

ඔහුගේ කියවන හැම පොතකම ඒ  ඒ කරුණු වෙන වෙනම තේරුම් ගෙන ඒ හැම කතාවකට සාදාරණ විචාරයක් ලියා යවන්න ඩෙරන් අමතක කරන්නේ නැත. එසේ යවපු සියලුම විචාර වලට ස්තූති කර එවු ලිපිද ඔහු සතුව පවති. මෙය ඔහුගේ පලමු ආරාධනයයි.

නමුත් එයට ඔහුට ලැබුනේ මෙවන් ප්‍රෙහෙලිකාවකි.

කියවා කටපාඩම් වී ඇති පිටු නැවත නැවත් පෙරලමින් ඔහු යමක් සොයයි.

" මුහුදක් පහු කර.. අහසට නැඟ.. ක්ශිතිජය.. "

ඔහු තමාටම මුමුණමින් සොයයි. නමුත් ඒ වචන වලට  කිසිම උදව්වක් ඒ පොත් ඇතුලෙ වත් තිබුනෙ නැහැ.

අපි ඉක්මනින්ම හමුවෙනවා ඉදුවර. එහෙම ඩෙරන් හිතුවත් එතනින් පසු ඔහු ලිව්ව එක ලියුමකට වත් පිලිතුරු ලිපියක් ලැබුනේ නැහැ..

අවසානයේ එම ලිපිනය තියෙන ගෙදර හොයන් ඔහු යන්න තීරණය කරේ මාස ගනනාවක් පුරා ලිව්ව එකදු ලිපියකට වත් පිලිතුරු නොලැඹුන විටදීය.

නමුත් එහි ගියද කිසිම කෙනෙකු තවත් එහි ජිවත් වන බවක් පෙනෙන්න තිබ්බුනේ නැහැ.

" මහත්තයා කාවද හොයන්නේ. "

" මේ ගෙදර කවුරුත් නැද්ද මාමේ. "

" මේ ගෙදර හිටියේ ඔය ලොකු ඔෆිසියක මහත්තයා කෙනෙක් නොවැ. තනියම තමයි හිටියේ ඔව්. ලොකු මහත්තයා අන්තරා උනාට පස්සේ මේ මහත්තයගේ අම්මා අසනීප වුනා. පව්.."

ඩෙරන් ලිපියේ තිබු ඉදුවර ගේ නිවස සොයා ගිය විටදි එහි මුර කරු කියා සිටියේ ඔහු මවගේ අසනීපය නිසා කොළඹ ගිය බවක් ය. ගිය බලාපොරොත්තුව කඩ වු ඔහු නැවත ගෙදර පැමිණියා.

හරි ලමායි.

අලුත් කතාවක් පටන් ගත්ත හැබැයි මේක මම කෙනෙක් වෙනුවෙන් ලියන කතාවක්.. හරි මම කියන්නම් ඒ කවුද කියලා ම​ට ටැමිල් බැහැ. ඒත් ඔයාලාට ඉස්සරහාට එන කතා වල ටැමිල් චරිත හම්බවෙයි වගේම ටැමිල් දෙබස් ගොඩක් හම්බවෙයි. එතකොට ඒ ටැමිල් චරිත වල දෙබස් වලට උදව් කරන්නෙ මට අශි නංගි. නැත්නම් ඔයාලා දන්නවාත් ඇති සමහර විට bhagi_ashi143 එකවුන්ට් එකේ දෙවනි ඕතර් අශි නංගා. අද එයාගෙ බර්ත්ඩේ එක. ඉතිං මට ඒ විදිහට උදව් කරන අශි නංගාගෙ බර්ත්ඩේ එක අද. HAPPY BIRTHDAY ASHI NANGA❤️.Himashi21. ට්‍රේලර් එක හදලා දුන්නා  කෙනාගෙ නම තහනම් එකක්.. කවර් එක Shesh-24 නංගා හදලා දුන්නෙ.. Thanks Lamai❤..

ඉති එයා වෙනුවෙන් විටාෆේ ලිව්ව කතාව තමා මේ❤️..

අදම කතාව කම්ප්ලීට් කරනවා ලමායි. ඒ වගේම තවත් ලස්සන කතා ගොඩක් මම ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරලා තියනවා.. ඒ කතාත් මම ඔයාලට ඉක්මනට අරන් එන්නම්.. එතකන් තාවකාලිකව ඔයාලගෙන් සමුගන්න මම..

විටාෆේ🩶🌼..

Share This Chapter