Chapter 23 of 24

සම්බෝල පූසා (Part 22)

තුන්කොන් BL2,367 words~12 min read

මතීශ් pov

" මතීශ්වර ඕකට රිදෙන් නෑ ඔයිට වඩා ස්පීඩ් කරන්න.."

" කමෝන් බෝයිස්.."

" මතීශ්වර පන්ච් කරද්දි බ්‍රීත් අවුට් කරනවා.."

" ඔහොම කරද්දි ඉක්මනට ටයර්ඩ් වෙනවානේ.."

" footwork වැරදී මතීශ්වර..ඔච්චර කකුල පස්සට ගන්න කියලා දුන්නෙ කවුද උබට.."

අම්මපා මං දැන් පන්ච් කරන්නෙ පන්චින් බෑග් එකට නෙවෙයි මේකාගෙ දත් ටිකට..

අද හවස බොක්සිං ප්‍රැක්ටිස් දවසක් වෙද්දි ප්‍රැක්ටිස් පටන් ගත්ත වෙලාවේ ඉදන් මූ මගෙ නම මතුරනවා..අනිත් උන් උන්ට හිතෙන හිතෙන මගුල් කරද්දි කෙවින් පගයා මගෙ ඇදම හොය හොය බොරුවටත් එක්ක කෑ ගහනවා..ඒ අස්සෙ සෙනාශ් ඒවාට හිනා වෙ වී මට නෝන්ඩිය දානවා..

" හාවෙක් වගේ ඔච්චර පනින් නෑ ඕයි..හරියට ඩ්‍රිල්ස් කරනවා..මොකද උබට අද මේ වෙලා තියෙන්නෙ..ඉස්සරහාට ගන්නවා කකුල..."

" අන්න රයිට් තව ටිකක් ලෙෆ්ට් වෙන්න..ඔයිට වඩා අත් උස්සලා පන්ච් කරන්න පවර් එක වැඩි වෙන්න.."

" හරිද.."

" නෑ නෑ ඔහොම ඉන්න.."

කියන කියන පැත්තට අත් කකුල් හරව හරව පෙන්නුවත් එයාට ඒත් මං කරන විදිහ වැරදි වෙද්දි කෝර්ච් ඇවිත් මගෙ පිටිපස්සෙන් ඉදන් අත්වලින් අල්ලලා වෙන්න ඕනි විදිහට අත් දෙන හරි ගැස්සුවා..

" මේ ගානට තියා ගන්න..ඔයා තියන් හිටිය විදිහට අත් දෙක එච්චර ඈත් කරන් ෆයිට් කරොත් කෙලින්ම ශොට් එක හම්බෙන්නෙ උබෙ මූණට.."

" තේරුනාද.."

" හ්ම්ම්.."

" ම්ම්ම්..ගුඩ්..බෝයිස්..තව ටික්කින් ටෙන් මිනිට්ස් බ්‍රේක් එකක් දෙන්නම්..කො කෝ රුක්ෂාන් ඒ පාර තමුසෙගෙ කකුල් වැරදී.."

මගෙ වැරද්ද හදපු එයාට ඒ පාර රුක්ෂානයාගෙ වැරැද්දක් පෙනිලා දෙයියනේ කියලා මගෙ ලගින් එහාට ගියා..

මේකා නිසා මට බොක්සිං ගහන එකත් එපා වෙනවා..ඒකට සෙනාශ්..කෙවින් බොසා උගෙ අයිඩොල්ලු..පොර උගෙ ලග ඉන්න වෙලාවට සෙනාශ්ගෙ මූණෙ පැණි හිනාව තමා බලන්න වටින්නේ..කොහොමත් මට පේන්නම බැරි දේවල්වලටනේ ඌත් ආස..

" සුවදයි නේ.."

" මොනවද.."

" කෝර්ච් ලග.."

" මං දන් නෑ.."

මගෙ ළගට ඇවිත් කනුවකට ජැක් එකක් ගැහුව සෙනාශ්ට මං උත්තර දුන්නෙ ප්‍රැක්ටිස් කරන එක තප්පරේකටවත් නතර නොකර..

" ඇයි හුත්තො..නහයක් නැද්ද උබට..මටනම් එයා ලග මාරම සුවදයි..ආස හිතෙනවා ඕයි.."

" උබ පොරට කැමතිද.."

" ට්‍රැකද.."

කෝර්ච් ගැන කිය කිය සෙනාශ් සෙවල හලන නිසා මං එහෙම ඇහුවත් මේ පගයා මගෙ ඔලුවට ගහද්දි මාත් ආපිට උගෙ බඩට ශොට් එකක් දුන්නා..

සුවද හොය හොය ඉව කරන්න යන්නෙ මොනෝත්තකටද ඉතින් කැමති නැත්තන්..

" මූ මහ වාතයක් ඕයි..දැක්කානෙ ඉස්සල්ලා.."

" පගයෝ..ඌ මෙතන ඉන්න කාටවත් වැඩි අවදානයක් දෙන් නෑ..ඒත් අපි තුන් දෙනාට එහෙම කරන එක ගැන සතුටු වෙයන්.."

" ඇයි.."

" බ්‍රේක් එකක් ගන්න.."

සෙනාශ් මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කෙවිනයා අපිට බ්‍රේක් එකක් දෙද්දි ග්ලවුස් දෙක ගලවලා තියලා ෆේස් ටවල් එකෙන් දාඩියත් පිහින ගමන් පොඩ්ඩක් හුලං වදින්න අපි දෙන්නා එළියට ආවා..

" පොර වැඩි අවදානයක් දෙන්නෙ වැඩියෙන්ම ටැලැන්ටඩ් උන්ට විතරයි.."

" ඉතින් අපි ටැලන්ටඩ්ද.."

මං ඇහුවෙ ටවල් එක කරේ දාන් සෙනාශ් අතේ තිබ්බ වතුර බෝතලෙත් උදුර ගන්න ගමන්..ඊයා කෙලත් එක්ක බෙදා ගන්න වෙනවා දැන්..සසිරුවා උගෙ බෝතලේ අද දාලා ඇවිල්ලා නිසා මගෙ එක ඌ ලග..දැන් මට මුගෙ එකෙන් තමා බොන්න වෙන්නේ..

" තෝත් එක්ක කතා කරලා වැඩක් නෑ බං..ඕනි හුත්තක් හිතා ගනින්.."

" ඇයි ඉතින්..දන් නැති නිසානෙ ඇහුවේ.."

" හා..කෝ රුක්ෂාන්.."

" ඔය දිව්වෙ ටොයිලට් පැත්තට.."

" සසිරුව බලන්න යනවද.."

" මට බෑ..අපි මොකටද ඌව බලන්න යන්නෙ උගෙ තනියට මිනිදු ඉන්නවා නෙ දැන්.."

" ඒ උනාට යන් නැත්තක් කෙදිරි ගාන්න ගයි ආවෙවත් නෑ කියලා.."

ඌ හරි..බ්‍රේක් එකක් දුන්න වෙලාවට බලන්න එන්නම් කියලා දැන් ගියෙ නැත්තන් සසිරු කුනු කුනු ගාන්න ගන්නවා..ඒ නිසාම සෙනාශ් මට ඉස්සර වෙද්දි මාත් ඌ පස්සෙන්ම ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට ගියා..

අද අපිට ප්‍රැක්ටිස් නිසා සසිරුව කලින් ගෙදර එක්කන් යන්න කෙනෙක් හිටියෙ නෑ බාප්පාටත් ලොකු වැඩකට කොහෙදෝ යන්න වෙනවා කිව්ව නිසා සසිරු අපිට ඉවර වෙනකම්ම ඉස්කෝලේ නැවතුනා..හිටියා කියලා පාඩුවක් වෙන් නෑ උගෙ තනියට හෙඩා ඉන්නවා නේ..

ප්‍රිෆෙක්ට් රූම් එකට ටොයිලට් එකත් පාස් කරගෙනම යන්න තිබුන නිසා අපි රුක්ෂාන්ටත් කතා කරගෙනමයි ගියේ..අපි යද්දි සසිරු ඩෙස් එකේ ඔලුව ගහන් නිදි..මිනිදු අයියා උගෙ ඔලුව අත ගානවා..

මූ තමුසෙට ආදරෙයි නේද සසිරු..ඒත් මං එක දෙයක්නම් හොදටම දන්නවා උබට නොදැනෙන මගෙ ආදරේට උගෙ ආදරේ පරාදයි..

" ඉවරද ප්‍රැක්ටිස්.."

" නෑ පොඩි රෙස්ට් එකක්..මූව බලලා යන්න ආවෙ.."

" ඔච්චර වෙලා නෝට් වගයක් ලිය ලිය ඉදලා දැන් ටිකක් වෙලා නින්ද ගිහින්.."

සෙනාශ් රුක්ෂාන් එක්ක ඇතුලට ගිහින් අරුන් එක්ක වාඩි උනත් මං ආපිට එළියට ඇවිත් කකුලත් නවලා බිත්තියට තියාන වතුර බොන ගමන් හේත්තුවක් දැම්මා..

මුලදි හිතුන් නෑ මේක මෙච්චර අමාරු වෙයි කියලා..ඒත් දැන්, සසිරු හෙඩා එක්ක ඉන්න හැම මොහොතකම මගෙ පපුව මහ අමුතු විදිහට ගැහෙන්න ගන්නවා..

" අයියා දැන්ම යන්නෙ නෑ නේ.."

" යන්නනම් ඕනි මං මෙයා නිසා නැවතුනේ..උබලට හතරට නෙ ඉවර.."

" ඔව් තව පැය භාගෙකින් ඉවරයි.."

" අපි මූව ඇහැරවමු.."

" එපා..නිදා ගද්දෙන්.."

රුක්ෂාන් සසිරුව ඇහැරවන්න ගියත් මට ඇහුනා හෙඩා ඌව නතර කරනවා..රෙස්ට් කරන්න දුන්න වෙලාවත් ඉවර වීගෙන එද්දි මං අරුන් දෙන්නාටත් කලින් ආපහු ඇවිත් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා..

එතන ඉන්න හිත දුන් නෑ මොකද මගෙ මුලු හදවතම අරූගෙ නමින් පිරිලා..එහෙම එකේ ඌව වෙන කෙනෙක් හුරතල් කරද්දි මට බලන් ඉන්න බෑ..එයාට ආදරෙයි කියලා කියා ගන්න බැරි උන එක ගැන මං දැන් පසු තැවෙනවා..ඔව් මං දහස් වාරයක් ඒ ගැන පසු තැවෙනවා..

ආදරේ කියන්නේ කොහොම හරි අයිතිකර ගන්න එකට නෙවෙයිලු..දුර ඉදන් උනත් එයාගෙ සතුට දිහා ආදරෙන් බලන් ඉන්න එකටලු..ඒත් මට දුරට වෙලා ඉන්න බෑ..සමහරවිට මැරෙනකන්ම උගෙ ලගටම වෙලා ඌ සතුටු වෙනවා බලාන මාත් සතුටු වෙයි..

කවදා කොහොම ඇති උනාද මංදා ඒක ඒත් මං ඌට ආදරෙයි කියලා දැන ගද්දි බලාපොරොත්තු ගොන්නක් හිතේ ගුලි උනා..හැබැයි සසිරු මිනිදු අයියත් එක්ක සෙට් උනාම මට දරා ගන්න අමාරු වෙද්දි ඒ හැම බලාපොරොත්තුවක්ම දැන් නැත්තටම නැති වෙලා ගිහින්..

දැන් මට කරන්න පුලුවන් එක දෙයයි..

දුක හංගන් හිනා වෙන එක..

" මතීශ්වර.."

" ඇයි..ඒ පාර මොකක්ද වැරදි.."

කෝර්ච් කතා කරද්දි ප්‍රැක්ටිස් කරන එක නතර කරපු මම සැරෙන් වගේ එයාට උත්තර දෙද්දි පොරගෙ මූණ අමුතු වෙලා ගියා..

මං ඒක හිතලා කරේ නෑ..එක පාරටම සැරෙන් වචන පිට උනා නේ..

" මුකුත් නෑ.."

" කෝර්ච්..සොරි..මං මොකක්ද වැරැද්දුවේ.."

" මුකුත් නෑ ලේස් එක ලිහිලා ගැට ගහ ගන්නවා.."

යන්න ගිය කෝර්ච්ට මං ආයෙත් කතා කරද්දි එයා ඇගිල්ල දික් කරලා පෙන්නුවේ මගෙ සපත්තුවල ලේස් එක..

ඇත්ත තමා ඒක ගැලවිලා..

මං එහෙම්ම නැමිලා ලේස් එක ගැට ගහ ගන්න ග්ලව් ගලවන්න ගියත්..

" ඔහොම ඉන්නවා.."

මාව නවත්තපු එයා නැමිලා මගෙ ලේස් එක ගැටගැහුවේ මං දිහා රවලා බලලා..

හිතලා සැරෙන් කතා කරේ නෑ අප්පා ඉතින්..රවන හැටි විතරක් දෙන්න පුලුවන් මේකාගෙ දත් ටික බඩට යන්න..ලස්සනයි කියලා හිතාන ඇති රවද්දි..මගෙ මහසෝන් යක්ෂයාට හපන් කලු කුමාරයෙක් මූ..

" තෑන්ක්ස්.."

" ම්ම්..ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස්.."

ආ එච්චරයි මං හිතුවෙ තවත් මොනා හරි කියයි කියලා වෙලාවට පොර මගෙ උරහිසට තට්ටි දෙකක් දාලා ගියා..

පැය බාගෙකුත් ගෙවිලා ගිහින් ප්‍රැක්ටිස් ඉවර වෙද්දි මං එහෙම්ම බෑග් එකත් උස්සන් රුක්ෂාන් එක්ක ගේට් එකෙන් එළියට ආවා..ඒ අතරෙ සෙනාශ් ගියා සසිරුව එක්කන් එන්න..

" ගෙදරද යන්නේ.."

" නැත්තන් මං කොහෙ යන්නද.."

" එහෙ යන්.."

" ඔව් ඊට පස්සෙ එහෙටම වෙලා තමා මට ඉන්න වෙන්නේ.."

" ආන් එනවා මගෙ කිරි කැටියා ඇස් දෙකත් පොඩි කර කර.."

රුක්ෂාන් කියද්දි මං හැරිලා බැලුවෙ තාමත් නිදි මතේ වැනි වැනි සෙනාශ් එක්ක එන සසිරු දිහා..උගෙ බෑග් එකත් අරූගෙ කරේ ගහලා එනවා පැද්දි පැද්දි..

" වාහානේ ආවෙ නැද්ද බං තාම.."

" ආවානම් අපි මෙතන ඉන්නවාද..මොකද මූ මේ කනමදයා වගෙ.."

" මං යද්දි නිදි හොදට හෙඩාගෙ ඔඩොක්කුවෙ.."

" අනේ මේ සෙනාශ් ඔඩොක්කුවෙ නෙවෙයි හිටියෙ හරිද.."

" එහෙනම් කොහෙද.."

" නිකන් කකුලෙ නෙ ඔලුව තියන් හිටියේ.."

" ඒක ඔඩොක්කුව නෙවෙයිද.."

" නෑ..ඔඩොක්කුවෙ නිදා ගන්නවා කියන්නෙ වෙනදාට මං මූව බදාන මුගෙ ඔඩොක්කුවෙ නිදා ගන්න එකට..නේද මතීශ්.."

" ම්ම්..වෙන්න ඇති.."

මං සසිරුට උත්තර දුන්නෙ උගෙ ලගට ගිහින් සාක්කුවේ තිබ්බ කණ්නාඩි දෙක අරන් ඌට දාන ගමන්..

" කිරි කැටියෝ ඔලුව විතරයි නේ තියන් හිටියේ..කට එහෙම තියන්න ගියෙ නෑ නේ.."

" තිබ්බෙ නෑ ගත්තා..අනේ මේ රුක්ෂාන් දෙන්නෙ උබට ඈ.."

" වැඩී වැඩී හොදටම වැඩී..ස්පීඩ් එක අඩු කරපන් නැත්තන් උබ හෙට අනිද්දාම බඩ වෙනවා.."

" මතීශ් ගහපන් මූට.."

සසිරු රුක්ෂාන්ට ගහන්න කිව්ව නිසා මං උගෙ පිට මැදටම පාරක් දුන්නා ඉතින්..

" අම්මාට @&#*#*.. "

" හොද වැඩේ තොට..මේ අහිංසකයාට අසික්කිත කතා කියනවාට.."

" මේ මේ උබ මේ ඇටයො දෙන්නා බොඩිගාර්ඩ්ලා වගේ දෙපැත්තේ තියාන හිටියාට ලොකු නෑ හරිද....දේන්නෙ උබර්ට.."

" දීපන් බලන්න.."

" ආ ආ..ඇති තොපි දැන්..පාර පැනලා යමන්කෝ අරෙහෙට.."

සසිරුයි රුක්ෂානුයි බොරුවට ගහ ගන්න යද්දි ඒක නවත්තපු සෙනාශ් අරෙහෙට යමන් කියාන පාර පනිද්දි මාත් සසිරුව අල්ලන් පාර පැනලා ගුවන් පාලම පැත්තට ගියා..

හවස නිසා අව්වත් අඩු වෙද්දි පාලමට වෙලා හතර දෙනාම පල්ලෙහායින් යන වාහාන දිහා බලාන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා..

මෙතනින් පැන්නොත් මැරෙයිද දන් නෑ නේ..තැලිලා මැරෙන එකද වාහානේකට යට වෙලා මැරෙන එකද හොද..පත වාහානේකට චප්ප උනොත්නම් ඉක්මනට බඩු හරි හැබැයි..

මියෑව්ව්....

මියෑව්....

" පූසෙක් නේ.."

" බල්ලො මිනෑව් ගාන් නෑ නෙ කිරි කැටියෝ ඉතින්.."

" අර ඉන්නේ.."

" ඒයි ඔහොම හියපන්.."

මං මේ මේකෙන් පැනලා මැරෙන විදිහක් ගැන කල්පනා කරද්දි පූසෙක් කෑ ගහනවා ඇහිලා සසිරුවා අපි ආව පාරෙන්ම බැහැගෙන ආයෙත් පහලට ගියා..

" මතී....ශ්.. එනවාකෝ.."

" ආන් පලයන් ගෑණි කතා කරනවා.."

ඒක කිව්වෙ සෙනාශ් පගයා..

කොහොමත් ඔතෙන්ට මං දැන් ගියෙ නැත්තන් මූ ආයෙත් කෑ ගහන නිසා මාත් ඌ ලගට යද්දි එයා අර දූවිලි නාන හිටිය පූස් පැටියාව තුරුල් කර ගත්තා..

සසිරු කොහොමත් සත්තුන්ට පට්ට ආදරෙයි පාරෙ ඉන්න එකෙන් උනත් අප්පිරියාවක් නැතුව අත පත ගානවා විශේෂයෙක් පූසෝ..

" සුදූ බබා..මුගෙ ලස්සන බලවාකෝ.."

" හ්ම්ම්..පූසෙක්ද.."

එයාගෙ අතේ හිටිය පූස් පැටියාගෙ ඔලුව අත ගාන ගමන් මං අහද්දි මේකා අරූ පූසෙක්ද බලන්න නැට්ට ඉස්සුවා..

" ඕ..පූසෙක්.."

ඇත්තටම ඌ ලස්සනයි..සම්බෝල පාට පූසෙක්..පාරේ හිටියාට කවුරු හරි කන්න දෙනවා ඇති බෝල ගෙඩිය වගේ ඉන්නවා..

" තමුසේ පූසොන්ට ආසද.."

ඒ ප්‍රශ්නෙ අපි ලගට ආව සෙනාශ්ගෙන්..

" ම්ම්.."

" ඕකාව ඕන්නම් අරන් යන්න කොල්ලෝ..කවුදෝ ගෙනත් දාලා ගිහින් මෙතෙන්ට..තුන් දෙනෙක් හිටියා චූටි කෙල්ලෙක් දෙන්නෙක්ව අරන් ගිහින් ඕකා විතරයි දැන් ඉතුරු.."

" අම්මාගෙන් අහලා අරන් යන්නම් මාමා.."

පූසාව හුරතල් කරනවා දැකලා අපි ලගට ආව මාමා කෙනෙක් සම්බෝල පූසාගෙ කතාව කියද්දි සෙනාශ්ගෙ උත්තරේ උනේ ඒක..

ඇත්තටම පුංචි කැමති නෑ එහෙට සත්තු ගේනවාට..අපිට වඩා පොඩි කාලයක් ජීවත් වෙලා ඉදලා උන් මැරිලා ගියාම එයාට ඒක අමතක කරන්න අමාරුයිලු..ඒකයි ඒ..එයා කැමති නෑ එයා ආදරේ කරන දේවල් එයාට කලින් නැති වෙනවාට..

" ඒයි..වාහානේ ආවා ඕකාව දාලා යන්.."

" හ්ම්ම්.."

සෙනාශ් කියන දේ අහලා සසිරු පූස් පැටියාව බිම තියලා ආවාත් මගින් මගට ඌ පූසා දිහා හැරි හැරී බැලුවා..

කාර් එකත් ආව නිසා රුක්ෂාන්වත් මගින් දාලා අපි එහෙම්ම ගෙදර ආවා..වොශ් එකක් දාලා කාලා එහෙම මහන්සි නිසා ටිකක් ඇදට වැටුනාම තුන් දෙනාටම නින්ද ගිහින් තිබුනෙ අපි දන්නෙවත් නැතුව..හැබැයි පැය දෙකකින් විතර මං ආයෙ ඇහැරෙද්දි ඇදේ හිටියෙ මාව තුරුල් කරන් හිටිය සසිරු විතරයි..ගොඩක් වෙලාවට මට කලින් සසිරුට ඇහැරුනත් එයාට කලින් මට ඇහැරුන හැම සැරේම මං පුරුදු වෙලා හිටියා යාලුකම කියන තාප්පෙන් පැනලා ගිහින් නිදාන ඉන්න එයා දිහා බලන් ඉන්න..

මගෙ වාසනාවකට සසිරු තාමත් නිදාන ඉන්න අතරෙ මං එයාගෙ පපුවෙන් ඔලුව උස්සලා ටික වෙලාවක් ඒ අහිංසක මූණ දිහා බලන් හිටියා..මට කොහොමත් කරන්න පුලුවන් ඒක විතරයි නේ..

එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා..

මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා..

" ම්ම්..මතීශ්.."

" ම්ම්ම්.."

" අපි නිදා ගත්තාද.."

" නෑ මේ ඇදට වෙලා ජිල් ගහලා..මොකද උබට ඔච්චර නින්ද යන්නෙ දැන් ආ.."

" දන් නෑ ඉතින් නින්ද ගිහින්..නිදා ගත්තත් වැරදී මං..තමුසෙට විතරද නිදා ගන්න පුලුවන්.."

" ඔව්.."

ඌට උත්තර දීලා බලෙන්ම සසිරුගෙ අත් මගෙ වටේ පටල ගන්න ගමන් මං එයාගෙ පපුවට තුරුල් වෙද්දි මේකා මට ගැහුවා..

" ම්හුක් ගහන්නෙ ඇයි..මට දෝ මතයි දෝ ගන්න දීපන්.."

" බෑ..කෝ අනිත් එකා.."

" ඌ හැලිලා.."

" දැන් ඇතී..නැගිටිනවා මතී....ශ්.."

" හරි විනාඩි දහයයි.."

" බෑ.."

" ඕන් නෑ.."

" ආ..ආ ඉන්නවා ඉතින්.."

එයාගෙ පඩ සීන් බලන්න බැරි නිසා මං නැගිටින්න ගියත් හිත හොද එකානෙ ඉතින් සසිරු මාව ආයෙත් තුරුල් කර ගත්තා..

" නෝට් ටික ලිව්වා චිත්‍ර වගයක් අදින්න තියනවා මගෙ එකෙත් එක්ක ඇදලා දෙනවා ඈ.."

ඔය ඉතින් නිදා ගන්න දෙනවායෑ..ආයේ හුත්තක් කියවපු නිසා මං නැගිටලා ඇදේ ඉද ගත්තා..අත් දෙකත් දිගෑරලා ලොකූ ඈනුමක් යවද්දි මං බලාගෙන ඒක දැක්ක සසිරුටත් ඈනුමක් යනවා..එහෙම්ම මං පල්ලෙහාට ඇවිල්ලා කුස්සිය පැත්තට ගියෙ පුංචිත් රෑට කන්න හදනවා ඇහුන නිසා..

" ආ ඇහැරියාද.."

" අරූ කෝ පුංචි..බාප්පා ආවෙත් නැද්ද තාම.."

" බාප්පා එන්න තව ටිකක් රෑ වෙයි මතීශ්..ආරව් ටවුමට ගිහින් එන්නම් කියලා ගියේ මොනාදෝ ගන්න තියනවා කියලා.."

" මේ අපි නැතුව.."

" ඒක තමා මාත් බැලුවේ..කෙල්ලෙක්වත් ඉන්නවාද.."

" නෑ ඉතින්..එහෙම එක්කට ගියත් අපිත් එක්කනෙ යන්නෙ ඕකා..පොඩිත් නෑනේ.."

" එයා හොද වැඩක් කරලා අද.."

" ඇයි.."

මං ඇහුවෙ පුංචි කප කප හිටිය කැරට් කෑල්ලකුත් කටේ දාන් පැන්ට්‍රි එකෙන් ඉද ගන්න ගමන්..

සෙනාශ් මාර මනුස්සයෙක් නෙ යකෝ..මේකාට අපි නැතුව ටවුන් යන්න ඕනි උනේ මොන මගුලකටද..

" සිතූට ඉස්කෝලේ හවස ක්ලාස් තිබ්බා..ඔයාලා ආවාට පස්සෙ වාහානේ ආයෙ යැව්වා නේ එයාව එක්කන් එන්න එතකොට පොඩී ඉස්කෝලේ ඉදලා නෑ.."

" ඇයි කොහෙද ගිහින් තියෙන්නෙ.."

" හොස්පිටල් ගිහින්.."

" ඒ මොකද ඒ.."

" ලොකූ බලන්න ගිහින්..ආන් දැන් ඉන්නවාලු ලගට වෙලා.."

" මෙව්වානෙ යකෝ ලව්.."

" මොකක්ද මතීශ් කිව්වෙ.."

" නෑ පුංචි මුකුත් නෑ..අයියා ලගනෙ ඉන්නෙ..බය වෙන්න දෙයක් නෑ ඉතින් තව ටික්කින් එයි.."

" පුදුම පිස්සු නටන්නෙ මේ ළමයිනම් ඇත්තමයි..පව් අර ලොකු කොල්ලා.."

ඌ ගැනනම් දැන් මට ඇත්තටම දුකක් දැනෙනවා..

මියෑව්....

මියෑව්ව්...

" පූසෙක් නේද.."

" හ්ම්ම්.."

" බලන්න වත්තෙන් ඇවිල්ලාවත්ද දන් නෑ කොහෙ හරි හිටිය එකෙක්.."

පුංචි කිව්ව නිසාම මං බිමට බැහැලා සාලෙ පැත්තට යද්දි මෙන්න හොර පූසා පඩිපෙල දිගේ උඩට නගිනවා..

මූ මේකට තමා එහෙනම් ටවුන් යනවා කියලා ගිහින් තියෙන්නෙ..

සෙනාශ් අර සම්බෝල පූස් පැටියාවත් අරන් ශේප් එකේ උඩට යන්න යද්දි පුංචිට ඌව මාට්ටු උනා.

" ආරව්.."

" මොකාද ඔය හංගා ගත්තේ.."

" මුකුත් නෑ.."

මියෑව්..

" කෝ පෙන්නනවා පූසාව.."

" පූසෙක් නෑ මං ඒ සද්ද දැම්මෙ මේ..මියෑව්.."

" ආරව් මේ මාව හාවෙක් වගේ පේනවාද.."

" ඔව් ටිකක් විතර.."

මියෑව්ව්....

" දෙනවාකො ඕකාව.."

මං බලෙන්ම සෙනාශ් පිටිපස්සෙ හන්ගන් හිටිය පූසාව අරන් වඩා ගද්දි පුංචිගෙ මූණ වෙනස් උනා..හරියට නිකන් පූසාව දැකලා අනාව්ව් ගාලා අල්ලලා මිරිකන්න හිතිලා වගේ..

" සසිරූ.......මෙහෙ එනවාකෝ.."

" ආරව්..ඔය පැටියාව හිටිය තැනටම ගිහින් දාන්න.."

" අනේ අම්මී..එයා ලස්සනයි නේ..අනික මං ඌව ගෙනාවෙ සසිරුට.."

" දැන් මොකද ඔය මඩ නාලා ඔලුවේ ඉදන්.."

පුංචි අහද්දි තමා මටත් මීටර් උනේ සෙනාශ් මඩ ඌරෙක් වගේ වෙලා..ඒත් එක්කම මං කතා කරපු නිසා පහලට ආව සසිරු මගෙ අතේ හිටිය පූසා දැකලා අන්තිම පඩි හයේ ඉදන් වගේ දුවන් එන්න ගිහින් වැටෙන්න ගිය පාර මං අල්ල ගත්තා..

" එයා මගදි පැනලා කානුවක් අස්සට රිංගපු නිසා මටත් ඒක අස්සෙ රිංගන්න උනා ඉතින්.."

" අනෙ.....සුදු පුතා...ඔයා කෝද මෙහේ...."

මියෑව්..

එයාගෙ ඇස් කණ්නාඩි දෙක අස්සෙන් දිළිසෙන්න ගත්තා..සසිරු ඉක්මනට මගෙ අතෙන් පූස් පැටියාව එයාගෙ අතට ගද්දි පුංචි ඉනට අත් දෙක තියා ගත්තා..මූණෙ පෙනුමෙන්නම් මූව තියා ගන්නවාට අකමැත්තකුත් නැති පාටයි..

" අම්මා තියා ගමුකෝ.."

" සසිරු ඔය සත්තු ළමයි වගේ අපි ලග ඉදලා අපිට කලින් මැරිලා ගියාම දුක හිතෙනවා දරුවෝ.."

මං කිව්වේ..ඕන්න ඕක තමා ප්‍රශ්නේ..

" අනේ අම්මා.."

දැන්නම් කොහොමත් බෑ කියන එකක් නෑ..සසිරු වෙලාවකට යටි තොලත් කනපිට පෙරලන් ඇස් දෙක බෝල කරන් දාන බලු බැල්මට කවුරු උනත් අහු වෙනවා..

" හ්ම්ම්ම් හ්ම්ම්ම්..තියා ගන්නකො එහෙනම්.."

දැක්කානේ..

" යේහ්හ්හ්හ්හ්හ්.....සුදු පුතා මගේ දැන්...අපි එක්ක ඉමු සූටි පැටියෝ..."

" හැබැයි තුන් දෙනාම එකතු වෙලා ඕකාව බලා ගන්න ඕනි මංනම් මුකුත්ම කරන් නෑ..ජරා කරාමත් අස් කරන්න ඕනි.."

" හරි ඉතින් අපි කරන්නම්.."

" සසිරු..අනේ මටත් දෙන්නකො චුට්ටක් අල්ලන්න.."

ආ..මට හිතුනා පුංචි බැන බැන උනත් සසිරුට ලං උනේ ඕකට තමා කියලා..

දැන් ඉතින් අලි මදිවට කොටි කියලා සම්බෝල පූසෙකුත් අපෙ ගැන්ග් එකට සෙට් උනා..

*****

සම්බෝල පූසා එක්ක ආයේ එන්නාම්...බායී......වෝට් කරන්නෝ..❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!