Chapter 24: පවසන්න සොදුරිය (Part 23)

තුන්කොන් BLWords: 28411

සෙනාශ් pov,

සෙනසුරාදා කියන්නෙ සමහර වෙලාවට මහ සාපකාරී දවසක්..ඒකට ප්‍රධාන හේතුව මේ මගුල් අව්ව..අව්ව නැත්තන් ඕනි දෙයක්..

ම්හුක් අම්මාගෙ ආරව් කලු උනොත් එහෙම කෙල්ලෙක්වත් බලන එකක් නෑ..

" කොහෙද ඕයි ඉන්නේ..ඉක්මනට වරෙන්කෝ.."

" අපි බෝල පල්ලිය ලග හුත්තෝ කී සැරයක් කිව්වාද තොට.."

" ආව්ව්..ආ ආ වරෙන්.."

ක්ලාස් ඉවර වෙලා රවුමක් දාලා ගෙදර යන්න අපි පාරට ආවත් මතීශ්ට උගෙ බෙරේ ගන්න ඉස්කෝලේට යන්න උන නිසා ඌ රුක්ෂාන් එක්ක ගිහින් එනකන් මායි සසිරුවයි බෝල පල්ලිය ලග නතර උනා..

" කොහෙද අරුන්.."

" ශ්‍රියානි එක ලගලු.."

" පයිද එන්නේ.."

" බස් එක්ක..පැණිදෙණියක නැගලා ඒක කොට කොටලු එන්නේ.."

" අතෙන්ට වෙලා ඉන්නවා අවුවයි නේ.."

" මට බෑ.."

අව්ව නිසා පවුනෙ කියලා ඌට හෙවනට යන්න කිව්වත් පණ්ඩිතයා ගත් කටටම බෑ කියද්දි මාත් ඕනි මගුලක් කියලා ඉන්න ගියත් මට ඒක කර ගන්න බැරි වෙද්දි මං සසිරුගෙ ටී ශර්ට් එක පිටි පස්සෙන් අල්ලන් ඇදගෙන හෙවනට එක්කන් ගියා..

හිත හොද වැඩීනෙ මේ සෙනාශ්ගෙත් ඒකයි ඉතින්..

" පණ්ඩිතකමනම් තියනවා ඔක්කොටම වඩා.."

" තමුසෙ තරම්නම් නෑ.."

" යැයි යැයි තමා..හිතුවක්කාරයා.."

" හිතුවක්කාරයා උබ නේ.."

" ආ ඔව් මං තමා.."

අරුන් දෙන්නා එනකන් ඉතින් අපි දෙන්නත් පාරෙ යන මිනිස්සු දිහා ඔහේ බල බල ඉද්දි විනාඩි පහලවකින් විතර බඩු දෙක බෙරෙත් උස්සන් අපි ලගට ආවා..එහෙම්ම කැෆේ එකටත් ගිහින් කාලා බීලා අපි ගියෙ පොඩි පගයාව ගන්න..

ක්ලොක් ටවර් එක ලගට වෙලා පොඩි කයියකුත් දාන් අපි හතර දෙනා ඌ එනකන් බලන් ඉද්දි ඩයල් එක එනවා උගෙ සූකිරිබටිලි ගැන්සියත් එක්ක..සිතූව උගෙ යාලුවොත් පුදුම විදිහට හුරතල් කරන්නේ ඉන්න යාලුවෝ ටිකත් ඌට වඩා හෙන සයිස් අරූ එනවා ඉතින් මැදට වෙලා පොඩි එකා වගේ..මොනා උනත් මරු මල්ලි බබාලා ටික..

" විනාඩි පහක් පරක්කුයි.."

" අනේ මේ පොඩ්ඩක් බලන් හිටියා කියලා මුකුත් ගෙවෙන් නෑ නේ.."

" ගෙවෙනවා.."

" මොනාද.."

" වෙලාව.."

" සුදු අයියා..මූව මොකටද අප්පා එක්කන් ආවේ මහ වාතයක් නේ.."

කොහෙන් හරි ගිහින් පොඩි එකා චාටර් වෙද්දි ඌට හැමදාම මතක් වෙන්නෙ සසිරුව..දෙකම එකයි අලි ඔලුවයි තඩි පුකයි තමා සේරටම මුල..

" මූ අද ඇඩුවා.."

" හේතුව.."

" විදූ...."

පොඩි එකාගෙ හොදම යාලුවා මට කේලමක් කියන්න යද්දි පොඩී එයාව නතර කරා..ඒත් මතීශ් උගෙ බෑග් එකෙන් ඇදලා ලගට ගද්දි මං එහෙම්ම විදූගෙ කරට අත දාන් උන්ගෙන් ටිකක් ඈත් උනේ කේලම අහ ගන්න..

සිතූ හෙන වාතයක් තමා..ඒත් මං හැමදාම කියනවා වගේ මං කැමති නෑ මගෙ මල්ලි අඩනවාට..

" ඇයි අරූ ඇඩුවේ.."

" හරියට කියන් නෑ අයියා..මං කීප සැරයක්ම ඇහුවා.."

" ඌ ඊයෙ ඉදන් ඔය අවුලෙන් ඉන්නේ මේ හොදට ඉන්නවා ආයෙ එක පාරට මූඩ් ගහනවා.."

" ඉස්කෝලේ කේස් එකක්ද මොකක් හරි.."

" අපි නොදන්න කේස් එකක් එයාට තියෙන්න විදිහක් නෑ නෙ ඒත්..හැබැයි මේ ලගදි දොලාගෙ අයියලා වගයක් අනන් මනන් කිව්වා.."

" මොනවද.."

මං අහද්දි විදූ පොඩී දිහා බැලුවා..මාත් ඒත් එක්කම වගේ ඌ දිහා බලද්දි ඩයල් එක අපි දිහා බලන් ඉදලා අපි බලද්දිම වගේ අහක බලා ගත්තා..

අරුන් ටිකත් පොඩීගෙන් මොකද උනේ අහනවද කොහෙද..

" කියපන්කො..කවුද ඌට සීන් එක දාන්නේ.."

" අර රගර් ගහන සෙට් එකක් ඉන්නේ.."

" විශාල්ගෙ මල්ලි එහෙමද.."

" අන්න හරි.."

" ඇයි ඒ හුත්තො මොකද කිව්වේ.."

" ගේ කුරුල්ලාලු..ඉස්කෝලේ නම කන් නැතුව හිටපන් කිව්වා.."

" ඊට පස්සෙ.."

" අපිත් කේස් එක දැම්මා උන්ට ඊට පස්සෙ අයියලා කියලා බලන් නැතුව..ආයෙ මුකුත් කියන්නනම් ආවෙ නෑ හැබැයි..සිතිජට වෙන මොකක් හරි කේස් එකක්ද දන් නෑ..ඌ කියන්නෙත් නෑ ඇහුවාට.."

" ආ..මං බලා ගන්නම්කෝ..ආයෙ මොනා හරි කිව්වොත් කියපන්.."

විදූවත් එක්කන් මං ආයෙත් අරුන් ලගට යද්දි සිතූ බය වෙලා වගේ මගේ දිහත් බලන් හිටියේ..මූට ලොකු අයියා එක්කවත් ප්‍රශ්නයක්ද..

එහෙම්ම අපි පොඩි උන් ටිකට අයිස්ක්‍රීමුත් අරන් දීලා උන්ව බස් එකටත් දාලා ගෙදර ආවා..

විදූ ඔය කිව්ව කොල්ලො ටික කොහොමත් අපෙ වයසෙ උන් නේ..පොඩි වැඩියෙන් කෑලි ටිකක් තියනවා කොහොමත් උන්ගේ..මගෙ මල්ලිට අනන් මනන් කියාන ආවොත් ඉතින් වැඩි ටික නෙවෙයි අවශ්‍ය කෑලිත් ගැලවිලාම යයි..

මං හොයා ගන්නම්කො මොකද උනේ කියලා..

" ආරව්............."

" එම්බල දුෂ්ටය..තොපට කොහෙන් ආව හයියක්ද මාගේ ප්‍රියම්පිකාවගේ අතින් ඇල්ලීමට.."

" උබේ ප්‍රියම්පිකාව මට අත දිගු කර විට මා එය අල්ලා ගත්තෙමි.."

" ආරව්ව්....."

" පවසන්න සොදුරිය..ඔබ එසේ කරාද.."

" ආරව්ව්..කන් ඇහෙන් නැද්ද ආ..ආරව්ව්...."

" කට් කට් කට්..ඔහොම ඉන්න මව් බිසව කතා කටනවා.."

" අම්මා ඇයී......."

මාගේ අගබිසව වූ සසිරුගේ අතින් මතීශ් නැමති සෙම්පතියා ඇල්ලීම හේතුවෙන් මං හිටියේ ඌගෙ හිස ගසා දැමීමට ලෑස්ති වී..ඒත් වැඩේ මදකට නතර කරන්න උනේ මව් බිසව කතා කරපු නිසා..

" අම්මා...."

" කෝ ඒ පාර.."

ඔය දැක්කා නේ..ඇයි අහනකන් බෙරිහන් දෙනවා ඇයි ඇහුවාම මව් බිසවගෙන් ප්‍රතිචාර නැත..

" ආ..ආයෙත් ඇක්ෂන්.."

" පවසන්න සොදුරිය..ඔබ එසේ කලාද.."

" මා එසේ නොකලෙමි ස්වාමීනී..මොහුයි මාගෙ දෑත බලෙන් අල්ලා ගත්තේ.."

කනේ මලකුත් ගහන් ශර්ට් එක උඩට නවාන අම්මාගෙ සායකුත් ඇදන් හිටිය මගේ අග බිසව එසේ පවසද්දි මං ඇයව පපුවට තුරුල් කරගෙන හිස සිබින්න ගියත් දුශ්ටයා වූ මතීශ් ලයිට් පත්තු වෙල කාර්නිවල් එකෙන් ගත්ත කඩුව ගෙන අප දෙසට එල්ල කරද්දි මං ඉක්මන් වී සසිරුව පස්සට කරලා ඔහු දෙසට මගේ ලයිට් පත්තු වෙන කඩුව දික් කරා..

" තොපට කොහෙන් ආව හයියක්ද සෙම්පති මතීශ්.."

" මා ඇයට ප්‍රේම කලෙමි ඇයද එසේ කලෙමි..ඔබ තුමා සටනට උඩරටට ගිය විට මා ඇගේ සයනයේ තනි රැක්කේය..නමුත් ඇය මාගේ අප්ප්‍රමාන ප්‍රෙර්මය පාවා දුන්නේය.."

" අනේ රජතුමනී..........."

ආ ඒ ඒත් එක්කම වගේ දුවන් ඇවිත් බිම වැටිලා මගෙ කකුල් ලග දන ගැහුවෙ සෙම්පති මතීශ්ගෙ බිරිද සිතූ...

" මගේ ස්වාමියාට යන්න දෙන්න රජතුමනී.."

" දැරිවිය නැගිටිනු.."

සිතුගේ උරහිස්වලින් අල්ලලා මං එයාව නැගිට්ටවද්දි බිරිද සිතූ නැගිට්ටෙ අත් දෙකත් එකට ලං කරන්..

" ඔබ මොහුට සැප දෙන්නෙ නැතිද.."

" දෙනවා ස්වාමීනී..මොහුට අලුත් ඒවා ට්‍රයි කරන්න ඕනි වෙලා.."

" අලුත් ඒවානම් ට්‍රයි කරන්න අපිත් ආසයි..ඒත් මොහු මාගේ අගබිසවගේ සයනයේ තනි රැක්කේ මංද.."

" අග බිසවගෙ පුප ලොකු නිසා වෙන්න ඇති රජතුමනී.."

" එසේයි..නමුදු ඔබෙත් රුව අගනේය.."

" රජතුමනී...."

මං සිතූගෙ පස්සට පාරක් ගහලා කියද්දි මගේ අගබිසව බෙරිහන් දුන්නා..

" එම්බල දුශ්ටය..."

" ඈ..."

" ඔව් ඈ..තාමා..මා තොපට මරණීය දන්ඩනය දෙන්නේ නැත..ඒ වෙනුවට ඔබ ඔබගේ බිරිදව මට දී මගේ අගබිසවව තියා ගනු.."

" රජතුමනී...../// "

තුන් දෙනාම එක වැර මා ඇමතුවා..

රජ කෙනෙක් උනාම කඩුව ඉස්සර කර ගන් නැතුව ප්‍රශ්න හරියට විසදන්න ඕනි..

දන් නැත්තන් මේ සෙනාශ්ගෙන් අහ ගන්න..

" මාගෙ අවසාන ආච්නාව එයයි..තොපට මැය සමග ජීවිත කාලෙම සිටිය හැකී..මැය සමග වෙසෙන එක මරණ දණ්ඩනය ලැබුනා ගා සමානවේ.."

" එතකොට මේ රුවැති උබේ බිරිද අද සිට මාගේය..එන්න සොදුරිය අප අද මධුසමය ගත කටමු.."

සසිරුව මතීශ් සෙම්පතිගෙ ඇගට තල්ලු කරලා දාලා මං සිතූ එක්ක සයනයට ගොඩ වෙන්න යද්දිම..

" ආරව්ව්....."

මව් බිසව කෑ ගහගෙන අපගේ රාජ්‍යවූ මගේ කාමරයට පිවිසියා..

" මං මෙච්චර වෙලා කතා කරලත් කන් ඇහෙන් නැද්ද ආ.."

ආ ඔය දැක්කානෙ..මගෙ නෙවෙයි නෙ එයාගෙනෙ කන් ඇහෙන් නැත්තේ..ඇයි වදේ කී පාරක් ඇයි ඇහුවාද ඉස්සල්ලා..රජෙක් වෙලත් මව් බිසව ලග සකන්ඩ් නේ..වෙලාවට අග බිසව මව් බිසම සමග මෙච්චර කල් සමගියෙන් හිටියා..

" මොකද උබලා ඔය මගෙ සායවලුත් ඇදන් කරන්නේ.."

" අපි බිරිදලා මාරු කර ගත්තා.."

" හ්හා.."

" මුකුත් නෑ පුංචි..කිමද කාරණේ මෙහි පිවිසීමට.."

" එනවා හතර දෙනාම පල්ලෙහාට අර ටැප් එකක් කැඩුනා හදලා දෙන්න.."

" අපි පයිප්ප බාස්ලා නෙවෙයි නෙ මව් බිසවුනී..මා රජෙක්.."

" කවද්ද බං උබලා මේ ළමා මානසිකත්වෙන් මිදෙන්නේ.."

" කිසි දිනක නැත.."

" සසිරූ....ගලවලා තියනවා මගෙ සාය.."

" හා ඉතින් ඇයි කෑ ගහන්නේ.."

" පල්ලෙහාට එන්න ඉක්මනට.."

" ඔක්කොමලා.."

මව් බිසවගේ අන යටතේ අපිට සිද්ද උනා රජකමෙන් පයිපබාස් වැඩේට මාරු වෙන්න..හතර දෙනාම පරක්කු නොවී පහලට ගියේ ඔටුනු ගලවලා කඩු ඉවත දා රජ සැප අත් හැර..නැත්තන් ඉතින් රජ සැප නෙවෙයි බලු සැපවත් නැති වෙනවා..

.

.

.

.

.

ඉරිදා කියන දවසෙ මට මියුසික් ක්ලාස් තිබුනත් මං දැන් මේ හෝල් එක්ක මැද හරියටම වෙලා ස්ටේජ් එක දිහා බලන් ඉන්නෙ සසිරුවයි මතීශ් පුතයි මගෙ ප්‍රථම ප්‍රේමය උන දම්සාරියි වේදිකා ගත වෙනකන්..

.......... auditorium එකේ අද මොකක්දෝ ඉවෙන්ට් එකක් තියනවා ඒකේ අයිටම් එක්කට සසිරුයි දම්සාරියි නටද්දි මතීශ් තව අයියලා පස් දෙනෙක් එක්ක බෙර ගහනවා..මං තාම සසිරුව වෙස් කිට් එකෙන් හරියට දැකලා නැති නිසා ඇත්තටම ආසාවෙන් හිටියෙ එයාව එහෙම බලන්න..ඉතින් කොහොමද මම මේ චාන්ස් එක මගෑර ගන්නේ..මියුසික් ක්ලාස් වගේද සසිරුවා හ්ම්ම්..රන් කද නේ මගේ..

" මේ ඒයි..අරුන්ගෙ එක කොයි වෙලාවෙද.."

" කියවිලි ටික ඉවර උනාම නේ..ඕෂි කිව්වෙනම් එහෙම.."

" කියවිල්ල දැන්ම ඉවර වෙන් නැති වෙයිද.."

" නැති පාරටයි..අරුන්ගෙ එක ඉවර උන ගමන් අපි දෙන්නා එළියට පැන ගමු.."

ඒ ඇවිල්ලා අගෝශිගෙ කෙල්ල නිවෝ..

මට ඒකිව සෙට් උනේ අද..වචන දෙකයි තුනයි කතා කරේ ඒකි ඒ ටිකට මාත් එක්ක ෆිට් උනා..තනිකර කොලු කෑල්ලක්..කොණ්ඩෙ නිසා කෙල්ලෙක් කියන්න පුලුවන් නැත්තන් ඉතින් බැලූ බැල්මට එහෙම කියන්න ටිකක් අමාරුයි..මොනා උනත් අපිටම සෙට් වෙන ඩයල් එක..

විනාඩි ගානක් යනකන් කවුදෝ මැතිනියක් ශාලාව අමතලා ඉවර වෙද්දි ඔන්න මතීශ් අයියලා ටිකත් එක්ක ස්ටේජ් එකට ආවා..උන් බෙර ටික ගහන්න පටන් අරන් අඩි දෙක තුනක් ඉස්සරහාටත් ඇවිත් ඔලුව කැරකුවේ අර ඔලුවෙ දාන් හිටිය එකේ පටිය වගේ එක කරකලා ගන්න ගමන්..එහෙම්ම උන් ටික පසට යද්දි කවි ටික කියන්න පටන් ගන්නවත් එක්ක සසිරුයි අගෝශියි දෙපැත්තෙන් ස්ටේජ් එකට ආවා..

එයා මං හිතුවාටත් වඩා ලස්සනයි..

උගෙ කණ්නාඩි දෙකත් නෑ..වෙස් කිට් එක ඇදලා සසිරුගෙ තිබ්බෙ වෙනම ලුක් එකක්..හිනාව ඔක්කොටම හපන්..ආයෙ ඉතින් ඕනෙ කෙනෙක් වශී වෙනවා මේකාගෙ හිනාවට..ඩපලම බෙර හයක් මැද්දෙ පට්ටම ලස්සනට නටද්දි මායි නිවොයි දෙන්නාම ෆෝන්වලින් එයාලාව වීඩියෝ කරා..

මෙච්චර කල් මං ලව් කරේ අගෝශිට උනාට මොකක්දෝ හේතුවකට මං ඒකි දිහා බලන්න කාලෙ කන් නැතුව හැම තප්පරේම බලන් හිටියෙ සසිරු දිහා..සමහරවිට ඒකිට දැන් වෙන කෙනෙක්ගෙ නිසා මට එයා දිහා බලන්න අයිතියක් නැතුව ඇති..සසිරුවා ඉතින් මගෙ එකානේ..ඒ නිසා මං හැම තප්පරේම වගේ ඌ දිහා බලාගෙන හිටියා..ඌට පට්ට වේගෙන් කැරකෙන්න පුලුවන්..බල්ටි ගහලා සෑහෙන වෙලාවක් එක දිගට කැරකිලා සසිරු මාර ලස්සනට නැටුවා..මං ඔය මුන්ගෙ ඩාන්සින් ගැන දන්න මගුලක් නෑ..ඒත් මට කියන පුලුවන් එකම දේ..

සසිරු නටනකොට පට්ටම හැඩයි..

ඌ මුලු ආත්මෙන්ම නටනවා..අත් යන පැත්තටම එයාගෙ ඔලුවත් හැරෙද්දි අමුතු ලස්සනක් තිබ්බේ..

" වාව්ව්..පට්ට නේ.."

" හ්ම්ම්..මූ මෙහෙම නටනවා මං දැක්කාමයි.."

" යං යං එළියට අරුන් ටික අනිත් පැත්තෙන් එයි ඔහොම්ම.."

උන්ගෙ අයිටම් එක ඉවර උන ගමන්ම ඕඩියන්ස් එක ක්ලැප් කරද්දි නිවොයි මායි ශේප් එකේ නැගිටලා හෝල් එක පිටි පස්සට ගියා..

" ඇයි මොකද උනේ.."

" කකුල කැපිලා..උබ ලග ප්ලාස්ටර් එකක් නැද්ද.."

" ඕන ඉදාන් බලන්න.."

මම නිවෝ එක්ක එළියට එද්දිම වගේ මතීශ් හිටියෙ බෙරෙත් ගලවලා පැත්තකින් තියලා සසිරුගෙ කකුලෙන් අල්ලාගෙන ඌ ලග දණ ගහන්..

සසිරුවා කකුල කපාගෙන නිසා ප්ලාස්ටර් එකක් බලන්න මං වොලට් එක අදිද්දි නිවෝ ගිහින් අගෝශි ලග නැවතුනා..

" රිදෙනවාද.."

" නෑ බං ඕක ගානක් නෑ.."

" ඒ උනාට ලේ එනවා.."

" ආ ආ..තිබ්බා.."

සසිරුගෙ වෙලාව හොදයි කියන්නේ..කලාතුරකින් මගෙ වොලට් එකට එන ප්ලාස්ටර් එකක් කොහෙන්දෝ අදත් ඇවිත් තිබුනා..මතීශ් උගෙ කකුලෙ ඒක අලවන අතරෙ මං සසිරුගෙ උඩ ඉදන් යටට ආයෙත් යට ඉදන් උඩට ඇස් අරන් ගියා..

ම්ම්ම්..ඔය ඉන්නෙ ගිනි කෑල්ල වගේ..

" මොනවද බලන්නේ.."

" ලස්සන..මොකේටද හපා ගත්තේ සිලම්බුවටද.."

" නෑ ස්ටේජ් එක පිටි පස්සෙ මොකක්දෝ තිබ්බා කම්බියක්ද කොහෙද ඒකට.. නටන්න කලින් කැපුනේ.."

" එතකොට තුවාල වෙලා තියෙද්දිද උබ නැටුවෙ අච්චර.."

" හ්ම්ම්..ඇගේ කෑල්ලක් ගියත් නටන්න කිව්වොත් නටනවා.."

" ආ ඇත්තද..කෝ එනවා ෆොටෝ එකක් ගහන්න.."

" මට බෑ.."

" අනේ මේ වරෙන් දෙන්නාම.."

" සෙල්ෆියක් ගහන්න යන්නේ..චීස් කියන්න.."

ෆොටෝ එකක් ගහන්න සසිරුවා බෑ කිව්වත් මං බලෙන්ම වගේ උගෙ අතින් ඇදලා ලගට අර මතීශයාවත් ලං කර ගත්තා..

ආව්ව්ස්..ඒකනම් ලස්සනට වැදුනා..

එහෙම්ම ඒ ෆොටෝ එක ස්ටේටස් දාලා ඉන්ස්ටර් එකෙත් මතීශ්ව මෙන්ෂන් කරලා පෝස්ට් කරා..සසිරු ඕවාගෙ නෑ..ඌ ඕවාට කැමතිත් නෑ..මිනිදු අයියා එයාට ඒවා කරන්න දෙන්නෙත් නෑ..

" ඔහොම ඉන්නවා අපි වීඩියෝ එකක් ගමු.."

" මට බෑ ඕයි.."

" අනේ හිටපන්කො ඉතින්..උබ ඕම ඉදන් මගෙ පැත්තට ඇවිදන් ඇවිත් හිනා වෙයන් ඈ.."

" සෙනාශ්...."

" සෙනාශ් තමා කිව්ව දේ කරපන්.."

සසිරුවා හොද එකා නෙ ඉතින්..මං මෙච්චර කියද්දිත් බෑ කියන්න බැරිකමට කිව්ව විදිහටම එයා ඈත ඉදන් මගෙ පැත්තට ගැම්මට ඇවිදන් ආවා..ඌ ඊට පස්සෙ කරපු එකටනම් මට තවත් ආස හිතුනා..ලාවට ඔලුව උස්සලා උඩ බලාගෙන ඔලුව චුට්ටක් හොල්ලද්දි වෙස් තට්ටුවේ ඉස්සරහා තිබ්බ බො කොල ටික ලස්සනට එහෙට මෙහෙට පැද්දුනා..

" හරිද.."

" හරි..චේන්ජ් කරන් එන්න එහෙනම්.."

" හ්ම්ම්..මතීශ් යං.."

" කොහෙ හරි යනවාද ආයේ.."

ඒ ප්‍රශ්නේ මතීශ්ගෙන්..ඩයල් එක මගෙ හිතම කියෙව්වා..

" රස්තාපාරක් දාලාම ගෙදර යන්..නිවෝ උබලාට ගෙදර යන්න හදිස්සිද.."

" නෑ ශේප්.."

" අනේ කොහෙද යන්නේ.."

" හදිස්සි නෑ නේ ඔයාට.."

" නෑ නෑ..කොහෙ හරි ගිහින් යන්..හැබැයි අව්වෙ බෑ.."

" හා..චේන්ජ් කරන් එන්න තුන් දෙනාම එහෙනම්.."

උන් තුන් දෙනා චේන්ජ් කරන් එන්න යද්දි මායි නිවොයි ආයෙත් තනි උනා..අරුන් දෙන්නානම් ඉක්මනට එයි..ඒත් ඉතින් කොට කෑල්ල එන්න නම් සැලකිය යුතු තරමින් වෙලා යයි වගේ..ඒකිගෙ මේකප් ටිකම හෝදන්න සෑහෙන වෙලාවක් යයි..

සැක්..මොනා උනත් පට්ට ලස්සනයි..පොඩ්ඩක් කොට එකයි ඝණ්ටාර පූජා කරලා වගේ කට සද්ද එකයි ඇර කිසිම වරදක් නැති කෙල්ල..කොහොමත් ඔය කොට කෑලිවල කට සද්ද වැඩීලුනේ..

වෙන අතක් බලාගමු සෙනාශ්..මුහුදෙ ඉන්නෙ එක මාළුවයිද..ඕක ගැන හිතන්න එපා දැන්..

*****

vote කරන් යන්නෝ..♥️

PreviousContents
Last Chapter
PreviousContents
Next