Chapter 22: බොමු (Part 21)

තුන්කොන් BLWords: 51792

සෙනාශ් pov

" ඉර පායන්නෙ මං හින්දා සද පායන්නෙ මං හින්දා තරු හිනැහෙන්නෙ මං හින්දා මල් පූදින්නෙ මං හිනදා..අම්මාගෙ ආරව් මං හින්දා ලෝකෙම සුවදලු මං හින්දා.."

" අනේ...කට වහන් පලයන්කො..........."

බෑ නෙ කරන්න..මුන්ගෙ පුදුම කම්මැලිකමක් තියෙන්නෙ..

එහෙම නෙවෙයි නෙ කොල්ලො උනාම..මං වගේ දහයටවත් නැගිටලා ප්‍රබෝධමත්ව ඉන්න ඕනි..

පාන්දර වෙනකන්ම ගේම් ගහලත් අරුන්ටත් කලින් ඇහැරුන නිසා වෙනස්කමක් නොකර ඇදෙ තුන් විදිහකට නිදාන ඉන්න ගොන් හරක් තුන් දෙකාට වද දීලා ඇහැරවන්න ගියත් මුන් එකාට එකා බදගෙන වෙද්ලීගෙන නිදි නිකන් මොකක්ද එකක් වගේ..

" කුක්කු බොන්න යන්.........."

" නැගිටිනවාකෝ...සසිරූ............."

" වද දෙන් නැතුව නිදා ගනින්කො බං.."

සසිරුගෙ ඇග උඩ නැගලා බ්ලැන්කට් එක ඇදලා විසික් කරන්න ගියත් මේකා මගෙ අතින් ඇදලා අරන් මගෙ ඇග උඩිනුත් කකුලක් දාන් හොදට මාව බදා ගත්තා..

" ගමනක් යන් නැගිටිනවා.."

" කොහෙද.."

" අර පඩත්තරයාගෙ ගෙදර.."

" කොහෙද.."

" රුක්ෂාන්ලා ගෙදර බං.."

ආයෙත් පාරක් සසිරු එකම ප්‍රශ්නෙ අහද්දි මං එයාට උත්තර දුන්නෙ උරහිස පැත්තකින් පාතට වැටුන ටී ශර්ට් එක හදන ගමන්..

මූත් දැන් පට්ට කම්මැලි වෙලා..මහ පාන්දර වෙනකන් මල් කඩ කඩ ඉදලා ගෙදර ඉන්න දවසට දවල් වෙනකන්ම නිදි..අරුන් දෙන්නා ගැනනම් කතා කරලා වැඩක් නෑ නෙ ඉතින්..

" හවස් වෙලා යන්න බෑද.."

" දැන් ගිහින් රෑ වෙලා ගෙදර එමු.."

" හ්ම්ම් හ්ම්ම්..රුක්ෂාන්.."

" මං බුජි..උබලා පලයන් මං ඉන්නම්.."

" යකෝ උබෙ ගෙදර උබ නැතුව අපි ගිහින් හරියනවද.."

" ඇයි අරූ යන්නෙ වෙනදා.."

ඒක ඇත්ත..වෙනදාට ඌ නැතත් මං උන්ගෙ ගෙදර ගිහින් ආන්ටි එක්ක කෝලන් කර කර ඉන්නවා..

මගෙ බල කිරීමටම කම්මැලිකම පැත්තකට දාලා සසිරු රුක්ෂාන්ගෙ ඇග උඩින් රෝල් වෙලා ගිහින් මතීශ්ගෙ ඇග උඩ නතර වෙද්දි මං රුක්ෂානයා පොරවන් හිටිය බ්ලැන්කට් එක ඇදලා බිමට දැම්මා..ඌත් යාන්නත් ඇස් දෙක ඇරලා බැලුවත් අමාරුම වැඩේ අනිත් පගයාව ඇහැරවා ගන්න එක..

ඌට ලෝකෙ පෙරලුනත් හොදට නින්දනම් යනවා..

" මතීශ්.."

" නැගිටිනවාකෝ.."

" ම්හුක්.."

" අනේහ්හ්හ්හ්......"

සසිරුවා මතීශ්ව ඇහැරවන්න ට්‍රයි කරන අතරෙ රුක්ෂාන් නැගිටලා ඇදන් හිටිය ටී ශර්ට් එකත් ගලවලා මගෙ මූණට විසික් කරලා බාත්රූම් එකට රිංග ගත්තා..

" නැගිටපන් බල්ලෝ..රවුමක් දාලා එමු.."

" උබලා පලයන් මං නිදා ගන්නවා.."

" මට කියලා හු...අහ් මේ ගුටි කන් නැතුව නැගිටපන්.."

පොඩ්ඩක් අමතක උනා අරූ කුනුහරප කියනවාට කැමති නෑ කියලා..හු කියලා විතරයි කිය උනේ පොර රැව්වා රැවිල්ලක් ඉතින් කොල්ලා සයිලන්ට් එතකොට..

හෙට අනිද්දාම සසිරුගෙ කටිනුත් කුනුහරපයක් පිට උන් නැත්තන් මං සෙනාශ් නෙවෙයි හ්ම්ම්..

ඌ කොහොම හරි අරූව ඇහැරවන නිසා මං ශේප් එකේ පහලට ආවේ කිරි එක බලාපොරොත්තුවෙන්..ප්‍රතිපත්තියක් විදිහට මං කොහොමත් කිරි එක බොන්න කලින් දත් මදින් නෑ නේ..

" මොකද මේ හුරතල් වෙන්න හිතිලා.."

" අම්මාගෙ ආරව් මං හින්දා ලෝකෙම සුවදලු මං හින්දා.."

" මොකට කියනවද ඉතින් ඒ ගැන..කෝ ඉතුරු කෑලි ටික.."

" උන් උඩ.."

කුස්සියට වෙලා මොනාදෝ දිග එකක් කපන ගමන් හිටිය අම්මාව මං බදා ගත්තා..උදේ පාන්දර නාලාද මංදා කොණ්ඩෙ සුවදම සුවදයි..

" කුක්කු එකක්.."

" මයිලෝ කුක්කු..? "

" තොගෙ බෙට්ට හිර වෙනවා ඔච්චර මයිලෝ බීලා.."

කොහෙදෝ ඉදලා ආව රුක්ෂාන් ඈනුමකුත් අරින ගමන් කියද්දි මං අම්මා දිහා බැලුවෙ ඒක ඇත්තද අහන්න වගේ..එතකොට අම්මා කට ඇද කරලා හිනා උනා..උත්තරේ නිකන් ඔව් වගේ..තාම හැබැයි එහෙම අවුලක්නම් උන් නෑ..ගානට බඩු ටික පොට් එකට බා ගන්න පුලුවන්..

" අම්මී.."

" ම්ම්ම්.."

" මුන්ගෙ ගෙදර ගිහින් රෑ වෙලා එන්නම්.."

" මල්ලිත් එක්කන් යන්න.."

" අනේ..ඌ ඉස්කෝලේ ගියෙ නැද්ද.."

අම්මාගෙන් අහන ගමන් මං ගිහින් කෑම මේසෙන් ඉදගෙන ඇපල් ගෙඩියක් කන්න ගත්තෙ රුක්ෂාන්ටත් එකක් දීලා..

පගයා කෙල ගිලිනවා නැත්තන්..

" උදේ ඇහැරලා ඔයාලා නැති නිසා යන්න බෑ කියලා ආයෙ ගිහින් නිදා ගත්තා.."

" ඕකා එක්ක කොහේ ගියත් මොකක් හරි මරාලයක්..මට බෑ එක්කන් යන්න අර සසිරුට කියන්න.."

" මේ සර් එන්න කිව්වා ක්ලාස් එකට ටිකකට..මායි අරුයි එන්නම් ඔයාලා සිතූ එක්කන් යන්න.."

කතා කරන ගමන්ම සසිරු ඇවිත් මගෙ කිරි එකයි රුක්ෂාන්ගෙ කිරි එකයි අපි දෙන්නා අතටම දීලා උගෙ එකත් අරන් ඌ පැන්ට්‍රි එක උඩින් වාටි උනා..

" වෙලා යනවාද.."

" නෑ..පැයක් දෙකක් විතර..බිස්කට් එකක් දෙනවාකෝ.."

" අපි ඉන්නම් උබලා එනකන්.."

බිස්කට් පැකට් එක පිටින්ම මං උගෙ පැත්තට විසික් කරද්දි සසිරු දන්න වැට කෑලි ඔක්කොම දාලා ඒක අල්ල ගත්තත් කිරි එකත් චුට්ටක් විතර හලා ගත්තා..

" ඕන් නෑ.."

" එහෙනම් නිකන් හිටපන්.."

" අපෝ..රවන්නෙ ඇයි ඉතින්..උබලා නිකන් පැය දෙකක් පාරට වෙලා ඉන්න ඕන් නැති නිසා ඕන් නෑ කිව්වේ.."

" හා.."

" එනවා එනවා ඉතින්..අපිව ක්ලාස් එක ලගින් දාලා යන්න..මායි අරුයි පස්සෙ එන්නම්..පැය දෙකක් කිව්වාට ඊට වඩා වෙලා යයි සමහරවිට.."

" හා.."

ඕන් නෑ නෙ ඔච්චර එක එකාගෙ ලොකුකන් බලන්න පව් කියලා උන් එනකන් ඉන්න ගියාම ලොකු සීන් දානවා මෙතන..

හෙඩාගෙ කෑල්ල නිසා හරි ලොකුයි කියලද දන් නෑ හිතාන ඉන්නේ..

" මතීශ්ව ඇහැරවන් එන්න ආරව් මේ කිරි එක නිවෙනවා.."

" ඒකා මැරිලා වගේ නිදි..පොඩී කෝ.."

" එයත් නිදි..පොඩීනම් උදේ කිරි එක එහෙම බීලා ආයෙ නිදා ගත්තේ..දෙන්නාවම ඇහැරවන් එන්න ගිහින්.."

දෙපාරක්ම කිව්ව නිසා මං කිරි එකේ අන්තිම උගුරු දෙකත් ඉක්මනට බීලා ආපහු උඩට ගියෙ මතීශ්ව ඇහැරවන් එන්න..

නැත්තන් මෙයා මූණ එල්ල ගන්නවා මං කියන දේ අහන් නැති උනාම..අපෙ අම්මා හිතාන ඉන්නේ මං හිතුවක්කාර වෙන්නෙ එයාට ආදරේ නැති නිසා කියලා..

" හුත්තෝ........නැගිටපාන්.."

" කම්මැලි.."

" සාපයක්නම් වෙන්න එපා ඉක්මනට නැගිටපන්.."

" කම්මැලි.."

" රුක්ෂාන්ලා ගෙදර යන් නිකන් ඉන්න එකේ..උබට ක්ලාස් එකටත් එන්න කියලා අන්න.."

" කම්මැලි.."

" සදුදා නැගිටින්න දතකට මදින්න වැඩට යන්න මට.."

" කම්මැලී.."

මූ හැම හුත්තටම කම්මැලී ගාද්දි එක පාරට මගෙ ඔලුවට ආවෙ ඕක..

" කිරිබත් කෑවාම කැද එකක් බිව්වාම දවල්ට කෑවාම.."

" කම්මැලී.."

" වර්කවුට් කරන්න.."

" කම්මැලී.."

" ආස්කවුට් කරන්න.."

" කම්මැලී.."

" අඩියක් ගහන්න දගවැඩ කරන්න සොමියක් දාන්න.."

" කැම්මැලී.."

ඔන්න ඕකයි ප්‍රශ්නේ..ඔලුවේ ඉදන් බ්ලැන්කට් එක පොරවන් ඩයල් එක කම්මැලී ගානවා විතරයි..එහෙම මේ කම්මැලී කියලා නිදා ගන්න දීලා බෑ නේ..

ඒකමයි මං උගෙ කකුල් දෙකෙන් ඇදලා පොරවන් හිටිය එකත් අල්ලලා විසික් කරේ..අන්න එතකොටයි රුක්ෂානයත් ඇවිල්ලා මතීශ්ගෙ කකුල් දෙකෙන් උස්සව්වේ..

" අතෑරපා.......න්...සෙනා.......ශ්........මට තෝව පේන්න බෑ..........."

රුක්ෂාන් මතීශ්ගෙ කකුල් දෙකෙන් උස්සන් ඉද්දි මං උගෙ අත් යටින් අල්ලන් උස්ස ගත්තා..ඌවත් උස්සගෙන කාමරෙන් එළියට යද්දි සසිරුත් පොඩි එකාව කරේ තියන් කාමරෙන් එළියට ආවා..

" සෙනාශ් දැකලා පුරුදු රූපයක්.."

" දම්සාරි.."

" මගාරින් නැතුව කතා කරපන්.."

අපි හිටියෙ හීරැස්සගල හන්දියේ කීල්ස් එක ලග..මයිලෝත් අරන් ඒවා කටේ ගහන් පස් දෙනාම එළියට එද්දි ඈත ඉදන් එන අගෝෂිව ඉස්සල්ලාම මට පෙන්නුවේ මතීශ්..

මගාරින්න එපා කිව්වාට මට දැන් ඒකිගෙ මූණ බලන්නත් මොකක්ද වගේ..හිතට එහෙම ලොකුවට දුකක් නෑ..ඒත් අමුතු මෙව්වා එකක් තියනවා..කොච්චර කරත් පොඩි කාලෙ ඉදන් හිතේ හිටිය ක්‍රශ් එකනේ..සමහරවිට අගෝෂි ගැන මගෙ හිතේ කැමැත්තකට එහා ගිය දෙයක් තියෙන්න නැතුව ඇති..මං ඒකිට සිරාවටම ආදරේ කරානම් ඊයෙ උන දේ අමතක කරලා මට අද මෙහෙම ඉන්න බැරි වෙයි..ඒ උනාට මගේ උනානම් මං ඒකිට ආදරේ කරන්නෙ පන ඇරලා..

" කොහෙද යන්නෙ ඔයාලා.."

" රුක්ෂාන්ලා ගෙදර..තනියම ඇයි.."

" කවී එනකන් ඉන්නේ ඔයාලා දැකලා මෙහෙට ආවේ.."

ඒකි මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නේ එයාගෙ උසටම ඉන්න අපෙ පොඩි එකාගෙ ඔලුව අතගාලා..

" අහ් මේ සසිරු සර් කිව්වා මන්ඩේ අයිටම් එකක් තියනවා කියලා අපි දෙන්නාට ඒකට රෙඩි වෙන්න කියලා.."

" අපි දෙන්නා විතරද.."

" ඔව් ට්‍රැඩිශනල් එකක්.."

" අහ්..අපිත් මේ ක්ලාස් එකට යන්න යන්නේ.."

" එහෙනම් ඒක ගැන කියයි..මටත් හරියට මුකුත් කිව්වෙ නෑ අහලා කියන්නකො මට.."

මේ මොනෝත්තක්ද මේ..මුන් මෙච්චර ෆිට් උනේ කොහොමද එක පාරට..ඇට ගෙම්බො දෙන්නා කිව්වෙ නෑ නෙ මට මේකි එක්ක මෙහෙම කතා කරනවා කියලා..ක්ලාස් එකට එනවා කියලානම් කිව්වා..මගෙ මතගෙ හැටියට එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ..

" සෙනාශ් ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ.."

අගෝෂිගෙ කට දිහා බලාන කල්පනාවක හිටිය මම ගැස්සිලා ගියෙ ඒකි මගෙ අතට ගහලා නම්බර් එක ඉල්ලද්දී..

" අහ්..සීරෝ සවන්ටිෆයිව්....

" ස්ටිකර් එකක් එව්වා සේව් කර ගන්න..මං යන්නම් අරයා ඇවිල්ලා අන්න..බායී.."

" බායි.."

මං එයාගෙ නම්බර් එක සේව් කර ගන්න අතරේ ඒකි අපි ඔක්කොටම බායි කියලා උඩ පැන පැන දුවන් ගියා..මොනා උනත් සෝක් කෙල්ල බිම්මලක් වගේ නිකන්..

" මොකෝ මූඩ් අවුල්.."

" මගෙ දම්සාරි.."

" මා පුතා....ඕක හරියට එකක් නෙවෙයි..ඒකි ලෙස්බියන් නේ..ඕක සෙට් කර ගත්තානම් උබෙ ලිංගික ජීවිතේ විනාස වෙන්න තිබ්බා..ඒ අතින් සතුටු වෙයන්.."

" හිත හැදෙන්න මොනා හරි කියපන්.."

" බලපන් කොට ඒකිගේ..බිම්මලක් වගේ..කට බලපන්..කටර් එක වගේ උබට කනක් ඇහිලා ඉන්න වෙන් නෑ ඕක දා ගත්තානම්.."

" ඇත්ත ඇත්ත.."

" මා පුතා වෙන අතක් බලා ගමු දැන්..ප්‍රමුඛත්වය දෙන්න ඕනි ලිංගික ජීවිතේට.."

" හ්ම්ම්ම්ම්ම්..."

" දම්සාරි පාට හේදිලා ගිහින් සුදු සාරි වෙනවා..දැක්කාද මූණෙ උලන් හිටිය ඒවා..ඕවා ගෑවාම මූණෙ ගෙඩි දානවා..ඊට පස්සෙ ඒවා පුපුරලා සැරව එනවා..මූණෙ පැල්ලම් හිටියනවා..උබට උම්මා එකක් දෙන්නවත් තැනක් නැති වෙනවා.."

" මූණෙනෙ බං ඉතින් ගෙඩි දාන්නෙ අනිත් තැන් තියෙන්නෙ උම්මා දෙන්න.."

" කියන එක අහ ගනින් වනචරයා.."

රුක්ෂානයා මගෙ ඔලුවට පාරක් දීලා කියන එක අහ ගන්න කියද්දි මාත් හරකා වගේ උගෙ තේරුමක් නැති කතා ටික අහන් හිටියා..ඒ අස්සෙ අරුන් දෙන්නා මාරුවෙන් මාරුවට ඔලුවෙ අත ගහනවා..පොඩි එකානම් කටත් ඇරන් අපි හතර දෙනාගෙම මූණවල් දිහා ඔලුව හරව හරව බලනවා..

" දැන් පොඩ්ඩක් හිතපන්..ඒකි අර කෙල්ලව දා ගන්න කලින් උබව දා ගත්තානම් එහෙම උබව ඒකිට දැනෙන් නෑ නෙ බං.."

" ඒ ඇයි.."

" ඉතින් ඒකි කැමති කෙල්ලොන්ට නේ..උබව දැනෙයිද එතකොට.."

" ඇත්ත ඇත්ත.."

" ඇත්ත තමා..දැන් ඕක අමතක කරලා අපි වෙන එකක් ට්‍රයි කරමු..අපෙ ගෙට එහා පැත්තෙ නෙත්මි නංගිව දාලා දෙන්නද උබට.."

" ඒ කවුද බං.."

" ඇයි හු#තො උබ ආවාම හැමවෙලේම මල් කඩන්න මිදුලට එන කෙල්ල.."

රුක්ෂානයා කියද්දි තමා මට කෑල්ලව මතක් උනේ..ඒකි නවයෙද කොහෙද ඉන්නේ දැන්නම් දහයෙ වෙන්න ඇති..ඉස්සර මං එහෙ ගියාම මේකි හැම වෙලේම මල් කඩන්න එනවා මල් නැත්තන් කොල හරි කඩාන යන්නේ..ආයෙ ඉතින් ගෙදරි එළියට එන්නෙත් ලිප්ස්ටික් ටිකක් ගාලා කොණ්ඩෙ කඩලා කොටට එහෙම ඇදගෙන..අපි අහුවෙයි ඕවාට..

" නෝ..ආයෙ කෑලි එපා..මං තනිකඩව ඉන්න තීරණේ කරා.."

" are you sure.."

" yes.."

" super sure.."

ඒ ප්‍රශ්න දෙක සසිරුගෙන්..

" yes..ලව් අරහං.."

" හ්ම්ම් හ්ම්ම්..බලමුකො කොච්චර කාලෙකටද කියලා.."

" උබ පල්ලා මට ලව් එපා.."

මං සසිරුගෙ ඔලුවෙ අත තියලා පොරොන්දු වෙද්දි ඌ මගෙ අත එහාට තල්ලු කරා..බොරු පොරොන්දු නෙවෙයි ඉතින්..ලව් එපා ඕවා කරන්න ගියාම මොලේ විකුර්ති වෙනවා..ඊට වඩා මට මගෙ ඩ්‍රීම් වටිනවා..

" මේ එහෙනම් වැඩේ කරන් වරෙන්..ලොකේශන් දාන්නම්..පොඩි දුරක් තියෙන්නෙ පයින් එන්න බැයිනම් ටුක් එක්ක වරෙන්.."

.

.

.

.

සසිරු pov

ක්ලාස් එකේ වැඩේ ඉවර කරලා එළියට එද්දි පැය දෙකකටත් වඩා ගියා..අගෝෂි කිව්වා වගේම සර් එන්න කියලා තියෙන්නෙ මන්ඩේ තියන වැඩේ කතා කර ගන්නයි මටයි මූටයි කියලා පොඩි උන්ට අයිටම් එකක් හදා ගන්නයි..

" අනේ..චුට්ට දුරක් නේද තියනවා කිව්වේ.."

" මං කිව්වා ටුට් එකක් දාන් යන් කියලා.."

" ඉතින් මං හිතුවෙ පොඩි දුරක් කියලා නේ.."

" දැන් පලයන් කටවහන්.."

රුක්ෂාන් කිව්වෙනම් හන්දියේ ඉදන් උඩට පොඩි දුරක් කියලා ඒත් මායි මතීශුයි දැන් පැය බාගෙකටත් වැඩිය පයින් ඇවිදිනවා..ඔක්කොමත් හරි මේ ගිනි අව්වේ කදු නගින්න ගියාම තවත් ආතල්..ඒ අස්සෙ මෙයා මට බනිනවා ටුක් එකක් දාන් යන්න බෑ කිව්වා කියලා..

ම්හුක් කවුද හිතුවෙ ඉතින් මෙච්චර දුර යන්න ඕනි කියලා..

" අව්වයි නේ.."

" හ්ම්ම්ම්.."

" මේ පැත්තට එනවා.."

පාර පැත්තට වඩා අයිනට වෙන්න ගස් නිසා හෙවන වෙද්දි මතීශ් මාව ඒ පැත්තට ගත්තා..ඊට පස්සෙ මගෙ ඉස්සරහින් අතත් තිබ්බා අව්ව මගෙ මූණට වැටෙන් නැති වෙන්න..

මෙයා වෙලාවකට ඒ වගේ දේවල් කරද්දි ආස හිතෙනවා..කෙල්ලෙක් හිටියානම් දරුවෙක් වගේ බලා ගයි..මතීශ් කියන්නේ ඒ තරම් ආදරණීය මනුස්සයෙක්..ඔය පොඩ්ඩක් ට්‍රැක් අවුට් උනාට කොල්ලා හොද එකා..

" කෝල් එකක් ගනින්කො අරුන්ට.."

ඌ කිව්ව නිසාම කෝල් එකක් අරන් ෆෝන් එක අනේ තියා ගද්දි තප්පර කීපෙන් සෙනාශ් කෝල් එක ආන්ස්වර් කරා..

" මට බෑ අප්පා තවත් එන්න..මොන මගුලක්ද..චුට්ට දුරයි කිව්වා නේද දැන් සෑහෙන වෙලාවක් අපි දෙන්නා පයින් ගාටනවා.."

" ඇයි ඇයි ඉතින් ඔය කෑ ගහන්නෙ කොහෙද ඉන්නෙ උබලා.."

" මේ පන්සලක් ලග.."

" ආ...තව චුට්ටයි එහෙනම්.."

" අනේ සෙනාශ් මගෙන් අහ ගන්න එපා තෝ.."

" හෙමීට වරෙන් මං එන්නම්.."

" උබ ආවත් පයින් නෙ යන්න වෙන්නේ.."

" නෑ නෑ..අංකල්ගෙ වීල් එක තියනවා මං අරන් එන්නම්.. ඔහොම ඉදපන් මං එන්නම්.."

" එපා එපා ඕන් නෑ අ__

කියලා ඉවර කරන්න හම්බුන් නෑ ඌ කෝල් එක කට් කරා..දැන් මූ වීල් එකේ එන්න යන්නෙ මූට ලයිසන් තියනවාද..ලයිසන් නැතත් ඩ්‍රයිව් කරන්න දන්නවාද දන් නෑ..

අනේ අප්පච්චිගෙ සුදූට දැන්ම මැරෙන්න බෑ...

" මොකද කියන්නේ.."

" වීල් එක්ක එන්නම් කිව්වේ.."

" කවුද මේ සෙනාශ්.."

" ඔව්.."

මං දන්නවා මතීශ්ට හිතුනෙත් මට හිතුන ටිකම තමා..කොහොම හරි සෙනාශ් එනකන් අපි හෙමීට පයින් යද්දි විනාඩි පහකින් විතර මෙන්න ඩයල් එක කලු පාට වීල් එක්කුත් ඩ්‍රයිව් කරන් ඇවිත් අපි ඉස්සහින් නතර කරා..මායි මතීශයි තප්පර ගානක් මූණෙන් මූණ බලන් ඉදලා වීල් එකට නැන්ගෙ දෙයියො සිහි කරන්..සත්තයි මට සුදු කොඩි පෙනුනා මූ ගිය වේගෙට..මතීශ් ඒ අස්සෙ මගෙ බෙල්ල අස්සෙ මූණ හංගාගෙන..දෙයියො බැලුවා වගේ හැබැයි කරදරයක් නැතුව ටවුමට ලගම තිබ්බ රුක්ෂාන්ගෙ ගෙදරනම් යහතින් ආවා..

" එච්චර දුරක් නෑ මං කිව්වෙ බං උබලාට ඔය ආවෙ ඉක්මනට.."

" රුක්ෂාන් තෝ මගෙන් කනවා....."

" ගහපන් බලන්න.."

" ඉදපන් දෙන්නම් තොට.."

මතීශ් රුක්ෂාන්ට ගහන්න පන්නද්දි හිටන් ඉන්නවත් පන නැති මම ගේ ඇතුලින් ගිහින් ඉද ගත්තා..මුගෙ අප්පා නෑ අද..අම්මා විතරයි ඉන්නේ..ඒ ආන්ටි මාව දැක්ක ගමන් ඇවිත් බදා ගත්තා..හරි හොදයි අප්පා එයා කන්නත් දුන්නා එක එක ජාති ගොඩාක්..අරුන් තුන් දෙනා බොරුවට කෑ ගගහා රණ්ඩු කරද්දි මායි පොඩියි ආන්ටි එක්ක කයියක් දාන් කකා බිබී හිටියා..හවස් වෙද්දි අපිටත් කම්මැලි නිසා පොඩීගෙ කීමටම බට්ටාත් පැනලා අයිස් වෝටර් කරලා දාඩිය පෙරාන සෙල්ලන් කරලා රුක්ෂාන්ගෙ කාමරේ තැන් තැන්වල වැටිලා ඉද්දි පොඩීගෙ ඇස් දෙකට අහු උනේනම් එච්චර හොද දෙයක් නෙවෙයි..

" අයියා මේ......."

රුක්ෂාන්ගෙ ඇද අස්සෙ තිබිලා පොඩී එළියට ගත්තෙ බියර් කෑන් ටිකක්..හතක් විතර එතන..මූ මොකද මේ බියර් ඇද අස්සෙ හංගන් කරන්නේ..

" අඩෝ..බොමුද.."

" සෙනා...ශ්.."

" හරි ඉතින් උගුරක් විතරක් බොමු..එකක් කඩලා ඔක්කොම බොමු එතකොට ශේප් නේ.."

" එකක් මදි නේ දෙකක් බොමු නේ.."

" මතීශ් තොට දෙනවා මං දැන් ඈ.."

" ඔය චුට්ටක් බිව්වාට මුකුත් වෙන් නෑ කිරි කැටියෝ දෙකකුත් මදිනේ අපි ඔක්කොම බොමු.."

" අනේ මේ රුක්ෂාන්..උබට කොහෙන්ද ඕවා.."

" උස්සව්වා.."

" කොහෙන්ද.."

" කවුදෝ අංකල් කෙනෙක් ආවා මේ ලගදී ඌ දාලා ගියෙ බෑග් එකක් පිටින්ම..ඔක්කොම මං ශේප් එකේ අරන් ඇද අස්සෙ දා ගත්තා..පොඩි එකා දැක්කෙ නැත්තන් මට අමතක වෙනවා ඕක.."

" මට දෙන් නැතුව බිව්වොත් මං තාත්තිට කියනවා.."

ඔක්කොලාගෙම කතාව අහන් හිටිය සිතූ එක පාරට කියද්දි මං එයා දිහා බැලුවෙ ඇස් හීනි කරලා..මුන් තුන් දෙනානම් මොකක් හරි මේ පොඩි ළමයාට ඕවා දෙන්න පුලුවන්ද බොන්න..ලොකු අයියා දැන ගත්තොත් අපි ඔක්කොම ඉවරයි..

" නෑ බොන් නෑ එකෙක්වත් දානවා පොඩී ඔය ටික තිබ්බ තැනටම.."

එහෙම කිව්වාට මගෙ වචන ටික අපරාදෙ කියලා හිතුනේ අරුන් තුන්දෙනා දෙක දෙක අරන් බදාගෙන පොඩී අතටත් එකක් විසික් කරද්දි..

" දැන් උබලා ඔය ඕවා බොන්නද යන්නේ.."

" ඔව්.."

" මතීශ්...."

" හරි ඉතින් අපි දෙන්නා බෙදාන බොමු.."

මෙහෙමයි ඉතින්..කොල්ලො උනාම බියර් එකක් ගැහුවාට වැරැද්දක් නෑ..පොඩි උනුත් නෙවෙයි නෙ දැන්..ඒ උනාට මේක හරි වෙලාව නෙවෙයි හෙට ඉස්කෝලේ යන්නත් ඕනි..ඊට කලින් මෙහෙ ඉදන් ගෙදර යන්නත් ඕනි අපි..

" උබලා බීලා තියනවාද කලින්.."

" ඔව්../// "

තුන් දෙනාගෙන්ම එකම උත්තරේ ලැබෙද්දි මං මතීශ් දිහා බැලුවෙ නොරිස්සුමෙන්..මෙච්චර කල් මාත් එක්ක හිටිය එකා බිව්වෙ කවද්ද..එයා එහෙම බොන්න විදිහක් නෑ නෙ ගමේ ඉද්දි..

මූ මට නොකියා කසිප්පුවත් ගැහුවාද..

" අමුවෙන් ගහන්න බෑ නෙ..බයිට් අරන් වරෙන්.."

" ඒවා නැති වෙන් නෑ පුතේ අපෙ ගෙදර ඕම ඉදාන්.."

මුන්ව නවත්තන්නෙ කොහොමද කියලා කල්පනා කරද්දි රුක්ෂාන් බයිට් එකටත් එක එක ජාති අරන් ඇවිත් තුන් දෙනාම වැඩේ පටන් ගත්තා..

" සුදු අයියේ.."

" ඇයි.."

" චුට්ටක් බොන්නම්.."

" ගුටි කනවා දැන් ඈ.."

" අනේ අපි දෙන්නා බාගෙ බාගෙ බොමු.."

" ලොකු අයියාට කියන්නද මං.."

" මං තාත්තිට කියනවා..ඔයත් බිව්වා කියනවා.."

" ප්__

" මටත් බොන්න ඕනි.."

" නෑ ඔයා බොන් නෑ එච්චරයි.."

සිතූ අතේ තිබ්බ බියර් එකත් අරන් රුක්ෂාන්ගෙ ඇගට දාද්දි ඒත් එක්කම වගේ ෆෝන් එක රින් වෙන්න ගත්තේ මිනිදු අයියාගෙන් කෝල් එකක් ආව නිසා..සෙනාශ්ට පොඩීව බලන්න කියලා මං එයාට කතා කරන්න ටිකකට මිදුල පැත්තට ගියා..

" මොකද කරන්නෙ මගෙ පිස්සු කොල්ලෝ.."

" රුක්ෂාන්ලා ගෙදර ආවා.."

" ඔයා මට කිව්වෙ නෑ නේ.."

" සොරි අයියා මෙයාලාගෙ වැඩ නිසා මට අමතක උනා..දවල් ක්ලාස් එකටත් ගිහින් එහෙම්ම මෙහෙ ආවා.."

" මෙච්චර වෙලා යනකන් කිව්වෙ නෑ නේ එතකොට ඔයා මට ඔහෙ ගියා කියලා.."

" සොරී......"

" හ්ම්ම්..හ්ම්ම්..මොකද කරන්නෙ දැන් ඔහේ.."

" ආ මේ...."

" ඇයි.."

" නෑ මුකුත් නෑ ඉතින් අරගොල්ලො ගේම් ගහනවා.."

" ඔයා ගේම් ගහන් නැද්ද.."

" ම්හුක්..එච්චර ආස නෑ මං.."

" හෙට ඉස්කෝලේ එනවද පැටියෝ.."

ඕකනෙ බැරි..අයියා මට ආදරෙන් කතා කරද්දි මාව රතු වෙන්න ගන්නවා..එතනින් එහාට මටත් අරුන් ගැන අමතක වෙද්දි මං මිනිදු අයියා එක්ක පැයක් විතර කතා කර කර ඉදලා තිබුනා..

කෝල් එක කට් කරපු මම ආයෙත් කාමරේට යද්දි තමා හැම දේම වෙන්න පටන් ගත්තෙ..නෑ ඊට කලින් පටන් අරන් දැන් තමා හොදම ටික..

" මගෙ සසිරූ..........."

" එහාට පලයන් ඌ මගේ.."

වහලා තිබ්බ දොර ඇරගෙන මං කාමරේට යනවත් එක්කම මගෙ ඇගේ එල්ලුනේ සෙනාශ්..ඒත් ඊට පස්සෙ ඌව තල්ලු කරලා මතීශ් මගෙ ඇගේ එල්ලුනා..

රුක්ෂාන් ඩවුන්ද කොහෙද ඌ ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම නිදි..මුන් දෙන්නාට හොදටම වෙරි..එතකොට පොඩී..

" මං ඔයාට ආදරෙයි නේ..ලොකු අයියාව එපා අපි දෙන්නා බදිමූ.."

සසිරූ..උබ අද ඉවරයි..

මං මටම කියා ගත්තේ පොඩී ටෙඩියෙක් තියාන ඌව ඉබ ඉබ තනියම හිනා වෙද්දි..

" අපි එක ගෙයි කමු..උබ අපි දෙන්නාවම බැදපන්..සැක්..කෙල්ලෙක් උනානම් මං උබව සිරාවටම බදිනවා බං.."

" නෑ නෑ..හික්..මූ මගේ..මං මූට ආදරෙයි නේ ගොඩ කාලෙක ඉදන්..කොහෙද තේරුන් ගන් නෑ නේ.."

" එහාට පලයන් දෙන්නාම.."

දෙන්නත් එක්ක එකතු වෙලා මාව ඉබ ඉබ එකගෙයි කන්න ප්ලෑන් දාද්දි මං දෙන්නාවම තල්ලු කරේ ඇදට වැටෙන්න..

කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව අත් දෙකෙන්ම මූණ පිරිමදින ගමන් කල්පනා කරද්දි මට මතක් උනේ ලොකු අයියාව..

බැනුම්නම් අහන වෙනවා සසිරූ කනපුරවලා..ඒ උනාට තාත්තාගෙන් ගුටි කනවාට වඩා ඒක හොදයි..රුක්ෂාන්ගෙ අම්මාට නෝන්ඩි වෙන් නැති වෙන්නත් දැන් මොකක් හරි කරන්න එපැයි..ඔන්න ඔහෙ ඕන එකක් කියලා ලොකූට කෝල් එකක් අරන් මං විස්තරේ කියන්න ගත්තා..

" සිතූ මොකද කරන්නේ.."

" ආ මේ..එයා ඉන්නවා ටෙඩියෙක් එක්ක තනියම කියව කියව.."

" ඌත් බීලාද.."

" දන් නෑ..අයියාව අතෑරලා ටෙඩියාව බදින්න තමා ලෑස්ති එයා.."

" පුක පැලෙන්න දෙනවා අද ඕකාට මං..ලොකේශන් දාන්න මං එන්නම් ඉක්මනට.."

" හා..පරිස්සමින් ඈ.."

" හිටපන්කො උබවත් අල්ල ගන්නම් මං.."

" ඉතින් මං බිව්වෙ නෑ නේ.."

" ඒක තමා ලොකුම ප්‍රශ්නේ..තොපි හින්දා මගෙ ජොබ් එකත් ගහලා යනවා ලගදිම.."

" ඉතින් ඔයා ඕෆ් වෙලාම එන්න..මං තව ටිකක් මුන්ව අල්ලන් ඉන්නම්.."

" පැයක් යයි.."

" කමන් නෑ.."

" හා හා..ඔය ඇට කිත්තාව බලා ගනින් දැන්වත් එහෙනම්.."

මුන්ව බලා ගන්නම් කිව්වාට දැන් පැයක් යනකන් මොනා කරන්නද කියලා මට හිතා ගන්න බෑ..ඔක්කොටම හපන් ආන්ටි කතා කරොත් ඒ මනුස්සයාට මූණ දෙන්නෙ කොහොමද..මගෙ හිතේ හයියටවත් එකෙක් හරි නොබී හිටියානම්..

" මතීශ්....කුක්කු ටිකාක්....."

" උබට නොදෙන කුක්කු තියනවාද මං ලග ආ..බීපන්.."

" ඒයී......."

ඇදට වෙලා වෙලීගෙන සෙනාශ් මතීශ්ගෙන් කුක්කු ඉල්ලද්දී අරුත් ටී ශර්ට් එක උස්සලාම ඌට කුක්කු දෙන්න ලෑස්ති..මං ඉක්මනට මැදට පැනලා උන් දෙන්නව දෙපැත්තට කරලා ඉද ගත්තා..

" එයාගෙ ඒවා හික්....බොන්න එපානම් ඔයා දෙනවද මට.."

" තෝ මගෙන් මරුන් කනවා සෙනා......ශ්.."

" ම්හුක්..චුට්ටක් අල්ලන්නද.."

" මොනවද.."

" ගම්මිරිස් ඇට දෙන.."

" උබට මම ඇට පෙන්නනවා..හිටපන්කො ගෙදර යනකන් ඈ..."

" සුදු අයියා..........."

" ඇයි උබ මොකද.."

" ම්හුක් ඇයි තලා ගිහින්.."

" පුක පැලෙන්න ගහන්න ඉන්නෙ උබට අන්න.."

හෙන ගේමක් දීලා පැයක් විතර යනකන් මුන් ටිකව ආම්බාන් කරන් ඉද්දි දෙයියෝ වැඩියා වගේ ලොකු අයියා ආවා..ආන්ටිටත් බොරු කෝටියක් කියලා ශේප් එකේ එක එකාව කාර් එකට පටවලා අන්තිමට අයියා පොඩීව එක්කන් ආවෙ කරේ තියාගෙන..පොඩියි එයයි ඉස්සරහා..මං මේ ගොන් ජෝඩුව දෙපැත්තෙ තියාන පිටිපස්සෙ..

" ඇයි තොපි බිව්වේ.."

" බිව්වා..අපි..පිස්සුද ඕයි..ඇල්ව හික්...තුරත් නිවලා බො..න්නේ.."

" තුදු මාත්තයෝ..මතීශ් අයියාට බනින්න එපා..මං හොයා ගත්තෙ ඒවා.."

" චූටි මැණික කට වහ ගනින් මට උබට ගහන්න හිතෙනවා.."

" ඉතින් ගහන්නකෝ..ඔයානෙ මං චූටි කියලා ගහන් නැත්තේ.."

" පොඩී....."

" ම්හුක්..උම්මා එකක්.."

" ගද බලපන්.."

" සුදු අයියා..මේ අවලමා මං ලග ගදයි කිව්වා...එන්න එපා තෝ ආයෙ රෑ තිස්සෙ මගෙ කාමරේට හොරෙන් පැන පැන.."

" කට කඩනවා ඈ.."

" කඩපන් බලන්න.. කිස් කරපන් මාව.."

" චූටි මැණික පාඩුවෙ ඉන්නවා.."

" බෑ.."

ආ එච්චරයි..මෙච්චර කල් නොයිදුල්ව තිබ්බ ලොකු අයියාගෙ දෙතොල් ඉදුල් වෙලා ගියා..

පොඩි එකා ශනික නැගිටලා ලොකු අයියාගෙ කටටම චොක් ගාලා කිස් එකක් දුන්නෙ එයාට හිතන්නවත් ඉඩ නොදී..ඕකටනෙ හැමදාම මුන් දෙන්නා වලි ඇල්ලුවේ..හැබැයි දැන් පොඩීට ඕක මතක තියන එකක්නම් නැති වෙයි..

ඔක්කොටම වඩා හොදට ගියේ සෙනාශ් ඇගිල්ලත් උර උර නිදාන ඉන්න එක..ඒකත් උගෙ ඇගිල්ලක් නෙවෙයි මගෙ ඇගිල්ලක්..එයා හැබැයි මේක දැක්කානම් මෙතන වෙනම නාඩගමක්  නටනවා..

" මොකක්ද ඒ කරේ.."

" මගෙ අයිතිය.."

" සිතූ...."

" ඔව් සිතූ තමා ඇයි මොකද.."

ලොකු අයියා හොල්මන් වෙලා කටටත් අත තියාන පොඩී දිහා බලන් ඉන්නවා..ඒකනම් හැබැයි එයාගෙ ෆස්ට් කිස් එක වෙන්න බෑ..මීට කලින් අයියාට ලව් තිබිලා තියනවා එව්වාගෙන් හම්බෙන්න ඇති නේ..මොනා නැතත් දැන් තමා එයාට හරියනම කෙනා හම්බෙලා තියෙන්නෙ..

" මේ මුන්ව කොහොමද සසිරු දැන් ගෙදර එක්කන් යන්නේ.."

" අම්මලා නිදා ගන්නකන් ඉදලා යන්ද..අපි ඔයා එක්ක ඉන්නෙ කියන්න එතකොට අවුලක් නෑ නේ.."

" ඉදාන්කො බලන්න..තොපි මහ සාප ඕයි..හෙට අල්ල ගන්නම්කො මං ඔක්කොම එක වැර.."

අම්මලාටත් කෝල් එකක් දාලා අපි ගෙවල් ලගට පාර අයිනෙ වාහානේ නතර කරන් හිටියේ පොඩ්ඩක් රෑ වෙනකන්..දැනටත් එකොලාහයි..ඒත් අම්මලා නිදා ගද්දි මීට වඩා රෑ වෙනවා..

මිනිදු අයියා නිසා තමා ඔක්කොම..එයා ඒ වෙලාවේ පැයක් විතර කෝල් කරේ නැත්තන් මං මුන්ට ආසාවට ටිකක් බොන්න දීලා නවත්තනවානේ..කොහෙද ඉතින් කියවන්න ගියාම අපි දෙන්නාත් ඔහේ කියවනවා නේ..ම්හුක් එයා එක්ක කතා කරද්දි සෝක් ඉතින්..

තවත් පැය එක හමාරක් විතර අපි කාර් එකේ..මුන් දෙන්නානම් නිදි ඒත් එහෙන් මෙහෙ දෙන්නාගෙම අත් යනවා අස්සවල්වල මැද ඉන්න මං තමා ඔක්කොටම අහු වෙන්නේ..ඒ අතරෙ පොඩී ලොකූව දූෂණේ කරන්න දගලනවා..මුන්ට බිව්වාම මදනයා ගහනවා නේ..මෝල තද වෙලා වගේ නලියන්නේ..

" දගලන්න එපා මතීශ්......."

" ආදරෙයි නෙ මං.."

" කෑ ගහන්න එපා බල්ලෝ.."

පාන්දර එකත් පහු උනාම අපි ශේප් එකේ කාමරේට රිංග ගන්න යද්දි මේ බූරුවා කෑ ගහනවා..අයියා පොඩීවනම් එක්කන් ගිහින් කාමරේට දාලා දොර වහලා ආවා..ඊට පස්සෙ එයා සෙනාශ්ව උස්සන් යද්දි මට සිද්ද උනා මේ තඩි මතීශ්ව කරේ තියාන යන්න..

" උබ මට ආදරෙයිද කියපන්.."

" ආදරෙයි ආදරෙයි.."

" නෑ උබ ආදරේ නෑ මට.."

" පොඩ්ඩක් කට වහන් ඉන්නවාකෝ කොන්දත් රිදෙනවා මගේ.."

" හා..ඔන්න කට වහ ගත්තා.."

ආ..ලොකු දෙයක්..එක අතකින් මගෙ බෙල්ල බදාන මතීශ් අනිත් අතේ ඇගිල්ල තොල්වලට තද කර ගත්තා..

අදනම් මගෙ කකුල් දෙකට අබ සරණයි..දවල් අරූගෙ ගෙදර යන්න පයින් ගාටව්වා දැන් මෙයාව උස්සන් පඩිපෙල් නගින්න උනා..මෙයාලා කියනවා වගේ කොහොම හරි රාවණ ගැම්ම අරන් මතීශ්වත් කරේ තියාන පඩිපෙල් නැගලා ගිහින් ඇදට අතෑරලා දැම්මා..දැම්ම පමාවට දෙන්නාම ආයෙත් ගැරඩි වගේ වෙලීගෙන නිදි..ඇහැරන් ඉද්දි විතරයි මෙයාලා මේ මට උබව පේන්න බෑ ගගා බොරුවට වලි..

" හෙටත් ගෙදර හිටපන් දැන්..උදේට නැගිටින එකක් නෑ නෙ මුන් දැන්.."

" ඒක තමා.."

" උබ මොකද කරේ මුන් බොනකන්.."

" ම්_මං එළියෙ හිටියේ.."

" මල් කැඩුවා.."

" නෑ පිස්සුද.."

" උබලා තම්බයි මාව.."

ඇත්ත මතීශ්ගෙ මහසෝන් යක්ෂයාව තම්බන්න හරි අමාරුයි..ඒකයි මට සිද්ද උනේ එයාටත් මිනිදු අයියා ගැන කියන්න..එයාව ඉතින් ගොඩක් අය දන්න නිසා ලොකු අයියත් මිනිදු අයියාව ඉස්සර ඉදන්ම දන්නවාලූ..ඊට පස්සෙ දිගම දිග ලෙක්චර්ස් එක්කුත් දීලා ලොකු අයියා පොඩී ලගට ගියා..

අද උන මහා කරුම දේවල් ගැන මෙනෙහි කරන ගමන් මාත් වොශ් එකක් දාන් ඇදේ ඉඩ තියන තැනක් බලලා පෙරලුනේ නටපුනාඩගම ගෙදෙට්ටනම් මාට්ටු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්..

*****

ඉවරයි ඉවරයි හවස දෙන්න හිටියේ කරන්ට් කේස් එකක් තිබ්බ නිසා මෙච්චර වෙලා ගියේ..😪

vote..❤️👇