Chapter 16: වලියක් (part 15)

තුන්කොන් BLWords: 31536

සසිරු pov

අද සෙනසුරාදා දවසක් වෙද්දි උදේම ඇහැරලා ක්ලාස් ගිහින් ඉවර උනාට පස්සෙ අපි මේ රවුමක් දාන ගමන්..කොල්ලො කවද්ද ඉතින් ක්ලාස් ඉවර උන ගමන් ගෙදර ගියේ..

" ඒකි අද පට්ට ලස්සනයි ඕයී..ඒ උනාට සුදු ගවුමටත් අමුතු ලස්සනක් තියනවා නේ.."

උදේ ඉදන් කනක් ඇහෙන්න නෑ සෙනාශ්ගෙ කටේ තියෙන්නෙ අර කෙල්ල ගැන..තාත්තා සිංහල වලටත් ගෙදෙට්ට සර් කෙනෙක් ගෙන්නන්න ගියෙ ඒත් මූට නිවුස් එක ආවා දම්සාරි හෝල් ක්ලාස් එක්කට යනවා කියලා ඉතින් මේ මෝඩයාටත් ඒකටම යන්න ඕනි උනා..ඌ යනවා කියන්නෙ අපිටත් යන්න වෙනවා..

" දැන් ඇති ඕයි ඕක..ඒකි ලස්සනයි තමා..ඊලග පාරනම් අම්මපා කියනවා මං උබ ඒකිට කැමතී කියලා.."

" ට්‍රැකද.."

" උබත් එක්ක තව විනාඩි පහක් හිටියොත් ට්‍රැක පනිනවා අපෙත්..වැව රවුම පැත්තෙ යනවද.."

රුක්ෂාන් සෙනාශ් එක්ක කතා කරන ගමන් ඉස්සරහින් යද්දි මතීශ් මාත් එක්ක එයාලට පස්සෙන් ආවා..රුක්ෂාන් සෙනාශ්ගෙන් වැව රවුම පැත්තෙ යනවද අහද්දි සෙනාශ් බැලුවෙ මං දිහා..

" යන්.."

" උබටත් රවුන් ගහන්න තියනවානම් ඒ තරම් දෙයක් නෑ නේ දැන්.."

" මේ යනවනම් මගක් ගිහින් හැරිලා එමූ වටේම යන්න බෑ කකුල් රිදෙනවා..කැෆේ එකට යන් කන්න.."

යනවද ඇහුව මනුස්සයටම ඒ පාර කකුල් කැක්කුම..කකුල් නෙවෙයි මේ රුක්ෂාන්ගෙ කට රිදෙන් නැද්ද දන් නෑ..එක විනාඩියක් කට වහන් ඉන්න බෑ ඌට ඔහේ කටට එන ඔක්කොම කියවනවා..හැබැයි කෑමක් හම්බුනොත්නම් කන වෙලාවට මීක් නෑ..

" ඔයා මගින් හැරිලා යන්න..මං මුන් දෙන්නත් එක්ක යනවා.."

" අපි..උබ යනවද සෙනාශ් මූත් එක්ක.."

" මං..මං යන් නෑ..මගෙ දතේ කැක්කුම.."

" ආ මගෙත් අක්මාව රිදෙනවා.."

පේනවද මේ අහිංසකයට කරන වෙනස්කම්..මං කොහෙ හරි යන් කිව්වොත් තමා මුන්ට ඇග හැම තැනම කැක්කුම් එන්නේ..

" ඕන් නෑ එකෙක්වත් මං තනියම හරි යනවා.."

" එච්චර දෙයක් පුලුවන්ද.."

" පුලුවන්.."

තුන් දෙනාටම රවලා මං එයාලව ඉස්සර කරන් වේගෙන් වේගෙන් ආවා..එනවානම් එන් නැතෑ පැද්දි පැද්දි..

පන්ඩිතකමට ආවට මගෙත් කකුල් රිදෙනවා ක්ලාස් එක ලග ඉදන් ටවුන් එකට එන්න ටිකක් දුරයි බස් එක්ක යන් කිව්වත් අරුන් ටිකගෙ පණ්ඩිතකමේ අඩුවක් නැති නිසා පයින්ම ආවා..ගොඩ දවසකින් මහන්සි වෙලා නැටුවෙත් නැති නිසා ටිකක් හරි ඇග මහන්සි කරොත් හැම තැනම කැක්කුම අල්ලනවා..

" සසිරූ.."

" ඕයී.."

" ඔහොම හිටපන්.."

" ඒයි සුදූ.."

මට අඩි ගානක් එහයි ඉදන් තුන් දෙනාම මාරුවෙන් මාරුවට කතා කරත් මං නෙවෙයි ගනන් ගත්තේ..

" සසිරූ.."

" පලයන්කො කට වහන්.."

" ආ මොකද මේ සුදු මහත්තයාට ඩෝං ගිහින්ද.."

" අනේ නෑ උබලා නැතුව තනියම ඉද්දි හරි නිදහස්.."

එහෙම කිව්වෙනම් බොරුවට හැබැයි මුන් නැතුව මගෙ ජීවිතේ නිකක් ඇට නැති දෙළුම් ගෙඩියක් වගේ..

" ඒයි සසිරූ ඔහොම හිටපන් යකෝ.."

" ඕන් නෑ පලයන් උබෙ දම්සාරි හොයාගෙනම.."

" මූ බලපන්කො.."

" මං දන් නෑ මගෙ අක්මාව රිදෙනවා.."

එයාලා මට කතා කරද්දි මං කරේ එයාලගෙ පැතට හැරිලා පස්සෙන් පස්සට ගිය එක..හැබැයි ඉතින් අඩි පහක් හයක් යන්න ඇති..

" ආහ්.."

පිටි පස්සෙ හිටිය කොල්ලෙක්ගෙ ඇගේ වැදිලා මං බිම වැටෙද්දි මතීශ් ඉක්මනට මගෙ ලගට දුවන් ආවා..

" මගෙ වැරැද්දක් නෑ උබ තමා පස්සෙන් පස්සට ආවේ.."

" ඕයී සොරි කියන්න දන් නැද්ද උබ.."

ඒ කොල්ලා මගෙ පැත්තට වැරැද්ද දාද්දි මතීශ් මාව නැගිට්ටවලා උගෙ පපුවට අත් තියලා පස්සට තල්ලු කරා..

" ඒයි මතීශ්.."

" මල්ලි මේ සද්දෙ දාන් එන්න එපා හරී.."

" ඇයි උබ මට මොනා කරන්නද අහ්.."

" මොකද මේ.."

එයා මතීශ්ට අත උස්සන්න යද්දිම සෙනාශ් රුක්ෂාන් එක්ක අපි ලගට ආවෙ හෙන ගැම්මෙන්..සාක්කු දෙකටත් අත් දාන් සෙනාශ් හිතන් ඉන්නෙ හෙන පොර කියලා..පොර තමා ඒක වෙනම කතාවක් ඒ උනාට මටනම් එයාව පේන්නෙ හරි හුරතල් විදිහට..

" අහ්..සෙනාශ්.."

" සෙනාශ් තමා ඇයි අයියා මොකක්ද වෙන්න ඕනී.."

" අඩෝ මේ පොඩි ඇටයා බලපන්කො බං.."

" උබ...."

" මතීශ් නවත්තපන් ඕක.."

ඌ අනිත් උන් අතින් සෙනාශ්ට නෝන්ඩිය දාද්දි මතීශ්ට තවත් මල පැනලා ඌට ගහන්න ගියත් මං එයාව නවත්ත ගත්තා..සෙනාශ් එයාට අයියා කියලා කතා කරපු නිසා සමහරවිට දෙන්නා අදුරනවා ඇති..

" ඇයි මං නවත්තන්නේ උබව වැට්ටුවා මදිවට යකෝ මේකාගෙ ලොකු සීන් සොරි කියන්නවත් දන් නෑ.."

" සොරි කියපන් මූට "

සෙනාශ් ඒ අයියට අන කරා ඒත් ඌ කරේ නෝන්ඩියට අනිත් උන් දිහා බල බල හිනා උන එක..

" මෙන්න මේ පොඩි පකයට දෙකක් ඇනපන් හර්ෂ.."

තව කොල්ලෙක් අරූ අතින් සෙනාශ්ලට ගහන්න කිව්වත් ඔක්කොටම කලින් ඉස්සර උන මතීශ් උගෙ මූණටම පාරක් දුන්නෙ පස්සට විසික් වෙලාම යන්න..

" ඒයී.."

" අම්මට හු__"

" ම්ම්හ්.."

මතීශ්ගෙ ගුටි කෑව එකාට තරහා ගිහින් ඌ ඒත් එක්කම මතීශ්ට ගහන්න ආවත් මං එයාව එහාට තල්ලු කර නිසා ඒ පාර වැදුනෙ මට..උරහිසට වැදුන සැර පාරට මාත් පස්සට විසික් වෙලා සෙනාශ්ගෙ පපුවෙ වද්දි මෙතන ඉන්න ලොකුම නහර කාරයා උන එයාට මල පැන්නා..

" මගෙ එකාට අත උස්සන්න තෝ කවුද හුත්තෝ..මරනවා දැන ගනින්.."

මතීශ් වගේම සෙනාශ් අතිනුත් ඒ අයියට සැර පාරක් වදිද්දි එයාගෙ යාලුවෝ දෙන්නා ඌව අල්ලා ගත්තා..

" තෝ බල්ලා මාව මාරයා කර ගන්න හදන්න එපා මගෙ උන්ට අත උස්සලා.."

" පල හු#තා යන්න තොට කරන්න පුලුවන් දෙයක් නෑ.."

" ඇයි මං උබලට මීට කලින් කරලා පෙන්නලා නැද්ද.."

" සෙනාශ් ඇති.."

" පොඩ්ඩක් හිටපන්කො සසිරූ.."

මං සෙනාශ්ව නවත්තන්න ගියත් එයා මාවත් පස්සට කරලා අරූගෙ ශර්ට් එකෙන් අල්ලා ගත්තා..රුක්ෂාන්ටයි මතීශ්ටයි දෙන්නටත් හොදටම තරහා ගිහින් වෙද්දි උන් දෙන්නත් සෙනාශ් එක්කම අර අයියලා එක්ක ගේමට යද්දි මං ටිකක් පස්සට උනා..

" තොපි වගේ ගොබ්බයෝ එක්ක කතා කරලා වැඩක් නෑ ඕයි.."

" මල්ලි මේ ඉවසගෙන ඉද්දි කරේ නගින්න එන්න එපා හරී.."

" ඉවසීම නෙවෙයි උබලා බයයි..නැද්ද සෙනාශ්.."

" ඇත්තට බං අයියේ උබලට ඇති වෙලා නැද්ද හැම සැරේම මගෙන් කාලා..ලූසර්ස්.."

ලූසර්ස් කියලා බර කරලම කිව්ව සෙනාශ්ට ඌ ආයෙත් අත උස්සන්න එද්දි මතීශ් උගෙ අත අල්ලා ගත්තා..

" චහ්..ඒ ගැනනම් හිතන්නවත් එපා උබලා තුනයි අපි හතරයි.."

" මගෙ අයියලා ටිකට මේ පාර හොදට ප්‍රැක්ටිස් කරන්න වෙයි හැබැයි..මොකද මං විතරක් නෙවෙයි මේ පාර මූත් ඉන්නවා.."

" උබලට මේ පාර වින් කරන්න දෙන් නෑ යකෝ.."

" හැමදාම ඕක නෙ කිව්වෙ ඉතින්..ලූසර්ස්.."

" උබ...."

ආයෙත් ඒ අයියා සෙනාශ්ට ගහන්න එද්දි සෙනාශ් උගෙ බඩට එක දිගට ගහන්න ගත්තෙ පන්චින් බෑග් එක්කට ගහනවා වගේ ඒ අතරේ මතීශුරි රුක්ෂානුයි අනිත් කොල්ලො දෙන්නා එක්ක ගහ ගන්නවා..ලොරි ටෝක් දැම්මට උන්ට මේ තුන් දෙනා එක්ක හැරෙන්නවත් බැරි උනා..උන් කරේ දිගටම ගුටි කාපු එක..

මැච් ගැන කියන්න ඇත්තේ බොක්ශින් වෙන්න ඇති..

මට එයාලව නවත්තන්න හිතුනත් එහෙම නොරක මං කරේ පැත්තක තිබ්බ පොඩි කණුවකට හේත්තු වෙලා බලන් හිටිය එක.. ඒත් ඉතින් විනාඩි දෙකක් විතර යද්දිම..

" ඕයි නවත්තපන් ඕක.."

හුරුපුරුදු කටහඩක් කන ලගින්ම ඇහෙද්දි මං ගැස්සිලා ගියා..ඒ මිනිදු අයියා..එයා කෑ ගහගෙන අපි ලගට ලං වෙද්දි ඔක්කොම ගහ ගන්න එක නතර කරා..

" මිනිදු උබෙ ඇටයො ටික අරන් පලයන් මෙතනින්.."

" ඇයි උබලට ගුටි කාලා ඇති උනාද.."

" නවත්තපන් සෙනාශ් ඕක මොකක්ද මෙතන උනේ.."

" මේ පොන්නයෝ සසිරුට ගැහුවා.."

සෙනාශ් උන දේ හරියට කිව්වෙ නැති වෙද්දි මිනිදු අයියාගෙ ඇස් ඉක්මනට මං ලග නැවතෙද්දි මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..මේ මනුස්සයා මට කැමතී කිව්ව වෙලේ ඉදන් කල්පනා කරේ ආයෙ එයාට මූණ දෙන්නෙ කොහොමද කියලා..කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරි වෙද්දි මං ඇගිලි දෙකෙන් කණ්නාඩි දෙක උඩට කරලා අහක බලා ගත්තා..

" පල පල හර්ෂ..තොපිට ලැජ්ජාවක් කියලා නාමයක් නෑ යකෝ හැමදාම අපෙන් කනවා.."

" ගිය පාර අන්ඩර් තර්ටීන් අපිට කියලා අමතක උනාද.."

" ආ නෑ..හොදට මතකයි හොර කරලා වින් කරපු විදිහ.."

" කවුද යකෝ හොර කරේ..සාක්ෂි තියනවද උබලට.."

" අපෝ තියනවා..පරණ දේවල් උඩට ගන්න කැමතිනම් අපිත් හරි ආසයි.."

" හර්ෂ යමන් හු#තෝ.."

" අන්න ඌට විතරයි මොලේ තියෙන්නෙ..පලයන් දැන් මෙතනින් තවත් ගුටි කන් නැතුව.."

මිනිදු අයියා උන්ගෙ මූණට එබිලම කියද්දි උන්ගෙ ඇස් තවත් බයේ ගැහෙන්න ගත්තා..මං හිතන්නෙ එයාට බය අපෙ ඉස්කෝලේ අය විතරක් නෙවෙයි..කිසිම දෙයක් කර ගන්න බැරුව උන් තුන් දෙනා අපි දිහා බලන් ඉද්දි මිනිදු අයියා මං ලගට ආවා..

" කෝ තුවාල උනාද ඔයාට.."

" ආහ්.."

මාව තුවාල උනාද බලන්න මගෙ අත අල්ලද්දි උරහිසට වැදුන පාර නිසාද මංදා වේදනාවක් දැනුනා..

" උරහිසටද ගැහුවේ..සසිරු මේ වැලමිටත් තුවාල වෙලා.."

එයා කියද්දි තමා මටත් තේරුනේ වැටුන පාර වැලමිට තුවාල වෙලා ලේත් එනවා කියලා..මෙච්චර වෙලා ඒක ගැන ගානක් නෑ ඒත් තුවාල වෙලා කියලා දැග ගත්තට පස්සෙනම් පොඩ්ඩක් රිදෙන්න ගත්තා..අර තුන් දෙනත් ඇවිල්ලා කැරකි කැරකි මට තව තුවාල වෙලාද බලනවා ඒ අස්සෙ..

" රිදෙනවද..ම්ම්ම්.."

මගෙ ඇස් දිහා බලානම මිනිදු අයියා අහද්දි දෙන්න ඕනි උත්තර මොකක්ද කියලා එක පාරටම ඔලුවට ආවෙ නෑ..ඉතින් මං ඔහේ එයා දිහා බලන් හිටියා..

" වතුර එකක් තියනවද.."

" සසිරු උබෙ බෑග් එකේ තියනවා නේද.."

" ම්ම්ම්.."

සෙනාශ් ඇවිත් මගෙ බෑග් එකෙන් බෝතලෙ අරන් ඒක මිනිදු අයියට දුන්නා..ඒ පරක්කුවට එයා එයාගෙ ලේන්සුවට වතුර ටිකක් දාලා මගෙ තුවාලෙ පිහින්න ගද්දි මං යටි තොල හපා ගත්තා..

" ම්හ්.."

" රිදෙනවා නේ.."

මං හිතන්නෙ අයියට පුලුවන් තරම් මෘදු විදිහට එයා ලේන්සුවෙන් මගෙ තුවාලෙ පිස්සා ඒත් ඒකත් මට රිදුන නිසා මිනිදු අයියා තුවාලෙට පිඹින ගමන් පිහදලා තුවාලෙ හේදුවා..

" මේක බැද ගන්න දැනට..සෙනාශ් මෙයාට ගෙදර ගිහින් බෙහෙත් ටිකක් දාන්න..උරහිසත් තවලා බාම් ටිකක්වත් ගාන්න.."

එතකොට සෙනාශ් කරේ මගෙ ටී ශර්ට් එක ඈත් කරලා උරහිස බැලුව එක..ලැජ්ජා හිතුනා මිනිදු අයියා ඉන්න නිසා ඉතින් මං ඉක්මනට එයාගෙ අත එහාට කරලා ඒ මෝඩයට රැව්වා..

" පාරවල්වල රන්ඩු වෙන්න එපා ඕයි..ස්පෙශලි අරුන් වගේ ගොබ්බයෝ එක්ක..උබ දන්නවාගෙ ඉතුන් උන්ගෙ කට විතරයි කියලා..වෙලාවට උබලා මරා ගන්න කලින් මං ආවේ.."

" මොකා උනත් මූට අත උස්සද්දි මට_.."

" හරි හරි දැන් හතර දෙනාම ගෙදර පල.."

" මේ මිනිදු අයියා..ඔයා මූ ගැන හරීයට වද වෙනවා නේ.."

ඔන්න වක්කඩේ ඇරියා..මෙච්චර වෙලා මිනිදු අයියා මං ගැන වද උන විදිහ බලන් හිරිය රුක්ෂාන් කියද්දි අයියා මගෙ මූණ දිහා බැලුවෙ ලාවට වගේ හිනා වෙලා..එයා ඇස්වලිනුත් හිනා උනා..

" හ්ම්ම්..වද වෙනවා තමා..පරිස්සමින් ගෙදර යන්න..මට ක්ලාස් දැන් වෙලා ගියා මං යන්නම්.."

අයියා එහෙම කියලා මගෙ කොණ්ඩෙ අවුල් කරද්දි මං බලාගෙන ඒකට මතීශ්ගෙ මූණ ඉරිසියාවෙන් පිරිලා යනවා..ඒ නිසාම වෙන්න ඇති මිනිදු අයියා ගිය පරක්කුවට මතීශ් ඇවිත් ආයෙත් මගෙ කොණ්ඩෙ හැදුවේ..

.

.

.

.

.

" ආව් රිදෙනවා මට.."

" රිදෙනවා තමා මට ගහන්න යද්දි මොකටද තෝ මැදට පැන්නේ ආ.."

" ඕවා දාන්න එපා සෙනාශ් දනවා.."

" කට වහන් ඉන්නවා.."

ගෙදර ආව ගමන් වොශ් එකක් දාන් කාමරේට එද්දි දෙන්නත් එක්ක මට බෙහෙත් දාන්න ලෑස්ති..මාව උස්සාගෙනම ගිහින් ඇදේ ඉන්දවලා සෙනාශ් තුවාලෙට බෙහෙත් දාද්දි මතීශ් උරහිස තවලා බාම් ගාන්න ගත්තා..

" ඒ අයියලා ඔයා එක්ක තරහයි වගේ නේ.."

" ඔව් ඒ පො#නයොත් බොක්ශින් ගහන්නේ..හැම සැරේම එක එකාව ෆයිට්වලට දානවා මාව පරද්දන්න ඒත් මේ වෙනකන් කරන්නනම් බැරි උනා.."

" මං නිසා තවත් වෛර බදී නේ ඔයා එක්ක.."

" උන්ට කරන්න පුලුවන් දෙනක් නෑ බං..කට විතරයි.."

" නිල් වෙලා මෙතන..අල්ලද්දි රිදෙනවද.."

" හ්ම්ම්..ටිකක් රිදෙනවා ඉතින්.."

" තනියම ගියා එක්කෙනෙක් පණ්ඩිතකමට වැව රවුම වටේ යන්න..ඔය ගියෙ දැන්.."

" හරි හරි ඉතින් ඇයි කෑ ගහන්නේ..හ්ම්ම්.."

" සුදු අයියා........"

එකපාරටම කාමරේට දුවන් ආව පොඩී මෙයාලා මට බෙහෙත් දානවා දකිද්දි දොර ලග නැවතුනේ මූණෙ තිබ්බ හිනාව අතුරුදහන් කර ගන්න ගමන්..

එයා බය උනා ඇයි මං තුවාල වෙලා තියෙන්නෙ කියලා..ඉක්මනට ඇවිත් කොල්ලා මං ලගින් ඉදගෙන මගෙ අතකින් අල්ලා ගත්තේ මූණත් එල්ලාගෙන..

" මොකද උනේ..මේ වදුරු පැටව් දෙන්නා ඔයාට ගැහුවද.."

" නෑ අනේ ලිස්සලා වැටුනා මං..අවුලක් නෑ එච්චර රිදෙන් නෑ.."

" බොරු නේ..කෝ බලන්න..මේ නිල් වෙලා..ලොකු බූරුවෝ ගෝස් කැල්ල ලොකුවට දාලා ප්ලාස්ටර් එක ගහන්න.."

" ඔව් උබ කියනකන් හිටියෙ මං මේ..කෝ අල්ලා ගන්නවා ඔතනින්..මතීශ් අර කතුර දීපන්.."

තුන් දෙනාම රණ්ඩු වෙවී අන්තිමට මට බෙහෙත් දාලා බාම් ගාලා ඔක්කොම කරලා ඉවර උනා..හැමදාම තුවාල කර ගත්තානම් හොදයි හිතුනා..ඇයි ඉතින් මාව ඇදේ හාන්සි කරවලා බ්ලැන්කට් එකත් පොරවලා සෙනාශ් මතීශ් එක්ක ගියා මට කන්න මොනා හරි අරන් එන්න..චූටි තුවාලෙකට මෙච්චර සැලකිලිනම් ලොකු දෙයක් උන දවසට කොහොම තියෙයිද..

" සසිරු අයියා..මේ මොකක්ද.."

" මොකක්ද.."

" මේ ලොකු බෑග් එක අස්සෙ දිළිසෙන්නේ.."

" වෙස් කිට් එක.."

" සිරාවට..අනේ මට බලන්න ඕනි.."

මෙහෙ ආවත් හරි ඒක තාම බෑග් එක අස්සෙ හැංගිලා..සෙනාශ්ගෙ කාමරේට ආවොත් හැම දේම අදින සිතූට මේ සැරේ අහු උනේ මගෙ වෙස් කිට් එක..

" කෝ ගේන්න ඕක.."

" ඒක බරයි නේ.."

" එච්චර බර නෑ පොඩී බොරු නොකර ගේන්න ඕක.."

" ආ..."

පොඩී මගෙ බෑග් එක ගෙනත් ඇද උඩින් තියද්දි මං එක්ක ඇරලා බැලුවෙ හරි ආසාවෙන්..නැටුන්..මට ජීවිතේ තියන ලොකුම සතුට වගේම සැනසීම..ප්‍රශ්න දාහකට උනත් තියන එකම උත්තරේ..

" වාව්..මං මේවා අල්ලන්නද.."

සිතූගෙ ඇස් දිළිවෙනවා ඒක දැකලා..මගෙන් අවසර ලැබෙද්දි බෑග් එකේ තිබ්බ එකින් එක අරන් එයා ඇද වටේට පරිස්සමින් තිබ්බා..ඒවා ඒ දවස්වල ඉදන්ම තාමත් අලුත් ව්දිහටම තියනවා..

" මේක මොකක්ද.."

" වෙස් තට්ටුව.."

" එතකොට මේක.."

" ජටා පටිය.."

" ආ අර ඔලුව ඒම කරකලා ගද්දි උඩ යන්නෙ මේක නේද.."

" හ්ම්ම්.."

"මේ මොකක්ද අප්පේ මේ දිළිසෙන්නේ.."

" අවුල් හැරය.."

" ඒක මේම උඩට නේද දාන්නේ.."

" ආ මේක මං දන්නවා.."

" මොකක්ද.."

" ඉන හැඩේ නේ.."

" ම්ම්ම්..දන්නවා නේ ඇත්තටම.."

" ඔව්..එතකොට මේක..සා..සුදු අයියා ඒකේ සද්දෙ ලස්සනයි.."

" සිලම්බු දෙක.."

මගෙ ජීවිතේ දරා ගැණීම කියලා දුන්නේ සිලම්බු දෙකට කැපුන පාරවල්..කකුල් දෙක ඕනි තරම් තුවාල වෙලා ඇති..ඒ කොච්චර උනත් ඒකේ සද්දෙ ඇහෙද්දි ලේ නහර පවා නලියන්න ගන්නවා..

" මං අහලා තියනවා වෙස් බැන්ද නැට්ටුවෙන් අභිෂේක ලත් කුමාරයෙක්ට සමානයි කියලා.."

" ම්ම්..ඒක ඇත්ත..හරියට වෙස් නැට්ටුවෙක් වෙන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි.."

පොඩීගෙ කතාවට මට කලඑළි බැස්ස දවස මතක් උනා..එතකොට මට අවුරුදු පහලවයි..ගමේ පන්සලේදි මේ ලස්සන ඇදුම ඇදලා ආභරණ දාලා හැමෝම ඉස්සරහා නටපු දවස..අප්පච්චිගෙ ඇස්වල කදුලු පිරිලා තිබ්බා එදා..වෙස් තියන්න කලින් මහ රෑ වෙනකන් කොච්චර ප්‍රැක්ටිස් කරාද..මස් මාලු නොකා කිලිවලට අහු වෙන් නැතුව පේ වෙලා..මං විතරක් නෙවෙයි මායි මතීශුයි දෙන්නම..අප්පච්චි හැමදාම රෑට අපි දෙන්නාගෙම කකුල් තැව්වා නටලා ආවම..දෙමාපිය වන්දනාව වෙලාවෙ අම්මා ගැන කියද්දිත් මං වැන්දෙ මගෙ අප්පච්චිට..

" මොකද උබලා දෙන්නා කරන්නේ.."

" ලොකු බූරුවෝ..මටත් වෙස් තියන්න ඕනි.."

අර දෙන්නත් කන්න අරන් කාමරේට එද්දි පොඩී සිලබ්බු දෙක උස්සන් සෙනාශ් ලගට දුවන් ගියා..ඇදුම දැකලද කොහෙද මතීශ්ටත් ආස හිතිලා එයත් ඇවිත් ඇදේ ඉද ගත්තා..

" මගෙ බෙරෙයි කිට් එකයි දෙකම ගෙදර ඕයි.."

" යාහ්..මතීශ් අයියා තවුසෙත් වෙස් බැදලද ඉන්නේ.."

" ඔව්.."

" ලොකු අයියට කියමු ගෙනත් දෙන්න කියලා.."

" හ්ම්ම්..හෙට අනිද්දම ගෙන්න ගන්න ඕනි ඇගිලි ටිකත් පෙරලෙන් නැද්ද මංදා මෙහෙ ආවත් හරි බෙරේ ඇල්ලුවෙම නෑ.."

මතීශ් කිව්වෙ කකුල් දෙකේ දෙපැත්තට සුරල් පෙරලන ගමන්..ඌට නටනවට වඩා සුපිරියට බෙර ගහන්න පුලුවන්..ඕනි එකක් ආයෙ ගැටබෙර දවුල් යක් බෙර මරුවටම ගහනවා..ඒ අතින් උගෙ  අත්දෙක පුදුමාකාර විදිහට වටින්නේ..ගමේ ඉද්දි හැමදාම එයා බෙර ගහද්දි මං නටනවා..කිව්වා වගේම මෙහෙ ආවත් හරි අපි දෙන්නටම ඒවා මගෑරිලා ගිහින්..

" සසිරු.."

" ඇයි සෙනාශ්.."

" මට බලන්න ඕනි.."

" මොනාද.."

" උබ මේක ඇදන් කුමාරයෙක් වගේ හැඩ වෙලා ඉන්නවා.."

*****

vote 👇