Chapter 17: ජල ප්‍රහාර (Part 16)

තුන්කොන් BLWords: 29959

මතීශ් pov

" දිස් බෝයි ඕ මයි මායිඩ්..සදක් වෙලා මනරම් නනා නන ඇළෙන් දොලෙන් මුතුරං..මදක් පමා නොවියන් පුදන්නකො වෙදැගිල්ලෙ මුතු රං..ආ ආ...."

" කට වහ ගනින් සෙනාශ්...."

" ඒක එපාද එහෙනම් වෙන එකක් කියන්නම්..කෝල කොමල මුතු ලාලිත සුකුමල සරාගි අංගන සොබා අග වසග ශ්‍රියාවට වසග වෙලා සිත නුරාව හදවත පුරා.."

" තොට ආයෙ කියන් නෑ ඕක නවත්තපන්..පුංචි මූට කට වහ ගන්න කියන්නකෝ.."

උදේ නැගිට්ට වෙලේ ඉදන් මූ සිංදු කියනවා කියනවා ඉවරයක් නෑ..ලස්සනට කියනවනම් කමකුත් නෑ පිස්සෙක් වගේ කෑ ගහද්දිනෙ හොම්බට එකක් අනින්න හිතෙන්නේ..

තුන් දෙනාටම ටිකක් උදේම ඇහැරුන නිසා කාලා බීලා ෆිල්ම් එක්කුත් බලලා වත්ත පැත්තට ආවෙ පුංචිව පොඩ්ඩක් ආශ්‍රේ කරන්න වෙද්දි එයා මල් පැල වගයක් හිටවනවා..පොඩි එකානම් උදේම ක්ලාස් ගිහින් මටයි සසිරුවාටත් ඩාන්සින් ක්ලාස් එකට දැන් වෙලාව එකොලහයි තව වෙලා තියනවනෙ ඉතින්..

" ඇත්තට ඔයාගෙ කට රිදෙන් නැද්ද ආරව්.."

" ඔයාගෙ වගේම කටක් තමා මටත් තියෙන්නෙ එතකොට කොච්චර කියෙව්වත් රිදෙන් නෑ කියලා අම්මි දන්නවා නේ.."

" මං ඔයා තරම් කියවන් නෑ.."

පුංචි උත්තර දුන්නෙ මල් පෝච්චියක් උස්සන්න ට්‍රයි කරන ගමන්..එයාට ඒක උස්ස ගන්න බැරි නිසා සෙනාශ් මල් පෝච්චිය උස්සලා පිල උඩින් තිබ්බෙ පුංචිට විරිත්තන ගමන්..

" තාත්ති කියලා තියනවා මට ඔයාගෙ කියවිල්ල ගැන.."

" එයා බොරු කියන්නේ.."

" අම්මේ ඉතින් ඔව් ඔව් බොරු වෙන්න ඇති.."

" බොරු තමා..සසිරූ..මේකෙ රෝස පැලයක් හදන්නද.."

" ඕකෙ එපා අම්මා..අර පාත්තියේ හදමු.."

ඒ අනිත් එකා ඌට මදනයා ගහලා..කොයි වෙලේ බැලුවත් ඔහේ කල්පනාව..ඔය කල්පනාව අස්සෙ ඉන්නෙ මොකාද කියන්න මං නොදන්නවා නෙවෙයි ඉතින්..

මිදුල අයිනෙ තිබ්බ ඔංචිල්ලාවෙ ඉදන් හිටිය සසිරු පුංචි කතා කර නිසා එයා ලගට ආවෙ එක දිහට බල්ටි තුන හතරකුත් ගහගෙන..උගෙ ගමේ ඉද්දිනම් අපි දෙන්නගෙම වැඩේ වෙලෙයි ඇළෙයි හැමවෙලේම බල්ටි ගහන එක..අප්පච්චි බනිනවා වෙලාවකට මොලේ හෙල්ලෙයි කියලා..අප්පච්චිව මතක් වෙද්දි එයා නැති අඩුවත් තදින්ම දැනෙනවා..අපිට වඩා එයාට පාලු ඇති..

" බලාගෙන සුදූ අතක් පයක්වත් වැදෙයි කොහෙ හරි..මේ පෝච්චියෙ මොකක්ද හදන්නේ.."

" ඕකෙ අර චූටි පිච්ච එක හදමු ලස්සනට තියෙයි.."

" නෑ වද ගහක් හදමු.."

ඔය කිව්වෙ මොලේ ඇති කතාවක්..

" පෝච්චිවල වද ගස් හදනවද සෙනාශ්.."

" නැති උනාට කමන් නෑ අපි වෙනසක් කරමු.."

" අන්න අර මල් පැලේ ගන්න සසිරු.."

සෙනාශ්ගෙ මෝඩ කතා කනකටවත් ගන් නැතුව සසිරුයි පුංචි එයාලට ඕනි විදිහට පිංච්ච පැලයක් හැදුවා..

" අව්ව වැටෙන්න කලින් වතුට ටික්කුත් දැම්මනම් හරි.."

" අපි දාන්නම් පුංචි..ඔයාට මහන්සිනේ ගෙට යන්න දැන්.."

" නෑ නෑ මංම දා ගන්නම්.."

" එහෙම ඕනි නෑ අනේ අපි දාන්නම් ඔයා යන්නකෝ.."

මං බලෙන්ම පුංචිව ගේ ඇතුලට තල්ලු කරත් එයාට අපි ගැන විශ්වාසයක් තිබුන් නෑ..

" මතීශ්..මට ඔයාලා ශුවර් නෑ.."

" එහෙම හිතන්න එපා අයියෝ..මල් ටිකට වතුර දාන එක මහ දෙයක්ද නැද්ද සෙනාශ්.."

" ඇත්ත ඇත්ත අම්මා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා නේ ඉතින් මේ පුතාලට මේ වගේ පොඩි පොඩි වැඩ හරි කරන්න දෙන්න.."

" අනේ ඉතින් මොකට කියනවද නේ..එක පැලයක් හරි කඩලා තිබ්බොත් බලා ගමු ඈ..සුදූ මේ මෝඩයෝ දෙන්නා ගැන පොඩ්ඩක් බලන්න.."

පුංචිගෙ විශ්වාසවන්තම පුතාගේ කැරැක්ටර් එකට පන දෙන සසිරුවාට අපිව බලන්න කියලා පුංචි මගෙ බලකිරීම නිසාම අන්තිමට ගෙට ගියා..

ඒ තරම්ම අවිස්වාස ළමයිද දෙන්නෙක්ද අපි දෙන්නා..

ඇත්ත පුංචිට අපිව ශුවර් නැති එක සාදාරණයි..හෝස් එක ටැප් එකට ගහපු මම ඒක උස්සන් සෙනාශ්ලා ලගට එද්දි ඌ මගෙ අතින් හෝස් එක උදුරගෙන මගෙයි සසිරුගෙයි ඇගට වතුර ඇල්ලුවා..

" මොන හුත්තක්ද යකෝ ඕක එහාට ගනින්.."

" සෙනාශ් නවත්තපන් ඕක..අම්මා මෙන්න....."

" තොපි දෙන්නා ලග ගදයි නා ගනින් ටිකක්.."

" උබ මගෙන් කනවා සෙනාශ් දැන් නවත්තපන් ඕක.."

" රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ..මල්මද බිසවුනි කොහෙදෝ යන්නේ.."

" සෙනාශ් නවත්තපන් ඕක......"

දැන් ඉතින් නවත්තන්න කිව්වට වැඩක් නෑ අපි දෙන්නම තෙමිච්ච කුකුළෝ දෙන්නෙක් වගේ ඔලුවේ ඉදන් අනෑවිලා ඉන්නෙ..ඉතින් අපි දෙන්නා විතරක් තෙමිලා හරියන් නෑ නේ ඒ නිසා වතුර කා ගෙනම සෙනාශ් ලගට ගිහින් උගෙ අතින් හෝස් එක ගන්න මං පොර ඇල්ලුවා..

" දීපන් මෙහාට.."

" බෑ පලයන්කෝ.."

" සසිරු මේක ගනින්.."

" එහාට පල...."

" ආර්හා........."

සසිරුයි මායි දෙන්නම අරූව බිම දාගෙන පොරකෑමේ ප්‍රතිපලයක් විදිහට අන්තිමට උගෙ අතින් හෝස් එක සසිරුගෙ අතට මාරු උනා..

" ඕක දීපන් මයෙ අම්මා මෙහාට.."

දෙන්න කිව්වට දුන්නද..නෑ..කපටි හිනාවකින් මූණ පුරවා ගත්ත සසිරුවා වතුරවලින් අපිට ඇටෑක් කරා..

මිදුල පුරා වැටි වැටි දුවලා තුන් දෙනාම මඩ ඌරෝ වගේ උනා..

" දෙයියනේ මොකද මේ ඌරු පැටව් වගේ.."

" මං නෙවෙයි අම්මා සෙනාශ් තමා පටන් ගත්තේ.."

අපෙ කටේ සද්දෙටද මංදා එළියට ආව පුංචි මඩ නාගෙන ඉන්න අපිව දැකලා ඉනට අත් දෙක තියා ගත්තා වගේම සසිරුවා අතේ හෝස් එක තියනවා දැකලා ලොකු හුස්මක් අරන් පාත දැම්මා..සසිරුවා උගෙ නිර්දෝශී භාවය ඔප්පු කරන අතරෙ ඌ ලගට හෙමීට හෙමීට ලං උන සෙනාශ් ආයෙත් හෝස් එක උදුරලා ගද්දි නාන්න උනේ පුංචිට..

" ආරව්..නවත්තනවා ඕක.."

" ඔයා ලගත් ගදයි නා ගන්න ටිකක්.."

" ආරව් නවත්තනවා ඕක මාව තෙමෙනවා.."

" තෙමෙන්න තමා ඕනි ඉතින්.."

පුංචිත් සම්පූර්ණයෙන්ම තෙමිලා යද්දි එයත් වතුර පාර කාගෙනම සෙනාශ් ලගට ලං වෙලා උගෙ පිට හරහා යන්න හොද පාරවල් ටිකක් දීලා හෝස් එක අතට ගත්තා..එතනින් පස්සෙ උනේ අපි නොහිතපු දෙයක්..ප්‍රධාන ආයුධය එයා අතේ වෙද්දි නිරායුධ උන අපි ප්‍රහාරයට ලක් උනා..මිදුල වටේම අපි දුවද්දි පුංචි අපෙ පස්සෙන් පන්න පන්න ජල ප්‍රහාර එල්ල කරා..කරවල් උඩ නැගගෙන බිම පෙරලි පෙරලි බල්ටි ගහගෙන අපි මේ සටනට මුහුණ දුන්නා..වෙලාවකට එකා උඩ එකා වැටෙනවා එතකොට පුංචි බඩ අල්ලන් හිනා වෙනවා..

ඇයි මගෙ අම්මට බැරි උනේ ඒ වගේ ළමයිට ආදරේ කරන්න..

අන්තිමට අපේ ජල ප්‍රහාරය නැවතුනේ ටැංකියේ වතුර ටික ඉවර උනාට පස්සෙ වෙද්දි හතර දෙනාම මඩ ඌරෝ වගේ මිදුලෙත් ගන්න දෙයක් නැති උනා ඒ තරම් මඩ..සතුටින් ඉන්න වෙලාවට වෙලාවත් ඉක්මනට ඉක්මනට යන නිසා ක්ලාස් යන්නත් ඕනි නිසා තුන් දෙනාම ගිහින් ඉක්මනට නා ගත්තා..

.

.

.

.

.

" අයියා බෙරේ ගේනවා කිව්වද දැන්.."

" ඔව් ඕම ඊදාන් ඒකත් අරන් යන්.."

ගානට වෙලාව දොළහයි හතලින් පහට විතර වෙද්දි හීරැස්සගල හන්දියට ආව අපි දෙන්නට අයියා බෙරේ ගේනකන් ගුවන් පාලමට වෙලා බලන් ඉන්න සිද්ද උනා..

" අවුවයි යකෝ කර වෙනවා මාව.."

" කුඩේ අටව ගනින් ඉතින්.."

" ගෑණු වගේ කුඩ අටවන් ඉන්න පුලුවන්ද අව්වෙ..අනික අම්මාගෙ මල් මල් කුඩේ දුන්නේ.."

" වැස්සත් තෙමි තෙමී යමන් එහෙනම්.."

" වහින් නැති වෙයි.."

" ආ..මේක දා ගන්නවා.."

අව්වයි ආව්වයි ගගා ඉන්න නිසා මං මගෙ කැප් එක ගලවලා සසිරුට දැම්මා..

"ඔහොම හිටපන් ෆොටෝ එකක් ගහන්න.."

" එපා.."

" නෑ නෑ හිටපන්කො.."

ඉර එළිය වැටිලා සසිරුවා දිළිසෙනවා..අවුවට චූටි වෙච්ච ඇස් දෙක නිසා ඌව මට තවත් ලස්සනට පේද්දි මට ෆොටෝ එකක් ගහන්න ඕනිම උනා..

" මෙහෙ හැරෙනවා..කැප් එක අල්ලන් අර පැත්ත බලන්න.."

ඉන්න ඕනි පෝස් එකත් කියලා දීලා සසිරුව ලස්සනටම පේන පැත්ත බලලා මං ෆොටෝ එකක් ගැහුවා..මගෙ ගැලරි එක මුගෙම ෆොටෝ වලින් පිරිලා ඇත්තේ ගමේ ඉද්දි ෆෝන් එක යූස් කරන්න පුලුවන් උනේ ෆොටෝ ගහන්න විතරක් නිසා අපි දෙන්නා දවසට එක ෆොටෝ එකක් හරි ගැහුවා..මෙහෙ ඇවිල්ලත් හොරෙන් හරි දවසගානෙ සසිරුගෙ ෆොටෝ එකක් ගැලරියට එකතු උනා..රැන්ඩම් ෆොටෝවලට මූ තවත් ලස්සනයි..

" හරිද.."

" ඉන්නවා තව එකක් ගන්නම්..හිනා වෙන්න..කකුල පස්සට ටිකක්..අන්න හරි..ගුඩ්.."

" ඇස් පිල්ලම් ගහන්න එපා යකෝ..ආන් කෑවා නේ..ආයෙ හිටපන්.."

" ඉක්මනට ගහපන්කෝ.."

" හරි හරි.."

අන්තිමට ඒ රූපෙ මගෙ ෆෝන් ස්ක්‍රීන් එකේ වෙද්දි මං තප්පර ගානක් ඒ රූපෙ දිහා බලාන හිටියා..ඌට තියෙන්නෙ  කෙනෙක්ගෙ අවධානෙ ශනික ඇදලා ගන්න පුලුවන් උන පට්ට ලස්සන හිනාවක්..

" පෙන්නපන්.."

" බෑ පෙන්නන් නෑ.."

" අනේ.."

" අන්න අයියා ආවා යන්.."

පාර අයිනෙ නතර කරපු කාර් එකෙන් අයියා බහිද්දි මං සසිරුට ෆොටො එක පෙන්නන් නැතුවම ඌවත් ඇදන් පාලමෙන් බැහැලා ගියා..

බෙරෙත් අරන් කීල්ස් එකටත් ගිහින් කන්න අරන් අපි දෙන්නා ක්ලාස් එකට ආවා..ඇදුම් චේන්ජ් කරන් ඇවිත් නමස්කාරෙ කරලා ගාථාව කියලා සර්ටත් වැදලා ටිකක් වෙලා කතා කර කර ඉදලා නටන්න පටන් ගත්තා..කාලෙකින් නැටුවෙ නැති නිසා මට පොඩි නුහුරක් දැනුනත් සසිරුවාටනම් එහෙම නැති පාටයි..බෙර පද ටික ලේවලටම කතා කරද්දි ඌ තාලෙට අඩිය තිබ්බා..ඉස්කෝලේට අලුතෙන් ආවට මොකද පලවෙනි අඩියෙන්ම හැමෝගෙන හිත ගත්ත සසිරුට ඉස්කෝලේ වගේම ක්ලාස් එකෙත් හොද තැනක් ලැබුනා..ඉස්සරහා පෝලිමේම මැදට වෙලා වැඩ්ඩෙක් වගේ නටද්දි මං ඌ දිහා බැලුවෙ හොරෙන්..බේරේ පදවලටම අඩිය තියද්දි ඒ තාලෙට අත් එක්ක එයාගෙ ඔලුවයි ඇසුයි ඒ පස්සෙන්ම ගියා..ටිකක් වෙලා යද්දි මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා දිළිසෙන්න අරන්..සසිරු නටද්දි පුදුම තරම් හැඩයි..මූනම් නටන්නම ඉපදුන කොල්ලෙක්..

අපි සෑහෙන වෙලාවක් නැටුවා..මහන්සි දැනෙන වෙලාවට පොඩි බ්‍රේක් එකක් දීලා සර් තියරි ටිකක් කරා..තමන් ආස කරන දේවල් එක්ක මිනිස්සු ජීවත් වෙද්දි සතුටක් එක්ක හිතට සහනයක් දැනෙනවා කියන කතාව ඇත්ත..මේ එයයි මායි ආසම දේ..මං හිතන්නෙ එයාගෙ වගේම මගෙ හිතත් මේ පොඩි වෙලාව ඇතුලත සතුට ඇතුලෙ ජීවත් උනා..

" මහන්සි නැද්ද.."

" මහන්සි බං අපි කොහොමද යන්නේ.."

" ඉදාන් සෙනාශ්ට කෝල් එකක් දෙන්නම්.."

අනිත් උන් චේන්ජ් කරන් යනකන් ඉදලා චේන්ජින් රූම් එකට පැන්න අපි දෙන්නත් මූණ ටිකක් හෝදන් ආයෙත් ගෙදර යන්න ලෑස්ති වෙන ගමන්..ඒ අතරෙම මං සෙනාශ්ට කෝල් එකක් ගත්තෙ අපි එන්නෙ කොහොමද අහන්න..ඌටත් අද මියුසික් ක්ලාස් ගෙදරම දැන්නම් ඉවර ඇති..

" අපි කොහොමද එන්නේ වාහානෙ එවපන්.."

" එවන්න දෙයක් නෑ ඇවිල්ලා ඉන්නෙ හු#තො වරෙන්.."

" උබ මොකටද ආවේ.."

" එහෙනම් යන්නම් ඕනි විදිහකට වරෙන් තොපි.."

" නෑ නෑ ඉදාන් ඕම එන්නම් අපි.."

කෝල් එක කට් කරලා ඉක්මනට ලෑස්ති උන අපි දෙන්නා පල්ලෙහාට ආවා..ඒත් මෙච්චර වෙලා හිතේ තිබ්බ සැනසීමට බලපෑමක් කරන්න සෙනාශ් එක්ක කාර් එකට හේත්තු වෙලා හිටිය අනිත් කෙනාට පුලුවන් උනා..

මිනිදු අයියා..ඌ දැන් අපෙ ජීවිතේට එනවා වැඩී..නෑ මට වැරදුනා..අපෙ නෙවෙයි සසිරුගේ..මට අයිතියක් නෑ නෙ උගෙ ජීවිතේට ඇගිලි ගහන්න..

" මහන්සිද.."

" හ්ම්ම්.."

සසිරුව දැක්ක ගමන් මිනිදු අයියාගෙ ප්‍රශ්නෙ උනේ ඒක..

ඒත් එක්කම සෙනාශ් කරේ මහ අමුතු දෙයක්..මගෙ කරට අත දා ගත්ත සෙනාශ් මාවත් එක්කන් ටිකක් එහාට ගියෙ සසිරුව මිනිදු අයියා ලග තනි කරලා..අමුත්තක් නෑ ඒත් මං ඒකට කැමති නෑ..

" උබ මොකද මේ කරන්නේ.."

" ඇයි..උන් දෙන්නට පොඩ්ඩක් කතා කරන්න දීපන් ඉතින් තනියම.."

" සසිරු අරූට කැමතී කියලා හිතනවද.."

" ඇයි තොට ඔච්චරම ඒක පේන් නැද්ද.."

" මොකක්ද.."

" මොකක්ද අහන්නේ සසිරුවා හෙඩාට අකමැත්තක් නෑ.."

" අකමැත්තක් නෑ කියන්නෙ කැමති එක නෙවෙයි නේ.."

" ඉතින් පකෝ ඌ කැමතිද නැද්ද දැන ගන්න පොඩ්ඩක් ආශ්‍රේ කරන්න එපැයි.."

" හ්ම්ම්.."

" උබ මොකද මේ...."

" මහන්සි ඕයි.."

කර උඩ තිබ්බ සෙනශ්ගෙ අත මං එහාට කරලා කාර් එකට හේත්තු උනා..මට ඇස් කොනින් පේනවා සසිරු හෙඩා එක්ක හිනා වෙවී කතා කරන විදිහ..

" නම්බර් එක දෙන්න ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්නම් මං.."

මිනිදු අයියා සසිරුගෙන් නම්බර් එක ඉල්ලද්දි අපි දෙන්නම සසිරු දිහා බැලුවා වගේම ඌ අපි දිහා බැලුවා..මේ මිනිහට ෆෝන් එකක් තියනවායැ නම්බර් එක දෙන්න..

" මට නම්බර් එකක් නෑ.."

" හ්හා..."

" අහ්..ඌට නම්බර් එක මතක නැතුව ඔය..ඉන්න මං බලලා කියන්නම්.."

සසිරුට නෝන්ඩි වෙන්න නොදී සීන් එකට සෙනාශ් මැදිහත් උනා..

" හැත්තෑ හයයි පන්සිය හතලිස් පහයි....

ඒ උගෙ පරණ නම්බර් එක..සෙනාශ් සසිරුගෙ නම්බර් එක කියලා ඌ ඒක දෙන අතරෙ සසිරු මං දිහා බලද්දි මං අහක බලා ගත්තා..

ඇයි මේ උබට මොකද වෙලා තියෙන්නෙ මතීශ්..

විනාඩි ගානක් ගෙවිලා ගියා උන් තාම කතාව..මට මහන්සි කකුල් කැක්කුමයි නිසා උන්ට ඕනි මගුලක් කර ගන්න දීලා මං කාර් එකට නැගලා ඉද ගත්තා..

" රාජා අංකල් යන්..ශවර්මා එකටත් ගිහින් යන්.."

" සසිරු එහාට පලයන්.."

මිනිදු අයියා සසිරුගෙ ඔලුවත් අත ගාලා යන්න යද්දි මුන් දෙන්නම කාර් එකට නැන්ගා..

" මතීශ් මොකද.."

" මහන්සී ඕයි.."

මං මහන්සී කියලා ෂටර් එකේ ඔලුව තියා ගන යද්දි සසිරු මගෙ ඔලුව එයාගෙ උරහි උඩින් තියා ගත්තා..ඒ වගේ දේවල් තව ටික දවසකින් නිකන්ම නැති වෙලා යයි..ඌට නොදැනෙයි ඒත් මට දැනෙයි..

" ඒහ්.."

" මොකද.."

" හෙඩාට කැමතිද.."

" දන් නෑ.."

" ආ...දන් නෑ කියන්නෙ කැමතී නේ.."

" නෑ.."

" බොරුවනේ උබෙ..මාත් දම්සාරිට හෙට අනිද්දාම කැමතී කියනවා.."

" අනේ උබෙ මහ ලොකු දම්සාරි.."

" හෙඩා තරම් ලොකු නෑ ඒකි..මතී උබත් කෑල්ලක් දාගමු.."

" මට ඕන් නැති කෑල්ලක් නෑ දෙන්නම පොඩ්ඩක් කට වහන් ඉන්නවද ඔලුව රිදෙනවා.."

" ඇත්‍ත එයාට කෑලි ඕනිත් නෑ ෆුල් ඒවා ඕනිත් නෑ..ඔයා දොයිය ගන්න සුදු මහත්තයා.."

මගෙ හිතට හරි නෑ..එක පාරටම මොකද උනේ මංදා..ශවර්මා එකට ගිහින් කාලා පොඩීට එහෙම කෑමත් අරන් අපි ගෙදර ආවා..

පහටත් ලගයි..ඒත් මගෙ මූඩ් තාමත් අවුල් නිසා ආව ගමන් වොශ් එකක් දාන් මං ඇදට පැන්නා..

" සසිරූ......."

" ඕයි...."

" ඇයි.."

" ආ.."

සෙනාශ් සසිරුට දුන්නෙ ෆෝන් එකක්..

" ඇයි මේ.."

" මගෙ කලින් ෆෝන් එක..ඕක තියා ගනින් හෙඩාට දුන්න නම්බර් එක ඕකෙ තියෙන්නෙ.."

" මට ෆෝන් ඕන් නෑ බං..ඕවා මහ සාපයක් වෙනවා ඊට පස්සෙ.."

" විකාර කියවන් නැතුව තියා ගනින් ඕක.."

මූටත් පුදුම අහවල් තැනේ අමාරුවක් තියෙන්නෙ අරූට සසිරුවාව සෙට් කරන්න..

" කකුල් රිදෙනවා සෙනාශ්.."

" ගොඩක් නැටුවද අද.."

" ටිකක් ඉතින්.."

" කකුල් දෙක තියනපන් මෙතනින්.."

" ඇයි ඒ.."

" තියපන් යකෝ.."

සෙනාශ් කිව්ව නිසා සසිරු උගෙ ඔඩොක්කුවෙන් කකුල් දෙක තියද්දි සෙනාශ් සසිරුගෙ කකුල් මසාර්ජ් කරන්න ගත්තා..වෙනදට ඕක කරන්නෙ මං..

" සසිරු අර හෙඩ්සෙට් එක අරන් දීපන්.."

" ඔලුව රිදෙනවා කිව්වා නේ සිංදු අහන්නද යන්නේ.."

" හ්ම්ම්..ඔලුවෙ කැක්කුම හොද වෙයි එතකොට අරන් දිපන්.."

හෙඩ්සෙට් එක මට දීලා සසිරු උට හම්බුන ෆෝන් එකත් එක්ක බිසී වෙද්දි සෙනාශ් සසිරුගෙ කකුල් මසාර්ජ් කරනවා..ඉතින් මං යූටියුබ් එකේ සිංදුවක් ප්ලේ වෙන්න දාලා කොට්ටයක් බදාගෙන ඇද අයිනෙන් ගුලි උනා..

නිල් දිය ගංදොළ කිව්වට ගගේ කොහෙද ඒ තරම් නිල් පාටක්..මිනිස්සුත් හුළග වගේලු එක තැනක එක විදිහකට ඉන්න බෑ ඒක ඇත්ත..කොහෙන් එනවද කොහෙට යනවද කියලා හිතා ගන්න හරි අමාරුයි..තමන් ලගම කැරකෙන ප්‍රේමයේ හුළග අල්ලන්න දවල් රෑ නැතුව මහන්සි උනත් හුළග කියන්නෙ අල්ලන්න පුලුවන් දෙයක් නෙවෙයි..ඒ හැම දේම අස්සෙ කල්හාර මලුත් ඉබේටම හැදිලා ඉබේටම පරවෙලා යනවාලු..

මගෙ හිතේත් පිපුන පාට නැති මල්වලට ඉබේටම පරවෙලා යන්න දෙන්න වෙයිද..

*****

කතාවෙ අප්ඩේට් දෙන එක මාස දෙක තුනකට නවත්තනවා..මං එක්සෑම් එක්කට ලෑස්ති වෙන ගමන් ඒකයි..🥺💔

Vote 👇