Chapter 15 of 24

හන්තානෙ (Part 14)

තුන්කොන් BL3,162 words~16 min read

සෙනාශ් pov

" අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ..ටන්ට ටටට ටාන්....හිතනවාට වඩා සොදුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ.."

කුකුළන් හඩලන සද්දෙ කුරුල්ලන්නෙ කීචි බීචි නාදෙ මැද්දෙ උදේම අවදි උන මං සැපසේ නිදා සිටින මාගෙ අති ජාත මිත්‍රයාව ඇහැරවන්න හැදුවත් මේ මිනිහා ඔලුවේ ඉදන් බ්ලැන්කට් එක පොරවන් බුජි..

" නැගිටපන් මිනිහෝ.."

" ම්හුක්.."

" ආ..ආතල්නම් දෙන්න එපා ඉතින්..ගමක් යන්න නැගිටපන්.."

" නිදා ගන්න දීපන් සෙනාශ්.."

" ආයෙ මොනා නිදා ගන්නද..දහය හමාරත් වෙලා.."

අහම්..අපේ ගෙදෙට්ට ඉතින් කීචී බීචී නාද ඇහෙන්නෙ ඒ වෙලාවට වෙද්දි මාත් ඇහැරියේ ඒ හිමිදිරි උදෑසන..

" එච්චර වෙලා ගිහින්ද.."

" ඔව් නැගිටිනවා.."

මං සසිරු පොරවන් හිටිය බ්ලැන්කට් එක ඇදලා බිමට දාද්දි කම්මැලි අරින ගමන් ඇදේ එහෙට මෙහෙට පෙරලිලා ඇස් දෙකත් පොඩි කර කර එයා ඇදේ ඉද ගත්තා...

" මගෙ කණ්නාඩි දෙක කෝ.."

මේ මනුස්සයාට ඉතින් කණ්නාඩි දෙක නැතුව බැරි නිසා මං ඒකත් අරන් එයාට දානකන් එක ඇහැක් විතරක් ඇරන් එයා ඔහේ බලාන හිටියා..

" කොහෙද යනවා කිව්වේ.."

" උඩට යන්න එනවද.."

" මොන උඩද.."

හොර පූසා වගේ හිටියට උඩට යන්න එනවද අහද්දි ඒක වැරදි විදිහට හිතුව සසිරුවා මං දිහා බලන් හිටියෙ පැණි හිනාවක් දා ගෙන..

මටනම් කියයි හැම වෙලේම කැත හිත කියලා..

" හන්තානට පායන හද බලන්න.."

" ඇත්තටම එක්කන් යනවද.."

" හද බල බලනම් ඉන්න වෙන් නෑ දැන්ම ලෑස්ති උනොත් හවස් වෙන්න කලින් එන්න පුලුවන්.."

" හරි හරි ඉන්න මං ලැස්ති වෙන්නම් ටක්ගාලා.."

" වැටෙයි යකෝ.."

කලබලෙන් ඇදෙන් බහින්න ගිය සසිරු බෙඩ් ශීට් එකේ කකුල පැටලිල වැටෙන්න යද්දි මං එයාව අල්ලා ගත්තා..

" ඔයා වොශ් දාලාද ඉන්නේ.."

" නෑ.."

" එනවා එහෙනම් ඉක්මනට ලෑස්ති වෙමූ.."

හන්තානෙ යන්න තියන ආසාවට කලබලයක් මාවත් දැන් එයා දුවන් යද්දි මං ඌ පස්සෙන් ඔහේ ඇදිලා ගියා..

සසිරු කොහොමත් හිත නිවස තැන්වල ඉන්න ගොඩක් ආසයි නේ..ගහක් යටට වෙලා හරි හුළං වැදි වැදී පොතක් කියව කියව ඉන්න තියනවානම් එයාට ඒ තරම් දෙයක් නෑ..මෙහෙ ආව දවස්වල ඉදන්ම කිය කිය හිටියෙ හන්තානේ එක්කන් යන්න කියලා..අපෙ ගෙවල් ඒ හරියෙ තිබිලත් මට මේ වෙනකන් සසිරුව උඩටම එක්කන් යන්න බැරි උන නිසා මං අද එයාව එක්කන් යන්න තීරණේ කරා..මතීශ්ටයි රුක්ෂාන්ටයි දෙන්නටම මං එන්න කිව්වෙ හන්තාන කියන්නෙ කොච්චර ලස්සන තැනක් උනත් එතනත් අදුරු දේවල් තියනවා සමහර වෙලාවට හොරු කුඩුකාරයෝ අසහනකාරයෝ පවා නැතුව නෙවෙයි..ඒ නිසා ගොඩක් කට්ටිය යන එක ඇගට හොදයි..

" සුදු අයියා..ගුම්මෝනිම්.."

" ගුඩ් මෝනිං සිතූ..මොකෝ ඉස්කෝලේ ගියෙ නැත්තේ.."

යසයි පොඩි බේසිකයත් අද ඉස්කෝලේ ගිහින් නෑ..අපි බාත්රූම් එකට එද්දි ඌත් සින්ක් එක ලග හිටගෙන ඇස් පොඩි කර කර දත් මදිනවා..

" අම්මි කිව්වා ඔයාලාත් යන්නේ නෑ කියලා.."

ඔය කරලා තියෙන්නෙ අම්මිත් ඉතින් මරුවට..

" එහෙනම් ලෑස්ති වෙන්න ගමනක් යන්න.."

" සසිරූ....."

" ඇයි..මෙයාවත් එක්කන් යන් ඉතින්.."

" මටනම් බෑ අලි බබ්බු නලවන්න.."

" කොහෙද යන්නෙ ඔයාලා..අයියා.."

" අයියා.."

පොඩී මගෙ ශර්ට් එකෙන් ඇද ඇද මට කතා කරත් මං ඇහෙන් නෑ දැනෙන් නෑ වගේ හිටියා..

තාම තරහයි නේ ඉතින් එක පාරම යාලු වෙන්න හොද නෑ..රෑ තිස්සෙ කොල්ලොත් ගෙන්න ගන්නවා..අයියා කෙනෙක් විදිහට මං කොහොමද ඕවා දිහා බලන් ඉන්නෙ ඉතින්..

" තාම තරහද මාත් එක්ක..අනේ යාලු වෙයන්කෝ ඔරන්මොටන්.."

" බෑ..සසිරු මගෙ බරශ් එක දීපන්.."

" ආ.."

" අයියා..යාලු වෙනවකෝ.."

" එහෙනම් උබෙ ටෙඩියා දීපන්.."

" අනේ මේ ඒකා දෙන් නෑ තොට යාලු වෙන්න බැයිනම් නිකන් හිටපන් මට සුදු අයියා ඉන්නවා නේ.."

" තියා ගනින් තොගෙ ටෙඩියා මට ඕන් නෑ..යාලු වෙන් නෑ උබත් එක්ක මං කොහොමත් තෝ මගෙ සහෝදරයෙක් නෙවෙයි අම්මා කිව්වා උබව කුණුගොඩෙන් අහුලං ආවෙ කියලා.."

" කමන් නෑ කුණු ගොඩෙන් අහුලන් ආවත් අම්මි වැඩියෙන් ආදරේ මටනේ උබට නෙවෙයි නේ.."

" එහාට පලයන්.."

" ආව්ව්...."

මටත් කණ්නාඩියෙන් බලාන දත් මදින්න ඔනි නිසා මං පොඩීව තල්ලු කරා..ඌ ආයෙ මාව තල්ලු කරනවා මං ඌව තල්ලු කරනවා..සසිරුනම් හරිම සාමකාමී විදිහට පැත්තකට වෙලා දත් ටික මැදන් හෝද ගත්තා..

මට කලින් හෝදන් කාමරේට ආව සසිරු ටවල් එකත් ඇදන් අල්මාරිය ලග හිටන් ඉද්දි මං ගිහින් උගෙ පස්සට සැර පාරක් දුන්නෙ ඌ කෑ ගහද්දි..

" ආව්ව් මිනිහෝ රිදෙනවා.."

" හැඩ මේකාගෙ.."

" හැඩයි තමා..උබලා වගේ පිටි බීලා ගෙම්බො වගේ පුම්බ ගත්ත ඇගවල් නෙවෙයි මේවා ඈ.."

" යැයි යැයි තමා..ඔය කවකටු පෙට්ටි වගේද බ්‍රෝ මෙව්වා.."

කණාඩිය ඉස්සරහා හිටන් ඇග පොඩ්ඩක් පුම්බගෙන හැඩ බලද්දි තව පොඩ්ඩෙන් ටවල් එකත් ගැලවිලා බිමට වැටෙනවා..

" මං මේක අදින්නද.."

සසිරුවා මට පෙන්නුවේ මගෙ කහ පාට ශර්ට් එකක්..

" ආ ඇදපන්..ඕකෙ කලු එකත් ඇති ගනින්කො ඒක මං අදින්නම්.."

" මොකේ කලු එක ඇන්දත් හැමදාම අදින්නෙ කලුනෙ ඔයා.."

" නැත්තන් ඉතින්..කලු තමා ආසම..කිරි කෑල්ල වගේ ඉන්න නිසා කලු ඇන්දම තමා ලස්සන.."

සසිරුවයි මායි ශෝටක් ගහන් පාට දෙකෙන් එක වගේ ශර්ට් දෙකක් ඇදන් ලෑස්ති වෙලා පල්ලෙහාට එද්දි මතීශ් එක්ක ලොකු අයියත් ඇවිත් හිටියා..

අම්මි මතීශ්ව බදාන ඉද්දි අයියානම් හිටියෙ සෝෆා එකේ ඉදගෙන අත් දෙකෙන්ම ඔලුව බදාගෙන වෙද්දි මොකක් හරි වෙලා තියනවා වගේ කියන්න මට තේරුන් ගියා..

" සසිරු..මොකක් හරි වෙලා වගේ.."

" ඒක තමා.."

මායි සසිරුයි පල්ලෙහාට නොයා පඩිපෙල ලග නැවතිලා වෙන්නෙ මොකක්ද කියලා හැංගිලා බලන් හිටියා..

" ඇයි ලොකූ පුතේ අක්කා මේ පොඩි එකාගෙන් පලි ගන්නේ.."

" මං දන් නෑ පුංචි..අම්මට පොඩ්ඩ ඇත්තන් තරහා යනවා දැන්.."

" කම්මුල රතු වෙලා රත්තරං.."

අම්මි මතීශ්ගෙ මූණ අත ග ගා කියනවා..ලොකු අම්මා ඌට ගහලද කොහෙද..මෙහෙ ඉන්න දෙන්නෙත් නැතුව ගෙදර ගෙන්න ගත්තෙ ගහන්නද..

" යන්න එපා ඔහොම හිටපන්.."

මතීශ් ගුටි කාලා කියලා සසිරුට තේරෙද්දි ඌ යන්න ගියත් මං එයාව නැවැත්තුවා..අපි දෙන්නා දැන් ඔතෙන්ට ගියොත් මෙයාලා මුකුත් උන් නැති ගානට හැසිරෙයි ඒ නිසා හැංගිලා මොකක්ද උනේ කියලා බලා ගන්න ඕනි..

" මොකටද මතීශ් අම්මා ගැහුවේ.."

" මුකුත් නෑ.."

" අනේ රත්තරං ඇයි කියන්නකො මට..ලොකූ ඔයාවත් මෙයා ගුටි කෑවෙ ඇයි කියන්නකෝ.."

" මං දන්නෙත් නෑ ඇහුවට කිව්වෙ නෑ..ගෙදර ඉන්න බෑ අයියා මාව කොහෙ හරි ගිහින් දාපන් කියද්දි ඉක්මනට ගෙදර ගිහින් මං ඔය එක්කන් ආවෙ.."

" මතීශ්..පුංචි බනින් නෑ නෙ ඔයාට මොකද උනේ කියන්නකො.."

අපෙ අම්මා මතීශ්ගෙ ඔලුව අත ගගා ඇහුවත් ඌ ඉන්නවා ගෝනි බිල්ලෙක් වගේ ඔහේ බලාගෙන..

" අම්මා පුංචිට බනිද්දි මට තරහා ගියා..ඒ නිසා මං අම්මට බනිද්දි එයා මට ගැහුවා.."

ඌ ඒක කිව්වෙ කිසිම හැගීමක් නැතුව ලොකු හපන්කමක් කරා වගේ ඔහේ කියලා දැම්මා..මං හිතන්නෙ මෙච්චර වෙලා අපෙ අම්මාගෙ ඇස්වල පිලා තිබ්බ කදුලු පල්ලම් බහින්න ගත්තේ මතීශ්ගෙ ඒ වචන ටිකට..

" රිදෙනවද රත්තරං.."

" ඔයිට වඩා මං ගුටි කාලා තියනවනෙ පුංචි..අරුන් දෙන්නත් එක්කම කොච්චර රණ්ඩු වෙලා ගහගෙන ඇද්ද..හැබැයි අම්මා ගැහුව එක රිදුනෙ මෙහෙන්ට.."

මතීශ් නක්කලේට වගේ හිනාවෙන ගමන් එයාගෙ පපුවට ඇගිල්ලෙන් දෙපාරක් තට්ටු කරා..

" සෙනාශ් ඌ පට්ට අවුලෙන් ඉන්නෙ ගිහින් කතා කරමුකෝ.."

" හ්ම්ම්..අපි මුකුත් දන් නෑ වගේ ඉන්න..පස්සෙ ඌටම අපිට කියන්න හිතිලා මොනා හරි කිව්වොත් අහන් ඉමු.."

" හ්ම්ම්.."

හැම දේම දන්න විදිහට ගිහින් අනේ උබ ගනන් ගන්න එපා අපි ඉන්නවා නේ කියලා බොලද විදිහට මට උගෙ හිත හදන්න ඕනි උනේ නෑ..උගෙ හිතට අවුල්නම් අපි අතින් කියන්න දෙයක් තියනවානම් එයා කියයි..එතකන් කරන්න තියන හොදම දේ උගෙ හිතේ දුක අමතක වෙන්න ඌට ලං වෙලා සතුටින් තියන එක..

" මතීශ්..උබ ආවද.."

හිතුවා වගේම මං සසිරු එක්ක පහලට යද්දි අම්මා මුකුත් නොවුන ගානට ඇස්වල තිබ්බ කදුලු පිහ ගත්තෙ අපිට නොපෙනෙන්න..

" ම්ම්ම්.."

" අපි හන්තානෙ යන්න යන්නේ.."

දුවගෙන ගිය සසිරු මතීශ්ගෙ කරේ එල්ලෙද්දි මං දැක්කා මෙච්චර වෙලා කිසිම හැගීමක් නැතුව තිබ්බ මූණට හිනාවක් එනවා..

" හන්තානෙනෙ ඉන්නෙ ඉතින්.."

" හරි ඉතින් කන්ද නගින්න යන්නේ.."

" ආරව්...."

කටවහන් ඉන්න බෑ නේ මේ යකාටත් පොඩීට හොරෙන් යන්න ගියත් කොහෙද ඉතින් මූ කෑ ගහනවනේ..ඇහුනොත් එහෙම බේරිල්ලක් නෑ දැන්..

" ඇයි අම්මි.."

" කන්ද මුදුනටම යනවද.."

" උඩටම යන් නෑ.."

" බොරු නේ.."

" නෑ නෑ ඇත්ත.."

" පොඩීවත් එක්කන් යන්න.."

" අයියෝ ඌ එක්කන් යන්න බෑ.."

" මාත් එනෝ...."

ජෙට් එකක් වගේ තඩි බෑග් එක්කුත් එල්ලන් පඩිපෙල දිගේ දුවන් ආව පොඩී අන්තිම පඩිය බහින්න ගියත් එයා වැටෙන්න යද්දි සෝෆා එකේ හිටිය ලොකු අයියා ඉක්මනට ගිහින් එයාව අල්ලා ගත්තා..

" පරිස්සමින්.."

අයියා හෙනම මෘදු විදිහට කියලා පොඩීව කෙලින් කරද්දි ඒකා අයියට හැටට හැටේ රැව්වා..

" යන්.."

" කොහෙ යන්නද.."

" හන්තානෙ.."

පොඩි එකාව අවුස්සලා අම්මි දැන් හිනා වෙනවා හොරාවට වගෙ..

" දැන් උබ ඔය තඩි බෑග් එක එල්ලන් ආවෙ හන්තානෙ යන්නද.."

" නැත්තන්.."

" ඕකෙ මොනාද ඔච්චර තියෙන්නෙ.."

ඒ ප්‍රශ්නෙ මතීශ්ගෙ කරේ එල්ලිලා ඉන්න සසිරුගෙන්..

" ගමනක් යද්දි අවශ්‍ය කරන හැම දේම තියනවා..වතුර කෑම බීම කැප් එකක් අමතර ඇදුමක්..තුවාල උනොත් බෙහෙත් දාන්න මෙඩිස්න් පවුච් එකක්..ගිනි පෙට්ටියක් කෝකටත් කියලා ලනුවකුත් ගත්තා..ආ අම්මී එළවළු කපන පිහියත් ඕනි.."

" පිහි මොකටද පොඩී.."

" ඇයි දෙයියනේ හොර සතුරෙක් ආවොත් චක් ගාලා ඇනලා දාන්නත් පුලුවන් තව කොච්චර දේවල්වලට පිහිය උපකාරි වෙනවද..අ__"

" හා හා ඇති..තෝ එනවානම් ඔය බෑග් එක තියලා වරෙන්..හයික් එකක් නෙවෙයි යන්නේ පොඩ්ඩක් උඩට ගිහින් නිදහස් තැනක ටිකක් වෙලා ඉදලා එනවා.."

" දැන් කිව්වෙ ඔයාලා කන්ද නගිනවා කියලා නේ අනේ.."

" නගින එක මං කියන් නෑ උබට..ඔන්න ඔය බෑග් එක විසික් කරලා වතුර එක්කුයි කන්න මොනා හරියි විතරක් අරන් වරෙන් එනවානම්.."

කොහොමත් ඉතින් වතුර එකක්නම් ඕනි වෙයි නේ හවස් වෙනකන් වතුර නැතුව ඉන්නද..මූ එන එකත් හොදයි එතකොට ඒවා ටික උගෙ කරේම ගහන්න පුලුවන්..

පොඩී මූණ එල්ලගෙන බෑග් එකේ තිබ්බ ඒවා සෝෆා එකට විසික් කරද්දි ලොකු අයියා හිනාව හෙන අමාරුවෙක් පාලනේ කරන් බලන් ඉන්නේ..හැබැයි ඉතින් වැඩේ ගැස්සුනා පොඩී එයා හිනා වෙනවා දැක්ක නිසා බෑග් එකේ තිබ්බ තඩි ලණුවකින් අයියාගෙ මූණටම දමලා ගැහුවා..

" රුක්ෂාන් නැද්ද..සෙනාශ්.."

" එන ගමන් ඌ මගින් සෙට් කරන් යන්.."

" ආ..අමතක උනා ඔහොම ඉන්න.."

මතීශ්ගෙ කරෙන් බැස්ස සරිරුවා අමතක උනා ගාගෙන ආයෙත් දුවන් ගියෙ උඩට..

මං දන්නවා මොකක්ද අමතක උනේ කියලා..

" සිතූ මේකත් බෑග් එකට දා ගන්නකෝ.."

" දෙන්න සුදු අයියේ ඔයාගෙ පොත් මේ මල්ලිට බරක් නෙවෙයි.."

හිතුවා වගේම ඌ ආයෙ පහකට ආවෙ පොතකුත් උස්සන්..එයාගෙ හැම පොතක් අස්සෙම දැන් එහෙන් මෙහෙන් පරවෙච්ච චූටි මල් තියනවා..

" හා හා කොහෙ යන්නත් කලින් ඔක්කොමලා කාලා යන්න ඕනි එන්න.."

අම්මා අපිට කෑම කන්න එන්න කියාගෙනම කුස්සියට ගියා..

" මේ මං දැන් යන්න ඕනි.."

" ඔයත් යන් අපිත් එක්ක.."

" බෑ සෙනාශ් වැඩ නෙ මට..මූ කතා කර නිසා හදිස්සියේම අවේ.."

" හ්ම්ම් හ්ම්ම්..පරිස්සමින් පලන් එහෙනම්.."

" ම්ම්ම්..සසිරු ඒනම් අපි ගියා ඈ.."

" හරියෝ.."

" ඒයි චණ්ඩියා.."

අයියා කතා කරේ සෝෆා එකේ ඉදන් ඉන්න මතීශ්ට..

" මොකද.."

" නෑ නෑ පරිස්සමින් හිටපන් රෑ වෙලා එන්නම් තාත්ති එක්කම.."

අයියට උගෙන් උත්තරයක් නැති වෙද්දි එයා බැලුවෙ සිතූ දිහා..

" පරිස්සමින් යනවා යන තැනක..අයියලාගෙ ලගින්ම ඉන්නවා ඈ.."

" මට මං ගැන තනියම බලා ගන්න පුලුවන්..පොඩි එකෙක් නෙවෙයි නෙ මං.."

" ඒකම තමා මටත් තියන බය..මං යනවා ම්ම්ම්වහ්.."

චිකේ මේවත් බලන්න උනා නෙ මට..මතීශ්ගෙ මහසෝන් යක්ෂයා මගෙ ඔරන්මොටන් ගෙ නලලට අපි ඉස්සරහම උම්මියක් දීලා යන්න ගියා..

අනෙ දම්සාරී...

" ආරව් ඇයි දැන් ෆ්‍රිජ් එක අරින්නේ.."

" මයිලෝ එකක්.."

" කාලා ඉන්නවා ඉස්සල්ලා.."

බත් කන්න ආවට මට උදේ කිරි එකට මයිලෝ දාලා බිව්වෙ නැති නිසා අවුල් වගෙ..අද දවල් වෙලා නැගිට්ට නිසා කිරි නෑ අපිට කෙලින්ම බ්‍රෙක්ෆස්ට් එකයි ලන්ච් එකයි දෙකම එකට..කන්න කලින් මයිලො පැකට් එකක් හරි බොන්නම් කියලා බැලුවත් අම්මි විරෝධය පල කරන නිසා ආපහු ෆ්‍රිජ් එක වහලා කන්න ගත්තා..

හතර දෙනාම කෑම කාලා ඉවර වෙද්දි රුක්ෂාන්ගෙන් කෝල් එකක් ආවා ඌත් ඇවිල්ලා ඉන්නෙ කියලා..ඒ නිසා රාජා අංකල් එක්ක කාර් එකේ ඌ ඉන්න තැනට යන්න පිටත් උනා..

පොඩි එකයි සසිරුයිනම් පට්ට ආසාවෙන් ඉන්නේ..මතීශ්ගෙ මූණටනම් තාම එළිය වැටිලා නෑ වගෙ..පොඩ්ඩක් ලං වෙලා හොදට බැලුවොත් උගෙ සුදු මූණ රතු කරලා තියන ඇගිලි පාර තාම හොදට පේනවා..ලොකු අම්මත් හරි අමුතුයි එයා වෙන ගෑණු අය ලොකු තාත්තිටයි අයියටයි මුටයි ලං වෙනවට කැමති නෑ..අනේ මංදා එයා හිතන්නෙ හරි අමුතු විදිහට..

" ලොකු බේබී පහලට එද්දි මට කෝල් එකක් දෙන්න මං එන්නම්.."

" ගොඩක් හවස් වෙයි ඉතින් අපි එද්දි..මං කෝල් එකක් දෙන්නම්කෝ.."

" හා බේබි..මං යන්නම් එහෙනම් පරිස්සමින් කට්ටියම.."

" හරියෝ.."

රාජා අංකලුත් අපිව බස්සලා යන්න ගියා..

" වනක්කම්.."

" මේ මොනාද.."

රුක්ෂාන් වනක්කම් කියලා මගෙ අතට දුන්නෙ පොඩි බෑග් එකක්..

" ලඩ්ඩු.."

" අඩෝ සිරාවට.."

ඔන්න ඕක තමයි ටැමිල් යාලුවෙක් ඉන්න එකේ වාසිය..ශුවර් එකටම ගෙදෙට්ට නෑයෝ එන්න ඇති එතකොට තමා උන්ගෙ ගෙදර රසකැවිලි ජාති හදන්නේ..

" ම්ම්ම්..උඩටම යනවද බං.."

" ට්‍රැකද..මේ මද්දහනේ උඩටම යන්න බෑ පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් අයිනකට යන් අර ගැටඹෙ එහෙම පේන පැත්තට..හයික් එකක් යන්න නෙවෙයි යකෝ ආවේ..උබලා මහ ලොකූවට හිතනවා නේ.."

අපි ටික විතරක් උඩටම ගියොත් අම්මා මාව ගෙදරිනුත් එලවයි..

" යමන්.."

හා හා පුරා කියලා ඉතින් යට්ටියම යන්න පිටත් උනා..

" අයියා...."

" මොකද උබ.."

" බෑග් එක බරයි ගනින්කෝ..ඔක්කොම රෙද්දවක් මේකට දාලා උබලා යනවා අත් වන වන.."

" මොනවද දෙන්නේ.."

" කහපාට අලියා දෙන්නම්.."

" බෑ කොල පාට එකා ඕනි.."

" හා.."

පිනට වැඩ කරන්න බෑ නෙ ඉතින්..පගාව දෙන්න ඕනි ඔක්කොටම කලින්..

සිතූගෙ බෑග් එක මං කරේ එල්ල ගද්දි ඌ උඩ පැන පැන මට ඉස්සර උනා..

" සිංදුවක් කියපන්කො මතීශ්.."

ටික දුරක් එනකන්ම මුන් හති අරින සද්දෙ ඇර කිසි කතාවක් නැති නිසා මං මතීශ්ට සිංදුවක් කියන්න කිව්වත් සිංදු කියන්නා තියා ඌඩත් ඉහේ ඉදන් දාඩිය දාලා..

" මහන්සි හුත්තෝ.."

" මතීශ්....! "

හොද වැඩේ..

" තව ටිකක් යන්..මේ හරියෙ වැඩක් නෑ ෆයිනස් ගස් විතරයි නේ.."

කැලේ වැඩි නිසා වටේ මුකුත් එච්චර පේන් නෑ ඒ නිසා මං මුන්ව තව ටිකක් උඩට අරන් ගියා..

ෆයිනස් ගස් ටික අස්සෙන් කොහොම කොහොම හරි මං එයාලාව කැලෑවෙන් එළියට එක්කන් ආවා..තාත්ති එක්ක මේ හරියට මං මීට කලින් ඇවිල්ලා තියනවා..කන්ද පාමුල ගේ තිබ්බට පොඩි කාලෙ ඉදන් උඩට ඇවිල්ලා ඇත්තෙ මං තුන් හතර පාරක් විතර..මුදුනටම ගියෙ එක පාරයි..එහෙනම් ඉතින් වෙනම පිස්සුවක්..වචනෙන් කියලා වැඩක් නෑ ඒක වෙනම පිස්සුවක්..

" සෙනාශ්..මෙහෙ පට්ට ලස්සනයි නේ.."

" ඉස්සරහට යන්න එපා සසිරු ලිස්සයි.."

කණ්නාඩි දෙක අස්සෙන් එයාගෙ ඇස් දිලිසෙනවා..ඇස් දෙක පියාන ලොකූ හුස්මක් ගත්ත සසිරු ඒක පිට කරේ අහස දිහා බලාගෙන..උගෙ ලස්සනටම හරි යන්න ඉර එළියත් මූණට වැටිලා..

" සෙනාශ්..ඕයි.."

" ඇයි බං.."

" වතුර ටිකක් දීපන් මගෙ අම්මා.."

රුක්ෂාන්ට හොදටම හති..දණිස් දෙකේ අත් තියාන හති අරින ගමන් ගලකින් වාඩි උනේ හරි අමාරුවෙන්..කාලෙකින් සෙල්ලමක්වත් දාන්න බැරි උන නිසාද මංදා ඔක්කොගෙම ෆිට්නස් බැහැලා..

" ඊයා යකෝ කතාවනම් උඩටම යන්න..අපි තව මැද හරියකටවත් ඇවිල්ලා නෑ.."

" කුනුහරප අහ ගන්න එපා මගෙන් තෝ.."

" ආ...ආ...බීපන්.."

" රුක්ෂාන් අයියා මටත් වතුර.."

පොඩි එකාටත් ගානක් නෑ මේ චුට්ට නැගලා මූට දැන්ම හති..

" මේ හරියෙ ඉමු නේ..තව කොල්ලො වගේකුත් ඉන්නෙ අර පැත්තේ.."

" උන් බොනවා නේ.."

මතීශ් කිව්වා වගේම අපිට ටිකක් එහායි කොල්ලො හතර පස් දෙකෙන් බොනවද කොහෙදො..

" හ්ම්ම්..අව්වයි යකෝ..හෙවනට යන්..ගිනි අව්වෙ නෙ ආවේ.."

" ඒ උනාට පට්ට ලස්සනයි හලෝ..බලන බලන තැන කොල පාටයි.."

" හ්ම්ම්ම්..රෑට තමා තවත් පට්ට ලස්සන..අර පැත්තෙ ලයිට්ස් එහෙම පාට පාටට පේනවා..ලාවට වහිද්දි මේ පලාතම මීදුමෙන් වැහෙනවා.."

" අද මුදුනටම යන්න බැයිද.."

" ආයෙ එමු ලොකු අයියා එක්ක එහෙම.."

" එයා ඕනි නෑ.."

පොඩි එකාට ලොකු අයියගෙ නම ඇහුනත් ඇති දැන්..දෙන්න පුලුවන් අම්මපා තව ටිකක් කොට වෙන්න..ඇටෙන් පොත්තෙන් එළියට එද්දිම පටන් ගන්නවා මගුල් නටන්න..

මොනෝත්තක්ද මේ..

" ඇයි ඒ.."

" තමුසෙට වැඩක් නෑ නේ.."

පොඩීගෙ ඔලුවත් ටිකක් රිදෙන්න අතගාලා මාත් හෙවන තැනකින් ගලක් බලලා පස්ස තියා ගත්තා..

ගලක් උඩ ගලක්..කියන්න බලන්න මොකක්ද කියලා..

මාත් වතුර ටිකක් බීලා සද්ද නැතුව හෙන සැනසීමෙක් හුස්ම ගත්තා..මතීශ් ඒ පාරනම් ඉන්නෙ හොද මූඩ් එක්ක වගේ..සසිරුටත් අව්වෙ ඉදලා ඇති වෙද්දි එයත් ඇවිත් අපි ලගින් වාඩි උනා..පස් දෙනාම පෝලිමට ඈත බලාගෙන ඒත් කිසි සද්දයන් නෑ..කාටද හිතෙන්නෙ ඉතින් මෙතන සද්ද කරලා මේ තියන සැනසීම නැති කරන්න..

මට හිතෙනවා..

" ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ

සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ

කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ

රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ.."

වටේම තිබ්බ නිහඩතාවෙ බිදගෙන මගෙ කටහඩ දෝංකාර දෙද්දි මට එහා පැත්තෙ හිටිය සසිරුවා මගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා..අනිත් පැත්තෙන් පොඩී ඌත් හොදට බෑග් එක උඩ ඔලුව තියාන අසහ දිහා බලාන..මතීශ් බර කල්පනාවක..රුක්ෂාන්නම් පොඩීගෙ බිස්කට් පැකට් එක්කට වැඩේ දෙන ගමන්..ඉතින් එයාලා මං සිංදු කියනවට කැමතී කියලා තේරුන නිසා මං සිංදුවේ ඉතුරු පද ටිකත් මිමිනුවා..

" සිහිනේ ඡායා පාරාලා

ඒ සිනා නුඹේ ඒ සිනා

සිලිලේ සේයා මා කීවා

නෑසෙනා සේ දරා වේදනා..."

" හිත පාරන දේද වේදනා සන්තානේ

මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ

අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ

නැවතී මම පාර පීරුවා හන්තානේ

නැවතී මම පාර පීරුවා හන්තානේ.."

ඒනම් මං නෙවෙයි මතීශ්..බොරු කියන්න ඕන් නෑ නේ උගෙ කටහඩත් පට්ට ලස්සනයි..මට ඌව පේන්න බැරි උනාට සිංදු කියද්දිනම් අහන් ඉන්න හිතෙනවා..

කොම හරි අපි දෙන්නම එකතු වෙලා සිංදුවේ ඉතුරු ටිකත් කියලා ඉවර වෙද්දි ආයෙත් වටේම කිසි සද්දයක්වත් නැති උනා..ඒත් ඉතින් ටික වෙලාවකට විතරයි..

" සුදු අයියා අර බල්ලො දෙන්නෙක් ඇලවිලා.."

සිතූ අපිට ටිකක් එහායි හිටිය බල්ලො දෙන්නෙක් පෙන්නද්දි අපි හතර දෙනාටම හිනා ගියා..

" ඇලවිලා නෙවෙයි හරකෝ උන් දෙන්නා හැ#නෙනවා.."

" සෙනාශ්.."

" ඉතින් යකෝ ඇත්තනේ කිව්වේ.."

උන්ටත් හනිමූන් එක ගන්න හන්තානෙම එන්න ඕනි වෙලා..කමන් නෑ ආදරයේ සංකේතයක්නෙ මෙහෙත්..තව කට්ටිය ගස් ගල් අස්සෙ ඉතින් හනිමූන් ගන්නවා ඇති මේ වෙද්දිත්..මං ඉතින් පොඩීට සිංහලෙන්ම උන් කරන්නෙ මොකක්ද කියලා කියද්දි සසිරු මට කෑ ගැහුවා..පොඩි ළමයිට බොරු කියලා දෙන්න හොද නැති නිසා ඉතින් මං ඇත්ත කිව්වේ..

" ඒ ලගට ගිහින් බලමුකො මතීශ් අයියා.."

" මට බෑ..ඒ දෙන්නට පාඩුවේ හනිමූන් එක ගන්න දෙන්න.."

" රුක්ෂාන් අයියා.."

" මටත් බෑ..බල්ලො ඇලවෙන ඒවට වඩා හොදට ඇලවෙන ඒවා අපි බලලා තියනවා.. බඩත් රිදෙනවා ඕයි හිනා වෙලා.."

" අනේ..බලමුකෝ..අර පිටිපස්සෙ ඉන්න එකා උඩ පනිනවා අරූව බදාගෙන.."

" අම්මේ ඉතින් මයෙ අම්මා ඔව්වා බලන්න එපා ලොකු අයියා ඔයාට ඕනි කාලෙට ඕවා කියලා දෙයි නේ.."

" ප්‍රැක්ටිකල් එකත් එක්කම නේද.."

" ඔව් ඔව්..දැන් ඉස්සරහා බලා ගන්නකෝ.."

සසිරු ශේප් එකේ පොඩීගෙ මූණ අනිත් පැත්තට හැරෙව්වා..

" මේ මූ දහ අට ප්ලස් වීඩියෝ බලන් නැද්ද.."

රුක්ෂාන් මගෙ කනට කරලා අහද්දි ඒක ඇහුන අරුන් දෙන්නටත් හිනා..

" කවුද දන්නෙ බං..තාම ලොකු ළමයෙක් වෙලත් නැද්ද කොහෙද.."

" මල්වර වෙලාවත් නැතුවද මූ අපෙ අයියා එක්ක පෙම් කෙලින්නේ..යසයි පොඩි ඇටයා.."

" එපා මතීශ්..තුන් දෙනාම දැන් නවත්ත ගනින් ඕක.."

හතර දෙනාම පොඩීට විරුද්දව කතා කරද්දි ඌ ආයෙත් බල්ලො දෙන්නාගෙ හනිමූන් එක පැත්තට හැරුනා..

පොඩ්ඩක් ඉදාන්..

" ඒ පාර කොහෙද උබ යන්නේ.."

" මතීශ් වරෙන්කෝ.."

" ඇයි.."

මායි මතීශයයි චුට්ටක් බල්ලො දෙන්නා ලගට කිට්ටු උනා..

" මචං සෙනාශ් දෙන්නම බල්ලො දෙන්නෙක්නේ.."

" ම්ම්..ගේ බල්ලො දෙන්නෙක්.."

ඌයි මායි මූණෙන් මූණ බලා ගත්තා..

" මොකෝ සීන් එක.."

වෙනස් විදිහෙ හනිමූන් එක දිහා බලන් හිටිය අපි දෙන්නා ලගට රුක්ෂානයත්  කිට්ටු උනා..

" බල්ලො දෙන්නා කොල්ලො ගහනවා.."

" පව් අසරණයට ලිංගෙ අදුර ගන්න බැරුව.."

" බල්ලොන්ටත් ඇති නේද ඉතින් හත් පාට ලෝකයක්.."

" හ්ම්ම්ම්..අනාව් කියුට් නේ.."

" ඒක තමා.."

" මොනද තොපි තුන් දෙනා කුටු කුටු ගාන්නේ.."

පාඩුවේ ඒ හත් පාට ආදරේ දිහා බලන් ඉද්දි සසිරුත් පොඩී එක්ක අපි ලගට ආවා..උන් දෙන්නටත් ඕන් නැති ඕපයක් නෑ..

අනේව්..බල්ලො දිහා බලානවත් හැදෙන්න ඕනි..ආදරේට මොකටද සම්මතයක් ඉතින් බල්ලො දෙන්නා ඒකට හොද ආදර්ශයක්..

" ඒ හත් පාට ආදරයක් සසිරූ.."

" අනාව් හරි හුරතල්..ඒ උනාට අපි බලන් ඉන්න එක හරි නෑ නේද..එන්න අපි අරෙහෙට යන්.."

කොච්චර ආදරණීය උනත් ඉතින් හනිමූන් එකක් දිහා බලන් ඉන්න හොද නැති නිසා අපි ඔක්කොම ආයෙත් ගිහින් ඉද ගත්තා..

.

.

.

.

.

ගොඩක් හවස් වෙනකන්ම ඔහේ කියව කියව හිටිය අපි පල්ලෙහාට බහින්න ගද්දි හතට විතර ඇති..සසිරුට රෑ වෙනකන් ඉන්නම ඕනි කිව්වා..ඈතින් පාට පාට ලයිට්ස් පේද්දි එයා හරි ආසාවෙන් ඒවා දිහා බලන් හිටියේ..හදත් අද ලස්සනට පෑව්ව නිසා එයාට ගෙදර එන්න හිත දුන් නෑ එයාට විතරක් නෙවෙයි අපි හැමෝටම..කොහොම හරි ගොඩක් රෑ වෙලා එතන ඉන්න එක සේෆ් නොවුන නිසා අපි පහලට ආවා..

රාජා අංකල්ට කෝල් කරාම එයත් කාර් එකේ ආවා..රුක්ෂාන්ව හීරැස්සගල හන්දියෙන් ඩ්‍රොප් කරලා අපි කට්ටිය ගෙදර ආවා..

ඒ එද්දි අටත් පහු වෙලා..රෑ උන නිසා බැනුම් අහන වෙයිද කියලා බයෙන් ගෙදර එද්දි මෙන්න කට්ටියම ලිවින් ඒරියා එකේ..ලොකු අම්මා විතරයි අඩු..ලොකු තාත්තයි අයියයි දෙන්නම ඇවිත්.

" ආ ඉලන්දාරියො ටික ආවද.."

තාත්තාගෙන් බැනුම් අහන්න වෙයිද දන් නෑ..

" තාත්තී.."

" හොදයිද ගමන..සසිරූ.."

" ඔව් තාත්තා..කලුවර වැටෙද්දි තමා ලස්සනම.."

" අපි නිවාඩු දවසක කෑම්පින් යන් උඩටම.."

හත්තික්කේ පුදුමයි..තාත්ති කිව්ව දේට සසිරුගෙ හිනාව තවත් වැඩි උනා..ලොබ හිතෙනවා මුගෙ හිනාවට ඔක්කොටම වඩා..

" ඇයි කට්ටියම මේ සුහද සාකච්චාවක්ද.."

මං ඔක්කොලාගෙම මූණු බලන ගමන් අහගෙනම සෝෆා එකෙන් වාඩි වෙද්දි පොඩී ලොකු අයියාගෙ කකුල් දෙක මැදින්ම ගිහින් හොදට පිටට හේත්තු වෙලා ඉද ගන්න අතරෙ මතීශ් ලොකු තාත්තා ලගින් වාඩි උනා..ඉතින් මං සසිරුව ඇදලා අරන් ඔඩොක්කුවෙන් වාඩි කර ගත්තා..

" මතීශ්..අද ඉදන් දිගටම එක්සෑම් ඉවර වෙනකන් ඔයා මෙහෙ ඉන්න.."

" ඒත් බාප්පා.."

" අම්මා මොනා හරි කිව්වොත් අපි බලා ගන්නම් ඒක..ඔයා ඒවා හිත්න එපා..සෙනාශ් ඉන්නවා සසිරු ඉන්නවා තුන් දෙනාම හොදට පාඩම් කරලා එක්සෑම් එක හොදට කර ගන්න මල්ලිටත් උදව් කරන ගමන්.."

මතීශ් හා කියන්න ඔලුව වැනුවා..කට්ටියම කතා වෙලා හොද තීරණයක් අරන්..ඌ ගෙදර ඉන්නවට වඩා මෙහෙ සතුටින් ඉදී නැත්තන් ලොකු අම්මා හැමදම බැන බැන මුගෙ ඔලුව කයි..

*****

vote 👇

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!