Chapter 14: අහංකාර නගරේ (Part 13)

තුන්කොන් BLWords: 37062

මතීශ් pov

මිනිදු අයියා ගැනනම් කතා කරන්න මං එච්චර කැමති නෑ..ඌ එන්නෙ කොකාට කියලා හොදටම තේරුන නිසා මං උගෙන් කෙලින්ම අහන්න ඕනි උන එක ඇහුවා වෙද්දි ඇහුව වේගෙට පොරගෙන් කෙලින්ම උත්තරයක් හම්බුනා..කැමැත්තකට වඩා ආදරේ හිතෙනවාලූ..යැයි යැයි තමා..මට උස්සලා පොලේ ගහන්න හිතුනා ඒත් ඉතින් ඒම බෑනේ ඕනි හුත්තක් කියලා මං ආපිට එන්න ආවා..සසිරුවානම් ලෝක විනාසෙ වෙනවා වගේ බය වෙලා බලන් හිටියේ..

ප්‍රැක්ටිස් ඉවර උනාම මාවයි සෙනාශ්වයි එක්කන් යන්න අයියා ආවා..සසිරු බාප්පා එක්ක කලින්ම ගියා..

" වරෙන්..ඉදලා රෑ වෙලා යනවා.."

" බෑ ඕයි අම්මා අරෙහෙ කේස් එක දානවා මූට.."

සෙනාශ්ව ඩ්‍රොප් කරලා යන්න යද්දි ඌ අපිට ඉදලා යන්න එන්න කිව්වත් අදනම් මෙහෙ ඉන්න විදිහක් නෑ අම්මා මට කේස් එක අදිනවා ගමේ ඉදලා ආව දවසෙ ඉදන් වැඩි හරියක් මෙහෙ ඉන්නෙ කියලා..

" හ්ම්ම් හ්ම්ම්..මතීශ් හෙට උදේ වරෙන් ඈ.."

" ඉස්කෝලේ යන් නැද්ද.."

" හැමදාම ඉස්කෝලේ යන්න ට්‍රැකද.."

" තොට තරම්නම් ට්‍රැක නෑ හැබැයි.."

මට රැව්ව සෙනාශ් අයියට සැලුට් එකක් දාලා යන්න යද්දි මං බැලුවෙ සසිරු පෙන්න ඉන්නවද කියලා ඒත් නෑ ගේ ඇතුලෙ ඇත්තෙ එයා..දැන් ඇති පොතක් දිහාවත් බලාන කල්පනා කර කර..

" ඇයි උබට පොඩී බලන්න ඕන් නැද්ද අද.."

ගේ ලගටම ඇවිල්ලත් ගානක් නැතුව අයියා පොඩීට කතා නොකර ආපහු හරවන් ආව නිසා මං ඇහුවේ..

" අර හිටියේ.."

" කොහෙද.."

" බැල්කනි එකට වෙලා බලන් හිටියා.."

" උබලාගෙ ආදරයේ සංකේතේ බැල්කනි එකද.."

" තොට වැඩක් නෑ නේ ඒවා.."

" හිටපන් අම්මට කියන්නම් උබ රෑ තිස්සෙ බැල්කනි එකට නැගලා අර පොඩි එකාගෙ කාමරේට පනිනවා කියලා.."

" කියලා කොරයි.."

" කරනවා තමා යකෝ..මේ සිරාවට ඇයි ඕයි රෑ තිස්සෙ එහෙ රිංගන්නේ.."

" පොඩි එකාගෙ තුරුල පට්ට සනීපයි බං.. මාර සැනසීමක් දැනෙන්නෙ..ඇයි කියන්න මටවත් තේරෙන් නෑ.."

" ආදරේ නාමෙන් ඉතින් ඔයාලා අතර මුකුත් වෙලා නැද්ද.."

" නෑ.."

" දෙතොල් සිපගෙනවත් නැද්ද ඉතින්.."

" උබට වැඩක් නෑ නේ.."

" පුදුමයි ඈ අර ලස්සන කොල්ලාව ලග තියන් උබ ඉවසන් ඉන්න එක.."

" උබ ඉතින් මගෙන් කන්න තමා ඔය ඈ.."

" තොට බය නෑ නේ මං.. ඉස්සරහා බලාන ඩ්‍රයිව් කරපන් මට දැන්ම මැරෙන්න බෑ.."

එතනින් එහාට අයියයි මායි අතරෙ තිබ්බ නිහඩතාවෙට ඉඩ දීලා මං උගෙ ෆෝන් එක අරන් ගේමක් ගහන්න ගත්තා..

" මතීශ් ඔහොම ඉන්නවා.."

ගේ ඇතුලට යද්දි සෝෆා එකේ ඉදන් ටීවි බල බල හිටිය අම්මව නොදැක්ක ගානට මං උඩට යන්න ගියත් පලවෙනි පඩියට අඩිය තියද්දිම අම්මා මට කතා කරා..

" ඇයි.."

" නෑ උබට දැන් අම්මට වඩා පුංචිව ලොකු වෙලා නේ.."

" ලොකුයි තමා ඉතින්.."

ඇත්තටම අපෙ අම්මට වඩා පුංචි ටිකක් උසයි..ඒ උනාට ඒක කිව්වම අම්මා මට රැව්වා..

" කොහොමද ප්‍රැක්ටිස්.."

" ඒ කෝච්ව එච්චර සෙට් නෑ මට.."

" ඇයි.."

" මහ ලොකු සීන්.."

" ම්ම්ම්..වොශ් එකක් දාන් එන්න පල්ලෙහාට කෑම කන්න.."

" හ්ම්ම්.."

පුදුමයි ඒ ගානින් ප්‍රශ්න කරලා බේරුනා..ශේප් එකේ මගෑරලා කාමරේට යන්න ගියෙත් එයාගෙ ප්‍රශ්නවලින් බේරෙන්න ඕනි නිසා..අම්මා එක්ක කතා කරන්න හරි අමාරුයි එක වචනයක් වැරදුනොත් ඇති එයාට ඒක අල්ලන් කියවන්න..

කාමරේට ආව ගම්න මං කරේ දාඩිය පිටින්ම ඇදේ පෙරලුන එක..සසිරුවා හිටියනම් කෑ ගහයි නැන්දම්මා වගේ..

උන් නැතුව අද මං තනියම නිදා ගන්න ඕනිද එතකොට..

මේ මනුස්සයා නැතුව මට දැන් ජීවත් වෙන්නත් බෑ වගේ..

ඇදේ එහෙට මෙහෙට ටිකක් පෙරලිලා කොට්ටෙ අස්සෙ තිබ්බ ෆෝන් එක ඔන් කරලා බලද්දි සෙනාශ්ගෙන් මිස්කෝල් එකක්..

ඌට ඒ පාරක් මක් වෙලාද..

" හැලෝ.."

ආපිට මං සෙනාශ්ට කෝල් එකක් ගද්දි ඒක ආන්ස්වර් කරේ සසිරු..එයා හැලෝ කිව්ව ගමන් මගෙ මූණෙ හිනාවක් ඇදුනෙ මටත් නොදැනීම..

" ම්ම්ම්.."

" ආ ගෙදර ගිහින් නේ.."

" හ්ම්ම්.."

" දාඩිය පිටින්ම ඇදේ පෙරලුනාද උබ ආ.."

" පිස්සුද මේ මං එහෙම කරනවද..පුටුවෙ ඉදන් ඉන්නෙ මේ.."

" ඔව් ඔව් මං දන් නැතැ සතාගෙ හැටි.."

" හරි හරි ඉතින් දැන් ඇයි ගත්තෙ කියපන්කො.."

" අනේ අරකට මං මොකද කරන්නේ.."

" මොකටද.."

" මිනිදු අයියා.."

" මූ හෙඩාට කැමතී මතීශ් උබට හුලන් හූ.."

" පලයන්කෝ.."

සෙනාශ් ඈත ඉදන් කෑ ගහලා කියද්දි මට ඇහුනා සසිරු පලයන්කෝ කියලා ඌට ගැහුවද කොහෙද..සද්දෙ හැටියටනම් රිදෙන්න ඇති පොරට..

" උබ කැමතිද සිරාවටම.."

" මට බයයි මතීශ්.."

කැමතිද නැද්ද කියලා කියනවා වෙනුවට සසිරු කිව්වෙ බයයි කියලා..ඒ වචනෙ අස්සෙ හැංගිලා තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා තේරුන් ගන්න බැරි තරම් මං මෝඩයෙක් නෙවෙයි වෙද්දි ලොකු හුස්මක් අරන් පිට කරපු මං ඇදෙන් නැගිට්ටා..

" මොකටද බය.."

" දන් නෑ.."

" හිතෙන දෙයක් කරපන් ඉතින්..මට කියන්න දෙයක් නෑ උබට.."

" ඇයි තරහා ගිහින් වගේ.."

" තරහක් නෑ ඕයි.."

" එහෙනම්.."

" මුකුත් නෑ..මං නාන්න යන්නේ.."

" වීඩියෝ කෝල් එකක් ගන්නද.."

" ආසද උබ.."

" හ්ම්ම්.."

" ඔය සෙනාශ් ආශ්‍රය කරන එක නවත්තපන් සසිරු උබ නැහැදෙනවා.."

" මෙන්න සෙනාශ් මෙයා මොනාදෝ කියනවා.."

" ඇයි ඇයි උබ මොනාද කියන්නෙ ඈ.."

සසිරුගෙ අතින් සෙනාශ්ගෙ අතට ෆෝන් එක මාරු වෙද්දි මං ටවල් එකත් කරේ දාන් කාමරෙන් එළියට ආවා..

" තෝ එක්ක ඉදලා අරූටත් වල් ගහලා.."

" ආ ඒවා සුද්ද කරලා ගන්නම් මං..උබෙ ඇගෙ මල්ද පිපෙන්නේ.."

" පිපෙනවා ප#යක්..සසිරුට දීපන් ඕක.."

" හැලෝ.."

කිව්ව පමාවට සෙනාශ් අතින් ෆෝන් එක ආයෙත් සසිරු අතට මාරු උනා..

" උබත් දැන් ඔක්කොම කේලම ඌට කියනවා නේ.."

" ඔයාට ජෙලද ඒයි.."

" මට ඇති ජෙලක් නෑ..තමුසෙ ඌත් එක්කම හිටපන් එහෙනම්.."

" අයියෝ මතීශ්__"

මං කෝල් එක කට් කරලා දැම්මා..හේතුවක් තේරෙන් නෑ ඒත් මට සසිරු එක්ක තරහා ගියා..

හිතට හොදක් දැනු නැති මං නාලා ඇදුමක් දාන් පල්ලෙහාට එද්දි මට ආපහු ගෙදරින් යන්න හිතුනේ අදත් අම්මා තාත්තා එක්ක රණ්ඩු කරන්න පටන් ගෙන නිසා..

" විහග මං තමුසෙට එක පාරකුත් කිව්වා.."

" කාංචනා මේ බොරුවට කෑ ගහන් නැතුව ඉන්නවද..මං උබට හැමදාම කියනවා ඒ ගෑණි එක්ක මට ඇති රෙද්දෙ සම්බන්ධයක් නෑ කියලා.."

" නෑ කිව්වට මට ආරංචි එනවා නේ කාර් එකෙත් දාන් යනවා කියලා ඒ ගෑණිව.."

" ශික් මට උබව බාප්පලා ගෙදර දාලා එන්න තිබ්බේ.."

මගෙ පස්සෙන්ම පල්ලෙහාට ආව අයියා කියද්දි මං ඌට ලාවට හිනා උනා..

අම්මා කියනවා වගේ තාත්ති එහෙම නරක කෙනෙක් නෙවෙයි එයා අම්මට හෙන ආදරෙයි.. ඒත් අපෙ අම්මා තාත්තාව බොරුවට සැක කරනවා..ඒ කාලෙ ඉදන්ම එහෙමයි එයා..

" මේ අනිත් එකා ඌටත් දැන් වදාපු අම්මට වඩා වෙන ගෑණු ලොකු වෙලා.."

මාව දැක්ක අම්මා තාත්තිත් එක්ක තියන තරහා ඒ පාර මගෙ පිටින් යවන්න පටන් ගත්තා..

" කොල්ලාට බොරුවට බනින්න එපා කාංචනා.."

" ඔව් දැන් තාත්තාටයි පුතාටයි ඔක්කොටම වෙන ගෑණු ලොකු වෙලානෙ දගලන්නේ.."

" නවත්ත ගනින් උබෙ කියවිල්ල.."

" ඇයි මං නවත්තන්නෙ අහ්..උබලට නාඩගම් නටන්න දීලා මං බලන් ඉන්න ඕනිද.."

" මං දැන් උබට හොදින් කිව්වා ඔය කියවිල්ල නවත්ත ගනින් කියලා.."

" නෑ මං නවත්තන් නෑ ඇයි මොනා කරන්නද.."

" බඩගිනි.."

අම්මගෙ කියවිල්ල ගනන් නොගෙන මං අයියට කිව්වෙ ඌ මගෙ තෙත කොණ්ඩෙ අවුල් කරද්දි..

" එනවා කන්න මොනා හරි හදලා දෙන්නම්..අම්මා මුකුත් හදලා නෑ වගේ කලිනුත් මං ගිහින් බලලා ආවේ.."

කොච්චර කරත් මගෙ මහසෝන් යක්ෂයාගෙ හිත හරි හොදයි..මේ ඌ උගෙ ආදරේ පෙන්නන එක විදිහක්..කවදාවත් කටින් කියන් නැති ආදරේ ඌ හැමෝම වෙනුවෙන් කරලා පෙන්නුවා..ඒත් ඒවා තේරුන් ගන්නත් අමාරුයි වෙලාවකට..

" මතීශ් ඔහොම හිටපන්.."

" පොඩි එකාගෙ ඔලුව කන්න ලෑස්ති වෙන්න එපා බොරුවට.."

අයියා එක්ක මං කුස්සියට යන්න යද්දි අම්මා මං ලගට එන්න ගියත් තාත්ති එයාගෙ අතින් අල්ලලා නතර කරා..

අම්මා කවදාවත් අයියට කෑ ගහන් නෑ එයාට අම්මා හරි ආදරෙයි මොකද අයියා චූටි කාලෙ ඉදන් අම්මා කියන දේ අහන් හරි කීකරුව හිටියා..ඒත් මං එහෙම නෑ පොඩි කාලෙ ඉදන් දගයි අයියා වගේ හොද කෙනෙක් නෙවෙයි නේ..ඒක නිසානෙ මාව ගමේ ගිහින් දැම්මේත් හදා ගන්න අමාරුයි කියලා..පොඩි කාලෙ නොතේරුනාට ටික ටික ලොකු වෙද්දි අම්මාගෙ ආදරේ මට ඕනි උනා ඒත් ඒක මට හරියට ලැබුන දෙයක් නෙවෙයි..

" අම්මලා ගැන වැඩිය හිතන්න එපා.."

පැන්ට්‍රි එක උඩ ඉදගෙන බිම බලාන හිටිය මං කල්පනාවකට වැටෙද්දි මට දැනුනා අයියාගෙ අත මගෙ උරහිස උඩ නතර වෙනවා..මොනාද මං මෙච්චර කල්පනා කරන්නේ..තේරෙන් නෑ මටවත් අද හවස ඉදන්ම මොකක්ද වෙලා මට මං දන්නෙ එච්චරයි..

.

.

.

.

.

සසිරු pov

මතීශ්ට ගත්ත කෝල් එක කට් වෙද්දි මං ඒත් එක්කම අප්පච්චිට කෝල් එකක් ගත්තෙ දව කීපෙකින් එයාට කතා කරන්න බැරි උන නිසා..

" හැලෝ.."

" අප්පච්චි..."

" සුදූ.."

" ඕ අප්පච්චි මොකද කරන්නේ.."

" රොටියක් හදා ගන්න ගමන් සුදූ.."

" අද රොටීද.."

" නිතරම වගේ දැන් රොටී තමා කන්නෙ ඉතින්.."

" අනේ අප්පච්චි මේ පිටි කාලා ලෙඩ වෙන්න එහෙම එපා ඈ.."

අප්පච්චිට කතා කරන ගමන්ම මං ඩෝ වින්ඩෝ එක ඇරන් බැල්කනි එකට ආවා..

දවස් දෙක තුනකින් මං මේ අප්පච්චිට කතා කරේ..සෙනාශ්ගෙන් හැමදාම ෆෝන් එක ඉල්ලා ගන්න මොකක්ද වගේ නිසා ඉල්ලන්න ගියෙ නෑ ඉතින් මං..

" මේ අප්පච්චි එහෙම ලෙඩ වෙනවද.."

" ම්ම්ම්..ඔයා ඉතින් ෆිට් කොල්ලානෙ නේ.."

" නැත්තන් උබලට වඩා හයිය හක්තිය තියනවා මට.."

" ඉස්කෝලේ එහෙම කොහොමද හොදයිද.."

අප්පච්චි ඉස්කෝලේ ගැන අහද්දිම මට මතක් උනේ මිනිදු අයියව..පපුව නිකන් නිකන් මොකක්දෝ වෙලා ගියා..අප්පච්චි දන්නවානම් ඉස්කෝලේට ගිහින් දවස් දෙකක් යද්දි හෙඩ් ප්‍රිෆෙක්ට්ම මට කැමතී කිව්වා කියලා දැන්ම මාව අයෙ ගමේ එක්කන් යයි ශුවර් එකටම..ගමේ ඉද්දි පොඩි පොඩි නංගිලා කැමතිද අහලා ලිවුන් කෑලි දුන්නත් කොල්ලෙක් මට කැමතී කිව්ව පලවෙනි වතාව..කැමතී නෙවෙයි ආදරේ හිතෙනවාලුනේ..මට තේරෙන් නෑ මං මොනාද කරන්න ඕනි කියලා..අරුන් දෙන්නත් මට විහිලු කරලා අඩවනවා මිසක් හරියට දෙයක් කියන් නෑ නේ..

අප්පච්චිගෙ සුදූට සිකුරා ලබලා අප්පච්චි..

" අවුලක් නෑ අප්පච්චි හොදයි ඉතින්..තාම ගියා විතරනේ.."

" නැටුන් එහෙම කොහොමද.."

" තාම ඉතින් අපිට හරියට සිලබස් එක කරන්න පටන් ගත්තෙ නෑ..ඩාන්සින් සර්නම් මරු අප්පච්චි..අනිත් ළමයි ටිකත් හොදයි.."

" උබ නටනවා දැක්කද සර්.."

" හ්ම්ම්..පීරියඩ් එකට ගිය වෙලාවක පොඩි එකෙක්ට කස්තිරමක් මතක නැතුව මගෙන් ඇහුවා එතකොට මං එයාට කියලා දෙද්දි සර් බලන් ඉදලා.."

" මොකද කිව්වෙ ඉතින්.."

" කොල්ලා දස්සයා කිව්වා.."

" හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්.."

අප්පච්චි හරි ආසයි මං නටනවා බලන්න වගේම කවුරු හරි මං ගැන වර්ණනා කරනවානම්..

" මොකද ඈ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ.."

" පාලුයි බං..සුදු මහත්තයත් මතක් වෙනවා හැම වෙලේම..ඇයි ඉතින් මේ දවස් ටිකේම මගෙ කනට හරි නිවනයි නේ.."

" අප්පච්චිට ගන්න කලින් මං මතීශ්ට කෝල් කරා..තරහා වෙලා කට් කරෙ.."

" ඒ මොකෝ කොල්ලා අද ඔහෙ නෙවෙයිද.."

" නෑ..අම්මා බනිනවාලු නුවර ආවත් හරි හැම වෙලේම මෙහෙ කියලා.."

" ඌට උබ නැතුව ඔය.."

" ඔව් මට දැන් දෙකක් රන් කරන්න වෙලා හරි අමාරුවක වැටිලා ඉන්නේ සෙනාශ්ට කේලමල් කිව්වා කියලා තමා ඔය තරහා ගිහින් කට් කරේ.."

" පිස්සු බං උබලට.."

එතනින් එහාට පැයක් විතර යනකන් මං අප්පච්චි එක්ක කතා කර කර හිටියා..සෙනාශ් පැකේජ් එකක් දාන් ඉන්න නිසා හොදයි නැත්තන් ඉතින් සල්ලි කැපෙන්නෙ ලෙසටම..

" ආ.."

" මොකද අප්පච්චි කියන්නේ.."

" පාලුයිලූ..ඔයාවත් මතක් කරා කියන්න කිව්වා.."

" අනාව් මගෙ අප්පච්චි නෙ ඉතින්.."

කම්පියුටර් එකේ ගේම් එකක් ගහ ගහ ඉන්න සෙනාශ් මට උත්තර දුන්නේ මං දිහා නොබලම..

ෆෝන් එක නැත්තන් මූ මේකේ ගේම් ගහනවා..කමන් නෑ තව ටික දවසයි නේ..ඉස්කෝලේත් හරියට උගන්නන්න ගත්තම මාත් එක්ක ඔය සෙල්ලන් බෑ..

" හ්ම්ම්ම්..මං පල්ලෙහාට ගිහින් එන්නම්.."

" පොඩ්ඩක් ඉදපන් මාත් එනවා.."

" බෑ.."

" ඔහොම ඉන්නවා තව ටිකයි අන්න අරූට වෙඩි තිබ්බම වැඩේ ඉවරයි ඔහොම ඉදාන්..ඔලුවටම ඒම් කරන්න ඕනි.."

ඈත ඉන්න මනුස්සයෙක්ව මරන්න දගලන සේනාශ් දිහා මං බලන් හිටියෙ ඉනටත් අත් දෙක තියාන..මට නෑ නේ ඕවට ආසාවක්..මං ආස පොත් අස්සෙ හැංගිලා තියන ෆැන්ටසියට..වෙඩි තියාගෙන මරා ගන්න ගේම් වගේද එවා..

" යෝහ්..බ්‍රෝ..It's time to die.."

" වූ....හු......."

" සෙනාශ්.."

" ඉන්න සුදු මහත්තයෝ..ඉවරයි ඉවරයි.."

ගේම් එක ඉවර කරපු සෙනාශ් කම්පියුටර් එක ඕෆ් කරලා මගෙ කරට අත දාන් ඇගේ එල්ලුනා..

දෙන්නත් එක්කම පල්ලෙහාට එද්දි අම්මා කෑම හදන ගමන්..

" මොකෝ මේ දෙන්නා.."

" ඔයාව බලලා යන්න ආවෙ සුදු මැණික.."

සෙනාශ් ගිහින් අම්මව බදා ගද්දි මං කෑම මේසෙ ලගින් වාඩි උනා..

" සසිරූ..බඩගිනිද රත්තරං.."

" නෑ අම්මා.."

" අර ටිං එකේ බිස්කට් ඇති අරන් කන්න මං උයනකන්.."

" ඔයා මට වෙනස්කම් නේද අම්මී.."

" ඒක නේ නේද..ඇගේ එල්ලෙන් නැතුව ගිහින් ඉද ගන්න ආරව්..කෝ මගෙ පොඩි එකා.."

" අප්පේ ඉතින් මරු පොඩි එකා.."

" ඇයි මගෙ කොල්ලා මොකද කරේ.."

" මුකුත් නෑ මුකුත් නෑ.."

" මොකද උබ මගෙ ගෑණියෙ ඇගේ එල්ලිලා.."

ඒත් එක්කම තාත්තත් කුස්සියට එද්දි සෙනාශ් තව ටිකක් අම්මගෙ ඇගේ එල්ලුනේ තාත්තට ඉරිසියා හිතෙන්න..

" ඔයාගෙ නෙවෙයි එයා මගේ දැන්.."

" උබට දෙන්නද යකෝ මේකිව ඉන්දියාවෙන් පන්නන් ආවෙ මං.."

" අනේ.."

එක පැත්තකින් අම්මව සෙනාශ් අදිද්දි අනිත් පැත්තෙන් තාත්තා අදින්න ගත්තා..දෙන්නටම මැදි වෙලා හිටිය අම්මා මං දිහා බැලුවේ අනේ සසිරු මාව බේර ගන්න කියනවා වගේ..

මෙයාලා හරි ආදරෙන් ඉන්නවා දක්කිද්දි ආස හිතෙනවා..

" අහංකාර නගරේ

පුරඟනක්ද නුඹ ලඳුනේ

තරමට ඉඟත් බොහොම පොඩි

ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ..සසිරු අල්ලපන්.."

සෙනාශ් මෝඩයා සිංදුවක් කියන ගමන් අම්මගෙ අත අල්ලන් නටන්න ගද්දි මං එයාගෙ සිංදුවට උදව්වක් වෙන්න තාලෙට මේසෙට ගහන්න ගත්තා..

" කවුරුද නෝක්කාඩු කිව්වේ

කවුරුද නෝක්කාඩු කිව්වේ

තරමට ඉඟත් බොහොම පොඩි

ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ..."

" අතාරින්න ආරව්..අනේ ඒයි මේ බලන්නකො මේ කොල්ලා.."

" ඔය දවස තාම තරුණයි නම්

මග පෙනෙන තරම සොඳුරුයි නම්

මග තොටදී හමුවෙලා

හොඳ රස කතා කනට කොඳුරලා.."

සෙනාශ් අම්මගෙ අතින් අල්ලාගෙන කරක කරක නටන දිහා තාත්තා බලන් හිටියෙ හිනා වෙලා..

" මේ ඔයාලට කන්න ඕන්නම් උයන්න දෙන්න මට..ආරව්...."

" ඒයි ඔයාලා මං නැතුව මෙතන බජව් දානවා නේ.."

හරි මදි පාඩුවට හිටිය කෙනත් ඇවිත් හැදි දෙකන් අරන් මාත් එක්ක සෙනාශ්ගෙ සිංදුවට සංගීතය සපයන්න උදව් කරද්දි සෙනාශ් මගෙ අතින් ඇදලා එයා ලගට ගත්තා..

" අතෑරපන් සෙනාශ්.."

"නුඹ වයස මටම ගැලපෙයි නම්

මව් පියන් හිතට සතුටුයි නම්

මට සිත දී සනසලා විල කළඹලා

රැයම සරසලා.."

මගෙ අතින් අල්ල ගත්ත සෙනාශ් සිංදුව කියන ගමන් අම්මවයි මාවයි දෙන්නාවම කැරකුවා..ඒත් එක්කම තාත්තා අම්මව ඇදලා එයා ලගට ගද්දි සෙනාශ් ගෙ ඩාන්සින් පාර්ට්නර් මං උනා..

ඊයේ ඉදන් මූණ එල්ලන් හිටිය පොඩීගෙ මූණත් ලස්සන හිනාවකින් පිරිලා..තාත්තා එක්ක ලැජ්ජාවෙන් නටන අම්මාදිහයි සෙනාශ් බලෙන්ම නටවන නිසා එහෙට මෙහෙට වැනෙන මං දිහයි බලාන සිතූ කට පුරා හිනා වෙන ගමන් සිංදුවට තාලෙ අල්ලනවා..

" අහංකාර නගරේ

පුරඟනක්ද නුඹ ලඳුනේ..නටපන් සසිරූ මහ ලොකුවට ඩාන්සින් නේද කරන්නේ.."

" කැරලිල්ල වගේ මිනිහෝ මට උබ මාව කරකලා කරකලා.."

" ඇති ඇති ළමයි දැන්.."

" අයියෝ අම්මි මොකක්ද අනේ.."

සෙනාශ් සිංදු කියන එක එතනින් නතර වෙද්දි අම්මා තාත්තාගෙ අත අතෑරලා එන්න ගියත් තාත්තා අම්මට යන්න නොදී එයාගෙ අත් අස්සෙම හිර කර ගත්තා..

" ඒයි අතාරින්න තාත්තී ඔයාලට කන්න ඕන් නැද්ද මේ කුස්සියට ඇවිල්ලා පිස්සු නටන්න ගත්තේ.."

" ආරව් තව සිංදුවක් කියපන් නටන්න පොඩ්ඩක්.."

" අනේ මේ තාත්තලා පුතාලා ඔක්කොම යන්න මෙතනින් මට උයන්න දීලා.."

තාත්තාගෙ අත්වලින් නිදහස් උන අම්මා ආයෙත් හැන්ද අතට ගත්තෙ අපි හිනා වෙලා එයා දිහා බලන් ඉද්දි..

කපල් ඩාන්ස් එක එතනින් නතර උනාට සෙනාශ් සිංදු මුමුණන එකනම් නතර උනේ නෑ..අම්මා උයන අතරෙ අපි තුන්දෙනත් තාත්තත් එක්කම කෑම මේසෙ වාඩි වෙලා මේසෙට තට්ටු දලා සිංදු කියන්න ගත්තා..

තාත්තා ගෙදරදි හරි ආදරණීය චරිතයක් වගේම ඉස්කෝලේදි එයාගෙ ජොබ් එක හරියටම කරන්න එයා හොදට දන්නවා..

ඉස්කෝලේ ගිහින් ආව වෙලේ ඉදන් මිනිදු අයියාගෙ ප්‍රශ්නෙ ගැන හිත හිත ඉදලා මගෙ ඔලුවත් පිස්සු වැටිලා තිබ්බෙ ඒත් මෙයාලා එක්ක මෙහෙම ඉද්දි එයාව මට එහෙම්පිටින්ම අමතකම වෙලා ගියා..

කෑම කාලා ඉවර වෙලා කට්ටියම පොඩ්ඩක් සාලෙට වෙලා ටී වි බලලා මං පොඩී එක්ක එයාගෙ කාමරේට ආවා..සෙනාශ්නම් අම්මලා එක්ක තාම අනූපමා බලනවා..දම්සාරි මතක් වෙනවලු ඒක බලද්දි එක කෙල්ලෙක් ඒ වගේලු..

" සුදු අයියා.."

" ම්ම්ම්.."

" අර ඔරන්මොටන් මාත් එක්ක තරහා වෙලා නේ.."

" එහෙම නෑ සිතූ..ඌ ඔක්කොගෙන්ම ට්‍රැකද ඇහුවට ඇත්තටම ට්‍රැක එයාට නේ ඕවා ගනන් ගන්න එපා.."

" ලොකු අයියා මොනාද ඔයාලට කිව්වේ.."

" විශේෂ දෙයක් නෑ ඉතින්..අපි පොඩ්ඩක් ඔයා ගැන කතා කරා.."

" මොනාද කතා කරේ.."

" ඒවා වැඩක් නෑ දැන් කෝ මොකක්ද තේරෙන් නෑ කිව්වේ.."

" ආ..මේක මේක.."

පොඩීට English පාඩමක් තේරෙන් නෑ කිව්ව නිසා මං සෙනාශ් අනූපමා බලලා එනකන් ඒක කියලා දෙන්න ගත්තා..සෙනාශ්ට වඩා පොඩී ඉගෙන ගන්න දක්ෂයි..

පැයක් විතර යද්දි නොතේරුන එක කියලා දීලා එයාට පාඩම් කරන්න ඉඩ ඇරලා මං දත් මැදලා පොඩි වොශ් එක්කුත් දාන් කාමරේට ආවා..සෙනාශ් ඉන්නවා ඇද මැද ගෙම්බා පොලවෙ ගැහුවා වගේ මුනින් අතට පෙරලිලා..

මහන්සි ඇති එයාට හවස් වෙනකන් බොක්ශින් ප්‍රැක්ටිස් ඉදලානෙ ආවෙ..ඒ මදිවට ආව ගමන් වොශ් දාන කම්පියුටර් එක ලග ඉද ගත්තා ඊට පස්සෙ සිංදු කිය කිය නටන්න ගත්තා ඉතින් මහන්සි නොවී තියෙයිද..

" සෙනාශ් නිදිද.."

" ම්ම්ම්.."

" දත් මැන්දද.."

" හ්ම්ම් හ්ම්ම්.."

" ම්ම්ම්..එහාට වෙනවා එහෙනම් ටිකක් මටත් නිදා ගන්න.."

" ඇග රිදෙනවා ඕයි.."

" මං මසාර්ජ් කරන්නද.."

" සිරාවම.."

" හ්ම්ම්..කෝ හරියට හිටපන්කො ඉතින්.."

පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා එයා මුනින් අතටම ඉදන් කොට්ටෙ බදා ගද්දි මං එයාගෙ කොණ්ද උඩ වාඩි උනා..

" සනීපයි ඕයි.."

" ම්ම්ම්හ්.."

" කෙදිරි ගාන්න එපා මිනිහෝ වෙන මොනාදෝ කරනවා වගේ.."

මගෙ ඇගිලිවලට සෙනාශ්ගෙ උරහිස් මිරිකෙද්දි මේ මෝඩයා කෙදිරි ගාන්න ගද්දි මගෙ ඇගත් හිරි වැටිලා ගියා..

" වෙන මොනා කරද්දිද කෙදිරි ගෑ වෙන්නේ.."

" ඇයි උබ බබාද මගෙන් අහන්නේ.."

" ම්ම්ම්..මං තාම සූටී.."

" ඔව් නේද හරි සූටී.."

" ඇයි මං සූටි නැද්ද අඩන බබෝ.."

" සෙනාශ් මේ.."

" අඩන බබා.."

" ඕක කියන්න එපා.."

" මං ආයෙ එයාගෙ මූණවත් බලන් නෑ..යැයි යැයි තමා.."

" සෙනාශ්..! "

" ආව්ව් යකෝ.."

සෙනාශ් මට ඇද කරද්දි මං එයාගෙ උරහිස් හයියෙන් මිරිකුවා..ඇයි අනේ යම් කිසි දෙයක් උනා තමා ඉතින් එහෙමයි කියලා විහිලු කරන්න ඕන් නෑ නේ..එයාලාමනේ මාව අඩවව්වෙ වෙනස්කම් කරලා..

විනාඩි කීපයක් යද්දි සෙනාශ්ගෙ කිසි සද්දයක්වත් නැති නිසා මං බලද්දි එයාට එහෙම්ම නින්ද ගිහින්..මගෙ අත් රිදෙනකන්ම මං එයාගෙ උරහිස් මසාර්ජ් කරා..

*****

vote 👇