Chapter 13: අඩන බබා ( part 12 )

තුන්කොන් BLWords: 35906

සෙනාශ් pov

උදේ පීරියඩ් දෙක මියුසික් මං රුක්ෂාන් එක්ක මියුසික්වලට යද්දි සසිරු මතීශ් එක්ක ඩාන්සින්වලට ගියා..කලින් පංතියට ආව අපි දෙන්නා උන් දෙන්නා එනකන් ආතල් එකේ පංතියට වෙලා බලන් ඉද්දි නිකන් හිටන් උගෙ පීරියඩ් එක පටන් ගන්න බෙල් කරන්නත් කලින්ම පංතියට ආවා..

" එහ් සෙනාශ්.."

" ඇයි සර්.."

" කෝ අනිත් උන්.."

" උන් අනිත් සබ්ජෙක්ට්වලට ගිහින් ඉතින්.."

" දැන් වෙලාව හරි නේ.."

" නෑ සර් තව විනාඩි තුනක් තියනවා..අනික තව බෙල් කරලා නෑ සර් කලින් ආවට.."

" ආ..මං දැන් කලින් ආව එකද වැරදී.."

" ඔව්.."

" ඒයි සෙනාශ්..කට වහගනින් උබ දැන් ඔය කන්න යන්නේ.."

රුක්ෂාන් මගෙ කලිසමෙන් අදින ගමන් කියද්දි මං බැලුවෙ යක්ෂාවේශෙන් වගේ මං දිහා බලන් ඉන්න නිකන් හිටන් දිහා..

" අහම්..සර්ගෙ වැරැද්දක් නෑ සර්..ඒකට කියන්නෙ ළමයි වෙනුවෙන් කැප වෙනවා කියලා..කොහෙද අපෙ උන්ට කිසි උවමනාවක් නෑ නේ නේද සර්.."

මූණට ඉතාමත් අව්‍යාජ හිනාවක් මවා ගත්ත මං සර්ට කියද්දි සිනහවකට සිනහාවෙන් උත්තර දෙනවා වෙනුවට ඌ කරේ මට රැව්ව එක..

ඔයාට මට රවන්න විතරයි ඒයි පුලුවන් වැඩිය සද්දෙ දාන් ආවොත් තාත්තට කියලා කේස් එකක් ඇදලා දුශ්කර පාසලකට ට්‍රාන්සර් කරනවා හ්ම්ම්..

" ඉන්න උන්වත් ගනින්කො පොත් අනිත් අය එනකන් මෙතන නිකන් බුම්බන් ඉන් නැතුව..වෙන ලැන්වේජ්වලට යන උන් යන්න.."

ඉන්න උන් කිව්වට පන්තියේ හිටියෙ මියුසික් කරන උන් ටික විතරයි අපි දෙන්නත් එක්ක තව හතරයි..උන්ගෙනුත් දෙන්නෙක් අනිත් ලැන්වේජ්වලට යද්දි ඉතුරු හතර දෙනයි..මං තාම කල්පනා කරන්නෙ ඇයි මං සිංහල තෝර ගත්තෙ කියලා..මියුසික් කරන්න ඕනි නිසා ආර්ට් කරාට මොන මගුලකටද ලැන්වේජ් එකක් කරන් නැතුව සිංහල කරන්න ගත්තේ කියලා හිතා ගන්න බෑ..අව්ලක් නෑ හිතට සැනසීමකට තියෙන්නෙ අරුන් තුන් දෙනත් ඉන්න එක..

නිකන් හිටන් බෝර්ඩ් එකේ මොනාදෝ පන දාන ලියන්න ගද්දි තමා මට මතක් උනේ සිංහල පොත් ටික ගෙනාවෙ නෑ නේ කියලා..

" රුක්ෂාන්..ඕයි හු#තො.."

" ඇයි පකෝ.."

" ව්‍යාකරණද සාහිත්‍යද අද.."

" බැද්දේගම මනුස්සයෝ.."

" හුටා..පොත ගෙනාවෙ නෑ.."

" ආ යසයි බේසිකයාගෙ වැඩ.."

" උබ ගෙනාවද.."

" නෑ ඉතින්.."

" හුකනවානේ.."

අරුන් දෙන්නත් පොත් ගෙනල්ලා නැත්තන් අද එළියට වෙලා ඉන්න විදිහ මවා ගන්න ගමන් මං සසිරුගෙ බෑග් එක ඇද්දෙ පොත හොයන්න..

මේ තියෙන්නෙ බඩු..එකට දෙකක්ම..මගෙ සසිරුවා මගෙ පොතත් එක්කම දාගෙන ඇවිත්..

ඊලගට මතීශ්ගෙ බෑග් එක ඇද්දත් ඒකෙ තිබ්බ මගුලක් නෑ..ඉංග්‍රීසි පොත විතරක් බැබළි බැබළි තියනවා ලස්සනට..කමන් නැ බෙදා හදාගෙන කියවන්න පොත් දෙකක් තියන නිසා වැඩේ ගොඩ..

ඔන්න ඔහොම ටිකක් වෙලා බැද්දේගම දිහා බලාන මායි රුක්ෂානුයි පිලිකුල් භාවනාව වඩද්දි ඩාන්සින් දරුවො ටික පංතියට ආවා..

" ඉක්මනට එහාට පලයන්.."

" මොකද මේ කලබලේ.."

" ආ.....එන්න එන්න.."

මාවයි රුක්ෂාන්වයි පාගන් යන්න තරම් කලබලෙන් ආව මතීශයා එහාට වෙන්න කියද්දි පස්සෙ තමා දැක්කෙ උන් කැන්ටින් ගිහින් පොත් අස්සෙ කෑමක් හංගන් ඉන්නෙ කියලා..කෑම ගැන හිතලා මතීශයාට යන්න ඉඩ දෙද්දි ඌ ගිහින් ඉදගෙන ශේප් එකේ පේර ටිකයි අඹ ටිකයි ඩෙස් එක යටට දැම්මා..සසිරුවාගෙ මූණෙ පෙනුමනම් හැබැයි එච්චර හොදට පෙනුන් නැති නිසා යමක් වෙලා වගේ කියන්න ඒකෙන් තේරුන් ගියා..

" සසිරූ.."

" ම්ම්ම්.."

" ඇයි මූණ එල්ලන්.."

" මුකුත් නෑ බං.."

" උබ මටද ඔය බොරු කියන්නේ.."

" මුකුත් නෑ පොතක් දීපන්.."

මගෙ ලග තිබ්බ පොත ඇදලා ගත්ත සසිරු මතීශ්ටත් පේන්න පොත එහාට කරද්දි මං රුක්ෂාන් ලග තිබ්බ පොතට එබුනා..

නෑ ඒත් මොකක්ම හරි වෙලා තියනවා කියලා මගෙ හිත කියද්දි ඒක දැන ගන්නකන් ඉවසිල්ලක් නැති උන මං මතීශ්ට කතා කරේ උගෙන් හරි වෙච්ච දේ අහා ගන්න හිතාන..

" මතීශ්.."

" ම්ම්ම්.."

" මූ මොකද මේ මූණ එල්ලන්.."

" උබට කියන්න එපා කිව්වා.."

" මතීශ්.! "

" ඇයි උබ කිව්වෙ මුට මුකුත් කියන්න එපා කියලා.."

" අහ්..ඒකත් එහෙමද..උබ හිටපන්කො සසිරු ඈ..අල්ලා ගන්නම් මං.."

මොනා උනත් සසිරු වෙච්ච දේ මට කියන්න එපා කියලා මතීශ්ට කියලා තියන නිසා තරහක් එක්කම දුකකුත් දැනුන් නෑ කිව්වොත් ඒක බොරුවක්..

" මොකද ඔතන නිකන් කුටු කුටුව ඈ..සෙනාශ් නැගිටලා පාඩම කියවනවා.."

මෙයාගෙත් කටේ කොහොමත් තියෙන්නෙ සෙනාශ් විතරයි..

" නැගිටින්න බෑ ඉදගෙන කියවන්නම්.."

" හා නිදාගෙන හරි කියවපන්කෝ.."

නැගිටලා කියවන්න බැරි අමාරුවකට නෙවෙයි බෑ කිව්වෙ මං පොත අරන් නැගිට්ටොත් රුක්ෂාන්ට බලා ගන්න පොතක් නැති නිසා..ඒ නිසා ඉදගෙනම මං ඉතින් පාඩම කියවන්න ගත්තා..

" මහා මුහුදටත් කදු වැටිවලටත් අතර පහතරට තැනිතලා ප්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම...."

පාඩමේ කොටසක් කියවලා ඉවර වෙලා මං බැලුවෙ සසිරු දිහා..

" ඇයි රවන්නේ.."

" තොට වැඩක් නෑ නේ මං මොකේට රැව්වත්.."

" හරි අනේ පොඩ්ඩක් ඉන්නවා සර් ගියාම කියන්නම් මොකද උනේ කියලා.."

" නෑ ඕන් නෑ.."

ඌට රවලා මං අහක බලද්දි මට දැනුනා සසිරුගෙ අත මගෙ කකුල උඩ නතර වෙනවා..ඒත් මං එයා දිහා බැලුවෙ නැති නිසා සසිරු ඇගිලිවලින් මගෙ කකුල මිරිකද්දි මං උගෙ අත එහාට කරා..ඇයි යකෝ..හිත රිද්දලා එනවා දැන් නිකන් බොරුව දාගෙන..

පීරියඩ් දෙකක්ම හිකන් හිටන් බැද්දෙගම ගැන මොනාදෝ කියවලා කියවලා යන්න ගියත් මගෙ හිතේ තිබ්බෙ වෙන දෙයක්..

" සෙනාශ්.."

" ඒයි..අහනවකො ඉතින් මං කියන දේ.."

" මට උබත් එක්ක කතාවක් නෑ සසිරු.."

" මතීශ් මෙයාට කියනවකෝ මොකද උනේ කියලා.."

" රුක්ෂාන් යමන් පම්ප් එකක් දාලා එන්න.."

රුක්ෂාන්ටත් තට්ටුවක් දාන් මං නැගිටලා යන්න ගියත් සසිරු මගෙ අතින් අදිද්දි මං ගිහින් උගෙ ඔඩොක්කුවෙන් ඉන්ද උනා..

" අතෑරපන් බං.."

" හරි කතා කරන්න ඕන් නෑ මං කියන එක අහන් ඉන්නවකෝ.."

ඔන්න ඔහෙ ඕනි එකක් කියලා මාත් සසිරු කියන්න යන්නෙ මොකක්ද කියලා අහන් හිටියා..තරහා වෙලා ලොකු සීන් දැම්මා වගේ නෙවෙයි උනේ මොකක්ද කියලා නොදැන ඉන්න එක මේ පුංචි මොලේට ලොකු බරක්..

" මිනිදු අයියා හම්බුනා මගදී.."

........

" අහන් නේ ඉන්නේ.."

යසයි..හෙඩා මොකාටද එන්නෙ ඒ පාර..

සසිරුගෙ ඔඩොක්කුවෙ ඉදන්ම මං මේසෙ අස්සට අත දාලා පේර කෑල්ලක් අරන් කටේ දා ගත්තා..කාත් එක්ක තරහා උනත් කෑමත් එක්ක තරහා වෙන්න හොද නෑ නේ..

" ඩාන්සින් රූම් එකේ ඉදන් එද්දි එයා මග ඉදලා කතා කරා ඊට පස්සෙ ටිකක් වෙලා මායි මතීශුයි අයියා එක්ක කතා කර කර හිටියා.."

ඇත්තද කතා කර කර හිටියද..මොනාද දන් නෑ ඔච්චර ඌ එක්ක කතා කරේ..ඊට පස්සෙ ඌ උබෙ කට කෑවා කියලානම් කියන්න එපා උස්සලා පොලේ ගහන්නෙ පොලේ..

" අර පොඩි උන්ගෙ පන්ති පැත්තේ එහෙ කවුරුත් වැඩිය නෑ නේ..මිනිදු අයියා බැම්මට හේත්තු වෙලා හිටියේ එක පාරම පොඩි එකෙක් ඇවිත් මගෙ ඇගේ වදිද්දි මං ගිහින් මිනිදු අයියාගෙ ඇගේ එයා එතකොට මගෙ ඉනෙන් අල්ලා ගත්තා මං විසික් වෙලා ගිය පාර අහම්බෙන් එයාගෙ කම්මුලම ඉබ්මා.."

හිතට මහා මොකක්දෝ ඉරිසියාකාර හැගීමක් එද්දි මං සසිරුගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටෙ තව පේර කෑල්ලක් අරන් කටට දා ගන්න ගමන්..

" ඕක නෙ ඉතින් කියන් නැතුව ඉන්න ගියේ.."

" මතීශ් මූ අරූව ඉබින්න යනකන් උබ මොකද කරේ.."

මතීශ් මට උත්තර දුන් නැති වෙද්දි ඌත් සසිරු දිහා රවලා බලලා අනිත් පැත්ත හැරුනා..

" උබේ හිතේ මොනා තියනවද කියන්න මං දන් නෑ සසිරූ..ඒත් අරූ එන්නෙනම් හොදකට නෙවෙයි කියන්න මං දන්නවා..පරිස්සම් වෙයන්..ඉස්කෝලේ පොර වගේ හිටියට උගෙ ලව් කරන පැත්ත මොන වගේද කියන්න දන් නෑ නේ..රුක්ෂාන් යමන් එළියට ගිහින් එමු.."

මං රුක්ෂාන් එක්ක පංතියෙන් එළියට ආවා..

සසිරු මිනිදු අයියා එක්ක මොනා කරත් මට ප්‍රශ්නයක් නෑ..හිතට දුකයි උන් මගෙන් දේවල් හංගන්න හදද්දි..අනික බයයි සසිරුට නරකක් වෙයි කියලා..පුංචි කාලේ ඉදන් ගමට වෙලා හිටිය අහිංසක කොල්ලාට මෙහෙ වෙන දේවල් ගැන තාම හරියට තේරුමක් නෑ..

යාලුවොන්ගෙ ජීවිතවල වෙන දේවල්ගැන මං මෙහෙම හිතන එක අවුල් වගේ ඇති..ඒත් මං කැමති නෑ මං ආදරේ කරන උන්ට පොඩි හරි වැරැද්දක් වෙනවට ඒකයි උන්ගෙ දේවලුත් මගේ දෙයක් කරන් වැඩ කරන්නේ..මල්ලිගෙ ප්‍රශ්නෙ වගේම සසිරුගෙ මේ මගුල, ආදරේ කරනවා කියන්නේ මට අනුවනම් එච්චර සිම්පල් දෙයක් නෙවෙයි..ඒකනෙ දම්සාරිට මං තාම කැමැත්ත කියලා නැත්තේ..සමහරු සෙල්ලමට ආතල් එකට ලව් කරාට මල්ලියි සසිරුයි දෙන්නම හැම දේම හෙන සීරියස් ගන්න දෙන්නෙක් කියන්න මං නොදන්නවා නෙවෙයි නිසා උන් ගැන වද වෙන්නේ..

" ඇයි දැන් උබ අව්ලෙන්.."

" ට්‍රැකද..එහෙම අව්ලක් නෑ බං.."

" දැන් ඒක මං විශ්වාස කරන්න ඕනිද.."

" කැමති දෙයක් හිතා ගනින් රුක්ෂාන්.."

" හෙඩා සසිරුව දා ගයි වගේ නේ.."

" ම්ම්ම්.."

" උබටයි මතීශ්ටයි ජෙලද ඉතින් ඒකට.."

" මටනම් එහෙම එකක් නෑ..මට ඌ ගැන බය තියෙන්නෙ එච්චරයි.."

" සසිරු බබෙක් නෙවෙයි නෙ මචං.."

" බබ්බු හොදයි යකෝ..පණ්ඩිතකමට අපිටත් සද්දෙ දාන් හිටියට සසිරු හරි බොලදයි..ආදරෙන් වචනයක් දෙකක් කතා කරොත් ඌ හිතන්නෙ ඒ ආදරේට කියලා.."

" මිනිදු නරක එකෙක් නෙවෙයි නේ.."

" කවුද දන්නෙ බං..හැමෝටම පේන්න පොර වගේ හිටියට ඌගෙත් ඇතිනෙ හැංගුන පැත්තක්.."

" හරි හරි ඕයි..දැන් ඕවා හිතන්න එපා..හෙමීට සසිරු එක්ක කතා කරමු.."

" ඌ එක්ක ආයෙ මං කතා කරන් නෑ.."

" යැයි යැයි තමා..ඉක්මනට චූ දාලා වරෙන් ඉංග්‍රීසි මැඩම් එයි දැන් හැලෝව් ගාගෙන.."

පම්ප් එකක් දාලා පන්තියට එද්දි සසිරුවා ඉන්නවා අඩන්න ඔන්න මෙන්න වගේ මූණත් එල්ලන්..මට පව් හිතුනා ඒ උනාට බෑ ඌත් මගෙ හිත රිද්දුවානේ..මතීශයත් ඌත් එක්ක අව්ලෙන් වගේ ඉන්නේ..ජෙල ඇති ඌටත් සසිරු උගෙ මිනිහා වගේ නේ ඉන්නෙ ඉතින්..

නිකන් තියන අත නිසා මතීශ්ගෙ ඔලුවටත් පොඩි තට්ටුවක් දාලා සසිරු දිහා හොරැහෙන් බලපු මම වාඩි උනා..

" සෙනාශ්.."

" අනේ කතා කරනවාකෝ.."

" මං ආයෙ කතා කරන් නෑ එයා එක්ක..බලන්නෙවත් නෑ..ඒයි සෙනාශ්.."

" කතා කරපන් යකෝ දෙන්නම දෙපැත්තට වෙලා මට රවන් නැතුව.."

" කට වහන කාපන් මේක.."

සසිරු මොනාදෝ කියවද්දි මතීශයා උගෙ කටට තඩි අඹ කෑල්ලක් එබුවා..ඇහැ කොනෙන් දැක්කා ඉතින් නැතුව මං බැලුවෙ නෑ..තරහා උනාම ඒම බලන් නෑ නේ..

ඉංග්‍රීසි පීරියඩ් එකේ මැඩම් ආවෙ නැති නිසා ඉන්ටවල් එකේ කන්න තිබ්බ කෑම එක කලින්ම කෑවා එතකොට ඉතින් ඉන්ටවල් එකට රවුන් ගහා ගහා ඉන්න පුලුවන් නේ..

" හවස බොක්ශින් ප්‍රැක්ටිස් නේ.."

" හ්ම්ම්ම්.."

" සසිරුත් ඉන්නවද උබලා දෙන්නා එක්ක.."

" අපෙ තාත්තා ඇවිල්ලද බං..එයා ගෙදර යනවානම් ඒත් එක්ක යවනවා පව් නේ බොරුවට හවස් වෙනකන් අපි එනකන් ඉන්න බෑ නේ..අනික මං තරහයි නේ.."

" ඒකනේ නේද තරහා නිසා වෙන්න ඇති වද වෙන්නේ.."

" ආදරේකට නෙවෙයි යකෝ..සසිරුවා මිසින් උනොත් අපෙ අම්මි මගෙ බෙල්ල කයි.."

" නැන්දා හෙන ලව් නේ ඌට.."

" නැත්තන්..ඌ ඉන්නවානම් මාව ඕනිත් නෑ..මාව අරන් හදාගෙනද කොහෙද බං.."

" ආ..ඔව් මට නැන්දා එක පාරක් කිව්වා ඔහොම කතාවක් උබට කියන්න එපා කිව්වා ඒත් උබෙ හිත රිදෙයි කියලා.."

රුක්ෂාන් හෙන සීරියස් විදිහට මාව අවුස්සන්න කියද්දි මං උගෙ පුක මිරිකුවා..

අපි දෙන්නට ඩාන්සින් රූම් එක ලග ටිකක් වෙලා හිටන් ඉන්න උනේ අරුන් දෙන්නට උන්ගෙ සර් ටිකකට ඇවිලා යන්න එන්න කිව්ව නිසා..

" ආ මතීශ්..ආවද මයෙ අම්මා.."

" මොකද උබ ඈ.."

සසිරු මතීශ් එක්ක එද්දි මං එයාව දැක්කෙ නෑ වගෙ ගිහින් මතීශ්ගෙ කරට අත දා ගත්තා..

" නිකන් පැටියෝ මං ආදරෙයි නෙ උබට.."

" ආහ්....ආදරෙයි ටූ.."

පොරටත් වැඩේ තේරෙද්දි ඌත් සසිරුව තනි කරලා මගෙ කරට අත දා ගන්න අතරෙ රුක්ෂානුත් අපිත් එක්ක එද්දි සසිරු තනියම පස්සෙන් ආවා..

ඒත් මං හිතන්නෙ අපි ඌට රිද්දුවා..

ටිකක් දුර ඇවිත් පිටි පස්ස බලද්දි පොර මිසින්..

" සසිරුවා කෝ.."

" මේ හිටියා මේ නෑ.."

" මං තොට කිව්වා සෙනාශ් ඕක දැන් ඔනෑවට වැඩී කියලා.."

ඇත්ත රුක්ෂාන් කිව්වා තමා මං සසිරුව ගනන් ගන් නැතුව ඉද්දි ඕක නවත්තපන් කියලා..ඒත් මං ඇහුවද, නෑ..

" ඕකට පොඩ්ඩ ඇත්තන් රිදෙනවා යකෝ.."

" ඇයි ඉතින් මට රවන්නෙ උබත් ඌව ගනන් ගත්තෙ නෑ නේ.."

මතීශ් මටත් වඩා සසිරුව තේරුන් ගත්ත කෙනෙක් උනත් ඌත් දැන දැන අර අහිංසකයට රිද්දුවා නේ..

මෝඩ පැටියා එක පාරට කොහෙටද අතුරුදහන් උනේ කියලා හොයන් යද්දි මෙන්න මූ ඉන්නවා ඉස්කෝලේ මුල්ලකට ගිහින් තනියම බැම්මකට හේත්තු වෙලා උඩ බලාන..

" සසිරූ.."

මං ඈත ඉදන් සසිරුට කතා කරද්දි මතීශ් දුවන් ගිහින් ඌව බදා ගත්තා..

" ඕයි ඇයි මේ.. පොඩි එකෙක් වගේ නේ.."

" ඕන් නෑ මතීශ්..යන්න ඔයාලා.."

මං බලාගෙන ඉද්දිම සසිරුගෙ ඇස්වල කදුලු පටලයක් බැදෙද්දි මං එයාගෙ කණ්නාඩි දෙක ගලවලා සක්කුවේ දාන් කම්මුල අත් අතරට මැදි කර ගත්තා..

" උබ අඩනවාද ඕයි.."

" අතෑරපන් ම්_මාව.."

" මං හි..තලා එ_එයාව ඉබින්න ගියෙ නෑ නේ.."

" ඒයී..සසිරූ..මොකෝ මේ පොඩි එකෙක් වගේ ම්ම්ම්.."

මෙච්චර වෙලා හිර කරන් හිටිය දුක කදුලු වෙලා සසිරුගෙ ඇස්වලින් පිට වෙන්න ගත්තා..

මං දැකලා නෑ මූ මෙහෙම අඩනවා..උගෙ ඇස්වලින් කදුලු වැටෙද්දි මොකක්දෝ හේතුවකට මගෙ පපුව කකියන්න ගත්තා..

ඇයි ඒ..එයා අඩන්නෙ මං නිසාද..මං රිද්දුවානේ එයාට..

" ආ අඩපන්කෝ දුක නැති වෙනකන්..හැබැයි අපි ඉස්සරහා විතරයි වෙන එකෙක්ට හරි උබෙ ඔය දිලිසෙන කදුලු පෙන්නුවොත් උබ මගෙන් කන්නෙ කදුලු පනින්නම.."

මතීශයා සසිරුගේ පිට අතගාන ගමන් කියද්දි ඒ වචන මගෙ හිතටත් දැනුනා..

මතීශ් ගෙ වචන වලට සසිරුගෙ ඇඩිල්ල තවත් වැඩි වෙද්දි එයාගෙ ඇස්වලින් වැටෙන කදුලු තාමත් ඒ කම්මුල්වල තියන මගෙ අත් අස්සෙ හැංගිලා යනවා..

" සසිරු..සොරී.."

කියන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරුව හිටිය මං උගෙ ඇස් දිහාම බලාන සොරි කියද්දි මේකා තවත් අඩන්න ගත්තා..

මතීශ් ටිකක් සසිරුගෙන් ඈත් වෙද්දි මං ඌව ඇදලා අරන් මගෙ පපුවෙන් එයගෙ ඔලුව තියා ගත්තා..මට දැනුනා මෙච්චර වෙලාම ඔහේ තිබ්බ උගෙ අත් දෙකත් මගෙ ඇග වටේ එතෙනවා..

" අඩන්න එපා හිකනැල් පැටියෝ..මගෙ පපුව කකියනවා උබ ඔහොම අඩද්දි.."

එයාගෙ ඔලුව අතගාන ගමන් මං කියද්දි කොච්චර කිව්වත් කියන දේ අහන් නැතුව අඩන සසිරුගෙ කදුලුවලට මගෙ ශර්ට් එකත් තෙත් උනා..හොටුත් ගානවද කොහෙද ශේප් එකේ..

" හොටු ගන්න එපා ඇදුමේ....හරිද පැටියෝ.."

මං විහිලුවට වගේ ආදරෙන් කියද්දි මේ මෝඩ හිකනැල් පැටියා අත් දෙකෙන්ම මගෙ ශර්ට් එක පොඩි කර ගත්තා..

" චූටි බබෝ තාම අඩනවදූ..එන්නකො මෙ රුක්ෂාන් අයියා ලගට කුක්කු ටිකක් දෙන්න.."

" අනේ පලයන් යන්න රුක්ෂාන්.."

පැත්තකට වෙලා ඔක්කොම බලාන් හිටිය රුක්ෂාන් මගෙ පපුවෙ මූණ හංගන් ඉන්න සසිරුගෙ ඔලුව අත ගාන ගමන් කියද්දි හොටුත් පෙරාන ඔලුව උස්සපු හිකනැල් පැටියා අත මිට මොලවලා රුක්ෂාන්ගෙ උරහිසට දුන්නා පාරක්..

" අප්පොච්චියෝ..අයියලාට ගහන්න හොද නෑ චූටි බබාලා.."

" අනේ යනවා යන්න.."

" අඩෝ මතීශ් මේ මූ හිනා වෙනවා..බොරුවට අලි බබ්බු නලවන් නැතුව මේකට විහිලුවක් කරලා හිනා ගස්සවපන්.."

" ආ..හිනා වෙනවද..කෝ බලන්න.."

" අඩෝ හිනා වෙනවා තමා.."

මතීශ් සසිරුගෙ ඔලුව උස්සලා බලද්දි මේකා ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා හොරාට හිනා වෙනවා..

" අඩන්න එපා මේ හොටුත් එනවා..ඊයා පනුවොත් එනවා නහයෙන්.."

" මතීශ්....කට වහ ගන්නවා.."

" ආ මොකෝ සැර ඒ පාර ඈ.."

" කෝ මෙහෙ බලනවා.."

" අඩන්න එපා ඕයි පොඩි එකෙක් වගේ.."

ඔලුව උස්සලා මං දිහා බලන් ඉන්න සසිරුගෙ හොටුයි කදුලුයි ඔක්කොම මගෙ ලේන්සුවෙන් පිහිද්දි මතීශයා සාක්කුවෙන් කණ්නාඩි දෙක අරන් සසිරුට දැම්මා..

" ඔය ඉන්නෙ කොල්ලා දැන් ලස්සනට පොඩ්ඩක් නහයනම් රතු වෙලා හැබැයි.."

" ලේන්සුව හෝදලා දීපන් ඈ.."

" යන් යන් පන්තියට දැන් අඩන බබාලා නලවලාම ඉන්ටවල් එකත් ඉවරයි.."

මායි මතීශුයි දෙන්නම සසිරුගෙ කරට අත දාන ඌව එක්කන් ආවා..රුක්ෂානයානම් මේ අලි කෝලන් බලලා හිනා වෙ වී ඉන්නවා..

.

.

.

.

.

ඉන්ටවල් එකෙන් පස්සෙ තිබ්බ පීරියඩ් ටිකත් හිස් වෙද්දි ඉස්කෝලේ ඇරෙනකන්ම සසිරුට අපි විහිලු කර කර හිටියා..එයාගෙ ප්‍රහාරවලට ලක් උන අපි තුන් දෙනාගෙන් රුක්ෂාන් ගෙදර යද්දි මටයි මතීශ්ටයි ප්‍රැක්ටිස් නිසා සසිරුව පංතියක තියලා අපි දෙන්නා ගියා චේන්ජ් කර ගන්න..

චේන්ජ් කරන් එද්දිනම් අපි දැක්කෙ කේන්ති යන දසුනක්..

" හෙඩා නේද.."

" ම්ම්ම්.."

සසිරු එක්ක කතා කර කර හිටිය මිනිදු අයියව මතීශ් මට පෙන්නද්දි අපි දෙන්නා ඉක්මනට එතෙන්ට ආවා..කලින් කිව්වෙනම් කොහොමද කතා කරන්නෙත් නෑ බලන්නෙත් නෑ කියලා..මෝඩ සසිරුවා..

" උබලට ප්‍රැක්ටිස්ද අද.."

" ඕ..ඔයා මොකෝ මෙහෙ.."

" මෙයා තනියම ඉන්නවා දැකලා ආවෙ.."

තාත්තිට තුන විතර වෙනකන් මොකක්ද වැඩක් තියනවා කිව්ව නිසා සසිරුව එයා එක්ක තියන් නැතුව අපිට තියා ගන්න උනා..කොල්ලො චේන්ජ් කරන අස්සෙ එයාට එන්න බෑ කිව්ව නිසා පංතියක ඉන්න කියලා ගියාම මිනිදු මෝඩයා ඒ ටිකට සසිරුව ටෝක් කරන්න ඇවිල්ලා..

" අහ්.."

" ප්‍රැක්ටිස් ඉවර වෙනකන් මේ කොල්ලව තනියම තියන්නද හදන්නේ.."

" නවල් එකක් ලග තියනවානම් මූ එළි වෙනකන් හරි ඒක කියව කියව ඉදී.."

සසිරු අතේ තිබ්බ පොත පෙන්නලා මං හෙඩාට කියද්දි ඌ සසිරුගෙ අතින් පොත එයා අතට ගත්තා..හිකනැල් පැටියා ඉන්නවා දැන් අපි දිහා බයෙන් බලාන හරියට අපි බනී වගේ..

" මේක මං කියවලා තියනවා..සෑඩ් එන්ඩින් එකක් තියෙන්නෙ..ඒ උනාට ඒ දෙන්නා ආදරේ කරන විදිහ ලස්සනයි.."

හෙඩා සසිරුගෙ කණ්නාඩි දෙක අස්සෙන් පේන ඇස් දෙක දිහා බලාන කියද්දි සසිරුගෙ මූණෙ හිනාවක් ඇදුනත් එයා දිහා රවන් බලන් ඉන්න අපිව දැක්කම ඒ හිනාව අතුරුදහන් කර ගත්තා..

" බාප්පට කියලා අපෙ අයියට එන්න කියමුද.."

" එපා මතීශ් මං ඉන්නම් තාත්තා වැඩ ඉවර උනාම එයා එක්ක යන්නම්..ඔයාලා එද්දි අයියා එක්ක එන්න.."

" හ්ම්ම්..පරිස්සමින් ඉන්නවා ඒනම්..බ්‍රේක් එකක් දෙන වෙලාවට බලන්න එන්නම්..මෙතන එහා පැත්තෙ නෙ ඉන්නෙ අපි.."

" හ්ම්ම්.."

" අයියා ඉස්කෝලේ ඉන්නවද හවස් වෙනකන්.."

" ඔව් සෙනාශ් පොඩි වැඩ වගයක් තියනවා..මං සසිරු එක්ක ඉන්නම්.."

" මිනිදු අයියා..ඔයා මූට ලයින්ද.."

කනට ගැහුවා හා සමානව කෙලින්ම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ මතීශ්..මං ශේප් එකේ හෙඩාගෙන් වචනෙ ගන්න බලන් ඉද්දි කිසිම ඉවසීමක් නැති මතීශ් අහන්න ඕනි එක අහලා දැම්මා..සසිරු බය වෙලා වගේ අපි දිහා මාරුවෙන් මාරුවට බලද්දි මිනිදු අයියානම් කට කොනෙන් හිනා උනා..

*****

vote 👇