Chapter 12 of 24

මිනිදු අයියා (Part 11)

තුන්කොන් BL2,626 words~14 min read

සසිරු pov

මං හිතන්නෙ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ටවත් හරියට නින්ද යන්න නැතුව ඇති විශේෂයෙන් ශෙනාශ්ට මට ඇහැරෙන හැම සැරේම එයත් ඇහැරිලා..මොනා උනත් ඌ පොඩීට පන ඇරලා..සිතූට වැරැද්දක් වෙයි කියලා එයාගෙ හිතට බය ඇති..

" ඒ සෙනාශ්..නැගිටිනවා..මතීශ්.."

" ම්ම්ම්.."

" ම්ම්ම්..නෙවෙයි යකෝ නැගිටපන් අදත් වෙලා යයි.."

පහ හමාරත් පහු මුන් දෙන්නා තාම නිදි..මං නැගිටලා කතා කරත් කෙදිරි ගාන ගමන් ගැරඩියෝ දෙන්නා වගේ වෙලිලා ආයෙ හොදට නිදි..

" ආයෙ කියන් නෑ තොපි දෙන්නට.."

" අනේ..විනාඩි දහයයි.."

" අනේ මේ සෙනාශ්..මගෙන් ගුටි නොකා නැගිටපන්.."

" ම්ම්ම්..හ්ම්ම් හ්ම්ම්..මූ හැමදාම මෙහෙමද මතීශ්.."

" මූ හොදයි..අප්පච්චිනම් පුකට දෙකක් දීලා ඇහැරවන්නේ.."

කුටු කුටු ගාන ගමන් දෙන්නත් එක්ක ඇස් පොඩි කර කර නැගිටින අතරේ මං ආවෙ බාත්රූම් එකට..ඇස් දෙක යටත් ලාවට වගේ කලු වෙලා හරියට නින්ද ගියෙ නැති හින්දා වෙන්න ඇති..

" මටත් ටිකක් දාන්න.."

ඔලුව කස කස ආව මතීශ් එයාගෙ බ්‍රශ් එකත් මට දික් කරද්දි මං ඒකටත් ටූත් බේස්ට් ටිකක් දැම්මා..

" කෝ සෙනාශ්.."

" පොඩීගෙ කාමරේට ගියා.."

" අයියාගෙන් අහපන් ශේප් එකේ පොඩී ගැන.."

" ම්ම්ම්.."

කණ්නාඩියෙන් මූණ බලාන මං දත් ටික මදිද්දි මතීශ් කොමඩ් එකේ ඉදන් ඇස් දෙකත් පියාගෙන නිදි මතේම බ්‍රශ් එක කටේ එහෙට මෙහෙට කර කර ඉන්නවා..

මං දත් ටික මැදලා කටත් හෝද ගෙන මතීශ් ලගට ලං උනේ එයාගෙ දත් මද්දන්න..ආදරේකට නෙවෙයි ඉක්මනට ලෑස්ති උනේ නැත්තන් උන් දෙන්නට විතරක් නෙවෙයි නේ වෙලා යන්නේ..

" ආ කියනවා.."

" ආ.."

" නැගිටපන් මට චූ බරයි.."

" පොඩ්ඩක් ඉන්නවා මේ ළදරුවාගෙ දත් ටික මදිනකන්.."

" අනේ ඉන්න බෑ යන්න වගේ.."

බාත්රූම් එකට ආව සෙනාශ් කලිසමත් අල්ලන් චූ බරයි කියද්දි මතීශුයි මායි අයින් වෙන් නැතුව එතනම හිටියෙ හිතලාමයි..

" ඇගට දානවා ඈ.."

" දාපන් ඉතින්.."

" අනේ සසිරූ..ඕක තියෙන්නෙ ඉදගෙන දත් මදින්න නෙවෙයි මට චූ බරයි.."

" හා ඉතින්..මතීශ් නැගිටිනවා.."

මතීශ්ව නැට්ටවාගෙන මං සින්ක් එක ලගට ආවෙ සෙනාශ්ට් එයාගෙ වැඩේ කර ගන්න ඉඩ දීලා..

ඕකා ශුවර් නෑ..ඉවස ගන්න බැරිම තැන කිව්වා වගේම ඇගට දාන්න ඉඩ තියනවා..

" අනිත් පැත්ත හැරෙනවා..මගෙ විශ්ව දණ්ඩ දැකලා ආස හිතෙයි උබලට.."

" ඇයි එච්චර ලොකුද ඒක.."

" ඔව් මේ.."

" ආශ්..සෙනාශ්..කැරකෙන් නැතුව එක තැනකට දාපන් ඕක..බලපන්කො හැමතැනම වතුට ටිකක් ගහනවා දැන්.."

සෙනාශ් හිනාවෙන ගමන් එයාගෙ මහා ලොකු විශ්ව දණ්ඩ පෙන්නන්න මගෙ පැත්තට හැරෙද්දි බඩු කොමඩ් එකෙන් පිට..

මේවා අපි තුන් දෙනාට දැන් සාමාන්‍ය දේවල් කන්නෙ බොන්නෙ නිදා ගන්නෙ නාන්නෙ හැම දේම තුන් දෙනාම එකට..කොල්ලො නෙ දන් නැද්ද පොඩ්ඩක් ඉතින්..

" ආ හරි හරි..කට හෝදන් මූණත් හෝද ගන්න.."

" නිදා ගන්න ඕනි.."

" අනේ මතීශ් මේ දෙනවා දැන් උබට ඈ.."

ඔක්කොමත් හරි මතීශ් උදේ ඇහැරවා ගන්න එක තමා කරන්න තියන අමාරුම වැඩේ..

මූත් ඇවිල්ලා නින්ද එක දෝණි දෙක ඩයල් එකක්..

" ළමායි මං එන්නද ඇතුලට.."

" එන්න අම්මා.."

" ආ..මේයාවත් හෝදවන්න නිදි මතේ තාම..ඉක්මනට ලෑස්ති වෙන්න තාත්තාටයි මල්ලිටයි තමා වෙලා යන්නෙ ඔයාලා හින්දා..මතීශ් නැගිටින්න දරුවෝ.."

" ම්ම්ම්..හරි පුංචී.."

" මේකටනම් නිදිමත රෑ තිස්සෙ මගුල් නටලා වෙන්න ඇති.."

අම්මා පොඩීවත් බාත්රූම් එකට තල්ලු කරලා නිදි මතේ ඉන්න මතීශ්ගෙ මූණටත් තට්ටුවක් දාලා බාත්රූම් එක වහන් එළියට යද්දි ඒ අස්සෙ සෙනාශ් පොඩි එකාට හින්ට් ගහනවා..

" කෝ උබෙ මිනිහා..මොකද උදේ පාන්දර ගිහින් තිබ්බේ.."

" හොරෙන් ආවානම් හොරෙන්ම යන්න එපැයි ඉතින්.."

පොඩී සෙනාශ්ට උත්තර නොදී ඉද්දි මතීශ් නිදි මතේ කුටු කුටු ගෑවා..

" ඇස් ඇරපන් මිනිහෝ හෝද ගනින් ගිහින්.."

" ආ සිතූ දත් මැද ගන්න.."

පොඩීගෙ අතට බ්‍රශ් එක දීලා මං මතීශ්වත් ඇදන් ගියෙ ශවර් එක ලගට..නිදි මත යන්න මතීශ්ගෙ මූණට වතුර ටිකකුත් ගහලා මාත් ශර්ට් එක ගහවලා අත පය හෝද ගත්තා..රෑට නාලා නිදා ගන්න නිසා උදේට මහ ලොකුවට හෝදන්න දෙයක් නෑ නේ..

විනාඩි ගානක් යනකන් බාත්රූම් එක අස්සෙ එකම කාලගෝට්ටියක් වෙද්දි හතර දෙනාම ශවර් එකටයි සබන් කැටේටයි පොර අල්ලලා අන්තිමට සෙනාශ් තරහක් පිරිමහන්න වගේ පොඩීගෙ ඇස්වට සබනුත් යවලා තමා හෝදගෙන කාමරේට ආවේ..

ඊට පස්සෙ ඇදුන් යුද්දේ..

" ඒ සසිරූ මේක මට මදි නේ.."

" ඕක මගේ හලෝ ආ උබෙ එක.."

දැක්කනේ..සෙනාශ් මගෙ ශර්ට් එක අරන් අමාරුවෙන් අදින්න ලෑස්ති..මං කටු බොඩිය උනාට මේ දෙන්නා ජිම් එහෙම ගිහින් ගානට ඇග මේන් ටේන් කරන නිසා මගෙ ඇදුන් මෙයාලට මදි..

" බැජ් එක කෝ.."

" නයිට් ස්ටෑන්ඩ් එක උඩ.."

" මේස් නෑ නේ.."

" ඊයෙ රෑ නේ හේදුවේ අම්මාගෙන් අහන්න.."

" අම්මියෝ.......මේස් කෝ.."

කාමරේ අස්සෙ ඉදන් කෑ ගැහුවට පල්ලෙහා කුස්සියේ ඉන්න අම්මටනම් ඇහෙන් නෑ කියලා දැන දැන සෙනාශ් ඒත් බොරුවට කෑ ගහනවා..

" ඉන්න මං ඉල්ලන් එන්නම්.."

ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් උන මතීශ් මේස් ටික ඉල්ලන් එන්න කාමරෙන් එළියට ගියා..

" ඒයි මේ ශිපර් එක දාන්න බෑ නේ.."

" ඉතින් මට කියන්නේ.."

" පොඩ්ඩක් බලනවාකෝ.."

" කෝ එනවා.."

ඒ අස්සෙ සෙනාශ්ගෙ කලිසමේ ශිපර් එක දාන්න බෑ කියද්දි මං ඇදේ ඉදගෙන එයාව ලගට ගත්තා..

" හිර වෙලා නේ.."

" හ්ම්ම්ම්.."

" කොණ්ඩෙ අව්ස්සන්න එපා සෙනාශ් පීර ගත්තා විතරයි මං.."

මගෙ ඉස්සරහා හිටන් ඉන්න සෙනාශ් මගෙ කොණ්ඩෙ අව්ස්සද්දි මං එයාගෙ අතට ගැහුවා..ඒත් ඉතින් කියන දේ අහන මනුස්සයෙක් නෙවෙයි නේ..ඕනි මගුලක් කර ගන්න කියලා එයාගෙ ඉනෙන් අල්ලලා තවත් ලගට ගත්ත මං කලිසම් ශිපර් එක කොහොම හරි වහන්න විදිහක් බැලුවා..

" බැයිද.."

" බෑ හිර වෙලා නේ..පේන් නැති වෙන්න කට්ටක් ගහමුද.."

" අනේ මට බෑ..කොහොම හරි හදනවා.."

" නූලක් හිරවෙලා..ඕම ඉන්න.."

" ඒහ් ඒ...අහවල් එක එහෙම හපන්න එපා යකෝ ඈ..දම්සාරිගෙ ජීවිතේම අදුරු වෙලා යයි.."

කතුරු හොය හොය ඉන්න ගියොත් තවත් වෙලා යන නිසා ශිප් එකේ හිර වෙලා තිබ්බ නූල ගඩන්න මං කට පාවිච්චි කරන්න තීරණේ කරා..මං මේකාගෙ අහවල් එක හපයි කියලා බයටම සෙනාශ් මගෙ කොණ්ඩෙ අහුරක්ම ඇගිලිවලින් අල්ලා ගත්තෙ මට රිදෙන්නම..

" දත්නම් වද්දන්න එපා සසිරූ...."

" ඒයි මොකද උබලා දෙන්නා ඔය කරන්නේ.."

එක පාරටම කාමරේට කඩා පාත් උන මතීශ් අපිව දැකලා අතේ තිබ්බ මේස් ටිකත් සී සීකඩ විසික් කරලා මගෙ ලගට දුවන් ඇවිත් ශනිකව සෙනාශ්ව මගෙ ලගින් තල්ලු කරලා මාව එයා ලගට ඇදලා ගත්තා..

" සෙනාශ් තොට ආතල් ගන්න නෙවෙයි හුත්තෝ මූ ඉන්නේ.."

යකාවේස වෙලා වගේ කෑ ගහන මතීශ් දිහා මායි සෙනාශුයි දෙන්නම බලන් හිටියෙ පුදුමෙන්..

" ට්‍රැකද උබට.."

" ට්‍රැකද අහන්නෙ තොපි දෙන්නා.."

මතීශ් එක පාරටම මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා මටයි සෙනාශ්ටයි තේරුන් යද්දි අපි දෙන්නා මූණෙන් මූණ බලාන හයියෙන් හිනා උනා..

සෙනාශ්ගෙ කලිසමේ ශිපර් එකේ පැටලිලා තිබ්බ නූල කඩලා දාන්න දත් පවිච්චි කරපු නිසා මතීශයාට ඈතට ඒක් වැරදි විදිහට පෙනිලා වෙද්දි ඌ බොරුවට කලබල වෙලා..

" මගෙ කලිසමේ ශිපර් එක දාන්න බෑ යකෝ මූ ඒක හදන්න ගියේ..තෝනම් මහා දළඹුවෙක් අයිසේ.."

" ආ..කලින් කියන්න එපැයි ඉතින්..අන්න මේස් ගෙනාවා මං.."

" විසික් කරානම් ඇරන් දීපන් දැන්.."

කොහොම හරි ඒ යුද්දෙත් ඉවර කරලා තුන් දෙනාම ලෑස්ති වෙලා පහලට එද්දි පොඩී ටීවි බල බල කිරි බොනවා..සෙනාශ්නම් පොඩී එක්ක කතා නෑ උදේ ඉදන් රවන එකමයි වැඩේ..සිතුත් අද කවදාවත් නැතුව මීක් නෑ..

" අම්මි අපිට කිරි කෝ.."

" මේ මේසෙ උඩ.."

" මයිලෝ දැම්මද.."

" ම්ම්..දාලා තියෙන්නෙ බොන්න් දැන් නිවිලත් ඇති.."

කෑම මේසෙ උඩ වහලා තිබ්බ කෝප්ප තුන ගත්ත අපි තුන් දෙනාම මේසෙ ලගින් වාඩි උනා..

" මේ අද ලොකු අයියා එක්ක යන්න ඔයාලා මට දැන් හදිස්සියකට සිල්වෙස්ටර් එකට යන්න වෙනවා..අයියා හොස්පිටල් යන ගමන් ඔයාලව දාගෙන යන්නම් කිව්වා..මං යනවා.."

" ඌ එක්ක යන් නෑ මං.."

" ආරව් මේ මගෙන් මුකුත් අහ ගන් නැතුව කිව්ව දේ කරපන්.."

" ඒත් තාත්තා.."

" ලොකූ..ගුටි ඕනිද..මැණික මං යනවා.."

" හරි පරිස්සමින් ගිහින් එන්න දෙවි පිහිටයි.."

අම්මාගෙ කම්මුල ඉම්බ තාත්තා අපෙ ඔලුවත් අත ගාලා යන්න ගියෙ කලබලෙන්..එයාට වැඩක්නම් ඉතින් කොහොමත් අද ඉස්කෝලේ යන්නෙ අකලංක අයියා එක්කනේ..

" ආ..එතකොට අහපන් අපෙ අයියාගෙන් පොඩී ගැන.."

" මට පට්ට තරහයි ඕයි.."

" ඇයි.."

" ඌටත් ඇයි මගෙ මල්ලිවම අල්ලා ගන්න ඕනි උනේ කියපන්කෝ.."

" මං දන්නවද ඉතින් අහපන් උගෙන්ම.."

" මොනාද තුන් දෙනා කුටු කුටු ගාන්නෙ ම්ම්ම්..ආරව්.."

" මුකුත් නෑ අම්මී.."

" කෑම දැම්මා තුන් දෙනාගෙම බෑග්වලට..හවස බොක්ශින් ප්‍රැක්ටිස්ද දෙන්නට.."

" තියන කතාවක් කිව්වා පුංචි.."

" එතකොට සසිරු මොකද කරන්නෙ මෙයාලත් එක්කම ඉදලා එනවද.."

" බලමු අම්මා මේ දෙන්නට ගොඩක් වෙලා ප්‍රැක්ටිස් තිබ්බොත් මං තාත්තා එක්ක එන්නම්.."

" හා එහෙම කරන්න එහෙනම්.."

කිරි එක බීලා ඉවර වෙද්දිම වගේ ලොකූ ආව නිසා හතර දෙනාම අම්මටත් වැදලා ගිහින් කාර් එකට නැන්ගා..පොඩී පිටි පස්සෙන් නගින්න ගියත් සෙනාශ් එයාව බලෙන්ම ඉස්සරහට යැව්වා..

අකලංක අයියගෙත් මූණ අදුරු වෙලා පොඩීටත් ඇඩෙන්න වගේ සෙනාශ්ට තරහා ගිහින්..මතීශ්නම් ගානක් නෑ වගේ ඉන්නවා ඒත් ඌ මේ ගැන ඔක්කොටම වඩා හිතන ගමන් ඉන්නෙ කියන්න මං හොදටම දන්නවා..

" පොඩීව ඉස්කෝලේට දාලා යන ගමන් අපිව බස්සන් යන්න.."

ගෙදර ඉදන් අපෙ ඉස්කෝලේ ලගට එනකන්ම තිබ්බ නිහඩතාවෙ බින්දෙ සෙනාශ්..අයියා ඉස්කෝලේ ලග කාර් එක නවත්තන්න වගේ ගිය නිසා සෙනාශ් එහෙම කියද්දි අයියා ආයෙත් ඩ්‍රයිව් කරන් ඉස්සරහට ගියා..

මුන්ගෙ මේ හෙන සීරියන් මූඩ් එකනම් සෙට් නෑ මට ටිකක්වත්..මැදට වෙලා ඉන්න මං ඔක්කොලාගෙම මූණු දිහා බලද්දි ඔක්කොම හිටියෙ ඇහිබැම රැලි කරන්..ඇගිල්ලෙන් කණ්නාඩිය උඩට කර ගත්ත මං දෙපැත්තෙ ඉන්න දෙන්නට හෙමීට වැලමිටෙන් ඇන්නා..

" උබ මොකද.."

" නෑ නෑ මුකුත් නෑ..මූණු එල්ලාගෙන බස්සො වගේ.."

මගෙ මූණ අදුරු වෙලා යද්දි සෙනාශ්ට ඒක තේරිලාද කොහෙදො මගෙ කරට උඩින් එයාගෙ අත දැම්මෙ ඔලුව පිටිපස්ස පොඩ්ඩක් අත ගාන ගමන්..

" සුදු අයියා..මං යනවා.."

" හරි පැටියෝ පරිස්සමින්.."

" ම්ම්ම්..අයියා.."

" ඇයි මොකද.."

" බායි.."

" හරී.."

පොඩී කාර් එකෙන් බැහැලා යන්න යද්දි සෙනාශ්ට බායි කිව්වත් එයා නෙවෙයි පොඩීගෙ මූණ දිහා බැලුවේ..මෙච්චර වෙලා ඇස්වල පිරිලා තිබ්බ කදුලු එයාට තවත් දරා ගන්න බැරි වෙද්දි කම්මුල් දිගේ පහලට බහිනවා මං බලාගෙන..පිටි පස්ස හැරිලා අපි දිහා බලපු ලොකු අයියටත් සිතූගෙ ඇස්වලින් කදුලු වැටෙනවා බලන් ඉන්න බැරි නිසාමද කොහෙදෝ කාර් එකෙන් බැහැලා ගිහින් අපිට පේන්නම පොඩි එකාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා..

" සිතිජ..අඩන් නැතුව ඉන්නකෝ රත්තරං..අර ඉස්කෝලේ ළමයිනුත් බලන් යනවා ඔයා පොඩි ළමයෙක් නෙවෙයි නේ.."

" රිදෙනවා.."

" ඇයි කොහෙද රිදෙන්නේ.."

පොඩී රිදෙනවා කියද්දි අයියා පොඩීගෙ කම්මුල් දෙකෙන් අල්ලන් කලබලෙන් රිදෙන්නෙ කොහෙද බලද්දි පොඩී අයියාගෙ අතකින් අල්ලන් එයාගෙ පපුව උඩ තියා ගත්තා..

" පපුව රිදෙනවද.."

" ම්ම්ම්.."

" අත ගාපන් රිදෙනවානම්..අපි ඉන්න නිසා බෑ වගේනම් අපි යන්නම්.."

" සෙනාශ්..කට වහ ගන්නවා අර කොල්ලට තවත් රිද්දන් නැතුව.."

" දැන් මංද යකෝ රිද්දුවේ.."

නපුරු විදිහට සෙනාශ් මං දිහා බලද්දි මගෙ ඇස් ගැස්සිලා ගියා..එයා එහෙම බලද්දි බය හිතෙන තරම් පට්ට නපුරු පාටයි..එයාගෙ ප්‍රශ්නෙට මං ආපිට සෙනාශ්ට උත්තර දෙන්න ගියත් මතීශ් මට කලින් ඉස්සර උනා..

" ඔව් උබ තමා රිද්දුවේ.."

" මොන හුත්තක්ද තෝ දැන් කියන්නේ..තොගෙ අයියා නිසා නේ මේ ඔක්කොම.."

" ඌ මොනාද කරේ.."

" මහ රෑ තිස්සෙ පොඩි එකාගෙ කාමරේට හොරෙන් පැන පැන මොන නාඩගමක් නටනවද කියන්න කවුද දන්නේ.."

" සෙනාශ්..ඌ එහෙම නරක එකෙක් නෙවෙයි කියන්න මට වඩා උබ හොදටම දන්නවා.."

මතීශුයි සෙනාශුයි දෙන්නා දෙපැත්තෙ ඉදන් රණ්ඩු වෙනවා..අනිත් පැත්තෙන් පොඩී ලොකු අයියාව බදාගෙන හොදටම අඩනවා..

" නවත්ත ගන්නවා දෙන්නම.."

බලන් ඉදලා බැරිම තැන මං මැද ඉදන් සද්දෙන් කියද්දි දෙන්නාගෙම කට වැහිලා ගියා..

" පොඩී..ඔයා දැන් ඉස්කෝලේට යන්න..මුකුත් හිතන් නැතුව ඉස්කෝලේ වැඩ ටික හරියට කර ගන්නකො..හවස ගෙදර එද්දි මේ ඔක්කොම හරි ගිහින් තියෙයි හරිද..දැන් යන්න..අයියා එයාව යවලා එන්නකො ඔයත්.."

කාර් එකෙන් එළියෙ හිටිය පොඩීට මං කතා කරලා යන්න කියද්දි ලොකු අයියා එයාගෙ කදුලු පිහලා සෙනාශ්ට පේන්නම නලලින් එයාගෙ තොල් ගොඩාක් වෙලා තද කරන් හිටියෙ පොඩී ඇස් පියාන අයියාගෙ ශර්ට් එක අත් දෙකෙන්ම මිරිකන් ඉද්දි..

" ම්ම්..යන්න දැන් හවස ගන්න එන්නම්..පරිස්සමින්.."

" හ්ම්ම්ම්.."

පොඩී යන්න යද්දි අයියා කාර් එකට නැගලා ඩ්‍රයිවර් ශිට් එකේ වාඩි උනේ අපි දිහා බලන ගමන්..

" සෙනාශ්..උබට වෙන්න ඕනි මොකක්ද කියපන් මට පොඩි එකාගෙ හිත රිද්දන් නැතුව.."

" උබට අල්ලා ගන්න වෙන කොල්ලෙක් හිටියෙම නැද්ද අයියා..අරූ තාම පොඩී නේ.."

" උබෙ මල්ලිගෙන්ම අහපන් ඇයි මාවම කියලා.."

" මොකක්ද ඒ කතාවෙ තේරුම.."

" දැනට අවුරුද්දක් විතර ඇති සිතිජ මගෙන් ඇහුවා මට එයාව සහෝදරයෙක් වගේ විතරද දැනෙන්නෙ කියලා.."

" ඉතින් උබ මොකද කිව්වෙ.."

" මං ඔව් කිව්වා ඉතින්..ඒත් සිතූ මට ආදරෙයිලු සහෝදරයෙක්ට වඩා..ඒ දවසේ ඉදන් මේ වෙනකන් හැමදාම අහනවා අපිට ආදරේ කරන්න බැරි ඇයි කියලා.."

" සහෝදරයෙක් වගේ විතරද ඌට ආදරේ.."

" මං දන් නෑ සෙනාශ්..සමහරවිට ඊට වැඩියෙන් මං ඌට ආදරේ ඇති..ඒත් මට බය මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා..පොඩීගෙ හිත රිද්දන් නැතුව ශේප් එකේ ඉන්නෙ එයාට හෙට අනිද්ද එක්සෑම් නිසා.."

" ඉස්සරහට වෙන්න තියන දේවල්වලට ඔච්චරම බයනම් ඕක හිතින් අතෑරලා අදානවා..අරූගෙ හිත රිදුනට කමන් නෑ මේක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා තේරුන් කරලා ඈත් වෙන්න..නැත්තන් තවත් දුර දිග ගියාම ඌට දුක වැඩී.."

" ඒත්.."

" එක තීරණේක ඉන්න අයියා.."

මෙච්චර වෙලා සෙනාශ්ගෙයි අයියාගෙයි කතාව අහන් හිටිය මතීශ් කිව්වෙ හෙන සීරියස් විදිහට..

ඇත්ත..ඉස්සරහට මූණ දෙන්න තියන ඒවට බයේ යන්න පුලුවන් ගමනක් නෙවෙයි මේක..එක්කො ඕනි දේකට මූණ දෙන්න බලාගෙන පොඩීගෙ අත අල්ලා ගන්න ඕනි නැත්තන් අතෑරලා දාන්න ඕනි..ලේ සහෝදරයො නොවුන් එයාලා පොඩි කාලෙ ඉදන් එකට හැදුන නිසා ඒ දෙන්නාගෙ ආදරේට බාදා වැඩි වෙයි ඉස්සරහට..

" මට ටිකක් හිතන්න ඕනි.."

" හැබැයි ලොකු අයියා උබ මගෙ මල්ලිගෙ හිත රිද්දලා තිබ්බොත් මට අමතක වෙයි උබත් මගෙ සහෝදරයෙක් කියන එක.."

" මං ඌට ආදරෙයි යකෝ..හිත රිද්දන්න ඕනි නෑ මට ඒ පොඩි එකාගෙ.."

" එහෙනම් ඌ එක්ක යාලු වෙයන් යකෝ.."

සෙනාශ් එක පාර කිව්ව දේට අපි තුන් දෙනාම පුදුම උනා..මෙච්චර වෙලා අයියා එක්ක පොඩීට සම්බන්ධයක් තියන නිසා තරහා ගිහින් හිටිය මනුස්සයාම ඒ පාර යාලු වෙන්නලු..

" සෙනාශ්.."

" උබලා දෙන්නා අතරේ මොනා හරි වෙලා තියනවද.."

" පිස්සුද සෙනාශ් උබට..ඌ තාම පොඩීනේ.."

" එහෙනම් මොන මගුලකටද මහ රෑ බැල්කනි එකෙන් ඒකාගෙ කාමරේට පනින්නේ.."

" පොඩි එකා ලග පට්ට සැනසීමයි බං..මොන ප්‍රශ්නෙක හිටියත් එයාට තුරුල් වෙලා ඉද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ..ඊයෙත් ආවෙ මං ට්‍රීට් කරපු බබෙක් නැති උන නිසා හෙන අව්ලෙන් හිටියෙ මං ඒකයි.."

" ඒ හුරතල් ඇස් දෙක දිහා බලාන සීමාවල් පනින්න හිතෙන් නෑ බං..නලල ඉබලා ටිකක් තුරුල් කර ගත්තට එතනින් එහාට දේවල් හිතන් නෑ මං.."

" මහසෝන් යක්ෂයෝ මං උබට කියන්නෙ මෙච්චරයි..පොඩී ගැන සහෝදරයෙක්ට වඩා ආදරයක් තියනවානම් ඌට ලං වෙයන්..ඌ ඕලෙවල් කරනකන්වත් පරිස්සම් කරන්න..ගෙවල්වලින් දැන ගත්ත දවසට මොනා වෙයිද දන් නෑ අපෙ තාත්තයි පුංචිනම් මොකක් හරි..බාප්පයි අම්මයි ගැන තමා මට බය..ඒ ප්‍රශ්නවල මූණ දෙන්න බලාගෙන පොඩීට ලං වෙන්න බැයිනම් ඈත් වෙලා නිකන් ඉන්න.."

මතීශ් කිව්ව දේට උත්තර නොදුන්න අයියා කාර් එක ස්ටාර් කරලා පාරට දැම්මා..

මොනා උනත් අපි තුන් දෙනාම දන්නවා අයියා හිතලා බලලා හරිම තීරණේ ගයි කියන්න..මොකද එයා අපිට වඩා ජීවිතේ ගැන අත්දැකීම් තියන මනුස්සයෙක්..සෙනාශ්ගෙ හිතේ අකමැත්තක් නෙවෙයි බයක් තියෙන්නෙ කවදාම හරි පොඩීට ලොකු දුකක් දැනෙයි කියලා..අකමැති වෙන්න ලොකු අයියා නරක කෙනෙක් නෙවෙයි නේ..

ඉස්කෝලේ ලගට එනකන්ම හතර දෙනාගෙන් එක්කෙනෙක්වත් අපි අතරෙ තිබ්බ නිහඩතාවෙ බිදලා දාන්න කැමති උනේ නෑ..

" උබලට හවස ප්‍රැක්ටිස්ද.."

" ඕ.."

" ම්ම්ම්..බප්පාට එන්න බැරි උනොත් මං හරි එන්නම් එක්කන් යන්න..මතීශ් උබ අද ගෙදර යන් අම්මා බනිනවා අරෙහෙ.."

" අනේ.."

" අනේ පනේ නෙවෙයි යකෝ..අද ගිහින් ආයෙ හෙට යනවා.."

" හ්ම්ම්..අපි යනවා බායි.."

" ම්ම්ම්..බායි බායි.."

තුන් දෙනාම අයියට බායි කියලා ඉස්කෝලේ ඇතුලට එද්දි මතීශ්නම් ඉන්නෙ අද ගෙදර යන්න වෙන නිසා මූණ එල්ලන්..

පන්තියට යන්න කලින් බෑග් එක චෙක් කරන් යන්න ඕනි නිසා තුන් දෙනාම පෝලිමේ හිට ගත්තා..

අර හෙඩ් ප්‍රිෆෙක්ට් මිනිදු අයියත් පිටි පස්සට අත් දෙකත් බැදන් පැත්තකට වෙලා බලාන ඉන්නවා..මට කටපුරෝලා හිනා උන මිනිදු අයියා අපි හිටිය පෝලිමේ ප්‍රිෆෙක්ට්ව යවලා එයා බෑග් චෙක් කරන්න ගත්තා..

" ගුඩ් මෝර්නිං සසිරු.."

" අහ්..ගුඩ් මෝර්නිං අයියා.."

කණ්නාඩි දෙක අස්සෙන් මං මිනිදු අයියාගෙ මූණ දිහා බලද්දි එයා මගෙ මූණ දිහා බලාගෙනම බෑග් එක චෙක් කරා..

" ම්ම්ම්..යන්න.."

යන්න කිව්ව ගමන් මං ඉක්මනට බෑග් එක වහගෙන එන්න ආවත් මගක් ඇවිත් අර දෙන්නා එනකන් නතර උනා..

" මේ සෙනාශ්..හෙඩානම් එනකොට හොද නෑ.."

" ම්ම්ම්..ඒක තමා ඊයෙත් මූ දිහා අමුතු විදිහට බලන් හිටියේ.."

" අනේ මේ විකාර කියවන් නැතුව එනවද ඔය දෙන්නා.."

" විකාර නෙවෙයි යකෝ..බෑග් එක චෙක් කරේ තමුසෙගෙ මූණ දිහා බලාන..අනික අපි තුන් දෙනාගෙ විතරක් චෙක් කරලා පොර මාරු උනා.."

" ඔව්ව්.."

පන්තිය ලගට එනකන්ම දෙන්නත් එක්ක ඒ පාර මිනිදු අයියා ගැන කියවද්දි ඒ කතාව නැවතුනේ රුක්ෂාන් පොඩි මල්වට්ටියකුත් අරන් අපි ලගට දුවන් එද්දි..

" තොපි තුන් දෙනා කලින් ඉස්කෝලේ එන්න දන් නැද්ද යකෝ.."

" ඇයි ඇයි භූමිතෙල් ගෑවුන ගැරඩියා වගේ උබ.."

" මල් නෑ යකෝ..අර නිකන් හිටන් බැනලා ගියෙ දැන් මල් නෑ කියලා..ඒ මදිවට මට පංති නායකයත් වෙන්න කිව්වා.."

රුක්ෂාන් බොරුවට නහයෙන් අඩන ගමන් කියද්දි අපි තුන් දෙනාටම හිනා ගියා..මරු එකාට පංති නායකකම දීලා තියෙන්නෙ..

" ඒ මේ බෑග් තුන අර මුල්ලෙන් තියපන්.."

සෙනාශ් තුන් දෙනාගෙම බෑග් තුන අපි ඉන්න තැන තියන්න කියලා පංතියේ දොර ලගම ඉන්න එකාට දුන්නෙ මල් ටිකක් හොයන් එන්න රුක්ෂාන් එක්ක යන්න ඕනි නිසා..ඒත් ඉතින් පඩි පෙල බැහැගෙන යද්දිම..

" කොහෙද යන්නෙ හතර දෙනා.."

ආයෙත් මිනිදු අයියා අපි ඉස්සරහට එද්දි අරුන් දෙන්නා මගෙ මූණ දිහා බැලුවෙ හරියට මං වැරැද්දක් කරා වගේ..

" මල් ටිකක් හොයා ගන්න.."

" ඇයි උබලා මල් ගේන්න දන් නැද්ද.."

" අපෙ ගෙවල්වල මල් නෑ අයියෙ කොල විතරයි තියෙන්නේ.."

" උබෙ කට ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ නෙ සෙනාශ්..කෝ ඕක දෙනවා මං ඉල්ලන් එන්නම් පංතියකින්.."

රුක්ෂාන් අතින් මගෙ අතට මගදි මල් වට්ටිය මාරු උන නිසා මේ වෙලාවෙ මල් වට්ටිය තිබ්බෙ මගෙ අතේ..මිනිදු අයියා මගෙ අතින් ඒක ගත්තේ හොරාවට වගේ මගෙ අතිනුත් අල්ලන ගමන්..

" පංතියට පලයව්..දැන් බෙල් කරයි.."

මිනිදු අයියා යන්න යද්දි කණ්නාඩියත් උඩට කරන ගමන් මං අරගොල්ලො දිහා බලද්දි තුන් දෙනාම ඉන්නවා ඇහිබැම රැලි කරන් මගෙ දිහා බලාන..

මං වැරැද්දක් කරේ නෑ නෙ ඉතින්..

*****

Vote 👇❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!