Chapter 11: පොඩීගෙ හුටපටේ (Part 10)

තුන්කොන් BLWords: 39783

මතීශ් pov

නුවර ඇවිත් ගෙව්න දවස් කීපෙ මට තේරුන එක දෙයක් තමා සිතූට අපෙ අයියා එක්ක මොකක් හරි හුට පටයක් තියනවා කියන එක..පොඩි එකා අර මහසෝනා එක්ක ඉන්න හැම වෙලේම හෙන වෙනස්..

" අපෙ අයියද.."

මං අහන පරක්කුවට සිතූගෙ මූණ අදුරු වෙලා ගියා..

" ට්‍රැකද.. තොගෙ අයියාට මේ පොඩි එකා කැමති වෙයිද හැලයෝ..අනික අපි සහෝදරයෝ.."

සෙනාශ් මගෙ ඔලුවට පාරක් ගහලා කියද්දි මං අනිත් පැත්තට උගෙ ඔලුවටත් ගැහුවා..මේ හරකා දන්න මගුලක් නෑ මේ ලෝකෙ සිහියකින් ඉන්න එකෙක් නෙවෙයි නේ..මගෙ ඇන්ටනාස්වලටනම් හැම දේම හොදට අහු වෙනවා..

" තොපි දෙන්නා පලයන්කො මං පොඩී එක්ක කතා කරන්නම්.."

" බෑ..// "

සසිරු අපි දෙන්නට යන්න කියද්දි සෙනාශුයි මායි දෙන්නම එක වැර බෑ කිව්වා..

" සිතූ ඇත්ත කියනවකෝ ලොකු අයියා එක්කද උබෙ ඔය හුටපටේ.."

" නෑ.."

" බොරු නේ.."

ඇහිබැම රැලි කරලා මං පොඩීගෙන් අහද්දි ඌ යටිතොල කනපිට පෙරලුවා..

" බනින් නෑ බං අපි..ඇත්ත කියන්න.."

" ලොකු අයියා නෙවෙයි අනේ.."

" එහෙනම් කවුද ඉතින්.."

" අනේ.."

සෙනාශ්ගෙ ඈත් උන පොඩී ආයෙත් ගිහින් සසිරුට තුරුල් උනා..ඌට බය තියෙන්නෙ අපිට ඇත්ත කියන්න..

" මේ තමුසෙලා දෙන්නා යනවකො මෙතනින් පොඩි එකාව අඩවන් නැතුව.."

" දැන් අපිද යකෝ ඇඩෙව්වේ..මූ බලපන්කො මතීශ්.."

" හරි ඉතින්..සිතූ දැන්ම අපිට ඒක කියන්න ලෑස්ති නෑ නේ..එයාට කියන්න හිතුන දවසක ඒක කියයි.."

කොහොමත් දැන් සිතූ ඒ ගැන අපිට කියන පාටක් නැති නිසා මායි සෙනාශුයි සසිරුට ටිකක් පොඩී එක්ක ටිකක් ඉන්න ඇරලා කාමරෙන් එළියට ආවා..සෙනාශ්ටත් වඩා සිතූ සසිරු එක්ක ගොඩක් එකතු නිසා අපිට වඩා එයාව සසිරුට තේරුන් ගන්න පුලුවන්..

එයා කොහොමත් මිනිසුන්ව හරි ඉක්මනට තේරුන් ගන්න කෙනෙක්..

එක දෙයක් ඇර..

" සිරාවට උබ හිතන්නෙ අපෙ මල්ලිට ලොකූ එක්ක හුට පටයක් තියනවා කියලද.."

" හ්ම්ම්.."

" හේතුව.."

" ඉදකින් බං උබනම්..උන් දෙන්නා එකට ඉන්න වෙලාවට පොඩ්ඩක් ඔය ඇන්ටනාස් දෙක කරකලා බලපන්කෝ.."

ඇන්ටනාස් දෙක ගැන කියද්දි ඒ අස්සෙ සෙනාශ් ඔලුව අත ග ගා ඇන්ටනා හොයනවා..

" ඒක එහෙම වෙන්න බෑ නේ අපි සහෝදරයොනේ.."

" අයියා එක්ක අපිට ලේ බැදීමක් නෑ නෙ ඕයි.."

" ඒත්.."

" මං මහසෝනාගෙනුත් ශේප් එකේ අහලා බලන්නම්.."

" හ්ම්ම් හ්ම්ම්..යමන්කො පල්ලෙහට බඩගිනි මට.."

සිතූ ගැන හිතන ගමන්ම පහලට ගිය මායි සෙනාශුයි දෙන්නම රිංගුවෙ කුස්සිය පැත්තට..

" උප්ස් වැරදි වෙලාවෙද මංදා ආවේ සෙනාශ් අපී.."

" ආරව්.."

අපි දෙන්නා යද්දි බාප්පා පුංචිගෙ කට කනවා වෙද්දි අපිව දැකලා පුංචි බාප්පව ඉක්මනට එහාට තල්ලු කරා..

පුංචි මූණ බලාන ඉද්දිම ජම්බු ගෙඩියක් වගේ රතු උනා..

" කරගෙන යන්න ඔයාලා අපි යන්නම්.."

" ඔහොම ඉන්නවා..මොකද දෙන්නත් එක්ක මේ පැත්තේ.."

එයාලට වැඩේ දිගටම කර ගන්න දීලා අපි දෙන්නා යන්න ගියත් බාප්පා ඉන්න කිව්ව නිසා ආපහු නොයා නැවතුනා..

" කන්න මොනා හරි හොයාන ආවෙ ඉතින්.."

" සසිරු කෝ මතීශ්.."

" ආන් පොඩී එක්ක කාමරේ..අපෙ අයියා ආවා නේද පුංචි..කෝ ගියාද ඌ.."

" ගියා ගියා..ෆ්‍රිජ් එකේ අයියා ගෙනාව ඇපල් වගයක් ඇති අර දෙන්නටත් දීලා කන්න.."

පුංචි මට ඇපල් ටික ගන්න කිව්වට මට කලින් ඉස්සර උන සෙනාශ් ඇපල් මල්ල අරන් සින් ගාලා දුවන් ගියා..

" මතීශ්.."

" ඇයි.."

යන්න යද්දි ඒ පාර ආයෙ බාප්පා කතා..දැන්නම් යන්න හදිස්සි මෙයා එක්ක කතා කර කර හිටියොත් මට ඇපල් කන්න වෙන් නෑ..

" උබලා මොකද ඉස්කෝලේ ඇරිලා එළියට ගිහින් ආයෙ ආවේ.."

යසයි..සෙනාශ්ගෙ දම්සාරි බලන්න ගියා කියන්නද දැන්..

මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරු මං උඩ බිම බලද්දි බප්පා මං දිහා බැලුවෙ ඇස් හීනි කරලා..

වෙනසක් පෙන්නන්න හොද නෑ මනුස්සයාට පොඩි දෙයක් ක්ලික් උනත් ඇති අපිව සැක කරන්න..

" ආ ඒක මේ.."

" ඔව් ඒක මොකක්ද.."

" මේකනේ බාප්පා..ඉස්සල්ලම දවස නිසා සසිරුට පොඩ්ඩක් ඉස්කෝලේ ඇරුනම තියන වයිබ් එක පෙන්නන්න එක්කන් ගියා.."

" දැන් මං ඒක විශ්වාස කරන්න ඕනිද.."

" විශ්වාස කරන එක නැති එක ඔබ සතුයි..යන්නාම්.."

" මතීශ් ඔහොම හිටපන්.."

බාප්පා ඉන්න කියලා කෑ ගහද්දි මං ඉක්මනට දුවන් ආවා..එයා එක්ක බොරු කියන්න බෑ උසාවියේ වගේ ප්‍රශ්න අහන්නේ..තව ටිකක් වෙලා හිටියොත් කරකලා කරකලා ප්‍රශ්න අහලා එයා ඇත්ත දැන ගන්නෙ අපිටත් නොදැනීම..

පොඩීගෙ කාමරේට යද්දි තුන් දෙනා එක්ක ඇපල් කනවා..මෙච්චර වෙලා හොටු පෙරාන නහයෙන් අඩපු එකා දැන් හිනා වෙනවා..

" කෝ මට.."

" උබට නෑ.."

" අනේ..සසිරූ......"

" ආ..ආ..කෑ ගහන්නෙ ඇයි බොරුවට.."

සසිරු මට ඇපල් ගෙඩියක් දික් කද්දි ඒක අරන් මං උගෙ ඇගට පැනලා කම්මුලට උම්මියක් දුන්නා..

කාට මාව අමතක උනත් සසිරුටනම් මාව අමතක වෙන් නෑ..ඒකනේ මං එයාට මෙච්චර ආදරේ..

" ඉවරද උබ අඩලා.."

" ම්හුක්.."

" ආ බාප්පා ඇහුවා ඉස්කෝලේ ඇරිලා එළියට ගිහින් ආවෙ ඇයි කියලා.."

මං කියද්දි සෙනාශ්ගෙ ඇස් උඩ ගියා..

" උබ මොකද කිව්වේ.."

" මං කිව්වා ඉතින් තොගෙ දම්සාරි බලන්න ගියෙ ගියා.."

" හුකනවානේ.."

" සෙනාශ්.."

" අහම්..සොරි සොරි..සිරාවටම උබ එහෙම කිව්වද.."

" ඔව් ඉතින්.."

" යසයි..බත් කාඩ් එක ලෙෆ්ට් මගෙ එහෙනම්..තව ඇපල් ගෙඩියක් දීපන් සසිරූ ඕක කාලාවත් බඩ කට පුරව ගන්න..දම්සාරී නිසානෙ මේ ඔක්කොම.."

" බොරුවට නහයෙන් අඩන් නැතුව ඉන්නවා මං කිව්ව රෙද්දක් නෑ.."

" උබ හොද එකා මචං..ඒ උනාට මට උබව පේන්න බෑ.."

" මටත් බෑ.."

" කවුද දම්සාරි.."

බාප්පට බොරු කියලා ඇවිත් ගානක් නැතුව මෙතන ඇත්ත කතා කරාට තුන් දෙනාටම අමතක වෙලා ගියා ලංකාදීප පත්තරේ ලග කියලා..පොඩී දම්සාරි කවුද අහද්දි අපිට උනේ ඔලුවෙ අත ගහ ගන්න..

" කියනවාකෝ.."

" උබෙ මිනිහා මොකාද කිව්වොත් කියනවා.."

" මට කියන්න බයයි අයියා.."

" හේතුව.."

" ටික දවස් දෙන්නකෝ හෙමීට කියන්නම් මං.."

" ආයේ ටික දවස් මොකටද දැන් කියපන් උබට බනින් නෑ කිව්වා නෙ ඉතින්.."

" සෙනාශ්..පොඩ්ඩක් ඉවසන් හිටපටන්කෝ..සිතූ ඒක එයාට කියන්න හිතුන දවසට කියයි.."

" ඇත්ත ඇත්ත.."

" තෝ කට වහන් හිටපන්කො මතීශ්.."

පොඩීගෙ හුට පටේ දැන් අපිට ලොකු ප්‍රශ්නයක්..වැඩියෙන්ම සෙනාශ්ට..කොච්චර කරත් උගෙ මල්ලිනේ ඉතින්..

ඇපල් ගෙඩියත් කටේ ගහන් කොට්ටෙකුත් බදාන මං ඇදේ පෙරලෙද්දි සෙනාශ්ගෙ මූණ හෙන සීරියස් වෙනවා මං බලාගෙන..

" පොඩී උබෙ ඔය ආදරවන්තයා මොකා උනත් මට කමන් නෑ..මීට පස්සෙ උබෙ ඇස්වලින් ඌ නිසා කදුලු ආවොත් අම්මපා මැරෙනකන් හරි ගහනවා ඒකට මං.."

මහසෝන් යක්ෂයා පොලවට පස් වෙන්නයි යන්නේ එහෙනම්..

සෙනාශ් කොච්චර ආතල් එකේ හිටියත් වෙලාවකට හෙන සීරියස් චරිතයක්..ඌ ආදරේ හංගන් ඉන්නේ..පොඩි එකා ගැනනම් මටත් හෙන අවුල් ඌ අපෙ අයියටනම් ආදරේ කරන්නෙ අද විතරක් නෙවෙයි ඉස්සරහටත් ඒ ඇස්වලින් කදුලු වැටෙයි..මොකද මං දන්න මහසෝනානම් ආදරේ කරන්න දන්න එකෙක් නෙවෙයි..අනික සිතූ එයාට වඩා ගොඩක් පොඩී නිසා ඌ එක්ක ගනුදෙනු කරන්න වෙන්නෙත් හරි පරිස්සමින්..

මේකටත් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මගුල් විසේ ගහලා නේ..ඒකත් අපෙ අයියට උන එකනෙ ලොකුම ප්‍රශ්නේ..

" තේරුනාද උබට..අහ්.."

" හ්ම්ම්.."

" මීට පස්සෙ ඌ නිසා අඩලා තිබ්බොත් බලා ගමූ..ඔය විකාර ඔක්කොම හිතින් අතෑරලා පාඩම් කරපන් තව මාස කීයද එක්සෑම් එකට.."

" ම්හුක් හරි ඉතින්.."

" තේරෙන් නැති දෙයක් තියනවානම් සසිරුගෙන් අහා ගනින්.."

" හා.."

" හ්ම්ම්..මට අර පැන්ඩා දීපන්.."

මාත් හෙන සීරියස් විදිහට සෙනාශ්ගෙ දේශනාව අහන් හිටියා අන්තිමට ඒකත් ඉවර උනේ ටෙඩියෙක්ගෙන් කියන්නෙ ඕක රණ්ඩුවක ආරම්භයක්..

සෙනාශ් පොඩීගෙ ඇදෙන් බිම හිටිය තඩි පැන්ඩාව පෙන්නද්දි පොඩී ඉක්මනට ඌව අරන් තුරුල් කර ගත්තා..

" එයා මගේ.."

" උබට කොහෙන්ද ඕක ලගදි තාත්තා ටෙඩීලා ගෙනාවෙ නෑ නේ.."

" කොහෙන් හරි උබට වැඩක් නෑ නේ..ඒයි..කුමාරයාට අත තියන් නෑ.."

" මෙහෙ දීපන්.."

" එහාට පල අයියා..අනේ එයා මගෙ කුමාරයා.."

හරි ඒ රණ්ඩුව එසේ අරාම්භ වෙද්දි මං සසිරු එක්ක ඇදේ අයිනට ගියා..මුන් දෙන්නා කොහොමත් දවසට එක පාරක් හරි ටෙඩියොන්ට රණ්ඩු කරනවාමයි..

" ඕකා දීපන් මට...."

" දෙන් නෑ යකෝ.."

පොඩී පැන්ඩාගෙ ඔලුවෙන් අදිද්දි සෙනාශ් උගෙ කකුලෙන් අදිනවා තව ටිකක් වෙලා ඔහොම දෙපැත්තට ඇද්දොත්නම් කුමාරයාගෙ කෑලි තමා ඉතුරු වෙන්නේ..

" මේ ඇපල් ගෙඩිය පට්ට රහයි නේ සසිරූ.."

" එයාව අතාරින්න අයියා..මගෙ කුමාරයා මැරෙයී.."

" ම්ම්..රසයි තමා..මගෙ එකෙන් කෑල්ලක් ඕනිද.."

" මං අද තියන් ඉදලා හෙට දෙන්නම්.."

" කවන්න ප්‍රියේ කෑල්ලක්.."

" තොට මොකටද මගෙ කුමාරයාව.."

" ආව්ව්ව්.."

මං හිතන්නේ එකෙක් ගිහින් ඇනුනා මේසෙද කොහෙද ඩෝං ගාලා..කමන් නෑ උන්ගෙ වලි අස්සට රිංගන්න ගියොත් අපිටත් වෙන්නෙ ගුටි කන්න ඒ නිසා මායි සසිරුයි පැත්තකට වෙලා ඇපල් ගෙඩියේ හැඩ බල බල කෑවා..

මහා සටනක අවසන් ප්‍රතිඵල වශයෙන් පොඩීගෙ කුමාරයාගෙ ඇගෙන් කකුලක් වෙන් වෙලා ගියා වගේම ඌ කකුල බදාන ආයෙත් අඩන්න ගත්තා..

" කො දැන් අර සිතූට අඩන්න එපා කියලා ලොරි ටෝක් දුන්න එකා.."

" ම්හුක්..මං කිව්වෙ උගෙ මිනිහා නිසා අඩන්න එපා කියලා නේ..මට ඌව අඩවන්න පුලුවන් ඕනි වෙලාවක.."

" ඇත්තද සුදු මහත්තයා..මහලා දීපන් දැන් අරූගෙ කුමාරයාගෙ කකුල.."

" ඒයී..මූට සුදු මහත්තයා කිව්වෙ ඇයි මං නෙ සුදු මහත්තයා..අප්පච්චිට කියනවා මං.."

" ආ..සොරි සොරි..එන්න මගෙ සුදු මහත්තයෝ අම්මා කතා කරා කන්න එන්න කියලා.."

බොරුව මේකාගෙ අරූට සුදු මහත්තයා කියලා දැන් එනවා චාටුව දාන් මාව ඉබින්න..

" පොඩී වරෙන්.."

" අනේ..මගෙ කුමාරයා.."

ඒ අනිත් එකා පැන්ඩාගෙ කකුල පපුවට තුරුල් කරන් තවත් අඩනවා..මුන්ගෙ ගෙදර තරම් ගෑණු ඉන්න ගෙවල්වලවත් ටෙඩියෝ නැතුව ඇති..

" මං මහලා දෙන්නම් ඕක දැන් එනවාකෝ කාලා එමූ.."

සසිරු පොඩීගෙ අතින් අල්ලන් එයාව නැගිට්ටවද්දි ඌත් හොටුයි කදුලුයි පිහදන් නැගිට්ටා..

මූ හොදයි හැබැයි අපෙ අයියට දරුකමට හදා ගන්න..

පහලට එද්දි බාප්පා ඉන්නවා පුංචි එක්ක මුකුලු කර කර..අපි ඔක්කොම උඩ ඉද්දි පහල හොද හොද ඒවා වෙන පාටයි..

ඒ දෙන්නා තාමත් හෙන ආදරෙන් ඉන්නවා දකිද්දි ආස හිතෙනවා..එයාලා වයසට ගියාට ආදරේ වයසට ගිය පාටක් නෑ..

මිනිස්සු කොච්චර ආදරේ කරත් මැරෙනකන්ම එක හා සමානව ආදරේ කරන්නෙ ටික දෙනෙක් වෙද්දි බාප්පයි පුංචි උඩින්ම ඒ අතරට එකතු උනා..

" මොකද මේ පොඩි එකා මූණ එල්ලන්..ආරව් උබ මොනාද කරේ.."

" තාත්තා මට අයියට හොරෙන් අරන් දුන්න පැන්ඩාගෙ කකුල කැඩුවා.."

" මට හොරෙන්ද මූට ටෙඩීලා අරන් දුන්නේ..මං හිතුවේ තාත්තා අපි දෙන්නටම එක වගේ ආදරේ ඇති කියලා..බලන් යද්දි මූට නෙ වැඩියෙන් ආදරේ.."

ඔන්න ආයෙත් පටන් ගත්තා..මායි සසිරුයි පාඩුවේ මේසෙන් ඉදන් පිගානට බත් බෙදාන කන්න ගත්තා..

" සෝයා රසයි නේද මතීශ්.."

" මූට අරන් දෙනවානම් මටත් අරන් දෙන්න ඇයි වෙනස්කම් කරන්නේ.."

" ම්ම්..රසයි තමා.."

" උබෙ PC එකට කෑලි බෑලි කැටියක් අරන් දුන්න නිසා ඒකට හරියන්න පොඩීට ටෙඩියෙක් අරන් දුන්නේ.."

" උබට බත් කටක් කවන්නද මං.."

" ඒ උනාට මට ටෙඩියෙක් ඕනි.."

" ආ.."

බත් කට කන්න මං කට අරිද්දි සසිරු තඩි බත් කටක් මගෙ කටේ එබුවා..ඌයි මායි පුංචියි පාඩුවේ කෑම කද්දි බාප්පයි පොඩී අර හෝතම්බුවයි ගෙදර දෙක වෙන්න කෑ ගහනවා..

" කියනවා හරිද උබෙ දම්සාරි ගැන.."

" කියපන් බලන්න..උබෙ එකත් කියනවා මං.."

ඔන්න ඕක තමා කාට මොනා කිව්වත් ගෙදර ඉන්න එකාට ඔය වගේ දේවල් කියන්න එපා කියන්නේ..කොච්චර හොදට හිටියත් පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් පාවා දෙනවානේ..

ඒ වලියත් කෙලවර උනේ පොඩී ආයෙත් පාරක් හොටු පෙරාන අඩලා වෙද්දි තත්වය සාමකාමී කරන්න බාප්පට දෙන්නටම ටෙඩියො දෙන්නෙක් ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙන්න උනා..

" ම්හුක් සසිරු අයියා බදා ගන්න ඕනී.."

" හුස්ම හිර කරන් නැතුව බදා ගනින් මගෙ අම්මා මං චප්ප වෙලා ඉන්නේ.."

පොඩි එකාගෙ හිතට හරි නැති නිසා එයාට තනියම නිදා ගන්න බෑ කිව්වා ඒ නිසාත් ඉතින් අපි තුන් දෙනත් ඌත් එක්ක නිදා ගන්න තීරණේ කරා..සෙනාශ්ගෙ ඇදේ හතරකට පහකට ඉඩ තිබ්බට මුගෙ ඇද එච්චර ලොකු නෑ..

පොඩී මුල්ලේ ඊට පස්සෙ සසිරු මං සෙනාශ්..මටයි පොඩීටයි සසිරු චප්ප වෙලා ඉන්නෙ අරූටත් සසිරුව නැතුවම බැරි නිසා ඌත් කොහෙන් කොහෙන් හරි අත දාලා සසිරුගෙ අතක් හරි අල්ල ගන්නවා..

" පුක මිරිකන්න එපා සෙනාශ් ඇට දෙක බැඹරෙන්න දෙන්නෙ තොට.."

" අතට හොදට අහු වෙනවා යකෝ.."

" ආව්..හුත්.."

" කට වහන නිදියපියව්කො.."

මූට පොඩි අසහනයක් තියනවා කොහොමත් එක එකාගෙ පුකවල් මිරිකන්න..ඌ මගෙ පුක මිරිකන එකට කෑ ගැහුව නිසා සසිරුගෙන් ටොක්කකුත් කන්න උනා..

" අනේ මගෙ කුමාරයා.."

" කුමාරයා මහලා දෙන්නම් පොඩී නිදා ගන්නවා දැන් හෙට ඉස්කෝලේ යන්නත් ඕනි.."

" ම්ම්ම්.."

තත්වය සාමකාමී උනා..හෙමීට හෙමීට එක එකාගෙ ඇස් පියවීගෙන එද්දි මටත් නින්ද ගියා..

.

.

.

.

.

දඩස්...

එක පාරටම මං ගැස්සිලා ඇහැරුනේ සද්දයක් ආව නිසා..වෙලාව පාන්දර එකයි විස්සයි..ලාවට වගේ එක ඇහැක් ඇරලා වට පිට බැලුවට සැක සහිත දෙයක්නම් පේන්න තිබුන් නෑ..ඕනෙ මගුලක් කියලා හිතාන සසිරුව බදාන ආයෙත් ඇස් පියා ගද්දිම..

දඩස්...

ආයෙත් ඒ සද්දෙම..

" ඒයි..සසිරූ.."

" ම්ම්ම්.."

" ඒ නැගිටපන්කෝ..හොම්මනක්ද කොහෙද.."

" ම්ම්ම්.."

" ම්ම් නෙවෙයි හුත්තෝ නැගිටපන්..සද්දයක් එනවා එළියෙන්.."

සරස් සරස්..

" අනේ හුත්තෝ නැගිටපාන්.."

දෙපැත්තෙ හිටිය දෙන්නටම දුන්නා පයින් පාරක්..නැත්තන් මාව හොල්මනක් උස්සන් ගියත් දන්නෙ නෑ මුන්..

" මොන මගුලක්ද මතීශ්.."

" හොල්මනක්.."

" කොහෙද.."

සරස් සරස්..

" ඔය.."

" ම්හුක් සසිරූ.."

ඉදකින් සෙනාශ්ගෙ කට විතරයි නිදි මතේ හිටිය එකාට සීන් එක මීටර් උන ගමන් ඌත් කරේ සසිරුගෙ උරහිස්වලින් අල්ලන් පිටි පස්සෙ හැංගුන එක..

" ඒ පොඩී නැගිටපන්කෝ.."

" ම්ම්ම්.."

" හොල්මනක් ඇවිත්.."

" කොහෙද.."

" බැල්කනි එකේ.."

අනිත් එකත් ඇහැරිලා වෙද්දි ඇද මුල්ලට ගුලි උන තුන් දෙනාම සසිරුව ඉස්සර කරන් බලන් හිටියෙ බැල්කනි එකේ ඩෝ වින්ඩෝ එක දිහා..

" එ_ඒ ම්__මොකක්ද්ද.."

සුදු පාට කර්ට්න් වලට එහා පැත්තෙන් හිටි හැටියෙ මතු උන චායාවක් එහාට මෙහාට යද්දි මං සසිරුගෙ අත තද කරලා අල්ලා ගත්තා..

" හො__හොම්මනක් නේද.."

ටක් ටක්..

" සෙනාශ්..මොනා හරි කරපන්.."

තුන් දෙනාට විතරක් ඇහෙන ගානට මං රහසින් කියලා ඌ දිහා බලද්දි ඌට ඉහේ ඉදන් දාඩිය දාලා තිබුනා..

හුළගට එහෙට මෙහෙට යන කර්ට්න් එක එහා පැත්තෙන් තියන චායාව කලින්ටත් වඩා කලබලෙන් වින්ඩෝ එකට ගහන ගමන් එහෙ මෙහෙ යද්දි ඒ අස්සෙ සත්තයි මට චූ බරකුත් ඩව්න්ලෝඩ් උනා..

" සසිරු අයියා.."

" හොල්මනක්නම් නෙවෙයි හොරෙක්ද දන් නෑ තාත්තට කියමුද අපි.."

" මටනම් යන්න බෑ.."

" මටත් බෑ.."

" එහෙනම් මං ගිහින් කියලා එන්නම් ඔහොම ඉන්නවාකෝ.."

" එපා../// "

තුන් දෙනාම යන්න ගිය සසිරුව නවත්ත ගද්දි අර චායව ආයෙත් පාරක් වින්ඩෝ එකට ගැහුවා..

" දැන්ම මැරෙන්න බෑ යකෝ..දම්සාරිව සෙට් කර ගත්තෙත් නෑ.."

" තෝ පරයා සාරියෙක් ගැන කියනවා මට චූ වෙන්න වගේ.."

ඒත් එක්ක ඩෝ වින්ඩෝ එකේ අගුල කැරකෙනවා දකිද්දි වෙන දේකට මූණ දෙන්න හිතාන අපි ඔක්කොම තදින් ඇස් පියා ගත්තා..

එකයි

දෙකයි

තුනයි

" ආර්හ්හ්හා........"

" බේරගනියෝ..."

" හොම්මනාක්.."

එළියෙ හිටියෙ මොකා උනත් ඌ ඇතුලට එද්දිම අපි මහා හයියෙන් බෙරිහන් දුන්නා..

" හුටා..ඒ ඒ..ශ්.. කෑ ගහන්න එපා යකුනේ.."

" හොම්මනාක්..ආහ්හා..බේර ගනියෝ.."

මෙතන වැඩියෙන්ම අයියෙන් කෑ ගැහුව එකා මං වෙද්දි හොල්මන ඇවිත් මගෙ කට වැහුවා..

" ලොකු අයියා.."

" තොපි මොකද මේක අස්සෙ කරන්නේ.."

කන ලගම මහසෝන් යක්ෂයාගෙ කඩහඩ ඇහෙද්දි මං ඇස් ඇරලා බැලුවෙ කලබලෙන්..ඌ තමා මගෙ කට වහන් ඉන්නේ..

මේකා මොකද මේ වෙලාවෙ මෙහෙ..

" මං හිතුවෙ මගෙ අවසාන දිනේ අද කියලා.."

" පොඩී..මොකක්ද සද්දේ..මේ දොර අරින්න.."

" සසිරූ.."

ආ..යසයි..බාප්පා දොරට තඩි ගහන ගමන් කතා කරද්දි අපි ඉක්මනට බැලුවෙ මහා රෑ හොල්මන් කරන්න ආව එකා දිහා..

ශනික ක්‍රියාත්මක උන පොඩී මහසෝනව ඇදේ පෙරලගෙන උගෙ ඇග උඩ නැගලා බ්ලැන්කට් එකෙන් පේන් නැති වෙන්න අයියාව වහද්දි කෝකටත් කියලා මායි සෙනාශුයිත් උගෙ ඇග උඩ නගින අතරෙ සසිරු ගිහින් කාමරේ දොර ඇරියා..

" තාත්තා.."

" මොකද සසිරු උනේ ඇයි කෑ ගැහුවේ.."

" මේ..පොඩී හීනෙන් බය වෙලා කෑ ගැහුවා ඒකට බය උන අපිටත් කෑ ගැහුනා.."

" මං හිතුවෙ හොරෙක්වත් පැනලද කියලා.."

බාප්පා ඇවිලා හිටියෙ නිකන්නම් නෙවෙයි තඩි පිහියකුත් උස්සන්..

ඒක දැක්ක මට කෙලත් ගිලුනෙ එක එක සිද්දින් ඔලුවෙ මැවෙන්න ගත්ත නිසා..

" නෑ නෑ අව්ලක් නෑ..තාත්තා ගිහින් නිදා ගන්න.."

" හ්ම්ම් හ්ම්ම්..මං යනවා එහෙනම්.."

" හා යන්න යන්න.."

තාත්තා කාමරෙන් එළියට යද්දිම සසිරු දොර වහලා දොරට හේත්තු උනේ මෙච්චර වෙලා හිර වෙලා තිබ්බ හුස්ම පාත දාන ගමන්..

" ඒ..ඇග උඩින් අයින් වෙයන්කෝ හුස්ම ගන්න බෑ.."

" ආ..."

තුන් දෙනාම අයියගෙ ඇග උඩින් අයින් වෙද්දි මෙච්චර වෙලා බ්ලැන්කට් එක අස්සෙ රිංගන් හිටිය එකා එළියට ආවෙ අපෙ හිත් ප්‍රශ්නාර්ථයකින් පුරවන ගමන්..

" උබ මොකද මහ රෑ පොඩීගෙ කාමරේට රිංගන්නේ.."

" නිකන් ආවේ..මට නිදි මතයි මං නිදි.."

" ආ ආ මේ උත්තර දීලා හිටපන්.."

මහසෝනා බ්ලැන්කට් එක පොරවන් නිදා ගන්න ගියත් අපි ඌට ප්‍රශ්නෙ මගෑරලා නිදා ගන්න ඉඩ දුන් නෑ..

" කියපන් පොඩී මොකක්ද මෙතන වෙන්නේ.."

සෙනාශ් පොඩීගෙන් ඇහුවෙ ටිකක් සැරෙන්..

" අනේ.."

" අනේ හුනේ නෙවෙයි..ඇත්ත කියපන්.."

" සෙනාශ්..මං උබලට හෙට කියන්නම් දැන් නිදා ගනින්කෝ.."

" මං පොඩීගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ අයියා.."

සෙනාශ්ගෙ මූණ ආයෙත් හෙන සීරියස් වෙලා..දැන්නම් මට හොදටම ශුවර් සිතූගෙ හුට පටේ මොකක්ද කියන්න..

" මහ රෑ බැල්කනි එකෙන් හොරාවට උබෙ කාමරේට රිංගන්න තරම් අයියත් එක්ක උබට තියන සම්බන්ධෙ මොකක්ද ආ.."

" හොරයක් නැත්තන් ඕනි වෙලාවක අයියාට ඉස්සරහා දොරෙන්ම මෙහෙ එන්න පුලුවන් නේ.."

" සෙනාශ්..බනින් නැතුව අහපන් අහන දෙයක්.."

" උබ හිටපන්කො සසිරූ..මූව හුරතල් කරනවා වැඩි නිසා තමා මේ නාඩගම් නටන්නේ.."

සෙනාශ් සසිරුටත් සැර වෙද්දි මං එයාගෙ අතින් ඇදලා ලගට ගත්තා..ඒකත් ඉතින් අනිත් හුරතලේ නේ එක වචනයක් ඇති ඌටත් හිත රිද්ද ගන්න..

" පොඩි එකාට කෑ ගහන්න එපා සෙනාශ්.."

" සිරාවට ඇයි අයියා උබ එහෙම..මේ පොඩි එකාවම ඕනි උනේ ඇයි.."

" අයියා.."

ආයෙත් අඩනවා..පොඩි එකා අපෙ අයියගෙ ශර්ට් එකෙන් අල්ලන් ඉකි ගගහා අඩන්න ගත්තා..

" තොපි දෙන්නා ඕනි හුත්තක් කර ගනින්.."

" සෙනාශ් ඔහොම හිටපන්.."

දෙන්නාගෙන් එකෙක්වත් සෙනාශ්ට දැන ගන්න ඕනි දේට උත්තර දෙන්නෙ නැති වෙද්දි ඌ ඇදෙන් නැගිටලා එළියට ගියා..

"  මං උබ ගැන පස්සෙ බලා ගන්නම් අයියා..නලවපන්කො දැන් පොඩි එකාව.."

කොච්චර කරත් මටත් අයියත් එක්ක තරහක් ආවේ..ඒක නිසාමයි මාත් සසිරු එක්ක සෙනාශ්ගෙ කාමරේට ගියේ..

සෙනාශ් ඉන්නවා ඇද මැදම නිදාන සිවිලිම දිහා ඔහේ බලාන..

උන් දෙන්නා අතර මොකක් හරි සම්බන්ධයක් තිබ්බත් මහ රෑ හොරෙන් පොඩීගෙ කාමරේට එන එක හරිද..ඌ තාම පොඩි කොල්ලෙක් නිසා නොතේරුම් කමට ඌ මොනා කරත් මහ මිනිහෙක් වෙච්ච අපෙ අයියා දැන ගන්න ඕනි කරන්න ඕනි මොනාද නැත්තෙ මොනාද කියලා..

" ඒයී.."

" ම්ම්ම්.."

" ඕවා හිතන්න එපා දැන්..අපි හෙට කතා කරමු එයාලා එක්ක..නිදා ගනින් දැන්..මතීශ් මෙහෙ එනවා.."

සසිරු එක්ක මාත් සෙනාශ් ලගින් හාන්සි උනේ තුන් දෙනාවම වැහෙන්න බ්ලැන්කට් එක පොරව ගන්න ගමන්..

" උබලා අයියා අපෙ මල්ලිට ආදරේ කරයිද මතීශ්.."

" මං දන් නෑ බං..ඌ ආදරේ කරන්න දන්න එකෙක් නෙවෙයි නේ..කොච්චර ආදරේ කරත් ඒකා ඒක පෙන්නන්න දන්නෙත් නෑ..අපිට උනත් ආදරේ නැතුව නෙවෙයි නේ ඌ.."

" සිතූව අඩවන් නැතුව ආදරෙන් බලා ගන්නවානම් ඕනි මගුලක්.."

" අනේ මේ උබලා දෙන්නාගෙ ඔය සීරියස් කතාව නවත්තනවද..මොකක්ද වගේ තොපි දෙන්නා ඔහොම සීරියස් වෙද්දි.."

" මූ බලපන්කො සෙනාශ්.."

" හී හී අපි දෝ ගමු නේද ඒයිලා..ඉස්කෝලේ යන්නත් එපැයි.."

ඉදලා හිටලා පොඩ්ඩක් සීරියස් වෙද්දිත් පොඩි ආතල් එක්කුත් තියනවා හැබැයි..

ආදරේ කියන වචනෙ ලග කොහොමත් ගොඩක් අය හෙන සීරියස් නේ..සමහරවිට මං ඒ හැමෝටම වඩා ඒ තැන්වලදී සීරියස් වෙන්න ඉඩ තියනවා..මොකද මට අනුව ආදරේ කියන්නේ තමන්ගෙ මුළු ආත්මෙම එක්ක කරන ගනුදෙනුවක්..

සසිරුගෙ ඇගට අපි කකුල් අත පය  ඔක්කොම දාන් ඇස් පියා ගත්තා..හෙට විසද ගන්න ලොකු නඩුවකුත් තියනවා නේ..

*****

Vote 👇