Chapter 10: දම්සාරි ( part 9 )

තුන්කොන් BLWords: 33395

සෙනාශ් pov

ඉස්කෝලේ ඇරිලා ගාථත් කියලා පංතියේ ඔක්කොම උන් යන්න ගියත් අර ඔරන්මොටන්ලා දෙන්නා තාම නෑ..උන් ඩාන්සින්වලට ගිහින් එනකන් මං එයාලගෙ බෑග් දෙකක් හදලා පුටුවෙ ඉදගෙන කකුල් දෙකක් මේසෙ උඩ තියාන පොඩි ඇලට් එකක් දැම්මා..රුක්ෂාන් කාරයානම් පම්ප් එකක් දාලා එන්නම් කියලා ගියා..

" එයා එනවා මන්දාරම් කතාවේ සද කින්නරාවී.."

සසිරු මතීශ් එක්ක පංතියට එද්දි මං ඌට අත දික් කරලා පොඩි සිංදු කෑල්ලක් කිව්වා..

" අනාව්..අපෙ බෑග් දෙකත් හදලා නේ සුදු මහත්තයා.."

" අඩෝ උබ මගෙ එකත් හැදුවද.."

" ඔව්..ඒ උනාට මට උබව පේන්න බෑ.."

" මටත් උබව පේන්න බෑ..ඒත් තෑන්ක්ස්.."

මතීශයා මට රවලා බෑග් එක අතට ගද්දි සසිරුනම් පැණි බේරෙන හිනාවක් දැම්මා..

" රුක්ෂාන් කෝ.."

" ටොයිලට් ගියා.."

සසිරුට උත්තර දෙන ගමන් මං උගෙ කරට අත දාල රුක්ෂාන්ගෙ බෑග් එකත් අරන් පංතියෙන් එළියට ආවා..

" අපි යන්නෙ කොහොමද සෙනාශ්..තාත්තා එනකන් ඉන්නවද.."

" ඔව් එයා එනකන් ඉමු..ඒත් ඉස්කෝලේන් එළියට යන් දැන්.."

" ඒ මොකටද.."

" දම්සාරි බලන්න.."

සසිරුගෙ ප්‍රශ්නෙට මං උත්තර දෙන්න ගියත් මට කලින් අපි ලගට ආව රුක්ෂාන් උත්තර දෙද්දි මං උගෙ ඇගට බෑග් එක විසික් කරා..

දැන් දීපන්කො මුන්ගෙ ප්‍රශ්නවලට උත්තර..

" කවුද දම්සාරි.."

" මුගෙ වන් ඇන්ඩ් ඔන්ලි ක්‍රශ් එක.."

ක්‍රශ් එක කියන්නෙ දෙයියනේ..අවුරුදු තුනක ඉදන් තාම ක්‍රශ් විතරයි..දුකට කරුන ඇවිල්ලා මේ වෙනකන් ඒකි එක්ක එක වචනයක්වත් කතා කරලා නැති එක..ඉදලා හිටලා මැසේජ් එකක් දෙකක්නම් දානවා..ඒත් ඒකි දන් නෑ මං එයාට කැමතී කියලා..

"  ඉදපන් බාප්පට කියන්නම් මං.."

" අනේ මේ මතීශ් හුකන වැඩනම් කරන්න එපා ඈ.."

" සෙනාශ්..."

" ආ සොරි සොරී.."

බෑ නේ කරන්න ඉතින් කටින් කුනුහරපයක් පිට වෙන ගානේ සසිරු මගෙ නම මතුරනවා..

" මං කියනවා.."

" ඒයී ඔහොම හිටපන් හැලපයා.."

මතීශ් පඩිපෙල දිගේ පහලට දුවන් යද්දි මාත් ඌ පස්සෙන්ම ගිහින් ඌව අල්ලා ගත්තා..මේ ආරව් සෙනාශ්ගෙන් බේරිලා දුවන්න පුලුවන්ද ඌට..ඒක ඉතින් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි බැරි වැඩක්..

" ආව්ව් යකෝ පුක මිරිකන්න එපා කියන් නෑ මං බොරුවට කිව්වේ.."

" ආන් ඒ බය තියා ගනින්.."

" අනේ තොටනම් බය නෑ මං වැඩිය දගලන් ආවොත් කියනවා ඈ.."

" හේ හේ..උබ මගෙ සහෝ නේ ඉතින්..වරෙන් මයෙ අම්මා යන්න..අයිස් පැකට් එකක් අරන් දෙන්නම් මං.."

මං මතීශෙ කර්ට අත දාන් ඉස්සරහින් යද්දි අර දෙන්නත් පිටි පස්සෙන් ආවා මොනාදෝ කියව කියව..අවස්ථාව අනුව සතුරා එක්කත් මිතුරු වෙන්න වෙනවා කියන්නේ මේවට තමා..

" සෙනාශ් අත ගනීන්.."

" කොහොමද බං මේවා මෙච්චර ලොකු කර ගත්තේ.."

මතීශයාගෙ පස්ස පොඩ්ඩක් මිරිකද්දි ඒ ටිකට මේකගෙ මූණ රතු උනා..

මොනා නැතත් කොල්ලා ඒකනම් හදාන තියනවා ගානට..

" අනේ හුත්ත අත ගනින්කො.."

" සසිරු මෙන්න.."

" ඇයි මොකද.."

පිටිපස්සෙන් ආව සසිරුවට මං කේලම කියන්න යද්දි පුක තඩි මතීශ් මගෙ කට වැහුවා..

" නෑ නෑ මුකුත් නෑ.."

" ඇයි ඇයි මොකද.."

" මුකුත් නෑ අනේ.."

කණ්නාඩියත් ඇගිල්ලෙන් හදන ගමන් සසිරු මතීශ්ට එහා පැත්තට එද්දි රුක්ෂාන් මගෙ එහා පැත්තට ආවා..

" ඕහ්..සොරි මල්ලි.."

" හරි අයියා කමන් නෑ.."

හත්තික්කේ හෙඩා අයියා..

ගානක් නැතුව දගල දගල ආව සසිරුගේ ඇගේ හැප්පුන හෙඩා එයාට සොරි කියලා සසිරු දිහා යට ඉදන් උඩට බලලා මටත් ඇහැක් ගහන් කලබලෙන් පඩිපෙල දිගේ උඩට දුවන් ගියා..

" ඒ හෙඩා අපෙ.."

" සිරාවට..ඒක තමා නපුරු පාට.."

" ඔව් කොල්ලො ප්‍රින්සිපල්ටත් වඩා ඌට බය..හැබැයි හැම අතින්ම පට්ට ටැලැන්ටඩ්.."

හෙඩා අයියා ප්‍රධාන මාතෘකාව කරන් හතර දෙනා එක්ක ඉස්කෝලේන් එළියට ආවෙ මගෙ දම්සාරි බලන්න..පාර දිග....ට බාලිකාවෙ බාලිකාවියන් කිචි බිචි ග ගා එහෙට යනවා මෙහෙට යනවා..දම්සාරිගෙ අවදානේ තාම හරියට මට ලැබුන් නැති උනාට වෙන කෙල්ලොන්ගෙන්නම් ඔනෑවට වඩා අවදානේ..හැබැයි ඒ ඔක්කොම නවයෙ දහයෙ සුදාම්මිලා..ඒවා හරියන කෝස් නෙවෙයි..

" මේ ගෑණු අස්සෙ රිංගන්න යන්න බෑ ඕයි..අර බලපන්කෝ ගෑණු ගොඩ.."

" උබ හිටපන් එහෙනම් අපි යනවා.."

මතීශයාව මග දාලා යන්න ගියාට සසිරු බලෙන්ම ඌවත් ඇදන් ආවා..කෙල්ලොනම් ගොඩයි තමා ඒත් ඉතින් දම්සාරි වෙනුවෙන් ඕනි අස්සක රිංගනවා..

ගැම්මට අත් දෙකත් සාක්කු දෙකට දාගෙන පාර දිග හතර දෙකා ඉස්සරහට යද්දි කෙල්ලොනම් බලන් ඉන්නවා ආයෙ නෑ..ඇහැට කනට හොදට පේන සීදේවි කොල්ලො හතර දෙනෙක් නෙ ඉතින්..කාටද ආස නොහිතෙන්නේ..

" කොයි යකෝ උබෙ පුංචි සුරංගනාවි.."

" ඩිලයිට් එක ලග ඇත්තෙ වෙනදත් එතනනෙ ඉන්නේ.."

රුක්ෂාන් මගෙ කනට කරලා ප්‍රශ්න අහද්දි මාත් ඌට ශේප් එකේ උත්තර දුන්නා..

අල්ලපු ඉස්කෝලේ පහු කරගෙන ඉස්සරහට යද්දි තියනවා ඩිලයිට් එකක් එතන තමා එයාලගෙ බස් හෝල්ට් එක..සිහින කුමාරයෝ හතර දෙනා වගේ අපි ඒ පැත්තට යද්දි මගෙ දම්සාරි ඉන්නවා තව යාලුවෙක් එක්ක කියව කියව..අන්තිමට ඕලෙවල් කරපු දවසෙ දැක්කට පස්සෙ අද දැක්කේ..තවත් ලස්සන වෙලාද මංදා..හුරුබුහුටි පෙනුමක් එයාට තියෙන්නෙ..ඒ වගේම ටිකක් දගයි..

ලාවට පොඩි හිනාවක් දාන් අපි එයාව පහු කරන් ආවා..යුනිෆෝම් ඉද්දි කතා කරන්න බෑ නේ..කොහොමත් මේ වෙනකන් කතා කරලා නැති එක වෙනම කතාවක්..

" ඒ අර බටු ඇටයක් වගේ හිටිය එකීද උබෙ මහ ලොකු ක්‍රශ් එක.."

මතීශයා මගෙන් අහද්දි මං ඌට දැම්මෙ මනමාල හිනාවක්..කෙල්ලව දැක්කට පස්සෙ නිකන් ඇග අස්සෙ සමනල්ලු පියාබනවා වගේ..

" ඔයිට වඩා උස එකියක් හිටියෙ නැද්ද බං.."

" ඒකි චූටි නිසා තමා මං ආස.."

" ඔව් උබට ලේසී නේ.."

" මතීශ්.."

" හරි හරි ඉතින්..දැන් කෑල්ල බලා ගත්තා නේ යන්නෙ නැද්ද.."

" සෙනාශ්..මේ මං යන්න ඕනි හුත්තො..අප්පා ඉක්මනට ගෙදර එන්න කිව්වා කෝවිල් යන්න.."

" හ්ම්ම් හ්ම්ම් පරිස්සමින් පලයන් ඒනම් හෙට ඉස්කෝලේ වරෙන් නෑ හෙට ඉදන් හවස ප්‍රැක්ටිස්.."

" හරි..වනක්කම්..ඒනම් කොල්ලෝ අපි ගියා.."

" හරි.."

රුක්ෂාන් අපිට සැලුට් එකක් දාන් යන්න යද්දි අපි තුන් දෙනත් ශේප් එකේ ආයෙ ඉස්කෝලේ පැත්තට යන්න හැරුනා..මේ පැත්තෙ ඔනෑවට වඩා ගැවසෙන්න බෑ එතකොට නෝන්ඩිනේ..ගෑණු හිතයි උන්ව ටෝක් කරන්න ආවා කියලා..මං ටෝක් කරන්නෙ දම්සාරි නේ..ආයේ යද්දිනම් ඒකි හෝල්ට් එකේ හිටියෙ නෑ හැබැයි..

" අරකිගෙන් අහන් නැද්ද උබ.."

" බයයි බං කැමති නැති උනොත්.."

" කැමතිද නැද්ද බලන්න අහන්න එපැයි ඉතින්.."

" ඒත් බයයි බං..මං ඒකීට පට්ට ලව් කැමති නෑ කිව්වොත් දුකයි නේ.."

" සමහර හැගීම් හිතේම තියන් ඉද්දිත් අමුතු ආතල් එකක් තියනවා නේ.."

මතීශ් ඒකනම් කිව්වෙ හෙන සීරියස් විදිහට..

" උබ අපෙ ගෙදරද යන්නේ.."

" ඇයි එන්න එපාද.."

" එපා කිව්වත් උබ එනවා නේ.."

මතිශ්ගෙ ඔලුවට පොඩි තට්ටුවක් දාද්දි ඒකා කට කොනෙන් හිනා වෙන අතරෙ සසිරුවානම් ඉන්නෙ ලෝක කල්පනාවක..

" ඒහ්.."

" සසිරූ.."

" ම්ම්ම්.."

" මොනාද කල්පනා කරන්නේ.."

" මුකුත් නෑ බං..අව්ව සැරයි ඉක්මනට යමන්කෝ.."

සසිරුවාට අව්ව සැර නිසා අපි ආයෙත් පාර පැනලා ඉස්කෝලේට ආවා..දෙකත් පහු වෙලා ඒත් තාත්තත් තාම වැඩ නිසා අපි ඔෆිස් එක ලගම තිබ්බ බයෝ ක්ලාස් එක්ක ගිහින් ඉද ගත්තා..

" මේ පංති අපෙ ඒවට වඩා වෙනස්නෙ.."

" ඔව් ඉතින් බයෝ උන් නෙ ඉන්නෙ උන් වගේම තමා පංතිත් මූසල පාටයි.."

මූසල පාටයි කියන්නෙ ඉතින් මේ පැත්ත හෙන නිවිච්ව පාටයි..ඒකට ආර්ට් සෙක්ශන් එක තනිකර කාලගෝට්ටියක්..

මතීශ් ඉදන් හිටිය පුටුව මැදින් කකුල තියලා මාත් පුටුවක වාඩි උනේ පුංචි සුරංගනාවි ගැන මතක් කරන ගමන්..කතා නොකරට ඉතින් ලස්සන හිනාවක් දැම්මානෙ මට..

" නිල් නුවන් පින් බරයි රෝස තොල් ලස්සනයි හිම හංසියේ ඔබ නිල් අහස වගේ.."

" අනේ තෝ ඉදේ ඉදන් කීවෙනි සිංදුවද බලපන් ඔය කියන්නේ.."

මතීශයා මට බනිද්දි දම්සාරිව මතක් වෙලා මගෙ මූණෙ ඇදුනෙ මනමාල හිනාවක්..

" ආ.. යසයි දම්සාරි දැක්කට පස්සෙ මුගෙ මෝල තද වෙලා.."

" ඇයි එයාට දම්සාරි කියන්නේ.."

" ආ ඒක මෙහෙමයි ඉතින්.."

සසිරු මගෙන් එයා ගැන අහද්දි මං පුටුවත් ඇදන් තව ටිකක් සසිරුට ලං උනේ අතීත කතාව කියන්න හිතාන..ඒ දවස අද වගේ මතකයි..

" කොහොමද.."

" මීට අවුරුදු කීපෙකට පෙර අපෙ ඉස්කෝලේ කලර්ස් නයිට් එක තිබ්බා අපි එතකොට නවයෙ..එතකොට උන්ගෙ ඩාන්සින් ටීම් එකත් ආවා අපෙ ඉස්කෝලේට..ඒකිගෙ නම අගෝශි එදා ඒකිත් නැටුවා දම් පාට සාරි එකක් ඇදන් ඒකයි දම්සාරි කියන්නේ..පට්ට ලස්සනට නටනවා එයා..වැඩේ කියන්නේ මේකි මං දිහා බලානමයි නැටුවේ..මට කලර්ස් තිබ්බ නිසා මං හිටියෙ ඕඩියන්ස් එකේ මැද හරියේ ඉතින් එයා මං දිහා බලානම නටද්දි මගෙ හිත එයාට ඇදී.....ලා ගියා.."

" අනේ ඉතින් තෝ වගේ මෝඩයෙක්..ස්ටේජ් එකේ නටද්දි කොහොමත් ඕඩියන්ස් එකේ මැද හරිය බලාන තමා කවුරු උනත් නටන්නේ.."

රිද්දුවා දෙයියනේ රිද්දුවා..මෝඩ මතීශ් මේ අහිංසකයගෙ ප්‍රේමනීය හදවතට රිද්දුවා..

" තෝ හිටපන්කෝ..රුක්ෂාන් තමා ඒ දවස්වල ඉදන් දම්සාරි කිය කිය ඕක මගෙ ඔලුවට දැම්මේ..එතකොට ඉතින් පොඩ්ඩ පොඩ්ඩ මේ හිච්චි හිතේ එයා ගැන ආදරයක් ඇති උනා..ඉන්ස්ටර් එකේ හොයලා හොයලා ෆලෝ කරා එයත් මාව ෆලෝ බැක් කරා.. කතා කරේ නැති උනාට ඉදලා හිටලා මැසේජ් එකක් දානවා ඉතින්.."

" යසයි..දියබරියම කන්න එපැයි මේ රුක්ෂානයාව..පුංචිගෙ ආරව් පුතාගෙ හිතට බොරු බලාපොරොත්තු දුන්නට..ඕක බදින්න වෙන් නෑ සෙනාශ් දැන්ම හිත හදා ගනින්..උබට හැබැයි ඔයිට වඩා උස එකියක් හොයා ගන්න තිබ්බා.."

" හුත්තක් කියවන් නැතුව හිටපන්.."

මං මතීශයාට පයින් ගහද්දි උගෙ අහවල් තැනම සුදු කලිසමේ මගෙ සපත්තු පාර හිට්ටා..ම්හුක් අහිංසකයාගෙ හිත රිද්දනවානේ ඉතින්..

" සෙනාශ්..! "

" උප්ස් ගැත්තාට කමා කරන්න සිතකින් නොවේ සිදු කරේ.."

" උබට මං.."

" ආහ්හා..ගහන්න එපා සසිරූ මෙන්න මූ ගහනවා.."

මතීශ් මට ගහන්න පන්නද්දි මං පංතිය වටේම දිව්වා..

" බලපන් හුත්ත පාරේ යන්නෙ කොහොමද මං දැන්.."

" සිතකින් නොවේ කරේ.."

" සිතින් නෙවෙයි තෝ කකුලෙන්නෙ කරේ.."

" හරි හරි ඉතින්..වැරදි කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියනවා නෙ ඒයි සමාව දෙන්න ඈ.."

" උබෙ කලිසම ගලවලා දීපන්.."

" බෑ පිස්සුද.."

මායි මතීශුයි සසිරු වටේ කැරකි කැරකි රණ්ඩු කරද්දි සසිරු පුටුවත් එක්ක වැටෙන්න ගියත්..වැටුන් නෑ..

" පොඩි උන්ද බං උබලා මරා ගන්න හදන්නේ.."

සසිරුට වැටෙන්න නොදී අල්ල ගත්තෙ හෙඩා අයියා වෙද්දි ඌ අපිට බනින ගමන් සසිරුගෙ පුටුව කෙලින් කරා..

" තෑන්ක්ස්.."

පැණිබේරෙන විදිහට අලංකාර ලෙස සසිරු අයියට තෑන්ක්ස් කරද්දි එයත් සසිරුට මනමාල හිනාවක් දැම්මා..

" උබලා මොකද අපෙ පංතියේ කරන්නේ.."

" අප්පටසිරි ඔයාගෙ පංතියද ඒයි.."

" උබට කොහොමත් අශ්ව කුලප්පුවනේ සෙනාශ්.."

" මේ මට..එහෙම නෑ අනේ ඔයාට වැරදිලා.."

" මේ දෙන්නා අලුත් අයද.."

" ඕ.."

හෙඩා අයියා පුටුවක් අරන් කකුල් දෙක දෙපැත්තට දාලා අනිත් පැත්තට වාඩි වෙද්දි මතීශුත් මට රව රව සසිරු ලගින් ඉද ගත්තා..ඇයි ඉතින් මං විතරක් හිටගෙන මාත් හෙඩා අයියා ඉස්සරහින්ම ඉද ගත්තා..

" සැක් උබලා නේ ඊලග ප්‍රිෆෙක්ට් බෝඩ් එක.."

" උදාරයි නේ.."

" උබට හෙඩ් දෙන්න කතාව.."

" අනේ මට බෑ.."

" ඇයි.."

" හෙඩ් එපා ගේම්ස් කැප්ටන් ඕනි.."

" පිස්සුද.."

" පේනවා නේ දැන් ඔයා කොච්චර කට්ටක් කනවද කියලා ප්‍රින්සිපල්ටවන් නෑ ඔයාට තරම් වැඩ.."

" ඇයි ගේම්ස් කැප්ටන්ට වැඩ නෑ කියලා හිතුවද.."

" තියනවා ඉතින් ඔයාට තරම් නෑ නේ.."

" මෝඩයා.."

" ආව්වා.."

" මේ මං යනවා එහෙනම්.."

" හා..බායී.."

" බායි බායි.."

හෙඩා අයියා පුටුවෙන් නැගිටලා යන්න යද්දි මං එයාට බායි කිව්වත් එයානම් හැබැයි බායි කිව්වෙ මං දිහා බලාන නෙවෙයි මතීශ්ගෙ කලිසම පිහද පිහද හිටිය සසිරු දිහා බලාන..

" අම්මේ ඉතින් උබත් අයියලා එක්ක කතා කරද්දි තියන හුරතලේ.."

" හැබැයි එයා තමුසෙ දිහා තමා වැඩියෙන් බැලුවෙ.."

" මාත් දැක්කා හොරෙන් හොරෙන් සසිරු දිහා බලනවා..

" අනේ මේ.."

" ඇත්ත කිව්වෙ ඉතින්.."

හෙඩාට පෙම් සිතක් පහල වෙලාද දන් නෑ නේ සසිරු ගැන..ඌ හොද එකා..මේ වෙනකන් ඌ ගැන නරක දෙයක්නම් අහලා නෑ කවුරුත්..කොච්චර හොද උනත් පට්ට සැරයි හැබැයි..එයා ජූනියර් ප්‍රිෆෙක්ට් වෙලා ඉද්දි අපෙ පන්තියට ඩියුටි දාලා තිබ්බේ ඒකයි මාව දන්නේ..

" මේ යන් යන් දැන් නැත්තන් අරයා වැඩ ඉවර වෙලා හොයයි අපිව.."

" මට බෑ මෙහෙම යන්න උබෙ කලිසම ගලවලා දීපන්.."

" බෑ.."

" අයියෝ මෙහෙ එනවා මතීශ් ඕක එච්චර පේන් නෑ..මං හංගන් යන්නම් ඔයාව.."

මං ඉස්සර වෙලා එද්දි මතීශ් සසිරුගෙ අස්සෙ හැංගි හැංගි ආවෙ මගෙ සපත්තු පාර උගෙ කලිසම මැද්දෙම තිබ්බ නිසා..

කිව්වා වගේම තාත්තා වැඩ ඉවර කරලා පෝඩ්ඩක් විතර අපිව හොයලා ඒ නිසා පෝඩ්ඩක් තරහත් ගිහින්..

" මල්ලි ගන්න යන්නෙ නැද්ද.."

මං ඇහුවේ ගෙදර යන පාරට කාර් එක හැරෙව්ව නිසා..

" අකලංක ඉස්කෝලේට ගිහින් එහෙම්ම මල්ලිවත් එක්කන් එන්නම් කිව්වා..සසිරූ කොහොමද ඉස්කෝලේ.."

" ඉස්කෝලේනම් හොදයි තාත්තා..සෙනාශ් තමා මරු සප්‍රයිස් එක දුන්නේ.."

" ඒ මොකක්ද.."

" මෙයා__"

" නෑ නෑ තාත්තා මුකුත් නෑ.."

" මූ රුක්ෂාන් එක්ක නොංචි කෝලම පෙන්නුවානෙ බාප්පා.."

සසිරුට කියන්න නොදී උගෙ කට වැහුවට අනිත් පැත්තෙ හිටිය එකා තාත්තිට කේලම කිව්වා..

" නොංචි කෝලම.."

" ඔව් තාත්තා මෙයා රුක්ෂාන් එක්ක සිංදු කිය කිය ගෑණියෙක් වගේ නැටුවා උදේම.."

" ඕකට කොහොමත් පොඩ්ඩක් ට්‍රැකනේ සසිරූ..මගෙ නම කනවා ඉස්කෝලේට වෙලා ඉදන්.."

" අනේ මේ තාත්තා..එහෙම නෑ හරිද.."

කාතාවෙන් කතාව තුන් දෙනාම මාගේ නිවසටත් පැමිණියා..ආව ගම වොශ් දාලා කාලා බීලා කරන්නත් දෙයක් නැති කමට ගෙම්බො තුන් දෙනා වගේ ඇදට වැටිලා බාදාගෙන වෙලීගෙන පොඩි ඇලට් එකක් දැම්මා..

.

.

.

.

.

" අතාරින්න මාව.."

" මං කියන දේ අහන්නකෝ පොඩී.."

" ඕනි නෑ හැමදාම එකම බොරුව අහලා මට දැන් ඇති වෙලා.."

කාමරෙන් එළියේ මොක්කුදෝ සත්තු ජාතියක් කුටු කුටු ගානවා ඇහෙද්දි මට ඇහැරියේ ඇස් දෙකත් පොඩි කරන ගමන්..

" නැගිටපා......න්.."

" නිදා ගන්න දීපන් සෙනාශ්.."

" ඇති දැන් පැය තුනක්ම නිදාගෙන අපි.."

මගෙ නින්ද විතරක් කැඩුනම අර දෙන්නට අසාධාරණයක් වෙන නිසා මං ඒ දෙන්නවත් ඇහැරෙව්වා..

ඒකට තමා යාලුකම කියන්නෙ..

" බඩගිනි වගේ ආයෙ මොනා හරි කමුද.."

" ම්ම්..මටත් බඩගිනි.."

" යකෝ නිදා ගන්න කලින් තමුසෙලා දෙන්නා හොදට ගිලලා නේද ඉන්නේ.."

" ඒ උනාට මේකනේ උනේ සසිරූ..නිදාන ඉද්දි කාපුවා ජීර්ණය වෙලා දැන් ආයෙ බඩගිනි..වරෙන් මතීශ් මූට එපානම් අපි දෙන්නා කාලා එමු.."

පොඩි ඈනුමකුත් ඇරලා ඇදෙන් බහිද්දි මගෙ ඈනුම දැක්ක අර දෙන්නටත් ලොකූ ඈනුම් ගියා..එහෙම තමා ඈනුම් ගැන මතක් කරත් ඈනුම් යනවා ඒක ලෝක ස්වභාවය..

" පොඩී..තමුසෙ ආවද.."

" සිතූ.."

කවදාවත් නැතුව පොඩීගෙ කාමරේ දොර බාගෙට ඇරලා තියෙද්දි ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපි තුන් දෙනාම එයාගෙ රහස් කාමරේට රිංගුවත් දකින්න ලැබුනෙ හොද දෙයක් නෙවෙයි..

" ඒයි සිතූ මොකද මේ.."

කොට්ටෙකුත් බදාන ඇදේ මුනින් අතට හිටිය පොඩි එකාගෙ උරහිස් ගැස්සෙනවා කියන්නෙ ඌ අඩනවා..සසිරු ඉස්සර වෙලා ගිහින් ඇද අයිනෙන් ඉදන් සිතිජට කතා කරද්දි අපි දෙන්නත් ඇද උඩට නැන්ගා..

" ඒහ්..මොකද මේ..ට්‍රැකද උබට.."

" සැර කරන් නැතුව අහපන් සෙනාශ්.."

" හරි හරි ඉතින්..අයියට කියනවකෝ මොකද උනේ කියලා.."

" කවුද උබට රිද්දුවේ.."

" සිතූ මොකද උනේ කියන්නකෝ..ඔයා හොදටම අඩනවා නේ.."

සසිරු පොඩීගෙ පිට අත ගගා ඇයි අහද්දි පොඩි එකා තවත් අඩාන සසිරුව බදා ගත්තා..

කොච්චර රණ්ඩු කරත් උගෙ ඇස්වල කදුලු දකිද්දි මගෙ පපුවත් කකියනවා..පොඩි කාලෙ ඉදන් අපි ලග හෙන හුරතලේට හැදුන නිසා පොඩ්ඩ ඇත්තන් හිත රිද්ද ගන්නවා එයා..

" පොඩී..අයියට කියපන් මොකද උනේ කියලා..උබව මෙච්චර ඇඩෙව්වෙ කවුද.."

" අ__අයියා..ම්_මං එයාට අ_ආදරෙයි.."

පොඩී එකා ඉකි ගග හා අඩන ගමන් කාටදෝ ආදරෙයි කියද්දි මං ඌ දිහා බැලුවෙ ඇස් හීනි කරලා..

" කාටද.."

" ඔ_ඔයා ක් කිව්වා හරි අයියා ම් මං ක්_කැමති කොල් ලොන්ට..ඒක වැරැද්දක්ද අ_අයියා.."

පොඩීව මගෙ ලගට ගද්දි හොටු පෙරාන එයා මාව බදා ගත්තා..

මගෙ ඇගේ හොටුත් ගානවා ඇටයා..

" කවුද කිව්වෙ උබට එහෙම.."

" එ_ එයා.."

" තමුසෙගෙ මහාලොකු එයා මොකාද කියන්න මං දන් නෑ පොඩී..ඒත් අයියා කියන දේ අහනවාකෝ.."

" උබ මොකාට ආදරේ කරත් අයියා බනින් නෑ..මං හිතනවා අම්මා තාත්තා උනත් ඔයාව තේරුන් ගයි..කොල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරා කියලා මං එකේ වැරැද්දක් දකින් නෑ පොඩී..කාට උනත් නිදහස තියනවා තමන්ට කැමති කෙනෙක්ට ආදරේ කරන්න..අහන්ද ඉන්නෙ උබ.."

" ම්ම්ම්.."

" සෙක්ශුවලිටි එක මොකක් උනත් ආදරේට ඒක අදාල වෙන් නෑ දෙන්නාට දෙන්නා හොදයිනම් එයාලා හොදි තේරුන් අරන් ආදරෙන් ඉන්නවානම් අනිත් අය මොනා කිව්වත් මොකද බං තමන් සතුරින් නෙ..අපිට මිනිස්සුන්ව හදන්න බෑ පොඩී එක එකාගෙ මානසික මට්ටම් තින්කින් පැට්න්ස් වෙනස්..උබ වැරැද්දක් කරන් නෑ සිතූ උබට අයිතියක් තියනවා ඕනිම කෙනෙක්ට ආදරේ කරන්න..කවුරුත් ඔයාට මුකුත් කියන් නෑ.."

" ඒත් එයා ක්_කියන්නෙ අපිට ආදරේ ක්_කරන්න තහනම් කියලා.."

" කවුද එයා.."

" අපෙ අයියද.."

*****

vote 👇💗