Back
/ 51
Chapter 26

...විසි හයවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

අඬ අඬම නින්දගියපු මට සීතල ස්පර්ශයක් දැනෙද්දි මගෙ ඇස් ඇරුනා. ඇරෙද්දිම දැනුන සීතල මගෙ මූණෙන් අයින් උනා.. දැන් වෙනදට වඩා නිදිමතයි මහන්සී. නිදාගන නැගිට්ටත් මහන්සී.. මං තදින්ම විශ්වාස කරනව මේ හම්බෙන්න ඉන්නෙ කොල්ලෙක්. අනේ මගේ රුද් පැටියා. අම්මා හිටියා නං කී පාරක් මේ වෙද්දි මාව මතක් වෙලා මාව හොයන් ඇවිත් ඇතිද.. අම්මා මට පොරොන්දු උනා බටු මෝජුවක් හදලා බත් දෙනව කියලා. අනේ ඒත්...

පොඩ්ඩක් ඉන්න.. කව්ද මගෙ මූණ අතගෑවෙ?

මං කාමරේ පුරාම ඇස් ගෙනිච්චා. නෑ කවුරුත් නෑ.. එතකොට එතකොට-..

දොර ඇරුනා..

ඇතුළට ආවෙ රුද්.. මගෙ මූණ දිහා හිස් හැඟීමකින් බලලා මං එක අතකින් අල්ලන් ඉන්න බඩ දිහාත් බලපු එයා යන්න ගියා.. බාතෲම් එකෙන් වතුරවැටෙන සද්දෙ ඇහෙද්දි මං නැගිටලා එලියට යන්න හැදුවා නෑ මට බයයි.. ඒත් මගෙ බබා කියනව එයාට බඩගිනී කියල.. මං හිමින් අඩි තියල කාමරෙන් එලියට ඇවිත් කාමර දෙකකුත් පහු කරන් පඩිපෙළ බැස්සා..

ආපු වාහන එහෙම්ම තියෙද්දි සාලෙ ඔන් කරල තිබුන tv එකත් ඕෆ් කරල දාපු මං කිචන් එකට ගියෙ මොනව හරි ආස හිතෙන දෙයක් කන්න හදාගන්න.. ම්හූ ෆ්‍රිජ් එකේ අලුතෙන්ම වගේ ගෙනල්ලා දාපු චීස් පාස්තා වගයක් තියෙද්දි මං අත් දෙකෙම්ම ඒක බදාගත්තා.. අනේ මට ආස හිතුනා.

"ඔයා ආසද?"

"ඔව් රාජ් රසපාටයි.."

"ම්ම් ඉන්නකො මම මයික්‍රො වේව් එකට දාල දෙන්න අත පුච්චගන්නැතුව අහකට වෙන්න"

මාව අහකට කරපු රාජ් මගෙ අතින් ඒක අරන් අවන් එකට දාලා රත් කරා. ආය ටිකක් ප්ලේට් එකට දාලා දීලා මං ටේබල් එකෙන් ඉඳගද්දි ගෙනත් මේසෙ උඩ තිබ්බා..

"සේරම කන්න මම එළිය්-"

"අනේ රාජ් ඔයාවත් ඉන්නවද? රුද්.. එයා මාව මගාරිනව රාජ්.."

මං පාස්තා ටිකක් කටේ දාගත්තා. ඇත්තටම මට පෙරේත හිතිල හිටියේ.

"එයා ටිකක් ස්ට්‍රෙස් රුහාන් බබා.."

"ම්ම්.. ඒ උනාට එයාට හිතන්න තිබ්බ මේ බබා ගැනවත්.. එක්කො එයාට බබා එපාද දන්නෑ නේද.. මං ගාවට කලින් වගේ එන්න හිතෙන්නෙ නැද්ද දන්නෑ නේද? එයා මගෙන් ඈත් වෙයිද රාජ්.."

"මොනවද රුහාන් ඔය හිතන දේවල් ඌ තමුසෙටයි ළමයටයි ආදරෙය්..."

"හ්ම්.."

හිතුවද ඒ වචන වලට මගෙ හිත හැදේවි කියලා? නෑ එහෙම උනේ නෑ. එයාට අපි ගැන හිතන්න පුළුවන්. අනික මම තව වෙනකල් මගෙ කකුළෙ තුවාලෙට බෙහෙත් දාගත්තෙ නෑ.. ජීවිතේ පළවෙනි පාරට එයා මාව මගාරිනවා. මගෙ උරහෙ වැදීගෙන ගිය පාර මාව වැටුන නම්? තුවාල වේදනාවට වඩා මගෙ හිතෙව් වේදනාව වැඩී..

කන කන දේ එක දිගට වමනෙ යන්න ගත්තම මට කවුද ළඟ හිටියෙ... මට ඕන උනේ රුද්ගෙ තුරුළට වෙලා ටිකක් නිවී සැනසිල්ලේ ඉන්න. එයාගෙන් එන සුවඳින් මුළු හිතම පුරෝගන්න. දැන් වැඩක් නෑ... දැන් ඇත්තටම වැඩක් නෑ.. හොඳම දෙ දරුව හම්බෙනකල් මම මගෙ පාඩුවෙ ඉන්නවා. මගෙ හිත රිදෙන එක විතරයි වෙන්නෙ.

බ්වෑක්!

කාල වතුර බීලා අත හෝදගත්ත ගමන් මං ආපහු ගේ මිදුළට දුවන් ආවෙ රාජ් ඇසුත් ලොකු කරන් මගෙ කකුලෙ ලේ බේරෙන තුවාලෙ දිහා බලන් ඉද්දි. ආපහු වමනෙ යනවා. දැන්නම් බෑ කියල හිතෙන තරමට මට මහන්සි වෙද්දි මං එහෙම්මම වමනෙ ගොඩේම ඉඳගත්ත. ඇඟෙත් එක්ක වමනෙ.. විශ්වාස කරන්න හිතේ දුකටයි ඇඟේ අමාරුවටයි මට අප්පිරියා හිතුනෙ නෑ.

මං ඔළුව තද කරල අල්ලගත්තා. ඇස් ඇරගන්නත් බෑ අමාරුයි. බැරිම තැන ඔළුව ගසල ගසල මං හැදුවෙ ගහේ ගහගන්න උනත් ඇස් කොනින් මං දැක්කෙ මං දිහාට ඇවිදන් එන රුද්ව..

"නැගිටින්න"

නැගිටින්න? ඇස් පොට්ටද අහන්න ඕන උනත් මට තියන අමාරුවට කටවත් ඇරගන්න බැරුව යද්දි මම ඔළුව ගහේ ගහගත්තෙ මගෙ ඔළුගෙඩියම දෙදරලා යද්දි..

තව පාරක් ගහේ ඔළුව ගහගත්ත මම එහෙම්ම මගෙ ඔළුව ගහට හේත්තු කරගත්තා. වමනෙ ඉස්මොල්ලෙ ගිහින්ද මන්දා.

"පිස්සු හැදිලද රුහාන් නැගිටින්න. වමනෙ ගොඩේ ඉඳගෙන නැගිටිනවා.."

මට කටහඬ උස්සලා කවදාවත් කතා නොකරපු එයා මටසැර කරද්දි මම අමාරුවෙන් ගහ බදාගෙන නැගිටගත්ත.

"ඇතුළට යනවා. මොන මගුලද කරන්නෙ සීතලේ.."

මේ රුද් ද? එයා මට මෙහෙම කතා කරන්නෙ නෑනෙ.. එක විනාඩියකට මං ඉස්සරහ හිටන් ඉන්නෙ මේ රුද් නෙමෙයිද කියල හිතෙද්දි මං අඩියක් පස්සට තිබ්බා..

එයා මට මෙහෙම කතා කරන්නෑ.. මට බයයි. මං වටපිට බැලුවා. මේ ඉන්නෙ රුද් උනත් මේ හැසිරෙන විදියෙන් මට මේ එයාද කියල හිතාගන්න බැරිවෙද්දි මං දැක්කෙ ඈත ඉන්න රාජ් වෙද්දි රුද්ව එතනම දාපු මම රාජ් ගාවට ඇවිදන් ගියෙ මාව තියන තියන අඩියක් ගානෙ විසි වෙද්දි. බෑ මට ඇවිදගන්නවත් පණ නෑ..

"මොකද්ද උනේ රුහාන්?"

"අර ඉන්නෙ රුද් කියල විශ්වාසද රාජ්?"

"ඔව් මොකුත් ප්‍රශ්නයක්ද.."

"ඉල්ලේ.. පුළුවන් නම් මාව කාමරේට ගෙනිහින් දානවද?"

ඔළුව වනපු රාජ්ට වාරු වෙච්ච මම රුද් දිහා හැරිලවත් නොබලා කාමරේට ආවා..

"තම්බි තුවාලෙට බෙහෙත්..."

"මං දාගන්නම් මට ෆස්ටේඩ් බොක්ස් එක.."

කාමරේට ආව රාජ් මාව හිට්ටවලා දොර වහල ෆස්ටේඩ් බොක්ස් එකත් තියලා යන්න යද්දි මම ඇඳුම් එක එක ගළෝලා දාලා බාත් රූම් එකට ගිහින් දොර වහල ශවර් එක යටට උනා.

අනේ මට මේ ජීවිතේ දැන් මහන්සී අප්පා.. ඇයි මාව දාල ගියේ.. කුට්ටි ඔයාගෙ අප්පා අපි දෙන්නටම කැමති නෑ වගේනෙ කුට්ටි... අපි දෙන්න මොකද කරන්නෙ...

මං ශවර් එක යට ඉඳගෙන කෑගහලා අඬද්දි බාත් රූම් එකේ දොර ඇරුනා. වෙනදට මාව මෙහෙම දැක්කම වෙන්නෙ මොනවද. ඒත් අද..

"තෙමිලා ලෙඩ වෙන්නද? ඉක්මනට එන්න"

රුද් යන්න යද්දි මං ආය තනි උනා.. අනේ මගෙ සින්න කුට්ටි.. උඹ හිටියෙ නැත්තන් ඇත්තමයි මම මොනවම හරි කරම් මැරිලා යනව.

ඔළුවට දාහක් දේ එද්දි මම ශවර් එක යටම ඇස් වහගත්තා.. මට අමාරුයි.. මහන්සී..

"රුහාන්! මැරෙන්න ඕන වෙලාද ආ?"

ආපහු ඇතුළට ආව් රුද් කෑගහද්දි ගැස්සුන මම ශවර් එක ඕෆ් කරලා බාත් රෝබ් එක පටලව ගත්තා. මූණ ඇදිල ගිහින්. දරුවෙක් හම්බෙන්න ඉද්දි මහත් වෙලා බෝල වෙනව උනත් මේ වෙන දේවල් හින්ද මාව ඇදිල ගිහින්..

"ආව්හ්හ්"

ආයමත් සබන් පාරකට මාව වැටෙන්න යද්දි මටත් කලින් දොර ඉස්සරහ හිටන් ඉඳපු රුද් මාව අල්ලගද්දි මම එයාගෙ පපුවට අත් තියල එයාව තල්ලු කරා..

"එක්කො මාව මරපන් අයියෙ නැත්තන් මේ දරුව එක්කම මම වහ ටිකක් බීල මැරෙන්නම්.."

"රුහ්-"

"කට වහගන්න අයියෙ. දැන් හොඳටම ඇති. ඔයාට මාවයි දරුව වයි එපා නම් අපිට නිදහසේ ඉන්න දෙන්න. එක්කො මාව අරන් ආව මගුලෙම ගිහින් දාන්න. ඔහොම කරන්න එපා. කන කන දේ අනික් අතට යනව. බොන දෙයක්වත් බොන්න බෑ උගුර දනවා.. මගෙ කියල මට කව්ද ඉන්නෙ? කවුරුත් නෑ අඩුම තමුන්වත් නෑ.. වෙන මනුස්සයෙක් ඔහොමද හැසිරෙන්නෙ? අද දවසම මාව මගෑරියා මොන පළියක්ද මේ මගෙන් ගන්නෙ? මං විඳවල මැරෙන්නද ඕන අයියෙ මට කියන්න. මාව ඇයි බේරගත්තෙ? මගෙ ඌමනාවටද මේ දරුවා හැදෙන්නෙ?"..

එයාට කතා කරන්න නොදීම කෑගහපු මම කබඩ් එක ගාවට ගිහින් ලොකර් එක ඇරල ශෝටක් එක්ක ලොකු ශර්ට් එකක් ඇඳල ජර්සි එකක් දාගත්තා.

ඇඳුමක් ඇඳගත්ත මම ඇඳට පැනලා බෙඩ්ශීට් එක පොරවගද්දි ෆස්ටේඩ් බොක්ස් එකක් අරන් ආපු රුද් මගෙ කකුල එයා ගාවට ඇදල ගත්තා.

"බෙහෙත් දාන්නද හදන්නෙ? මට ඕක රිදෙන්නෑ අන්නා මගෙ පපුව රිදෙන්නෙ.මගෙ පපුව තුවාල වෙලා තියෙන්නෙ."

කකුල ආපිට ඇදල ගත්ත මම බෙඩ්ශීට් එකේ ඔතාගද්දි රුද් මං දිහා බැලුව

"බඩේ හැදෙන එකා කාගෙද කියල සැකද?"

මං අහද්දි මං බලන් එයාගෙ ඇස් කොන් රතු වීගෙන එනවා..

"එහෙම සැකයි නං කියනවා මට පුළුවන් අපෙ- ආ නෑ වැරදුනා මගෙ ළමය හදන් පාඩුවෙ ඉන්න. දෙයියන්ගෙ නාමෙට එක්කො මාව ඉන්ඩියා වලට ආය ගිහින් දාන්න අයියෙ.මොන දුකක්ද මේ.මගෙ කකුලට බෙහෙත් දාන්න කලින් හිතේ තුවාල ගැන බලන්න."

_______________________________

ඇත්තටම මේ මනුස්සයට මක් වෙලාද ළමයි?

ආයෙත් එන්නම්. දැන්නම් මොකුත් කරන්න මූඩ් එකක් නෑ ඇප් එකත් එපා වෙලා වගේ නැද්ද🙂💔

Share This Chapter