Back
/ 51
Chapter 27

...විසි හත්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

සීතලයි... ෆස්ටේඩ් බොක්ස් එක අල්ලලා මං විසි කරයින් පස්සෙ රුද් එළියට යන්න ගියෙ මං තුවාලෙ ගල් වෙලා තිබ්බ ලේ ටිකත් අතින් පොඩි කරල පිහිදල දැම්මෙ හිතට ආව තරහටමයි. බෙහෙත් දාන්න තරම් තුවාලෙ.

හිතෙන් හැමෝටම බනින ගමන් මම බැල්කනි එකට ගියා. රුද් සිගරට් එකක් බොනවා. එයා දන්නැද්ද ඔය ජරාවට මගෙ හුස්ම හිර කරනව කියල. එයා ගාවින්ම එයාගෙ අයියත් හිටගෙන සිගරට් එකක් අඳිනවා. අයියයි මල්ලී දෙන්නම එකයි..

ටොක් ටොක් ටොක්.

"රුහාන් මම රාජ්.."

"එන්න රාජ් අණ්ණා.."

"ආ මේක.."

එයා මට පේර බකට් එකක් දික් කරද්දි මං අත් දෙකෙන්ම ඒක ගත්තා..

"අනේ.."

"කන්නෙ නැති එකේ ඕකවත් කන්න.රුද් පැටිය පේර කන්නද දන්නෙ නෑනෙ කැමති"

මට හිනා ගියා. මගෙ කුට්ටිගෙ අප්පා නැතුව අනික් හැමෝම එයා වෙනුවෙන් වද වෙනව. මාර මනුස්සයෙක් තමයි මම හොයාගත්තෙ

"රුහාන්.."

"ඕ.."

ඇඳුමෙ පිහිදපු පේර ගෙඩියක් මං කටේ ගහගත්තා. පැණි රසයි.. මං කැමති මුළින්ම වටේ පොත්ත කන්න. ඊටපස්සෙ මැද ඉතුරු කරන් ඒක පිටිම්ම කටේ දාන් හොඳට රහා කටට දැනෙනකල්ම හපල හපල ගිලින්න. එහෙම රසයි

"රුද්ට සමාව දෙන්න.. ඌ ටිකක් ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ.. උගෙ අම්මා පවා.."

"ඇයි ඒ අණ්ණා?දරුවෙක් ඉන්න නිසාද?ඒ නිසාද අණ්ණා මාව වත් මේ බඩේ හැදෙන අහිංසකයව වත් ගනන් නොගෙන වෙනස්කම් කරන්නෙ.. මේ යන විදියට එයා මේ ගෙදරට ගෑනියක් ගෙනාවත්මං පුදුම වෙන්නෙ නෑ. අණ්ණා එයාට නිවෙන්න තැනක් ඕන නම් මම ඉන්නවා. ඇයි එයාට බැරි මං එක්ක කතා කරන්න? මෙහෙමද එයා ප්‍රශ්නයක් උනාම හැසිරෙන්නෙ.. අන්නා එයාට විතරක් නෙමේ මටත්මුළු පව්ලම ඇස් ඉස්සරහ නැති උනා. රුද්ගෙ අම්මට මං සැලකුවෙ මගෙම අම්මට වගේ. එහෙම එකේ එයා මං වෙනුවෙන් ජීවිතේ දුන්න කිව්වම මම කොහොමද හැසිරෙන්න ඕනා.? පින් සිද්දවෙයි එයාට කියන්න දරුවා අපි අතරට එනකල් හරි මට ආදරෙන් සලකන්න කියල..අපෙ-නෑ ආය වැරදුනා.. මගෙ දරුවව මට හදාගන්න පුළුවන්"

එක හුස්මට කියවන් ගියපු මම කෑල්ලක් කාලා තිබ්බ පේර ගෙඩියෙන් තව කෑල්ලක් කඩාගන බැල්කනි එකට බර උනා.. අනේ හරි ලස්සනයි මෙහෙ..

"දන්නවද රාජ්.. මට බටුමෝජු කන්න ආසයි.. කෑමවල ගුනක් මට තේරෙන්නෙ නෑ.. පුළුවන්ද බලලා ගෙනල්ලා හරි හදල හරි..."

"මං බලන්නම් තම්බි.. ඔයාට කවුරුත් නෑ කියල හිතන්න එපා.. මම ඔයාගෙ අණ්ණා කියල හිතන්නකො.."

රාජ් මගෙ ඔළුවට තට්ටු කරන ගමන් කියද්දි මං හිනා වෙලා ආපහු මගෙ ඇස් රුද් දිහාට අරන් ගියා. දෙයියනෙ එයාගෙ ඇස් නැවතිල තිබ්බෙ අපි දිහාට. පුරුදු විදියටම ඒ ඇස් තරහෙන් පිරිලා, ඇහිබැමි දෙක එකට ගෑවෙනකල්ම රවාගන ඉන්නවා..අතේ තිබ්බ සිගරට් එක ඈතට විසි කරල දාද්දි එයාගෙ අයියත් බැල්කනි එක දිහාට හැරුනා.. දැන් මං දිහා ඇස් හයක් බලන් ඉන්නව.

එකක් ආදරෙන්.. අනික තරහෙන්.. අනික... ඒ ඇස් වල හැඟීම් නෑ.. රතු වෙකා තිබ්බ රුද්ගේ අන්නගෙ ඇස් හිස්ව මගෙ දිහාට වැටිල තිබ්බා... රුද් බලන් ඉද්දිම මං පේර ගෙඩිය විසි කරල එයාගෙ දිහාට ගැහුවෙ ඒක රුද්ගෙ දිහාට වේගෙන් යද්දි.. වැදෙන්න ඔන්න මෙන්න තියල ඒක අල්ලගත්ත රුද් මට පේන්නම කෑල්ලක් කෑවම තරහ ගිය මං අඩි පොළවෙ ගගහා ඇතුළට ආවා.

"මං යන්නම් ඌමනාවක් උනොත් කතා කරන්න.."

"හරි අණ්ණා තැන්කියු.."

ෆෝන් එකේ ගේම් එකක් ගහන්න ගත්ත මම ඒක ගහද්දි මගෙ ඇස් පියවෙලා ගියා..

Rudhra pov

"මොකද්ද බන් උඹ මේ කරන දේ තේරුම?"

රාජ් ආවෙ රුහාන්ගෙ කාමරේ ඉඳන්.. කෙලිම්ම පල්ලෙහට

"යෙන්න?"

"යෙන්න නෙමේ අම්මගෙ රෙද්ද. උඹට දුක නැද්ද රුද් අර පොඩි කොල්ලගෙ බඩේ ඉන්නෙ උඹෙ ළමයෙක්. මගෙවත් උඹලගෙ අන්නගෙවත් නෙමේ. ඌව බලපන් උන්ට අවධානෙ දීපන් පව් අයිසෙ"

කවදාවත් නැතුව මට රාජ් කෑගහද්දි මම ඈතින් පේන පන්සලක චෛත්‍යයෙ මුදුන දිහා බලන් හිටියා..

"උඹ දන්නව අපි මේ ප්ලෑන් කරන දෙයින් අපිට අනතුරක් වෙන්න 99%ක්ම ඉඩ තියනව කියල"

"මගෙ ගෑනියෙක් ඔහොම උනා නම් මම ඔය වගේ බලු වැඩ කරන්නෑ යකෝ. උඹ මාව යවල සැප දුක බලයි.. උඹ මාව යවල අහගෙන එයි. රුහාන් ඉල්ලන්නෙ උබෙ ආදරේ ඕයි. උඹගෙ උණුහුම.මං උගෙ මිනිහද ඒකව සනසන්න? උඹ දන්නවද මට මගෙ දරුවව හදාගන්න පුළුවන් කියද්දි ඒකගෙ මූණෙ තියන අහිංසක හිනාව කොච්චර ලස්සනද කියල"

මෙච්චර වෙලා කට පියන් ඉඳපු අන්නත් කට ඇරියා..

"මොකද්ද ප්‍රශ්නෙ?"

"දෙපාරක් කියන්න බෑ. මං හිතනව අණ්ණට ඇහුන කියල"

රාජ් මටත් බැනල සැරකටහඬකින් අණ්ණට කතා කරා.

"රුද් ඇයි උඹ ඒ කොල්ලව මගාරින්නෙ? පාවිච්චි කරා අතෑරියා වගේ සීන් එකකටද ළං උනේ?"

"අණ්ණා!"

මට කෑගැහුන. මගෙ තුන් හිතකවත් නොතිබ්බ දෙයක් මේ.

"කෑගහන්නෙ නැතුව එහෙනම් මට හේතු කියන්න."...

අණ්ණා කවදත් එහෙමයි ඌමනා දේ කතා කරා ඇහුව ඉවරයි. මැරයො වෙච්ච අපි අපේ හැඟීම් හංගන් හිටියා. මේ වෙලාවෙත් මට අණ්ණට තුරුල් වෙන්න ඕන උනා. ඒත් අපි මනුස්ස රූප ලැබුන තිරිසන්නු උනා.. නෑ අපිව එහෙම කළා.. අන්ණා තාමත් මගෙ මූණ බැලුවෙ නෑ. අණ්ණගෙ ඇස් පවා ඈත අතරමන් වෙලා තිබ්බ.

"අණ්ණා.. මං රුහාන්ව මට තව තව ලං කරගන්න එක හරිද?මම අහන්නෙ පොඩී සයිකො කිලර් කෙනෙක්ටත් වඩා අන්තයි. එහෙම එකේමරාගන මැරෙනව ඇරෙන්න වෙන ඔප්ශන් එකක් තියෙයිද අපිට? මගෙ රුහාන්ව මම ටිකක් ඈත් කරන එක නෙමෙද හොඳ?ම๬ නැතුව ජීවත් වෙන්න කියල දෙන එක නෙමේද මම කරන්න ඕන.."

"ඔය දේ කරන්න එපා රුද්‍ර.. උඹල වෙනුවෙන් මම මැරෙන්න ලෑස්තී. හැබැයි මෙතනදි මම ඇර උඹල එකෙක්වත් කරදරයක් කරගන්න බෑ. මං ආරන්චි උන ගමන් ආවෙ ඒකයි. මගෙ ගෑනී ළමයයි මට නැති උනා. වෙන නැති වෙන්න තියෙන්නෙ ජීවිතේ විතරයි.ඒකට හේතු උන මනුස්සයා මරල මෙහෙන් මාරු උන මට දැන් ඉතුරු දෙයක් නෑ.. මම මුළින් ඒ පොඩි කොල්ලට කැමති උනෙ නෑ. හැබැයි ඒ කොල්ල හුරතල්. ගිහින් නළවගනින්. පව්"

ලැබුන අවසරෙන් මම ගේ ඇතුළට පියෑඹුවා. මට සමාවෙන්න හිත රිද්දුවට..

______________________________

හිත රිද්දල සමාව ඉල්ලන්නත් එනව මට නං පේන්න බෑ😒

පරිස්සමෙන් ඉන්න හැමෝම.මෙහෙට වහිනවා වේලස්සන අපි දොයි😗

Share This Chapter