Back
/ 51
Chapter 25

...විසි පස්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මං ඇස් ඇරියා.. ඇස් ඇරල වටපිට බලද්දි දැක්කෙ මාව ඇඟට හේත්තු කරන් නිදි නැතුව ඔහේ අහක බලන් ඉන්න එයාව.

"රුද්..."

"රුද්...."

"රුද්....."

තුන්වෙනි පාර කතා කරද්දි ගැස්සිල වගේ මං දිහා බලපු එයා මගෙ මූණ අත් දෙකට මැදි කරගත්තා.

"රුද් මට කියන්න.. ඒක බොරුවක් නේද? ඒක අමූලික බොරුවක් නේද.. ම්-මට ඇහුන ද්-දේ.."

මං දිහා බලන් ඉද්දිම එයාගෙ ඇස් වලින් කඳුළු බින්දුවක් එළියට පැනලා ඒක එයාගෙ ට්‍රිම් කරාපු රැව්ල අස්සෙ හැංගිලා ගියා..

"මං දන්නව දරාගන්න අමාරුයි තමයි. ඒත් මගෙත් පපුව කෑලි වලට බිඳිලා ගිහින් කුට්ටි.. මට ජීවත් වෙන්න පවා තියන හේතුව දැන් ඔයයි,මගෙ සින්න කුට්ටී.. කලබල කරලා මහන්සි වෙන්න එපා කුට්ටි..."

"අණ්ණා එයාල මාව බේර-"

මටසම්පූරණ කරන්න දෙන්නෙ නැතුවම එයා දෙපැත්තට ඔළුව වැනුවා.. නෑ.. කිව්වා.. මට අහන්න ඕන උනේ මාව බේරගන්න ගිහින්ද ඒ දෙන්නට ජීවිත නැති උනේ කියලා. ඒත් මට ඒ ඇස් වල කවදාවත් නැතුව බොරු කියන බවක් පේනවා. මගෙ පපුව රිදෙනවා..

එහාපැත්තෙ ටේබල් එකේ තිබ්බ බත් පිඟානක් අරන් රුද් මං ගාවින් ඉඳගත්තා.

"කාල ඉන්නකො මගෙ තංගම්නේ.. දරුවටයි ඔයාටයි දෙන්නටම හොඳ නෑ කුට්ටි"

කන්න පිරියක් නැති උනත් මම කටවල් දෙක තුනක් කාලා රුද්ටත් වදෙන් පොරෙන් කටක් කවාගත්තා. මටත් වඩා එයාටයි අමාරු මම ඒක දන්නවා. කාලා අත හෝදන් ආපු එයාගෙ ඇස් වලින් මං බලන් ඉද්දිම කඳුළු පේලියක්වැටුනා..

"අඬන්න ඕන නම්.. මට පුළුවන් උරහෙ දෙන්න අණ්ණා.."

මාව ඇදිලා ගිහින් ඒ පපුවට තුරුල් වෙච්ච වෙලාවක් වත් මට මතක නොවෙද්දි එයා මගෙ උරිස්සෙ ඔළුව තියන් කෑගහල ඇඬුවා. මට හිතුණෙම මුළු ගේ පුරාම ඒ සද්දෙ පැතිරෙන්න ඇති කියලා වෙද්දි පැයකටත් වඩා අඬපු දුක කියපු මගෙ ජීවිතේ අයිතිකාරයාට අන්තිමේ ඇස් පියවුනා.. හිමීට උරහෙන් උකුලට එයාව ගත්ත මම වේළුනේ නැති කඳුළු පාරවල් හිමින් පිහිදාලා මූණට වැටුන කෙස් රොදකුත් අයින් කරලා දැම්මෙ එයාගෙ නහය උඩින් හාදුවක් තියන ගමන්..

"අනේ ඔහොම වැටිලා ඉන්න එපා අයියෙ.. මට හොඳක් දැනෙන්නෙ නෑ.."

ඇත්ත.මට මේ වෙන කිසිම දේක හොඳක් දැනුනේ නෑ.. මට ඕන උනේ රුද් එක්ක මුළු ලෝකෙන්ම හැංගෙන්න. හැංගිලා අපෙ දරුවා හදන් පාඩුවෙ ජීවත් වෙන්න. ඒත් දැන්.. එයා අනිවාරෙන්ම පළිගනීවි.. මරාගන මැරිලා හරි..

ටොක් ටොක් ටොක්..

"රුද් මේ මම.."

"එන්න රාජ්"

දොරට තට්ටු කරනවා ඇහෙද්දි මම ඇතුළෙ ඉඳන්ම එළියෙ ඉන්න රාජ්ට එන්න කිව්වා..

"රුද් මේ...

මගෙ උකුල උඩ ඔළුව තියන් නින්ද ගිහින් ඉඳපු රුද්ව දැකපු රාජ් කට වහගද්දි මං ඇයි ඇහුවා..

"හදිස්සියක් නෙමේ තම්බි.. මං- මං පස්සෙ එන්නම්..ඒත් මේ..."

"සොල්ල..එන්න ප්‍රච්චනේ?"

"ඉල්ලේ පා.. රුද්ගේ අණ්ණා.. එනව කියල.. ආරංචියක් ආවා..එයා එච්චර.. අම්ම්.. තේරෙනවනෙ.. රුද් ඉන්නෙ මෙන්ටලි ඩව්න් වෙලා.. ඉතින්.. මං ක්-කියන්නෙ.. තම්බි.. ඔයා ශක්තිමත්ව හිටියොත්...අපි බිඳවැටෙන එකක් නෑ.."

ම්ම්..

එයත් යන්න යද්දි මගෙත් කල්පනාව මෙතන ඉඳන් හුඟාක් ඈතට ගියා.. මුළින්ම මට අම්මා නැති උනා , ඊටපස්සෙ අප්පා , ඊගාවට මට දෙවනියට අම්මෙක් උන රුද්ගෙ අම්මා , ඊටත් පස්සෙ මාව මෙහෙට එන්නත් කලින් ඉඳන් විකාර කර කර හිනස්සවපු මිත්‍රන්.. වෙලාවකට මට හිතෙනවා මගේ තියන කරුමෙකට මට ලැබෙන හැමදේම නැතිවෙනව කියලා... එහෙම හිතෙද්දි මැරෙන්න හිතයි.

අනික රුද්ගෙ රූපෙම තියන තව සහෝදරයෙක්? මං කොහොමද මේ වෙන දේවල් හිතාගන්නෙවත්.. ඇයි තව සහෝදරයෙක් තවත් සහෝදරයෙක් මරන්න ට්‍රයි කරන්නෙ.. අනික අම්මා පවා මරලා දාලා..එයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

මගෙ ඔළුව පැටලුන නූල් බෝලයක් වගේ වෙද්දි මං තාම මෝරන්න හිතලවත් නැති මගෙ ෆ්ලැට් වෙලා ගිය බඩ උඩින් අත තියාගත්තා..

"මගෙ මැණික...පපාගෙ කුට්ටි...මගෙ පොඩි රුද්‍ර කුට්ටී සේරම අහන් බලන්ද ඉන්නෙ ම්ම්.. පුතාගෙ අප්පා දුකෙන්නෙ.. පපා මොකද කරන්නෙ දැන් ම්ම්... කුට්ටිට පුළුවන්ද ඉක්මනින්ම ලොකු වෙලා පපා ගාවට එන්න... අපෙ ජීවිතේට සතුට අරන් එන්න ම්ම්..."

🍃

අම්මගෙයි, මිත්‍රන්ගෙයි බොඩීස් වල ආදාහන වැඩ වෙද්දි පවා රුද්‍ර් හිටියෙ ගහක් ගලක් වගේ. හැබැයි එයා ගොඩාක් වෙලාවට උදේ සිද්දියෙන් පස්සෙ මාව මගෑරියා.. මං එද්දි අහකට ගියා.. මං කෑවද බලන්න විතරක් ළඟට ආවා.. එයා අපෙ දරුවට ආදරේ නැද්ද?

වාහනේ අළුත් ගෙදර ඇතුළට දාද්දිම මං ඉක්මනට වාහනේ දොරත් ඇරන් වත්ත පිටිපස්සට දිව්වෙ ඔක්කාරෙට එන ගතිය හින්දා..

බ්වෑක්..

කෑවෙ පොඩ්ඩක් උනත් ඒ සේරම අනික් අතට යද්දි මං අමාරුවෙන් ගහක් බදාගත්තෙ රුද්‍ර කීයටවත් මෙතෙන්ට එන්නෙ නැති හින්දා..

"අමාරුයි නේද කෝමට හේත්තු වෙන්නකො රුහාන්.."

ඇවිත් හිටියෙ රාජ්..ඇයි දෙයියනේ රුද් මටමෙහෙම කරන්නෙ.මට පොළවෙ පෙරලීගෙන අඬන්න ඕන කළා.. රුද්ගෙ පපුවට ගහලා ගහලා ඇයි මට මෙහෙම කරන්නෙ කියල අහන්න ඕනකරා.හැබැයි මම ඕනාවට වඩා ඉවසුවා. මං රාජ්ගෙ ඇඟට බරවෙද්දි ඉක්මනට මාව අල්ලගත්ත රාජ් මං ආයම වමනෙ කරද්දි මගෙ පිටයි කොන්දයි අතගෑවා..

උගුර දැවිල්ලයි.... ගේ ඇතුළට ආව මම සින්ක් එකෙන් මූණකට හෝඳගන උගුර දැවිල්ල නැති වෙන්න කූල් වතුර එකක් බීගන බීගන ගියෙ මට ඉස්මොල්ලේ ගිහින් කැස්සක් පවා අල්ලද්දි.. ඔළුව පැලෙන්න වගේ.. මගෙ අතේ තිබ්බ කූල් වතුර එක විසිවෙලා යද්දි මං ආපහු ඒක අහුලන් වතුර පුරෝලා ෆ්‍රිජ් එකට දැම්මා..

කාමරේටවත් ඇවිදගන්න මට පණ නැතිවෙද්දි ආව ගමන්ම රුද් නම් කාමරේට ගිහින් තිබ්බ. මට අඬන්න ඕන.. මං හිමින් ගෙදර ඇතුළෙ එහා කොනටම ඇවිද්දා.. මේ ගේ ලොකු නෑ. හැබැයි පුදුමාකාර තරම් සැප පහසුයි.. මං කර්ටන් එකක් අයින් කරල එළිය බැලුවා.. හවස් වෙලා. මගෙ පොඩි පැටියා බඩගින්නෙ තියන්නත් බෑ. කන්න පිරියකුත් නෑ.. මං දැක්කෙ මේසෙ කෙළවරේ තිබ්බ පේර ගෙඩියක් වෙද්දි මට ඒක කන්න නං ආස හිතුන. ආස හිතුනටත් වඩා පෙරේත හිතුනා. මං ඉක්මන්ට ඒක අරන් පිහිදාල කටේදාගෙන කෑල්ලක් හපලා ගත්තා..

ඒත් එක්කම ගේ ඉස්සරහින් වේගෙන් ආව කාර් වගයක් බ්‍රේක් ගහනව ඇහෙද්දි මං පේරගෙඩියත් අරන් දොරකඩට ගියෙ මගෙ ඉස්සරහින් රාජ් වගේම තව ගාඩ්ස්ලා දෙන්නෙක් හිටගද්දි. කලු කරල තිබ්බ වින්ඩෝ එකෙන් ඇතුළෙ ඉඳපු අය පෙනුනෙ නෑ.. හැබැයි තප්පර කීපයක් ගතවෙද්දි ඇතුළෙ ඉඳපු ගාඩ් කෙනෙක් බැහැලා පිටිපස්සෙ දොර අරිද්දි ඒකෙන් බැස්සෙ...

"ආදි අණ්ණා... රුහාන් ඉක්මනට ඇතුළට යන්න. රුද් ඉන්නව නං පල්ලෙහට එන්න කියන්න. අණ්ණා ඇවිත්.."

කලබල වෙච්ච මම පේර ගෙඩියත් බිමට අතෑරලා පඩිපෙළ දිගේ උඩට දිව්වා.. රුද්ටවත් ගානක් නැති මගෙ දරුවා ගැන මට ඇත්තටම එවෙලෙ හිතුනෙ නෑ.. මට ආදි ද කව්ද අණ්ණගෙ මූණ දැක්කම පවා බය හිතුනා..

"රුද්.."

වචනයක්වත් කතා නොකරපු රුද් මං දිහා හැරිල බලද්දි මං කඳුළු පාලනේ කරන් කතා කරා..

"ප්-පල්ලෙහා... ආදි අණ්-ණා.."

රුද්ගෙ මූණෙන් පවා බයවෙච්ච පෙනුමක් පේද්දි මගෙ උරහෙ වැදීගෙනම එයා යන්න ගියෙ මාව කාමරේ ඇතුළෙ තනි කරලා..

"ආර්ග්හ් ඇයී.!!"

අතට අහු උන ලොකු වීදුරු වාස් එක කුඩු වෙන්නම පොළවෙ ගහපු මම තව බඩු කීපයක්ම පොළවෙ ගහලා ඇඳට නැග්ගෙ පොළවෙ ගහපු පාරට මගෙ කකුළෙ ඇනුන පෝසිලේන් කෑල්ල පවා ගනන් ගන්නැතුව.

"මැරෙනව නං එකක්.."

"රුහාන්..මොකද මේ.."

ටිකකින් කාමරේට දුවන් ආව රාජ් මං දිහා බලල කාමරේ බලද්දි ටිකක් කලබල උනා..

"රුද්ට මොනව වෙලාද කියල මට හිතාගන්න බෑ අණ්ණා..මාව ඔය ඉනේ තියන ගන් එකෙන් තියල මරපන් අණ්ණා..මගෙ පපුවට වේදනායි.."

මං ගාවට ඇඳ එහාපැත්තෙන් ඇවිත් හිටගත්ත රාජ් මාව තුරුල් කරගද්දි මං කෑගහල ඇඬුවා.. මට පීඩනේ පිටකරගන්න ඕන උනේ රුද්ට තුරුල් වෙලා උනත් අවසානෙ රුද් නැති තැන මං රාජ්ට වාරු උනා.. ඇරල තිබුන කාමරේ දොරෙන් ඇතුලට ආපු රුද් පවා කාමරේ දැකල කලබල වෙද්දි රාජ්ට තුරුල් වෙලා ඉඳපු මාව දැක්ක එයාගෙ ඇස් ගැස්සිලා ඇහිබැම රැළි වැටුනා..

"උඹට කන්න ආස මොනව හරි තියනවද තම්බි?"

"වහ නැද්ද අණ්ණා.. මට වහ ටිකක් දීපන්..! ළමයටයි මටයි එකපාරම මැරිලා යන්න. උඹල තිබුනා අරූ අතින් විනාස වෙලා හරි මැරිල යන්න දෙන්න මට"

සලාං..

මේසෙ උඩ තිබ්බ ටේබල් ලෑම්ප් එකත් කුඩු කරපු රුද් යන්න ගියා..

"මං මේ ටික අස් කරන්න කෙනෙක් එවන්නම්.."

ම්ම්..

"තුවාල උනේ නෑනෙ..?"

"ඉල්ලේ අන්නා.."

එයත් යන්න යද්දි ඇනුන වීදුරු කටුව ගළවලා සයිඩ් ටේබල් එකෙන් තිබ්බ මම ඇඳේ හාන්සි උනා.. අනේ මට මේ ජීවිතේ ඇති.. පපාට මහන්සී පැටියෝ..

__________________________

සල ලල ලා~

සල ලල ලා ඉන්ද ආෆ්ටර් නූන්~

හායිම්. කෝමද. දුකයි නේ මටත් දුකයි...

ඉක්මනින් එන්නං.

ටිකක් නිවී හැනහිල්ලෙ ඉඳල යන්න.

බායී❤

Share This Chapter