Back
/ 107
Chapter 58

57 කොටස🤍✨

නිවාලන්න මා...

"අ....අක්කෙ...."

"කතා කරනවා පොඩ්ඩො!!! මොකද්ද මේ? මේ මම හිතන දේද?"

"..............."

"බිම බලන් අඩන්න නෙවෙයි මම කිව්වෙ! මේක දුන්නෙ කවුද? කවුද සුදුඅයියා කියන්නෙ?"

".................."

"උබ මොකෙක් හරි කාලකණ්නියෙක්ට අහුවෙලාද ඉන්නෙ පොඩ්ඩො!!! කතා...."

"එයා කාලකන්නියෙක් නෙවේ අක්කෙ.....එහෙම කියන්න එපා"

"ආ....ඔය ආවෙ කටට පණ! කතා කරනවා පොඩ්ඩො! කවුද මේ මිනිහා?"

"..............."

"මොකද්ද උබ මේ කරන් තියෙන අපරාදෙ කියලා කියනවා පොඩ්ඩො? මිනිහෙක් එක්ක යාලු......"

"අක්කට මාව අප්පිරියයි ද අක්කෙ?"

"අප්පිරියා!!! අප්පිරියා නෙවේ මනුස්සයො! මිනිහෙක් එක්ක යාලු උනාට මම උබව අප්පිරියා කරන්නෑ රත්තරනේ.....හැම දෙයක් අන්තිමේදිම උබ මගෙ පුංචි මල්ලි....."

"අ....අක්කෙ....."

"කාලකන්නියෙක්ට අහු වෙලා උබ විනාස වෙලා යනවටයි මේ අක්කා බය......ඒකයි මෙච්චර අහන්නෙ"

"අ...අක්කෙ....අනේ"

"අඩන්න එපා රත්තරනේ.....කෝ කෝ.....දැන් නාඩා ඉදින්....අක්කට හෙමීට විස්තර කිව්වම ඇති.....ඔහොම අඩන්නෙපා පොඩ්ඩො"

නේත්‍රව තුරුල් කරගත්තු අරුන්දතී අරලිය ගහ යට බංකුවෙන් ඉදගනිද්දි නේත්‍ර අරුන්දතීට තුරුල් වෙලා හයියෙන් හුස්ම ගන්න ගත්තා.නේත්‍රගෙ හැසිරීම අමුතු බව දැනුනු අරුන්දතී, නේත්‍රව තමන්ගෙ පපුවෙන් ඈත් කරද්දි නේත්‍ර ඇස් දෙක ලොකු කරන් හුස්ම වේගෙන් උඩ පහල දාන ගමන් හිටියා.අරුන්දතී නේත්‍රව මේ විදියට දකින පලවෙනි පාර මේක වෙද්දි නේත්‍රව වත්තං කරගත්තු අරුන්දතී කරන්න ඕනි මොකද්ද නොදැන අඩ අඩ නේත්‍රගෙ පපුව් අතගාන්න ගත්තා.

"එහාට වෙනවා!!!"

එකපාරටම තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනු හඩට පිටිපස්ස හැරිලා බැලුව අරුන්දතී දැක්කෙ හතිලමින් දුවගෙන එන සුදුබේබිව.නේත්‍ර ලගට ආව ආශව අරුන්දතීව පැත්තකට කරලා නේත්‍රව තමන්ගෙ තුරුලට ගත්තු හැටි අරුන්දතී බලන් හිටියෙ පුදුමයෙන්.වේගෙන් හුස්ම උඩ පහල දාන නේත්‍රව තමන්ට වාරු කරගත්තු ආශව නේත්‍ර ඇදන් උන්නු කමිසෙ උඩින්ම නේත්‍රගෙ පපුව අතගාන ගමන් හිස් මුදුනුන් හාදු තියන්න ගත්තෙ නේත්‍රව සන්සුන් කරන්න කතා කරනවත් එක්කමයි.

"කෝ....කෝ මැණිකෙ.....හුස්ම උඩ පහල දාන්න මා එක්ක..... කෝ"

"ම්හ්.......අහ්හ්හ්....."

"නේත්‍ර කග සුදුබේබි ඉන්නවා.....නේත්‍රගෙ සුදුබේබි නේත්‍ර ලගම ඉන්නවා.....මගෙ මැණික සන්සුන් වෙන්න......මුකුත් වෙන්නෑ මගෙ මැණිකට....කෝ හුස්ම උඩ පහල දාමු හෙමීට"

තමන්ගෙ පුංචි මල්ලිව සන්සුන් කරන ආශව දිහා බැලුව අරුන්දතී එහෙම්මම බංකුව උඩ තිබ්බ පොත දිහා බැලුවා.'සුදුබේබි' 'සුදුඅයියා' කියන වචන අරුන්දතීගෙ ඔලුව වටේ කැරකෙන ගමන් තිබ්බා.ඉස්සර ඉදන්ම සුදුබේබි තමන්ගෙ මල්ලි එක්ක උන්නු හැටි,මල්ලි සුදුබේබිට බැදුනු හැටි,දැන් සුදුබේබි මල්ලි එක්ක ඉන්න හැටි,මල්ලි සුදුබේබි ගැන කියද්දි ඒ ඇස් දිලිසෙන හැටි වගේ දේවල් ගැන අරුන්දතී කල්පනා කලේ සුදුබේබිගෙ තුරුලෙ ඉදන් සන්සුන්ව හුස්ම ගනිමින් නින්දකට වැටිලා ඉන්න තමන්ගෙ මල්ලි දිහා.අරුන්දතී දිහා බලලා රැව්ව ආශව නේත්‍රව තමන්ගෙ අත් දෙකට අරං බංකුව උඩින් නැගිටිද්දි අරුන්දතීත් ආශවගෙ පස්සෙන් ඇවිදන් ගියා.නේත්‍රව කාමරේ ඇද උඩින් තියලා නලලින් හාදුවක් තැවරුව ආශව හෙමීට කාමරෙන් එලියට ඇවිල්ලා සාල කෑල්ලෙ තිබ්බ පුටුවකින් ඉදගනිද්දි අරුන්දතී ආශවගෙ ඉස්සරහින් හිටගත්තෙ ඔලුව බිමට හරවගෙනමයි.

"නේත්‍රව එහෙම කලබල කරන්න හොද නෑ කියලා තමුන් දන්නෙ නැද්ද?"

"ස්....සමාවෙන්න සුදුබේබි"

"නේත්‍රට හුගක් බය හිතුනම,හුගක් කලබල වුනාම,හුගක් දුක් වුනාම වගේ වෙලාවල් වලදි පැනික් ඇටෑක් වගේ එනවා........ ඒ පුංචි එකාව පරිස්සම් කරන්න ඕනි අරුන්දතී!!!"

"මේ පොත පොඩ්ඩට දුන්නු සුදුඅයියා කියන්නෙ සුදුබේබිටද?"

"ඔව්......ඒකෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අරුන්දතීට?"

"දෙයියනේ සුදුබේබි!!! ප්‍රශ්න ගොඩක්නෙ!!! මගෙ අසරණ පුංචි එකා!!!"

අරුන්දතීගෙ පණ නැති වුණු කකුල් එහෙම්මම නැවෙද්දි ආශව හිස් බැල්මෙන් අරුන්දතී දිහා බලන් හිටියා.නේත්‍රට විතරක්ම උණු කරන්න පුංචි ආශවගෙ ගල් හිත අරුන්දතී මෙතන මැරිලා වැටුනත් කලබල වෙන්නෑ කියලා අරුන්දතීට උනත් තේරුම් ගිහින් තිබ්බා.තමන්ගෙ මල්ලි පැටලිලා ඉන්නෙ මර උගුලක් වගේ දේක කියන එක තේරු යන්න යන්න අරුන්දතීගෙ හුස්ම හිරවෙන්න වගේ එද්දි අරුන්දතී ඇස් දෙක වහගෙන සන්සුන් වෙන්න උත්සාහ කලා.අරුන්දතීගෙ ඔලුවෙ එක පැත්තකින් තමන්ගෙ අහිංසක මල්ලිව අම්මව මැවෙද්දි අනික් පැත්තෙන් මාන්නක්කාර වලව්වෙ මහතැන්ලව මැවිලා පෙනුනා.හිතට ශක්තිය අරං සන්සුන් වුණු අරුන්දතී ඇස් දෙක උස්සලා ආශව දිහා බලද්දි අරුන්දතීගෙ ඇස් වල තිබ්බ තද ගතිය ආශවට උනත් හොදටම පේන්න තිබ්බා.

"මගෙ මල්ලිව රවට්ටගත්තද සුදුබේබි? සුදුබේබිගෙ ඕනි එපාකම් ඉෂ්ට කරගන්න!!!"

"අරුන්දතී!"

"අම්මාපල්ල සුදුබේබි!!! මගෙ මල්ලිව පාවිච්චි කරන්න හිතන්නම් ලං වුණේ මගෙ මේ අත් දෙකෙන්ම මම සුදුබේබිව ඉවරයක් කරලා දානවා!!!"

"අරුන්දතී!!! සිහියෙන් කතා කරනවා!"

"මගෙ පුංචි එකා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ.....ඌ මගෙ පණ ටික.....සුදුබේබි ම....හ්....මගෙ අහිංසකයව රවට්ටනවා හෙම නෙවේ නේද?"

මුල් ටික ආවේගෙන් කියලා කෑ ගැහුවත් අවසානෙදි අරුන්දතීගෙ හඩ බිදිලා දුර්වල වුණේ තමන්ගෙ පුංචි මල්ලිට කරදරයක් වෙයි කියන බයටමයි.තවම පුංචි දරුවෙක් වගේ හැසිරෙන නේත්‍රව ආශව ලං කරන් තියෙන්නෙ අනතුරක් කරන්නනම් ආශවට බැගෑපත් වෙලා හරි නේත්‍රව ඒකෙන් ගලවගන්නවා මිසක් මේ මිනිස්සු එක්ක හැප්පෙන්න තරම් හයියක් තමන්ට නෑ නේද කියලා මතක් වෙද්දි අරුන්දතීට ඉකි ගැස්සුනා.අරුන්දතී දිහා බලාගෙනම ආශව උගුර පාදද්දි කදුළු පිහගත්තු අරුන්දතී ආශව දිහා එක එල්ලෙ බලන් හිටියා.

"නේත්‍රව මම දන්නෙ හුගාක් පුංචි කාලෙ ඉදන් අරුන්දතී.....අරුන්දතීටත් මතක ඇති ඒ කාලෙ.....මම ඒ කාලෙ ඉදන් නේත්‍රට බැදුනා"

"ඕ...."

"අරුන්දතී, මම වයසින් මෝරන්න මෝරන්න මගෙ හිතේ හිටියෙ නේත්‍ර විතරයි..... අඩුම මම දැනන් හිටියෙ නෑ සමාජ සම්මතේ ඉඩ තියෙන්නෙ ගෑනු පිරිමි සම්බන්ධතා වලට විතරයි කියලා..... මොකද මම එදා ඉදන්ම මගෙ අප්පච්චි  පුංචි අම්මා එක්ක ඉන්නවා වගේ ඉන්න හීන මැව්වෙ නේත්‍ර එක්ක.....තේරෙන වයසට එද්දි මම මගෙ ජීවිතේ ඉස්සරහට නේත්‍ර එක්කම ජීවත් වෙන්න තීරණේ කරලා ඉවරයි"

"සුදුබේබි?"

"ඔව් අරුන්දතී......අරුන්දතිත් ගමෙන් ගියාට පස්සෙ මම නේත්‍රව මගෙ තුරුලෙමයි තියාගත්තෙ....සමහරවිට මම නේත්‍රව වෙන කිසිම කෙනෙක් ගැන නොහිතෙන විදියට මගෙ තුරුලෙ  හංගගත්තා වෙන්නත් පුළුවන්.ඒත් නේත්‍රත් නොතේරෙන කාලෙ ඉදලා මගෙම වෙලා ඉදලා තියෙන්නෙ අරුන්දතී.අඩුම නේත්‍ර මම තරම් යාලුවෙක්ටවත් කිට්ටු උනේ නෑ.....දිවාසටවත්"

"................"

"තේරෙන වයසට එද්දි මම නේත්‍රට කෙලින්ම මගෙ හිතේ තියෙන දේ කිව්වා.....ඇත්තටම අපි දෙන්නට ලවර්ස්ලා වෙන්න විතරයි තිබ්බෙ.අමුතුවෙන් ආදරේ කරන්න පටන් ගන්න ඕනි වෙලා තිබ්බෙ නෑ.මම නේත්‍රගෙන් ආස්කවුට් කරද්දිනුත් නේත්‍ර මගෙ වෙලා ඉවරයි.නේත්‍ර මම ගැන හිතන්න,මට බැදෙන්න අරං ඉවරයි"

"සුදුබේබියි මගෙ මල්ලියි එතකොට?"

"යාලුවො නෙවේ අරුන්දතී......බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා..... මම දන්නවා අරුන්දතී කියන්න හදන දේ.ඒත් ඒ ඕනිම දේකට මූණ දෙන්න බලන් තමා මම නේත්‍රව මගෙ ලගට ගත්තෙ.අරුන්දතී හිතනවනම් නේත්‍රව මගෙන් ඈත් කරන්න ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න නිසා.....මම කෙලින්ම කියන්නෙ අරුන්දතී! මම නේත්‍රව අරං මෙහෙන් යනවා!"

"සුදුබේබි! සුදුබේබිට බෑ අපේ මල්ලිව අපෙන්....."

"එයා ඔයාලගෙ වගේම මගෙත් නේත්‍ර! ඔයාලගෙ වගේම මගෙත්! මටත් අයිතියි නේත්‍රව! අනික ඔයාට සැකනම් මට එහෙම නේත්‍රව අරං යන්න බෑ කියලා.....නේත්‍රගෙන් අහලා බලන්න මම නැතුව එක තත්පරයක්වත් ඉන්න පුළුවන් ද කියලා.....මට ඕනිම දේකට මූණ දෙන්න පුළුවන් අරුන්දතී......ඒත් නේත්‍රව ඈත් වෙන එකට මූණ දෙන්න බෑ"

"සුදුබේබි හිතන තරම් මේ සම්බන්ධෙ සරල නෑ සුදුබේබි.........මගෙ මල්ලි කෙල්ලෙක් නම් කුල මල, වත්පොහොසත්කම් ඔය හැම දේම පැත්තකට දාලා මහ මුදියන්සෙ,ලොකු මැණිකෙ සුදුබේබිගෙ සතුට ගැන හිතලා කවදාහරි මේකට කැමැත්ත දෙයි කියලා මට හිත හදාගන්න තිබ්බා.....ඒත් මගෙ පුංචි එකා කොල්ලෙක් සුදුබේබි.....කොලඹ ඉහල පැලැන්තියෙ සමහර පවුල් වලත් තවම ඔය වගේ සම්බන්ධකම් වලට විරුද්ධ වෙන එකේ ගම්මානෙක ඉන්න ගතානුගතික මිනිස්සුන්ගෙන් සහනයක් බලාපොරොත්තු වෙන එකත් විහිලුවක් සුදුබේබි"

"අරුන්දතී,මම හිතනව අරුන්දතී මම ගැන ටිකක් හරි දන්නවා ඇති කියලා.....මම කෙලින් වැඩ කරන කතා කරන මිනිහෙක් අරුන්දතී...... මේ ප්‍රශ්න එන බව දැන දැනමයි මම නේත්‍රට කිට්ටු වුණේ..... නේත්‍රට ආදරේ කරන්න ගත්තෙ....නේත්‍රව ලං කරගත්තෙ.මේ ප්‍රශ්න වලට මූණ දෙන්න බැරි වෙයි,දවසක මට ප්‍රශ්න වලින් පැනලා නේත්‍රව දාලා යන්න වෙයි කියලා සැකයක් හරි මගෙ හිතේ තිබ්බනම් මම නේත්‍රව කවදාවත් ලං කරගන්නෑ අරුන්දතී..... ඒත් මම ඒවට මූණ දෙනවා! මම මගෙ මට්ටම හදාගන්න දැන් ඉදන්ම උත්සාහ කරන්නෙ ඒකයි.මම මට ඕනි මට්ටමට ගියාම කවුරු විරුද්ධ වුණත් ඒ අයට මට ඉහලින් යන්න නොදී සටන් කරන්න පුළුවන් මට"

"පොඩ්ඩා හරි සියුමැලියි සුදුබේබි.....හරිම අහිංසකයි"

"නේත්‍රට ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන්නෙ නෑ අරුන්දතී....මම පොරොන්දු වෙන්නම්! ප්‍රශ්න වලට මම විතරයි මූණ දෙන්නෙ....නේත්‍ර හැමදාම මගෙ තුරුලෙ ඉදන් රැකෙයි!"

"මට මුකුත් තේරෙන්නෑ සුදුබේබි.....මට බයයි"

"අරුන්දතී හෙමිහිට කල්පනා කරලා බලන්න.....නේත්‍ර වෙන කෙනෙක්ට දුන්නොත් එහෙම වෙන දේ ගැන හිතන්න.නේත්‍ර මම ලගදි ආරක්ෂිතයි අරුන්දතී.....ඒකම වෙන්න ඇති කිසි කෙනෙක්ට ලේසියෙන් ලං නොවෙන නේත්‍ර මට විතරක් ලං වුණේ"

"සුදුබේබි මගෙ පොඩ්ඩව රකිනවා නේද සුදුබේබි....මගෙ පොඩ්ඩට කරදරයක් වෙන්න දෙන්නෙ නෑනෙ"

"මම නේත්‍රට ආදරේ තරම මමවත් දන්නෑ අරුන්දතී.....මට නේත්‍ර වෙනුවෙන් දෙන්න බැරි දේ නේත්‍ර විතරයි.....මගෙ පණ උනත් මම නේත්‍ර වෙනුවෙන් දෙයි"

"මට තව හිතන්න ඕනි සුදුබේබි.....හැමදේම පැටලිලා වගේ"

"හිතන්න අරුන්දතී....ඒත් නේත්‍රව මගෙන් වෙන් කරන්න හිතන්නවත් එපා!!!"

"මගෙ මල්ලිගෙ සතුටට මම බාධාවක් වෙන්නෙ නෑ සුදුබේබි......මටත් ඕනි මගෙ පොඩ්ඩා සතුටින් ඉන්නවා බලන්න"

ආශව පුටුවෙන් නැගිටලා කාමරේට ගිහින් නේත්‍රගෙ නලල ඉඹලා එලියට එන හැටි අරුන්දතී බලන් හිටියා.ඉස්සරහට වෙන ලස්සන දේවල් විතරක් හිතන්න අරුන්දතී උත්සාහ ගනිමින් ඉදිද්දි ආශව ගෙයින් පිට වෙන්න දොරකඩ ලගට ගිහින් හැරිලා බැලුවා.

"මම මෙහෙම ලේසියෙන් කෙනෙක්ට කියන්නෙ නෑ......ඒත්....ස්තූතියි අරුන්දතී! නේත්‍ර වෙනුවෙන් පවුලෙ කෙනෙක් විදියට හයියක් වෙනවට ස්තූතියි!"

අරුන්දතී දිහා බලලා සුහදව ලා හිනාවක් පෑව ආශව අරුන්දතී උත්තරයක් දෙන්න කලින්ම ගෙයින් පිට වෙලා යද්දි අරුන්දතී හෙමීට නැගිටලා දොර වහලා නේත්‍රගෙ කාමරේ ඇතුලට ආවා.නේත්‍රගෙ පුංචි ඇද උඩ හා පැංචෙක් වගේ ගුලි වෙලා නිදන් ඉන්න නේත්‍ර ලගින්ම ඉදගත්තු අරුන්දතී නේත්‍රගෙ සිනිදු කම්මුලක් හෙමීට අතගෑවා.ඒ කම්මුලෙන් දැනුනු සිනිදු බවට අරුන්දතීගෙ ඇස් වලට කදුළු උනද්දි නේත්‍ර ලගින්ම ඇල වුණු අරුන්දතී නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ ලෝකෙ තියෙන හැම නපුරකින්ම නේත්‍රව බේරගන්න වගේ.එකපාරටම ටිකක් කලබල වුණු නේත්‍ර නින්දෙන්ම දෙයක් මුමුණලා අරුන්දතීට තව ඩිංගක් තුරුල් වෙද්දි අරුන්දතී නේත්‍රගෙ හිස් මුදුනින් සිපුම් තැවරුවා.

"මගෙ අක්කා....."

නේත්‍ර ආපහු පාරක් නින්දෙන්ම මුමුණලා අරුන්දතීට තුරුල් වුණා.

.

.

.

.

.

නොදැනිම සදුදා දවසත් එලඹිලා තිබ්බෙ නේත්‍ර ඉස්කෝලෙ යන්න වගේම අරුන්දතී ගෙදර යන්න ලෑස්ති වෙද්දි.නේත්‍ර අරුන්දතීගෙ වටේ දැවටි දැවටි තව එක දවසක් ඉන්න කියලා කන් කෙදිරි ගෑවත් ඉස්කෝලෙ වැඩ පාඩු වෙන නිසා අරුන්දතී නේත්‍රට ඒ ගැන පැහැදිලි කරලා දීලා යන්න ලෑස්ති වුණා.පාන්දරම ගෙයින් එලියට බැස්ස අරුන්දතී වගේම නේත්‍ර නිර්මලාගෙ කකුල් අල්ලලා වදිද්දි නේත්‍රට ආශිර්වාද කල නිර්මලා අරුන්දතී තද කරලා බදාගෙන ඇස් වලට ඉනුව කදුළු හැට්ට කරින් පිහගත්තා.

"පොඩ්ඩො"

වලව්වත්තෙ පිට අඩි පාර දිගේ ගුරු පාරට යන ගමන් උන්නු අරුන්දතී නේත්‍රගෙ අතින් එකපාරටම අල්ලගෙන නවත්තගනිද්දි පුංචි නේත්‍ර අරුන්දතී දිහා ඔලුව උස්සලා බැලුවා.නේත්‍රගෙ බෝල ඇස් වල කදුළු පිරිලා තිබ්බෙ අරුන්දතී යන එකට දුකින්.ඉදලා හිටලා අරුන්දතීව බලන්න යනවා වගේම ඉදලා හිටලා අරුන්දතී ගමේ එනවා ඇරෙන්න නිතර දෙවේලෙ අරුන්දතීගෙ තුරුලෙ ඉන්න බැරි එක ගැන නේත්‍ර උන්නෙ හරි දුකකින්.නේත්‍රව තේරුම් ගත්තු අරුන්දතී නේත්‍රගෙ නිල ඇදුම පොඩි නොවෙන විදියට නේත්‍රව තුරුල් කරගනිද්දි නේත්‍රත් ඇස් වල තියෙන කදුළු වලට පල්ලම් බහින්න ඉඩ දෙන ගමන් අරුන්දතීට තුරුල් වුණා.

"මගෙ පොඩ්ඩා පරිස්සමින් ඉන්ම හොදද?"

"හ්...හරි අක්කේ"

"සුදුබේබි එක්කම ඉන්න......වෙන කා ලගටවත් වැඩියෙ යන්නෙපා....දන්නවද? මගෙ පොඩ්ඩා එන්න එන්නම ලස්සන වෙනවා....අක්කට බයයි ඒ නිසා"

"සුදුබේබි එක්ක ඉන්නම් අක්කෙ"

"හ්ම්ම්....කලබල වෙන්න එපා....අක්කට ඔයා ඊයෙ රෑ හැමදේම කිව්වනෙ...අක්කා මගෙ පොඩ්ඩගෙ විශ්වාසෙ රකින්නම්"

"අක්කෙ....."

"පොඩ්ඩාව සුදුබේබි හොදට බලාගනියි....ඒත් පරිස්සමින් පොඩ්ඩො.....කැලේ කොටි නෑ කියලා අපිට කියන්න බෑනෙ.සුදුබේබි හොද උනාට වලව්කාරයො හැමෝම හොද නෑ.ඒනිසා පරිස්සමින්"

"හා අක්කෙ"

"අක්කා ඕනිම දේකට මගෙ පොඩ්ඩා එක්ක ඉන්නවා.....මොකක හරි ප්‍රශ්නයක්නම් අක්කා ලගට එන්න....අක්කට පුලුවන් පොඩ්ඩව රකින්න"

"අක්කට මම ආදරෙයි"

"මාත් ආදරෙයි පොඩ්ඩො"

අරුන්දතී නේත්‍රව තුරුලට අරගෙන නේත්‍රගෙ හිස් මුදුන ඉඹිද්දි අරුන්දතීට දැනුනෙ ඕඩික්ලෝන් සුවදක්.තවම පුංචි දරුවො ගාවින් හමන සුවද ඇගේ තියෙන තමන්ගෙ පුංචි මල්ලිව ආරක්ෂා කරලා දෙන්න කියලා අරුන්දතී තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලුවා.නේත්‍රගෙ අතින් අල්ලගෙන පාරට ආව අරුන්දතී පාර අයිනෙ හිටන් උන්නු ආශව එක්ක ගරු සරු ඇතුව හිනා වෙලා නේත්‍රගෙ අත අතෑරියා.

"සුභ උදෑසනක් සුදුබේබි"

"සුභ උදෑසනක් මැණිකෙ.....කාලද ආවෙ උදේට?"

"ඕ....අක්කා බත් කැව්වා නේත්‍රට.....මේ....."

අඩ අදුරෙන් පරිසරේම වෙලාගෙන තියෙද්දි ආශවගෙ අතේ එල්ලුනු නේත්‍ර ආශවට තමන්ගෙ බඩට ඇන ඇන පෙන්න පෙන්න කියද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව පිටිපස්සෙන් එන අරුන්දතී දිහා බැලුවා.ආශව එක්ක හිනා වුනු අරුන්දතී නිහඩවම ආශවලා පස්සෙන් ඇදෙද්දි අරුන්දතීගෙන් තව දුරටත් තමන් දෙන්නට බාධාවක් නෑ කියලා ආශව තේරුම් ගත්තා.පුරුදු විදියටම මාර ගහ යට හිටගත්තු ආශවයි නේත්‍රයි බස් රථය එනකං බලන් ඉද්දි, අරුන්දතිත් නේත්‍ර එක්ක කියෝ කියෝ එතනට වෙලා හිටියා.ක්‍රීඩා උත්සවේ වැඩ වගේකට ඕනි වැඩ ටිකක් කරගෙනම ඉස්කෝලෙ එන්නම් කිව්ව දෙවින් අද උදේ බස් එකේ නොයද්දි දිවාෂයි තෙවිනුයිත් නැති වුනේ නිවාසෙ හදන්න ඕනි දේවල් වගයක් හොයාගෙනම එන්න ඕනිකම තිබ්බ නිසා.වුණු ප්‍රශ්නෙ නිසාද කොහෙද දෙනෙත් ඉස්කෝලෙ එන්නෙ නෑ කියලා දිවාෂ නේත්‍රට කිව්ව දේ නේත්‍ර ආශවට කිව්වත් ගල් හිතක් තිබ්බ ආශව නේත්‍රව හුරතල් කරන්න ගත්තා මිසක් අනික් අය ගැන හිතන්න කාලෙ නාස්ති කලේ නෑ.

"අපි බහිනවා අක්කෙ.....පරිස්සමෙන් යන්න එහෙනම්"

"හරි පොඩ්ඩො....බුදු සරණයි"

ඉස්කෝලෙ කිට්ටු වෙද්දි අරුන්දතීට සමු දුන්නු නේත්‍ර ආශව එක්ක බස් එකෙන් බැහැලා ගියේ අක්කගෙන් ඈත් වෙන්න තිබ්බ දුකට.නේත්‍රගෙ බෑග් එකෙන් අල්ලගත්තු ආශව සුපුරුදු විදියටම ඉස්කෝලෙ කිට්ටු වෙද්දි නේත්‍රගෙ කොණ්ඩෙ තමන්ගෙ අතින් හදලා නේත්‍ර එක්කම ඉස්කෝලෙට ඇතුල් වුණා.පන්තිභාර ගුරුවරුන්ව හම්බෙලා අදත් තමන් ඉස්කෝලෙ ආවා කියන පණිවිඩේ දුන්නු කොල්ලො දෙන්නා පිට්ටනියට දිව්වෙ නැත්තං නාම ලේඛන ලකුණු කරද්දි බිංදුව දාන්න ඉඩ තියෙනවා කියලා දෑනන් හිටි නිසා.

පාසල් පිට්ටනිය වෙනදට වඩා සෑහෙන්න කාර්‍යබහුල බවක් උසුලලා තිබ්බා.එක පැත්තකින් කැඩෙට් සාමාජිකයන්ගෙ මාච් පාස්ට් පුහුණු වීම් සිදු කරද්දි,අනික් පැත්තෙන් පාසල් තූර්ය වාදක කණ්ඩායමේ පුහුණුවීම් සිදු කරමින් තිබ්බා.තූර්ය වාදක කණ්ඩායමේ අලුත් නායකයා වුණු ආර්ය අර අතේ තියං යන major mace stick එක උඩ දාලා අල්ලගන්න හැටි නේත්‍ර බලන් හිටියෙ හරි ආසාවෙන්.නේත්‍රව දැක්ක ආර්ය පුහුණුවීම් නවත්තලා නේත්‍රට අත වනාගෙන ලගට දුවගෙන ආවෙ කණ්ඩායමේ අනික් අයටත් ටිකක් විවේක ගන්න කියලා.

"ගුඩ් මෝනින් ආර්ය"

"ගුඩ් මෝනින් නේත්‍ර.....අම්මෝ උදේ දැක්කත් ඇති මේ මූණනම්"

"හා හා ඒකෙ ලස්සන මම විතරක් බලාගත්තම ඇති ආර්ය!!!"

නේත්‍රගෙ පිටිපස්සෙ හිටිය ආශව කියද්දි ආර්ය හරි දුක්ඛිත හිනාවකින් ආශවට සංග්‍රහ කරලා පැත්තකට වුණේ ආශවගෙ පාරවල් හරි සැරයි කියලා අත්දැකීමෙන්ම දැනන් හිටිය නිසා.අට වසරෙදිද කොහෙද අවුරුදු උත්සවේකට නේත්‍ර ආව ලස්සන දැක්ක ආර්ය,දිවාෂ එපා කියලා කෑ ගහද්දිත් නේත්‍රව අල්ලන් බදාගෙන උම්මා දෙක තුනක් දීපු එකේ අවසාන ප්‍රතිඵලේ උනේ ආර්යගෙ දෙමව්පියන්ට සෑහෙන ගාණක් වියදම් කරලා ආර්යගෙ ඉස්සරහ දත් දෙකෙන් එකක් දාන්න උනු එක.කොහොමහරි ආර්ය ඉස්සරහ දතකුත් නැතුව සීයා කෙනෙක් වගේ සතියක් විතර ඉස්කෝලෙ ආවත් නේත්‍රට මතක තිබ්බා.ඇදගෙන වැටිලා දත කැඩුනා කියලා දෙමව්පිටන්ට ආර්ය කිව්ව නිසා ආශවට ප්‍රශ්නයක් උනේ නැහැ.

"දිවාෂ එන්න හුගක් වෙලා යයිද නේත්‍ර?"

"දන්නෑ ආර්ය......හවුස් එක හදන්න ඕනි කරන දේවල් වගයක් බලන්නනෙ ගියේ....පොල් අතු එහෙමත් වියන්න තියේ......ඒකට පොල් අතු එපායෑ.....කාගෙ හරි ලමයෙක්ගෙ වත්තකින් දෙන්නම් කියලා තිබ්බා දිවාෂට පොල් අතුනම්....ඒක බලන්න තමා ඔය ගියේ අද"

"ඌ එන්න පරක්කු වෙ....."

"එක පකයෙක් කරන්නෑනෙ වැඩක් හරියට.....තොපි ඔක්කොමල්ලව බාවලා තමා මම පස්ස බලන්නෙ!!!"

ආර්ය වගේම දිවාෂත් පිටිපස්සෙන් ඇහුණු සද්දෙට ගැස්සිලා යද්දි ආශව නම් එන මිනිහා කවුද කියලා තේරුම් ගත්තු නිසා ඔලුවවත් උස්සන්නෙ නැතුව ලග හිටිය ස්කූල් ඔෆිසර් එක්ක ෆයිල් එකේ තිබ්බ ලියකියවිලි වගයක් පුරවන ගමන් හිටියා.යක්සාවේස වෙලා හිටිය දිවාෂ වේගෙන් වේගෙන් නේත්‍රලා ඉන්න හරියට ඇවිදන් එද්දි නේත්‍රයි ආර්යයි දිවාෂ දිහා බලන් හිටියෙ දිවාෂ කොහොමත් මේ වගේ කේන්ති ගන්න එක හරි සාමාන්‍ය දෙයක් නිසා.

"පොල් අතු දෙන්නම් කියලත් කියලා.....පගයගෙ ආච්චිට පොල් අතු හොදි හදන් කන්නද දන්නෑ ඔච්චර ඕනි

"ජෙන්නං ජෙන්නං කියලා කතා කරගන්න ගියාම ' අතු බාන්න බෑනෙ දිවාෂ' යැයි යැයි චමා

බාවනවා මම පගයව.....පොල් අතු නෙවේ"

"මට පයින් ගහන්න එපා යුගාන්....මමයෑ පොල් අතු දෙන්නම් කිව්වෙ"

"උබත් කට වහන් වරෙං තෙවින්! තොගෙත් ඇට දෙක බාවලා මම නැත්තං නවතින්නෙ"

"ඊක්කා යුගාන්....ඔයා කොහොමද ඒ දෙක බාවන්නෙ?"

"කලිසම් ගලවලා කපනවා කතුරකින්!!! ඇයි උබ හිතන්නෙ මට බෑ කියලද?"

"මට කෑ නොගහා පොල් අතු දෙන්නම් කිව්ව එකාගෙ කපපංකො....හහ්!!! අහිංසක මට බයින්නෙ"

"අනේ මේ තෙවින්! කට වහගෙන වරෙං! නැත්තං අම්මපා මම උබේ කලිසම මෙතනදිම ගලවලා දානවා හු#ත!"

"හරි හරි යුගාන්.....ඔච්චර කලබල වෙන්න දෙයක් කිව්වෑ මම"

අඩි හප්පගෙන ආව දිවාෂ නේත්‍ර ලගින් නැවතෙද්දි නේත්‍ර දිවාෂ එක්ක ලස්සනට හිනා වුණා.නේත්‍රගෙ පිටට තට්ටුවක් දැම්ම දිවාෂ පිට්ටනියෙ තණබිස්ස උඩින් ඉදගනිද්දි නේත්‍රත් දිවාෂ ලගින්ම ඉදගත්තා.පින්න ඇරෙන්න වැස්සක්වත් වැහැලා නැති නිසා තණකොල වල ලොකු වතුරක් රැදිලා තිබ්බෙ නෑ.දිවාෂ ලගින් වාඩි වුණු නේත්‍ර දිවාෂ එක්ක ප්‍රශ්නෙ ගැන කතා කරද්දි ආර්ය තෙවින් එක්ක කතා කරන්න ගත්තෙ ආශව නේත්‍රව ඇරෙන්න වෙන කාවවත් ගණන් ගන්නෙ නැති නිසා.පොල්වතු කොච්චර තිබ්බත් සමහර මිනිස්සු ඒ පොල් අතු දෙන්න පවා ලෝභකම් කරන එක ගැන දිවාෂ හිටියෙ හරි කේන්තියකින්.කොල ටික පිරෙව්ව ආශව නේත්‍ර ලගින් හිටගනිද්දි නේත්‍ර ආශව දිහාට ඔලුව හරෝලා බලලා හිනා වුණා.

"දිවාස,අපේ වත්තෙන් ගමු.....මම හෙට උදේට ඒ ටික ලැබෙන්න සලස්සන්නම්"

"අඩෝ ආසව බොක්ක! උබර්නම් ගැම්මක් හරිතේ.....අපේ හවුස් එකට මේ කරන උදව් වලට උබ නිවන් යන්නෝනි"

"නේත්‍රගෙ හවුස් එක දිවාස.....ඒකයි උදව් කරන්නෙ"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව එතනින් පිට වෙලා යද්දී  දිවාෂ ලක්ෂ වෙනි වතාවටත් තේරුම් ගත්තා ආශවගෙ හිතේ එන මානුෂීය හැගීම් ඇති වෙන්නෙ නේත්‍ර ගැන විතරයි කියන එක.ආශව හිතන්නෙ,හොයන්නෙ බලන්නෙ නේත්‍ර ගැන විතරයි කියන එක.අද මේක වෙන නිවාසෙක ලමයෙක් ඇහුවනම් ආශව ඒකට 'අවසර' දෙයි. ඒත් 'උදව්' නොකරයි.තමන් ලග ඉදන් ඉන්න නේත්‍ර ගැන හරි දයාබර බැල්මක් හෙලුව දිවාෂ එහෙම්මම තමන් ලග හිටන් හිටිය තෙවින්ගෙ කලිසමේ යට හරියෙන් අල්ලගත්තෙ නැගිටින්න තිබ්බ වුවමනාවට.

"ඔව් ආර්ය....ඒක....හුත්!!! යුගාන්!!! පිට්ටනියක් මැද්දෙ කලිසම ගලවන්නද හදන්නෙ උබ?"

"ඔව්! ගලෝලා ලපේ....."

"යුගාන් කට!"

තෙවින්ගෙ කලිසමේ ආධාරෙන් නැගිට්ට දිවාෂගෙ කට වහගත්තු තෙවින් ආර්ය දිහා බලලා බයාදු හිනාවක් පාද්දි දිවාෂගෙ හැටි දැනන් උන්නු ආර්ය හයියෙන් හිනාවෙන්න ගත්තා.තමන්ගෙ කට වහන් උන්නු තෙවින්ගෙ අතේ අල්ල දිව එලියට දාලා ලෙව කාලා තෙවින්ගෙන් ගැලවුණු දිවාෂ නේත්‍රවත් ඇදගෙන නිවාසෙ පැත්තට ගියේ අද නිවාසෙ හදන වැඩ වගේම පිහිණුම් තරගත් පැවැත්තෙන නිසා.ඔක්කොම දේවල් වල අර නිවාස නායකයො,ක්‍රීඩා නායකයො අතට පත් වෙලා තියෙද්දි ඒ හැමෝම නොපෙන්නුවට හිටියෙ ලොකු පීඩනේකින්.

"හවුස් එක හදන වැඩ ගිය සතියෙම පටන් ගත්තු එක හොදට ගියා නේද නේත්‍ර...... මේ සිකුරාදා මීට් එකනෙ? ඕක අන්තිම මොහොතෙ හදන්න ගත්තොත් එහෙම වෙලා මදි"

"ඔව් දිවාෂ......එතකොට පිටිපස්ස හරිය හට් එක වගේ ගහලා ඉස්සරහ නේද වෙස් මූණ හදන්නෙ? පොඩි අයට එදාට අව්වෙ ඉන්න අමාරුනෙ දිවාෂ.....අපි වෙනම හට් එකකුත් ගහනවනෙ?"

"ඔව්.....ඒක ඉස්කෝලෙන්ම ගහලා දෙනවනෙ අපිට....ඒක නම් බ්‍රහස්පතින්දා හවස වගේ සෙට් කරයි.නිමේත්ලා පූල් එක ලග නේත්‍ර.....උන්ට අද තරග ටික ඉවර වෙනකං එන්න වෙන්නෑ එතනින්"

"ඒ ඇයි?"

"ස්විමින් ක්ලබ් එකෙන් තරගෙට එන අයට ප්ලේසස් යනවනෙ කොහොමත්.....ක්ලබ් එකේ හොදම ස්විමර් ඉන්නෙ ආසවලගෙ හවුස් එකේ.... හැබැයි උගෙ පඩේ වැඩියි... දින්නට පස්සෙ ශෝ එක දානවා ලෙසටම.ඕකට අනික් ටීම් වල උන්ට මල පයිනවා"

"ඇත්තටම?"

"ඕ.....ඔයාට මතකද ගිය පාරත් ඔය ස්විමින් තරග ටික තියෙන දවස් වල හෙන වලියක් ගියා ආසවලාගෙ හවුස් එකෙයි දෙනෙත් අයියලෑ එකෙයි? ඒ පාර දෙනෙත් අයියලෑ එකේ එක්කෙනා සෙකන්ඩ් ප්ලේස් අරන් තිබ්බෙ.ඉතින් ආසවලගෙ හවුස් එකේ අර ඩයල් එක දෙනෙත් අයියලෑ එකේ එක්කෙනාගෙ මූණ ඉස්සරහටම ඇවිත් ටිකක් දගලලා....ඒකට උන්ගෙ හවුස් එකේ උන්ටයි උටයි මල පැන්නා.....ඉතින් වලියක් ගියා"

"එහෙම එකක්ද උනේ එදා? මට මතකයි දෙවින් අයියයි සුදුබේබියිත් තුවාල කරං ආවා"

"ඔව්....දෙවින් පණගෙයි ආසවගෙයි හවුස් එකේ ඒ ඩයල් එක අපේ වයසෙ උනාට ඌ ඒපාරත් දිනලා තිබ්බා ඉතින්.දෙනෙත් අයියලෑ එකේ එක්කෙනා ආසවලගෙ වයසෙ.ඒත් අපි දෙගොල්ලම එකම වයස් කාණ්ඩෙටනෙ වැටෙන්නෙ.හිතන්නකො ඉතින් මල්ලි කෙනෙක් අයියා කෙනෙක්ට අර වගේ කෝචෝක් පාරක් දෙද්දි? හැබැයි ආසවයි දෙවින් පණයිනම් තුවාල උනු ඇත්ත හේතුව උන්ගෙ හවුස් එකනම් නෙවේ"

"එහෙනම්? මම සුදුබේබිගෙන් එදා අහන්න ගියේ නෑ තුවාල උනේ කොහොමද කියලා.....උනාට පස්සෙ අහලා සුදුබේබිට කරදර කරන්න ඕනි උනේ නෑ මට.මම තුවාල වලට බේත් කරලා හිටියා....ඒ නිසා දන්නෑ මම ඔය විස්තරයක්නම් දිවාෂ"

"දෙනෙත් අයියා වලි කාපර්නෙ ඔහොම හිටියට.උන්ගෙ එකේ උන් වලියට පනිද්දි මූ ඔක්කොටම කලින් පැනලා ඒ මැද්දට.ඕක දැකලා පැත්තක උන්නු දෙවින් පණ වලියට පැනලා තියෙන්නෙ දෙනෙත් අයියව බේරගන්න.දෙවින් පණත් ගුටි කනවා දැකලා ආසවයා වලියට ගිහින් ඌව බේරගන්න.මොනා උනත් හොදම යාලුවො දෙන්නනෙ.අන්තිමේදි ඔක්කොටම තුවාල වෙලා තමා වලිය නතර උනේ.ඔයා එදා ඉස්කෝලෙ නෑවිත් ගෙදර උන්නෙ අරුන්දතී අක්කා ගෙදර ඇවිල්ලද කොහෙද?"

"ඔව් ඔව්.....අම්මෝ සුදුබේබි හරි නරක වැඩ කරනවා නේද දිවාෂ? හුම්ම්ම්.....තුවාල උනත් ගාණක් නෑනෙ සුදුබේබිට....මට තමා දුක හිතෙන්නෙ"

දිවාෂ නේත්‍රගෙ කරටත් අත දාගෙන නිවාසෙ හදන ලමයි ලගට ගිහින් උපදෙස් දෙන ගමන් උදව් කරන්න ගත්තා.කොල්ලන්ගෙ තිබ්බ දක්ෂකමින්ම වෙස් මූණට ඕනි කරන අවයව එකින් එක ගොඩ නැගෙන හැටි නිවාසෙ හැමෝම බලන් හිටියෙ හරි ආසාවෙන්.හාඩ්බෝඩ් වලින්,කාඩ්බෝඩ් වලින් වගේම පත්තර වලින් වෙස් මූණෙ අවයව සැකසෙද්දි මේ වෙද්දිනුත් වෙස්මූණෙ කන් දෙක දැනටමත් හදලා ඉවර වෙලා තිබ්බා.උසස්පෙල ශිෂ්‍යයො එකතු වෙලා ඒ දේවල් හදද්දි දහය වසර එකොලහ වසර කොල්ලො එකතු වෙලා තමන්ගෙ නිවාසයේ නමේ අකුරු ටික හදන ගමන් හිටියා.

"නේත්‍ර අයියේ.....හවස් වෙද්දි ලයිට් දානවා නේහ් අකුරු වලට?"

"ඔව් මල්ලි......ටෙක් එකේ අයියලා වගයක් ඒක කරන්න භාරගත්තා.....අකුරු ටික හදලා එයාලට දෙමු"

"හරියෝ"

ලගට ආව එකොලහ වසරෙ පොඩි කොල්ලගෙ ඔලුව අතගෑව නේත්‍ර ආපහු පාරක් කර කර හිටිය වැඩේම කරන්න ගනිද්දි ඒ පොඩි කොල්ලා යාලුවො ලගට ගිහින් මොනාහරි කියලා හරි මනමාල පාටට හිනාවෙන හැටි දිවාෂ බලන් හිටියෙ ඇසුත් හීනි කරං.නේත්‍ර ඔලුව අතගෑව එකට අර පොඩි කොල්ලගෙ මූණ රතු වෙලා තිබ්බා.ලොකු හුස්මක් පහල දැම්ම දිවාෂ බිම ඉදගෙන කට්ටිය එක්ක වැඩ කරන නේත්‍ර දිහා බලලා අහස දිහා බලන්න ඔලුව උස්සගත්තා.

"පොඩි පගයෙක් නිසා ගහන එකක් නෑ.....හැබැයි කලිසම ඔලුවෙන් ගලෝලා ඕකව ගහක නම් එල්ලයි ආසවයා"

...................................................................................................

"පුංචි අම්මෙ..."

"ඕ සුදුපුතා.....ඉදගන්න.....කියන්න"

හවස් වෙනකං ප්‍රශ්න පත්‍ර වගයක් කෙරුව ආශව හෙමීට පාත මාලෙට බැස්සෙ උවමනාවක් ඉෂ්ට කරගන්න.ඇදන් හිටිය කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙක ඔබාගත්තු ආශව හෙමින් සැරේ ඉස්තෝප්පුව පැත්තට යද්දි ආශවගෙ ඉලක්කය වුණු ලොකු මැණිකෙ උපැස් යුවල ගලවලා පැත්තකින් තියලා පොතත් අරං ගෙට එන ගමන් හිටියා.ආශව කතා කරන පුංචි වචනෙට පවා හරියට ආදරේ කරන ලොකු මැණිකෙ ඔක්කොම වැඩ පැත්තක දාලා සාලේ සෝෆාව උඩින් ඉදගෙන ආශවටත් ඉදගන්න කියලා ආශව දිහා හරි උනන්දුවෙන් බැලුවා.

"පුංචි අම්මෙ.....මේ.....දෙයක් අහගන්න ආවෙ නම්....."

"කියන්න සුදුපුතා...මොකද්ද?"

"කුරුලෑ වලට ගාන්න හොද මොනාහරි ක්‍රීම් ජාතියක් හරි ෆේස් වොශ් ජාතියක් හරි තියෙනවද පුංචි අම්මෙ?"

"කුරුලෑ? සුදුපුතාගෙ මූණෙ කුරුලෑ දාලද? කෝ....."

"නෑ නෑ පුංචි අම්මෙ.මගෙ යාලුවෙක් අහන්න කිව්වෙ"

"ආ....පොඩ්ඩක් ඉන්න සුදුපුතා.....නිර්මලා! වතුර වීදුරුවක් ගේන්න...... මෙහෙමයි සුදුපුතා,ඔය ප්‍රඩක්ට්ස් එක එක ස්කින් එකට එක එක ජාතිය ගැලපෙන විදියටයි හදලා තියෙන්නෙ.ඒ කියන්නෙ දැන් මගෙ තියෙන්නෙ තෙල් සහිත හමක්.මට හරියන ප්‍රඩක්ට් එක වියලි හමක් තියෙන කෙනෙක්ට හරියන්නෑ.....යාලුවගෙ හම කොයි...."

"සිනිදු...කැහ් කැහ්....යාලුවගෙන් අහලා තමා කියන්න ඕනි පුංචි අම්මෙ ඒකනම්"

"ආ....අහලා බලලා කියන්නකො සුදුපුතා.මම කාලෙකට කලින් හැමෝම හොදයි කිව්ව නිසා ඇක්නස් ෆේස්වොශ් එක යූස් කලා.මගෙ මූණෙ ගෙඩි දාගෙන ආවා ඒකට.අනික් අයට හරි ගියාට ඒක මට හරි ගියේ නෑ.දැන්නම් මම ගාන්නෙ ජෝවීස් ටී ට්‍රී ෆේස් වොශ් එක......සුදුපුතා යාලුවගෙ හම කොයි වගේද කියලා බලලා මට කියන්නකො.මම එතකොට....ආහ්හ්හ්.....නේත්‍ර කොල්ලා කුස්සියෙද හිටියෙ?"

"ඔව් ලොකුමැණිකෙ....වතුර එක....."

ලොකු මැණිකෙගෙ කතාවට බාධාවක් නොවෙන විදියට කිට්ටු වුනු නේත්‍ර සෝෆාවෙ ඉදන් උන්නු ආශව දිහා බලන්නෙවත් නැතුව බිම බලාගෙනම ගිහින් ලොකු මැණිකෙගෙ අතට වතුර වීදුරුව දෙද්දි ආශව කහින සද්දෙ නිසා නේත්‍ර ඔලුව උස්සලා ආශව දිහා බැලුවා.ලොකු මැණිකෙ වතුර එකේ සිහියෙන් ඉන්න බව තේරුම් ගත්තු ආශව නේත්‍රව ටිකක් බය කරන්න වගේම නේත්‍රගෙ හුරතලේ බලාගන්න තිබ්බ වුවමනාව නිසා තමන් දිහා බලන් ඉන්න නේත්‍ර දිහා බලාගෙනම සෝෆාවට හොදට පිට තියලා හේත්තු වෙලා අත් දෙක දෙපැත්තට දිගෑරගෙන සෝෆාවෙ උඩ හරියට වෙන්න තියාගත්තා.කකුල් දෙකත් ඈත් කරගත්තු ආශව නේත්‍ර දිහා බලලා ඇහි බැම් දෙකට උඩට දෙතුන් පාරක් නටෝලා කට පොඩ්ඩක් ඇරල දිව දෙපැත්තට නටෝලා ලොකු කෙල ගුලියක් ගිල්ලා.

ආශවගෙ ඉස්සරහට නෙරාගෙන ඇවිත් තිබ්බ උගුරු දණ්ඩ ඉදිරියට වෙන හැටි වගේම ආශවගෙ මූණෙ තිබ්බ අමුතුම පෙනුම දිහා බලන් හිටිය නේත්‍රගෙ කොන්ද දිගේ හිරියක් යනවත් එක්ක නේත්‍ර තමන්ගෙ චුට්ටං අත් වලයි චුට්ටං කකුල් වලයි ඇගිලි රෝල් කරං ගුලි කරගත්තා.නේත්‍රගෙ කන් දෙක ඉදන්ම රතු වෙද්දි වතුර එක බීලා ඉවර කල ලොකු මැණිකෙ නේත්‍රට හිස් වතුර කෝප්පෙ දික් කලා.ඒත් එක්කම ලොකු මැණිකෙගෙ ඇස් දෙක නැවතුනේ නේත්‍රගෙ නාහෙට පොඩ්ඩක් දකුණට වගේ වෙන්න දාගෙන එන පුංචි කුරුලෑ දෙක.ලොකු මැණිකෙට ඔලුව නවපු නේත්‍ර ඉක්මනටම එතනින් පැනගනිද්දි තමන්ගෙ සුදුපුතා මෙච්චර උවමනාවෙන් කුරුලෑ වලට බේත් හොයන්නෙ මේ හේතුව නිසාද කියන සාධාරණ සැකේ ලොකු මැණිකෙට එද්දි තමන්ගෙ ආදරණීය සුදුබේබි කරන මේ අමන වැඩ ගැන නොදැන හිටි නේත්‍ර වලව් මුළුතැන්ගෙයි උන්නු තමන්ගෙ අම්මට උදව් කරන ගමන් හිටියා.

"හරි පුංචි අම්මෙ.තෑන්ක්ස්"

"සුදුපුතා...."

ලොකු මැණිකෙ කතා කරද්දි කාමරේට ඇදෙන්න ගිය ආශව ගමන නවත්තලා ලොකු මැණිකෙ දිහා බලනවත් එක්ක ලොකු මැණිකෙත් සෝෆාවෙන් නැගිට්ටෙ කාමරේ පැත්තට යන්න හිතාගෙන.

"සමහර හමවල් තියෙනවා හරි අඩුවෙන් මිනිස්සුන්ට ලැබුනු.....ඔය අව්වෙ එක දිගට වැඩ කලාම් ඒ වගේ මූණු වල කුරුලෑවක් දෙකක් දැම්මා කියලා කෙමිකල් ජාති උලන එකනම් එච්චර හොද වැඩක් නෙවේ සුදුපුතා....කෝමාරිකා ටිකක් මූණෙ හොදට අතුල්ලලා මූණ පිරිසිදු කරගෙන ඖෂධීය දෙයක් ඔය කුරුලෑ තියෙන තැන්වලින් ගෑවනම් ඇති.....නැත්තං අපරාදෙ ඒ හොද ලස්සන මූණු විනාස වෙනවා"

"ඖ.....ඖෂ්ධීය දෙයක් කිව්වෙ පුංචි අම්මෙ?"

"මම ලග තියෙනවා ආයුර්වේදෙන් ගෙනාව කුඩක්....ඒක නිකං වතුරෙන් හරි රෝස වතුරෙන් හරි මිශ්‍ර කරලා ගෑවම ඔය කුරුලෑ ටික දවසකිම් බැහැලා යනවා වගේම කැලැල් හිටින්නෙත් නෑ......කවුද දන්නෙ සුදු පුතාගෙ යාලුවගෙ කුරුලෑ එන්නෙත් එහෙම වෙලානම්? නේද සුදු පුතා?"

"එ....ඒකනෙ පුංචි අම්මෙ නේද?"

"ඕ....ඒක තමා.මම ඒ කුඩෙන් ටිකක් දෙන්නම්.සුදුපුතා හෙට ඉස්කෝලෙ ගියාම යාලුවට දෙන්නකො ඒක.....රෝස වතුරෙන් මික්ස් කරල ගෑවොත් වඩාත් හොදයි....හරි නේද සුදුපුතා?"

"ඕ ඕ....හරි පුංචි අම්මෙ"

ආශව ලොකු මැණිකෙ දිහාවත් නොබලා උඩු මගලට දුවන හැටි ලොකු මැණිකෙ බලන් උන්නෙ ලස්සන හිනාවක් මූණෙ රදෝගෙන.ඒත් එක්කෙම බිත්තියෙ ගහලා තිබ්බ තමන්ගෙ මගුල් ඡායාරූපෙ දිහා බැලුව ලොකු මැණිකෙගෙ  මූණෙ තිබ්බ හිනාව අඩු වෙනවත් එක්කම බැරෑරුම් බවක් ආරෝපණය වුණා.තමන් කරන දේ හරිද? මේ දේවල් නවත්තන්න ඕනිද? කියන දේ තේරුම් ගන්න ලොකු මැණිකෙට පුලුවන්කමක් තිබ්බෙ නෑ.එදා සුදුපුතාගෙ කාමරේ ඇතුලෙන් ඇහුණු කතා බහ වගේම ආශවගෙ නේත්‍රගෙ පුංචි පුංචි හැසිරීම් විශේෂයෙන්ම ආශවගෙ හැසිරීම් එක්ක ලොකු මැණිකෙ හැම දෙයක්ම වටහාගෙන හිටියා.

ඒත් ඒ දෙයින් අනාගතේදි වෙන්න තියෙන දරුණු ප්‍රශ්න ගැනත් ලොකු මැණිකෙ තේරුම් අරගෙන හිටියා.ඒ ප්‍රශ්න වලට සුදුපුතා කොහොමහරි මූණ දුන්නත් නිර්මලාගෙ පුංචි එකාට මූණ දෙන්න පුලුවන් වෙයිද කියන බය ලොකු මැණිකෙගෙ හිතට ආවා.අනාගතේදි වෙන්න තියෙන දරුණු දේවල් ගැන විතරක් හිතලා සුදුපුතාගෙ මේ දේ තමන් කොහොමහරි වලක්කනවද? එහෙමත් නැත්තං සුදුපුතාගෙ සතුට ගැන වගේම අනාගතේ ගැනත් සුභවාදීව හිතලා සුදුපුතාගෙ මේ දේට තමන් උපකාර කරනවද? කියන ප්‍රශ්න දෙක ඇතුලෙ ලොකු මැණිකෙ දෝලනය වෙන ගමන් හිටියා.

ඒත් ලොකු මැණිකෙ දැන නොහිටි කාරණේ වුණේ තමන්ගෙ සුදුපුතා වෙනුවෙන් ඕනිම භයානක දෙයක් වුණත් දරන්න හයිය හිතක් නිර්මලාගෙ පුංචි එකාට තියෙන වග.....

නිර්මලාගෙ පුංචි එකා වෙනුවෙන් තමන්ගෙ සුදුපුතාට පරිත්‍යාග කරන්න බැරි එකම දේ ඒ පුංචි එකාම විතරක් වග.....

තමන්ගෙ සුදුපුතා නැත්තං නිර්මලාගෙ පුංචි එකා කියලා එකෙකුත් මේ ලෝකෙ නොයින්න වග.....

නිර්මලාගෙ පුංචි එකා නැත්තං තමන්ගෙ සුදුපුතා කියලා එකෙකුත් මේ ලෝකෙ නොයින්න වග......

.

.

.

.

.

"නිර්මලාගෙ කොල්ලද මාලු ටික මිරිසට හදල තියෙන්නෙ අද?"

"ඔව් අපේ මහත්තයා.....ඒකාගෙ කෑම පංකාදුයි නිර්මලාගෙ කෑම වලටත් වඩා....."

"හ්ම්ම්ම්"

රෑ කෑම මේසෙ ඉදන් හිටිය ලොකු මැණිකෙයි මහ මුදියන්සෙයි කෙටි කතා බහක නිරත වෙද්දි ආශවනම් බලන් උන්නෙ කෑම කාමරෙන් වලව් මුළුතැන්ගෙට ඇරිලා තියෙන දොරට කෙලින්ම පේන තමන්ගෙ පුංචි ආදරවන්තයා දිහා.පුංචි කාලේ බිම නොගෑවෙන කකුල් හොල්ල හොල්ල බංකුව ඉඩ නැගලා කෑම කෑව චුට්ටං නේත්‍රගෙයි අද කෑම කන ලොකු නේත්‍රගෙයි තිබ්බ එකම වෙනස වුණේ දැන් ඒ බංකුවෙන් ඉදගත්තම නේත්‍රගෙ කකුල් බිම ගෑවෙන එක විතරයි.නේත්‍ර දිහා බල බල කෑම කකා හිටිය ආශවගෙ මූණට හිනාවක් ආවෙ නේත්‍රත් කෑම එක ආසාවෙන් කමින් හිටි බව දැක්ක නිසා.

"කොල්ලො!!! මෙහෙ ඇවිල්ලා කෑම මේසෙ අඩු පාඩු පුරවපං!!!!"

මහ මුදියන්සෙගෙ කටහඩ ඇහුණු නේත්‍ර කන්න ගත්තු කෑම පතත් මුළුතැන්ගෙයි තට්ටුව උඩින් තියලා අතත් හෝදන් දඩි බිඩි ගාලා කෑම කාමරේට දුවං එද්දි ආශවගෙ පපුව පැලෙන තරමට ලොකු වේදනාවක් දැනුනා.පුංචි කාලෙ මේ වගේ දේවල් වලට විරුද්ධව කතා කෙරුව ආශවගෙ වචන මහ මුදියන්සෙ එච්චර ගණන් නොගත්තත්,දැන් පරිණත තරුණයෙක් වුණු ආශවගෙ හැම වචනයක් ගැනම මහ මුදියන්සෙ සෑහෙන්න හිතලා බැලුවා.ඒ බව දැනන් උන්නු ආශව මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන්න නොගියෙ අප්පච්චිගෙ හිතට සැකයක් දාලා නේත්‍රගෙ අනාගතේම කඩාකප්පල් කරන්න වුවමනාවක් නොතිබ්බ නිසා.ආශවට ඕනි වුණු විරුද්ධ වෙන්න.ආශවගෙ හිතේ හයිය ඕනිවටත් වඩා තිබ්බා ඒ දේට විරුද්ධ වෙන්න.ඒත් ආශව දැනන් හිටියා මේ ඒ දේට හරි කාලෙ නෙවෙයි කියන එක.ආශව ඉවසුවා,තමන්ගෙ මට්ටම හදාගෙන හරිම වෙලාව එලඹෙනකං.

"හෙට ඕකාට කියන්න මැණිකෙ, අර බුලත් වගයක් හෙට කඩවනවා....ඒ ටික පනහෙ මිටි බදින්න කියලා....ඉස්කෝලෙ ඇරිලා ආවම"

"හොදයි අපේ මහත්තයා"

කෑම මේසෙ හොදි පිනි වල අඩුපාඩු බෙදලා සැකසුව නේත්‍ර ආපහු මුළුතැන්ගෙට ගිහින් අත් දෙක සෝදගෙන කන්න ගත්තු හැටි ආශව බලන් හිටියෙ කදුළු පිරුණු ඇස් දෙකකින්.නේත්‍ර ආශව දිහා බලලා ලස්සනට හිනා වෙනවා ආශවට බොද වෙලා වගේ පෙනුනා.

.

.

.

.

.

"සුදුබේබි!!! දෙයියෝ මම බය වුණා...."

"කලු කුමාරයා කියලද හිතුවෙ?"

"සුදුබේබි මෙතනින් යන්නකො.....මහ මුදියන්සෙ දැක්කොත් එහෙම සුදුබේබිට බැනුම් අහන්න වේවි"

"අප්පච්චි ඉස්තෝප්පුවෙ නේත්‍ර....පැයකටවත් ඇතුලට එන එකක් නෑ.පුංචි අම්මා එක්ක කතාවනෙ"

"සුදුබේබි යන්නකො....මදුරුවොත් ඉන්නවා සුදුබේබි හරියට....පලු දාවි ඇගේ"

"එතකොට නේත්‍ර ගැන මොකද? මදුරුවො නේත්‍රව කන්නෙ නැද්ද? නේත්‍රට පළු දාන්නෙත් නෑ?"

"එ....එහෙම නෙවේ සුදුබේබි......සුදුබේබි යන්නකො කාමරේට.මම මේවා ඉවර කරලා ගෙදර යන්නම් අම්මා එක්කම"

"මම ආදරේ කරන මනුස්සයා රෑ කරුවලේ,කාත් කවුරුත් ලග පාතක නැති තැනක,මදුරුවො කවාගෙන,දැලි නාගෙන වලං හෝදද්දි කාමරේට වෙලා සැපට ඉන්න මම මොකෙක් කියලා හිතුවද නේත්‍ර?"

"කේන්‍ති ගන්න එපානෙ සුදුබේබි.....මට සුදුබේබිගෙ අතින්වත් අල්ලන්න බෑ දැලි නිසා"

එලිමහනෙ හදලා තිබ්බ වතුර කරාමෙ ලග බංකුවක ඉදන් හිටි නේත්‍රගෙ අතේ තිබ්බෙ දැලි වලං.රෑ කෑම උයපුවගෙ භාජන නේත්‍ර හෝදද්දි නිර්මලා කුස්සියයි,කෑම කාමරෙයි අස් කරන ගමන් හිටියා.ගෑස් ලිපක් තිබුණට මහ මුදියන්සෙ දර ලිපේ උයන කෑම කන්න ඕනි කිව්ව ගමන් නිර්මලාලට වුණේ දුම් කාගෙන දර ලිපේ උයන්න.කොහොමත් රෑ වේලටත් බත් හැදුවොත් අඩුම මාලු පිනි තුන හතරක්වත් වලව් මුළුතැන්ගෙයි ඉදෙද්දි නේත්‍රට වුණේ ඒ දැලි වලන් සෝදලා දාන්න.

"ඔයාගෙ ඔය අත් වල ගෑවිලා තියෙන දැලි මගෙ අතේ ගෑවුණාට පවක් වෙන්නෑ නේත්‍ර.... නේත්‍ර ඔය හෝදන්නෙ අපේ දැලි....හරිනම් අපිටයි පව් සිද්ධ වෙන්නෙ නේත්‍රගෙ ඇගේ දැලි ගාවෝනවට"

"එහෙම හිතන්නෙපා සුදුබේබි"

"ඉක්මනටම දවසක් එයි නේත්‍ර.....ඔයා කිසි කෙනෙක්ට ඔලුව නොනමන.....හැමෝම ඉස්සරහා මට අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙන...... සුදුබේබි ඒ දවස ඉක්මනටම මගෙ නේත්‍රට උදා කරලා දෙනවා.....මම පොරොන්දු වෙන්නම් නේත්‍ර....ඔයාගෙ ඉස්සරහ ජීවිතේ මම හුගාක් ලස්සන කරනවා....නේත්‍රව සතුටින් තියනවා"

"සුදුබේබි හිතන්නෙ නේත්‍ර ඉන්නෙ සතුටින් නෙවේ කියලද?"

"ආහ්හ්හ්???"

"මනුස්සයෙක්ට සතුටින් ජීවත් වෙන්න ඕනි කරන දේ ආදරේ සුදුබේබි.....සුදුබේබි මට ඒක මදි නොකියන්න දෙනවා.....ඉතින් මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න මනුස්සයා මම.....ඒ ඇයි දන්නවද?"

"ම්ම්ම්ම්?"

නේත්‍ර කොට බංකුවකුත් තියං ඉදන් උන්නු එලිමහන් ජල කරාමෙ අසලකම තිබ්බ අරලිය ගහේ මලක් නේත්‍රගෙ කකුල් දෙක ලගට වැටෙද්දි නේත්‍ර ඉක්මනටම මල අරගෙන ආශවට දික් කලේ මල අපවිත්‍ර කරන්න තිබ්බ අකමැත්ත නිසා.නේත්‍රගෙ අතින් අරලිය මල ගත්තු ආශව නේත්‍ර දිහා බලලා හිනා වෙද්දි ආශවගෙ අත උඩ තිබ්බ පවිත්‍රත්වයට හොදම උදාහරණයක් වුණු අරලිය මල දිහා බැලුව නේත්‍ර හෙමීට මුමුණන්න ගත්තා.

"මේ ලෝකෙ තියෙන ලොකුම,වාසනාවන්තම වගේම ආදරණීයම ආදරේ ලැබෙන්නෙ මට.ඉතින් මම මේ ලෝකෙ සතුටින්ම ඉන්න මනුස්සයා නොවී කොහොමද සුදුබේබි?"

...................................................................................................

වචන 4400+😪❤️

අදහසක් කියාගෙන යන්න බබලා.....කමෙන්ට්ස් අඩු වෙද්දි මට හිතෙන්නෙම මම හරියට ලියන්නෑ කියලා 💔

රීඩස්ලා හදලා එවන මීම්ස් ශෝයි අප්පා😹❤️

බාල්දි නැතුව පාලුයි වගෙතෙ?

මාර්තු වල ට්‍රිනිටි බිග් මැච් එක එනවා.....ඊට පස්සෙ.....ම්ම්ම්ම්ම්ම්......මම දන්නෑ

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter