Back
/ 107
Chapter 50

49 කොටස🤍✨

නිවාලන්න මා...

"මොනාද බං අර?"

"අනේ මංදා දිවාෂ.....බෝලෙ එහාට මෙහාට ගිහින් අර දැලේ වැදුනාම එක ලකුණයි කියලා විතරයි දන්නෙ මමත්"

"ඒකනෙ නේත්‍ර චූචියො..... හුත්ත! ක්‍රිකට් වගේ තේරෙන විදියකට ගැහුවනම් මොකෝ.....අර අර....ඇයි අර අනික් ටීම් එකේ එකෙක්ට කහ පාට කාඩ් එකක් පෙන්නන්නෙ"

"දන්නෑ දිවාෂ.....අපේ ටීම් එකේ එක්කෙනෙක්ට නෙවේ නිසා ඔන්නොහෙ කමක් නෑ"

"ඔව් නේත? ඒකත් ඇත්ත තමා"

"මේ දිවාෂ,හෙට ක්‍රිකට්...."

"අපි ඒකත් දින....බෑනෙ! ආසවලට එව්ව ප්ලේ කරන්න පුළුවන් නේහ් මීට් එකේ? ටීම් ඉවෙන්ට්ස්?"

"ඕ දිවාෂ....සුදුබේබි ගහනවා හෙට.....සුදුබේබි දිනයි"

"යැයි යැයි චමා....හුදුපේපි තිනයි....ඥැව් ඥැව්.....ඌ වෙන හවුස් එකක යකෝ! මම වගේ නිවාසවාදීව ඉදපංකො! බලපං මම දෙවින් පණව මේ ටිකේ පඩේකට ගණන් ගන්නවද කියලා"

"නැ දිවාෂ එහෙම නෙවේ.....ඇත්තටම සුදුබේබිලාට දිනන්න තියෙන ඉඩකඩ වැඩියි"

"ඔව් ඉතින්.....ඒත් අපේ එකේ නිමේත්,මහීල් උන් ඔක්කොම ඉන්නවා....ස්කූල් ටීම් එකේ උන් පහක් ගෙඩි පිටින් අපේ එකේ.ඒත් ආශවයා ගේමක් ගහ......කෙලවෙනවා තමා බං අපිට.දෙවින් පණත් ඒකෙනෙ"

"ඒක තමා මාත් කිව්වෙ....එයාලගෙ හවුස් එකට ඒකෙ ප්ලේස් එක ශුවර්.....දෙවින් අයියයි සුදුබේබියි එකතු උනාම අපිට කරන්න දෙයක් ඉතිරි වෙන්නෑ අනේ"

"හ්ම්ම් හ්ම්ම්... ආසවයා කෝමත් ෆේමස් තනියෙන් හරි ගහලා ටීම් එක ගොඩ දානවා කියන එකට.දෙවින් පණත් එක්ක පාට්නර්ශිප් හදාගත්තම මුන් බෝලෙ පලයි බං....සැක්! කමක් නෑ අපිට අනුසූරයො හරි වෙන්න පුලාම් වෙයි"

"ඒක තමා.....අපේ ටීම් එක හරි නේද දිවාෂ?"

"ඔව් හරි......උබ ගහන්නෑනෙ?"

"බෑ දිවාෂ....මම එල්ලෙ ගහන්න යනවා"

"ආහ්...ඒකට මාත් ඉන්නවා.....ටීම් එකට එකෙක් මදි බං.ක්‍රිකට් පුළුවන් උනාට සමහර උන් එල්ලෙ ගහන්නෑ"

"දෙක සෑහෙන්න වෙනස්නෙ දිවාෂ.....ඒ නිසා වෙන්නැති"

"ඔව්.....ඒක තම....වටයක්ම දුවන්නත් තියෙනවනෙ.....අරූ.....රකිත අයියගෙ යාලුවා.....ඌ එල්ලෙ ගහන්නෙත් නෑ ක්‍රිකට් ගැහුවට....බතලයෙක්නෙ ඌ"

"මහීලුත් නෑ.....එයා බෝලර් කෙනෙක්නෙ....එල්ලෙ ගහන්න අමාරුයි ඒ නිසා"

"අනේ ප#යා ඕකා....ඔය බලු සක්කිලියගෙ බෝල එලියට පයින්න දුන්නු දවසට තමා මට සැනසීමක් එන්නෙ"

"අපෝ...අපි ඒ මනුස්සයා ගැන කතා නොකර ඉමු දිවාෂ..... මාත් ආසා නෑ ඔය මහීල්ට"

"බොහ්!!!"

පැවීලියන් එකේ කොනක පඩිපෙලක ඉදන් උන්නු දිවාෂයි නේත්‍රයි දෙන්නා කියෝ කියෝ හිටියෙ පහලින් පේන පිට්ටනියෙ යන පා පන්දු තරගාවලිය දිහා බලන ගමන්.මේ වෙද්දි පැවැත්වෙන ගමන් තිබ්බෙ අවසන් වටය නිසාත්,තමන්ගෙ නිවාසය අවසාන වටයට තේරී පත් වෙලා ක්‍රීඩා කරන නිසාත් දිවාෂයි නේත්‍රයි වගකීම් සහගත නිවාස නායකයො විදියට ඒ දිහා බලන් හිටියා.මොකුත් නොතේරුනාට හොදට තේරෙනව වගේ බලන් ඉන්න නාට්‍ය හා රංග කලාවෙ උපාධිධාරියො දෙන්නෙක් උනු දිවාෂටයි නේත්‍රටයි අමාරු වුණේ නෑ.ඒත් එක්කම දිවාෂගෙ පිටිපස්සෙ ඉදන් කවුරුහරි 'බොහ්' ගාලා කෑගහද්දි ඩිංගක්වත් බය වුණේ නැති දිවාෂ පිටිපස්සෙ උන්නු එකාට මහ එපා කරපු බැල්මක් දැම්මා.

"මොකෝ?"

"බය උනේ නැද්ද යුගාන්?"

"නෑ.....ආපහු වරෙංකො....මම බය වුණා වගේ රගපාන්නම්"

"උබනම් මහ තිරිසනෙක් යුගාන්"

"කොහෙද යන්නෙ උබ?"

"යුගාන්ව බලන්න අනේ ආවෙ.....කෝ අහකට වෙයං මටත් ඉදගන්න....නේත්‍ර මල්ලි,ටිකක් එහාට යන්නකො.....යුගාන් ලගින් ඉඩ ටිකක් හදාගන්න"

තෙවින්ට ඔලුව වැනුව නේත්‍ර ටිකක් එහාට යද්දි දිවාෂත් නේත්‍ර ලගට ඇදුනා.දිවාෂට එහා පැත්තෙන් හදාගත්තු ඉඩ ටිකේ පස්ස තියාගත්තු තෙවින් දිවාෂගෙ මූණ දිහා බලලා ආයෙ පිට්‍ටනිය දිහා බැලුවා.දෙවිනුත් ක්‍රිකට්ම ගහන නිසා තෙවින් උනත් පොඩි කාලෙ ඉදන් ක්‍රිකට් බලන්නම ඇබ්බැහි උනාට පාපන්දු ගැන යම්තාක් මට්ටමක දැනුමත් තෙවින්ට තිබ්බා.

"යුගාන් මොකෝ නිකං ප්‍රස්නාර්ත බැල්මක් දාන් ඉන්නෙ?"

"ඇයි බං අර කහ,රතු කාඩ් තියං එව්වා දික් කරන්නෙ?"

"ආආආආආ..... කහ එක ටොයිලට් එකට,රතු එක බාතෲම් එකට"

"තෙවින් විහන්ස!!!!"

"කෑගහන්න එපා යුගාන්....මගෙ කන....ඇත්තටම කීං කීං ගානව එතකොට"

"දන්නැත්තං පලකො! මට වද දෙන්න එන්නෙ"

"නෑ නෑ මෙහෙමයි......ඔය කාඩ් දෙන්නෙ ප්ලේයර්ලා රූල්ස් කඩනකොට.ඒ කියන්නෙ,ප්ලේයර් කෙනෙක් තව කෙනෙක්ට injury වෙන විදියට ප්ලේ කලොත්,aggressive විදියට හැසිරුනොත් වගේ එහෙම එව්වට තමා ඔය කාඩ්ස්....යෙලෝ කාඩ් එක තමා ෆස්ට් වෝනින් එක.යෙලෝ කාඩ් එක දෙපාරක් හම්බුනොත් ඒක රෙඩ් වෙනවා.ඒක ඉතින් කරන වරද මත ඩිපෙන්ඩ් වෙන්නෙ යුගාන්....දැන් බරපතලම වරදක්නම් කෙලින්ම රෙඩ් කාඩ් උනත් දෙනවා.රෙඩ් කාඩ් හම්බුනා කියන්නෙ එයාට ප්ලේ කරන්න බෑ.අන්න ඒවා ඔය කාඩ් වලින් වෙන්නෙ"

"ආආආආ.....හරි හරි.තමුසෙ ප්ලේ කරන්නෑ මුකුත්?"

"මට දුවන්න විතරයි පුළුවන් යුගාන්.....මම එහෙ ඉද්දි කලෙත් ඒක විතරයි"

"තමුසෙව දුවන්න දාන්නත?"

"අප්පෝ බෑ යුගාන්....මට වඩා දුවන්න පුළුවන් අය ඉන්නවනෙ.....කෙනෙක් කවුරුහරි නැති වෙන ඉවෙන්ට් එකක් බලමුකො"

"හ්ම්ම් හ්ම්ම්ම්"

"යුගාන් කාලද?"

"නෑ බං තව කොහෙද? මේක ඉවර වෙනකං යන්න බෑ මෙතනින්....ඊලගට පොඩි අයගෙ ෆුට්බෝල් මැචස් ටික තියේ....කන්න වෙන්නෙ නෑ"

"එහෙමද?"

"කොහෙද යන්නෙ?"

"ඉන්දීප එන්න කිව්වා උබ එක්ක කතා කරලා....මම යනවා.මෙතනම ඉන්නවනෙ තමුසෙ?"

"ඔව් ඔව්"

"නේත්‍ර!!!"

"සුදුබේබි..."

දිවාෂ ලග ඉදන් ගිය තෙවින් ආශවගෙ පිටට තට්ටුවක් දාන් යද්දි තෙවින් එක්ක හිනා වුණු ආශව නේත්‍ර ලගට දුවගෙන ආවෙ කෑම මල්ලකුත් අතින් අරං.නේත්‍ර ඉක්මනට තමන්ගෙ අතින් පඩිපෙලේ තමන් ලගම කොටස පිහිදලා දෙද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව එතනින් ඉදගත්තා.

"එකොලහත් පහු වෙලා නේත්‍ර..... මුකුත් කෑවෙ නෑ නේද තාම?"

"ඒ හැටි බඩගින්නක් නෑ සුදුබේබි"

"කෝ....මේ ටික කන්න,මම නේත්‍රට අරං ආවෙ....ඔයා බඩගින්නෙනෙ.මම බලන් හිටියෙ දැන් කන්න යයි දැන් කන්න යයි කියලා.බත් කන්න බෑ කියන බව දන්න නිසා තමා ෂෝටීස් ටිකක් උස්සන් ආවෙ"

"මට ඥැද්ද ආසව?"

"උබත් කාපං.....මොකෝ වෙනදට අහන එකෙක්යෑ උබ? ඒකයි කන්න කියලා ආරාධනාම නොකලෙ මම"

"ආ දිවාෂ....."

නේත්‍ර දුන්නු සොසේජස් බනිස් ගෙඩිය අතට ගත්තු දිවාෂ ඒක කාගෙන කාගෙන ගියේ තිබ්බ බඩගින්න නිසාමයි.කන්න යන්නෙවත් නැතුව පැවීලියන් එකෙන් ඉදන් උන්නු දිවාෂයි නේත්‍රයි පාපන්දු තරගාවලිය බලන ගමන්ම නිවාසෙට යන අත්‍යවශ්‍යම වියදම් ටික ලැයිස්තුගත කරන ගමන් හිටියා.පාසල් අරමුදලෙන් යම් කිසි ගාණක් හැම නිවාසෙකටම හම්බෙන බව දැනන් හිටියත් ඒක සම්පූර්ණ වියදමට කොහොමත් සරිලන්නෙ නැති බවත් ඕනිම කෙනෙක් දැනගෙන හිටියා.ඉතින් පිලිවෙලකට ගාණ හදලා ඒක නිවාසෙ ඉන්න ලමයි අතරෙ බෙදිලා යන විදියට හදන එක ලොකු මහන්සියක් කියන එක මේ වෙද්දිනුත් දිවාෂටයි නේත්‍රටයි තේරිලා තිබ්බා.

"මොනාද කර කර හිටියෙ නේත්‍ර?"

"බජට් එක හදන ගමන් උන්නෙ සුදුබේබි.....ලොකු වි....."

"හා හා නේත්‍ර! මේක් දෙයියන්ගෙ අඩවිය! කට වරද්දගන්න එපා හරිත! උබේ සුදුබේබි උනාට ඕකා සෙන්ට්‍රල් හවුස් එකේ ඔත්තුකාරයෙක් කියන එක අමතක කරන්න එපා"

"දිවාස.....වදින්නම් මල්ලි,පැත්තකට වෙලා ඉදපංකො අපි දෙන්නට පාඩුවෙ ලව් කරන්න දීලා....බලපං මම ටිකක් නැලවීගෙන එද්දි තෝ හැමදාම හානවනෙ වැඩේ"

"මට කෙල්ලෙක් නැති නිසානෙ මේ හැම අපහාසයක්ම! මම ලව් කරන්න ගත්තු දවසට උබර්ලට ඇඩෙයි සත්තු ටික!"

"උබ වගේ කුපාඩියෙක්ට ලව් කරන එකෙක් ඉදියිද කියන එකයි ප්‍රශ්නෙ"

"අනේ මේ ආසව උබ...."

"යුගාන්......."

"ඇත්තමයි මූ නම් මගෙ නම පාඩම් කරනවද කොහෙද.... මොකද බං මොකද කෑ ගහන්නෙ?"

අතේ තිබ්බ බනිස් කෑල්ලත් කටේ දාගෙන හපන ගමන් තෙවින් දිහා බැලුව දිවාශ කතා කරද්දි දිවාෂගෙ කට දිහා බැලුව තෙවින් අතේ තිබ්බ මොකක් හරි පිටිපස්සට කරලා හංගගත්තා.මේ කිසිම දෙයක් නොදැක්ක ආශව තෙවින් එක්ක හිනා වෙලා නේත්‍රගෙ අතට කිරි පැකට් එක හිල් කරලා ඒකට බටේ දාලා දෙද්දි නේත්‍ර ඒක බොන්න ගත්තා.

"මෙහෙ වරෙං.....තෙවින්! එනවකො ඔතනට වෙලා මොකෝ හිටං?"

"න්...මුකුත් නෑ යුගාන්....මම නිකං ආවෙ"

"මොනාද ඔය හංගන්නෙ.....කෝ මෙහෙ එනවා"

ඉදගෙන හිටිය තැනින් නැගිට්ට දිවාෂ දඩිබිඩි ගාලා තෙවින් ලගට ඇවිදන් ගිහින් තෙවින්ගෙ අත පිටිපස්සෙ හංගගත්තු මල්ල ඇදලා ගත්තා.තෙවින් ඒක දෙන්නෙම නැති නිසා දණහිස නවලා තෙවින්ගෙ බඩට පාරක් දුන්නු දිවාෂ තෙවින් අඩපණ වෙනවත් එක්කම මල්ල තමන්ගෙ අතට ගත්තා.

"උබ කෑම ගෙනාවනම් දුන්නැත්තෙ ඇයි?"

"ය්...යුගාන් කකානෙ හිටියෙ....ආයෙ කන එකක් නෑ කියලා හිතුනා"

"මම? නොකා ඉන්න? කෑම? මෙන්න මෙහෙ වරෙං තෙවින්....කමු දෙන්නා එක්ක"

තෙවින්වත් ඇදන් පඩියක ඉදගත්තු දිවාෂ ආශවටයි නේත්‍රටයි කෑම මල්ල දික් කලත්,ආශව ගෙනාව කෑමත් තව තියෙන නිසා නේත්‍රයි ආශවයි තෙවින් ගෙනාව ඒවා දිවාෂටම කන්න කියලා කිව්වා.තෙවින්ව පැත්තකට තල්ලු කරපු දිවාෂ රෝල් එකක් අරගෙන ඒක කන්න ගනිද්දි දිවාෂට හිනා උනු තෙවිනුත් මාළුපාන් ගෙඩියක් අරං කන්න ගත්තා.ආශව පාපන්දු තරගාවලිය ගැන නේත්‍රට කියලා දෙන ගමන් නේත්‍රගෙ බඩ පුරවද්දි තෙවින් දිවාෂගෙ ප්‍රහාර වලට ලක් වෙවී දිවාෂගෙ බඩ පිරෙව්වා.

"බජට් එක හදාගත්තද නේත්‍ර?"

"තවම නෑ සුදුබේබි..... වියදම් යයි වගේ ටිකක් වැඩිපුර"

"වියදම්නම් මෙහෙ අයට අවුලක් වෙන්නෑනෙ නේත්‍ර.....හුගක්ම ඉන්නෙ සල්ලිකාරයොනෙ"

"ඔව් නේද සුදුබේබි"

"ඒ නිසා අවුලක් නැතුව බජට් එක හදන්න.....සල්ලි ටිකක් අමාරුකම් තියෙන ලමයෙක් හිටියොත් නේත්‍රට හොයාගන්න පුළුවන් වෙයි.....නේත්‍ර එක්ක ලමයි හිතවත්නෙ"

"ඔව් සුදුබේබි....එතකොට?"

"සල්ලි එකතු කරන ලෙටර් එක බෙදද්දි කියන්න මොකක් හරි ගැටලුවක් තියේනම් නේත්‍රව හම්බෙන්න කියලා....ඒ වගේ ලමයිගෙන් පුළුවන් ගාණක් විතරක් ගන්න.ඒ වගේ අය මම හිතන්නෑ හවුස් එකක දහයකට වඩා ඉන්නවා කියලා.....එතකොට ඒ වගේ අයගෙන් අඩු වෙන ගාණ පියවෙන්න එක්ක අනික් අයගෙන් ගන්න"

"එහෙම කමක් නැද්ද සුදුබේබි?"

"සාමාන්‍යෙන් දේවල් කරන්නෙ එහෙම තමා නේත්‍ර.....මම කියන්නෙ මේ වගේ ඉස්කෝල වල.මෙව්වගෙ සීයට අනූ පහක්ම ඉන්නෙ සල්ලිකාරයො.එයාලට රුපියල් පන්සීයක් දාහක් කියන්නෙ හරිම පොඩි ගාණක්.ඊට වඩා ගාණක් උනත් අවුලක් නෑ.ඒත් ඉතින් අරවගේ ගාණක්නෙ වැටෙන්නෙ සාමාන්‍යෙන්"

"මම එහෙම කරන්නම් සුදුබේබි"

"මොකක් හරි උදව්වක් ඕනි උනොත් කියන්න..... අර බූරුවා කියන ඒවා ගනන් ගන්නෙපා....මම සෙන්ට්‍රල් හවුස් උනාට මගෙ චූටි මහත්තයා ලෙමුවෙල් එකේනෙ"

"අන්නේ සුදුබේබි......විහිලු කරන්නෙපා"

"විහිලු මොකද්ද! ඇත්තනෙ කිව්වෙ.....ඔයා මගෙ චූටි මහත්තයා....මම ඔයාගෙ ලොකු මහත්තයා"

"හා හා....අනේ අම්මේ සුදුබේබිගෙ වෙලාවකට තියෙන හුරතලේ"

ආශවගෙ කම්මුලකට චූට්ටං තට්ටුවක් දැම්ම නේත්‍ර ආශව ගෙනත් තිබ්බ පලතුරු බීම බෝතලෙත් කඩලා කටේ ගහගත්තා.උගුරක් බීලා ආශව දිහා බැලුව නේත්‍ර ඒක ආශවට දෙද්දි නේත්‍ර ඒක කටේ ඔබන් හිටියා කියලා කිසිම ප්‍රශ්නයක් නැති වුණු ආශවත් ඒ බෝතලේ කටේ ගහන් උගුරු දෙක තුනක් බීලා නේත්‍රට දුන්නා.

"මට ඇති....නේත්‍ර බොන්නකො"

ආශව නේත්‍රට කියනවත් එක්කම ආශවගෙ ඔලුව උඩින් සං ගාලා සලාද කොලයක් පියාඹගෙන ගියා.නේත්‍රයි ආශවයි ඒ මොකද්ද උනේ කියලා පිටිපස්ස බලනවත් එක්කම ආශව නේත්‍රගෙ ඔලුව අල්ලලා පහලට නවද්දි ආපහු පාරක් තක්කලි කෑල්ලක් දෙන්නගෙ උඩින් පියාඹගෙන ගියා.ඊලගට හරිම භයානක විදියට කලු සපත්තුවක් ඔලු උඩින් පියාඹගෙන ගිහින් ඒ හරිය සාමකාමී උනා.ඒත් ඒ තත්පර ගාණකට විතරයි.

"උබ මගෙන් කනවා තෙවින්!"

"යුගාන්....මම වතුර උනත් බොන්නෙ එහෙම"

"නෑ නෑ තෝ මම බීම බෝතලේට කට තියලා බිව්ව නිසයි එහෙම කලේ"

"නෑ යුගාන්.....ඕනිනම් අයියගෙන් අහපංකො....මම බෝතල් වලින් බොන්නෙ එහෙම"

"බොරු කියන්නෙපා තෙවින්! උබ මගෙ යාලුවෙක් නෙවේද එතකොට"

"යාලුකම මයින්න පුළුවන් ඔව්වගෙන්ද යුගාන්? උබත් හෙන මීමෙක්නෙ"

"තෙවින්! උබ මට කියලා හික්කඩු යවාගන්නෙපා හරිත! නේත්‍රයි මායි එකම ලොලිපොප් එක මාරුවෙන් මාරුවට ලෙවකාලා තියෙනවා! උබට මම කට තිබ්බ බෝතලේට කට තියලා බීම බොන්න බෑ!!!!"

දිවාෂගෙ වචන ටිකත් එක්ක ආශව නේත්‍ර දිහා බලද්දි නේත්‍ර ඇසුත් ලොකු කරන් තමන්ගෙ ඔලුව දෙපැත්තට වැනුවා.

"නේත්‍ර?"

"නෑ නෑ සුදුබේබි.....පුංචි කාලෙ උනානම් ඇරෙන්න එහෙම දෙයක් ලොකු උනාම වෙලා නෑ"

"පුංචි කාලෙ කෑවද? හෑයියා නේත්‍ර.....අද ගිහින් මම දත් මද්දවන්නම් නේත්‍රගෙ"

"එහෙම වෙලා නෑ හයියෝ.....දිවාෂත් පවුල් කඩන වැඩ කරන්නෙ අප්පා"

"මොකද්ද මොකද්ද? මොකද්ද හිබිච්චා කිව්වෙ"

"මුකුත් නෑ අනේ.....සුදුබේබි කිති කවන්නෙපා....ලමයි ඉන්නවා"

නේත්‍රගෙ ඉන දෙපැත්ත කිති කවන එක නැවැත්තුව ආශව නේත්‍රගෙ උරහිස වටෙන් අතක් දාලා නේත්‍රව තුරුල් කරගනිද්දි නේත්‍ර හිනා වෙවී හිටියා.කොහොමත් කොල්ලො එකට ඉද්දි ඔහොම තුරුල් කරගැනිලි අනන් මනන් හුගක් සාමාන්‍ය නිසත්,මේක පිරිමි පාසලක් නිසත් කවුරුත් නේත්‍රටවත් ආශවටවත් අමුතු ආකාරයේ අවධානයක් දුන්නෑ.ඒත් හුගක් අය ඒ හතර දිහා බලලා හිනා වෙවී අහක බලාගත්තෙ හතරම ඉස්කෝලේ සෑහෙන්න ප්‍රසිද්ධ චරිත වුණු නිසා.ඇත්තටම තෙවින් මෙතන හිටියත් හුගක් අය හිතුවෙ ඒ ඉන්නෙ දෙවින් කියලා!

ආශවයි නේත්‍රයි දෙන්නා ඒ විදියට සාමකාමී උනාට ඊට පිටිපස්සෙන් උන්නු දෙන්නගෙ තත්වෙනම් සාමකාමී උනේ නෑ.ඇත්තටම දිවාෂ එවෙලෙ හිටියෙ තෙවින්ගෙ බෙල්ල අල්ලන් මිරිකගෙන.

"යුහ්...ගාන්....අතෑරපං මිනිහො බෙල්ල......රිදෙනවා යකෝ"

"ඉදපං පරයා....ඔහොම ඉදපං....."

තෙවින්ගෙ බෙල්ල එක අතකින් මිරිකගත්තු දිවාෂ අනික් අතින් බීම බෝතලේ කට තියෙන තැන වටේට හොදට උරලා කෙල ගාලා දැම්මා.කෙල ගෑව බීම බෝතලේ තෙවින්ගෙ මුණ ඉස්සරහට දික් කෙරුව දිවාෂ තෙවින් දිහා බැලුවෙ හරි දරුණු විදියට.

"මේක කට තියලා බීපං....එතකොට බෙල්ල අතාරින්නම්"

"ඊහ්...ක්කා යුගාන්.....තෝ ලෙවකෑවා නේද ඕක?"

"උබර්ට අප්පිරියද පගෝ මාව? නල්ලමලේ යාලුවෙක්නෙ උබ"

"බෙල්ලහ්...අහ්තෑරපං යුගාන්!!! මම බොන්නම් ඕක....උබහ්ව.....අප්ප්...පිරියා ලබ්බක් නෑ මටහ්"

දිවාෂගෙ අතින් බීම බෝතලේ ගත්තු තෙවින් ඒකට කට තියලම බොද්දි තෙවින්ගෙ ඔලුවට පාරක් ගැහුව දිවාෂ තෙවින්ගෙ බෙල්ල අතෑරියා.බීම බෝතලේ කටේ ගහන් බොන තෙවින් දිහා රවලා බැලුව දිවාෂ අහක බලාගනිද්දි ඇදුනු අමුතු හිනාව හැමෝගෙන්ම හැංගුවා කියලා දිවාෂ හිතුවත් ඒක එක්කෙනෙක්ගෙ ඇස් වලට අහුවෙලා තිබ්බා.

"නේත්‍ර එහෙනම් වැඩ ටික කරගන්න.මම යනවා....මේ.... තනියෙන් යන්න එපා කොහෙවත්....ක්ලාස් රූම්ස් පැත්තෙ එහෙම.....අපේ ක්ලාසස් පැත්තෙ කොහොමත් එපා.පොඩි අයගෙ එව්වගෙ විතරයිනෙ ලමයි ඉන්නෙ මේ ටිකේ හොදද?"

"හරි සුදුබේබි.....නේත්‍ර යන්නෑ....."

"ඔහොම ඇස් බෝල කරන් බලන්න එපා නේත්‍ර"

"කැතයිද සුදුබේබි?"

"නෑ....මගෙ පපුවම හිරි වැටිලා යනවා එතකොට"

නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව ආශව පඩිපෙල් දිගේ පිට්ටනියට බැහැලා පිට්ටනියෙ කොනට ඇවිදන් යද්දි නේත්‍ර දිලිසෙන ඇස් වලින් ආශව දිහා බලන් හිටියා.තෙවින්ගෙ කොණ්ඩ අහුරක් ගලෝලා අතට ගත්තු දිවාෂ නේත්‍ර ලගින් ඉදගනිද්දි තෙවිනුත් ඇවිල්ලා දිවාෂලා ලගින්ම ඉදගත්තා.දිවාෂයි තෙවිනුයි දිහා බලලා හිනා වුණු නේත්‍ර කොලයක් ඇදලා අරගෙන ආශව කිව්ව දේවල් දිවාෂටත් පැහැදිලි කරලා දුන්නා.

"නේත්‍ර...... ඊයෙ මොකද්ද උනා කිව්ව අවුල?"

"හ්ම්ම්ම්...... ඊයෙ රෑ ලොකු මැණිකෙම ආවනෙ අපේ දිහාවට"

"ම්....මොකක්!!! ඒ මොන මගුලකටද?"

"සුදුබේබි ඊයෙ මම කල මෝඩ වැඩේ නිසා දවල් ඉදලා ගෙදර ගිහින් නෑනෙ..... කෝමහරි ලොකු මැණිකෙ දැකලා තිබ්බා සුදුබේබි ඉස්කෝලෙ ඇදුම් පිටින් මෙහෙට පල්ලම් බහිනවා.ඉතින් අපේ දිහෑ එන්න ඇත්තෙ කියලා හිතලා ඉදලා ලොකු මැණිකෙ"

"ඉතින් එහෙනම් ආවෙ?"

"වෙනදට සුදුබේබි අපේ දිහෑ උන්නත් ලොකු මැණිකෙ කෝල් අරන් කතා කරනවා දෙපාරක් විතර.ඊයෙ ඉතින් සුදුබේබි ෆෝන් එකට ආන්සර් කරලා නෑ"

"යසයි යසයි.....අනික් උන්ට සද්දෙ දාලා උන් පෝන් ගේනවත ඉස්කෝලෙ? ඉදපං මම පිනාට කියනවා මුන් ගැන"

"යුගාන්! අච්චර අවුලක් වෙලා තියෙද්දි ඕකට කෑගහන්නෙ? ඉදපංකො මනුස්සයෙක් වගේ.....නේත්‍ර කියන්නකො"

"ඉතින් රෑ අට පහුවෙනකලුත් නැති තැන ලොකු මැණිකෙ කරෝලිස් අත්තා එක්ක අපේ ගෙදර ආවා.සුදුබේබිට මම කවලා අත හෝදගත්තා විතරයි දිවාෂ.... ලොකු මැණිකෙ මිදුල මැද! මම දාගෙන ගියා බයටම.සුදුබේබි හිටි නිසා මම බයක් නැතුව උන්නෙ"

"මොකෝ කිව්වෙ ඉතින් මැණිකෙ?"

"මෙච්චර වෙලා මොකෝ කලේ ඇහුවා..... මීට පස්සෙ වගකීමක් ඇතුව වැඩ කරන්න කිව්වා.....මටත් කිව්වා කල්පනා කරලා වැඩ කලොත් හොදයි කියලා.....මැණිකෙ ඒක කිව්වෙ මහ අමුතු විදියට දිවාෂ....මට හරි බයයි"

"නේත්‍ර මල්ලි කියන්නෙ,කෞමදී ආන්ටිට සැක හිතිලා කියලද ඔයාලා ගැන?"

"එහෙම්මම නෙවේ තෙවින් අයියෙ....ඒත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුනා.මට බය මම ගැන නෙවී සුදුබේබි ගැන.සුදුබේබිට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තං මට ඕනි දෙයක්"

"ඔයාට එහෙම කියන්න බෑ නේත්‍ර මල්ලි!!! ඔයාට කරදර උනාට කමක් නෑ කියන්නෙ කොහොමද!!!! ඔයාට මුකුත් වෙන්නත් බෑ! විකාර කියවනවා මෙතන!"

"ත්...තෙවින්....ඇති....අවුල් කරගන්න එපා"

දිවාෂ තෙවින්ගෙ කකුලක් මිරිකලා මුමුණද්දි නේත්‍ර බය වෙලා වගේ තෙවින් දිහා බලාන උන්නා.තෙවින්ගෙ මූණ දෙපැත්තෙ මස්පිඩු නැටවෙන හැටි දැක්ක නේත්‍රගෙ උගුර කට පවා වේලුනේ ඇති වුණු බයටමයි.එකම එක දවසක් ආශව යකෙක් වගේ කේන්ති අරන් නේත්‍රට කෝටු පාරක් දුන්නා ඇරෙන්න ඒ දවස් ඇරෙන්න අද වෙනකං නේත්‍රට ආශව ඕනිම දෙයක් කියලා දුන්නෙ හරි ආදරෙන්.කරුණාවෙන්.ටිකක් තරවටු කලාට ආශව ඇත්තටම නේත්‍රව හැදුවෙම හරි හුරතලේට.ගමේ ඉහල පැලැන්තියෙ මිනිස්සුන්ගෙ එක එක තාඩන පීඩන වලට නේත්‍ර ඉන්න සමාජ මට්ටම එක්ක ලක් වුණත් ආශවගෙ ආදරේ ඉස්සරහ ඒ කිසිම දේකින් නේත්‍රට රිද්දවන්න බැරි වුණා.එහෙව් එකේ තෙවින් නේත්‍රට කතා කල විදිය එක්ක නේත්‍ර බය වෙන එක පුදුමෙට කාරණයක් නෙවෙයි.

"යුගාන්ම කියන්න....මෙයා කිව්ව දේ හරිද?"

"හරි උනත් වැරදි උනත් නේත්‍රට කතා කරන්න ඕනි විදියක් තියෙනවා තෙවින්! මට කතා කරන විදියට ඒ ලමයට කතා කරලා බෑ"

"ඒත් යුගාන්"

"ඇති තෙවින්! ඒකා පොඩි එකෙක් වගේ.....මම ඒකයි කියන්නෙ හැම වෙලේම,ආශවයට වගේ මේකාව බලාගන්න වෙන එකෙක්ටවත් බෑ කියලා"

දිවාෂ තෙවින්ට දැඩි හඩකින් කිව්වෙ ඇත්තටම මෙතන ප්‍රශ්නයක් කරන්න කිසිම වුවමනාවක් නොවුණු නිසා.නේත්‍රගෙ පුංචි වෙනසක් වුණත් තේරෙන ආශවට නේත්‍ර තෙවින් ගැන අවුලකින් හිටියොත් ඒක උනත් දැනගන්න එක ආශවට අමාරු දෙයක් නෙවේ කියලා දිවාෂ දැනන් උන්නා.ඔව්වා දැනගෙන ප්‍රශ්න ඇති වෙනවට දිවාෂ ටිකක්වත් කැමති වුනේ නෑ.මොකද නේත්‍ර ඉස්සරහ ආශවට අනික් මිනිස්සු කියන්නෙ දූවිලි විතරයි කියලා දිවාෂ හොදටම තේරුම් අරන් හිටියා.

"නේත්‍ර මූ කියන ඒවා ගණන් ගන්නෙපා..... මුගෙ ට්‍රැක පැනලනෙ තියෙන්නෙ කොයි වෙලෙත්"

"හ්...හරි දිවාෂ"

"උබට ආයෙ ලොකු මැණිකෙව හම්බුනේ නැද්ද?"

"නෑ දිවාෂ..... ඒත් මොන වෙලේක හරි හම්බෙන්න වෙනවා.මට මගාරින්න පුළුවන් තැනක් නෙවේනෙ එතන"

"පරිස්සමින් නේත්‍ර...... උබලා දෙන්නට කිසිම අවුලක් වෙන්න ඉඩ තියන්න එපා..... ආසවව කන්ට්‍රෝල් කරගන්න බලපං පුළුවන් තරන්.... ඌ උගෙම අප්පච්චිට උනත් විරුද්ධව කතා කරන්න ඉඩ තියෙනවා උබ නිසා"

"මටත් බය තියෙන්නෙ ඒ ගැන තමා දිවාෂ..... මොන හේතුවකට හරි ලොකු මැණිකෙගෙන් මොකක්ම හරි සහනයක් තියෙයි කියලා මට හිතෙනවා"

"ඇයි එහෙම කියන්නෙ?"

"ලොකු මැණිකෙ දෙතුන් වතාවකම මට කියලා තියෙනවා සුදුබේබිව බලාගන්න කියලා.ඒක සාමාන්‍ය දෙයක් තමා.ඒත්..... එහෙම සාමාන්‍යෙන් කියන්නෙ නෑ කියලත් හිතෙනවා"

"උබ කියන දෙයිත් ඇත්තක් තියෙනවා තමා..... මොනා උනත් පරිස්සම් වෙයං.අපි කොච්චර පාට් දැම්මත් තවම අපි ඉස්කෝලෙ යන ලමයි.අපිට තවම ලොකු තැන් එක්ක ගැටෙන්න බෑ නේත්‍ර"

"මට තේරෙනවා දිවාෂ"

"මම උබලා දෙන්නා එක්ක ඕනිම දේකට ඉන්නවා....ඕනිම වෙලාවක"

නේත්‍රගෙ පිටට තට්ටුවක් දැම්ම දිවාෂ හිනාවෙලා කියද්දි නේත්‍ර ඔලුව වනලා ඒක පිලිගත්තා.ආයෙමත් නේත්‍ර කොල ගොඩ අස්සෙ මූණ ඔබාගනිද්දි දිවාෂ බැලුවෙ තමන් දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉන්න තෙවින් දිහා.

"මොකෝ?"

"උබට එච්චර මොලයක් තියේද යුගාන්?"

"අනේ මේ!!!"

දිවාෂගෙ පිටට පාරක් දුන්නු තෙවින් පිට්ටනියට ඇස් දෙක යොමු කරද්දි දිවාෂ නේත්‍ර කරන වැඩේට උදව් කරන්න ගත්තා.ටිකකින් ඒකට හොට දැම්ම තෙවිනුත් දිවාෂගෙන් බැනුම් අහ අහ ඒකට උදව් කරද්දි පිට්ටනියෙ පැත්තෙන් ඇහුනු මහා සද්දයක් එක්ක නේත්‍රලාගෙ නිවාසය 19න් පහල පාපන්දු තරගාවලිය ජයගත්තා කියලා නිවේදනයක් කලා.දිවාෂ හිටි තැන ඉදන්ම උඩ පැනලා කෑ ගහද්දි නේත්‍රත් උඩ පැන පැන ඒකට උදව් දුන්නා.

.

.

.

.

.

"කෝ නේත්‍ර.....මේක රිදෙන්නෑ අනේ"

"ස්...සුදුබේබි ඉන්නකො ඔහොම.....ඩිංගක්.....ම්....මම කරන්නම් මේක"

"නේත්‍ර,මේක පොඩි තුවාලයක් දෙයියනේ....මේකට අඩන්නෙ ඇයි?"

"ස්...සුදුබේබිටනෙ උනේ ඉතින් තුවාලෙ"

"නේත්‍ර ඒත්...."

"අනේ මේ ආසව! උබ මේ කිරිසප්පයා ගැන දන්නෑ වගේ රගපාන්නැතුව ඉදපංකො.....උබට හයියෙන් පඩයක් ගියත් නේත්‍රට රිදෙනවා කියලා උබ දන්නවනෙ....ඉතින් අඩන්නෙ ඇයි යැයි යැයි ගාන්නෙ ඇයි? නේත්‍ර,උබත් කදුළු පිහිදගනින්.....මේ වගේ හිපාටුවෙක් නිසා අඩන්නෙපා"

"දිවාස! මම උබට කලිනුත් කිව්වා! මට පාඩුවෙ ලව් කරගන්න දීලා පැත්තකට වෙයංකො!"

"අනේ මේ..... මමයි හරිනම් නේත්‍ර එක්ක ලව් කරන්න උන්නෙ.තෝ ඒකත් නැති භංගස්ථාන කරලා! දැන් එනවද යැයි යැයි ගාගෙන"

"දිවාස!!!"

"ඇයි මොකත ආසව!!!"

"අ...න්...අනේ ඔය දෙන්නා ක්...කෑ නොගහා ඉන්නකො.සුදුබේබි කෑ ගහද්දි ඇගම ගැස්සෙනවා.බේත් පිට යනවා.දගලන්නෙපා සුදුබේබි"

විශේෂ කමිටු සාමාජිකයන්ට වෙන් කරලා තිබ්බ අඹ ගහ යට මේසෙ ඉදගෙන ඉදිරි සතිය ඇතුලෙදිම පටන් ගන්න සිද්ධ වෙන නිවාස සැකසීමේ සැලසුම් හද හද හිටිය ආශවගෙ දකුණු අතේ ඇගිල්ලක් මේසෙ කොණක මතු වෙලා තිබ්බ ඇණයක් උඩින් යද්දි ආශවගෙ දැඩි හම උනත් ඉරිලා ගියේ ඇණේ තිබ්බ මුවහත් බව නිසාමයි.වතුර ටිකකින් ඇගිල්ල හෝදගෙන ඩෙටෝල් ප්ලාස්‍ටරයක් ගහගන්නවා කියලා හිතාගත්තු ආශව ටැප් එකක් ලගට ගිහින් අත හෝදගනිද්දි උනේ නොහිතුව දෙයක්.පොඩි එකෙක් වැටිලා ඒකගෙ හීරුනු කකුල් සෝදවන්න පොඩි එකාව උස්සගෙන ආව නේත්‍රගෙ ඇස් නැවතුනේ ආශවගෙ ලේ ගලන තුවාලෙ ලග.පොඩි එකාව අතෑරලා දැම්ම නේත්‍ර ඒකට කකුල් දෙක හෝදගන්න කියලා මහ බබාගෙ ඇගිල්ල පරිස්සමට හෝදවලා පිට්ටනියෙම පැත්තක හදලා තිබ්බ ප්‍රථමාධාර ඒකකයට ආශවව එක්කන් ගියා.

ප්‍රථමාධාර ඒකකයෙ හිටිය පොඩි උන් හතර පස් දෙනාව දිවාෂ පොඩි සද්දයක් දාලා එතනින් පිටත් කරද්දි නේත්‍ර නිදහසේ අඩ අඩ ආශවට බේත් දාන්න ගත්තා.බැරිම තැන නේත්‍රගෙ ඇස් දෙක තමන්ගෙ ඇගිලි වලින් පිහිදැම්ම ආශව නේත්‍රගෙ නහය මිරිකද්දිනම් රතු වුණු මූණ හංගගත්තු නේත්‍රගෙ මූණෙ ලා හිනාවක් ඇදුනා.

"අන්න එහෙම හිනා වෙලා ඉන්න නේත්‍ර.....මේ පොඩි තුවාලෙ රිදෙන්නෑ"

"ආයෙ ඕවගේ වැඩ කරද්දි පරිස්සමෙන් සුදුබේබි......"

"ආච්චිට හාල් ගරන්ඩ මෙන්නෝ.....අපේ හවුස් එකේ වයිස් කැපා වෙන හවුස් එකක එකෙක්ට බේත් කරනවෝඕඕඕඕඕඕඕඕඕඕඕඕ"

ප්‍රථමාධාර කුටියට කඩා වැදුනු එකොලහ වසරෙ පොඩි එකෙක් මරහඩ තලාගෙන එතනින් එලියට පයින්න හැදුවත් පිටවෙන තැන හිටන් උන්නු දිවාෂ පොඩි එකාගෙ බෙල්ලෙන් අල්ලගත්තා.දිවාෂ දිහා බැලුව කොල්ලා හොද කපටි හිනාවක් දාද්දි දිවාෂත් ඊට නොදෙවෙනි විදියට කොල්ලා එක්ක හිනා වුණා.නේත්‍ර බය වෙලා වගේ ප්ලාස්ටර් රෝල අතේ තියං හිටියත් ආශව කොල්ලා දිහා ලාවට වගේ රවලා බැලුවා.කුපාඩිකමට වඩා ආශවට තියෙන බයට මෙතනින් පැනලා යන්න හැදුවත් මේකා මෙතනින් එලියට ගියාට පස්සෙ මේක හතරවටේ පතුරනවා කියලා දිවාෂ හොදට දැනගෙන හිටියා.ඇත්තටම ඒකෙන් ආශවගෙ නේත්‍රගෙ සම්බන්ධයක් ගැන සැකයක් පහල නොවුණට නිවාස වල ලමයිගෙන් නේත්‍රට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනව කියලා දිවාෂ තේරුම් ගත්තා.

"උබලගෙ එකේ වයිස් කැපා නේහ්?"

"හෙහෙ....ඔව් දිවාෂයියේ"

"වෙන හවුස් එකේ එකෙක්ට නේහ්?"

"ඔව් නේහ්? ස්පෝට්ස් කැපා වෙන හවුස් එකකනෙ"

"ම්ම්ම්ම්....."

"හෙ හෙ....."

"ගෙවල් බෝධිය පහු කලාම එන හරස් පාරෙ නේහ්?"

"හෙ හෙ ඔව්....."

"ටයර් ශොප් එක තාත්තගෙ නේහ්?"

"ඔව් දිවාසයියේ....ටයර් එකක් දාලා ඕනිද? අඩුවට කරලා දෙන්නම්"

"මට නෙවේ තොට තමා ටයර් එක දාගන්න වෙන්නෙ"

"මොකද්ද?"

"තාත්තා උදේ අට රෑ දහය වෙනකං ශොප් ඒකේමයි නේහ්?"

"ඔව්නෙ අනේ"

"පුෂ්පදානෙ නේහ්?"

"ඕ....ම්.....මොකක්?"

"කෑල්ල? පුෂ්පදානෙ නේහ්?"

"මම මේක කාටවත් කියන්නෑ සත්තයි"

"නෑ මල්ලි එහෙම අවුලක් නෑ"

"නෑ නෑ කියන්නෑ මම....."

"ම්ම්ම්ම්.....තාත්තා හම්බෙන්න මට ඉස්කෝලෙ ලග ඉදන් පයින් එන දුර"

"හ්...හරි හරි අනේ.....එපා හොදද? මම යනවා....මම මෙව්වා කියන්නෑ කාටවත්"

"හ්ම්ම් හ්ම්ම්"

"නේත්‍ර අයියයි ආශව බොසයි කෝමත් කසින්ස්ලා කියලා දන්නෝ අපි"

"නිවාසබේද ඇති කරලා එහෙම අහු වෙන්නෑ උබ"

"නෑ අනේ....එහෙම කරනවද මම ඔයාට......යනවා ආශව අයියා.....නේත්‍ර අයියා බායි....දිවාෂයියා,ආතරෙයි හරිද?'

"පලයං පලයං"

දිවාෂගෙ හීතල තර්ජනේට බය වුණු පොඩි එකා එතනින් පැනලා දිව්වා.ආශව ලග ඉදගෙන උන්නු නේත්‍ර නැගිටිද්දි දිවාෂගෙ මූණෙ තිබ්බ බරපතල පෙනුමක්.දිවාෂ කියන්න හදන දේ තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ ඔලුව අතගාලා මූණ පිහිදගන්න කියලා කියද්දි දිවාෂ කලිසම් සාක්කුවට අතුත් දාන් ඇවිල්ලා නේත්‍රයි ආශවයි ලගම තිබ්බ පුටුවක ඉදගත්තා.දිවාස ඉදගෙන නේත්‍රගෙ අතට ෆයිල් එක දීලා ඒකෙ නම් තියෙන ලමයිට හෙට එද්දි උස, දුර පයින පුහුණුවීම් ගැන දැනුවත් කරන්න කියලා කියද්දි ඔලුව වැනුව නේත්‍ර ප්‍රථමාධාර කුටියෙන් පිටත් වෙලා ගියා.

"ආසව.....මීට වඩා පරිස්සම් වෙන්න වෙයි නේද?"

"හ්ම්ම්ම්....."

"නේත්‍රට තේරෙන්නෑ.....ඒත් උබට තේරෙනවා මම කියන දේ?"

"ඔව්.....මමයි කන්ට්‍රෝල් නැති වෙන්නෙ දිවාස....මට නේත්‍රව දැක්කම ඇත්තටම කන්ට්‍රෝල් නෑ.උබ මම අසහනකාරයෙක් කියලා හිතන්නෙපා.එහෙම සීන් එකක් නෙවේ කියන්නෙ මම....."

"උබ අසහනකාරයෙක් කියලා හිතනවනම්,නේත්‍රගෙ හොදම යාලුවා විදියට මම ඌව උබට දෙයි කියලා හිතනවද? රැයක් දවාලක් නැතුව උබටයි ඌටයි තනි වෙන්න දෙයි කියලා හිතනවද? උබ හොද නිසයි මම උනත් බය නැතුව ඉන්නෙ"

"හ්ම්ම්..... මට නේත්‍රව දැක්කම තුරුල් කරගන්නෝනි, මගෙ ලගින්ම තියාගන්නෝනි.....නිකං අර මගෙ කරගෙන ඉන්න ඕනි.ඒක විකාර හැගීමක් කියලා දිවාෂට හිතෙයි.ඒත් මම මේ ඇත්තටම කියන්නෙ....... ඒකයි මම කිව්වෙ මම කන්ට්‍රෝල් නැ කියලා"

"ඒක හදාගනින් ආශව.උබ ඉස්කෝලෙදි උනත් නේත්‍රව අල්ලනවා කරනවා.ඒක ශේප්.මොකද කොහොමත් කොල්ලො කොල්ලො එකට ඉද්දි කරවල් වලට අත් දාන් එහෙම ඉන්න එක නෝමල් දෙයක්.ඒත් මොකක්ම හරි සැකයක් ඇවිල්ලා කවුරුමහරි උබලා දෙන්නව නෝට් කරන්න ගත්තොත්? අන්න ඒක අවුලක් වෙනවා.අර රධීන් බල්ලා මේ ටිකේම සද්දයක් නැති එක එහෙමත් මට මාරම අවුල්"

"ඌ ටුවර් එකක් ගිහින්ලු.ලබන සතිය දිහාට එයි.ආවම ඌ ගැන බලාගන්නනම් පුළුවන්....උබ කියන දේ හරි.මම ප්‍රසිද්ධ තැන් වලදි නේත්‍ර එක්ක ටචී වෙන්න හොද නෑ තමා"

"ඒකනෙ.....ඒක නෙවේ.... ඊයෙ ලොකු මැණිකෙ නේත්‍රලාගෙ දිහා ආවලු? මොකෝ උනේ ඊට පස්සෙ?"

"අවුලක් උනේනම් නෑ බං.ඒ උනාට පැයක් වගේ යද්දි අප්පච්චි ආවා.පුංචි අම්මා අප්පච්චි එන නිසා මාව එක්කන් ආවද කියලාත් හිතුනා මට.මම මෙච්චර වෙලා වැඩ කර කර උන්නා කියලා පුංචි අම්මා කිව්වෙත් අප්පච්චිට"

"උබර් කියන්නෙ ලොකු මැණිකෙ උඹලා දෙන්නට අවුලක් නෑ කියලද?"

"අවුලක් තියේද නැද්ද කියන්නෙ එහෙම දෙයක් එයාට අහු වෙන්න එපායෑ.....මම සම්බන්ධෙ ගැන නෙවේ කියන්නෙ.නේත්‍රට පුංචි අම්මා කැමතියි.මට ඒක තේරෙනවා.නේත්‍ර කියන කොල්ලට එයා කැමතියි.ඒත් ඒ කෙනාව තමන්ගෙ පවුලට බදවගන්න කැමතිද කියලා දන්නැ මම"

"එහෙම දවසක් ආවොත්? පවුලයි නේත්‍රයි අතරෙ තෝර ගැනීමක්?"

"තෝරා ගැනීම් කරන්නෙ විකල්ප තේරීම් අතරෙනෙ දිවාෂ.නේත්‍ර කියන්නෙ මට විකල්ප තේරීමක් නෙවේ.එකම තේරීම.පවුලයි නේත්‍රයි නෙවේ....මගෙ ජීවිතෙයි නේත්‍රයි අතරෙ තේරීමක් ආවත් මගෙ තීරණේ නේත්‍ර."

"මම ඉන්නවා ඕනි මගුලකට උබලා දෙන්නා එක්ක"

"මම ඒක දන්නවා"

"යමං දැන්....නේත්‍ර ලමයිට පණිවිඩේ දිලත් ඉවර ඇති"

...................................................................................................

"...........රාජමජ්ජං සුපටිත්තං

පීතු පාදන් නම්...මාහ් මහන්"

බුදුපහන පාමුල ඉදන් උන්නු නේත්‍රගෙ කටින් සුපුරුදු විදියටම හීන් වෙවුලිල්ලක් පියා නමදින ගාථාවෙදි පිටවෙන හැටි ආශව අහන් උන්නා.නේත්‍ර නොකිව්වට තාත්තා නැති එක ගැන හිතේ කොණක දුකක් තියං ඉන්නෙ කියලා ආශව දැනගෙන හිටියා.නේත්‍ර ඒ ගැන කතා නොකරන නිසා ආශව උනත් ඒ ගැන හාර අවුස්සන්න ගියේ නෑ.මොකද ඒකෙන් නේත්‍රගෙ හිත රිදෙන්න උනත් පුලුවන්නෙ.ඔලුව නවාගෙන බුදු හාමුදුරුවන්ට මොන මොනාදෝ මිමිණුව නේත්‍ර සුපුරුදු විදියට ආශවගෙ පැත්තට හැරුණා.

"ඩිංගක් නැවෙන්න සුදුබේබි"

ආශව තමන්ගෙ ඔලුව නේත්‍රගෙ මට්‍ටමට පාත් කලාම බුදු පහනින් තෙල් ඩිංගිත්තක් ඇගිලි තුඩු වල තවරගත්තු නේත්‍ර ඒක ආශවගෙ හිස් මුදුනෙ තවරලා හිතින් ආශිර්වාද කරන ගමන් පුංචි හුස්මක් පිම්බා.රෝස සුවද කවපු හදුන්කූරු හතරක් බුදුන්ට පූජා කරලා තියෙද්දි මුලු ගේම වහගෙන තිබ්බෙ ඒ හදුන්කූරු වල රෝස මල් සුවදින්.ඒත් හැමදාමත් වගේ ඒ සුවදවල් පරයගෙන ආශවගෙ නාහෙට ගැටපිච්ච මල් සුවද දැනෙද්දි ආශව ඇස් ඇරලා බැලුවෙ තමන්ගෙ ඉස්සරහට වෙලා පිරිත් නූලකුත් අල්ලන් ඉන්න නේත්‍රගෙ දිහා.ආශවගෙ දකුණු අත අල්ලගත්තු නේත්‍ර ආශිර්වාද ගාථාවක් කියන ගමන් ඒ පිරිත් නූල ආශවගෙ අතේ ගැටගහලා ඇස් දෙක ඇරලා ආශව දිහා බැලුවා.

"පිරිත් නූල් කොහෙන්ද නේත්‍ර?"

"ඊයෙ අම්මා මහතුන් මාමලාගෙ පිංකමට ගිහින් තිබ්බනෙ.මට පිරිත්නූලක් අරං ඇවිත් තිබ්බා.මම ඒක තියාගත්තෙ සුදුබේබිට දෙන්න"

"අපරාදෙ....නේත්‍රට ගැටගහගන්න තිබ්බෙ.මට තිබ්බෙ ඇයි මේක?"

"හෙට සුදුබේබි ප්ලේ කරන්නෙ මීට් එකට බව මම දන්නවා.ඒත් මට සුදුබේබි ගහන පුංචි මැච් එකත් ලොකුවට වටිනවා.සුදුබේබිම දවසක් කිව්වෙ නොදැන හිටියට ගිය පාර මීට් එකේ මැච් එකෙ වෙලේදිත් ක්‍රිකට් ක්ලබ් එකක කෝච් කෙනෙක් ඉදලා කියලා.ඉතින් සුදුබේබි ගහන පුංචි මැච් එක උනත් හොදටම ගහන්නෝනි"

නේත්‍ර කියව කියව කුස්සිය පැත්තට ඇදෙද්දි ආශවත් නේත්‍රගෙ පස්සෙන් වැටුනා.

"හෙට ප්ලේ කරන්න පුලුවන්ද සුදුබේබි?"

"මේ තුවාලෙ අවුලක් නෑ නේත්‍ර.....ඒක ශේප්....මොනාද ඔය?"

"වණ්ඩු....සුදුබේබි කන්න"

ආශවගෙ අතට වණ්ඩුවක් දුන්නු නේත්‍ර තේ වතුර එකක් වත් කරන්න ගත්තෙ දැන් ඊලගට ආශවගෙ ඉල්ලීම ඒක බව දැන උන්නු නිසා.වණ්ඩුවකුත් කෑව නිසා සීනි අඩුවෙන් දාපු තේ එක ආශවගෙ අතට දුන්නු නේත්‍ර තමන්ටත් තේ එකක් හදාගන්න පටන් ගත්තා.

"එලියට යං නේත්‍ර.....මදුරුවො එන්න ගත්තම ඇතුලට එමු.ඇතුල දැන් රස්නෙයි"

"යං සුදුබේබි....මම එන්නම්"

නේත්‍ර තේ එක හදන් එනකං ආශව අරලිය ගහ යට බංකුව උඩට වෙලා ඉදන් හිටියා.වණ්ඩුවෙන් කෑල්ලක් කටට දාගත්තු ආශව තේ එකෙන් උගුරක් බොද්දි නේත්‍රත් ඇවිල්ලා ආශව ලගින්ම ඉදගත්තා.නුවර අහසම තැඹිලි රෝස පාට කරං ඉර බැහැගෙන යන ගමන් තිබ්බා.කුරුල්ලන්ගෙ ගෝසාවත් වැඩි වෙලා තිබ්බෙ දැන් උන් උනත් වැඩ පල ඉවර කරලා නින්දට වැටෙන වෙලාව ලං වෙලා තිබ්බ නිසා.මේ ටිකේම නුවර ටිකක් රස්නෙ ගතියක් දැනුනත් මෙවෙලෙ හමාගෙන ගිය හුලගින් සිසිලක් ඉලන්දාරියො දෙන්නටම දැනුනා.

"නේත්‍රට මතකද අපි දෙන්නා ඉස්සර උදේට ඉර නගිනවා බලන් ඉන්නවා?"

"ඔව් සුදුබේබි..... ඒකාලෙ හරි නිදහසේ උන්නා අපි"

"හ්ම්ම්..... අපි ආයෙ එහෙම ඉන්න උත්සාහ කරමු නේත්‍ර....නේත්‍රටම හිතෙන්නැද්ද අපි ලොකු ලමයි කියලා හිතන් අනවශ්‍ය පීඩනයක් ඔලුවට අරං ඉන්නෙ කියලා"

"මට තේරෙන්නෑ සුදුබේබි ඒ වගක්.....ඒත් මොකක් හරි මගෑරිලා කියලා හිතෙනවා අපිට"

"ඒ අර මම කිව්ව දේ නේත්‍ර....අපේ නිදහස අපි හොයාගන්නෝනි..... හරියට නේත්‍ර මගෙ නිදහස වගේ.....මට නේත්‍ර ලග හුගාක් නිදහස්"

"මටත් සුදුබේබි....සුදුබේබි දන්නෝද බඩ්ඩක්?"

"මොකද්ද නේත්‍ර?"

"සේතං මාමා ඉන්නෙ.....අන්න එයා හොල්මනක් දැකලා"

"හොල්මනක් දැකලා? ඒ කොහෙන්ද?"

"ඊයෙ රෑ ගෙදර එද්දිලු.කලු බල්ලෙක් පාරෙ උන්නලු.බල්ලා ඩිංග ඩිංග ලොකු උනාලු.ලොකු වෙලා බල්ලා සේතං මාමටත් වඩා උස ගියාලු.එකපාරටම බල්ලා සේතං මාම දිහා බලලා විලිස්සද්දි සේතං මාමා එතනින් දුවලා ඇවිල්ලා...මහ සෝනලු සුදුබේබි ඒ"

නේත්‍ර ඇසුත් බෝල කරං කටත් උල් කරන් හොල්මන ගැන කියවන හැටි බලන් උන්නු ආශවගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාවක්.තේ කෝප්පෙන් උගුරක් බිව්ව නේත්‍ර තේ කොප්පෙ බංකුවෙන් තියලා අත් දෙකත් එහෙට මෙහෙට කර කර මහ සෝනගෙ සයිස් එක කියන හැටි ආශව බලන් හිටියෙ හරි ආදරෙන්.

"හුරතල්....."

"මහසෝනා? හෑයියා සුදුබේබි....මහ සෝනා නම් හුරතල් නෑ හුම්ම්ම්"

නේත්‍ර අත් දෙකත් පපුවට බැදගෙන හුරතලේට කියද්දි ආශව නේත්‍රගෙ ලා රෝස පාට කම්මුලක් හෙමීට අතගෑවා.මේ පුංචි එකා තමන්ව වචනයක්වත් නොකියා පාලනේ කරන්නෙ කොහොමද කියන එක ආශවට ලොකුම ලොකු ගැටලුවක් වුණා.බෝල ඇස් දෙකත් ලොකු කරං තේ කෝප්පෙ අත් දෙකෙන්ම අල්ලගෙන බොන නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව හෙමීට නේත්‍ර ලගට ලං වුණා.

"ඔයා ඇත්තම කෙනෙක් නේද නේත්‍ර"

"සුදුබේබිගෙ නේත්‍ර.....ඇත්තම මනුස්සයෙක් තමා"

ආශවගෙ අතින් අල්ලගත්තු නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ උරහිසකට ඔලුව තියාගනිද්දි නේත්‍රගෙ ඔලුව උඩින් හාදුවක් තැවරුව ආශව ඈත බලාගෙන හිටියා.ලදු කැලෑවෙ ගස් අස්සෙන් වැටිලා තියෙන තැඹිලි පාට ඉර එලිය නිසා පදුරු ඔක්කොම වගේ අමුතුම දීප්තිමත් බවක් ගනිද්දි ආශව ඇස් දෙක දනකං ඒ දිහා බලන් හිටියා.වලව්වට එපිටින් තියෙන පාරෙ ගිය චූන් පාන් වාහනේ සද්දෙත් එක්ක කජු ලෙලි පුච්චන සුවද නාහෙට දැනෙද්දි ආශව තමන්ගෙ උරහිසකට ඔලුව තියං කකුලුත් පද්ද පද්ද උන්නු පුංචි එකා දිහාවට බැල්මක් හෙලුවා.

දැන් ආශවට අවුරුදු 19ක්.නේත්‍රව ආශවට මුණ ගැහුනෙ අවුරුදු එකොලහේදි.පුරා අවුරුදු අටක් තිස්සෙ ආශව නේත්‍ර එක්ක මේ බංකුව උඩ කොච්චර නම් කාලෙ ගත කරන්න ඇද්ද කියලා ආශව කල්පනා කලා.පුංචි කාලෙ නේත්‍රව තමන්ගෙ උකුල උඩ තියං මේ බංකුවෙ තියං උන්නු හැටි ආශව මතක් කලේ හරි ආදරෙන්.නේත්‍රගෙ නලල පැලුනු වෙලේ ඇති වුණු තුවාල කැලල මැකෙන්න ඔලිව් තෙල් එක ගෙනත් දුන්නු දවසෙ නේත්‍ර තමන්ගෙ පපුවට ගුලි ගැහිලා මේ බංකුව උඩම නින්දට වැටුනු හැටි ආශව මතක් කලා.මේ බංකුව උඩටම වෙලා ඉදගෙන බුදු පහන තියන්න මල් කඩන නේත්‍ර දිහා බලන් ඉන්න ගමන් නේත්‍රව තමන්ට අයිති වෙයි නේද කියලා කල්පනා කල හැටි ආශවට මතක් වුණා.අවුරුදු අටකට පස්සෙත් කිසිම දෙයක් වෙනස් වෙල තිබ්බෙ නෑ.අවුරුදු අටකට පස්සෙත් නේත්‍ර තමන්ගෙ අත් අතරෙ.කලින්ටත් වඩා අයිතිවාසිකම් ඇතුව! නේත්‍රගෙ හිස් මුදුන සිපගන්න ගමන් ආශව හිතුවා.

"මදුරුවො කනවා නේත්‍ර....මේ ටිකේ මදුරුවො වැඩියි.ඇතුලට යං"

"යං සුදුබේබි"

ආශවගෙ තේ කෝප්පෙත් තමන්ගෙ අතට ගත්තු නේත්‍ර දූවලා ගිහින් කුස්සියෙන් කෝප්ප දෙක හෝදලා අඩුක්කරලා ප්‍රශ්න පත්‍ර පොතකුත් උස්සන් සාලෙ ඉදන් උන්නු ආශව ලගට ආවා.

"සුදුබේබි කීව පාඩමෙන් අහලා තියෙන ඔක්කොම ප්‍රශ්න ටික මාක් කලා මම.මේ කොලේ පේපර් එකට අදාල අවුරුද්දයි,ප්‍රශ්න අංකෙයිත් ලියලා තියේ.සුදුබේබිට හොයාගන්න ලේසි වෙයි ඒ නිසා"

"කෝ දෙන්න මැණිකෙ....අනේ ලොකු උදව්වක් මේ කලේ"

"එහෙම කියන්න එපානෙ සුදුබේබි....සුදුබේබිගෙ වැඩ මගෙ ඒවා වගේනෙ"

"පණ්ඩිතයා"

පුටුව උඩ ඉදගෙන පොත පෙරලන්න ගත්තු ආශව ඇස් කොණෙන් බැලුවෙ නිවාසෙ මොනාහරි වැඩක් කරන්න පටන් ගන්න හදන නේත්‍ර දිහා.සෑහෙන වෙලාවක් තිස්සෙ තිබ්බ ආසාවක් මුදුන්පමුණුවා ගන්න තිබ්බ වුවමනාවට කපටි ආශව නේත්‍ර දිහා බලලා තොලුත් නොපිට පෙරලං අහිංසක පාටක් මූණට නග්ගගත්තා.

"න්...නේත්‍ර"

"සුදුබේබි! ඇයි දෙයියෝ මේ? මූණ මැලවිලා"

"තුවාලෙ වේදනයි නේත්‍ර"

"අනේ සුදුබේබි....මම ඒක තමා කිව්වෙ බේත් ටිකක් දාගන්න යං කියලා.ලෑස්ති වෙන්න සුදුබේබි.මම එන්නම් ටවුමට යන්න"

"බේත් දාගන්න ටවුමට යන්න ඕන්නෑ අනේ.බේත් ඔයා ලග තියේ"

"මම ලග? කොයින්ද සුදුබේබි?"

"හාදුවක් දෙන්නකො නේත්‍ර.......ඇගිල්ල හොද වෙයි"

"කපටියෙක් සුදුබේබි ඔයානම්"

මුණ මහා ලැජ්ජාවකින් වෙලිලා යද්දි නේත්‍ර හෙමීට අඩි තියන ගමන් ආශව ලගට ඇවිදන් ආවා.නේත්‍ර ලං වෙනවත් එක්කම නේත්‍රගෙ අතින් අල්ලල තමන්ගෙ උකුල උඩට වට්ටවගත්තු ආශව එකාතකින් නේත්‍රගෙ ඉණ අල්ලලා නේත්‍රව තමන්ගෙ ඇගට තද කරගත්තා.ඉණ උඩ තිබ්බ අත එහෙම්මම තියෙද්දි තමන්ගෙ අනික් අත නේත්‍රගෙ තොල් ලගට ලං කෙරුව ආශවගෙ ඇස් ආදරෙන් වගේම ආසාවෙනුත් දිලිසෙන්න ගත්තා.ආශවගෙ අතේ මැණික් කටුව ලගින් අල්ලගත්තු නේත්‍ර හෙමීට ආශවගෙ තුවාල උනු ඇගිල්ල උඩින් හාදු තවරද්දි ආශව කියාගන්න බැරි හැගීමකින් නේත්‍ර දිහා බලන් උන්නා.

"නේත්‍ර.....හාද්දක් දෙන්නම් මම?"

"බ්...බෑ බෑ....හනේ....අතාරින්න සුදුබේබි කිති මට"

නේත්‍රගෙ තොල් වලට ආශව බර වුණත් ඒ දේ දැන් කරන්න හයියක් නොතිබ්බ නේත්‍ර ආශවගෙ තොල් මගාරිද්දි ආශව නේත්‍රව අල්ලගෙන කිති කවන්න ගත්තා.නේත්‍ර මහ හයියෙන් හිනා වෙන ගමන් ආශවගෙන් බේරෙන්න හදද්දි ආශව නේත්‍රව තමන්ගෙ උකුල උඩ තද කරගන්න ගමන් එක දිගට කිති කවන්න ගත්තෙ නේත්‍රගෙ හිනාව අහන්න තිබ්බ ආසාවට.

"තග්!!!"

ගෙයි දොරකඩින් ඇහුණු සද්දයක් නිසා ආශව වගේම නේත්‍රත් ගැස්සිලා බලද්දි ගෙයි දොරකඩින් ඇතුලට තක්කාලි ගෙඩි කීපයක් රෝල් වෙලා ආවා.තමන්ගෙ ලෝකෙම තනි වුණු ආශවටයි නේත්‍රටයි ගෙදර දොර ඇරලා දාලා කියන එක අමතකම වෙලා තියෙද්දි දොරකඩින් මතු වුණු රූපෙ දැක්ක නේත්‍රට ඉබේටම ආශවගෙ උකුල උඩින් නැගිට්‍ට වුණා.

"අම්මා....."

...................................................................................................

වචන 4600+😪💔

Exam කිය කිය මාත් මේක ලියනවා😹😭

මට මේක ලියද්දි මගෙ ඉස්කෝල කාලෙත් මතක් වෙනවා අනේ😪💔 ඔයාලා දන්නෑනෙ.....කැමීලියාටත් ඒ කාලෙ හිටියා ඔය වගේ පුංචි පුංචි කෑම ජාති අත මිට මොලවලා යන කෙනෙක්👉👈 කැමීලියා මහන්සි වෙලා ග්‍රවුන්ඩ් එකේ වැඩ කරද්දි එයා ඇවිත් ඔය වඩයක්,රෝල් එකක් ඔය වගේ පුංචි පුංචි කෑම ජාති අතේ තියලා යනවා.කූල් බීම ඇරෙන්න😒❤️ ඒකා නැතිව මම හිටිය මීට් එකේදි කූල් බීලා මට උණ ගත්තා😪❤️ කොල්ලා නිසා තමා කැමීලියා කලිම් පාරවල් වල බේරිලා ඉදලා තියෙන්නෙ😪❤️ ඔව්වා මතක් වෙද්දි දැන් හෙන අමුතුයි😹❤️

කවුරු මොනා කිව්වත් පාසල් ප්‍රේමය හරි ලස්සනයි ❤️

මෙන්න ආසව නේට්ටව කන්න යන වෙලාවක්😗❤️

ඉතින් බබාල අදත් අදහසක් දීගෙන යන්න මගෙ මහන්සියට🥺❤️

කැමීලියා ගිහින් එන්නාම්❤️

කැමිලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter