Back
/ 107
Chapter 103

101 වන කොටස🤍✨️

නිවාලන්න මා...

"මේකිට කරන්න දෙයක් නැද්ද අනේ"

"හරි සාපයක් උනානෙ"

"චොර වෙන කමෙන්ට් එකක් දාමු?"

"දාන්න පුලුවන්....දිවාෂගෙ එකෙන් ඒ යකා කෙල්ලන්ට මුකුත් දාලා නෑනෙ....මගෙ එකෙන් දාමු"

"මගෙ එකෙන් දාමු"

"අවුලක් නැද්ද උපාධ්‍යා?"

"නෑ.....දාමු"

"හා....දිවාෂ එනවකො පොඩි වැඩකට උදව් කරන්න"

උපාධ්‍යා තමන්ගෙ දුරකථනෙ දිවාෂට දුන්නම තමන් ලඟම ඉදගෙන පොතක් කියෝන නේත්‍ර දිහා බලලා හිනාවක් දුන්නු දිවාෂ නැගිටලා ගිහින් උපාධ්‍යායි නිදුකියි මැද්දෙන් ඉදගත්තා.දුරකථනයේ යමින් තිබ්බෙ දිව්දේත්‍රාගෙ ටික්ටොක් වීඩියෝවක්.ලක්ෂ ගාණක හඹායන්නන් පිරිසකට හිමිකම් කිව්ව දිව්දේත්‍රාගෙ මේ වීඩියෝව මේ වෙද්දි මිලියන දෙකකට අධික පිරිසක් නරඹලා තිබ්බා.

ආශවගෙ අංකෙ යොදල තිබ්බ ක්‍රිකට් ටී ෂර්ටය ඇදගෙන,ඒකෙන් බඩ එලියට පේන්න ඒක වියතක් විතර වෙන්න නවාගෙන පොඩි සායකුත් ඇදගෙන "ටොයින් ටොයින්" ගාලා සද්දෙ ඇහෙන වීඩියෝවක නර්ථනයේ යෙදෙමින් හුන් දිව්දේත්‍රාගේ වීඩියෝවෙ කැප්ෂනය වී තිබ්බෙ,

"❤️ for No.14"

යන්නයි.මේ වෙද්දි ෆේස්බුකිය තුලත් හරි වේගෙන් සංසරණය වෙමින් පැවති මේ වීඩියෝව ප්‍රසිද්ධ පේජයන් කිහිපයකින්ද බෙදා හැරල තිබ්බෙ කොණකින් ආශවත් ඔය ක්‍රිකට් ටී ෂර්ටය ඇඳන් ඉන්න ෆොටෝවක් යොදන ගමන්.දිව්දේත්‍රාගේ සත්‍ය ෆේස්බුක් පේජයට ගිය දිවාෂ ඒකෙ වැටිලා තිබ්බ කමෙන්ටු කියවද්දි බොහෝ දෙනෙක් ආශව දිව්දේත්‍රාගෙ පෙම්වන්තයා කියලා දැනටම පිලිඅරං තිබ්බා කියන එක තේරුම් ගත්තා.

"මෙහෙම දාමුද?"

"ඕකට තව ඇඩ් කරන්න මෙන්න මෙහෙම"

උපාධ්‍යාගෙයි නිදුකිගෙයි උපකාරෙන් සහ දිවාෂගෙ මූලිකත්වයෙන් උපාධ්‍යාගේ ෆේස්බුක් ගිණුමෙන් දිව්දේත්‍රාගේ සත්‍ය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවට අපූරු කමෙන්ටුවක් වැටිලා තිබ්බා.

"ලිංගික කරවලා ( උග්‍ර විස )

දකුණු ආසියාතික රටවල පමණක් දැකිය හැකි මෙම අපූරු සත්වයා ලිංගික කරවලා නමින් හඳුන්වයි. එයට හේතුව වී ඇත්තේ මෙම ඒකදේශික සත්වයා තමාගේ මදන කාලයට තම විරුද්ධ ලිංගිකයන්ට ලිංගය පෙන්න පෙන්නා නර්තනයක් දැක්වීමයි. මෙසේ සිදුකිරීමෙන් විරුද්ධ පාර්ශවන්ගේ අවධානය ලබාගැනීම සිදුකරයි. බොහෝ විට ව්‍යාජ අවයව පෙන්නා පිරිමි සත්වයන් වසගයට ගන්නා මෙම සත්වයාගේ මදන කාලය පළමු ලිංගික එක් වීමේදීම අවසන් වන්නේ පිරිමි සත්වයාට සත්‍ය අවයව දර්ශයනය වීමෙන් පසුව බව විද්යාඥයින් මත පල කරයි.

රාත්‍රී කාලයේදි සක්‍රීය වන මෙම සත්වයා වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව බොහෝ පරිසර විද්යාඥයින් පෙන්වා දෙනු ලබයි. විශේෂයෙන්ම දිවයිනේ උතුරු මැද බස්නාහිර දකුණ සහ මධ්‍යම පළාත් පරිසර කලාප වල බහුලව දැකිය හැකි අතර විටින් විට ඌව සහ සබරගමු පළාත් වලද අපර බාගයේ හෝ සන්ධ්‍යා කාලයේදි දැක ගත හැක. වියළි කලාප පරිසර තත්වයන්ට හොදින් ඔරොත්තු දෙන මේ සත්වයා වගා ළිං ආශ්‍රිතව ද හදුනාගෙන ඇති අතර මෙම සත්වයා පහර දීමෙන්  පසු ගිය මාස කීපය තුල වගා ළිං වලට වැටී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

1969 අංක 8 දරණ ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකකළි පිළිබඳ ආඥාපනත යටතේ මෙම සත්වයා ලග තබා ගැනීම ප්‍රවාහනය කුළියට දිම හා ඩිල් දැමීම සපුරා තහනම් වේ!!!"

"දැන් හරි.....එන්නැතෑ යැයි යැයි කියාගෙන"

උපාධ්‍යා ලොකු හුස්මක් පහල දාන ගමන් නිදුකිගෙ උරහිසට බර වෙද්දි එතනින් නැගිටලා ගිය දිවාෂ හිනා වෙවීම නේත්‍ර ලඟින් ඉදගත්තා.

"ඔයාට අවුලක් වෙයිද දන්නෑ උපාධ්‍යා?"

"මොනා වෙන්නද දිවාෂ? වැඩිම උනොත් බැනලා කමෙන්ට් කරයි"

උපාධ්‍යා සැහැල්ලු විදියට කියන ගමන් නේත්‍ර දිහා බලලා අහක බලාගනිද්දි දිවාෂ නේත්‍රව ඇදලා අරං තුරුල් කරගත්තා.

"ඇයි දිවාෂ?"

"ඇයි අහන්නෙ? ඔයයි මායි හරිනම් මෙහෙම තමා ඉන්න ඕනි....අර ආසවයනෙ මැද්දට පැන්නෙ"

නේත්‍ර කියව කියව හිටිය පොත තමන් ඉදන් උන්නු බංකුව උඩින්ම තියද්දි උපාධ්‍යාගෙ ඇස් දෙක නතර වුනේ ඒ පොතේ නම උඩ.

"දූවිලි?"

"ඔව් උපාධ්‍යා.....ලස්සන පොතක්.....මම මේ කියවන්නෙ හය වෙනි වතාවට"

"ශාහ්! ආශව අයියද දුන්නෙ?"

"ඔව්.....සුදුබේබි දුන්නෙ"

"මොකද්ද ඕකෙ වෙන්නෙ?"

නේත්‍ර කතාව කියන්න උගුර පාදද්දි උපාධ්‍යායි නිදුකියි දිවාෂයි එතනට ක්ෂණික ආහාර වගයක් අරං ආව ආර්යයි කතාව අහන්න හරිබරි ගැහිලා ඉදගත්තා.කොහොමත් නේත්‍ර හරි ලස්සනට කතා කියන්න දක්ෂයෙක් කියලා දිවාෂනම් දැනගෙන හිටියා.

"මේකෙ ඉන්නවා වලව් මාන්නක්කාර මුදියන්සෙ කෙනෙක්....එයාට ඉන්නෙ පුතෙක්....කොහොමහරි මේ මුදියන්සෙට දුවෙක් නැති පාළුවක් තියෙනවා.ආසාවෙන් දුවෙක් ලබාගන්න උන්නත් එයාගෙ මැණිකෙට ඒක බැරි වෙනවා.ඉතින් මුදියන්සෙ දවසක් පුංචි දුවෙක්ව ගෙදර අරං එනවා!"

"අරං හදාගන්න බබෙක්වද?"

"ඔව්....මුදියන්සෙ හරි ආදරෙයි මේ දුවට.දුවගෙ නම ඉසබෙල්.පොඩි කෙල්ලට ලොකු මැණිකෙ එදා ඉදන්ම කියන්න හුරු කරවනවා මහත්තයා කියලයි මැණිකෙ කියලයි.අම්මා අප්පච්චි කියන්න දෙන්නෙ නෑ....ඉතින් ඉසබෙල් ලොකු වෙනවා.....එයාට එයාගෙ ඇත්ත අම්මා අප්පච්චි ගැන දැනගන්න ආසා හිතෙනවා....ඉතින් ඉසබෙල්ගෙ වුවමනාව නිසාම එයා අන්තිමට මුදියන්සෙගෙ අල්මාරියක්ද කොහෙද අවුස්සලා එයාගෙ උප්පැන්නෙ හොයාගන්නවා"

"ඊට පස්සෙ?"

"ඒකෙ එකක අම්මගෙ නමට ලොකු මැණිකෙගෙ නමයි අප්පච්චිගෙ නමට මුදියන්සෙගෙ නමයි තියෙනවා...ඒක එක්කම තව උප්පැන්නයක් තියෙනවා.ඒකෙ අම්මගෙ නමට තියෙන්නෙ ලොකු මැණිකෙගෙ නම නෙවෙයි! මෙයා දැනගන්නවා මේක ඔරිජිනල් උප්පැන්නෙ කියලා එයාගෙ.පුදුමෙකට ඒකෙත් අප්පච්චිගෙ නමට තියෙන්නෙ මුදියන්සෙගෙ නම! කෙල්ලට හිතාගන්න බැරි වෙනවා.අන්තිමට එයා තේරුං ගන්නවා එයාගෙ ඇත්ත අප්පච්චි මුදියන්සෙ කියන එක!"

"මොකක්!"

"ඔව්....ඔන්න ඔය කාලෙ තමා ටවුමෙ ඉස්කෝලෙට ගිය මුදියන්සෙගෙ පුතා ගෙදර එන්නෙ....එයා ඉතින් හිතන්නෙ ඉසබෙල් එයාගෙ අම්මා අප්පච්චි අරං හදාගත්තු කෙනෙක් කියලනෙ.එයාගෙ හිතේ පුංචි කාලෙ ඉදන්ම කැමැත්ත ඇති වෙන්නෙ ඉසබෙල් ගැන.පුංචි කාලයක් ගැන කතාවෙ ලියවිලා නෑ....ඒත් ඒක ඒ පිරිමි ලමයගෙ තරුණ කාලෙ ගැන කියද්දි කියවෙනවා.කොහොමහරි පුතා ඒ වලව්වට ආව පාර ඉසබෙල්‍ට එයාගෙ හිතේ තියෙන කැමැත්ත කියනවා"

"දෙයියනේ!"

"ඔව්.....ඉසබෙල් ඒක එවෙලෙ ශේප් කරලා පස්සෙ කොල්ලගෙ හිත වෙනස් වෙන්නෑ කියලා තේරෙන නිසා ඇත්තම කියනවා.එයාලා දෙන්නම එකම අප්පච්චිගෙ දරුවො කියලා.කොල්ලට ඒක දරන්න බැරි වෙනවා.එයා පිලිගන්නෙම නෑ ඒක.එයා හිතන්නෙ ඉසබෙල් එයාට අකමැති නිසා කිව්ව කතාවක් කියලා ඒක.අන්තිමට කොල්ලට පැහැදිලි කරන්න දෙන්නා එක්ක කෙල්ලගෙ අම්මගෙ නම යූස් කරලා කොහොමහරි අම්මගෙ යාලුවෙක්ව හොයාගන්නවා"

"ඊටපස්සෙ/"

"ඊටපස්සෙ යාලුවා කතාව කියනවා.ඉසබෙල්ගෙ අම්මට තමා මුදියන්සෙ ආදරේ කරල තියෙන්නෙ.ඒ හම්බුනු ලමයා තමා ඉසබෙල්.මුදියන්සෙ බබාව අරං ගිහින්.ඉතින් එදා කොල්ලා දැනගන්නවා මේ ඉන්නෙ තමන්ගෙ එකම නංගි කියලා.ඒත් කොල්ලා කියන්නෙ 'මම මැව්ව හීන ලෝකෙ එකපාරටම කඩා වැටුනම ඒක දරාගන්න බෑ.මට කාලයක් ඕනි' වගේ එකක්.අන්තිමට ඔය එක එක දේවල් එක්ක කාලෙ යනවා"

"කොල්ලා?"

"කොල්ලට වලව්වකම හොඳ කෙල්ලෙව ප්‍රපෝස් කරනවා මුදියන්සෙලා.කොල්ලා කැමති වෙනවා.ඉසබෙල් යාලු වෙන්නෙ කොල්ලගෙ හොදම යාලුවා එක්ක.එයා ඩොක්ටර් කෙනෙක්.ඉතින් අන්තිමට කොල්ලට හිත හදාගන්න උදව් කරන්නෙ පවා අර කෙල්ල"

"අඩේ....මුදියන්සෙ?"

"මුදියන්සෙ ස්ටේජ් එකකදි වෙඩි වැදෙනවා.වැදිලා අන්තිම හුස්ම අදින වෙලාවෙ ඉසබෙල් දිහා බලලා කියන්නෙ එකම දෙයයි.....'එකපාරක් මට අප්පච්චි කියන්න පුතේ' කියලා....අන්තිමට ඉසබෙල් 'අප්පච්චී' කියලා කෑ ගහද්දි මුදියන්සෙ මැරෙනවා.....එතනින් කතාව ඉවරයි"

"ඒක ලස්සන ඇති.....ඒත් මටම ඒක කියවන්න ඕනි වගේ.පොත දෙනවද නේත්‍ර මට?"

"හා උපාධ්‍යා.....පරිස්සමෙන් පාවිච්චි කරල දෙන්න හොදද?"

නේත්‍ර කියද්දි උපාධ්‍යා ලස්සනට හිනාවෙලා ඔලුව වැනුවා.ආර්යගෙ අතේ තිබ්බ රෝල්ස් එක උදුරලා අරං ආර්ය කකා හිටිය තැනින්ම කන්න ගත්ත නිදුකිව අනික් අය දැක්කත් නොදැක්කා වගේ පාඩුවෙ කන්න ගත්තෙ තාම ඒ දෙන්නා යාලුවො විතරයි වගේ එකක් පෙන්නගෙන ඉන්න නිසා.යාලුවො ටික ඔටුවො කියලා තමා පොඩි උන් දෙන්නා හිතාගෙන හිටියෙ!

"මේ ෆයිනල් එකට කවුරු යයිද දන්නෑ නේහ්?"

"සුදුබේබිලා සිලෙක්ට් වෙලානෙ ඉන්නෙ.....මට හිතෙනවා ගෝල් ටීම් එක යයිද කියලා"

"සනුක අයියලාගෙ එක?"

"ඕ ඕ...."

"මරු යාලුවො දෙන්නා කම්පිටිටර්ස්ලා උනාම!"

නිදුකිගෙ වචන එක්ක කට්ටිය හිනා උනත් ටික දවසකට කලින් තෙවින් වහෙන් ඔරෝ සනුක ගැන කිව්ව දෙයක් එක්ක දිවාෂට ඒකට හදවතින්ම හිනා වෙන්න බැරි උනා.තමන් ලඟම ඉඳගෙන පාඩුවෙ රෝල් එකක් කකා උන්නු නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව දිවාෂ ලොකු හුස්මක් පහල දැම්මා.

"නේත්‍ර....මට අහන්න දෙයක් තියෙනවා"

"කියන්න උපාධ්‍යා"

"මම පෞද්ගලික දේවල් හාර අවුස්සනවා කියලා හිතන්න එපා....අරුන්දතී අක්කත් මට අක්කෙක්ටත් වඩා යාලුවෙක් වගේ නිසයි මම මේ ගැන වොරි වෙන්නෙ...."

"මම එහෙම වැරදියට හිතන්නෑ උපාධ්‍යා කියන්න"

"මේ.....ආදිත්‍ය අයියා.....සීරියස් වගේ නේද අරුන්දතී අක්කට? නැෂනල් ටීම් එකේ සහස්‍රව දන්නවනේ....එයා මගෙ යාලුවෙක්.එකපාරක් මම අරුන්දතී අක්කගෙ කේස් එක නිසාම සහස්‍රගෙන් ශේප් එකේ ආදිත්‍ය අයියා ගැන හොයලා බැලුවා."

"ඕ...."

"ආදිත්‍ය අයියලු අර ටොක්සික් මලදානෙ එක්ක කලින් යාලුවෙලා හිටියෙ.ඒ අෆෙයා එක බ්‍රේකප් උනාම ආදිත්‍ය අයියා පිස්සෙක්ම උනාලු.එයාගෙ ෆේල් පීරියඩ් එක ස්ටාට් වෙලා තියෙන්නෙත් බ්‍රේකප් එක එක්ක.ඉස්සර උනන්දුවෙන් ප්‍රැක්ටිස් ආව,ෆෝකස් කරලා සෙල්ලම් කරපු ආදිත්‍ය අයියා තාම බිංදුවට අවුට්නෙ...බිංදුසාර කියලා මඩ පාර වදින තරමට මිනිහා වැටිලා"

"ඔව් ඒක ඇත්ත.සුදුබේබිත් කියල තියේ ස්කූල් ක්‍රිකට් වලදි එයා ආදිත්‍ය අයියා ප්ලේ කරපු විදියට ඉස්සර ආසයි කියලා....ඊටපස්සෙ කියන්නකො උපාධ්‍යා?"

"ඉතින් මිනිහා ලගකදී ඉදන් ආයෙ ප්‍රැක්ටිස් එන්න අරගෙනලු....එල්පීඑල් වලදි එයා ෆීල්ඩින් වලින් හරි කලර්ස් පෙන්නුවනෙ.බිංදුවට අවුට් නොවී ලකුණු තිස් ගාණක් වෙනකං අන්තිම මැච් එකේ ගහගන්නත් පුලුවන් උනානෙ...සහස්‍ර කියන්නෙම ආදිත්‍ය කිව්වලු එයාගෙ හොඳ කාලෙ ලැබුණා....පරක්කු වෙලා තමා හොඳම දේ ලැබුනෙ කියලා"

"අපේ අක්කා වෙන්න ඇති නේද ඒ?"

"මට හිතෙන්නෙ ඔව් නේත්‍ර....නැත්තං එදා අර උත්සවේ දවසෙදි අර වගේ දෙයක් කරයිද?"

උපාධ්‍යාගේ මතක් කිරීම එක්ක නේත්‍රගෙ මනස මීට දින කිහිපයක් පෙරට දිව ගියා.එදා අරුන්දතීගෙ පායිම්පත් තැබීමේ මංගල්‍යය.පේවෙලා හැම කටයුත්තක්ම අකුරට කෙරුව අරුන්දතී චාරිත්‍ර වාරිත්‍රත් ඔක්කොම කරලා අවසානෙදි පියාට වන්දනා කරන අවස්ථාවට ඇවිල්ලා හිටියා.අරුන්දතීගෙ ඇස් කෙවෙනි තෙත් වෙන්න ගත්තෙ හැම ලමයෙක් ඉස්සරහම ලමයිගෙ අප්පච්චිලා හිටන් හිටියත් තමන් තනි වෙලා උන්නු නිසා.ලාබාලයෙක් උනු තමන්ගෙ මල්ලිව ඒ වැඩේට ගන්න බැරි නිසා අරුන්දතී බලන් හිටියෙ තමන්ගෙ ගුරුතුමා තමන් ලඟට එනකල්.නැටුම් ගුරුතුමා එහෙම පොරොන්දු වෙලා තිබ්බා.

"ක්...කවුද ඒ?"

දිවාෂටයි දෙවින්ටයි මැදි වෙලා හිටන් හිටිය නේත්‍රට කියවුනේ අරුන්දතීගෙ ඉස්සරහින් හිටගත්තු මැදිවියේ පිරිමියා නිසා.කවුද ඒ බලන්න අඩියක් ඉස්සරහට යන්න හැදුවත් අරුන්දතීගෙ හැසිරීම එක්ක අරුන්දතී ඒ කෙනාව දන්න වග නේත්‍රට තේරුම් ගිහින් නේත්‍ර හිටි තැනම නැවතුනා.පියා සමග කරන්න ඕනි හැම චාරිත්‍රයක්ම ඒ පුද්ගලයා එක්ක සිද්ධ කරපු අරුන්දතී උත්සවේ අවසානෙදි ඒ පුද්ගලයා එක්කම නේත්‍ර ලඟට ආවා.

"මේ ඉන්නෙ මගෙ මල්ලි මහත්තයා...."

"ඔය ඉතින් මහත්තයලු.....තාත්තෙ කියන්න බැරිනම් මාමෙ කියලා හරි කතා කරන්න දුව.....අනේ මල්ලි හරි අහිංසක පාටයි."

"එයා අහිංසකයි මහත්තයා.....පොඩ්ඩො....මේ ඉන්නෙ ආදිත්‍යගෙ අප්පච්චි"

අරුන්දතීගෙ වචන එක්ක නේත්‍ර එක තැන ගල් වුනත් ටිකකින් නේත්‍ර පියවි සිහියට ඇවිත් ආදිත්‍යගෙ අප්පච්චි එක්ක සුහදව කතාබහ කලා.එතැන ලඟම තිබ්බ වාහනයක් ලඟට අරුන්දතීව අර මනුස්සයා එක්කන් යද්දි නේත්‍රත් ඒ පිටිපස්සෙන් ගියේ අක්කට කරදරයක් වෙයි කියන බයෙන්.ඒත් මාස්ක් එකක් පැලඳගෙන හිටිය තරුණයෙක් අරුන්දතීට මොනාහරි පොඩි පෙට්ටියක් දීලා අරුන්දතීව තුරුල් කරගද්දි නේත්‍ර ඇස් දෙකත් කටේ දාගෙන ඒ දිහා බලන් හිටියා.එල්පීඑල් අස්සෙ ආදිත්‍ය,අරුන්දතී වෙනුවෙන්ම නුවරට ඇවිත් තිබ්බා!

පරණ මතක ලෝකෙ හිර වෙලා උන්නු නේත්‍ර පියවි සිහියට ආවෙ දිවාෂගෙ කටහඩින්.

"මටත් හිතෙනවා සිරා කියලා....ආතල් එකට කරනවනම් ඔහොම දෙමව්පියොන්ව ගෙන්නයියෑ නේද?"

"ආදිත්‍ය අයිය අරුන්දතී අක්කට සිරා ඇති.මම ඒක නෑ කියන්නෑ....ඒත් දිවාෂ ඔච්චරටම පටු වෙන්න එපා....ගෙවල් දෙකෙන්ම කැමැත්ත අරං එන්ගේජ් වෙලා කෙල්ලට කොකා පෙන්නලා පැනලා ගිය කොල්ලොත් ඕනි තරං ඉන්නවා කියන එක අමතක කරන්නෙපා"

ආර්යගෙ වචන එක්ක කට්ටියම නිහඬ උනා.ආර්ය කිව්ව දේ සම්පුර්ණයෙන්ම ඇත්තක් නේද කියල කල්පනා කල නේත්‍ර ලොකු හුස්මක් පහලට දාලා නෙස් ටී කෝප්පෙන් උගුරක් කටට හලාගත්තා.සුදුබේබිත් මේ ටිකේම ඉන්නෙ ප්‍රශ්න ගොඩක කියන එක නේත්‍ර දැනන් හිටියත් ඒ ප්‍රශ්න මොනාද කියලාවත් එව්වට උත්තර හොයල දෙන්නවත් නේත්‍ර දැනගෙන හිටියෙ නෑ.මොකද ඒ දේවල් ආශවට නේත්‍ර එක්ක කියන්න වෙලාවක් ලැබිලා තිබ්බෙ නැහැ.නේත්‍ර දැනන් හිටියෙ එකම එක දෙයයි.

එදා ආශව තරඟෙදි කලර්ස් පෙන්නුව එකෙන් දිව්දේත්‍රා වාසියක් අරං තිබ්බ බව සහ දිව්දේත්‍රා වැල යන යන අතට මැස්ස ගහන්න තරම් කපටි කෙනෙක් උනු එක.

ආශවගෙ පලවෙනි තරඟෙන් හරියටම දවස් දෙකකට පස්සෙ නේත්‍රට ආශව ඉන්ස්ටග්‍රෑම් පැත්තෙ යන්නෙ නැතුව පාඩම් කරන්න කියලා අවධාරණය කලා.ආශවගෙ වචන ගැන තර්ක කරන්නෙ නැති නේත්‍ර ආශව කිව්ව වගේම ඒ පැත්තෙ නොගිහින් පාඩම් කරද්දි දිවාෂ වෙනදට නේත්‍ර එක්ක බලන ෆේස්බුක් එක නේත්‍ර ඉන්න තැන විවර කරන්නෙවත් නැතුව හිටියා.

මොකක් හරි වෙලා තියෙනවා කියල නොතේරෙන්න තරම් නේත්‍ර බොලඳයෙක් උනේ නැහැ.හැබැයි සුදුබේබි තමන්ට එපා කිව්වෙ ඒ දේ තමන් දැන්මම දැනගන්න ඕනි නැති නිසා කියන එක තේරුම් ගත්තු නේත්‍ර ඒ පිලිබද හාර අවුස්සන්න ගියේ නෑ.සුදුබේබිම දවසක ඇවිල්ලා ඔය ගැන කියනකං නේත්‍ර ඉවසුවා.

"අපි යංද?"

කට්ටිය එක්ක පාඩම් කරන්න එලියට යමු කියල කතාවෙලා හරි නිස්කලංක තැනකට කට්ටියම එක්ක ආවෙ දිවාෂ.ගෙදරින් එලියට බහින්න අදිමදි කරන ගමන් උන්නු නේත්‍රව බලෙන්ම ලෑස්ති කරවගෙන ආව දිවාෂ අන්තිමට හවස් වෙනකංම පාඩම් වැඩ ටික කට්ටිය එක්ක කලා.ආශව නැති නිසා කොහෙටවත් යන්නෙ නැතුව වලව්වෙන් ගෙදරටයි ගෙදරින් වලව්වටයි මාරු වෙවී හිටිය නේත්‍රව දිවාෂ මේ එලියට ගත්තෙ දවස් ගාණකින්.ආශව ඉල්ලුව දේ දිවාෂ කොහොමහරි කලා.ඔව්...නේත්‍රගෙ මනස ටිකක් නිරවුල් කරන්න කොහෙ හරි එක්කගෙන යන්න කියන අදහස දුන්නෙ ආශව.

"නිදුකි ආයෙ කොලඹ යන්නෙ කවද්ද?"

"අනිද්දා යනවා දිවාෂ....ඔයාලා ෆයිනල් වලට එනවා නේද එහෙ?"

"ඔව් ඔව්.....නේත්‍ර එනවා කියන්නෙ මම කොහොමත් එනවා"

"මම උපාධ්‍යාටත් කිව්වා අපේ ගෙදර නවතින්න එන්න කියලා...අරුන්දතී අක්කාත් ආවොත් එහෙ නවතින්න පුලුවන් කියන්න නේත්‍ර හොඳද?"

"හා මම කියන්නම් නිදුකි"

කට්ටියම නිහඬවම පොත් ටිකත් අකුලගෙන යන්න පිටත් වුණා.නේත්‍ර හිටියෙ දාහට අරං සීයට දුන්නු හැඟීමකින්.ආශවව කාලෙකින් නේත්‍ර දැකලා තිබ්බෙ නෑ.නේත්‍රට ඕනි උනා ඉක්මනටම විභාගෙ ඉවර වෙනවා බලන්න.රස්සාවක් හොයාගෙන කොලබ ගිහින් සුදුබේබි එක්ක නතරවෙන්න.නේත්‍ර දරුණු විදියට තනිකමින් පීඩා විදින ගමන් හිටියා.

මේ අතරෙ ආශව හිටියෙ ඔලුව ගිනි අරං.කණ්ඩායම් වල ප්‍රචාරක කටයුතු වලට හරි අපූරු ක්‍රමයක් කණ්ඩායමේ පරිපාලනයෙන් හඳුන්වලා දීලා තිබ්බා.

"ඔයාලා හැමෝම ඒ වීඩියෝ එකට ඉන්න ඕනි ගර්ල් කෙනෙක් එක්ක....ඔයාලා එක්කෙනෙක්ට එක ගානෙ වීඩියෝස් හැදෙනවා.ගර්ල් ඔයාගෙ ටී එක ඇඳගෙන ඉස්සෙල්ලාම ඉන්නවා."I look good in this but" කියලා කැප්ශන් කරලා....But him කියලා ඔයාලාව දානවා.ඕකේ නේද?"

"සර් අපි හැමෝටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා නෑනෙ"

"ඉට්ස් ඕකේ ලියෝන්.ඔයාලගෙ දන්න කෙනෙක්ව හරි කමක් නෑ අරං එන්න...."

පරිපාලනයේ ප්‍රධානියාගෙ වචන එක්ක කට්ටියම කල්පනාවට වැටුණා.

"කොල්ලෙක්ව බැයිද දන්නෑ නේද?"

ආශවයි ලියෝනුයි දෙන්නම හිතුවෙ එකම වෙලාවෙ.ඒත් එක්කම ආදිත්‍ය ඔලුව උස්සලා ප්‍රධානියා දිහා බැලුවා.

"සර්.....එහෙම කලාම නැති පද හැදෙන්නෙ....මොකද කවුරුත් කැප්ෂන් කරන්නෑනෙ ඒ ඉන්නෙ ගර්ල්ද නැද්ද කියන එක.ඊට වඩා හොඳ නැද්ද ගර්ල් කෙනෙක්වයි බෝයි කෙනෙක්වයි දෙන්නෙක්වම දාලා "we look good...." ඔන්න ඔහොම දාලා කැප්ශන් කලොත්?"

"ඔව් සර්...."

"ඔව්....."

"එහෙම කලොත් අවුලක් නැ සර් නැත්තං කේස්"

"එහෙම හොඳයි තමා"

පරිපාලන කණ්ඩායම බලාගෙන හිටියෙ ක්‍රීඩකයො දිහා.කොහොමත් ක්‍රීඩකයන්ගෙ අකමැත්තෙන් දෙයක් කරන්න එයාලට අයිතියක් තිබ්බෙ නෑ.ඒ නිසා උඩින් ආව නියෝගය මේ වෙලාවෙදි ක්‍රීඩකයන් ඉල්ලන විදියට වෙනස් කරන්න පරිපාලන කණ්ඩායමට සිද්ධ වුණා.ලොකු හුස්මක් පහල දාලා සන්සුන් වුනු ආශවයි ලියෝනුයි ආදිත්‍යයි මූණට මූණ බලාගත්තා.

"කෙල්ලෙක් හොයන්නෙ කොහෙන්ද?"

"කොල්ලෙක් හොයන්නෙ කොහෙන්ද?"

ආශවටයි ලියෝන්ටයි මුල ප්‍රශ්නෙ මතු වෙද්දි ආදිත්‍යට අග ප්‍රශ්නෙ මතු වුනේ බිවේෂ් යන්නෙ ලියෝන්ගෙ සහයට බව දන්න නිසා.ඔක්කොම අස්සෙන් පැන්නෙ ගුර්බාස්.

"ආශවගෙ මල්ලි කොල්ලා! අයි කොල්ලා!!! මට මට ඈ"

"දෙනවා උඹට !!!"

ගුර්බාස්ව පැත්තකට කරන්න කාටවත් පුලුවන් උනේ නෑ.ඇත්තනෙ! ඒ මනුස්සයා මෙහෙන් කොහොම කියලා ගෑනු මිනිස්සු හොයන්නද? අවසානෙට තීරණේ උනේ පිටින් යොදාගන්න අයගෙ වීඩියෝ වට්සැප් හෝ ඊමේල් මාර්ගයෙන් එවන විදියටයි.ඒත් ගුර්බාස්ට නේත්‍රවම ඕනි වෙලා තිබ්බා.

"අයි කොල්ලා! ලස්සන කොල්ලා! ගුර්බාස් එක්ක ඉද්දි තවත් ලස්සන වෙන කොල්ලා! අයි කොල්ලා ඕනි ඕනි"

"මෙන්න මූට අර කාර්තික්වවත් සෙට් කරමුද?"

"කාර්තික් කිව්වෙ ආශව අයියෙ?"

"අපේ ඉස්කෝලෙ කොල්ලෙක්....මූට හරියනවා ඌව.ඔලුවත් එක්ක කැක්කුමයි මේ යකාගෙ කියවිල්ලයි අමුතු සිංහලයි අහලා!"

ගුර්බාස් උඩ පැන පැන එලියට යන හැටි බලන් හිටිය ආශව හුස්මකුත් පහල දාලා ලියෝන් දිහා බැලුවෙ කන් දෙකට ලොකු සැනසීමක් දැනුනු නිසා.

"දවස් තුනක් ඇතුලත හොයාගන්නෝනි...."

"තුන නෙවේ දෙක....තුන්වෙනි දවස වෙද්දි වීඩියෝස් රිලීස් කරන්න ඕනි කිව්වනෙ"

"ම්ම්ම්.....කොල්ලො දෙන්නා හරි....ඒත් කෙල්ලො?"

"මම ඉන්නෙ ආශු!!!"

ආශව තමන්ගෙ ඇස් දෙක තද කරලා පියාගද්දි ආශවගෙ මිට මෙලවුණු අත ලියෝන් අල්ලගත්තා.ලියෝන්ගෙ අතත් ගසලා දැම්ම ආශව පුටුව විසික් වෙන්න නැගිටලා කාමරෙන් එලියට යද්දි සිද්ධිය මොකද්ද නොදැක්කට ආශවගෙ පුටුවෙ සද්දෙ එක්ක ඒ පැත්ත බැලුව අනික් ක්‍රීඩකයො ටික වෙලාවක් තුෂ්ණීම්භූත වෙලා ඉඳලා ආයෙමත් කර කර හිටිය වැඩ වලට අවධානෙ දුන්නෙ කොහොමත් ආශව කුකුල් කේන්තිකාරයෙක් වග දැනන් හිටිය නිසා.

"ආශුගෙ ලොකු ලයින්නම් අඩු වෙන්නෙම නෑ නේද ලියෝන්?"

"ඉතින් නොදී ඉන්නවකො දිව්දේත්‍රා.....ආදිත්‍ය අයියාවත් කෑවා මදිවට ආශව අයියවත් කන්න හදන්නෙ නැතුව!"

"ආදි මොකද්ද? ආදියි මායි අෆෙයා එක නැවැත්තුවෙ කතා කරලා"

"ආදි හූදි නෙවෙයි! ආදිත්‍ය අයියාවත් තාම ඔයා නටවන එව්වා අපි දන්නවා.පාඩුවෙ කොල්ලොන්ට ඉන්න දීලා තමුන්ගෙ ගරුත්වෙත් රැකං ඉන්නවකො දිව්දේත්‍රා...."

"ගරුත්වෙ නිසා තමා ආශුගෙ පස්සෙන් විතරක් යන්නෙ!"

"ඔව් ඔව්.....අනේ මේ.....ආශව අයියට කෙනෙක් ඉන්නවා....ඔයා ඔයාගෙ පාඩුවෙ හිටියොත් හොඳයි....මොකද ඔයා ඔය කියන ආශව අයියගෙ ලොකුකම කවදාවත් අඩු වෙන්නෑ!"

"ඔයාගෙ අඩු උනේ?"

"ආහ්?"

"බිවේෂ් ඔයාගෙ පස්සෙන් කොච්චරනම් ආවද? ඔයා කොච්චරනම් බැන්නද? ඒත් ඔයා සෙට් උනේ එයා එක්ක? හහ්!"

දිව්දේත්‍රාගෙ සමච්චල් හිනාවට පෙරලලා හිනාවක් දුන්නු ලියෝන් කාමරෙන් එලියට යන්න හදලා ආයෙ පිටිපස්ස බැලුවා.

"කිරි කලේකට කිරිම වත් කරනවා....කොලිටි කිරි එව්වා....කිරි කලේකට වතුර එකතු කරනවා....අර තරම් කොලිටි නැති උනත් ඒ කිරිත් බොන්න පුලුවන් දිව්දේත්‍රා....

ආශව අයියයි එයාගෙ කෙනයි කලින් කිව්ව කිරි භාජනේ....බිවේෂ් කියන්නෙ මම දෙවනියට කිව්ව කිරි කොටස....මම තමා වතුර....ඒත් ඒකත් බොන්න පුලුවන්...

හැබැයි කිරි කලේකට ගොම වක්කරන්නෙ නෑ දිව්දේත්‍රා....කිරි කලේ ආශව අයියනම් ගොම තලිය කවුද කියලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලාගන්න!"

කටකොණකින් හිනාවෙලාම එලියට ගිය ලියෝන් දිහා බැලුව දිව්දේත්‍රා දත්මිටි කන ගමන් අහක බලාගත්තා.කොච්චර කේන්ති ගත්තත් දිව්දේත්‍රා මේ අතගහලා තිබ්බෙ ලෙසියෙන් අතාරින වැඩකට නෙවෙයි.කෙටියෙන්ම කිව්වොත් දිව්දේත්‍රා මේ වෙද්දි ආශවට පිස්සු වැටිලා හිටියා.

ආශවව දිව්දේත්‍රා මුලින්ම දැක්කෙ නාලන්දෙ සහ ට්‍රිනිටිය අතර තිබ්බ ක්‍රිකට් තරඟෙදි.එදා ආශව ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කල විදිය වගේම තරඟෙයේ වීරයා වෙද්දි ඇවිදන් ගිය විදිය වෙනකංම ආශවගෙ හැසිරීම දිව්දේත්‍රාගෙ හදවත පැහැරගෙන තිබ්බා.ආශවට තිබ්බෙ ඕනිම කෙනෙක්ව අද්දවගන්න විදියෙ පෞර්ෂයක් කියන එක දිව්දේත්‍රා විතර්කයෙන්ම පිලිගත්තෙ හරියටම සතියකින් සෑහෙන්න දුර දිග ගිහින් තිබ්බ තමන්ගේ හා ආදිත්‍යගෙ සම්බන්ධෙ තමන් නැවැත්තුව වෙලේදි.නොසෑහෙන්න තමන්ට ආදරේ කෙරුව ආදිත්‍ය අන්තිමට දිව්දේත්‍රා ඉස්සරහ දණින් වැටිලා අයදිද්දි පවා ආදිත්‍යව කිසි ගාණක් නැතුව අතාරින මට්ටමටම ආශව නිසා දිව්දේත්‍රා වැටිලා හිටියා.

නොසෑහෙන්න පිරිම් ලමයිගෙ අවධානෙ සහ ප්‍රේම යෝජනා නිතැතින්ම ලැබෙන දිව්දේත්‍රා ආශව ගැන හිතුවෙත් හරි ලේසියට.ආශවව නම්මගන්න එක හරිම ලේසි වැඩක් කියලා දිව්දේත්‍රා කල්පනා කලා.හැබැයි ඒ මාන්නෙ ටිකක් දුරට අඩු උනේ ඉන්ස්ටග්‍රෑමය හරහා දිව්දේත්‍රා ආශවට යොමු කල පණිවිඩයන් වලට කිසිම ප්‍රතිචාරයක් ආශවගෙන් නොලැබෙද්දි.

ආශවගෙ ගිණුම ඇතුලෙ කිසිම කෙල්ලෙක්ගෙ ඡායාරූපයක් නොතිබුනු එක ගැන දිව්දේත්‍රා හිටියෙ නොසෑහෙන සතුටකින්.හැබැයි දවසක් ආශව එක් කල ඡායාරූපයක තිබ්බ කැප්ෂනය නිසා දිව්දේත්‍රාගෙ හිත ටිකක් හෙල්ලුනා."I love that innocence and that doe eyes" කියන කැප්ෂනය හේතුවෙන් ආශව ආදරය කරන කෙනෙක් ඉන්නවද කියන සැකේ දිව්දේත්‍රාගෙ හිතට ආවා වගේම වාසනාවකට හෝ අවාසනාවකට ආශවව බලන්නම හිතාගෙන ඒ දවස් වල නුවර ඇවිත් හිටිය දිව්දේත්‍රාගෙ ඇස් වලට ආශවගෙ පාසල ලග ආශවයි නේත්‍රයි එක්ක කතා කරන ගමන් උන්නු අරුන්දතීව අහු උනා.

දිව්දේත්‍රා ඒත් ආශවව අතාරින්න ලෑස්තියක් තිබ්බෙ නෑ.දිව්දේත්‍රාගෙ සැලැස්මෙ ඉත්තා උනේ හැමදාම වගේ ආදිත්‍ය.ආදිත්‍ය තමන් කියන ඕනිම දෙයක් ප්‍රශ්න නාහා කරන වගක් දිව්දේත්‍රා දැනගෙන හිටියා.අරුන්දතී ගැන විස්තර හොයාගත්තු දිව්දේත්‍රා ආදිත්‍යව දැම්මෙ ඒ සම්බන්ධෙ කොහොමහරි කඩන්න කියලා.පුදුමෙකට වගේ වැඩිකල් නොයා ආදිත්‍ය ඒ දේ කරලා තිබ්බා.ආශව වගේ කෙනෙක්ව අතහැරලා වෙන කෙනෙක් එක්ක මෙච්චර ඉක්මනට යාලුවෙන්න ආශවගෙ ගෑනු ලමයට පුලුවන් උනු එක ගැන දිව්දේත්‍රා ඇත්තටම හිටියෙ පුදුමෙන්.ඇත්තටම අරුන්දතී ආශවගෙ ගෑනු ලමයා නෙවෙයිද කියන සැකේ දිව්දේත්‍රාගේ හිතට නාවාම නෙවෙයි.

ඒත් දිව්දේත්‍රා පටන් ගත්තු දෙයක් ඉවර නොකර අතාරින්න ලෑස්ති කෙනෙකුත් නොවුණා.ඒ නිසාමයි තාමත් දිව්දේත්‍රා අරුන්දතීගෙ පස්සෙන් පන්නමින් හිටියෙ.ඒ අස්සෙ උපාධ්‍යා ගැනත් සැක හිතුනට අරුන්දතීගෙ ප්‍රශ්නෙ සම්පූර්ණයෙන්ම නිරාකරණය කර නොගෙන උපාධ්‍යාගෙ පස්සෙන් පන්නන්නත් දිව්දේත්‍රාට පුලුවන්කමක් තිබ්බෙ නෑ.අරුන්දතී වගේ අහිංසකයෙක්ට කැත විදියට වල කැපුවට උපාධ්‍යා කියන්නෙ හරියටම කාගෙ කවුද කියලා නොදන්නවා උනත් බලපුලුවන්කාර පවුලක දරුවෙක් කියලා දිව්දේත්‍රාට තේරිලා තිබ්බා.

ඔය ඔක්කොමත් එක්ක දිව්දේත්‍රා ආශවගෙ හීනය එයාගෙ වාසියකට හරවගත්තා.ආශව ඉන්නෙ ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න ආසාවෙ බව දැනන් හිටිය දිව්දේත්‍රා තමන්ගෙ බලපුලුවන්කාරකම් පෙන්නලා ආශවව යාලු කරගන්න උත්සාහ දැරුවා.තවමත් එව්වා ව්‍යර්ථ වෙමින් තිබ්බත් දවසක ඒ දේ තමන් කරනවා කියන දැඩි අධිෂ්ටානෙ දිව්දේත්‍රාගෙ හිතේ තදින්ම කෙටිලා තිබුනා.

ලගකදි ඉදලා ආදිත්‍යගෙ තිබ්බ වෙනසට දිව්දේත්‍රා එච්චරටම කැමති වුනේ නැහැ.ආදිත්‍ය දිව්දේත්‍රා කිව්ව හුඟක් දේවල් මගාරින බවක් දිව්දේත්‍රාට දැනිලා තිබ්බා.දිව්දේත්‍රාට ඕනි කරලා තිබ්බා වීඩියෝවක්.අරුන්දතීව ආදිත්‍ය තදින්ම සිප වැලඳගන්න වීඩියෝවක් දිව්දේත්‍රාගෙ සැලසුමට ඕනි කරලා තිබ්බා.ඒක ආදිත්‍ය ලබා ගත්තු වගකුත් ඒකෙ ආරම්භෙන් තත්පර කිහිපයක් විතරකුත් ආදිත්‍ය දිව්දේත්‍රාට පෙන්නලා තිබ්බා.විනාඩ් කිහිපයක් දිග ඒ වීඩියෝවෙ දිව්දේත්‍රා දැක්කෙ තත්පර කිහිපයක් වුණා වගේම අද වෙනකංවත් ආදිත්‍ය ඒක දිව්දේත්‍රාට දීලා තිබ්බෙ නෑ!!!

"ආදිත්‍ය මට බොරුවක් කරනවාවත්ද?"

දිව්දේත්‍රා ඒ ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහගත්තත් ආදිත්‍යගෙ ක්‍රිකට් ජීවිතේම රඳා පැවතුනේ දිව්දේත්‍රාගෙ අල්ල උඩ නිසා ආදිත්‍ය තමන්ට විරුද්ධ නොවෙයි කියලා දිව්දේත්‍රා විශ්වාස කලා.හැබැයි, හිතකට ඇත්ත ආදරයක් දැනුනොත් මනුස්සයෙක් තමන්ගෙ අනාගත රැකියාව විතරක් නෙවෙයි ජීවිතේම උනත් අතාරින්න ලෑස්ති වග දිව්දේත්‍රා දැනන් හිටියෙ නෑ.ඒ ඔක්කොමත් එක්ක ආදිත්‍ය කවදාවත් අරුන්දතී වගේ කෙල්ලෙක්ට ආදරේ කරයි කියලා දිව්දේත්‍රා හිතුවෙ නෑ.

"අර කෙල්ලනම් අනේ මංදා ආදිත්‍ය අයියෙ"

"කවුද? දේතුද?"

"දේතු නෙවේ ඔය කෙල්ලට කියන්න ඕනි ධාතු කියලා...ඒකි ධාතු වැඩනෙ කරන්නෙ! උඹ කොහොමද දිව්දේත්‍රා එක්ක ඔච්චර කල් හිටියෙ?"

"මාත් හිතනවා ඒක...."

"ආදිත්‍ය අයියෙ,මොකෝ ඕයි මේ...."

වෙනදට දිව්දේත්‍රා ගැන මොනාහරි කිව්වම හිනාවකින් හරි ගණන් නොගෙන හරි ඒක මගාරින ආදිත්‍යගෙන් අද පිටවුනු වචන ලියෝන්ට දැනුනෙ හරි බරට.ලියෝන්ලගෙ රැස්වීම අද තිබ්බෙ හනී බීච් ක්ලබ් එකේ.කණ්ඩායම අවසන් වටයට තේරුනු නිසා සාදයක් පරිපාලනයෙන් සූදානම් කරලා තිබුනා.

ආශව හිටියෙ පිහිනුම් තටාකයට මුහුණලා ඉදගෙන.කොහොමත් ආශව, දෙවින් හරි සනුක හරි නැත්තං ඔය වගේ පාඩුවෙ පැත්තකට වෙන එක සාමාන්‍ය උනා.දෙවින්ටත් වඩා කට්ටියගෙ ඇහැට ආශව එක වැදිලා තිබ්බෙ සනුකව.මොකද සනුක ආශව එක්ක දහනවයෙන් පහල කණ්ඩායමේ පවා හිටිය නිසා.සනුක ආශව කියන්නෙ අඹ යාලුවො දෙන්නෙක් කියන එක ක්ෂේත්‍රය ඇතුලේ මේ වෙද්දිනුත් පැතිරිලා තිබ්බා.ඒකෙ වරදක් තිබ්බෙ නැහැ.මොකද ආශව සනුකව සෑහෙන්න කිට්ටුවෙන් ආශ්‍රය කලා.

පැත්තකට වෙලා දුරකථනෙ ඔබන ආශව දිහා බැලුව ලියෝන් හුස්මක් පහලට දාලා ආදිත්‍යවත් අල්ලගෙන ඉදගත්තා.දිව්දේත්‍රාගෙ ප්‍රශ්න එක්ක ආදිත්‍ය හැමෝගෙන්ම පැත්තකට උනත් ලියෝන්ලගෙ සනුකලාගෙ හිත් වල තාමත් ආදිත්‍ය ගැන තිබ්බ යාලුකම මැකිලා ගිහින් තිබ්බෙ නෑ.

"ඔයා අවුලකද අයියෙ? අවුලක්නම් කියන්න....මම නැත්තං බිවේෂ්ට කෝල් එකක් අරං දෙන්නද?"

"එපා එපා....ඌට තියෙන ප්‍රශ්න ඇති මල්ලි.....තවත් අවුල් දාන්න ඕන්නෑ"

"මට කියන්න එහෙනම්.....මාව ශුවර්නෙ ඔයාට?"

"මගෙ හිතේ කලින් උබලට තිබ්බ තැන තාම තියෙනවා....අපි ඈත් වෙලා හිටියට"

"අපි නෙවෙයි ඔයා.....මායි සනුක අයියයි ඔයාව හොයාගෙන එද්දි පවා ඔයයි අපිව මගෑරියෙ...දන්නවද අපිට කොච්චරනම් රිදුනද කියලා? දන්නවද මම බිවේෂ් එක්ක ඔච්චරටම කේන්ති ගත්තෙත් ඒකයි කියලා?"

"ම්....මොකක්?"

"ඔව්! මට ඔයයි සනුක අයියයි මගෙම අයියලා වගේ හිටියෙ....ඒත් ඔයා මොකද්ද කලේ.කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා අපිව අතෑරියා.හැබැයි ඔයා බිවේෂ්ව අතෑරියෙ නෑ....ඔයා එයා එක්කම හිටියා....අපිව බල්ලො ගානට දාලා බිවේෂ් එක්ක හිටියා.මල්ලි කෙනෙක් විදියට මගෙ හිතට බිවේෂ් ගැන ආවෙ ලොකු ඉරිසියාවක් අයියෙ...එ...ඒ නිසා මම ඒ අහිංසකයට...."

"ඔහ්! මයි ගෝඩ් මල්ලි! උබව මරන්න එපායෑ!"

ආදිත්‍ය කාලෙකට පස්සෙ ලියෝන්ට හරි ආදරෙන් කතා කලා.ලියෝන්ට මගඇරිලා තිබ්බෙ ඒ සහෝදරකම.ආදිත්‍ය ආයෙ පරණ විදියටම හැසිරෙන්න පටන් අරං කියන එක තේරුනු ලියෝන්ගෙ ඇස් දිලිසෙන්න ගත්තා.

"බිවේෂ් මගෙ පස්සෙන් ආවෙ සෑහෙන කාලෙක ඉදන්නෙ....මට ඒ කාලෙ අෆෙයා එකක් පටන් ගන්න උවමනාවක් තිබ්බෙ නෑ....ඊටත් වඩා මම මගෙ සෙක්ශුවලිටි එකවත් මොකද්ද කියලා තේරුම් අරං තිබ්බෙ නෑ.....මම ඒකයි බිවේෂ්ව මගෑරියෙ.බිවේෂ් ඔයාගෙ හොදම යාලුවනෙ....මම ඇත්තටම ඒ කාලෙ හිතුවා බිවේෂ්ට අවස්ථාවක් දීලා බලන්න ඕනි වගේ දේකුත්....

ඒත් ඔයා අපිව කපලා එයාව විතරක් ආශ්‍රේ කරන්න ගත්තනෙ....ඒකෙන් මම බිවේෂ් එක්ක කේන්ති ගත්තෙ.ඔක්කොම කේන්ති ඒ ලමයගෙ පිටින් පිට වුණා...පෞ මගෙ අහිංසකයා"

"ඌනම් අහිංසකයෙක් තමා.....හේරාද් අයියගෙ තනිකරම අනික් පැත්ත මෙයා"

"ඒකනෙ....පරණ කතා ටිකකට නවත්තමුකො....මොකද්ද අර අවුලෙන් හිටිය සීන් එක?"

ලියෝන් ආදිත්‍ය දිහා බලන් හිටියා.ආදිත්‍ය කාලෙකට පස්සෙ සන්සුන් මනසකින් ඉන්නවා වගේ දෙයක් ලියෝන්ට තේරුනා.ආදිත්‍යගෙ ක්‍රිකට් වැඩකටයුතු වලත් යම් උනන්දු සහගත තත්වයක් ඇති වෙලා තියෙනවා කියලත් කට්ටිය කතා වෙනවා ලියෝන්ට ඇහිලා තිබ්බා.ආදිත්‍යගෙ උරහිසකට අත තියාගත්තු ලියෝන් ආදිත්‍ය දිහා බලාගෙනම හිටියා.

"කාලයක් තිස්සෙ හිර වෙලා තිබ්බ අඳුරකින් මම එලියට එමින් ගමන් ඉන්නවා වගේ දෙයක් මට හිතෙනවා....ඒක හරියට....මට කියන්න තේරෙන්නෑ....මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා....ආශවයා!"

ආදිත්‍ය පලවෙනිම වතාවට ආශවට සුහද විදියට කතා කලා.දුරකථනෙට එබිලා මල් හිනාවක් දාගෙන හිටිය ආශව ආදිත්‍ය දිහා බලල ඇහිබැමක් උඩ දාලා ඇයි කියලා නාහා ඇහුවා.ලියෝන්ගෙ පිටට තට්ටු කරපු ආදිත්‍ය ලියෝන් එක්කම ආශව ලගට ගිහින් ඉදගනිද්දි ආශව දුරකථන තිරේ වහලා දාලා ආදිත්‍යගෙ පැත්තට හැරුණා.එකපාරටම ආශවව වැලඳගත්තු ආදිත්‍ය ආශවගෙ පිටට තට්ටු කරද්දි ආශවත් කරන්න දෙයක් හිතාගන්න බැරුව ආදිත්‍යගෙ පිටට තට්ටුවක් දැම්මා.

"හැමදේටම සොරි ආශවයා....අයි මීන් හැමදේටම"

"ඉට්ස් ඕකේ....මම ඔව්වා හිතේ තියං ඉන්නෑ"

"ඒත් මට අවුල්....මම දන්නවා උබ වගේ කොල්ලෙක් කෙනෙක් එහෙම කරන දේවල් හිතේ තියන් ඉන්නෙ නෑ කියලා....ඒත් මට සමාවගන්නම ඕනි උනා උඹෙන්"

"ඒක හරි....ඒක ගැන හිතන්න එපා"

ආදිත්‍ය ආශවගෙන් ඇත් උනේ හිනාවක් මූණෙ තියාගෙනමයි.අද මෙතන සනුකත් හිටියනම් කොච්චර හොඳද කියල ලියෝන්ට හිතුනා.ලොකු හුස්මක් පහල දැම්ම ආදිත්‍ය ආශව දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

"නේත්‍ර මල්ලි...."

"නේත්‍ර මොකද්ද? මොකද්ද?"

ආදිත්‍යගෙ වචන එක්ක ආශව කලබල වෙද්දි ආදිත්‍ය හිනා වුණා.

"නේත්‍ර මල්ලි කොයි වගේ කෙනෙක්ද කියලා මට හිතාගන්න පුලුවන්....උඹ ඔච්චර හොඳ මිනිහෙක් වුනේ කොහොමද කියන එක මට දැන් දැනෙනවා....මට දැනෙනවා ආශව....මටත් ලොකු ගමනක් යන්න ඕනි.ඒ හයිය මගෙ හිතට ඇවිත් තියෙන්නෙ"

"ම්ම්ම්.....උබ බොරුවක් කරනවා නෙවෙයිනෙ?"

"මුලදි කතාව ටිකක් වෙනස්....කාලෙ එක්ක මම වෙනස් උනා....මනුස්සයෙක්ගෙ හිතට ආදරේ දැනෙන්නම ඕනි එකපාරක් හරි තදේටම....එක්කො ඌ ඒකෙන් නැගිටිනවා....නැත්තං නැති වෙනවා.වාසනාවකට මට පලවෙනි විදිය හම්බුනා"

ආදිත්‍ය කියද්දි ලියෝන්ගෙ හිතේ සනුකගෙ රූපෙ ඇඳිලා මැකිලා ගියා.සනුක වැටෙන්නෙ ඔතනින් දෙවනි තැනටද කියන බය ලියෝන්ගෙ හිතට හරියට වද දුන්නා.පවුලෙ හැමෝගෙන්ම ඈත් වෙලා කොළඹට ආව ලියෝන්ගෙ අයියා වුනේ සනුක.ලියෝන්‍ තමන්ගෙ පවුලෙ අයටත් වඩා සනුකට ආදරේ කලා.ඒ නිසාම සනුකගෙ උනු වෙනස ලියෝන්ට දැනිලා තිබ්බා.නේත්‍රගෙ ඉස්සරහ වෙනස් වෙන ඒ ඇස් දෙකේ තියෙන්නෙ දරුණු ආදරයක් කියන එක ලියෝන්ට තේරිලා තිබ්බා.ලගඳි දවසකත් සනුක අමුතු විදියට හැසිරුණු හැටි මතක් වුනු ලියෝන්ගෙ ඇඟේ මවිල් පවා කෙලින් උනා.

එදා ලියෝන් සනුකලාගෙ ගෙදරට ගියේ සනුකව හම්බවෙන්න.ලියෝන් එක්ක හිනාවෙලා ගෙදර වත්තෙ තිබ්බ ඔංචිල්ලාව උඩ ඉදගෙන හිටිය ආශව සනුක ඇතුලෙ ඉන්නවා කියලා කියද්දි ලියෝන් කෙලින්ම ගියේ සනුකගෙ කාමරේ ඇතුලට.මේ වෙද්දිත් නේත්‍ර ගැන සනුකගෙ හිත්සෙ යම් හැඟීමක් ඇති කියලා සැක කරන ගමන් උන්නු ලියෝන් හැමවෙලේම සනුක ගැන විමසිලිමත් වුණා.

"සනුක අයි.....සනුක අයියේ!!!!"

ලියෝන්ට කෑ ගැස්සවුණේ සනුකගෙ අතේ තිබ්බ සිරින්ජය දැකලා.ලියෝන්ගෙ සද්දෙට ගැස්සුනු සනුක එකපාරටම තමන්ගෙ අතේ තිබ්බ සිරින්ජය දිහා බලලා ලියෝන් දිහා බලාගෙන හිටියා.

"අයියෙ....මම එනවා ඔතනට....ඔහොම ඉන්න හොඳද?"

සනුක ඉන්නෙ මානසික අවපීඩන තත්වෙක කියලා තේරුම් ගත්තු ලියෝන් සනුකගෙ ඇස් දෙක තමන්ගෙ ඇස් වලම රඳෝගෙන ඒ සම්බන්ධෙ බිඳෙන්න නොදී ටික ටික සනුක ලඟට ලං වුණා.සනුක ලඟට ගිය ලියෝන් සනුකගෙ අතේ තිබ්බ සිරින්ජය අයින් කලා.අයින් කරලා ලියෝන් එවෙලෙම කලේ සනුකව තුරුල් කරගත්තු එක.තත්පර ගාණක් යද්දි ලියෝන්ට තේරුනා සනුකගෙ කදුළු තමන්ගෙ උරහිස් වලට වැක්කෙරෙන විදිය.

ලොකු හුස්මක් පහල දැම්ම ලියෝන් ටික වෙලාවක් එදා සනුකට අඬන්න දුන්නා.ටික වෙලාවකට පස්සෙ සනුකගෙ පිට අතගගාම සන්සුන් විදියට කතා කරන්න ගත්තු ලියෝන් හරි සෞම්‍ය විදියට කතාව පටන් ගත්තා.

"සනුක අයියේ....."

"ම්......ම්හ්....ම්ම්ම්?"

"ඇයි එහෙම කරගන්න ගියේ"

"මාව අසනීප උනොත් බලන්න එයි නේද?"

"කවුද?"

"එයා...."

"එයා කවුද?"

"ම....මහ්....මගෙ චූටි ප්‍රින්ස්.....න්....නේත්‍....නේත්‍ර මල්ලි!"

"අයියෙ! ද්....දෙයියනේ!"

ලියෝන්ට දැනුනෙ මුලු ලෝකෙම එක තැන නැවතුනු වගක්.ආශවගෙයි සනුකගෙයි බැඳීමට ඉස්සරහ වෙන්න යන දේ ඉවෙන් වගේ දැනුනු ලියෝන් මතින් බැමෙනවා වගේ දැනෙන තමන්ගෙ ඔලුව අල්ලගත්තා.ඒත් ලියෝන් සනුකව අතඇරියෙ නෑ.ඉකිගගහා අඬන සනුකව තවත් තදින් තුරුල් කරගත්තු ලියෝන් සනුකව සන්සුන් කරන්න ගත්තු උත්සාහෙ ප්‍රතිඵල විදියට සනුක ටික වෙලාවකින් සන්සුන් වෙලා තිබ්බා.

"මට හැමදේම කියන්න....."

"හරි"

ඔය විදියට සනුක නේත්‍රව පුංච් කාලෙ හම්බුනු තැන ඉදන් හැමදේම ලියෝන්ට කියන්න අරං තිබ්බා.අවසානෙදි ආශව නේත්‍ර දෙන්නගෙ සම්බන්ධෙ ගැන දැනගත්තු හැටි වගේම එදා ඉදන් තමන් ඉන්න පීඩනේ ගැන කියද්දි සනුකගෙ ඇස් වල කඳුලු පිරිලා තිබ්බා.අදත් සනුක තාත්තගෙ අසනීපයකට විදින්න ගෙනත් තිබ්බ බෙහෙත් ජාතියකින් අධිමාත්‍රාවක් ඇඟට විදගන්න හදලා තිබ්බෙ ඔය හැමදේකින්ම ඇති වුනු පීඩන නිසා.

"ඇයි එහෙම අසනීප උනොත් නේත්‍ර එයි කියලා හිතුවෙ?"

"නේත්‍ර මල්ලිව හුඟ කාලෙකින් දැකලා නෑ මම.....එයාව එදා දිවාෂ මල්ලිලාගෙ ගෙදරින් දැක්ක දවසෙ ඉදලා මට නිතර නිතර එයාව බලන්න උවමනාවක් ආවා....කාලෙකින් දැකලා නැති නිසා හරි අවුලෙන් හිටියෙ මම....එහෙමයි කියලා මට එයාව බලන්න යන්න පුලුවන්ද? ඒකයි.....මම අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් උනොත් ආශව එක්ක එයත් එයි කියලා හිතුනා"

"ආශව අයියා දැනගත්තොත් නම් අමුතුවෙන් ඔයාට අසනීප වෙන්න දෙයක් නෑ! ආශව අයියම ඔයාට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන තැනට වැඩ සිද්ධ කරයි!!"

"ඒත්.....මට ඕනි උනේ නේත්‍ර මල්ලිව බලන්න විතරයි ලියෝන්"

ලොකු හුස්මක් පහල දැම්ම සනුක එදා ඇස් වලට ඇවිත් තිබ්බ කඳුළු පිහිදන් වේදනාත්මකව හිනා වෙලා ලියෝන් දිහා බැලුව හැටි ලියෝන්ට මතක් වුණා.

"මට ඉතින් දුරින් ඉදන් බලලා ආදරේ කරන්න විතරනෙ පුලුවන් ලියෝන්....කොච්චර ආදරේ කලත් අඩුම ඒ නලලෙන් හාද්දක් තියන්නවත් මට අයිතියක් නෑනෙ"

සනුකගෙ හිත නවත්තගන්න බැරි තරමට දුරක ගිහින් කියලා ලියෝන්ට තේරුනා.දැන දැනම සනුක ඇදෙන්නෙ මහා දුකකට කියලා ලියෝන් තේරුම් ගත්තත් සනුක දැන දැනම ඒ දුකේ වැටෙන්න යන එක ගැන ලියෝන් හිටියෙ ලොකු කනස්සල්ලකින්.කීයටවත් ආශවගෙන් නේත්‍ර ඈත් වෙන්නෑ කියන එක දැනටමත් ඒ හයිය සම්බන්ධෙ ගැන දැනන් හිටිය ලියෝන් තේරුම් ගනිද්දි සනුක කොහොම හිත හදාගනීවිද කියන ගැටලුවෙන් ලියෝන් නොසෑහෙන්න පෙලුනා.

"මොකෝ කල්පනාව?"

ලියෝන් මතක ලෝකෙන් එලියට බැස්සෙ ආදිත්‍යගෙ කටහඬ එක්ක.ආදිත්‍යයි ආශවයි දිහා බලලා හිනා වුනු ලියෝන් ඔලුව දෙපැත්තට වනලා සාමාන්‍ය විදියට කතාබහට එකතු උනා.

සාදෙ ආරම්භ වෙලා ටික වෙලාවග් ගත වෙද්දි හැමෝම හිටියෙ උපරිමයෙන් ඒක විඳින ගමන්.ක්‍රීඩකයො බොහෝ දෙනෙක් මත්පැන් පානය කරන නිසා නානාප්‍රකාර මත්පැන් වර්ග තිබ්බත් ආශව ඒ ඔක්කොගෙන්ම වැලකිලා සිසිල් බීම විතරක් පානය කරන්න තෝරගෙන තිබ්බා.

"නේත්‍ර හිටියනම්....."

කොච්චර පිරිසක් එක්ක හිටියත් ආශවට දැනුනෙ තනිවුනු ගතියක්.ආශවට හැමවෙලේම ඕනි උනේ නේත්‍රව.නේත්‍ර නැති උනත් දෙවින් දිවාෂ දෙනෙත් තෙවින් හිටියනම්,නේත්‍ර ඉද්දි දැනෙන හැඟීම තරම් ලොකු හැඟීම්ක් නොදැනුනත් ඒ තනිකම යම් මට්ටකමට මැකුනා.දැන් ඒ ගොඩට සනුකත් එකතු වෙලා තිබුනා.ආශවයි සනුකයි දෙන්නම නොදැනී දෙන්නා සෑහෙන්න යාලුකමකින් මේ වෙද්දි බැඳිලා හිටියා.

"ලියෝන්....මම වොශෲම් එකට ගිහින් එන්නම්"

"හරි ආශව අයියා"

ලියෝන් තමන් ගැනයි ආදිත්‍ය ගැනයි වද වෙන බ්ව දැනන් උන්නු ආශව ලියෝන්ට යන තැන කිව්වෙ නැත්තං ඊලඟට කන තියාගෙන අහන් ඉන්න බැරි තරමට ලියෝන් කෑ ගහන නිසා.දුරකථනෙ සාක්කුවට දාගත්තු ආශව එහෙම්මම කට්ටිය අතරෙන් රිංගලා නාන කාමර තිබ්බ පැත්තට ගිහින් නිදහසේ මුත්‍රා කරන ගමන් හිටියෙ උරුවමකුත් බාන ගමන්.හොදට අවයවේත් හෝදගෙන එලියට ආව ආශව අත් දෙකත් සෝදගෙනම එතනින් එන්න ආවත් එකපාරටම ආශවව ලඟ තිබ්බ බිත්තියකට තද වුණා.

"ආශ්ශූ......"

ආශවගෙ ඇඟටම ඇලීගෙන ඉස්සරහින් හිටන් හිටිය දිව්දේත්‍රා ලඟින් යම් ප්‍රමාණෙක මත්පැන් දුඟදක් වහනය වෙද්දි ආශව දිව්දේත්‍රාගෙ ඇඟටවත් අතක් නොතියා හිටගෙන හිටියා.කෙල්ලෙක් නිසා අහකට තල්ලු නොකර හිටියට ආශවගෙ ඉවසීම තිබ්බ් දිව්දේත්‍රාගෙ තොල් ආශවගෙ බෙල්ල ලඟට ලං වෙනකං විතරයි.

"අහකට යනවා!!!!"

පලවෙනිම වතාවට ආශව ගෑනු ලමයෙක්ට දරුණු විදියට කතා කලා.අත් දෙකෙන් දිව්දේත්‍රාගෙ උරහිස් වලට අත තිබ්බ ආශව පිලිකුලෙන් දිව්දේත්‍රාව තල්ලු කරද්දි දිව්දේත්‍රා ටිකක් ඉස්සරහට විසික් වෙලා ගියා.

"ආශූ........"

"මාව අල්ලන්න එපා!!!! අප්පිරියයි!"

අඳුරෙ දිලිසෙන දිව්දේත්‍රාගේ ඇස් දෙක දිහා බලාගෙනම තමන්ගෙ ගැඹුරු හඬින් කිව්ව ආශව "චක්" ශබ්දයක් නගන ගමන්ම අහක බලාගෙන එතනින් යන්න ගියත් ආශව නැවතුනේ දිව්දේත්‍රා ආශවගෙ අතක් අල්ලගත්තු නිසා.

"සිංහල තේරෙන්නෙ නැද්ද!"

ආයෙමත් අත ගසලා දැම්ම ආශව අහද්දි දිව්දේත්‍රාගෙ ඇස් වල කඳුළු පිරුණා.

"ඇයි ආශු මෙහෙම කරන්නෙ? මගෙ මොනාද අඩුපාඩු....ම්ම්....ප්ලීස් කියන්න ආශු....මම....මම ඒ අඩුපාඩු හදාගන්නම්"

"මුකුත් එපා! මට කෙනෙක් ඉන්නවනෙ දිව්දේත්‍රා! මට එයා විතරක් හිටියම ඇති!"

"මට මදිනෙ ආශු....මට ඔයාව ඕනි....ඔයාට ඕනි විදියට මම හැදෙන්නම්....ප්ලීස් ආශු"

"අවශ්‍ය නෑ! මම කැමති විදියෙ මිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ එකයි.එයා දැනටමත් මගෙ....ඔයා ඔයාගෙ කාලෙ නාස්ති කරගන්නෙ නැතුව ඉන්න!"

ආශව පුලුවන් උපරිම හොඳින් දිව්දේත්‍රාට කතා කලේ ඒ ඉන්නෙ කෙල්ලෙක් නිසා.කොල්ලෙක් වගේනම් එකපාරක් මිකායෙල්ට කලා වගේ අතක් පයක් කපලා දාන්න හරි උත්සාහයක් ගන්න පුලුවන් උනත් මේ ඉන්නෙ කෙල්ලෙක් නිසා ආශව නොසෑහෙන්න ඉවසුවා.ආශවගෙ ඉවසීම තමන් ගැන හිත හෙල්ලීමක් කියලා වැරදියට තේරුම් ගත්තු දිව්දේත්‍රා ආශව ලඟට එකපාරටම ඇවිත් තමන්ගෙ සිහින් හැඩති ඇඟිලි වලින් සමන්විත අත ආශවගෙ පපුව උඩින් තියන්න උත්සාහ කලා.

"මැරුං කන්න එපා දිව්දේත්‍රා මට කියලා!!! කෙල්ලෙක් කියලා ඉවසන ඉවසිල්ලට මාව පිම්පියෙක් ගානට දාලා හිතන්න එපා!!!"

ආශවගෙ වියරු ඇස් දෙක දැක්ක දිව්දේත්‍රා ටිකක් පස්සට උනත් දිව්දේත්‍රාගේ පිස්සුවෙන් වගේ තිබ්බ හදවත ඒකට ඉඩ දුන්නෙ නෑ.තමන්ට පිටුපාලා යන ආශව ලඟට දුවං ගිය දිව්දේත්‍රා ආශවව පිටිපස්සෙන් වැලදගනිද්දි ආශව තමන්ගෙ අතමිට මොලවගත්තා.

"ආශු.....මගෙ පස්සෙන් මෙච්චර බෝයිස්ලා එද්දි මම ආදරේ කරන්නෙ ඔයාට විතරයි....ඇයි ඔයාට බැරි මට එක අවස්ථාවක් දෙන්න...ඔයාගෙ ඔය යාලු කෙනාව අතෑරලා....."

එකපාරටම දිව්දේත්‍රාව පිටිපස්සට විසික් වෙලා යද්දි ආශව හයියෙන් කෑ ගහගෙන දිව්දේත්‍රා දිහා බැලුවා.

"මම තමුසෙට කැමති නෑ!!! ඒක තේරුම් ගන්නවා දිව්දේත්‍රා ඒක තේරුම් ගන්නවා!!! මම යාලු එකාව විතරක් මට ඇති!!! ඒ ඉන්නෙ ලෝකෙ හොඳම මිනිහා!!!!එතනින් එහාට මට මොකෙක්වවත් ඕන්නෑ!!! ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න බෑ මට!!! තමුසෙ ඇඟේ ගෑවෙන වාරයක් ගාණෙ මම පිච්චෙනවා දිව්දේත්‍රා පිච්චෙනවා!!! මම නෙවෙයි උනාට තමුසෙව ඇල්ලුවෙ තමුසෙ මාව අල්ලපු නිසා මගෙ පොඩි එකාට වරදක් කරනවා කියන හැඟීමෙන් මම පිච්චෙනවා!!! ඒකා පිරිසිදුයි දිව්දේත්‍රා!!! වෙන කෙනෙක්ගෙ හුස්මක්වත් නොවද්දගත්තු ගාණට පිරිසිදුයි!!! මම කොහොමද එතකොට අපිරිසිදු වෙන්නෙ!!! ආ!!!!"

ආශවගෙ කවදාවත් දැකලා නොතිබ්බ වියරු ස්වරූපෙ දැක්ක දිව්දේත්‍රා හිටිය තැනම ගල් ගැහිලා හිටියා.

"මම කෙල්ලෙක්ට මෙහෙම කතා කරන්න හිතුවවත් කෙනෙක් නෙවෙයි දිව්දේත්‍රා! ඒත් තමුසෙ ඒ මට්ටමට මාව දාගත්තා! තමුන් ලඟට එන්න නේද? තමුන් ලඟට? හහ්!!! මැණිකක් වගේ ඉන්න මගෙ පොඩි එකාව අතෑරලා තමුන් ලඟට? ඒකව අතෑරියොත් ඌ වැලලෙන වල ලඟම මගෙ වලත් කපන්න වෙනවා! අපි බැඳිලා ඉන්නෙ ඒ තරමටම!! තමුසෙ නෙවෙයි තමුසෙට වඩා ලොක්කෙක් ආවත් මම ඒ මොකෙක්වවත් ලං කරගන්නෑ! මගෙ අංක එක මගෙ පොඩි එකා!!! ඌ විතරයි! මගෙ අන්තිම හුස්ම වෙනකංම අංක එක ඒකා!!!"

දිව්දේත්‍රා දිහා බලාගෙනම අඩියක් පස්සට තිබ්බ ආශව ආයෙමත් දිව්දේත්‍රා දිහා බැලුවා.

"මට මේ ලෝකෙ කිසිම දෙයක් ඒකා තරං වටින්නෑ! ඒ නිසා එක එක දේවල් කරලා මාව ලඟට ගන්න හදන්න එපා! මට තමුන් වගේ අයගෙ හුස්ම පොදක්වත් එපා!!! ආයෙ මට කියලා මෙව්වා කියවගන්න හදන්න එපා! මේක අන්තිම වතාව වෙන්න ඕනි"

බිමට කෙල ගැහුව ආශව කේන්තියෙන් අඩියකුත් පොලවට ගහලා එතනින් යද්දි දිව්දේත්‍රා පපුවත් අල්ලගෙන ලඟම තිබ්බ බිත්තියකට හේත්තු උනා.ජීවිතේට වචන කීපෙකට වඩා කතා නොකරන ආශවගෙ මේ හැසිරීම එක්ක දිව්දේත්‍රා හිටියෙ නොසෑහෙන්න බය වෙලා වගේම දිව්දේත්‍රාගෙ වෙරිමතත් මේ වෙද්දි බැහැලා තිබ්බා.ටික වෙලාවකින් තමන්වම සන්සුන් කරගත්තු දිව්දේත්‍රා ආශව ගිය පාර දිහා බලලා හිනා වුණා.

"මොකා ලොකු නොවුනත් ඔයාගෙ හීනෙ ඔයාට වැදගත්නෙ ආශු....අපි බලමු....ක්‍රිකට්ද? ඔයාගෙ ලවර්ද කියලා!!!"

දිව්දේත්‍රාගෙ කටහඩේ තිබ්බෙ නොසැලෙන සුළු ගතියක්.සමහරවිට දිව්දේත්‍රා එයා ලඟ තියෙන හැම තුරුම්පුවක්ම උනත් ඉදිරිපත් කරන්න ඉඩකඩ තිබ්බා ආශවව ලබාගන්න!

"ශිට් ශිට් ශිට්!!!!"

කෙලින්ම එතනින් වාහනයක නැග්ග ආශව තමන් නැවතිලා හිටිය හෝටලේ කාමරේට ඇවිත් පැය ගාණක් තිස්සෙ කේන්තිය පිට වෙන්නත් එක්ක නාගත්තු වගක් නේත්‍ර දැනගෙන හිටියෙ නැහැ.තමන් වෙනුවෙන් විතරක්ම වෙන් වෙලා තියෙන සුදුබේබිගෙ ඇඟ දිව්දේත්‍රා නිසා අපිරිසිදු උනා කියන හැඟීම තදේටම සුදුබේබිගෙ හිතේ තිබ්බ නිසා සුදුබේබි පැය ගාණක් රෑ නෑව වගක් ඊලග දවසෙ නාහෙත් බර කරං කතා කරපු සුදුබේබිට බේත් බොන්න බල කල නේත්‍ර දැනන් හිටියෙ නෑ.

..............................................................................................

"ඊට පස්සෙ නේත්‍ර ඒ කුරුමිණියට යන්න කිව්වා"

"ගියාද?"

"නෑනෙ සුදුබේබි.....කුරුමිණියා ඉගිල්ලිලා ගිහින් දිවාෂගෙ නහයෙ එල්ලුණා!"

"හොඳ වැඩේ"

"පවු සුදුබේබි....දිවාෂ උන්නෙ නිදාගෙන....අනේ එයා කෑ ගහගෙන නැගිට්ටා...."

"කුරුමිණියව මැරුවද?"

"නේත්‍ර මරන්න දුන්නෑ සුදුබේබි.....නේත්‍ර කුරුමිණියව නාහෙන් ගලෝලා ජනේලෙන් එලියට දැම්මා"

"මගෙ නේත්‍ර දක්සයා"

"නේත්‍ර දක්සයා නිසා තමා සුදුබේබිව යාලු කරගත්තෙ"

"නේත්‍ර! සීරියස්ලි?"

නේත්‍ර කිව්ව කතාවෙ තිබ්බ දඟකාරකම මූණෙන් නොපෙනිච්ච හින්දා ආශව තත්පර ගාණක් ඇතුලත තේරුම් ගත්තා ඒක නේත්‍ර හිතලා කිව්ව වචනයක් නෙවෙයි කියන එක.කොහොමත් නේත්‍රට ඔය වගේ දේවල් හිතලා කියන මානසිකත්වයක් තිබ්බෙ නෑ.දඟකාර දේවල් වලට වඩා නේත්‍රගෙන් පිට උනේ සෞම්‍ය දේවල් වෙද්දි ආශව මේකට වගකිවයුත්තාව හොයාගෙන තිබ්බා.

"කවුද දැන් ඔව්වා මගෙ කොල්ලට කියලා දුන්නෙ?"

"ඈ...."

"ඈ නෙවේ.....ඔව්වා ඔයා හිතලා කියන එව්වා නෙවෙයි කියලා මම දන්නවා නේත්‍ර"

"දිවාෂ...."

"ආ මට හිතුනා ඔය කොටා තමා කියලා....ඕකා හදන්නෙ ඔයාව නරක් කරන්න....අහු වෙන්න එපා ඌට ඈ"

"සුදුබේබි බොරුවට ඔය කියන්නෙ....සුදුබේබිට මම ලඟට විශ්වාසම දෙවින් අයියවයි දිවාෂවයි"

අවසන් තරඟය පැවැත්වෙන්න දින තුනකට කලින්ම නේත්‍ර රෙදි මල්ලකුත් උස්සන් විශාරලාගෙ ගෙදර නැවතිලා උන්නෙ දිවාෂ තෙවින් දෙන්නත් එක්කමයි.මේ දවස් තුන විශාරලාගෙ ගෙදර ගත කරන්න තීරණේ කල ආශවත් ඇඳුං කෑලි දෙකකුත් අරං විශාරලාගෙ ගෙදෙට්ට ගොඩ උනේ අභිෂේක්ටත් රැවිල්ලක් තෑගි කරන ගමන් වගේම අභිෂේක්ගෙනුත් ඒ වගේම රැවිල්ලක් ආපිට ස්තූතිය විදියට පිලි අරගෙන.

දැනුත් ආශව හිටියෙ නේත්‍රගෙ උකුල උඩින් ඔලුව තියාගෙන ඇඳෙන් ඇලවෙලා.උඩින් පේන නේත්‍රගෙ මූණ දිගේ තමන්ගෙ ඇඟිල්ලක් ඇදන් ගිය ආශව නේත්‍රගෙ තොල් දෙක තමන්ගෙ ඇඟිල්ලකින් පිරිමැදලා හිනා වෙවී නේත්‍රගෙ රස කතා අහන් හිටියා.ටිකකින් මොකක් හරි මතක් උනා වගේ නේත්‍ර කල්පනා කරන්න ගනිද්දි ආශවත් නේත්‍රගෙ හුරතලේ දිහා ආසාවෙන් බලාගෙන හිටියා.

"සුදුබේබි!"

"ඔව් මැණිකෙ ......කියන්න"

"සුදුබේබි එදා කිව්වා නේද මැච් එකේදි අවුලක් උනාය කියලා....හම්බුනු වෙලේට කියන්නම් කිව්වෙ?"

"කවද්....ආහ්....ෆස්ට් මැච් එක නේද?"

"ඔව් සුදුබේබි....නේත්‍රට කියන්නකො"

"ම්ම්ම්ම්.....මේකයි....කලබල වෙන්න දෙයක් නෑ"

නේත්‍රගෙ උකුලෙන් ඔලුව අයින් කරගත්තු ආශව ඇඳ විට්ටමට හේත්තු වෙලා නේත්‍රව තමන්ගෙ පපුව අස්සට ඇදලා ගත්තා.උඩුකය නිරුවත් ආශවගෙ පපුවෙන් එන තදබල උනුහුම නිසා පුංචි එකාගෙ කම්මුල් රතු ගැහිලා තිබ්බත් නේත්‍ර තමන්ගෙ කම්මුලක් ඒ උණුහුම් පපුවට හේත්තු කරගෙන කතාව අහන්න ලෑස්ති උනා.

"එදා මැච් එක පටන් කලින්ම ලොකු ප්ලෑන් එකක් ටීම් එක ඇතුලෙ ගිහින් තියෙනවා....අර මම කලින්දා නේත්‍රව බලන්න ආවෙ.අන්න එදා හවස කට්ටියගෙ මීටින් එකක් අරගෙන තිබ්බා.ඒත් ඒකට ලියෝන් ගුර්බාස් ගිහින් තිබ්බෙ නෑ....ගිහින් තිබ්බෙ නෑ කියන්නෙ එයාලාට දැනුම්දීමක් කරලා තිබුනේ නැහැ....කොහොමහරි එදා වෙන්න ඇති ඔය ගැන ප්ලේයර්ස්ලට කිව්වෙ"

"මොකද්ද සුදුබේබි?"

"ඔක්කොම දිව්දේත්‍රාගෙ තාත්තගෙ ප්ලෑන්ස්.....මම හිතන්නෙ මිනිහා මොකක් හරි දේකට ටීම් එක පාවලා දුන්නා....දිව්දේත්‍රා ඒකෙන් වාසි ගත්තා...නැත්තං වෙන දෙයක්"

"පාවලා දුන්නා කිව්වෙ සුදුබේබි?"

"ඔය එක එක ඔට්ටු අල්ලනවනෙ නේත්‍ර....එහෙම දෙයක් වෙන්නත් පුලුවන්....නැත්තං ලොකු ගාණකට ටීම් එකට එදාට පරාද වෙන්න කිව්වා වෙන්නත් පුලුවන්....එහෙමත් නැත්තං දිව්දේත්‍රා වෙනුවෙන්ම ඒක කල වෙන්නත් පුලුවන්....මිස්ටර් අලහකෝන් දිව්දේත්‍රාට සෑහෙන්න ආදරෙයිලු"

"ආ.....ඊටපස්සෙ?"

"ඔක්කොම ප්ලේයර්ස්ලා ලකුණු පහනෙ සීමාව ඇතුලෙදි...උපරිම සීය ඇතුලෙදි අවුට් වෙන්න කතා වෙලා තියෙන්නෙ....අලහකෝන්ගෙ එක දෙයක් තියෙනවා.මිනිහා දෙයක් කිව්වම ඒක ඇයි අහන්නැතුව කරන්න ඕනි.අනික ඔතන ඉන්න බැට්ස්මන්ලා කිප දෙනෙක්ම ඕකෙ නිත්‍ය සාමාජිකයො කියලා කියන්නෙ....අන්න එයාලා.ඉතින් එයාලා කොහොමත් අලහකෝන්ගෙ හිතවත්තුනෙ....කොහොමහරි ප්ලෑන් එකේ විදියට එදා වැඩේ උනානෙ"

"ඕ සුදුබේබි.....ඊටපස්සෙ සුදුබේබි ප්ලේ කලානෙ"

"ඔව්....මට කලින් ගිහින් විකට් එක අල්ලන් හිටියනෙ ගුර්බාස්....මිනිහා අර දේවල් ගැන දන්නෙත් නෑ....දන්නදා උනත් මිනිහා එව්වට එකඟ වෙන්නෑ වගේම මට ලියෝන්ට ඒක ආරංචි වෙන නිසා වෙන්න ඇති ගුර්බාස්වත් අයින් කලේ ඒ වැඩෙන්.....කොහොමහරි දිව්දේත්‍රා අන්තිම මොහොතෙ එයාගෙ ප්ලෑන් එක ආදිත්‍යට කියල....ආදිත්‍ය ඒක බිවේෂ්ට කියල තියෙන්නෙ ආදිත්‍යගෙ හිතට එතකොටත් තේරුම් යමින් තිබිලා තියෙන නිසා එයා වරදක් කරන්නෙ කියලා....අරහෙම ලකුණු ගානෙන් අවුට් වෙන්න කිව්වට හේතුවක් ආදිත්‍යලා දැනන් ඉදලා නෑනෙ....හේතුව මම කියලා දැනගත්තම තමා ආදිත්‍ය ඒක බිවේෂ්ට කියලා තියෙන්නෙ"

"සුදුබේබි?"

"ඔව් නේත්‍ර.....එදා මම ග්‍රවුන්ඩ් එකට බහිද්දිම ලියෝන් කෑ ගහගෙන ඇවිත් තිබ්බෙ ඒක කියන්න...ඒත් එවෙලෙ ඒකට ඉඩක් ලැබුනෙ නෑනෙ....දිව්දේත්‍රාට ඕනි වෙලා තියෙන්නෙ මේකයි....දැන් ටීම් එකෙ ඔක්කොමල්ල අඩු ලකුණු ගානක් ගහලනෙ අවුට් උනේ....මට හරියට ප්‍රැක්ටිස් එකක් දුන්නෙත් නෑ....ඉතින් ඒ වැටිලා තිබ්බ ටීම් එකේ අන්තිම හරියෙ මම ගියාම මම උනත් අර වගේම අවුල් සහගතවනෙ ප්ලේ කරන්නෙ"

"නෑ....සුදුබේබිට පුලුවන් ටීම් එකක්ම ගොඩ දාන්න"

"ඒක දන්නෙ ඔයානෙ මැණිකෙ....එයාලා දන්නෑනෙ....කොහොමහරි එතකොට මගෙ ෆස්ට් මැච් එකේදිම මගෙ වැරදිනෙ උඩට එන්නෙ....එතකොට හැකියාවක් නැති කෙනෙක් කියලා මට හේට් එක එනවා....හිතන්නකො.....ඊටපස්සෙ මට සෝශල් මීඩියාස් වලිනුයි උපරිමේටම ගියොත් ICC එකෙන් පවා අවුල් එනවා...."

"අයිසීසී එක?"

"ඔව්....ඔයා දැකලා තියේද....සමහර ක්‍රිකටර්ස්ලා එයාලගෙ නැෂනල් ප්ලේ නොකර අයිපීඑල් ගහනවා? ඒ ඉතින් මොකක් හරි තමන්ගෙ රටෙන් අවුලක් වෙලා හරි මොකක් හරි වෙලා ටීම් එකෙන් අයින් කරලා හෝ වෙලා තිබ්බට දක්ෂ කට්ටියව අයිපීඑල් වෙන්දේසි දානවා....ඒත් ඒකට කලර්ස් පෙන්නන්න ඕනි හොඳටම....හිතන්නකො මම එදා ෆේල් උනානම්?"

"ඔව් නේද සුදුබේබි....දෙයියනේ! අර ගෑනු ලමයා හරි නරකයිනෙ!"

"ඔව්.....එයාට ඕනිඋනේ ඒක.එතකොට මම වගේ කෙනෙක්ව නැෂනල් නොගත්තා කියලා කවුරුත්ම මුකුත් කියන්නෑ ......එයා හිතන්න ඇති එතකොට මම එයා ලඟට යයි කියලා....එයාගෙ උත්සාහෙ උනේ ඒක....මගෙ ක්‍රිකට් හීනෙන් එයාගෙ පැත්තට මාව් අද්දවග......නේත්‍ර! මැණිකෙ ඇයි මේ?"

"සුදුබේබි මගෙ විතරයි!"

නේත්‍රගෙ ඇස් දෙකේ නොසෑහෙන කේන්තියක් පිරීගෙන එන වග දැක්ක ආශව නේත්‍රගෙ අතක් තමන්ගෙ අතක පටලගන්න හැදුවත් නේත්‍රගෙ අතත් මිට මෙලවිලා තිබ්බා.නේත්‍රගෙ කම්මුල් දෙක දෙපැත්තෙන් අල්ලගෙන තමන්ගෙ පැත්තට හරවගත්තු ආශව නේත්‍රගෙ ඇස් දෙකේ තිබ්බ කේන්තිය අස්සෙන් මහා ලොකු වේදනාවක් දැක්කා.

"මගෙ වස්තුව.....සුදුබේබි මගෙ රත්තරං නේත්‍රගෙ විතරයි.....විතරමයි! හුස්මකින්වත් මම වෙන කෙනෙක්ට ලං වෙන්නෑ මගෙ නේත්‍ර...."

"සුදුබේබිව උදුරගෙන යන්න දෙන්නෑ කාටවත්ම මම!"

"එපා....මාව පරිස්සමින් ඔයා ලඟම තියාගන්න....මට ඕනිම නෑ කොහෙවත් යන්න"

"නේත්‍ර ආදරෙයි සුදුබේබි....නේත්‍රගෙ පපුව ගලෝලා අතට දෙන්න පුලුවන් තරමට නේත්‍ර සුදුබේබිට ආදරෙයි"

"මාත් ආදරෙයි.....මගෙ ජීවිතේට වඩා මම ආදරේ නේත්‍රට"

නේත්‍රගෙ තොල් වලට බර වුණු ආශව ටික වෙලාවක් නිවී හැනහිල්ලෙ ඒ තොල් රස විඳලා නේත්‍රගෙන් ඈත් වුණා.ආශවගෙ නලලෙන් තමන්ගෙ තොල් තද කෙරුව නේත්‍ර සෑහෙන වෙලාව එහෙම ඉද්දි ආශව නේත්‍රගෙ ඉණ වටේ තමන්ගෙ අත් දෙක පටලෝගෙන ඒ හාද්ද රසවිඳින ගමන් හිටියා.

"අපි මේ ගැන විශාර මාමට කියමුද සුදුබේබි?"

"දිව්දේත්‍රා ගැනද?"

"ඔව්"

"නේත්‍ර හිතනවද ඒක හොඳයි කියලා?"

"මට එහෙම හිතෙනවා සුදුබේබි....ඇයි දන්නවද? දැන් දිව්දේත්‍රා ඔන්න විශාර මාමට කියනව සුදුබේබිව එවන්න කියලා මොකක් හරි බොරු උවමනාවක් කියලා....නැත්තං සුදුබේබිව හම්බෙන්න ඕනි කියනවා....විශාර මාමා මුකුත් නොදන්න නිසා ඒ උගුල් වලට එයාව අහු වෙන්න පුලුවන්නෙ....විශාර මාමට මේ ගැන කිව්වම එයත් දිව්දේත්‍රා ගැන විමසිල්ලෙන් ඉඳීවි"

"ඔව් නේද නේත්‍ර? හෙට මම යන්න කලින් කියලම යන්නම්"

"ඒක හොඳයි සුදුබේබි....මම අභී මාමට කියන්නම් ඒ ගැන"

"අභිෂේක් අන්කල්නම් ඔලුව පලයි දිව්දේත්‍රාගෙ ඔයාට අර එක දවසක් දැම්ම පාට් එක කිව්වොත් එහෙම"

"ඒවා කියන්නෑ මම....සුදුබේබි ගැන විතරක් කියන්නම්"

"කියන්න තියෙන්නෙ....ඔලුවවත් පැලිලා මැරෙන්නැතෑ ඔය මල වදකාර ගෑනු මනුස්සයා!"

"සුදුබේබි!!! හතුරෙක් ගැනවත් එහෙම හිතන්න එපා"

"හ්ම්ම් හ්ම්ම්....හැබැයි ඔයාට මේ හැඟීම එයි මට කවුරුහරි ඔය විදියට කතා කරලා පාට් එක දැම්මනම් එහෙම....නේත්‍රට එයා බැන්න නිසයි නේත්‍ර ඒ ගැන නොහිතන්නෙත් මම ඒ ගැන හිතන්නෙත්"

"අමතක කරලා දාමු සුදුබේබි....ම්ම්ම්"

"හ්ම්ම්ම්....බඩගිනියි නේද අ....."

"බුදු අම්මෝ ආශව!!!!! නේත්‍ර!!!!! අනේ මාව.....ආහ්හ්හ්!!!! ආහ්හ්හ්!!!! යුගාන් ආහ්හ්හ්හ්!!!!!"

ආශවයි නේත්‍රයි එකපාරටම ගැස්සිලා ගියේ එහා කාමරෙන් ඇහුනු සද්දෙ නිසා.හැබැයි ඒ කෑ ගැහුවෙ තෙවින් වීමත්,ඒ කාමරේම දිවාෂ හිටීමත් නිසා ආශවයි නේත්‍රයි බොරුවට කලබල උනේ නෑ.හෙමින් සැරේ කාමරෙන් එලියට ගිය ආශවයි නේත්‍රයි තෙවින්ලගෙ කාමරේ දොර ලඟට යද්දිත් අභිෂේකුත් උඩට ඇවිල්ලා හිටියා වගේම කාර්යාල කාමරේට වෙලා මාර්ගගත රැස්වීමකට සම්බන්ධ වෙලා උන්නු විශාරට ඒ සද්දෙ ඇහිලා තිබ්බෙ නෑ.

"ආහ්.....යුගාන්.....ම්හ්හ්.....ආහ්....එප්....එපාහ්..."

"සුදුබේබි දොර අරින්නකො.....දිවාෂ තෙවින් අයියට ගුටි දෙනවද කොහෙද"

"ගුටිනම් නෙවෙයිදත් මන්දා"

ආශව හෙමීට මිමිණුව එක නේත්‍රට නෑහුනත් ඒ ලඟ හිටිය අභිෂේක්ටනම් ඇහුණා.ආශවට දෙකක් රැව්ව අභිෂේක් නේත්‍රව තමන්ගෙ පැත්තට ඇදලා ගනිද්දි අභිෂේක්ට අනික් පැත්තට රැව්ව ආශව නේත්‍රව ඇදලා අරං තමන්ගෙ අතක් අස්සෙ ගහගෙන හිරකරගත්තා.

"අම්මෝහ්!"

කොහොමහරි තෙවින් අමාරුවෙන් දොර ඇරං තිබ්බා.දොරෙන් එලියට අඩිය තිබ්බ තෙවින්ගෙ කමිසෙ බොත්තං බාගෙට ඇරිලා තිබ්බා වගේම කලිසමත් ගැලවිල තිබිලා අඳින ගමන් එලියට ආවෙ කියලා ආශවනම් බැලුව ගමන් තේරුණා.අභිෂේකුත් ඇස් දෙක උඩ තියං බලාගෙන ඉද්දි නේත්‍ර විමසිල්ලෙන් බැලුවෙ තෙවින්ට තුවාලයක් එහෙම වෙලාද කියලා.ආශවගෙ මූණෙ තිබ්බෙනම් මහ එපා කරපු කුපාඩි බැල්මක්.

"බෙල්ලට මොකද්ද උනේ තෙවින් අයියෙ? ලේ බිංදුවක් ඇවිත් නේද?"

"එතනිනුත් ඇවිල්ලද?"

තෙවින් අත තියලා බලද්දි බෙල්ලෙන් ලාවට හීරිලා වගේ තිබ්බ තැනකින් පොඩි ලේ බිදිත්තක් වගේ ඇවිත් තිබ්බා.නේත්‍ර දිහා බලලා ඒක එච්චරටම ගණන් ගන්න දෙයක් නෙවෙයි කිව්ව තෙවින් තමන් දිහා මහා කැත විදියට බලන් ඉන්න ආශව දිහයි අභිෂේක් දිහයි මාරුවෙන් මාරුවට බලලා ලැජ්ජාවෙන් ඔලුව කහන ගමන් කතා කරන්න ගත්තා.

"චූටි බාප්පෙ"

"ඕ....කියන්න මොකෝ?"

"මම අද බාප්පා ලඟ නිදාගන්නම්කො....අර කාමරේ ඇතුලෙ ඉන්න එකා මට කරදර කරන්න හදනවා"

"හ්....හරි හරි....යං....මම ලෑස්ති කරලා දෙන්නම්"

තෙවින්ගෙ හිසේ ඉදන් පාදාන්තය දක්වා බැලුව අභිෂේක්ට තෙවින් කිව්ව වචනත් එක්ක දැනුනෙ එච්චරටම යහපත් හැඟීමක් නෙවෙයි.තෙවින්ගෙ දැන් රූපෙයි දිවාෂ කරදර කරන්න හැදුවා කියන කතාවයි එක්ක මූණට ආව කැත හිනාව පාලනේ කරගත්තු අභිෂේක් තෙවින් එක්ක පහලට බහිද්දි ආශවයි නේත්‍රයි කාමරේට එබිලා බැලුවා.ආශවවයි නේත්‍රවයි නොදැක්ක දිවාෂ හරි ලොකු වැඩක් කරලා වගේ උරුහම් පාරකුත් බාන ගමන් කන්නාඩියෙන් බලාගෙන කොණ්ඩෙ හද හද ඉද්දි දිවාෂගෙ ලොකුකමෙන් තියෙන මූණයි තෙවින්ගෙ දැන් තිබ්බ බයාදු මූණයි මවාගත්තු ආශව නේත්‍රවත් අරගෙන තමන් දෙන්නගෙ කාමරේට ඇවිදගෙන ආවා.

"දෙවින් වගේම මූත් යටටම යයි වගේ!"

ආශව හෙමීට මුමුණන ගමන් නේත්‍ර ගාන බේබි පවුඩර් ටිකක් අරගෙන මූණෙ ගාගනිද්දි සුදුබේබි කිව්ව යටට යෑම ගැන අහම්බෙන් ඇහුනු නේත්‍ර ආශවට කිට්ටු උනේ ඒ ගැන දැනගන්න කියලා හිතාගෙන.

..............................................................................................

"මුන් බස්සලා තියෙන්නෙ දඩ කෑලිනෙ බං!"

"කියලා වැඩක් නෑ.....ඈ ආශව....ඒ වීඩියෝ එකේ ඉන්න ගර්ල්ට කොල්ලෙක් ඉන්නවද?"

"ඒ ඒකෙ හිටියෙ අර උඹලගෙ මල්ලි නේහ්? ඌ මාරම ලස්සනයිනෙ බං....සිරාවටම"

"ආදිත්‍යගෙ එකේ එක්කෙනා...අඩෝ අඩෝ සිරාවටම කොහෙන්ද එහෙම කෙල්ලෙක්ව හොයාගත්තෙ? අර ඉස්සර අපි කියවපු නවල්ස් වල ඉන්න ගැමි කෙල්ලො වගේනෙ"

"ලියෝන් නම් සෙට් නේහ් දැන් ඇමති පුතා එක්ක?"

"මුන් තුන් දෙනාගෙ වීඩියෝස් තුන වයිරල් ගිය එක අහන්නත් දෙයක්යෑ....දාර කෑලිනෙ බස්සලා තිබ්බෙ....කෙල්ලො තුනත් මාරම ලස්සනයි....කොල්ලො තුනත් හෙන ගති"

අනික් කට්ටිය කියද්දි ගුර්බාස්නම් හිටියෙ ආශව එක්ක තරහා වෙලා.මොකද ආශවගෙ අයි කොල්ලව ගුර්බාස්ට දුන්නෑනෙ ආශව වීඩියෝවට.ආශවගෙ වීඩියෝවෙ නේත්‍ර එක්ක හිටියෙ උපාධ්‍යා.කට්ටිය එක්ක මේ වීඩියෝව ගැන කතා වෙද්දි උපාධ්‍යාම කැමැත්තෙන් එන්නම් කියලා කිව්ව එක ආශවට ලොකු සහනයක් උනේ ප්‍රශ්නයක් ඇති නොකරන ගෑනු ලමයෙක්ව ගන්න පුලුවන් උනු එක ගැන.ලියෝන්ට බිවේෂ් හිටියට ගෑනු ලමයෙක් නොහිටිය නිසා ආශව මැදිහත් වෙලා නිදුකිව ඒ වැඩේට කතා කරලා දුන්නා.

දෙනෙත් අඳින පලදින විදිය එක්ක දෙනෙත් සාමාන්‍යෙන් පිරිස අතර ටිකක් ජනප්‍රිය වගේම ඇහැට වදින කෙනෙක් නිසා ආදිත්‍ය ලියෝන්ගෙ මාර්ගෙන් වීඩියෝවෙ පිරිමි ලමයා විදියට දෙනෙත්ට කතා කලත් දෙනෙත් ඒක ආදිත්‍යගෙ හිත නොරිදෙන විදියට ප්‍රතික්ශේප කලේ දවසක තමන් මේ වගේ වීඩියෝව ඉන්නවනම් ඒ පලවෙනි වතාව දෙවින්ගෙ එකක වෙන්න ඕනි කියන එක පැහැදිලිවම කියන ගමන්.ඒ නිසා ආදිත්‍යට උදව් කරන්න ඉදිරිපත් උනේ තෙවින්.දෙවින්ම ඒ ඉල්ලීම තෙවින්ගෙන් කරල තිබ්බ නිසා තෙවින් ඒ උදව්ව ආදිත්‍යට කලා.මේ අතරෙ ගෑනු ලමයගෙ වැඩේට ආදිත්‍ය කරලා තිබ්බෙ කවුරුත් නොහිතපු වැඩක්.

ආදිත්‍ය එයාගෙ වීඩියෝවෙ ගැහැනු ලමයා විදියට අරුන්දතීව අරගෙන තිබ්බා.දණහිස ලඟට විතර දිග කොණ්ඩෙ කඩලා දාලා දෙපැත්තට බෙදාගෙන ආදිත්‍යගෙ ක්‍රිකට් ජර්සිය ඇදන් හිටිය අරුන්දතීගෙ තිබ්බ ලස්සන ඇත්තටම අනික් වීඩියෝවන් හැම එකකම හිටිය ගැහැනු ලමයින්ව පරාද කලා.ලංකාවෙ ප්‍රසිද්ධ තරුණ නිලියක් එක්ක සම්බන්ධයක් පවත්වපු කණ්ඩායම් නායකයාගෙ වීඩියෝවෙ ඒ නිලිය ඉදලත් කිසිම කෙනෙක් ඒ ගැන ලොකුවට උනන්දු නොවෙද්දි කණ්ඩායම් ඔක්කොම අතරෙ කතාබහට ලක් වෙලා තිබ්බෙ ආදිත්‍ය අරං තිබ්බ ගෑනු ලමයා ගැන.අරුන්දතීගෙ ලස්සන ඒකට එක හේතුවක් වෙද්දි අනික් පැත්තෙන් දිව්දේත්‍රා එක්ක යාලු වෙලා හිටිය ආදිත්‍ය මේ අරං තිබ්බ ගෑනු ලමයා කවුද කියන ප්‍රශ්නෙ හැමෝටම ඇවිත් තිබ්බත් කිසිම කෙනෙක් ඒ ගැන ආදිත්‍යගෙන් අහන්න තරම් නිර්භීත වුණේ නැහැ.

අනික් පැත්තෙන් ආශවට කනක් ඇහිලා ඉන්න බැරි උනේ ඒ ඉන්නෙ ආශවගෙ ඇත්තම මල්ලිද කියලා අහන අයගෙන්.ගුර්බාස් කිව්වා වගේම හුඟක් අයගෙ කටවල් වලින් පිට වුනු එකම දේ "මෙච්චර ලස්සන කොල්ලො ඉන්නවද?" කියන වචන ටික වුණා.නේත්‍ර ගැනත් කට්ටිය නොසෑහෙන්න විමසිලිමත් වෙද්දි ආශව වගේම අනික් අයත් සැක නොහිතෙන විදියට එව්වට උත්තර දෙමින් ගමන් හිටියා වගේම නේත්‍ර ආශවට එව්ව ස්ක්‍රීන් ශොටයක සටහන් වෙලා තිබ්බෙ පැය කීපයක් තුල නේත්‍රව හඹා යන්න රික්වෙස්ටු එවලා තිබ්බ සැලකිය යුතු ගැහැනු හා පිරිමි ලමයි පිරිසක්.ඇත්තටම ඒකෙන් පස්සෙ නේත්‍රට යම් අපහසුතාවක් ඇති වෙලා තිබ්බත් ඉස්සරහට මීට වඩා තමන්ට අවධානයක් වගේම මිනිස්සුන්ගෙ වෛරී  සහගත ප්‍රතිචාර වලය මුහුණ දෙන්න වෙන බව තේරුම් අරං උන්නු නේත්‍ර දැන් ඉදන්ම එව්වට මුහුණ දෙන්න සූදානම් වුණා.

අවසන් තරඟයට දින දෙකක් යෙදිලා තිබ්බ දවසෙ හවස ඉලන්දාරි ටික රැස් වුණේ සුහද කතාබහක යෙදෙන්න.අවසන් තරඟයට ආශව නියෝජනය කල Colombo කණ්ඩායම වගේම සනුක නියෝජනය කරපු Galle කණ්ඩායම තේරී පත් වෙලා තිබ්බා.කණ්ඩායම් දෙකේම හිතවතුන් ටික එකතු වෙලා සිංදුවක් එහෙම කියලා විනෝද වෙද්දි පවා කීප දෙනෙක්ම වහෙන් ඔරෝ ආදිත්‍යගෙන් අර වීඩියෝවෙ හිටිය ගැහැනු ලමයා ගැන අහමින් හිටියා.

"ගයිස්!"

බිබී හිටිය නෙස්කැෆේ කෝප්පෙ මේසෙ උඩින් තිබ්බ ආදිත්‍ය කට්ටියම ඉස්සරහ නැගිටිද්දි කොල්ලො ඔක්කොම සද්ද නැතුව ඒ දිහා බලාගෙන හිටියා.

"ඔයාලා හැමෝම අහනවනෙ අර වීඩියෝ එකේ හිටිය ගර්ල් කවුද කියලා...සෝ....මම ඒක ගැන කියන්නයි යන්නේ!"

දිව්දේත්‍රාගෙ සම්බන්ධෙ තදේටම කෙරුව ආදිත්‍ය ඒක නැති උනාට පස්සෙ දවසක් දෙකක් විතරක් පැවතුනු සම්බන්ධතා වගේ එව්වත් විනෝදෙට කල වග කට්ටිය බොහොමයක් දැනන් හිටිය නිසා ඒ හැමෝම වගේ හිතුවෙ මේකත් එහෙම ආදිත්‍යගෙ විනෝදෙට යාලු උනු කෙනෙක් කියලා.ඒත් ආදිත්‍ය ඊලඟට කිව්ව දේත් එක්ක කට්ටියම සද්ද නැති වුණා.

"So guys....I think.....I fall in love!!!"

ඇත්තටම ආදිත්‍යගෙ ඒ වචන ටික ලියෝන් සනුක දෙන්නවත් බලාපොරොත්තු නොවුනත් ආශවට එව්වගෙන් ලොකු පුදුමයක් ඇති වුනු බවක් පෙනුනෙ නෑ.ඒ ඉන්නෙ නේත්‍රගෙ අක්කා.නේත්‍ර තරං හොද නොවුනත් අරුන්දතීත් සෑහෙන්න නේත්‍රට සමානකං කිව්ව ගෑනු දරුවෙක් උනා.ඉතින් එහෙම කෙනෙක් එක්ක ආදිත්‍ය ආදරෙන් බැඳුනු එක ආශවට පුදුමයක් ගෙනාවෙ නෑ.ආශව නේත්‍රට ඇබ්බැහි උනා වගේම ආදිත්‍යත් අරුන්දතීට ඇබ්බැහි වෙල කියන එකට සාක්කි ආදිත්‍යගෙ ඇස් දෙකේ දිලිසීම සැපයුවා.

"අඩො අඩෝ කන්ග්‍රැට්ස් යකෝ! උඹ සීරියස් රිලේෂන්ශිප් එකකට යයි කියලා නිකමටවත් හිතුවෙ නෑ"

"අඩේ ගමක කෙල්ලෙක් එක්ක මූ සෙට් වෙයි කියලා හිතුවෙවත් නෑ...එනිවේ කන්ග්‍රැජුලේෂන්ස් මචෝ!"

"ආදියා.....කන්ග්‍රැජුලේෂන්ස් මචං"

"අඩෝ එලම එලම ඈ"

කට්ටියම ආදිත්‍යට සුභ පතද්දි ලියෝනුයි සනුකයි හරි සන්තෝසෙන් ආදිත්‍ය දිහා බලන් හිටියා.පරණ ආදිත්‍ය මතු වෙන එක ගැන ඒ දෙන්නම හිටියෙ හරි සතුටින්.ටිකකින් ආයෙම කට්ටිය සිංදු කියන්න පටන් ගනිද්දි ආශව එතනින් නැගිටලා ටිකක් එහාට ගියේ කම්මැලි හිතුනු නිසා.තමන් ඉන්න තැනට කෙලින්ම පේන මුහුද දිහා බලන් හිටිය ආශව එකපාරටම ගැස්සුනේ තමන්ගෙ උරහිසට දැනුනු ස්පර්ශයක් නිසා.

"ආහ්! සනුක...."

"මොකෝ මෙතන?"

"කම්මැලියි සනුක...."

"උබට කොහොමත් ඔහොම වයිබ්ස් සෙට් නෑ නේහ්?"

"එහෙම අවුලක් නෑ....ඒ උනාට මට සෙට් මිනිස්සු ටික නෙවෙයිනෙ ඉන්නෙ"

"කවුද සෙට් අය? දෙවින්ලද?"

"ඔව්....නේත්‍ර දෙවින් දිවාෂ දෙනෙත් තෙවින්....ඊලඟට උඹ....රකිත....ඊලඟට ඉන්දීප ලියෝන්"

"මම?"

"ම්ම්ම්"

"උඹට මාව සෙට්ද?"

"ඔව්....උඹ මට වරදක් නොකරන තාක් මට උඹව සෙට්!"

"උබට මම මොනා කරන්නද ආශවයා....."

"ඒකනෙ....ඒක තමා විශ්වාස කරනවා කියන්නෙ"

ආශව කියද්දි සනුක ඉක්මනටම ආශවගෙ මූනෙන් තමන්ගෙ ඇස් දෙක අහකට අරගෙන මුහුදට ඇස් දෙක යොමාගත්තා.සනුකට දැනුනෙ ලොකු පසුතැවීමක්.තමන්ව විශ්වාස කරන මනුස්සයාට බොරුවක් කරන එක ගැන සනුක පසුතැවුනත් සනුකට හැරෙන්න උවමනාවක් තිබ්බෙ නෑ.ආදරේදියි යුද්ධෙදියි කරන ඕනිම දෙයක් සාධාරණයි! පොතක හරි චිත්‍රපටියක හරි තිබ්බ ඒ වචන ටික සනුක නොසෑහෙන්න තදින් හිතට ගත්තු වචන ටිකක් වුණා.

සනුක නේත්‍රට ආදරේ කරන්න ගත්තෙ ආශවව අඳුනගන්නත් කලින්.ආශව ක්‍රිකට් කණ්ඩායමට එදා ඇතුල් වෙද්දින්වත් මේ ඉන්නෙ තමන් ආදරේ කරන කෙනාගෙ ආදරවන්තයා කියලා සනුක දැනන් හිටියෙ නෑ.සනුක ආශව එක්ක හුඟක් හිතවත් උනා.ලියෝන්ව විතරක් කණ්ඩායම ඇතුලෙදි ආශ්‍රේ කරපු සනුක ආශවවත් සෑහෙන්න ලං කරගත්තා.අන්තිමට එදා ආශවව ගන්න නුවර ගිය වෙලේ ගෙදර ගේට්ටුව ඇරිය පුංචි කොල්ලා ලඟ හිත හෙල්ලෙද්දින්වත් සනුක දැනගෙන හිටියෙ නෑ ඒ ඉන්නෙ ආශවගෙ ආදරවන්තයා කියලා.සනුකට ඒ පුංචි කොල්ලගෙ හුරුපුරුදු බවක් දැනුනා විතරමයි.

අන්තිමට සනුක පලවෙනිම වතාවට ආශවගෙ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ටයෙ තිබ්බ රූපෙන් රූපෙ විමසිල්ලෙන් බලන්න ගත්තා.පුංචි කාලෙ කොල්ලො දෙන්නෙක් එකට ඉන්න රූපෙ දැක්ක වෙලේ සනුක අඬන්න ගත්තෙ ඒ ඉන්නෙ එයාගෙ පුංචි කුමාරයා කියලා අඳුනගත්තු නිසා.දෙන්නෙක් එක්කම යාලු වෙලා හිටියත් ඒ දෙන්නා ලඟවත් නොහෙල්ලුණු හිත අර ගේට්ටුව ඇරිය කොල්ලා ලඟදි හෙල්ලුණේ කොහොමද කියලා ඒ වෙද්දිනුත් කල්පනා කල සනුක අන්තිමට තේරුම් ගත්තා ඒකට හේතුව ඒ හිටියෙ අවුරුදු ගානක් තමන් හෙව්ව පුංච් කොල්ලා කියන එකයි කියලා.

ආයෙ සනුකගෙ අළු යට හැංගිලා තිබ්බ ගිනිපුපුරු වගේ තිබුණු හැඟීම් දළුලන්න ගත්තා.අවුරුදු ගාණක් තිස්සෙ තමන් පිස්සුවෙන් වගේ බලාපොරොත්තු උනු කෙනාව දැන්වත් තමන්ගෙ කරගන්න පුලුවන් කියලා හීන මැව්වා.දුරකථන තිරෙන් පේන නේත්‍රගෙ ඡායාරූප දිහා වරු ගණන් බලාගෙන සතුටු කදුළු හෙලුවා.සනුකගෙ ජීවිතේ අනාගත හීන අස්සෙ නේත්‍රගෙ නමත් ලියවුණා.ආශව කිව්ව විදියට ආශවගෙ මල්ලි කෙනෙක් වුනු නේත්‍රව මොන කට්ටක් කාලා හරි තමන්ගෙ කරගන්න හීන මැව්ව සනුක,තමන්ගෙ හිතට ඒ ලස්සන හැඟීම එන හැම වාරෙකම ඇස් වලට උනපු සතුටු කදුළු පිහිදගත්තා.

එදා නේත්‍රව කවුද මංදා කාමරේකට අරං ගිහින් කියලා දැනගත්තු වෙලේ ආශව බිම දණ නවාගනිද්දි සනුකගෙ හිත වේගෙන් ගැහුනත් ඒ සහෝදරකම වෙන්න ඇති කියලා සනුක තමන්ගෙ උඩුහිත හදාගත්තා.හැමෝම කලබල වුනු වෙලේ සනුක පුලුවන් තරං සන්සුන් වෙලා වැඩ කලේ නේත්‍රව බේරගන්න තිබ්බ වුවමනාවට.නේත්‍රට දැනටමත් කරදරයක් වෙලාද කියන බය සනුකගෙ හිතේ තිබ්බත් සනුක ඒක දරාගෙන හිටියා.එහෙම දෙයක් වෙලානම් එදාම නේත්‍රව තුරුලට අරගෙන සනසලා තමන්ගෙ ආදරේ කියලා පුංචි කොල්ලව ආදරෙන් පුරවනවා කියලා සනුක තමන්ටම සපථ කරගත්තා.

ඒත් අන්තිමට උනු දෙයින් පස්සෙ සනුක හිටියෙ ලෝකෙම කඩන් වැටුණා වගේ.ආශව නේත්‍රව තමන්ගෙ අත් දෙකට අරගෙන ඒ හිතේ තිබ්බ වේදනාව වචන කරද්දි,පුංචි අම්මට දුරකථන ඇමතුමක් අරං කෑගගහා අඬද්දි,අන්තිමට නේත්‍රව දැඩිසත්කාර ඒකකකේට දාද්දි ආශවට කලන්තෙ දාද්දි එතන තිබ්බෙ සහෝදරකමක් නෙවෙයි කියලා සනුකට තේරුම් ගියා.නේත්‍රගෙ තත්වෙ වගේම ආශවගෙ තත්වෙත් ටිකක් සන්සුන් වුණාම සනුක කලේ නුවර තිබ්බ හෝටලේක නවාතැන් ගත්තු එක.

තමන්ගෙ ඇඟ තමන්ට අවනත නැති වීගෙන යන වග වේලාසනින්ම තේරුම් ගත්තු සනුක එදා වේලාසනින්ම සනුකගෙ තාත්තට නුවරට එන්න දන්වලා තිබ්බා.හිතුවා වගේම තාත්තා එද්දිනුත් හෝටල් කාමරේ ඇතුලෙ උන්නු සනුකගෙ හුස්ම ගැනීම අක්‍රමවත් වෙලා තියෙද්දි සනුකගෙ ඇඟම වෙවුලමින් තිබ්බා.තාත්තගෙ අත් අතරට වෙලා කෑ ගහලා ඇඬුව සනුකට ටිකකින් එතනම සිහිය නැති වෙද්දි තාත්තා එමින් ගමන් හෝටලේට එන්න කියලා දන්වලා තිබ්බ පවුලට හිතවත් වෛද්‍යවරයෙක් සනුකට බේත් කරලා තිබ්බා.නේත්‍ර රෝහලේ ඇඳක සිහි නැතුව ඉද්දි,ආශව එතනම පිස්සෙක් වගේ මානසිකව වැටිලා ඉද්දි,සනුකත් හෝටල් කාමරයක් ඇතුලෙ සිහිසුන්ව පැය හයකට වැඩි කාලයක් ගත කරලා තිබ්බා!

සනුක නේත්‍රට ආදරේ කරන්න ගත්තෙ අවුරුදු දොලහේ දහතුනේ විතර කාලෙ ඉදලා.සනුක ආදරේ කරන්න ගත්තෙ ආශවගෙ ආදරවන්තයට නෙවෙයි,සනුක දන්න පුංචි කුමාරයාට.ඉතින් සනුක වැරදිද?

"සනුක......"

"ම්ම්ම්ම්"

"අර බෝයි ගැන මොකෝ හිතන්නෙ?"

"කොයි?"

"ඔයා කලින් අෆෙයා එකක් තියාගෙන හිටිය කෙනා? එයා තාම ඔයා ගැන හිතනවා කියලා ඔයාව හම්බෙන්න ආවෙ"

"ආහ්...."

"ඒක ඇත්තක්ලු.....ඒ කොල්ලා සෑහෙන්න මෙන්ටලි ඩවුන් වෙලා ඉදලා උබේ බ්‍රේකප් එකෙන් පස්සෙ....අනික ඇත්තටම වෙන කා එක්කවත් යාලු වෙලා ඉදලා නෑ"

"උඹ එච්චර හෙව්වෙ ඇයි? උඹට ඕනි මාව උගෙ කරේ ගස්සවන්නද ආයෙමත්?"

"නෑ නෑ....මමයි ලියෝනුයි කතා වුණා ඒක ගැන එදා....එච්චරටම උඹට ඒ කොල්ලා ආදරෙයිනම් අතෑරගන්න එක මෝඩකමක් කියලා හිතුනා"

"ආශවයා.....මම එයා එක්ක යාලු උනේ හේතුවකට....කාලෙත් එක්ක මම තේරුම් ගත්තා මම කරන දෙයින් වෙන්නෙ ඒ කොල්ලගෙ ජීවිතේ විනාස වෙන එක කියල....හිතින් එක හැඟීමක් තියං පිටින් වෙන හැඟීමක් පෙන්නන එක හරි භයානක හැඟීමක් ආශව....මට තවත් ඒක කරන්න බැරි උනා.මම එහෙම්මම ඒක නැවැත්තුවා.එච්චරයි! ආයෙ මම සෙට් උනත් මම එ කොල්ලට බොරුවක් කරන්නෙ....එහෙම හොඳ නෑනෙ ආශව"

සනුක ලොකු හුස්මක් පහල දැම්මා.ආශවයි සනුකයි දෙන්නම බලාගෙන හිටියෙ මුහුද දිහා.දෙන්නට දෙන්නා නොදන්නවා උනාට දෙන්නම මුහුදට සෑහෙන්න ආසා කරපු දෙන්නෙක් වුනා.ආශව ආසම උනේ නේත්‍ර එක්ක මුහුද ලඟට වෙලා දවසක්ම ඉන්න.සනුක ආසා උනේ තනියම මුහුද ලඟට වෙලා ඉන්න.හැබැයි දෙන්නම මුහුදට ආසා කලා.

"ආශව මුහුදෙ ලස්සනම තැන විදියට දකින්නෙ කොතනද?"

"මුහුදෙ රැල්ල වෙරකට එන තැනට.....මුහුදයි වෙරලයි එකතු වෙන තැනට...."

"ම්ම්ම්ම්.....මම ආසම කොතෙන්ටද දන්නවද?"

"කොතනටද?"

"ක්ෂිතිජයට....මුහුදයි අහසයි එකට ගෑවෙනවා වගේ පේන තැනට....හැබැයි ඇත්තටම එකට ගෑවෙන්නෙ නැති එතනට"

"ම්ම්ම්ම්"

"ආශව එකතු වීමෙ ලස්සන දකිද්දි මම එකතු වෙන්නෙ නැති එකේ ලස්සන දකිනවා"

"මට එකතු වීමෙන් ලස්සනක් පෙනුනට සනුක විඳින්නෙ වෙන් වීමෙ ලස්සන?"

"ඔව්....එක එක්කෙනාගෙ හැඟීම් වෙනස්නෙ ආශව....කොහොම කලත් එතන පොදු එක දෙයක් තියෙනවා"

"මොකද්ද?"

"උඹයි මායි දෙන්නම ආදරේ කරන්නෙ මුහුදට"

"ම්ම්ම්ම්ම්"

ආශවත් නිහඬ වුණා.සනුකත් නිහඬ උනා.දෙන්නම නිහඬවම මුහුද දිහා බලන් හිටියා.දෙන්නම ආදරේ කරන මුහුද දිහා ඇස් පිය ගහන්නැතුව බලන් හිටියා.

.

.

.

.

.

"මුන් දෙන්නා හෙන හැන්සම් නේද අනේ"

"සුදුබේබි තමා ලස්සනම"

"ඔව් හැබැයි....ඒත් සනුකයත් ඒ ගාණටම ලස්සනයි ඈ....නේත්‍ර මල්ලි ආශවට ආදරේ නිසා එහෙම නොපෙනුනාට ඕපන් මයින්ඩ් එකකින් බලද්දි දෙන්නම එක වගේ හැන්ඩ්සම්"

තෙවින් කියද්දි හිනා උනු නේත්‍ර ලැප්ටොප් එක දිහාවට ඇස් හරෝගත්තා.එල්පීඑල් සමයේ කණ්ඩායම් සහ ක්‍රීඩකයන්ව ප්‍රවර්ධනය කරන්න එක එක දේවල් කරන එක හරි සාමන්‍ය එකක් වුණා.ආශවලා අර කලින් කල වීඩියෝවත් ඒ වගේ එකක්.එතකොට දැන් ලැප්ටොප් තිරයේ දිස්වෙමින් තිබ්බෙත් ඒ වගේ දෙයක්.විරුද්ධ කණ්ඩායම් අතර ඉන්න යාලුවො දෙන්නෙක්ව අරගෙන ප්‍රශ්න කීපයක් ඇසීමක් ඒ වීඩියෝවෙ සටහන් වෙලා තිබ්බා.නේත්‍රලා බලමින් හිටියෙ සනුකගෙයි ආශවගෙයි වීඩියෝව.හෙට පැවැත්වෙන අවසන් තරඟයට පැය කීපකෙට පෙර නිකුත් කරලා තිබ්බ ඒ වීඩියෝවත් මේ වෙද්දි වේගයෙන් සංසරණය වෙමින් තිබ්බා.

"සනුක ඩිහේන්....හෙට පැවැත්වෙන තරඟයේදි ඔබට ක්‍රීඩා කරන්න වෙන්නෙ ඔබගේ හොඳම යහලුවාට විරුද්ධව? ඒ ගැන දැනෙන හැඟීම මොකද්ද?"

නිවේදකයා අහද්දි නලලට වැටෙන සෘජු කොණ්ඩෙ උඩට කරලා හැදුව සනුක කතා කරන්න ගත්තෙ දකින මිනිස්සුන්ව පිස්සු වට්ටන හිනාව දාන ගමන්මයි.

"තරඟයකදි මට යාලුකම කියන දේ ලොකුවට අදාල වෙන්නෙ නෑ.....මොකද ඒ තරඟෙදි ආශව කියන්නෙ මගෙ ප්‍රතිවාදියා විතරයි! මම ක්‍රීඩා කරන්නෙ තරගකරුවෙක්ගෙ හැඟීමෙන් මිසක් යාලුවෙක්ගෙ හැඟීමකින් නෙවෙයි ඒ අවස්ථාවෙදි"

"හිතන්න ආශවට ආබාධයක් වෙනවා....එතකොටත් ඒ හැඟීමමද තියෙන්නෙ?"

"නෑ.....මම කිව්වෙ විරුද්ධව ක්‍රීඩා කරන්න තියෙන ප්‍රතිවාදී හැඟීම ගැන විතරයි.නමුත් ඒ තරඟෙදිම ආශවට තුවාලයක් වෙනව වගේ දෙයක් උනොත් ප්‍රතිවාදියා කියන හැඟීම යට ගිහින් යාලුකම අනිවාර්‍යෙන්ම උඩට එනවා....මොකද මම කැමති නෑ මගෙ යාලුවට එහෙම වේදනාවක් එනවට....මම ආශවට විරුද්ධව ප්‍රතිවාදී හැඟීමකින් ක්‍රීඩා කලත් ආශවට ආබාධයක් නොවෙන්න ක්‍රීඩා කරනවා කියන මතයේ ඉන්නෙ.ඒ මතය වෙනස් වෙන්නෙත් නෑ"

"හොඳයි.....එතකොට ආශව තිදස්වර....එල්පීඑල් වලට නව මුහුණුවරක් උනාට ඔබ පාසල් ක්‍රිකට් වංශකතාවෙ නොමැකෙන සලකුණක්! ඉතින්  හෙට පැවැත්වෙන තරඟයේදි ඔබට ක්‍රීඩා කරන්න වෙන්නෙ ඔබගේ හොඳම යහලුවාට විරුද්ධව? ඒ ගැන දැනෙන හැඟීම මොන වගේ එකක්ද ආශවට?"

කොහොමත් කොණ්ඩෙ ටිකක් උඩට වෙන්න හදාගෙන හිටිය ආශව සුපුරුදු දැඩි මුහුණෙන් යුක්තව හිටියා.යන්තම් ඇහිබැම උස්සලා නිවේදකයාගේ ප්‍රශ්නෙ පිලිගත්තු වග පෙන්නුව ආශව උත්තර දෙන්න ගත්තා.

"මටත් කියන්න තියෙන්නෙ සනුක කිව්ව දේම තමයි.සමහර තරඟ තියෙනවා මම ග්‍රවුන්ඩ් එකට එන්නෙම දිනන්න බලාගෙන.ඒ වගේ තරඟ වලදි සනුකව උනත් මම දකින්නෙ ප්‍රතිවාදියෙක් විදියට විතරමයි.ඒ නිසා සනුකට විරුද්ධව ප්ලේ කරන එක ලොකු අමාරු වැඩක් විදියට මම දකින්නෑ....ඒ වගේම සමහර තරඟ තියෙනවා එව්වගෙ ජයග්‍රහණය ඒ වෙද්දිනුත් අපිට ඇවිත් බව අපි දන්නවා....අන්න එහෙම තරඟ වලදි ප්‍රතිවාදියට ඕනි දෙයක් කරගන්න දීලා මම සාමාන්‍ය විදියට ඉන්නවා.මොකද ඒ දිනුම මගෙ අතින් ගන්න බැරි බව මම දන්න නිසා"

"ලොකු ගැප් එකක් තියෙන ටෙස්ට් මැච් වගේ?"

"ඔව්....අන්න ඒ වගේ...."

"එතකොට ඒ ප්‍රතිවාදිත්වය ක්‍රීඩා පිටියට සීමා වෙනවද? නැත්තං තරඟාවලි කාලය පුරාම හෝ ක්ලබ් එක තුල හෝ ඒ ප්‍රතිවාදීත්වය පැවැත්වෙනවද?"

"නෑ.....ඒක ග්‍රවුන්ඩ් එකෙන් එලියට යන්නෑ....ඒකත් අපි දෙන්නා ටීම් දෙකක ඉන්න නිසානෙ මේ.එකම ටීම් එකේ ඉද්දි අපි අපි අතරෙ තරඟයක් නෑ....අනික අපි දෙන්නා හොඳ යාලුවො.කොහොමත් ඒ නිසා අපි අතර්වෙ යාලුකමක් මිසක් තරඟයක් නෑ"

ආශව කට කොණකින් හිනා වෙලා කියද්දි සනුකගෙ ඇස් ටිකක් ගැස්සුනත් සනුකත් ආශවගෙ කරට අත දාගෙන හිනා වෙන හැටි තෙවින් බලන් හිටියෙ ගිනි ගන්න හිතකින්.සනුකගෙ ඇස් වල නේත්‍ර වෙනුවෙන් තියෙන බැල්ම තෙවින්ට අඳුනගන්න අමාරු උනේ නෑ.කාලෙකට කලින් තමනුත් ඔය හැඟීමෙන්ම පෙලුනු නිසා තෙවින් සනුකව ඉක්මනටම අල්ලගෙන තිබ්බා.ඒත් එක්කම අකුණක් ගහද්දි නේත්‍ර ගැස්සිලා ගිහින් එලිය බලාගෙන හිටියා.

"එකපාරටම වැස්සක් මොකෝ?"

අභිෂේක් කියෝ කියෝම එලියට යද්දි නේත්‍රත් තමන් සෝදලා වේලෙන්න දැම්ම සපත්තු දෙක අරගන්න එලියට දුවගෙන ගියා.ටිකෙන් ටික වැහිපොද වැටෙන්න ගනිද්දි දිවාෂගෙ ඔලුව අතගෑව තෙවිනුත් නිවසේ ඉදිරිපස කොටසට ගිහින් වැස්ස දිහා බලාගෙන හිටියා.එකපාරටම වැස්ස අස්සෙන් දැක්ක දෙයක් දිහා හොදට බැලුව තෙවින් ලොකු හුස්මක් පහල හෙලුවෙ ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියලා හිතාගන්න බැරුව.

වැස්ස ටිකෙන් ටික තද කරන්න ගනිද්දි තෙවින් බලන් හිටියෙ කාලෙකට කලින් තමන්ට හුරුපුරුදු ඒත් දැන් දුරස් වෙලා වගේ දැනෙන කොළඹ ආකාහෙ දිහා.තේ බොන්න එන්න කිව්ව පණිවිඩේ එක්ක එලියට ආව දිවාෂ තෙවින්ගෙ ඇස් දෙක නැවතිලා තිබ්බ තැන මත්තෙ තමන්ගෙ ඇස් දෙකත් නැවැත්තුවා.අහේතුකවම දිවාෂටත් ලොකු හුස්මක් පහල වැටුණෙ තෙවින් බලන් ඉන්න දේ දිහා දැක්කම.

කළු ගැහුනු කොළබ අහස එක දිගට වැහිබිංදු බිමට පතිත කරවද්දි කොළඹ කාෂ්ටක පොලව ඒ වැස්සෙන් ටිකක් නිවිලා ගියා.විදුලි ඉරි ඇඳෙමින් මැකෙමින් තිබ්බ ආකාහෙ අඳුරත් එක්ක වහං උනු එකම ඉත්තක පිපුණු රෝස මල් තුනක් කොළඹ අනෝරා වැස්සට තෙමෙන ගමන් හිටියා.

...................................................................................................

වචන 8600+ 😓❤️

අර ලිංගික කරවලාගෙ එකනම් පේස්බුකියෙන් උපුටා ගත් එකක්😹❤️

අදත් අදහසක් කියාගෙන යන්න බබාලා❤️ කතාවට අලුතින් එකතු වෙලා තියෙනවා දැක්කා බබාලා කීප දෙනෙක්ම🥺❤️ ඔයාලටත් ස්තූතියි🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter