Chapter 9 of 38

part 9

මං ඇස් අරින්නෙ නැතුව එහෙමම ඉද්දි මට තේරුනේ එයා මගෙ මූණට ගොඩක් ළඟින් ඉන්නෙ කියලා..එයාගෙ හුස්ම මගෙ මූණට වදිනවා.. එයා මගෙ මූණ දිගේ එයාගෙ ඇඟිල්ලක් ඇදගෙන යන ගමන් හිමීට මුමුණනවා....

"මගෙ මෝඩයා... ආදරේ නෑ කිය කිය කරන්නෙම බොරුනෙ.. ආදරේ වුනත් කියන්නෙ නෑ.. ලොකුකම තියෙන.."

කියන වචනයක් වචනයක් ගානේ මේකා මගෙ නළලට ඇඟිල්ලෙන් අනිනවා..

"ආදරෙයි කියලා කිව්වනම් මැරෙනවද.. නිදාගෙන ඉද්දි තියෙන අහිංසක පාට.."

මං හිමීට දඟලලා ඇස් අරින්න වගේ හදද්දි මේකා මොනාත් කරේ නෑ වගේ එහාට ගියා...

"ආහ්..දිනුල්‍ය.. ඔයා නැගිට්ටද.. මං මේ ඔයාට ඇහැරවන්න හැදුවෙ..."

අම්මේ මේකගෙ බොරු.. මෙච්චර වෙලා මට ඇන ඇන ඉඳලා දැන් කියනවා ඇහැරවන්නලු හැදුවෙ...

'ම්ම්....ගුඩ්මෝනින්.....'

"ගුඩ්මෝනින්.. ඔයා මූණ හෝදගෙන එන්න.. මං තේ හදන්නම්.. තේ බීලම යන්න..."

එහෙම කියලා එයා කුස්සියට යද්දි මං නැගිටලා බාතෲම් එකට ගියා.. මං වැඩ ටික ඉවර කරගෙන පහළට එද්දි එයා තේ හදලා මං ඉන්න තැනට අරන් ආවා....

"දිනුල්‍ය.. ඔයා පාඩම් කරන්න පටන් අරන්වත් නැද්ද තාම...."

'පාඩම් කරා කියලා මොනවා වෙන්නද අනේ.. කම්මැලි වැඩ ඕවා......'

"එහෙම කියලා බෑනෙ දරුවො... ඔයා එක්සෑම් එක කොහොම හරි පාස් වෙන්න ඕනෙ.. තව මාස ගානයි තියෙන්නෙ.. මේ ටික දවස මහන්සි වෙමුකො.. ඔයා එක්සෑම් එක පාස් වුනොත් නං ඔයාව ඔයා කැමති තැනකට එක්කන් යනවා...."

එයා කියපු දේත් එක්ක මං එයා දිහා බැලුවෙ පුදුමෙන්.. විශ්වාස කරන්න අමාරුයි.. මං පාඩම් කරලා විභාගෙ පාස් වෙනකම් ඉඳලා මං එහෙම එකක් කිව්වෙ නෑ කිව්වොත්.. හරිමාගෙයි....

'මට තමුසෙව ශුවර් නෑ... ඔක්කොම කරගෙන පස්සෙ ඕවා අමතක කරොත්..'

"මං එහෙම කරන්නෙ නෑ...."

'එහෙම බෑ.. පොරොන්දු වෙන්න එහෙනම්....'

"ම්ම්.. ප්‍රොමිස්.."

'හ්ම්... පොරොන්දු තියෙන්නෙ රකින්න.....'

මං එහෙම කිව්වම එයා හිනාවෙලා ආයෙම කුස්සිය පැත්තට ගියා... මාත් තේ එක බීලා ගෙදර ආවෙ දැන් ආයෙ ඉස්කෝලෙට යන්න ඕනෙ නිසා...

.

.

.

.

මං ඉස්කෝලෙට යද්දිත් අකිලේශ්ගෙ කාර් එක තියෙනවා දැක්කත් එයා නම් පේන්න හිටියෙ නෑ.. මිනිහා වැඩ එක්ක බිසී ඇති...

.

.

.

.

.

එදා දවසම මට ආයෙ අකිලේශ්ව හම්බුනේ නෑ... එතනින් පස්සෙ කාලෙ මොන තරම් ඉක්මනට ගියාද කිව්වොත් අපිට එක්සෑම් එකට තව තියෙන්නෙ දවස් දෙකයි...මං අකිලේශ්ගෙ තරවටු නිසාම පුලුවන් උපරිම පාඩම් කරා මේ මාස ගානෙම.. දැන්නම් සබ්ජෙක්ට් තුනටම ඒ පාසස් ගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා....

රෑ දෙකට විතර මං පාඩම් කර කර ඉද්දි කෝල් එක ආවෙ එයාගෙන්...

'හෙලෝ....'

"හෙලෝ.. මොකද කරන්නෙ... නිදි නැත්තෙ..පාඩම් කරනවද......"

'හ්ම්ම්.. නැතුව බෑනෙ.. ඉස්කෝලෙ සර් කෙනෙක්වනෙ බඳින්න ඉන්නෙ.. එයා ඒ ලෙවල් රිසල්ට් බලලලු කසාද බඳින්නෙ.. එක්සෑම් ෆේල් නම් මගුල කැන්සල්ලු.....'

මට ෆෝන් එකෙන් ඇහුනා එයා හිමීට හිනාවෙනව...

'ඇයි හිනාවෙන්නෙ.. ඇත්තනෙ කියන්නෙ.....'

"ඔව් ඔව්.. ඇත්ත ඇත්ත.. හා එහෙනම් පාඩම් කරන්නකො.. ඉවර වෙලා මැසේජ් එකක් දාන්න....."

'හ්ම්ම්...'

එයා ඔහොම්මමයි...හැමදාම රෑට කෝල් අරන් බලනවා පාඩම් කරනවද කියලා.. මේ දවස්වල හිත රිදෙන්න වචනයක්වත් කියන්නැතුව ඉන්න එයා හරියට පරිස්සම් වෙනවා....

.

.

.

.

කොහොම හරි ඒ දවස් දෙකත් එහෙමම ගෙවිලා එක්සෑම් දවසත් ආවා... පේපර් එක දුන්නා කියලා ලොකු අවුලක් ගියෙ නැ.. මොකද වෙන්ඩ හබීගෙ පිහිටෙන් ඔක්කොම පාඩම් කරලනෙ තිබුනේ.. සබ්ජෙක්ට් ඔක්කොම වගේ ගේමක් නැතුවම ඉවර කරලා එදා හවස ගෙදර ගියේ කූඩුවකින් එළියට දාපු කුරුල්ලෙක් වගේ... ගෙදර ගිහින් ඇඳට වැටුන පාර එක දිගට පැය කීයක් නිදාගත්තද මන්ද.. ඇහැරෙද්දි ඔලුවට මාර නිදහස් ගතියක් දැනුනෙ...

රෑ අටට විතර කෑම කන්න පහළට එද්දි මගෙ ඇස් ගියෙ සාලෙට වෙලා ඉඳගෙන හිටපු අකිලේශ් දිහාට....මාව දැක්ක ගමන් එයා කතා කරා...

"ආහ්.. දිනුල්‍ය.. ඔයා නැගිට්ටද.. මං ඇවිත් ආන්ටිගෙන් අහද්දි ඔයා නිදි කිව්වා.. ඇහැරවන්න ලෝබ හිතුන හින්දා මං ඔයා ඇහැරෙනකම් හිටියෙ..."

'ඒ මොකටද... අනේ මේ.. එක්සෑම් එක ගැන නම් කතා කරන්න එපා.. අම්මෝ ලොකු බරකින් නිදහස් වුනා වගේ.....'

මං එහෙම කියද්දි එයා ලාවට හිනාවුනා....

"නෑ නෑ.. මං ආවෙ මං කියපු දේ අහගෙන හොඳ ලමයෙක් වගේ පාඩම් කරපු හින්දා මං ගානෙ ඩිනර් එකකට එළියට යමුද අහන්න....."

'සිරාවට.. ඔය ඇත්තමද...'

"හ්ම්ම්..."

'ඔහොම්ම ඉන්න...මං ලෑස්ති වෙලා එන්නම් ඉක්මනට...'

එහෙම කියලා මං අඩියට දෙකට උඩට ගිහින් වොශ් දාගෙන පහළට එද්දි එයා නැගිටලා කාර් එක තියෙන තැනට ගියා.. මාත් එයා පස්සෙන් ගිහින් පැසේන්ජර් සීට් එකෙන් ඉඳගද්දි එයා ඩ්‍රයිවින් ශීට් එකේ ඉඳගත්තා....

කාර් එක මේන් රෝඩ් එකට දාපු එයා මට කතා කරා...

"දිනුල්‍ය යන්න කැමති තැනක් තියෙනවද....."

'මං...'

"හ්ම්ම්.. අද ඔයා කැමති තැනකට මං එක්කන් යනවා...."

'ම්ම්ම්.... ආහ්.. ******* රෙස්ටුරන්ට් එකේ කෑම රසයි.. ඒක යමුද....'

"හ්ම්...ඔයාගෙ කැමැත්තක්....."

එයා ආයෙ මොනාත් නොකියා මං කිව්ව රෙස්ටුරන්ට් එකේ වාහන පාකින් එකෙන් කාර් එක පාක් කරලා මාත් එක්කම ඇතූළට ගියා... ගිහින් අයිනෙම තිබුන ටේබල් එකකින් මූණට මූණ බලාගෙන ඉඳගත්තත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරන පාටක් නම් තිබුනෙ නෑ.. එතකොටම වේටර් කෙනෙක් ඇවිත් මෙනූ එක ලියාගෙන ගියා.. එයා කෑම ඕඩර් කරන්න බාර දුන්නෙත් මට.. ඉතින් මං කන්න කැමති කෑම ඕඩර් කරලා එලිය බලාගෙන ඉද්දි එයා කතා කරා.....

"දිනුල්‍ය.. දැන් මොකද කරන්න හිතන් ඉන්නෙ.. රිසල්ට් එනකම් ගෙදරටම වෙලා ඉන්නවද..."

'මං තාම ඒක හිතුවෙ නෑ.. කල්පනා කරලා බලන්න ඕනෙ...'

"ම්ම්ම්...."

කෑම කාලා අපි දෙන්නම අකිලේශ්ගෙ ගෙදර ආවෙ එයාගෙ බල කිරීමට.. ආවට පස්සෙ ඉස්සරලම මං දැක්කෙ සාලෙ තිබුන සෝෆා එකේ තියලා තිබුන ගිටාර් එක.. මට නිකමට ආසාවක් හිතුනා එයාගෙ කටහඬින් සින්දුවක් අහන්න...

'මේ.....'

මං කතා කරනවා ඇහෙද්දි එයා හැරිලා බැලුවා...

'දෙයක් කරනවද....'

"මොකද්ද..??"

'මට ඇහෙන්න සින්දුවක් කියන්න පුලුවන්ද....'

"ම්ම්ම්..."

එයා හිනාවෙලා ඇවිත් සෝෆා එකේ පැත්තකින් වාඩි වුනාම මාත් එයාගෙ ළඟින් වාඩි වුනා....

"කතරක තනි දැවෙන වලාවේ

එක දවසක සෙවනෙහි ආවේ

හිරි පොද නැති කදුළු අවාරේ මා

තනි තරුවක් මියෙන වෙලාවේ

ඔබෙ දසුනක් මැවෙන නියාවේ

අද තවමත් සඳලු තලාවේ මා

ඒ රිදුම් නිවී මා හදේ

ඈ ළඟින් රැඳීලා වගේ

සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා

මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්

මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්

මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳීනම්

ඔබ එනකල් මොහොතක් මානෙ හිඳින්නම්

මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා

අහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා

රෑ හීන ගානෙ ආයෙ ආයේ

ඔය රූපෙ පේන වාරේ

නුඹෙ දෑස මානේ නැවතුනා

මට හීන ගේන අංගනාවේ

පෙරදාක ඇයිද නාවේ

නොකියා කියූ දේ තේරුනා

ඒ රිදුම් නිවී මා හදේ

ඈ ළඟින් රැඳීලා වගේ

සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා

මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්

මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්

මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳීනම්

ඔබ එනකල් මොහොතක් මානෙ හිඳින්නම්....."

එයා සින්දුවෙ අවසාන පද ටික මගෙ මූණ දිහා බලන් කියද්දි මටත් එයාගෙන් අහකට මගෙ ඇස් ගන්න ඕනෙ වුනේ නෑ.. සින්දුව ඉවර වෙලා ටික වෙලාවක් යනකම් දෙන්නගෙම ඇස් එකට යාවෙලා තිබුනා.. එයාගෙ කටහඬ භාවනාවක් වගේ.. ඒකට හිත ඇදිලා යනවා.. මට මේ වෙලාවේ එයාව බදාගෙන මං උඹට ආදරෙයි කියලා කියන්න ඕනෙ වුනත් මගෙ හිත මොකද්දෝ හේතුවකට ඒකට පසු බැස්සා...

ඊයෙ කතාව දෙන්න බැරි වුනානෙ.. මේ ළමයා ක්ලාස් ගිහින් එද්දි රෑ වුනා..

මේ දවස්වල ටිකක් බිසී.. වෙලාව තියෙන වෙලාවට දිග චැපි දෙන්න බලන්නම්....

මේකත් කලින් කතාව වගේම ගොඩක් දිගට අරන් යන්නෙ නැතුව ඉන්නයි හිතුවෙ.. අපි බලමු....

උස්සරහට ගොඩක් දේවල් වෙන්න තියෙනවා..... බලන් ඉමුකො.....

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!